Back
/ 40
Chapter 29

27 වන පරිච්ඡේදය 🍂

වස්සාන ඍතු 🍂❤

තාමත් ශෙනුල්ගෙ උකුලට වෙලා ඉන්න සෙසඳුගෙ ඇස් දෙක බෝල වෙලා....අනේ ඒකනම් බලන්න ලස්සනයි....හරියට කෝල බෙයාර් කෙනෙක් වගේ....සුදු පාට කම්මුල් දිගේ කදුලු කැට එක දෙක පල්ලෙහාට ඇදෙනවා....හරියට නිකන් මේ දැනෙන හැගීමට උත්තර හොයලා දීපන් කියන්න වගේ....සෙසඳු කියන්නෙ නිවේන් තරමට නොවුනත් හරි ලාමක චරිතයක්...ඔය කාට මොන සද්ද දැම්මත් කොල්ලා තාමත් හරියට පුංචි එකෙක් වගේ....සෙසඳු වෙනදට මෙහෙම නෑ...ඔතන ශෙනුල් වෙනුවට වෙන කෙනෙක් හිටියා නම් මේ වෙනකොටත් ඌ හොදම එකෙන් කම්මුල් පාරවල් දෙක තුනකුත් එක්ක කුණුහරප ලොට් එකකුත් අහගෙන...ඒකට දැන්...ඔය ඉන්නෙ හොරා වගේ මූණත් රතු කරන්...ඒ මදිවට ඔලුවත් කසනවා....මූ නම් මහ කෝලමක්....සෙසඳුට ඕන කරේ ශෙනුල් කලින් කියපු කතාවෙ තේරුම දැනගන්න.....වෙන මුකුත් නෙවෙයි...අර කීවේ...එයා මගෙ කලින් girl friend....හරියටම මීට අවුරුදු තුනකට කලින්....යැයි යැයි කියලා....ඔන්න ඕක...මේ පොඩි ඇට්ටරයට ඕක තමයි අහගන්න ඕන උනේ....අහන්න හැදුවත් මොකද කොල්ලට ලැජ්ජා හිතිලද මන්ද....තනිකර බොරුවනෙ...දැන් ටිකකට කලින් මට ඊරිසියයි...මට කේන්තියි කියලා දැන් බොරුවට ඔලුව කසනවා.....පිස්සු....

සෙසඳු ඉන්නෙ මොනවා හරි අහන්න බැරුව කියලා තේරිලද මන්ද ශෙනුල් කරේ කතාවට මුල පුරපු එක...

"මොනවා හරි අහන්න තියෙනවද...."

ශෙනුල් එහෙම අහපු පාර සෙසඳු කරේ වයින් කරපු බෝනික්කෙක් වගේ ඔලුව වනපු එක විතරමයි.....ශෙනුල් නම් හිනා නොවී හිටියෙ බොහොම අමාරුවෙන්....මේ කරන විකාරවල හැටියට හිනා නොගියොත් තමයි පුදුම....ඒත් දැන් හිනා වෙවී ඉදලා හරියන්නෙ නෑනෙ..ඇයි බං කොහෙවත් නැති ප්‍රශ්නයක් ඇදලා අරන් මුකුත් නොකියා ඉදලා හරියනවද...නෑනෙ නෑනෙ....

"ඊට කලින් මම අහන ප්‍රශ්නවලට උත්තර දෙනවද...."

ශෙනුල් එහෙම ඇහුවා විතරයි සෙසඳු කරේ බෝල ඇස් ශෙනුල්ගෙ ඇස් ලගටම කිට්ටු කරගෙන පුදුමෙන් වගේ බලන් හිටපු එක...මේ යකා හදන්නෙ අර අහිංසකයගෙ පන කෙන්දටත් කෙලවන්නද මන්ද...ඇයි බං ඔහොමත් ලංවෙනවද...ශෙනුල් ඔහොම හරි ඉවසනවා පුදුමයි....ඒ උනාට දැන් නම් ශෙනුල්ගෙ ඔලුවෙ වැඩකරේ වෙන දෙයක්...මේ පොඩි බට්ටා මොනවටද කේන්ති ගත්තෙ...ඒ ඇරත් තමන් සදු එක්ක ඉද්දි මෙයාට ඇයි කේන්ති ගියෙ....එසේ මෙසේ ප්‍රශ්න තොගයක් නෙවෙයි ශෙනුල්ට තිබුණෙ....අනේ හිත හිත ඉන්නෙ අහපන්කො ඉතින්....මං අහන ප්‍රශ්නවලට උත්තර දෙනවද කියලා අහලත් මේ යකා කට ඇරගෙන බලන් ඉන්නවනෙ...පිස්සු යකෙක්....

"මොනවද ඒ...."

"අහ්...."

බලන් ඉදලා බැරිම තැනද මන්ද සෙසඳු කරේ ශෙනුල්ව හොලවලා මොනවද ඒ අහපු එක...ඔන්න දැන් තමයි පිටට බොස් ගෙදරට ජබොස් අපේ ශෙනුල් කොල්ලා හරි සිහියට ආවේ....

"ඔයා අහනවා කියපු ප්‍රශ්න...."

"මට මුලින් මේක කියන්නකො...ඇයි මම සදු එක්ක ඉද්දි ඔයාට ඔය තරම් තරහ යන්නෙ..."

ඒ ඇහුවා විතරයි සෙසඳු ආයෙම අඩන්න ගත්තෙ හරියට නිකන් පොඩි එකෙක් වගේ....අඩන්නෙ නැතුව අහපු දේට උත්තර දීපන්කො ඒත් නෑ....

"ඔය ඉතින් අඩන්නෙ නැතුව කියන්නකො පොඩ්ඩො....."

"මම...මම දන්නෙ නෑ....."

ඇත්ත තමයි....ඔය කොච්චර කේන්ති ගියත් සෙසඳු තාමත් ඒකට හරි හේතුවක් දන්නෙ නෑනෙ....ඒත් මින් ඉස්සරහට නම් එහෙම ඉන්න බැරි වෙයි වගේ....මොකද ශෙනුල් කරේ සෙසඳුට නොදැනෙන තමන්ට ඒ ඇස් අස්සෙන් පේන ආදරේ කොල්ලට තේරුම් කරලා දෙන්න හිත හදාගත්ත එක....

"මන්දිල්ට කේන්ති ගියෙ නැද්ද...."

ඒ මොන විදිහෙ ප්‍රශ්නයක්ද...

"ඇයි...."

"මම ඔයාව මෙහෙම ලගට ගත්තට...."

"නෑ...."

"ඇයි ඒ...."

"දන්නෙ නෑ...."

හැමදේටම දන්නෙ නෑ දන්නෙ නෑ....කේන්ති ගියෙ නැති එකට හේතුව හෙව්වත් සෙසඳුට අදත් හරි හේතුවක් හොයාගන්න නැති පාටයි...නෑ නෙවෙයි කොල්ලට තේරෙන්නෙ නෑ...

"මන්දිල් දන්නවද ඇයි මම මෙහෙම දේවල් කරන්නෙ කියලා...I mean මම ඔයාව මෙහෙම මගේ ලගට ගත්තෙ...."

"ම්හ්ම්...."

ඒකටත් නෑ....අනේ ගහපන්කො මෙන්න මුට එකක්....නිවේන් හිටිය නම් සෙසඳුට හොද හයේ හතරෙ පාරවල් ටිකක් කන්න තිබුණා....

"ම්ම්ම්.....එහෙනම් මම කියන දේ අහගෙන ඉන්නවද....ඔය හැම ප්‍රශ්නෙට එතකොට උත්තර ලැබෙයි..."

"හා..."

"හැබැයි එක දෙයක්...."

"මොකක්ද...."

"මම මේ දේ කීවට පස්සෙ මන්දිල් මාත් එක්ක කේන්ති ගන්න බෑ....හොයාගත්තොත් ඔය හිතේ තියන හැගීම විනාඩියක්වත් නොයිද මටත් කියන්න ඕන...තේරුනාද...."

"අහ්...."

"මුලින් කතාව අහලා ඉන්නකො...."

සෙසඳු කරේ හිතාගන්න බැරි බැල්මකින් ශෙනුල් දිහා බලන් හිටපු එක...ඒකට ශෙනුල්...කාර් එකේ වැටෙන්න කියලා තැනක් නැතත් කොල්ලා සෙසඳුව අත් දෙකෙන්ම අල්ලගෙන....නාකි හුරතල්...

එතනින් එහාට ශෙනුල් කියපු හැමදේටම සෙසඳු උත්තර දුන්නා නම් දුන්නෙ හීනෙන් වගේ....මොකද කවදාවත් තේරුම්ගන්න බැරිවුණ ඒ හැගීම සෙසඳුටත් තේරුම් යන්න පටන්අරන් තිබුණා....හරි හිමීට....

"මන්දිල් මීට කලින් මාව දැකලා තියනවද...කොහෙදිම හරි..."

"මීට කලින් කීවේ...."

"එදා වස්සානගෙ office එක ලගදි දකින්න කලින්...."

"නෑනෙ...."

"හොදටම විශ්වාසද..."

"ඔව්....."

සෙසඳුගෙ ඔලුව නිකන් කැරකෙනවා කැරකෙනවා වගේ....ඇයි දෙයියනේ එක පාරම ඔහොම දෙයක් ඇහුවාම ඔලුව කැරකෙන්නෙ නැතුව තියේද.....

හැබැයි ශෙනුල් නම් කතාව නවත්තන පාටක් නෑ...

"ඒ උනාට මම නම් මන්දිල්ව ඊට කලින් දැකලා තියෙනවා..."

"හෑ ඒ කොහෙදිද ඒ...."

මුගෙ කට යකෝ....කොයිවෙලේ හරි අර අහිංසකයගෙ පන කෙන්ද නම් යනවා සත්තයි....මේකා ආයෙම ශෙනුල්ගෙ මූණට එබිලනෙ.....උටත් දැන් හරි උනන්දුව...වෙන මොකටවත් නෙවෙයි ශෙනුල් කවද්ද තමන්ව දැක්කෙ කියලා දැනගන්න...

"ඒකෙ credit එකනම් ඉතින් සදුට තමයි..."

"මොකක් කීවා...."

හරිනෙ ඔය කරේ යස වැඩක්....ආයෙම පත්තු කරා නේද...මූ නම් මහ ගොං ගහක්...අපරාදේ කියන්න බෑ සදු කියන නම ඇහුවා විතරයි සෙසඳු හරියට නිකන් ජම්බු ගෙඩියක් වගේ රතු වෙලා ගිහින්....තරහට අනේ තරහට...මූත් නොදන්න මුගෙ මහලොකු ආදරේ කීවලු....ශෙනුල්ට නම් හිනා....ආයෙ නෑ හොදම එකෙන්...

"කේන්ති ගන්න එපා මන්දිල්...."

"මම මොකටද කේන්ති ගන්නෙ....හහ්..අනේ මට වෙන වැඩ නෑනෙ...."

"එහෙනම් ඔය මූණ රතුවෙලා මොකද..."

"මට ඕනෙ නිසා...."

"අනේ මන්ද බං දැන් ටිකකට කලින් කේන්ති කියලා ආයෙ කියනවා මට කේන්ති නෑ කියලා...කාටද මන්දිල් ඔය බොරු කරන්නෙ..."

"තමුසෙට ඒකෙන් වැඩක් නෑනේ කතාව කියනවකො...."

"හරි හරි අහගන්නකො එහෙනම්..."

"ම්ම්ම්..."

සෙසඳු කරේ හොදට හරි බැරි ගැහිලා කතාව අහන්න ලෑස්ති උන එක....හරි ශෝක් හැබැයි...ශෙනුල්ටම රව රව ශෙනුල්ගෙ උකුල උඩුම වාඩිවලා කතාව අහන්න ලෑස්තිය...

"හරියටම මීට අවුරුදු තුනකට කලින් සදු මාත් එක්ක breakup උනා....මගෙ මෝඩකම...එක පාරක් වටේ ගිහින් ආයෙ ලගට ආවම දෝත බදලා බාරගෙන හොදම එකෙන් කෙලවගත්තා..."

"හොද වැඩේ ගෑණු පස්සෙ යනවට...."

ඒ අස්සෙ මේකා කුටු කුටු ගගා ශෙනුල්ට බනිනවා...ශෙනුල් කතාව කියනවා....මේවනෙ බං නියම මැජික්....

"සදු ආයෙම මාව දාලා ගිය දුකට මම එදා වස්සානත් එක්ක බීච් එකට ගියා....ඌයි මායි කොහොමත් නිවාඩු දවසට කොහෙ හරි රවුමක් දානවමයි....එදා නිකමට වගේ මට බීච් එකට යන්න හිතුනා....අනේ මන්ද මන්දිල් ඇයි කියන්න...ඒ උනාට හිත කීවේම බීච් එකට පලයන් කියලා....ඔය ගිහින් කල්පනා කරලා කරලා අරූ එක්කත් කියවලා දෙයියනේ කියලා ගෙදර එන්න නැගිට්ටමනෙ හොදම වැඩේ උනේ...."

"ඇයි මොකද උනේ..."

අනේප්...මේ යකා එක්ක බෑනේ...ගෙම්බෙක් වගේ හැමදේටම මැදින් පනිනවා....

"මොකද උනේ අහන්නෙ....මෙන්න මෙච්චරක් විතර පොඩි කොල්ලො දෙන්නෙක් කොහෙදෝ ඉදන් දුවගෙන ඇවිල්ලා හැප්පුනේ නැතැයි අපි දෙන්නගෙ ඇගේ.... අරුයි මමයි දෙන්නම බිම..ලැජ්ජාවේ බෑ මන්දිල්...."

"ඉතින් අනේ බනින්න එපැයිනෙ...."

"බනින්න තිබුණා උන් දෙන්නගෙ මූණු නොදකින්න...."

"ඇයි...."

"ඇයි අහන්නෙ..."

"එයාලගෙ මූණු වලට මොනවා වෙලාද..."

මූ මේ අහන්නෙ මූ ගැනමයි නේද කියලා දන්නවා නම්.....

"හුරතල් පාට බේරෙනවා...."

"හෑ....."

"මන්දිල් දන්නවද...එදා ඉදන් අද වෙනකන් වස්සානයි මායි දෙන්නා කොච්චර නම් උන් දෙන්නගෙ පස්සෙන් ගියාද කියලා....අඩුම උන් දෙන්නවත් දන්නෙ නැතුව...."

"ඇ...ඇයි...ඒ එයාලා පස්සෙ ගියෙ...."

"ආදරේටනෙ...."

"හහ්...."

යකෝ....ගහෙන් ගෙඩි එන්නා වගේ ඔහොමත් කියනවද...මාර වැඩක් තමයි ඒක....ඔන්න හරි...හරියටම හරි....මේ තරම් දවස් තේරුම්ගන්න බැරි උන ඇරත් තමන්ගෙ හිතට දැනුන අර අමුතු විදිහෙ හැගීම....ඒත් ආදරේ නේද කියන්න සෙසඳුට තේරුනේ ශෙනුල්ගෙ කටින් කොල්ලෙක්ට ආදරෙයි කියන ඒ වචනෙ පිට පැනපු තප්පරේමයි....ඒ දැනුනත් හරි සෙසඳුට ඉහිලුම් නැතුව ගියා....කොල්ලගෙ හිත මේ තරම් දවසක් හරි ඒ හැගීම පිලිනොගත්තෙ එහෙම දෙයක් වෙන්න බෑ නේද කියලා හිතුන නිසා වෙද්දි දැනුයි සෙසඳුට තේරුම් ගියෙ එහෙම දේවලුත් මේ ලෝකෙ වෙන්න පුලුවන් කියලා....හැබැයි සෙසඳු එක දෙයක් තේරුම්ගත්තා වැරදියි....කොල්ලගෙ හිත කීවෙම ශෙනුල් කැමති වෙන හිතකට කියලා වෙද්දි සෙසඳු කරේ දෙපාරක් නොහිතා ඒ බෙල්ල අස්සෙ මූණ ගහන් අඩන්න පටන්ගත්ත එක....කොල්ලා හොදටෝම ඉකිගහනවා....මේ තරම් දවස් කේන්ති ගත්තෙ...ඊරිසියා හිතුනෙ ආදරේ නිසා කියලා මතක් වෙනකොට කොල්ලට තමන් එක්කම කේන්ති.....ඇයි දෙයියනේ මේ තරම් කල් කොච්චර අර අහිංසකයට බැන්නද...එරෙව්වද...පුදූම වැඩක් තමයි ඒක...ඒ උනාට මුට කොහෙද ඕවා හිතන්න වෙලාවක්....ශෙනුල් ආදරේ වෙන එකෙක්ටය කියලා හිතන් මේ යකා අඩනවා අඩනවා ඉවරයක් නෑ....

"අනේ ඇයි මේ...."

"ඔයා...ඔයා තාමත් එයාට ආදරෙයි අයියෙ..."

"පනටත් වඩා...."

ඌප්ස්....කොහොමද ඒක....අනේ අර සෙසඳු කොම්ලව තවත් අඩවන්නෙ නැතුව කියහන්කො බං මම ආදරේ උබටය කියලා...ඒත් නෑ...මේවා නම් දෙයියොම බලාගන්න ඕනෙ...

"මන්දිල්...."

"ම්ම්...."

"කලින් දන්නෙ නෑ කියපු දේට හේතුවක් හොයාගත්තද...."

"ඔව්...."

"මොකක්ද...."

"දැන් ඒකෙන් වැඩක් තියෙයිද අයියෙ..."

"ඇයි එහෙම කියන්නෙ..."

"ඔයා දැනටමත් කෙනෙක්ට ආදරෙයිනෙ..."

"ම්ම්ම්...ඔව්නෙ...ඉතින් මන්දිල් ඇයි ඔය අඩන්නෙ..."

"ම..මම..."

ඔන්න ගොත ගහනවා....

"ඔව් ඉතින්..."

"මමත් ආදරෙයිනෙ...ඉහික්....ඉහික්...."

"මේ මටද..."

"ඔ...ඔව්...."

ඒ වචන ඇහෙන තප්පරෙන් ශෙනුල් කරේ සෙසඳුව තවත් තදේට තමන්ගෙ පපුවට තුරුලු කරගත්ත එක....හැබැයි සෙසඳු කරේ දගලලා දගලලා ඒ තුරුලෙන් ඈත්වුණ එක...ඒ ඈත් වෙලත්...

"එයාට දුක හිතෙයි..."

"ඇයි...."

"මම මෙහෙම ඉන්නවා දැක්කොත්..."

"ඉතින් මන්දිල් මගෙන් ඇහුවෙ නෑනේ ඒ කවුද කියලා...."

"මම දන්න කෙනෙක්ද...."

"ඔව්නෙ..."

"හෑ....."

"කාටත් වඩා හොදට ඔයා විතරමයි එයා ගැන දන්නෙ..."

"ම...මම...."

"ඔව්..."

"බැරිවෙලාවත්...බැරිවෙලාවත් ඒ නිවේන්ද..."

ඔය ඇහුවෙ කතාවක්....මූ නම් එසේ මෙසේ මෝඩයෙක් වෙන්න බෑ...

"අපෙ අප්පේ බං උට ලව් කරන්න ගියොත් වස්සාන මාව මරලා දායි..."

"මො....මොකක්...."

හරියට හරි....මූ නිකන් යකෙක් ගහලා වගේනෙ ශෙනුල් දිහා බලන් ඉන්නෙ...

"හ්ම්....ඔව්නෙ....වස්සාන නිවේන්ට පන ඇරලා කොහෙද ඉතින් උබේ පැංචා යාලුවට ඒක තේරෙන්නෙ නෑනේ..."

ආආආආආ...අනේ මූ එක්ක බෑ අප්පා...මෙච්චර සීරියස් වෙලාවකත් හිනාගස්සනවනෙ...වටේ නොයා කෙලින් කියපන්කො බං....

"එ....එයා....එයා....නිවේන්ට ආදරෙයිද..."

"නැතුව....අවුරුදු තුනක් පස්සෙන් ගියෙ අහවල් එකකටද එහෙනම්...දෙයියනේ අපි කාපු කට්ටක්..."

"හහ්..ඒ ඇයි..."

"ඇයි අහන්නෙ තොපි දෙන්නව ලගට ගන්න...ඇගෙත් හැප්පිලා බිමත් වට්ටලා අහිංසක අපි දෙන්නවත් අල්ලගෙන තව ඇයි කියලත් අහනවා...."

එච්චරයි....ශෙනුල්ගෙ කටින් එලියට පැන්නෙ එච්චරයි...සෙසඳු කරේ මහ හයියෙන් ඉකිගහන්න ගත්ත එක...

"අනේ...අඩන්නෙ ඇයි මන්දිල්...."

"ඔ...ඔයා....ආදරේ කරන්නෙ මටද අයියේ....ආ...කියන්නකො ඒ මමද..."

"ඔය මොලේට ඕක තේරුම්ගන්න මෙච්චර වෙලා ගියාද...."

"අ....අනේහ් අයියෙ....ඇයි...ඇයි මට නොකීවේ...අවුරුදු තුනක්...අවුරුදු තුනක් කොහොමද...කොහොමද.....අනේ ඇයි දෙයියනේ මට නොකීවේ...."

"කියන්නෙ කොහෙද මේ ඇට්ටරයා දකින දකින තැන මට පුප්පනවනෙ....ඊයෙ දැක්කෙ නැද්ද....."

"ඉතින් මට කේන්ති ගියානෙ අයියෙ...ඒකි මොකටද ඔයාගෙ ඇගේ නගින්න එන්නෙ..."

"හරි හරි දැන් ඒක ඉවරයි....දැන් කියන්නකො....."

"මොකක්ද...."

"මන්දිල් මට ආදරෙයිද...."

"ගොඩක්...."

"ඔය වචන ටික උබේ කටින් අහගන්න මම කොච්චර කල් බලන් හිටියද මන්දිල්...."

"මිහුක්....ඒ උනාට මම අරකිව මරනවා අයියේ..."

ආදරෙයි කියලා විනාඩියක් ගියෙ නෑ ආයෙ රණ්ඩු වෙනවා....ඒත් කමක් නෑ අන්තිමට හරි සෙසඳු ඒ දේ තේරුම් ගත්තනෙ...ඒකම මදිද සතුටු වෙන්න.....ශෙනුල්ගෙ හිත අද කියාගන්න බැරි තරමෙ සතුටකින් පිරිලා ගිහින්...ඉතින් ශෙනුල් කරේ කටර් එක වගේ කියවන සෙසඳුව ඇදලා අරන් හරි තදේට තමන්ට තුරුලු කරගත්ත එක....හැබැයි හරි ආදරෙන්....

_________________________________________

"Excuse me...."

"එන්න...."

මම හිටියෙ කැබින් එකට වෙලා bubble tea එකකට වැඩේ දෙන ගමන්....මේ අපේ තාප්පයා අනේ අරන් දුන්නෙ...එයැයි දැන් හරි හොදයි...පැංචට හැමදාම උදේට එකක් අරන් දෙනවමයි....bubble tea අනේ bubble tea...මිහුක්....මම ඉතින් සාගතකාරයෙක් වගේ ඒකත් බිබී අපේ තාප්ප බොසා දිහා බලන් හිටියෙ....ඔයැයිලට කියන්න ඒයිලා මූ හරි handsome....මිනිහා කණ්ණාඩි දෙකකුත් දාගෙන මොනවදෝ මන්ද චෙක් කරනවා....he has sexy look තමයි ඒයිලා....ම්ම්...ම්ම්...අහිංසක මාවත් wrong side යවනවනෙ මේ මිනිහා....අනේප් ගහපන්කො මට එකක්...මේ කුඩු කේඩු මොලේ තමයි ඔක්කොම කරන්නෙ....පිස්සු හුත්තෙක් මහ.....ගොනෙක් වගේ මේකත් කටේ ගහන් තාප්පයා දිහා බලන් හිටපු මම ගැස්සිලා ගියෙ කැබින් එකේ දොරට කවුරුහරි තට්ටු කරපු නිසා....ඊව් ඊව් කවුද අප්පා ඒ ගං කබරයා....ඔයා පැංචට බාධා කරා හරිත...මිහුක්...

"සර්...."

අපෙ අප්පේ මේ මෙයානෙ....වෙන කවුරුත් නෙවෙයි අපේ දේවින්ද බොසාගෙ secretary...හුහ් මගෙ ජොබ් එක වගේම තමයි...but පැංචා is special....මම තාප්පයගෙ secretary බොල....අනේප් මේ මොන සිප්පි කෑල්ලක්ද මේ....හරිම ඒසයි අප්පා...මම කරේ ඒකිටත් පුලුවන් තරම් හිතින් බැන බැන දෙනාගෙ කතාවට හොට දාපු එක....හනේව් වැරදුනා වැරදුනා....හොට නෙවෙයි කන....පැංචට කොහෙන්ද මෙයාලා හොටක්...මටත් පිස්සු...

"කියන්න...."

"දේවින්ද සර් මේ files ටික සර්ට දෙන්න කීවා..."

"Ok..."

"සර්...."

"කියන්න.."

"දේවින්ද සර් තව විනාඩි පහලවක් ඇතුලත සර්ව හම්බෙන්න එනවා කියන්න කීවා..හෙට තියන meeting එක ගැන කතා කරගන්න..."

"හරි....තමුන්ට දැන් යන්න පුලුවන්...."

අනේ...ඒ යකා මේක අස්සට ආවම මට මොකද වෙන්නෙ....ආයෙත් නම් මට බෑ ඒ මිනිහා ඉස්සරහට යන්න...අද උදෙත් මට මහ අමුතු විදිහට හිනාවෙලා ඇහැක් ගැහුවා....නෑ නෑ අනේ මම එලියට ගියෙ staff එකේ අයට පණිවිඩයක් කියන්න...පණිවිඩයක් කියන්නෙ ඉතින් අර නල්ල මලේ අංගනාව කියපු එකම තමයි....ඌප්ස්....ඔයාලා බැලුවද ඒ කවුද කියලා....අර දැන් ආවේ අනේ...ඕඕ අර යකාගෙ secretary ගෑණි තමයි....ඕකි මහ හැතිරියක්...හුහ්....ඕකි තමයි මම එලියට ගිය වෙලේ අර යකාට මාව පෙන්නුවේ....මම දැක්කනෙ හොර බැලලි වගේ අරූට ඇගිල්ලෙන් අනිනවා....මහ මොකියක්ද මන්ද...පඩස්තරී....දැනුත් ඔය ගියෙ හිනාවෙලා...අනේප් මම නම් අහුවෙයි ඕවට...වෙන නැත්තන් හොදයි.....අයි අයියෝ...දැන් ඒක නෙවෙයිනෙ ප්‍රශ්නෙ...මම කොහොමද අර යකා එද්දි මෙතන ඉන්නෙ....

"නිවේන්!...."

යෝ....ඔන්න පටන්ගත්තා බෙලි කටු මල්ල හොලවන්න....ඔහොම කෑගහන්න එපා අප්පාවේ පැංචා බයවෙනවනෙ....අනේ පොඩ්ඩක් ඉන්න ඒයිලා හරිද...මම මේ යකාට උත්තර දීලා එන්නම්....නැත්තන් විසුමක් වෙන්නෙ නෑ....

"කියන්න සර්...."

Office එක නිසා සර් කීවේ හරිත...මිහුක්...

"තමුසෙ යනවා අර room එක ඇතුලට..."

"අහ්..."

"මම කතා කරනකන් එක අඩියක් එලියට තියලා අහුවෙන්නෙ නෑ...."

"ඇ..ඇයි...."

"ඇයි අහන්නෙ....දැන් අරූ එද්දි තමුසෙ කියන්නෙ මට තමුසෙව මෙතන තියන්න කියලද....ඒ නිසා මගෙන් කුණුහරප නාහා ඇතුලට පලයන් නිවේන්...."

ඕකට කෑගහන්න ඕනෙද අනේ...හමීට කීවනම් මම අහනවනෙ....බෑනෙ බෑනෙ...මේ යකාට මට කෑගැහුවෙ නැත්තන් නින්ද යන්නෙ නැද්ද කොහෙද....අනේ ඒ උනාට මෙයැයි හරි හොදයි අනේ...අර යකාගෙන් මාව බේරගන්නනෙ මේ හැමදේම...මම යනවා ඒයලා....මිහුක්....

____________________________

මම යනෝ මට නිදිමතයි....බායි බායි...පරිස්සමින් ඉන්න ආදරෙයි 😚❤❤❤

@Diyana_45 🖊mention a user

Share This Chapter