Back
/ 40
Chapter 34

32 වන පරිච්ඡේදය 🍂

වස්සාන ඍතු 🍂❤

"අහ්....."

ටික දුරක් ඇවිදගෙන ගිය මට එකපාරටම ඇහුනෙ මගෙ පිටිපස්සෙන් ආපු සෙසඳු කෑගහන සද්දෙ වෙද්දි මමත් හැදුවෙ පිටිපස්ස බලන්න තමයි..ඒත්,

"කවුද තමු.....ම්හ්ම්....ම්හ්ම්...ම්...හ්...ම්...."

සෙසඳු කෑගැහුවෙ ඇයි බලන්න පිටිපස්ස බලපු මම දැක්කෙ මගෙ දිහාවට මොකක්දෝ මන්ද දෙයක් දික් කරගෙන හිටපු මනුස්සයෙක්ව...මොන යකෙක්ද යකෝ මූ...කලුම කලු පාට මාස්ක් එකකුත් දාගෙන බහුබූතයෙක් වගේ මගෙ දිහා බලන් ඉන්නෙ...ගැමුණු යෝධයත් පරාදයි යකෝව් මේ යකාට.....සෙසඳු කෝ කියලා බලන්න උනෙත් නෑ....උනේ නෑ කියන්නෙ අනේ පැංචා වගේ පස් හය ගුණයක් විතර ලොකු එකෙක් පැංචගෙ දර්ශන පතේ හරස් කරලනෙ....යෝ...අහකට වෙයන් මිනිහෝ...මේක මේ මගෙ යාලුවා පිලිබඳ ප්‍රශ්නයක් හරිත....ඌ වැටිලද දන්නෙත් නෑ....මූ බලන්නකො ඒයිලා....මොකාද එකා වගේ බලන් ඉන්න ලස්සන....මූ හොරා....ඌප්ස් නෑ නෑ වැරදුනා....මම හොරා...අන්න හරි ඒක තමයි...අහ්....නෑ නෑ මම මේ කියන්න ගියෙ මේ යකා මගෙ දිහා බලන් ඉන්නෙ මම හොරා ඌ පොලිස් වගේ කියලා....දෙයියන්ගෙ නාමෙට අයින් වෙයන් යෝධයෝ....මගෙ අහිංසකයට මොනවා වෙලාද දන්නෙ නෑ....ඌත් මොන හුත්තක් කරනවද මන්ද...නෑ ඉතින් එක පාරයි අහ් ගෑවේ මිනිහා silence.....හිතට ආපු තරහට මම කරේ අර යකාගෙන් කවුද තමුසෙ කියලා අහන්න ගිය එක වෙද්දි ඊට කලින් ඉස්සර උන ඒ මිනිහා කරේ මගෙ නහයට ලේන්සුවක් තද කරපු එක....මො...මොකක්ද ඒ...ඒකෙන් ආවේ මහ අමුතු සැරක්නෙ...එතනින් එහාට දරන්න බැරි තරම් ලොකු ඔලුවෙ කැක්කුමක් එක්ක කලන්තෙ ගතියක් දැනුනෙ මටවත් හිතාගන්න බැරි විදිහට....අන්තිමට මුලු වටපිටාවම කලුවර උනා විතරයි මට මතක.....සෙසඳු කෝ....මම දන්නෙ නෑ....මට ඒ ගැන බලන්න පුංචිම වෙලාවක්වත් ඉතුරු උනේ නෑ....

.

.

.

.

.

.

.

වස්සාන POV :-

"මේ වැඩේ හරියට වෙන්න ඕනෙ....තමුන් දන්නවනෙ මම එකම දේ දෙපාරක් කියන්න කැමති කෙනෙක් නෙවෙයි කියලා...."

"තේරුනා සර්....."

"Good...."

"සර් තව පොඩි දෙයක් තියනවා...."

"ඒ මොකක්ද...."

"අපි මේක 3 months ඇතුලත එයාලට බාර දෙන්න ඕනෙ....ටිකක් ලොකු ඕඩර් එකක් නිසා ආයෙ......."

"මම එක පාරක් කීවා...මේක cancel කරන්නෙ නෑ....කොහොම හරි මේ වැඩේ වෙන්න ඕනෙ එච්චරයි...."

"O....ok sir....."

මට මේ මිනිස්සුත් එක්ක වැඩ කරන්න ගියාම ඔලුව විකාර වෙනවා....කියන දේ නෙවෙයි කරන්නෙ....ඔහ්...ඔයාලා බැලුවද මම කවුද කියලා....මම වස්සාන....රුහිර වස්සාන...වැඩි වයසක් නෑ...මට තාම අවුරුදු 28යි...සරලවම කීවොත් DH company එකේ අලුත් Owner....company එක මගෙ අප්පච්චිගේ...දැන් මගෙ....අපේ company එක කරන්නෙ ඇදුම් සම්බන්ධ business...කොටින්ම කීවොත් ලංකාවේ company අතර මුල් දහය අතර ඉන්න company එකක්....අදත් මම මේ ආවේ අපිට ආපු ඕඩර් එකක් ගැන meetings එකක් අරන් කතා කරගන්න....ටිකක් දුර තියන මගෙම branch එකක තමයි meeting එක ගත්තෙ....ඇත්තම කීවොත් මම company එක ඇතුලෙ මේ වගේ දේවල් කතාබහ කරන්න කැමති නෑ....පොඩි පොඩි issues තියන නිසා මේ තැන තමයි ඒ වැඩවලට පාවිච්චි කරන්නෙ...ලංකාව පුරාම මගෙ යටතෙ තියන branches 21ක් තියනවා....ටිකක් බරපතල ඕඩර් එකක් නිසා අද ඒ හැම එකකින්ම වගේ එක් කෙනෙක් මම මේ වැඩේට join කරගත්තා.....

මම ගොඩක් ඔය වැඩවලට ගෙන්න ගන්නෙ තරුණ අයව...ඒ අය එක්ක වැඩ කරන්න ටිකක් විතර ලේසි....ලේසි කියන්නෙ ලොකුවටමත් නෙවෙයි...but සාපොක්ෂව ඒක ටිකක් ok....ඒ නිසයි මම අද මගෙ කොල්ලව office එකේ තියලා මේ ගමන එන්න තීරණේ කරේ...

ඔව්...ඔයාලා හිතුවා හරි මම කීවේ නිවේන් ගැන තමයි....මගෙ හුරතලේ....මම හිතන්නෙ මම ආයෙම ඔයාලට එයාව මට මුණගැහුණ  විදිහ ගැන කියන්න ඕනෙ නැති වෙයි...මොකද ඔයාලා දැනටමත් ඒ ගැන දන්නවා...මම හරිනෙ..

එයා ගැන කීවොත්.....අනේ මන්ද...මම කොහොමද එයා ගැන විස්තර කරන්නෙ...හුරතල් කමට සමාන පදයක් කීවත් වැරදි නෑ....මම කොච්චර try කරාද එයාගෙ ඔය ගතිය නැතිකරන්න....මම අකමැති නෑ...but එයාට කරදරයක් වෙයි කියලා මට බයයි....මම මට පුලුවන් තරම් තදින් එයාට කතා කරා....සමහරවිට මම ගහලත් ඇති....එයා ලගදි මට මාවම control නැතුව යනවා.....අවුරුදු ගානක් එයා පස්සෙන් හිටිය මම එයා ගැන හොදට දන්නවා...කැම්පස් යන කාලෙත් එයා පස්සෙන් කීයක් කොල්ලො ආවද...ඔක්කොම රැවටෙන්න එයාගෙ ඔය හුරතලේට....මම අහුවුනෙත් ඕකට තමයි...හැබැයි වෙන කවුරුත් එයා දිහා එහෙම බලන්න ඕනෙ නෑ.....මට මතකයි එක පාරක් කැම්පස් එකේදි කොල්ලෙක් කරදර කරන්න ඇවිත් සෙසඳු මල්ලි උට හොදටම ගහලා තිබ්බා....ඒ දවස්වල ශෙනුලුයි මමයි නිතරම කැම්පස් එක කිට්ටුවට යනවා....ඔය ගිය වෙලාවක තමයි මටත් ඕක ආරංච් උනේ...එදා මම ඉවසුවේ බොහොම අමාරුවෙන්....

කොහොම හරි කට්ට කාලා කොල්ලව මගෙ ලගට ගත්තට පස්සෙ උගෙම අයියා උගෙ පස්සෙන් වැටෙන්න ගත්තෙ අන්තිමට මටම ඌව මේ game එකෙන් අයින් කරලා දාන්න වෙන තැනට වැඩ සිද්ධ කරලා...අඩුම ඌවත් දන්නෙ නැතුව ඇති උට මොකද උනේ කියලා...මිනිහට සෑහෙන්න දූෂණ නඩු තියනවා කියලා දැනගත්ත මම කරේ ඒක ප්‍රයෝජනයට අරන් ඌව ඇතුලට යවපු එක...ටික කාලෙකට උනත් ඌ පාඩමක් ඉගෙන ගනී....අහ්....අනිකා උගෙ යාලුවා...සෙසඳු මල්ලිට කරදර කරන්න හැදුවා කියලා ශෙනුල් උට ගේමක් දෙන්නම් කීවට අදටත් මම දන්නෙ නෑ මූ උට මොනවා කරාද කියලා...ඌ ඇමති පුතෙක්ලු....හැබැයි මම දන්නවා...මගෙ එකාට ඔය වගේ දේවල් සත පහකට වත් වැඩක් නෑ කියලා.....ඌ සෙසඳු කීවොත් මරාගෙන හරි මැරෙයි....පොර ඒ තරම් මල්ලිට ලව්....

හ්ම්....හිත හිතම වැඩෙත් ඉවර කරගත්ත මම එතනින් එන්න ආවේ ඉක්මනින් ආයෙම company එකට යන්න බලන්....මම මගෙ පැංචව තනියමනෙ දාලා ආවේ....ඔහ්...හිතන්න එපා...මට සමහරදාට ඇහිලා තියෙනවා මගෙ අහිංසකයා එයාටම පැංචා කියාගන්නවා...ඒ පුරුද්දට මටත් කියවුණා....හුරතල් ලෝකයක් මහ....ඇත්තම කීවොත් මම උට පන ඇරලා ආදරෙයි....සමහරවෙලාවට මට හරි දුකයි...ඇයි මටත් බැරි ශෙනුල් වගේ මගෙ හිත ගැන එයාට කියන්න....හරි මම කීවමයි කියමුකො...ඒත් එයා ඒක පිලිගනීද...හැමවෙලේම හුරතල් වෙන...පොඩ්ඩ ඇත්නම් කදුලු පුරවගන්න...ඊටත් හපන් පොඩි එකෙක් වගේ හැසිරෙන්නෙ...ඉතින් එහෙම කෙනෙක්ට මම ආදරෙයි කීවොත්....එහෙම උනොත් එයා ඒක සීරියස් හිතයිද....මට බයයි....මම පන ඇරලා ආදරේ කරන පොඩි එකාගෙන් reject වෙන්න....ඇත්තටම මට බයයි....ඔය බය නිසාම මම එයාව බය කරලා මගෙ හැගීම් පිට දාන්න ගත්තෙ එයාගෙත් කිසි විරුද්ධත්වයක් නැති වෙද්දි....මට නිකමට හිතුනා එහෙම කරද්දිවත් එයාගෙ හිතේ මගෙ ගැන අදහසක් ඇති වෙයි කියලා....ඔය කොච්චර උනත් මට බෑ එයාට රිද්දන්න....ඌ මගෙ පනනෙ....

ඔය ඉද්දි තමයි ආයෙම අර දේවින්ද කාරයා මගෙ කොල්ලා පස්සෙ වැටෙන්න ගත්තෙ...එදත් ගෙදරටම ඇවිත් මගෙ එකාට කරදර කරන්න හදද්දි මට ඌව මරාගෙන මැරෙන්න හිතුනා....ඌව මෙච්චර ලගට අරන් පරිස්සම් කරන්නෙ මට අයිති කරගන්න මිසක් එක එකාට පුදන්න නෙවෙයිනෙ...හැබැයි එදයින් පස්සේ නිවේන් මට ටිකක් වැඩිපුර කිට්ටු උනාද කියලත් මට හිතුනා....අනේ මගෙ පැටියා....මමත් එයාට සැර කරන එක නතරකරේ එයාගෙ විදිහ මට වෙනස් කරන්න බෑ කියලා තේරුන නිසාමයි....කමක් නෑ මට පුලුවනි එයාව පරිස්සමින් බලාගන්න...

ඒත් දැන් ඕවා හිතලා බෑ....මම ඉක්මනට යන්න ඕනෙ...එයාව තනියම තියලනෙ මම මේ ගමන ආවේ....ශෙනුල් නම් කීවා සෙසඳු මල්ලිව ගිහින් දාන්නම් කියලා....ඒත් අනේ උන් දෙන්නම පොඩි එවුන් වගේ....ඉතින් කොහොමද හිතේ නිදහසෙන් වැඩක් කරන්නෙ...දේවින්ද කාරයා ඇහැ ගහගෙන ඉන්නෙම මගෙ එකාට....ඔය හිතපු මම කරේ අඩියට දෙකට කාර් එකට ගිය එක...ටිකක් හරි හිතට සහනයක් ආවේ ශෙනුල් උගෙ වැඩ ටික ඉවර කරන් උන් දෙන්නව බලන්න යන ගමන් ඉන්නවා කියපු නිසා.....

කාර් එකත් drive කරන් මම ඕනෙනම් විනාඩි දහයක් ඉස්සරහට යන්න ඇති....ඒත් එක්කම වගේ ශෙනුල්ගෙන් කෝල් එකක් ආවේ ඒ තප්පරෙන්ම මමත් ඒක ආන්ස්වර් කරද්දි....සමහරවිට ඌ ගියා කියන්නද දන්නෙ නෑ.....

"ඕ කියපන් ශෙනුල්...."

"උබ....උබ කොහෙද ඉන්නෙ වස්සාන...."

ඌ කතා කරපු tone එක නම් මට ඇල්ලුවේ නෑ....පොර අඩලද මන්ද....ඒත් ඇයි...ඌ කවදාවත් අඩපු එකෙක් නෙවෙයි....ඒ උනාට උගෙ කටහඬ සෑහෙන්න වෙනස්නෙ....හිතට ආපු සැකේට මම කරේ ආයෙම උගෙන් ඇයි අහපු එක වෙද්දි ඌ එතනින් එහාට කියපු කිසි දෙයක් මම හරි සිහියෙන් අහගෙන හිටියෙ නෑ...

"උබ මොකද අවුලෙන් වගේ...."

"අ..අනේහ්...බ...බං...."

ඔව් ඌ අඩනවා....

"මොකක්ද හුත්තො උනේ...ඒකත් උබට අඩන්න තරම්..."

"අ...අපේ...අපේ කොල්ලො දෙන්නා...."

"ඇයි උන් දෙන්නට මොකද උනේ...."

"උන් දෙන්නව කවුරුහරි උස්සලා බං....."

"මො...මොකක්....."

ශෙනුල් ඒ කියපු කතාවට මගෙ පපුවත් නතරවුණා....වෙලාවට මම car එක අයිනකට වෙන්න නතර කරලා කෝල් එක ආන්ස්වර් කරේ....ඒ නොවෙන්න මම අද වාහනෙත් හප්පගෙන....ඒ..ඒත්..කවුද...මගෙ එවුන් දෙන්නව උස්සන්න තරම්....මට ඒ ගැන හිතන්නවත් කාලයක් නොවුනෙ ශෙනුල් මහ හයියෙන් අඩන්න ගත්ත නිසා වෙද්දි මම කරේ පුලුවන් තරම් ඌව control කරගන්න දගලපු එක....මේකෙ අගක් මුලක් දැනගන්න හරි මූ හරියට ඉන්න එපැයි....

"අනේ...අනේහ්....මගෙ කොල්ලා බං...."

"උබ කොහොමද කියන්නෙ උන් දෙන්නව උස්සලමයි කියලා....."

"හුත්තක් කතා කරන්න එපා බං...."

"කුණුහරප නොකියා උනේ මොකක්ද කියපන් යකෝ...."

"ම..මම වැඩ ටික ඉවර කරන් ඇවිත් කොල්ලො දෙන්නව හැමතැනම හෙව්වා...ඒ හොයලත් නැති තැන තමයි තමයි කෝකටත් කියලා CCTV චෙක් කරේ...එ...එතකොට තමයි දැක්කෙ උන් දෙන්නා...උන් දෙන්නා....අනේ ම..මට බෑ බං....මගෙ එකාගෙ ඔලුවටමයි ගැහුවෙ...උ...උට මුකුත් වෙලා නැතුව ඇති නේද බං...."

ශෙනුල් පිස්සෙක් වගේ අඩ අඩම එහෙම කීවේ මගෙ මුලු ඇගම වෙවුලලා යද්දි...උන් කවුද කොහොම එවුන්ද කියලා ඇහුවත් ශෙනුල් කීවේ උන් කලු පාට මාස්ක් දාගෙන හිටියා කියලා වෙද්දි මම කරේ උට පොලීසිය Contact කරගෙන සෙසඳු මල්ලිගෙ phone එක track කරපන් කියලා කෝල් එක කට් කරපු එක...වාහනයක් වත් ලග අහල පහලක තිබ්බා දැක්කද ඇහුවත් ශෙනුල් ඒ කීවෙත් නෑ කියලම තමයි....බැරිවෙලාවත් ඒ උබද දේවින්ද...හැබැයි ඒක එහෙම නම් මම උබව ලේසියෙන් අත අරින්නෙ නෑ...මරන එක මරනවා....මට මගෙ එකාව හොයාගන්න මහලොකු වෙලාවක් යන්නෙ නෑ හුත්තො...උබ දන්නෙ නෑ මේ වස්සාන කියන්නෙ කවුද කියලා....ඒ කරලත් හිතට ආපු තරහට මම කරේ කාර් එකේ ජනේලෙට ගහලා ඇති තරම් හයියෙන් කෑගහපු එක...තරහටත් වඩා මට බයයි...මට දුකයි....ඌ මගෙ පන දෙයියනේ...ඌ මගෙ පන...අම්මයි තාත්තයි හිටියත් එයාලට මම ගැන බලන්න වෙලාවක් නෑ....ඔය හැමදේම අස්සෙන් මට ලැබුණ එකම වස්තුව ඌ වෙනකොට අද ඌව මටත් හොරා වෙන එකෙක් අරගෙන ගිහින්....

"උබ කොහෙද යකෝ...උබ කොහෙද...මගෙ එකාට අතක් හරි තිබ්බොත් උබලා එකෙක් පන පිටින් තියන්නෙ නෑ...උට අත තියන්න පුලුවන් මේ මට....මට විතරයි යකෝ...."

හිතට ආපු ආවේගට පුලුවන් තරම් කෑගහපු මම කරේ කාර් එක start කරන් ශෙනුල් ඉන්න තැනට යන්න ගිය එක....

ඒ යන අතරමගත් මගෙ ඔලුව ඇතුලෙ වැඩ කරේ එක දෙයයි...

"මම එනකන් පරිස්සම් වෙයන් මගෙ රත්තරනේ...."

.

.

.

.

.

.

.

.

.

.

.

.

මම යනකොටත් ශෙනුල් හැමදේම කරලා ඉවරයි...මේක කරේ දේවින්ද නෙවෙයි මොකා උනත් ඌ දන්නෙ නෑ මේ මම කියන්නෙ කවුද කියලා....යකෝ පොලීසිය කියන්නෙ මගෙ අල්ලෙ නැටවෙන එවුන්...එහෙව් එකෙක්ට අයිති වස්තුවකට අත තිබ්බ ඌ මොකා උනත් මම උට දෙන්න පුලුවන් උපරිම දඬුවම දෙනවා...

විනාඩි පහක්වත් ගියෙ නෑ අපි කරේ සෙසඳුගෙ phone එක track කරපු එක...

"දැන් බලමු...උබද එහෙමත් නැත්තන් මේ මමද කියලා....තව පොඩි වෙලාවක් ඉවසපන්...උබේ එකාටවත් මගෙ එකාටවත් මුකුත් වෙන්නෙ නෑ...උබ උබේ යාලුවව විශ්වාස කරපන්...."

සිහියක් පතක් නැති ගානට අඩ අඩ හිටපු ශෙනුල්ගෙ පිටටත් තට්ටුවක් දාලා එහෙම කියපු මම කරේ ඌත් එක්කම location එක හොයන් ගිය එක...තනියම නෙවෙයි...මගෙ සෙට් එකයි පොලීසියේ සෙට් එකයි....පෙන්නපු විදිහට නම් ඒ තැන මේ ලගමයි තියෙන්නෙ...පොඩි හොටෙල් එකක්...මම ආයෙම කියනවා...මගෙ එකාට එක හීරිමක් හරි වෙලා තිබ්බොත්...

උබ මොකා උනත් මම උබව මරනවා...මරන එක මරනවා....

විනාඩි දහයක් ඉවසපන් මගෙ රත්තරන්...අයියා ඉක්මනින් උබ ලගට එන්නම්...

වස්සාන POV END :-

.

.

.

.

.

.

.

.

.

.

.

"අහ්....."

"ඔහ්....නැගිට්ටද බේබි...."

"ත...තමුන්...."

"මොකද බයවුනාද ම්ම්ම්..."

"තමුසෙ කොහෙටද මේ මාව උස්සන් ආවේ..."

කලින් දැනුන කලන්තෙ ගතියෙන් පස්සෙ උනේ මොකක්ද කියලා මටවත් මතක නැති වෙද්දි ආයෙම මගෙ ඇස් ඇරුනෙ මම මීට කලින් කවදාවත් දැකලා නැති තැනකින්...ඒක හරි පුංචි කාමරයක්...එක පාරටම දැනුන ලයිට් එලියෙ සැරටද මන්ද මගෙ ඇසුත් මොකක්ද උනා...ඒත් කොහෙද මේ....කවුද මාව මෙතනට එක්කන් ආවේ..සෙසඳුවත්ද....නෑනේ...ඒක වෙන්න බෑනේ...අර හිටපු මනුස්සයද..අර කලු පාට මාස්ක් එකක් දාගෙන හිටියෙ...ඒ මිනිහා අන්තිමට මගෙ නහයට ලේන්සුවක් තදකරා විතරයි මතක...එතකොට...එතකොට ඌද..ඌද මාව මෙතනට අරගෙන ආවේ...ඔය හිත හිත ඉන්නකොට මගෙ පිටිපස්සෙන් ඇහුනෙ හරි හුරුපුරුදු කටහඬක්..මමත් කරේ ඒ කවුද බලන්න ඒ දිහාවට මගෙ ඔලුව හරවපු එක....දෙයියනේ....ඒ හිටියෙ වෙන කවුරුත් නෙවෙයි අර දේවින්ද කාරයා....කට කොනේ මහ අමුතු හිනාවක් තියන් මගෙ දිහා බලන් හිටපු ඌව දැක්කම මට දැනුනෙ මගෙ මුලු ඇගම පන නැති උනා වගේ හැගීමක්...එතකොට මූද මාව මේ කාමරයක් අස්සට කුදලන් ආවේ...ඒත් ඇයි....හිතේ බයටම මගෙ කටින් වචන එලියට පැන්නෙ ඌ ඇයි බයවුණාද අහන ගමන් මගෙ දිහාවට එද්දිමයි....මම කරේ මට පුලුවන් උපරිම හයියෙන් මගෙ ලගට එන්න එපා කියලා කෑගහපු එක....ඒත් එයා ඒ කිසි දෙයක් ඇහුවෙ නෑ...ඒ වෙනුවට එයා කරේ පිස්සෙක් වගේ කියව කියව මගෙ ලගට කිට්ටු කරපු එක...අදත් වෙනදා වගේම ඇස්වල කදුලු පුරවගත්ත මම කරේ අඩියෙන් අඩිය පස්සට ගියපු එක....

"එ...එන්න එපා...තව එක අඩියක්වත් මගෙ ලග එන්න එපා...."

"අද තමුසෙව බේරගන්න කවුරුත් එන්නෙ නෑ...අද තමුසෙ මේ මගෙ වෙන එක වෙනවමයි..."

"පි...පිස්සුද තමුසෙට...."

"උබව දැක්කම පිස්සු නොහැදි තියෙයිද බං..."

"අහ්...."

"මොකද ම්ම්...යන්න තැනක් ඉතුරු වෙලා නෑ නේද...අද තමයි තමුසෙ දැනගන්නෙ මේ මම කවුද කියන එක...."

"අතඅරිනවා මාව..."

එයා මගෙ ලගට කිට්ටු කරත් මම කරේ පිටිපස්සට ගිය එක වෙද්දි අන්තිමට මම නතරවුණේ ඇදේ වැදිලා...ඒකත් ඇද උඩටම පතබෑවිලා...මම වැටුණ පාරද මන්ද දේවින්ද කාරයා කරේ මගෙ ඇග උඩට ඇවිත් මාව යට කරගත්ත එක වෙද්දි මට කරකියා ගන්න දෙයක් නැති උනා....මම කොච්චර දැගලුවත් ඌ මාව එක තප්පරේකවත් අතඇරියෙ නෑ...ඒ කියලා මොකද මම දගලන එක නතර කරෙත් නෑ...

හැබැයි එයා,

"උබ දඟලන්නෙ නැතුව මට ඕන විදිහට හිටියොත් අපි දෙන්නටම ලේසි..."

"හිතන්නවත් එපා..."

"එහෙමද....එහෙනම් වන්දි ගෙවන්න වෙන්නෙ තමුසෙගෙ යාලුවට...."

කර්තෘගෙ මානයෙන්

නිවේන්ගෙ කම්මුලකටත් තට්ටුවක් දාපු දේවින්ද කරේ කාමරේ එක මුල්ලක් දිහාවට ඇගිල්ල දික් කරපු එක...ඒකත් තමන්ගෙ යාලුවට වන්දි ගෙවන්න වෙයි කියලම...ඒ වචනවලට නිවේන් මොන තරම් කලබල උනාද කීවොත් කොල්ලගෙ ඇස් තප්පරෙන් දීවේ ඒ දිහාවට...අනේ ඉන්නවා...වෙන කවුරුත් නෙවෙයි ඒ හිටියෙ සෙසඳු....කාමරේ කෙලවරට වෙන්න තිබ්බ පුටුවක ගැටගහලා සිහියක් පතක්වත් නැතුව ඉන්න තමන්ගෙ යාලුවව දැක්ක නිවේන්ට උන්හිටි තැන් පවා අමතකයි...සෙසඳුට සිහිය කියලා නාමයක්වත් තිබ්බෙ නෑ....කොල්ලගෙ ඔලුවෙන් ලේ ගලනවා....ඊටත් හපන් ඒ ලගින්ම පිස්ටල් එකක් සෙසඳුගෙ ඔලුව දිහාවට දික්කරන් හිටපු මිනිහා...මේ හැමදේම දැක්ක නිවේන් කරේ ඒ නරුමයට යටවෙලා උනත් මහ සද්දෙන් ඉකි ගගහා තමන්ගෙ යාලුවට මුකුත් කරන්න එපා කියලා වැදලා ඉල්ලපු එක...

"සෙ....සෙසඳු...අ..අනේහ්...එයාට..එයාට මුකුත් කරන්න එපානේ...අනේ මම වදින්නම් උට මුකුත් කරන්න එපානේ..."

"හරි...හැබැයි තමුසෙ ඒ වෙනුවට මට දෙයක් දෙන්න ඕනෙ..."

"මො...මොනවද...මොනවද ඔයාට මගෙන් ඕනෙ...."

"මෙන්න මේක..."

මොනවද ඕනෙ කියලා නිවේන් ඒ අහනවත් එක්කම දේවින්ද කරේ ඇද උඩට වෙලා ඉකිගහන කොල්ලගෙ ඉණ හරි තදේට මිරිකලා මෙන්න මේක කියපු එක...දේවින්දගෙ කටින් ඒ වචන එලියට පනින පමාව විතරයි නිවේන් කරේ කලින්ටත් වඩා හයියෙන් අඩ අඩ කියවන්න පටන්ගත්ත එක...

"අනේහ් මට...මට මෙහෙම කරන්න එපා..මම වදින්නම්...මා...මාව අත අරින්න..මගෙ ජීවිතේ වටින දේකට කියලා මට තියෙන්නෙම මෙච්චරයි...ඒකත් මට නැති කරන්න එපා දෙයියනේ.."

පව් දෙයියනේ...කොල්ලා අත් දෙකත් එකතු කරගෙනම කියවනවා....වෙන්න යන දේ නිවේන්ට උනත් නොතේරෙනවා නෙවෙයි ඉතින් නොඅඩා කොහොමද....එක පැත්තකින් සෙසඳු....මේ පුංචි කොල්ලා කියලා වෙන මොනවා කරන්නද....ඒ මොනවා උනත් දේවින්ද කීවේ...

"එහෙනම් ඔයාගෙ යාලු....."

කියලා වෙද්දි නිවේන් කරේ හීනෙකින්වත් බලාපොරොත්තු නොවුන දෙයක් කියලා දාපු එක....ඒ අහිංසකයට වෙන කරන්න දෙයක් හිතට එන්නම නැතුව ඇති...

"මම කරන්නම්....අනේ...සෙ....සෙසඳුව අත අරින්න...."

යාලුවා නිසා එච්චර දරුණු තීරණයක්...

එහෙන් දේවින්ද....

"Good boy..."

එච්චරයි....දේවින්ද කීවේම එච්චරයි...එතනින් එහාට ඌ කරේ පිස්සෙක් වගේ නිවේන්ගෙ බෙල්ල කිස් කරපු එක....නිවේන්ගෙ අත්වලට ඇද රෙදි කිටියෙ කිටියෙ පොඩිවෙලා ගිහින්...නැවතුමක් නැතුවම කදුලු ගලන ඇස් ඉබේටම පියවිලා ගිහින්....අහම්බෙන් උනත් ඒ වෙලාවෙත් නිවේන්ගෙ ඔලුවට ආවේ වස්සාන වෙද්දි කොල්ලා හිතින්ම සමාව ඉල්ලුවා...වෙන කාගෙන්වත් නෙවෙයි වස්සානගෙන්....

"උබ හරි රහයිනෙ බං...."

එහෙන් දේවින්ද පිස්සෙක් වගේ කියවනවා....ඒත් එක්කම දේවින්ද කරේ උගෙම ෂර්ට් එක ගලවලා විසික් කරලා නිවේන්ගෙ තොල්වලට පාත් වෙන්න හදපු එක උනත් උට ඒක කරගන්න උනේ නෑ....

"පාහරයා...."

"ව...වස්සාන...."

"උ...උබ...මම උබව මරනවා යකෝ...මම තොට කීවා මගෙ පොඩි එකාගෙන් ඈත්වෙලා හිටපන් කියලා....උබ ඔය ඒක අහපු හැටිද...කතා කරපිය බල්ලා...උබ ඔය ඒක අහපු හැටිද...."

"ඕකා මැරෙයි යකෝ...."

"ඒක තමයි මටත් ඕනෙ...."

දේවින්ද ඊලගට මොනවා කරන්න හැදුවා උනත් ඒ එක්කම දොරත් කඩන් ඇතුලට ආවේ වස්සාන වෙද්දි දැකපු දේත් එක්ක කොල්ලට මාරයා ආවේශ උනේ ඉබේටමයි....නිවේන්ව යටකරන් හිටපු දේවින්ද දැක්ක වස්සාන කරේ යකෙක් වගේ අරූව ඇදලා අරන් ගහපු එක වෙද්දි දේවින්දටත් උනේ සිහියක් පතක් නැති වෙනකන්ම ගුටිකන්න...ඒ ගහපු ගැහිල්ලට ඔයින් බේරුනා පුදුමයි...ඒ අස්සෙන් පොලීසියේ එකෙක් වස්සානව එහාට කරන්න දගලනවා...ශෙනුල්ට නම් මේ ලෝකෙ සිහියක් නෑ....සෙසඳුව එහෙම දැක්කා විතරයි කොල්ලා කරේ පොඩි එකාවත් අරන් හොස්පිට්ල් එකට දුවපු එක....මොකද සෙසඳුගෙ ඔලුව පැලිලා...ඉතින් ශෙනුල් තියා වෙන මොනවා කරන්නද....

"ම්හ්ම්...."

තාමත් දේවින්ද එක්ක පොර බදින ගමන් හිටිය වස්සානට ඇහුනෙ නිවේන්ගෙ කෙඳිරිලි සද්දෙ වෙනකොට කොල්ලා අඩියට දෙකට නිවේන් ලග....

ලොකු දෙයක් උනේ නැතත් ශොක් එකටද මන්ද නිවේන් හිටියෙ හොද සිහියෙත් අඩමානෙ...ඒ දැකපු වස්සාන කරේ කදුලු පිරුණු ඒ ඇස් දිහා බලන් කවදාවත් නැති තරම් තදේට නිවේන්ව ඒ හැඩිදැඩි පපුවට තුරුලු කරගත්ත එක....නිතරම දැනෙන ඒ හුරුපුරුදු උණුහුම වස්සානගෙ කියන්න තේරුම්ගත්ත නිවේන් කරේ අමාරුවෙන් උනත් අකුරු හතරක් වචන කරපු එක...ඒකත් වස්සානගෙ කම්මුලක් හරි හිමීට පිරිමැදලා...

"ආදරෙයි...."

"අහ්...."

ඒ අහපු වස්සානට උන්හිටි තැන් පවා අමතකයි...මේ වගේ වෙලාවක ඒ වගේ දෙයක්...ඒකත් බලාපොරොත්තු උන කෙනාගෙන්ම...පුදුමයි...වස්සානට ඇත්තටම පුදුමයි...ඒක නිසාම වෙන්න ඇති වස්සාන උනත් අඩ සිහියෙන් ඉන්න නිවේන්ගෙන් ආපිට ඒ ප්‍රශ්න කරේ....

ඒත් නිවේන්....

"මම ආදරෙයි...."

නිවේන් ඇයි එහෙම කීවේ...ඇත්තටම වස්සානට ඒ ගැන තේරුමක් නෑ...හැබැයි වස්සානත්...

"මමත් ආදරෙයි නිවේන්..."

කියලා කොල්ලව ආපිට තමන්ට තුරුලු කරගත්තෙ සිහියෙන් අවසිහියට ඇදිලා යන්න කලින් නිවේන්ගෙ මූණෙ හරි ලස්සන හිනාවක් ඇදෙද්දි...

දුක අස්සෙන් සතුටකුත් අද වස්සානගෙ හිතට රිංගලා...

මොකද,

නිවේන්ගෙ ඒ හිනාව ඇතුලෙ කිසිම බොරුවක් තිබුණෙ නෑ...ආදරේ නමින් ඇදුන හරි ලස්සන හිනාවක් ඒක...

ඉතින් පිළිගන්න,

පමා වී වුවත් පැමිණය හැකියි වස්සානය...ආදරයත් රැගෙනම..🍂❤

___________________________________________

මම යනෝ බායි බායි...පරිස්සමින් ඉන්න ආදරෙයි 😚❤❤

අහිංසක මට බනිනවා එහෙම නෙවෙයි ඔන්න..😒

Good night 😴🌙⭐

@Diyana_45 🖊mention a user

Share This Chapter