Back
/ 40
Chapter 40

36 වන පරිච්ඡේදය

වස්සාන ඍතු 🍂❤

මම මේ හිටියෙ මගෙ සුදු මහත්තයගෙ කාමරේ....පුහ්...අනේ ඕකගෙ සුදු..මූ සුදු ඇගෙන් විතරයි...හිතනම් හරිම කලුයි...කලුයි කියන්නෙ මේකනෙ හරිද...මම මේ ඉන්නෙ මේ යකත් එක්ක තරහාවෙලා...අනේප් මට ඕන්නෑ...හිතුනොත් මම අර ගැමුණු යෝධයව සෙට් කරගන්නවා...මිහුක්...ඒ යකා මේ හිච්චි බොස් කියන ඕන දෙයක් අහනවනෙ අනේ...

ඌප්ස්...ඔයාලා බැලුවද හිච්චි බොස් කවුද කියලා...මේ මම අනේ මම...වෙන කවුරුත් නෙවෙයි ඔයාලගෙ පැන්චා....මෙන්න මේ හැලපයට වඩා මට ඌ හොදයි....අඩුම මම කියන ඕන දේකට ok boss කියලා හරි කියනවනෙ...ඒකට මගෙ මිනිහා...නෑ නෑ ඕකා මගෙ නෙවෙයි අර ඉලීෂා පඩස්තරීගෙ...මට මේ යකාට වෙඩි තියන්න එකක් නෑනෙ...වල් හාවා....මම කීවේ ඒයිලා...මම කීවේ...මේ යකා සුදු උනාට මේ යකාගෙ හිතනම් හරිම කලුයි...

ඔයැයිලට කියන්න අනේ මම ඊයෙ රෑ wash එකක් දාගෙන සූද ගගහා කාමරේට එද්දි මේ යකා ඉන්නවා අර ගඩොල් බාගෙ වගේ phone එකත් කනේ ගහගෙන...මහ ඒසාවෙක්...නෑ අහන්නකො හරිද...මම එනකොට මූ හොදට සිරික්කිය දාගෙන කා එක්කද කතාවක්...

එහෙම පුලුවන්ද මේ පැංචට කොලේ වහන්න..

පැංචා ඇවිල්ලා ඉන්ස්පෙක්ටර් ලකී වගේ පොරක්...මගෙන් බේරෙන එක අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්...ඒ උනාට වෙඩි තිබ්බම පොල් වැටෙන අර සුවිශේෂි ගැජට් එකනම් මම ලග නෑ ඔන්න...ඕකත් හිත හිත මම කරේ තාප්ප කොල්ලා ලගට කිට්ටු කරපු එක....මම ලගට ආපු පාර මේ යකා phone එක අනිත් කනට මාරු කරපිනෙ...ඒ මාරු කරලත් වගේ වගක් නෑ හිනාවෙනවා...අනේ එහෙම නෑ කියනවා....පිස්සුද අනේ අහනවා...ආආ තව මොකක්ද ඇහුවෙ....ඔච්චර වැඩ කරලා ඔයාට මහන්සි නැද්ද කියලත් ඇහුවා....මේකා යකෝ...මගෙන්වත් මේ ගස් බල්ලා ඔහොම අහලා නෑ...ඒකට මොකද ඊයෙ...මේකා මාව දැකලා මොකක්දෝ මන්ද කුටු කුටු ගාලා එහා පැත්තෙ එකාට කියපි...මම ඉතින් ඔය ඔක්කොම දිහා හරි සාවදානෙන් බලන් හිටියා හරිද ඒයිලා...මගෙ මරුවා ආවේස උනේ මේ යකා ඊලගට කියපු කතාවට....ගත් කටටම මූ කියපි,

"අපි හෙට මීට් වෙමු ඉලීෂා...."

කියලා....මේකා එච්චර වෙලා සිරික්කිය දදා ඉදලා තියෙන්නෙ අර වහන්තරාවත් එක්කනෙ...වෙන කවුද ඉතින් මුගෙ හොදම යාලුවා කියන එකී එක්ක මිසක්...ඔය ඇහුන පාර මම කරේ පැනපු ගමන් මේකගෙ කෙස් මිටක් අල්ලගත්ත එක...හැබැයි ඒකනම් චූ යන්නම රිදුනද කොහෙද..හී හී මේ යකා බෙරිහන් දුන්නනෙ අනේ ඒකයි...මම එයාව මරන්න හැදුවා වගේ,

"එහාට පලයන් සුදූ....ආආ...මෙන්න මිනී මරනවා..."

කියලා කෑ ගහපි...මේ පඩස්තරයව මකවලත් මදිනෙ යකෝ...පිස්සු බල්ලෙක් වගේ කෑගහපු කැත විතරක්...ඌරු මීයා...හුහ්...මම සැලෙනවද අනේ ඕවට...නෑනෙ නෑනෙ...ඉතින් මම කරේ හොදම එකෙන් උගුරත් පාදලා phone එකට කැහැපු එක...එකපාරයි දෙපාරයි කැස්සෙ මේ යකා මගෙ කටට මොකක්දෝ මන්දා ඉටි ගෙඩියක් ඔබලා...

"Nothing spacial...that's my pet...එයාගෙ නම සුදූ..."

කියලා call එක කට් කරපි...මේකව යකෝ කොටියම කන්න එපැයි...අගේට බැබලි බැබලි ඉන්න මටනෙ මේ යකා that's my pet කීවේ..මූ නම් මිනිහෙක් වෙන්න බෑ...අමනුෂ්‍යයෙක්ද කොහෙද...නැත්තන් මොන ලෝකෙද කියන්නකො අනේ මම වගේ හුරතල් පැංචෙකුට අර තරම් කැත කතාවක් කියන්නෙ...ඒකත් අර ඉලීෂා කියන වෙට්ට පාසිට...මුටත් වටින්නෙ නෑනෙ ඒකි එක්ක මුකුළු කරන්න...මුකුළු කරන්න ඕනෙනම් මට කියන්න තිබ්බා...මොකෝ මම බෑ කියනවද..

නෑනෙ නෑනෙ...හා ඔයාලම කියන්නකො ඒයිලා..මෙච්චර මේ ඔයාලා එක්ක මුකුළු කරන මට මේ යකත් එක්ක මුකුළු කරන එක මහ වැඩක්ද කියලා....හුහ්...මුට පින නෑ...ඒකයි ඔය....සෙසඳු හිටිය නම් මම මේ ගඩාපියගෙ කාමරේ අහලකටවත් එන්නෙ නෑ...කොහෙද ඉතින් උට අර නාකි දොස්තරයා ගෙදර එන්න දෙන්නෙ නෑනෙ...තව දවසක් ඉන්න වෙනවා යැයි යැයි තමයි....මහ මූසලයෙක්...ඇයි අනේ එයැයි උනත් තේරුම් ගන්න එපැයි මට ඌ නැතුව ඉන්න බෑය කියලා...මිහුක්...

ඒවයෙන් වැඩක් නෑ...මොකද මූ මගෙ පිවිතුරු නිකැළැල් අති උත්තම ආ තව තියෙනවා...

ඉන්න අනේ මතක් කරනකන්..මොකද්ද මේ මේ...ශ්‍රේෂ්ඨ...අන්න හරි ඒක තමයි...ඉතින් මූ කරේ මගෙ ඒ ආදරේට නින්දා කරපු එකනෙ...

මට හොරෙන් එක එක තොරොම්බල් හම්බෙන්න යන්න මූ..හහ්...මේ නිවේන් සහස්‍රක ඉන්නකන් බොලාට ඒවා හීන විතරයි....පැංචා's property belong to පැංචා's

only..ok...ඒවා මේ කොහෙවත් යන සක්කරවට්ටම් වලට දෙන්නෙ නෑ...නෑ කීවොත් නෑ නෑමයි...මම කරේ තිබ්බ තරහට එයාට පයින් එකකුත් ගහගෙනම අපේ කාමරේට ගිය එක....ගිහිනුත් දොර ලොක් කරගෙනම ඇදට පැන්නෙ කාටවත් එන්න බැරිවෙන්න...කියන්න බෑනෙ අර යකා මහ පාන්දරට කාමරේට කඩන් පැන්නොත් එහෙම..අනේ මගෙ අති උත්තම නින්දටනෙ මූ මේ කෙලවන්න හදන්නෙ....ඒ උනාට මිනිහත් වැඩේ අතඇරියෙ නෑ...කාමරේ දොර ලගට වෙලා...

"නිවේන්.....මේ දොර ඇරපන්කො සුදූ..."

කියලා මරලතෝනි දෙන්න ගත්තනෙ...සුදූ කියන්න කියලා පැය විසිහතරක් ගියෙ නෑ මේ යකා ඒක මන්තරේ ජපකරනවා වගේනෙ කියන්න ගත්තෙ....අනේප් මට මොකද...මම කරේ ඇති තරම් කෑගහපන් කියලා ඔලුවේ ඉදන් පොරෝගෙන නිදාගත්ත එක...කෑගහලා එපා වෙලාද කොහෙද මිනිහත් යන්න ගියෙ එදා පඩිපෙළට වෙලා නටපු නාඩගම මතක් වෙලා මටත් හිනාවක් යද්දි....මට නිකන් කිචි වගේනෙ ඒයිලා...මිහුක්....ඒ උනාට එයා හරි රොමෑන්ටික් අප්පාවේ....මේ රෙස්ට් කිරිල්ල ඉවර උනාම තව වැඩිපුර මොනවා හරි ඉල්ලගන්න ඕනෙ...හී හී....යුතුකම්නෙ අනේ ඒකයි....

"ඉක්කේයියා සුදූ....බලපන්කො මූණෙ තියන වල්පාට....."

ආආආ....මේ මොකද මේ....ඔව් ඔව් අනේ තාප්පයා තමයි ඉතින්....වෙන මොකාද මට ඔය වගේ දහදුරා කතා කියන්න ඉන්නෙ...මම මේ ඊයෙ තරහා උන පාර උදේම මුගෙ මේ භූත ගුහාවට රිංගගත්තෙ මගෙ සෝස පාට හුඩී එක හොයාගන්න....මම මුට ආදරෙයි කීවය...

දැන් මම උගෙය....උගෙ දේවල් මගෙය මගෙ දේවල් උගෙය කියලා මේ යකා කරේ මගෙ ඔක්කොම බඩු මේ රාස්ස බවනට ඇදගෙන ආපු එක...දැන් මේක අපි දෙන්නගෙම සිරියහන අනේ...මිහුක්...සැජ්ජයයිත් එක්ක...

හැබැයි ඉතින් ඊයෙට විතරක් එයාගෙ විතරයි..

මම ඉතින් තරහා වෙලා ගියානෙ අනේ ඒකයි...සෙසඳු කොම්ලගෙ බඩු ටිකත් මම ශෙනුල් අයියගෙ කාමරේට ඇදගෙන ගියා..හී හී...පවුලක් පන්සලක් උනාම එකට ඉන්න එපැයිනෙ අනේ....අනේ ඒ උනාට මටනම් මූ මගෙ පවුල කරගන්න ඕනෙ නෑ ඕං....හිතුනොත් මම යනවා පන්සල්...ඒ ගිහින් එක දවසින් බණ පොත් ඔක්කොම පාඩම් කරලා හෙටම මහණ වෙනවා...හැයි අනේ...බලන්නකො ඉතින් මෙයා මට කරන වෙනස්කම්...මටත් තියෙනවනෙ ඕවා ඉවසා දරාගන්න පුලුවන් සීමාවක්....පැංචගෙ සූටි මොලේට මේ දේවල් බර වැඩී මගෙ දෙයියනේ...දැනුත් දැක්කද මූ මට කියපු අමන කතාව...වල්පාටයි යැයි යැයි තමයි...lap එකට ඔලුව ගහන් හිටියනම් ඒ වැඩේ විතරක් කරන්න ඕනෙ...ආවා මෙතන මගෙ මූණෙ තියන වල්පාට හොයන්න...ඔය හිතපු මම කරේ පෑනත් කටේ ගහන් මම දිහා බලන් හිටපු මගෙ මනුස්ස පරානෙට හොදම එකෙන් රවලා අහක බලාගත්ත එක....පැංචට තරහා ගියොත් ගියාම තමයි හරිද....දන්නෙ නෑ මගෙ හැටි...හුහ්...

එයාටත් හිතින් බැන බැන මම කරේ මගෙ සෝස හුඩිය හොයපු එක...මිහුක්...ඒක මට මගෙ රන්කඳ දුන්නෙ අනේ....ඔව් ඔව් සෙසඳුවා තමයි...මගෙ සුකුරු බුකුටු...නෑ නෑ ඉතුරු ටික ඕනෙ නෑ....ශෙනුල් අයියා දැනගත්තොත් එහෙම අහිංසක මට හිටුවා පස් ගහනවා...ඊට පස්සෙ මම මැරෙනවා....යෝඕඕ...මේ මොන අපරාදයක් මේ....දෙයියනේ දෙයියන් ශෙනුල් අයියෙ...මගෙ සුදු මහත්තයට එයාගෙ අහිංසක සුදූව නැතිකරන්න නේද මේ වෑයම...

දාහක් දේවල් කල්පනා කර කර අල්මාරිය අස්සට ඔලුව දාගෙන හිටපු මට දැනුනෙ මගෙ ඉන වටේට තදවුණු එයාගෙ අත්වල ස්පර්ෂය වෙනකොට මම කරේ එයාගෙ ගැලවෙන්න දගලපු එක...

"හොද හිතින් කියන්නෙ අතඇරපන් හරිද..."

මම ඉතින් පොඩ්ඩක් වැඩිපුරත් එක්ක කෑගැහුවා තමයි...හී හී පැංචා's plan හරිද ඒයිලා....

"මම අල්ලගත්තෙ අතඅරින්න නෙවෙයිනෙ..."

අනේප් ඉතින් මට මොකද...අතඅරින්න බැරිනම් අල්ගෙනම හිටපිය...මම නම් ගනන් ගනී තවුසෙව...දෙපිටකාට්ටුවා...හුහ්...දැන් යයිනෙ අර සක්කරවට්ටම මීට් වෙන්න...අනේ මට බෑ බොලව්...මගෙ ඇගේ මාලු ගගේ නටනවා වගේ...that's my pet...ආආආආ..මට මූව මරන්න ඇත්නම්....මේ ඒයිලා...ඔයැයිලා ලග නැද්ද හොද හයේ හතරෙ පොල්ලක්..

ඌප්ස්....හරි හරි අනේ රවන්න එපානෙ ඉතින්...මම මේ විහිලුවට වගේ ඇහුවෙ...

සෙසඳු අර හිච්චි සයිස් ඇට දෙක පල්ලා ඕං...පැංචා මේ කියන්නෙ සහතික ඇත්ත...ඒ උනාට දැන් නම් ලොකු ඇති...

"සුදූ....."

"මො...මොකද...."

මම බැනපු පාරද මන්ද එයා කරේ මාව එයාගෙ පැත්තට හරවගෙන හරි තදේට මාව බදාගත්ත එක....ඉතින් කොහොමද කියන්නකො මේ මිනිහා එක්ක කේන්ති ගන්නෙ...ඔන්න ඔහෙ අදට විතරක් සමාව දෙන්නම් නේද.....මොනවා උනත් මගෙ සුදු මහත්තයනෙ අනේ....එහෙම අහක දාන්න නරකයි...මිහුක්...

"තරහයිද....."

"මිහුක්...."

පොඩ්ඩක් විතර රැව්වා ඉතින්....එහෙම නැතුව මේවා විසදන්න බෑ...හේ හේ...කෝමද පැංචගෙ මොලේ....

"අනේ සුදු....මම පව් නැද්ද කියන්නකො..ඊයෙ රෑත් මාව දාලා ගියා...මොකක්ද අනේ..."

ඊව් අනේ බලන්නත් මොකක්ද වගේ...ඉස්සර මට සද්ද දාපු බොස් දැන් නිකන්ම ජබොස් වෙලා...මේ පේනවනෙ මාවත් තුරුලු කරන් කියවන හැටි...කමක් නෑ අනේ කමක් නෑ...මට කරපුවට ඔහොම තමයි වෙන්න ඕනෙ...

දැන් තමයි හොදම වෙලාව තැනේ හැටියට ඇණේ ගහන්න....ඔන්න බලාගන්න හරිද ඒයිලා...

"එහෙනම් මාවත් එක්කන් යනවා..."

"කොහෙද...."

"අර සක්කරවට්ටම හම්බෙන්න යනවා කීවෙ...

අන්න එහෙ..."

"අනේ අනේ බබා...."

"බබා නෙවෙයි සුදූ..."

"සොරි සොරි ඉතින්...."

පෙනේද පෙනේද පොඩ්ඩ බැරිවෙන්න බෑ නම පටලනවා...දෙපත් නයා...බබා නෙවෙයි හුබා...හරි හරි ඒකෙන් වැඩක් නෑ....ඉන්නකො මේ නඩුව විසදගන්නකන්...

"කෝ කියනවා ඉතින්....එක්කන් යනවද නැද්ද.."

මම ඒකනම් ඇහුවෙ හෙනම මැර සීන් එකේ...

"ඒකද මේ මූණ එල්ලන් හිටියෙ...අයියෝ ඒක business meeting එකක් සුදූ...හරි හරි කමක් නෑ...යමුකො එහෙනම්....ඒ පාර ආයෙ රවනවා..."

එක්කන් යනවා කීව එකට සතුටු හිතුනට මොකද ඒවා පිටට පෙන්නන්න නරකයි...ඒ වෙනුවට මම කරේ හොදම එකෙන් රවපු එක...තව පොඩි කොස්සක් තියෙනවා ඒකයි...හී හී...

"That's my pet කීවේ මොකාටද එතකොට...

අනික තවුසෙ...තවුසෙ ඒකිගෙන් මහන්සිදත් ඇහුවා...."

"ම්ම්...මහන්සිද ඇහුවෙනෙම් එයා ඒ කරන්නෙ මගෙ company එකට ගොඩක් වටින වැඩක් නිසා..."

"එතකොට අනික..."

අන්න අන්න මූ හිනාවෙනවා...ඒ හිනාවෙලත් එයා කරේ,

"ඒකනම් කීවේ මගෙ සුදූට....මොකද ඉතින් මට වෙන හුරතලෙක් නෑනෙ...මේ බලන්නකො දැනුත් රතුවෙලා...ඔහොම වෙන්න එපා සුදූ...මට ලෝබ හිතෙනවනෙ..."

කියලා මගෙ නලලෙන් තොල් තද කරපු එක...

____________________________

මම යනෝ බායි බායි...පරිස්සමින් ඉන්න ආදරෙයි 😚❤❤❤❤

Good night😴🌙⭐

@Diyana_45 🖊mention a user

Previous
Last

Share This Chapter