Back
/ 40
Chapter 28

26 වන පරිච්ඡේදය 🍂

වස්සාන ඍතු 🍂❤

"ඔය ශීට් බෙල්ට් එක දාගන්නවා මන්දිල්..."

"................."

"කන් ඇහෙන්නෙ නැද්ද....."

".................."

"මන්දිල්!...."

"ඇයි....."

"මම මෙච්චර කතා කරනවා කන් ඇහෙන්නෙ නැද්ද....."

"ඒක තමයි ඇහුවෙ ඇයි කියලා...."

"තමුසෙ ඔය මොන තරහක්ද මාත් එකෙක් පිරිමහන්න හදන්නෙ...."

"සැරයක් කීවම ඕක දාගන්නවා මන්දිල්...."

ආආආ...මේ මොන කෑගැහිල්ලක්ද මේ...මුන් දෙන්නා මේ කාර් එකට නැග්ග වෙලාවෙ ඉදන් මරාගන්න හදනවා....වෙන කවුද ඉතින් සෙසඳුයි ශෙනුලුයි මිසක්....ශෙනුල් විනාඩි පහක් විතර සෙසඳු දිහා බලන් හිටියා දැන් ශීට් බෙල්ට් එක දාගනී දැන් දාගනී කියලා...මොන පිස්සුද...මිනිහා නෙවෙයි ඇහැක් ඇරලවත් බැලුවෙ....ඒ වෙනුවට සෙසඳු කරේ පාර දිහා බලන් ඔහේ කල්පනා කරපු එක....ශෙනුල් ඔය බලන් ඉදලා බැරම තැන තමයි ශීට් බෙල්ට් එක දාගනින් කියලා කෑගැහුවේ....ශෙනුල් දෙපාරයි කෑගැහුවෙ සෙසඳු නිකන් පූස් පැටියා වගේ....පෙනේද හොරෙක් වගේ ශීට් බෙල්ට් එකත් දාගත්ත ලස්සන....ඒ අස්සෙ ශෙනුල් අහනවා මොන තරහක්ද ඌත් එක්ක පිරිමහන්නෙ කියලා....ගෑණු එක්ක මගුල් නටලා අහන කතාවක්ද මූ අර අහිංසකයගෙන් ඒ ඇහුවෙ....හරි හරි ඉතින් ඊයෙ උන දේ අහම්බයක් තමයි...ඒ කියලා මූ මොකටද ඒකිව office එක අස්සට වද්දගත්තෙ...

නොකීවට සෙසඳු හිටියෙත් සෑහෙන්න ලොකු හිතේ අමාරුවකින්....සෙසඳු ඊයෙ රෑ නොසෑහෙන්න කල්පනා කරා...ඇයි තමන්ට මේ තරම් කේන්ති යන්නෙ...ඇයි තමන්ට මේ තරම් දුක හිතෙන්නෙ...ඒකත් ශෙනුල් නිසාම...එයා ඒ කෙල්ල එක්ක දැකපු වෙලාවෙ ඉදන්ම.....සෙසඳු ඔය හැමදේටම උත්තර හෙව්වා...මහ රෑ නැගිටගෙන නිවේන් එක්කත් හුරතල් වෙලා ආයෙ ආයෙම කල්පනා කරා...දන්නවද....නිවේන්ට නින්ද ගියත් සෙසඳු එක තප්පරේකටවත් ඇස් පියාගත්තෙ නෑ...මුලු රෑ පුරාවටම සෙසඳුගෙ ඔලුව ඇතුලෙ දාහක් දේවල් හොල්මන් කරන්න පටන් අරන් තිබුණා...හැබැයි ඒ දාහක් දේවල් අස්සෙත් සෙසඳු දැකපු එකම රූපෙ ශෙනුල් විතරක්ම උනා....

ඒ ඔලුවට එන හැම වතාවකම පපුව අසූ හාරදාහට ගැහෙන්න ගත්තෙ උටවත් හිතාගන්න බැරි විදිහට....කවදාවත් දැනිලා නැති විදිහෙ හැගීමක් හිතට දැනෙද්දි සෙසඳු කරේ ඒ දේවල් කොහොම හරි යට ගහගන්න හදපු එක....හැබැයි බැරි උනා....ඊයෙ උන සිද්ධිය....ඒ දැනුන හැගීම...ඒ හැමදෙයක්ම සෙසඳුට කීවේ එක දෙයයි...

"උබ උට කැමති නෑ වගේ රගපාන්න හැදුවට හිත ඇතුලෙන් උබ උට කැමතියි සෙසඳු..."

බොරු කියන්න ඕනෙ නෑනෙ....සෙසඳු ඒ හැගීමට නොසෑහෙන්න හිත කලබල කරගත්තා....කොල්ලා හිතුවෙම එක දෙයයි....

"මම නිවේන්ටත් කැමති....ඒ ඌ මගෙ හොදම යාළුවා නිසා...එතකොට...එතකොට ශෙනුල් අයියට....මම ඇයි එයාට කැමති...බැරිවෙලාවත් මම...මම එයාට...ආදරෙ.......නෑ නෑ ඒක වෙන්න බෑ...."

දැක්කනෙ මෝඩයෙක් වගේ මහ රෑ තිස්සෙ කල්පනා කරලා හොයාගත්ත උත්තරේ....මූ නම් අමු ගොනෙක්...මිනිහෙක්ට හේතුවක් නැතුව එහෙමත් තරහා යනවද...නෑනෙ නෑනෙ....හිතාගෙන හිතාගෙන ගිහින් ආදරෙ කියන තැනින් නතර කරගත්තා....මේවා ඉතින් දෙයියොම තමයි බලාගන්න ඕනෙ....

"මන්දිල්...."

"අහ්...."

"මොනවද ඔච්චර කල්පනා කරන්නෙ...."

"ඔයා ගැන...."

"මම ගැන...."

හරි ශෝක්....ඔය පැන්නෙ බලලා මල්ලෙන් එලියට...ආදරෙයි කැස්සයි හංගන්න බෑ කියන්නෙ ඕකට වෙන්න ඇති...

"කැහැහ්....කැහැහ්...නෑ..නෑ මම කීවේ...අද තියන වැඩ ගැන..."

"ඔහ්....එහෙමද...."

"ඔව් ඔව්..."

"ඒවට කොහොමද මාව ගෑවුනේ...නෑ ඉතින් මම අහන්නෙ වැඩ ගැන කියලා මම ගැන කල්පනා කරේ මොකටද...."

ශෙනුලුත් ඉදලා ඉදලා මරු ප්‍රශ්න තමයි අහන්නෙ...සෙසඳුට නම් කර කියාගන්න දෙයක් නෑ...මෙන්න ඒ පාර ගොත ගහනවා...

"මම...මම..මො...කටද ඔ..ඔයා ගැන කල්පනා කරන්නෙ...."

"ඒක දන්නෙ ඉතින් ඔයාම තමයි...."

"මට වැඩේමනෙ තමුසෙ ගැන කල්පනා කරන්න...ඇයි ඉන්නෙ කල්පනා කරන්න එක්කෙනෙක්...."

ආආ...එන පොටනම් හොද නෑ ශෙනුල් කොල්ලො..ඕකා ඔය නොකියා කියන්නෙ සදු ගැන වෙන්න ඕනෙ....රුසියාවට වඩා ලොකුයි ඊරිසියාව කියනවනෙ....

"ඒ කවුද...."

"ඇයි ඊයෙ ආවේ....මොකද බබා මේ බයවෙලා...ඉස්සර මම කොච්චර නම් කිස් දෙනවද....අඤ්ඤේ පව් අම්මණ්ඩි....යැයි යැයි තමයි...."

"ඇයි තමුසෙට ඊරිසියයිද...."

"අල්...අල්ලන්න එපා මාව...."

සෙසඳු වක්කඩේ කැඩුවා වගේ කියවද්දි ශෙනුල්ට දැනුනෙ පුදුමාකාර ලෝබකමක්....මූණත් රතු කරන් කටර් එකේ වගේ කියවනවා....ඒ කියවන කියවිල්ලට කොල්ලා ඉන්නෙ තරහින් කියන්න ශෙනුල්ට ඕනවටත් වඩා විශ්වාසයි....ඉතින් ශෙනුල් එකේ එක අතකින් සෙසඳුගෙ ඔලුව අතගාපු එක....ඒකට සෙසඳු....කුලප්පු උන මොකාද එකා වගේ ගැහුවෙ නැතැයි ශෙනුල්ගෙ අතට හොද පාරක්....

හැබැයි ඉන්න....සෙසඳු අර අඩනවද...ඔව්නෙ කොල්ලගෙ ඇස් කදුලු පිරිලා දිලිසෙනවා...ඒත් ඇයි....ශෙනුල් කරේ ඒ දැක්ක තප්පරෙන්ම සෙසඳුව තමන්ගෙ පැත්තට හරවගත්ත එක...ඒ හරවගෙනත්....

"මන්දිල්....ඇයි මේ....අනේ ඇයි පොඩ්ඩො මේ අඩන්නෙ...."

ඒ වචනෙ....එයා ඒ කීවේ පොඩ්ඩො කියලද...ඔන්න හරි ශෙනුල්ගෙ කටින් ඒ වචන එලියට පැන්නා විතරයි සෙසඳුගෙ කදුලු පිරුණු ඇස් බෝලවෙලා....මේ තමයි ඒ තරම් ආදරණීය කටහඬකින් ශෙනුල් තමන්ට කතා කරපු පලවෙනි වතාව....හැමදාමත් වගේ සැර කරන ඒ කටින් ඒ තරම් උණුහුමක් දැනෙන්න පුලුවන්ද....මෙච්චර වෙලා කට වාචාලකමට කියවපු සෙසඳුගෙ කට තප්පරෙන් වැහිලා ගිහින්....ඊට හපන් කොල්ලගෙ පපුව...ඒක ගැහෙනවා ආයෙ නෑ අසූ හාරදාහට....හැබැයි  වෙලාවට ශෙනුල් පාර අයිනට වෙන්න කාර් එක නවත්තලා තිබ්බෙ....නැත්තන් එහෙම මේ බලන් ඉන්න විදිහට ඌ ගිහින් කාර් එක කොහෙ හරි හප්පගෙන.....

සෙසඳු වචනයක්වත් කතා කරපු නැති නිසාද මන්ද ශෙනුල් කරේ ආපිට සෙසඳුගෙන් ප්‍රශ්න කරපු එක...

"ඇයි ඔය කදුලු පුරවන්...."

"මම දන්නෙ නෑ...."

"අහ්...."

"ඇයි මට මෙහෙම කරන්නෙ...."

"මම මොනවද කරේ...."

සෙසඳුගෙ හිතට දුකයි....තාමත් නොදන්නවා උනාට ශෙනුල්ට කැමති හේතුව සෙසඳුගෙ හිතට නොසෑහෙන්න දුකයි....නොහිතා උනත් ඒ ඇස්වලට කදුලු ඉනුවෙ ඒකයි....තමන්ගෙ හිත තමන්ටවත් පාලනයක් නෑ....කොල්ලා ඔහේ කියවනවා...ශෙනුල් බයවෙලා වගේ ඒ දිහා බලන් ඉන්නවා....එක අතකට බයවෙන එක සාධාරණයි....ඇයි දෙයියනේ මූ හරියට නිකන් කටුස්සෙක් වගේනෙ....එක වෙලාවකට කේන්ති ගන්නවා....අනිත් වෙලාවට ඔක්කොම දමලා ගහලා යන්න යනවා...ඒකට දැන්...ඔය ඉන්නෙ ඇස්වල කදුලුත් පුරවන් මූණ පුම්බගෙන....

ඔක්කොටම කලින් මේ ප්‍රශ්නෙ විසදගන්නකන් හිටහන්කො....නැත්තන් අද මුන් දෙන්නා වැඩට යන්නෙත් නෑ....එක අතකට සෙසඳු හරි ඕක ඇදලා ගත්ත එක හොදයි....අර මෝඩයා හිටියට වැඩක් තියෙනවා කියලද...නෑනෙ නෑනෙ...මහ ලොකුවට ඊයෙ හිතුවෙනම් කොහොමද....හෙට මන්දිල් එක්ක මේ හැමදෙයක් ගැනම කතා කරනවා...යැයි යැයි තමයි....හරි හරි ඒකෙන් වැඩක් නෑ....හිටින්ටකො ටිකක්....නෑ ඉතින් මේ අඩන බබාට හේතුවක් හොයලා දෙන්න එපැයි...ඒකයි...

"මම මොනවද කරේ මන්දිල්....අඩන්නෙ නැතුව කතා කරන්නකො මන්දිල්...."

"මම දන්නෙ නෑ...."

"දැන් එතකොට මමද දන්නෙ...."

"එයා....එයා කවුද...."

"කවුරු ගැනද ඔය අහන්නෙ...."

"අර සක්කරවට්ටම...."

"කවුද සදුද...."

"ඔව් ඔව් සජු තමයි....."

හරිනෙ...හරිනෙ...ඔය කරේ වැඩක්....මම කීවේ ..මම කීවේ මූ මේ ගිරිය පුප්පන් කෑගහන්නෙ අර හොල්මන නිසා කියලා...ඒ පාරනම් සෙසඳුගෙ ලැජ්ජාවත් කොහෙ ගිහින්ද නෑ...ඔය පේනවනෙ දමලා ගහන්න වගේ අහපු ලස්සන...අර සක්කරවට්ටම කවුද....බලන්න ඉතින් ඒ ආදරේ නේද....අනේ අනේ....උගුරට හොරා බෙහෙත් බොන්න බෑ කියනවා වගේ තමයි සෙසඳු නොදන්න සෙසඳුගෙ ආදරෙත් ශෙනුල්ගෙන් හංගන්න බෑ....ඌ නොදන්නවා උනාට උගෙ ඇස්වල ආදරේ උතුරනවා....කදුලු අස්සෙන් උනත් ඒ දේ අදුරගන්න ශෙනුල්ට මහ වෙලාවක් ගියෙ නෑ....

අහන්න එපා ශෙනුල් කොහොමද ඒ දේ දැනගත්තෙ කියලා...සෙසඳුත් නොදන්න දෙයක් ශෙනුල් දැනගත්ත එක ප්‍රශ්නයක් තමයි...හැබැයි මතක තියාගන්න...තමන් ආදරේ කරන මනුස්සයගෙ ඇස් කියවන්න තමන්ට තරම් වෙන කාටවත් බෑ....ඉතින් ශෙනුල්ට උනත් වෙනසක් වෙන්න බෑනේ...උටත් ඒ ටිකම තමයි....ඔය දැක්කත් හරි ශෙනුල් හිටියෙ හදේ...ආයෙ නෑ කොල්ලට ඒ තරම් සතුටුයි.....ඇයි බං අවුරුදු තුනක් තමන් තනියම ආදරේ කරපු මනුස්සයගෙ ඇස්වලින් ආදරයක් දකිද්දි සතුටු නොවී ඉන්නද....එහෙනම් ඉතින් ඌ මිනිහෙක් වෙන්න බෑ....

ශෙනුල් කරේ කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව තමන් ඉදගෙන හිටපු ශීට් එක පස්සට කරලා සෙසඳුව උස්සලා අරන් තමන්ගෙ උකුල උඩින් තියාගත්ත එක....

"මො...මොනවද....කරන්නෙ...."

"ඇයි....."

"ඇයි අහන්නෙ...මාව තියන්නකො...."

"කොහෙන්ද...."

"හිටපු තැනින්...."

"මට බෑ...."

පොතේ හැටියට නම් මේ වෙද්දි සෙසඳු යක්ෂාවේශ වෙන්න ඕනෙ...හැබැයි ඉතින් උනේනම් ඒකෙ අනිත් පැත්ත....ඔය ඉන්නෙ හොර ගෙඩියෙක් වගේ ඇසුත් බෝල කරන්...ශෙනුල් කරේ තවත් තදේට කොල්ලව තමන්ට තුරුලු කරගත්ත එක....එහෙන් සෙසඳුගෙ පපුව මැරතන් දුවනවා...ශෙනුල්ගෙ කියලත් වැඩි වෙනසක් නෑ.....ශෙනුල් මොන තරම් පෙරුම් පුරන්න ඇතිද මේ පුංචි කොල්ලව මේ විදිහට තමන් ලගින් තියාගන්න...ශෙනුල්ටවත් මතක නැතුව ඇති හිතින් පවා ඒ ගැන ප්‍රාර්ථනා කරපු වාර ගාන...අහම්බයක් උනත් සෙසඳුත් මුකුත් නොකීවයින් ශෙනුල් කරේ තමන්ගෙ හිතේ මේ තරම් කාලයක් පුරවන් හිටපු ආදරේ වචන කරන්න හිත හදාගත්ත එක....

හැබැයි හරි හෙමීට....

සෙසඳු බයවෙලා වගේ ඉන්න නිසාද මන්ද ශෙනුල් කරේ කතාවට මුල පුරපු එක...

"බයද..."

"හ්ම්...."

"බයවෙන්න එපා...."

"මම මන්දිල්ගෙන් දෙයක් අහන්නද...."

"අහන්න...."

"ඇයි සදූ එක්ක ඔය තරම් කේන්තියි...."

"දන්නෙ නෑ...."

"නෑ ඔයා දන්නවා මන්දිල්....ඔයා ඒක පිලිගන්න කැමති නෑ....හිතේ තියන් ඉන්නෙ නැතුව මට කියනවද...ම්ම්...."

ශෙනුල් එහෙම කියපු පාර සෙසඳු කරේ තමන්ගෙ හිතේ තියන දේවල් ඔහේ කියන්න පටන්ගත්ත එක...

"එයා ඔයා එක්ක ඉන්නකොට මට කේන්ති..මට ඊරිසියයි....මගෙ හිතට ගොඩක් දුකයි....ඇත්තටම එයා කවුද...."

සෙසඳුගෙ වචන ඉස්සරහා ශෙනුල්ට ගියෙ හරි පුංචි හිනාවක්....හරියට,මම කලින් ඔය දේවල් දැනන් හිටියා කියන්න වගේ...

"එයා මගෙ කලින් girl friend...."

"හහ්...."

"හරියටම මීට අවුරුදු තුනකට කලින්..............."

______________________________________

හොදම හරිය හෙටට ඉතුරු කරාට සොරි ලමයි...මට අද මීට වඩා ලියන්න බෑ...බෑ කියන්නෙ ඔලුව එක තැනක නෑ....course එකේ පොතක් හදන්න තියෙනවා පිටු 300 ක විතර....හෙට හවස් වෙද්දි මම ඒක භාරදෙන්න ඕනෙ...තාම බාගයක්වත් ඉවර නෑ....අනික ගෝල් ලියන්නත් ඕනෙ....ඒ නිසා තරහා නෑ නේද...මගෙ හොද ලමයිනෙ...😫😫

(බලාපල්ලකො 4to එක වැටෙන්නෙ අනිත් පැත්ත...කමක් නෑ හරවලා බලාගන්න...අනේ මට බෑ දෙයියනේ 😫😫)

____________________________________

(ඔන්න ඔයැයිලගෙ real සුමනෙ කොලුවා...මෙයැයිගෙ නම තමයි මම පැංචගෙ ටෙඩී කොල්ලට දැම්මෙ....කොහොමත අපේ සුමනෙ කොලුවගෙ selfie එක...😎

කාට කොහොම උනත් ගෙදර අයත් බල්ලට දාලා බල්ලට සුදු මහත්තයා කියන පුංචි පහේ මම😁😁)

මම යනෝ....බායි බායි...පරිස්සමින් ඉන්න ආදරෙයි 😚❤❤❤❤

@Diyana_45 🖊mention a user

Share This Chapter