Back
/ 8
Chapter 2

PROMISES -2

PROMISES

02.

"""''''"" මන්... මන් දැන් මොකක්ද කරන්නේ දෙයියනේ....ඇයී මූව මට මෙතනම හම්බ උනෙ....."""""""

එක විනාඩියට දාහක් දේවල් ඔලුවට එන්න ගත්තා.. මේවා කැම්පස් එකේ දැන ගෙන හැමෝම මාව කොන්කරොත් කියන බය මට දැනෙන්න ගත්තා.... කොච්චර බය වෙලාද කිව්වොත් මට අඩුම එක අඩියක් තියා ගන්න බැරි තරමට ගල් වෙලා වගේ හිටියේ.....

"""""""" යොවාන්.... මෙතනින් පලයන්... අරූ ආපහූ ලගට ආවොත් අනිවා සැක කරාවී... අනික උන්ගේ තාත්තා පොලීසියේ....

මට අඩියක් තියා ගන්න බැරි උනත් මගේ හිත කිව්වෙම අරූ එන්න කලින් මෙතනින් කැපෙන්න කියලා....

"""""""" අරූ මේ පැත්ත බලාගෙන නෑනේද...

මන් ඉක්මනටම හැරිලා ඉක්මනටම ගියේ ත්‍රී වීල් පාර්ක් එක පැත්තට....

""""""" දෙයියනේ පිටිපස්සෙන් නම් එන්න එපෝ...

මන් එහෙම හිතන ගමන් පිටිපස්ස බැලුවා....

"""""""" නියමයී බේරූනා.... ඒත් මන් දැන් මොකක්ද කරන්න්නේ...

මන් එහෙම හිතන ගමන් ත්‍රීවීල් එකකටත් මුවා වෙලා කලපනා කරා...

"""""""" මෙහෙමම ගෙදර යමූ..

මන් බබාවත් හයියෙන් බදා ගත්තා....

"""""""" ඒත් ගෙදර යන්න...අනිවා මාව මරන් කාවී... අනික තාත්තත් අද ගෙදර ඉන්නවා....""""""

"""""""" නෑ නැ ගෙදර නම් යන්න බෑ මෙහෙමම ආපහු යනවා ඇනෙක්සා එකට.... ඔව් ඒක තමා හොදම....

එහෙම හිතලා මන් වීල් එකකුත් අරන් ආපහූ ගියේ ස්ටේශන් එකට.... ඉක්මනටම යන ට්‍රේන් එකට නැගලා ටික දුරක් යනකොට පොඩි එකා නැගිටලා හොදටම අඩනවා...

"""""""" දොයි දොයී.... කෝ බබා දොයියන්න...""""""

මන් පොඩි එකාව නලවනකොට තමයී දැක්කේ  වටපිටාවේ මිනිස්සූ මගේ දිහා බලන් ඉන්නවා කියලා.... මෙකගේ කෑ ගැහිල්ල පෙට්ටියේම එවුන් පුදුම වෙලා ..

"""""""" එහ්හ්...මිනිස්සු හිතනවද දන්නෙ නෑ මන් මේ ළමයව පැහැරගෙන යනවා කියල...

වටපිටාවේ අයට පේන්න මන් හිනා වෙවී බබාව නලවන්න ගත්තා... බොහොම අමාරුවෙන් බෑග් එක ඇරලා පෑනක් අතට දුන්නා... දෙයියන්ගේ පිහිටෙන් ඒක අතට දුන්න ගමන්ම අඩන එක නතර උනා....

"""""""" අම්මෝ ඇති යන්තන්.. කොහොම හරී මේ මිනිස්සුන්ට  සැක නොහිතෙන්න ඉන්න ඕනී....""""""

එහෙම හිතන ගමන්  දඩිබිඩි ගාලා ෆෝන් එකත් අරගෙන කෝල් එකක් ගත්තේ අයියට....

"'"'""""" හලෝ අයියේ...."""""""

""""""" කොයි ලෝකෙද  හිටියේ.... කෝල් කීයක් ගත්තද ...

""""""" හලෝ අයියේ මන් මේ ආපහූ එහේ එන ගමන්... අනේ පොඩ්ඩක් ඇනෙක්සා එකට එන්නකෝ...

මන් හදිස්සියෙන්ම එහෙම කියලා දැම්මා....

"""""""" ආපහූ එනවා.... මොකෝ උනේ... මොකක් හරී උනාද....

අයියා බය වෙල වගේ කතා කරන්න ගත්‍තා....

""""""" නෑ නෑ අනේ.... පොඩ්ඩක් එන්නකෝ මන් ආවම කියන්නම්.... මන් තව විනාඩී පහෙන් ට්‍රේන් එකෙන් බහිනවා...."""""""

මන් ෆෝන් එකත් කට ලගට ලන් කරලා හිමීට කිව්වේ වට පිටාවේ එවුන් කන දාගෙන වගේ ඉන්න නිසා...

"""""""" එහෙනම් වීල් එකක් අරගෙන එනෝ මල්ලී... මන් මෙතන වැඩ ටික ඉවර කරලා ඉක්මනට එන්නම්...

අයියා එහෙම කියලා ෆෝන් එක තිබ්බා....

මමත් ට්‍රේන් එකෙන් බැහැලා දුවලා ගිහින් වීල් එකක් නැග ගත්තා.....

""""""" තාමවත් පරක්කූ නෑ යොවාන් මේ ළමයව පෝලීසියට ගිහින් දෙමූ....""""""

""""""" මෙයාට කන්න බොන්න දෙන්නේ මොනවද.... අනික සල්ලී කොහෙන්ද.... ගෙදරින් තමයී ඉල්ල ගන්න වෙන්නේ...

""""""" නෑ නෑ අයියගෙන් අහලම බලනවා... එයා ගෙනිහින් දෙන්න කිව්වොත් බබාව පොලීසියට එක්කගෙන යනවා...."""""""

මගේ හිතෙ එකම වෙලාවේ ප්‍රශ්න දාහක් විතර... ඇත්තටම මේ වගෙ අත්දැකීම් නැති නිසා මන් මේකට කොහොම රිඇක්ට් කරන්නද කියලා තේරෙන්නේ නෑ.... කොටින්ම මේ මම කරන්නේ හොද දෙයක්ද නරක දෙයක්ද... මෝඩ දෙයක්ද... මට මේ වේලාවේ හැටියට මන් මොනා කරනවද කියලා හිතා ගන්න බෑ....

"""""""" මහත්තයා මේ ලේන් එකේ ඉස්සරහට යන්න ඕනීද...."""""""

වීල්කාරයා එහෙම අහනකොට තමයී මන් මේ ලෝකේට ආවේ.....

"""""""" නෑ මෙතන ඉදන් ගෙවල් හයක්  වගේ තමා..... ඔහොම යන්කෝ....

බහින්න ලග නිසාමන් බෑග් එකත් කරේ දාගෙන සල්ලී අතට අරන් බබාවත් වඩා ගත්තා....  සල්ලිත් දීලා පොඩි එකාවත් වඩා ගෙන පණ කඩන් දිව්වේ  ඇනෙක්සා  එක ඇතුලට....

""""""" එහ්හ්... කව්රුවත් දැක්කද...

මන් ගෙට ආපූ ගමන්ම ජනේලෙන් එබිලා බැලුවේ පාරෙ කව්රුහරී ඉන්නවද කියලා...

"""""""" මගේ වෙලාව... කව්රුවත්ම නෑ....

"""""""මොන මරාලයක්ද දෙයියනෙ මට මේ කඩන් පාත් උනේ...

මන් එහෙම මටම කියා ගන්න ගමන් ඉක්මනටම ගිහින් පොඩි එකාව ඇදෙන් තියලා එතනම එහා පැත්තෙන් ඇල උනා...

"""""""" හම්නේ... දැන් තමා මුගේ මූණවත් බලා ගන්න උනේ....

මන් මූණට එබීගෙන බලාගෙන හිටියම පොඩි එකා අතත් උඩ දාගෙන හිනා වෙනේ....

""""""' උම්මා කැටේ... මොකූ.. හිනා වෙන්නේ ආ... මෝකූ ඉනා වෙන්නේ...

මන් එක එක සද්ද දානකොට ඌ හොදට උඩ පැන පැන හිනා වෙනවා.... ටිකක් වෙලා එහෙම ඉදලා මන් කොට්ට  දෙකත් වටේට තියලා ගියේ සාලේට.... මන් ගියා විතරයී අයියගෙ බයික් එක ගේ ඉස්සරහ ඇවිත් නැවැත්තුවා.....

""""''''''' ඒ මල්ලී මොකක්ද උනේ.... මොකක් හරී කරදරයක් ද...

අයියා ආපූ ගමන් මාව එහාට මෙහාට හරව හරව බලන්න ගත්තා...

""""'"'" අයියේ අනේ.... මාර වැඩක් උනානේ.... දැන් මොකද කරන්නේ....."""""""

මන් එහෙම කියලා වෙච්ච ඔක්කෝම අයියට කියාගෙන කියාගෙන ගියා.....

"""""""" මේ ඔක්කෝටම කලින් කියපන් තෝ ට්‍රේන් එකේ යන ටිකට සුපිරි දවල් හීනයක් දැක්කද....

මන් මේ අඩන්න ඔන්න මෙන්න ඉදන් ඒක කිව්වම මේ මිනිහා ජෝක් එකකට අරන් හිනා වෙනවා....

""""""" ඒයී යෝදයෝ කියන එක අහපන්කෝ.... දැන් මොකක්ද කරන්නේ....

බැරිම තැන මහ සද්දෙන්ම මන් එහෙම ඇහුවා....

"""""''' මොකක්ද කරන්නේ අහන්නේ.. ඔය ඉන්නවා කියන ළමයා අරගෙන යමන් පොලීසීයට....

මේ ගොබිලයා තාමත් හිනා වෙනවා....

""'''"'"' ඒත් අයියේ ඒ අක්කා කිව්වේ පොලීසියට ගෙනියන්න එපා කියලා නේ.... අනේ ඔන්න අපි බලාගමුකෝ...

මන් අයියගෙ අතේ එල්ලීලා එහෙම කිව්වා....

"""""'' මේ සුදූ උබ ඔය සිරාද කියන්නේ.... යකෝ මේ කොහේවත් යන  අනුන්ගේ ළමයී තියාගෙන හිරේ යන්නද යකෝ....

""""""" අනික කෝ දැන් උබ මහලොකුවට ගෙනාව කිව්ව බබා...

අයියා එහෙම අහනකොටම තමයී කාමරේ පැත්තෙන් පොඩි එකා කෑ ගහනවා ඇහුනේ....

"''''''''''" මල්ලී... ඒ බන් මො... මොක....

අයියා ගොත ගහ ගහ මගෙන් එහෙම අහන ගමන් වාඩිවෙලා හිටපු තැනින් නැගිට්ටා....

""""""" ඒ එයා තමයී... අනේ අයියේ මොකද කරන්නේ...."""'""""

""""""" මොනවා කරනන්ද ගොන් හරකෝ...  දුර දිග යන්න කලින් ඕකවත් අරන් යමන් දැන්ම....

අයියා මාවත් තල්ලූ කරගෙන පණ කඩ වගේ ගියේ මගෙ කාමරේට.....

""""""" මන් ඉවරයී... අයියා කියන දේ කරා නම් හරී...."""""

මන් එහෙම හිතන ගමන් ගියේ කාමරේට.... මන් යනකොට අයියා බබාලග හිටගෙන වෙවුලනවා....

"""'"""" අයියේ අපි මෙයාව....""""""

මන් එහෙම කියන්න හදනකොටම,,,

""""""" මල්ලී ක... කව්ද උබට මේ පොඩි එකාව දුන්නෙ... ඒ.. ඒයා මොනවා හරී උබට කිව්වද....

""""""" ඌ..උබ ඒ ගෑනු කෙනාව දන්නවද....""""""

අයියා පොඩි එකාගේ දිහා බලාගෙන  බය වෙලා මගෙන් අහනවා.....

"""""""" අනේ නෑ මන් දන්නේ නෑ.... අපි මෙයාව අරන් යමූ නේ අයියේ.. අපිට නැත්නම් නිකන් ප්‍රශ්න වෙන්නේ අපි දැන්ම යමූ නේ...

අයියගේ දිහා දැක්කම මට බය හිතුනු නිසා මන් අයියගේ අතකින් අදින ගමන් එහෙම කිව්වා.....

"""""""" ඔහොම හිටපන් මන් ඉක්මනටම වොශ් රූම් එකට ගිහින් එන්නම්...

අයියා එහෙමත් කියලා වොශ් රූම් එකට ගියා.... මමත් අයියගේ පිටිපස්සෙන් ගිහින් එතන දොර ලගට වෙලා හිටියා....

""""""" එහ්හ් අයියා මටත් වඩා බය උනානෙ... දැන් මොකද කරන්නෙ..."""''''

"""'"""" ඔව් ඔව්... අරයව ගෙනිහින් දෙන එකම තමයී හොද.... අනික කාගේ ළමයිද දන්නෙ නෑනෙ... එ ගෑනිත් කාගේ හරි ළමයෙක් හොරකන් කරගෙන ආවද....

ඒ ටිකට එක එක මනෝ විකාර මගේ ඔලුවට ආවා....ඔහොම ඉන්නකොට අයියා එලියට ආවෙ.. ඒ එනකොට නම් පොඩ්ඩක් හරී ගිහින් වගෙ....

""""""" අයියේ අපි අරයව ගෙනියමූ.... නිකන් ප්‍රශ්න ඕනී නෑනේ...

මන් එහෙම කිව්වම අයියා මගේ දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා....

""""""" දැන් බෑ සූදූ.. දැන් පරක්කූ වැඩී... දැන් කරන්න දෙයක් නෑ.... ළමයව හදා ගන්න වෙනවා...

""""" ඈ.....

අයියා එහෙම කිව්වම මගේ කට වක්කඩේ වගේ ඇරුනා....

""""""" මෙයාට  මොකෝ එකපාරටම උනේ...."""""""

මන් එහෙම හිතනකොට,,, අයියා මගේ ලගට ඇවිත් උගේ අත් දෙකෙන්ම මගේ උරහිසෙන් අල්ලා ගත්තා...

""""""" මේ අහපන් අදින් පස්සේ කාටවත්ම මේ ගැන කියන්න එපා...  තේරුනාද....

"""''''"" ඒත් එතකොට මේ ළමයා කාගේද... අනික ගෙදර අයටවත් කියන්න එපාද....'"""""'

මන් එහෙම අහන්න ගත්තා....

""""""" කව්රු හරි ඇහුවොත් මගේ දරුවා කියපන්.... පොඩි එකාගේ අම්ම මැරුනා කියන්න එපා අම්මා රට කියපන්....

මන් කටත් ඇරන් අයියා දිහා බලාගෙන ඉන්නකොට,,

""""""" මන් කියන දේ තේරුනාද කියපන්..

අයියා සැරෙන් සද්දෙන් මගෙන් අහපු විදියට මන් නිකන්ම ඔලුව වැනුවා.... මෙච්චර වෙලා මට මහා ලොකු බයක් නොතිබ්බට දැන් දැන් මගේ ඇග ඇතුලෙන්ම අමුතු බයක් දැනෙන්න ගත්තා.. මෙහෙම බොරු කියාගෙන සැකෙන් ඉන්න ගියහම.... ඇත්තටම බොරු නොකිය වෙන මොනා කියන්නද....

ටික වෙලාවක් යනකන්ම අපි දෙන්නම කිසිම කතාවක් නැතුව හිටියා.... මට වඩා ගොඩාක්ම කල්පනා කරේ අයියා.... මෙහෙම ඉන්න බැරිම තැන මන් කතාවක් පටන් ගත්තා....

"""""""" අයියේ බබාට කන්න මොනාහරී....""""""

""""""' කන එක විතරක් නෙවෙයි බන්... තව හෙට ඉදන් මේ පොඩි එකාව බලාගන්නත් කෙනෙක්ව හොයා ගන්න එපැයී... අනික උබ කැම්පස් ගියාම මූව බලාගන්නේ කව්ද..."""""""

අයියා අහක බලාගෙනම මට එහෙම කියන්න ගත්තා....

"""""""" හරී අයියේ මන් බලාගන්න එන කෙනාට සල්ලී දෙන්නම්.... මට ගෙදරින් කීයක් හරි වැඩිපුර ඉල්ල ගන්න පුලුවන්....

මන් එහෙම කිව්වට පස්සේ තමයී අයියා මගේ දිහා හැරිලා බැලුවේ.....

""""""" සල්ලීම නෙවෙයි යකෝ මෙතන ප්‍රශ්නේ... මෙච්චර ඉක්මනට කෙනෙක්ව හොය ගන්නේ කොහොමද....""""""

"""""""" හරී මෙහෙම ඉදියා කියලා මේක විසදෙන්නේ නෑනේ... ඒකනිසා පොඩ්ඩක්  ළමයා ලගට යන්න... මන් ගිහින් ගෙන්න ඕනී බඩු ටිකක් ගේන්නම්....

අයියා එහෙම කියලා නැගිටලා ගියා මමත් ගියේ පොඩි බබා ඉන්න තැනට....

කොහොමහරී බබාට ඕනී කන්න බොන්න ඒවා, ඩයපර්, ඒ හැම දෙයක්ම වගේ අයියා ගෙනැල්ලා තිබුනා... ඉරිදා දවසෙම පීරලා පීරලා කොහොම හරී බබාව බලාගන්න ගෑනූ කෙනෙක් හොයාගෙන තිබුනා....

------------------------------------------------------------------------------------

( පසුදා උදෑසන)

""""""""" ඒ බන් මල්ලී අර ගෑනූ කෙනා ආවද....

''''''''''''' ඒ තාමත් නෑනේ අයියේ... එන එකක් නැද්ද දන්නේ නෑනේ...."""""""

මන් ෆෝන් එකත් කනේ ගහගෙනම දොරත් ඇරගෙන එලියට ගියා.....

"""""""" නෑවිල්ලා ඉන්න විදියක් නෑ... මන් මුල් මාසේ සල්ලී දුන්නා.... පොඩ්ඩක් එලියට බැහැලා බලපන්.. එ මනුස්සයට පාර හොයා ගන්න බැරුවද දන්නේ නෑනේ....

"""""""" මන් මේ එලියේ ඉන්නේ.... ඒත් කෝ...."""""""

මන් එහෙම කියනකොටම බයික් එකකින් කව්රු හරී ටිකක් වයසක ගෑනූ කෙනෙක් ඇවිල්ලා බැස්සා....

"""""""" අහ්හ් හරී අයියේ... ඒයා ආවා...

"""""""මන් ඔක්කෝම විස්තර ටික එයාට කියලා ඇති පොඩ්ඩක් බඩු තියෙන තැන් පෙන්නලා.. ඉක්මනට කැම්පස් එකට පලයන්.... """""

අයියා එහෙම කියල ෆෝන් එක තිබ්බම මාත් ගියෙ අර ආපූ ඇන්ටි ලගට.... ගිහින් ඔක්කෝම ඒවා පෙන්නලා... ළමයත් දීලා ඉක්මනට ඇදගෙන පාරට බැස්සේ කැම්පස් එකට යන්න.....

"""""" මොකක්ද දෙයියනේ  එකපාරටම මට උනේ... ගෑනීයෙක් නැතුව තාත්ත කෙනෙක් උන සීන් එකක් වගේනේ....

මන් හිමින් හිමින් ඇවිදගෙන පාරදේගේ එක එක ඒවා කල්පනා කර කර යනකොට එකපාරටම,

"""""""හේ මෙහේ මෙහෙට වරෙන්.... """""""

කාගේ හරී සද්දයක් නිසා මන් හැරිලා බැලුවා....

""""""" කව්ද අනේ ඒ... මටද අඩ ගහන්නේ...

මන් එහෙම හිතන ගමන් ඒ කතා කරන කෙනාගේ දිහා බලන් හිටියා..

"""""""හිටාන් මන් එන්නම්.... පරක්කූ උනා බන්......

මන් මොහොතකට එතන නැවතුනේ ඒ මට කතා කරා කියලා හිතුන නිසා... හැබැයි ඉතින් තව මොහොහොතක් යන්න කලින්ම මට තේරුනා එයා කතා කරේ මට නෙවෙයි කියලා... මොකද මාව පහු කරගෙන එයාගේ යාලුවා ඌ ලගට ගියා...

"""""ෂිට් නෝන්ඩිද මන්දා... වෙන කෙනෙක් එනකන් ඉන්නවා වගේ මෙතනට වෙලා ටිකක් ඉන්න ඕනි..."""""""

මන් එතන තනියම හිටගෙන ඉන්නකොට... ගොඩාක් ලමයී රංචු රංචු පිටින් කැම්පස් එකට යනවා.... බොරු කියන්න ඕනී නෑ ඉතින් මටත් ඒම යාලුවෝ සෙට් එකක් හිටියනම් කියලා ඒ වේලාවේ හොදටම හිතුනා... මන් ආපහු කැම්පස් එක පැත්තට යන්න හැරෙනකොටම බයික් එකක් මට හරස් කරලා නතර කරා....

""""""ආහ්හ් මේ තෝ නේද... ඊයේ... """"""

ආපු එකා බයික් එකෙන් බහින ගමන් මගෙන් ඇහුවා...

""""""එහ්හ්... මගේන්... මගෙන්ද ඇහුවේ..

මන් පුදුම වෙලා බලන් හිටියේ මේ ඉන්නේ කව්ද කියලා.... ෆුල් ෆේස් හෙල්මට් එක නිසා අදුර ගන්න බෑ...

"""""""ආහ්හ් කතා කරන්නත් පුලුවන් නේ...

ඌ හෙල්මට් එක ගලවන ගමන් මගෙන් ඇහුවා... හෙල්මට් එක ගැලෙව්වම තමයී කෙනාව හරියටම මීටර් උනේ.....

""""""" යකෝ තේජාන්....

මන් ගොත ගගහා අරූගේ දිහා බලාගෙන ,,,,,

"""""""නෑ මේ.. මේ...""""""

මන් ඒම කියනකොටත් අරූ බයික් එකෙන් බැහැලා මගේ ඉස්සරහා...

"""'"""හරී මේකයී... තමුසේ කතා කරත් එකයි නැත්ත එකයී... හැබැයී ඊයේ දැක්ක දේ ගැන කටක් ඇරලා තිබ්බොත් බලා ගමු...

අරූ එහෙම කිව්වත් මන් හොල්මන් වෙලා බලාගෙන හිටියා විතරයී...

"""""""" මෝ.. මොකක්.. මොකක්ද....

මන් එහෙම ඇහුවේ,,

"'"""""' මමයි නිෂාද් ගැනයී....

තේජාන් එහෙම කිව්වම මන් කටත් ඇරගෙන කල්පනා කරේ මොකක්ද මේ කියන්නේ කියලා... මොකද මූව දකිනකොට මගේ ඔලුවේ වැඩ කරනන් ගත්තේ බබා එකක් පොලීසිය ඉස්සරහ හිටපු එක ගැන...

"""""" කට ඇරන් ඉන්නෙ කතා කරන්න බැරිද..

තේජාම් එහෙම කිව්වම,,

"""""""" හරී හරී කියන්නේ නැ....  කාටවත් කියන්නේ නෑ...."""""""

මන් ඔලුවත් දෙපැත්තට වනන ගමන් එහෙම කිව්වා....

"""""""" ඔන්න ඔහොමම හිටපන්... කට වහගෙනම...

ඌ හෙල්මට් එකත් දාගෙන ආපහු බයික් එකට නැග්ගත් මන් ගල් ගැහිලා වගේ එතනටම වෙලා හිටියා...

""""""""ඒක නෙවෙයී..  උබට මන් ඊයේ ඉන්න කියද්දී මොකද උබ ගිහින් තිබ්බෙ....

""""""" අක්කා... එන්න කිව්වා... හදිස්සියක්.වෙලා....

අරූ අහපු ගමන්ම මන් ඒක කියලා දැම්මා.. මොකද මන් ඒ බොරුව කියනන මග බලාගෙනම හිටපු නිසා.....

""""""" අනිත් එක උබට යාලුවෝ නැද්ද... බලපන්කෝ උබගේ වයසේ කොල්ලෝ යන හැටි... යාලුවෝ හොයා ගන්නත් කලින් ඔය කට ඇරලා පොඩ්ඩක් කතා කරපන්...

අරූ අරහෙම කියනකොටත් මන් බිම බලාගෙන හිටියේ...

"""""""" ගොලුවොන්ට කියලා වැඩක් නෑ....

ඌ එහෙම කියලා නෝන්ඩියට වගේ මගේ දිහාත් බලලා රූන් ගාලා ගියා....මමත්  හිමීට හිමීට ෆැකල්ටිය පැත්තට ගිහින් ලෙක්චර් හෝල් එකෙ මුල්ලක් අල්ලගෙන වාඩි උනා...

"""""''""ඇයී එයාලා මගේ දිහා අමුතුවට බලන්නේ... ෂික් අනේ මටත් එයාලා එක්ක කතා කරගෙන ඉන්න තිබුන නම්...

මට එහෙම හිතුනු වාර අනන්තයී... මොකද මන් කොහොමත් පොඩි කාලේ ඉදන්ම ගොඩාක් අය ඉන්න තැන් වලට යන්න බයයී... ගොඩාක්ම අදුරන්නේ නැති අය එක්ක කතා කරන්න බයයී... මට ඕනී අනිත් ළමයී.වගෙ ඉන්න ඒත් අනෙ මන්දා අද්‍රන්නේ නැති කව්රු හරී එක්ක කතා කරනකොට මන් ගොලු වෙනවා වගේ.... ඒකනිස මට වැඩිය යාලුවෝ නෑ.... මන් මන් ගැනම හිත හිතා ඉන්නකොට,

"""""""Good morning..."""""""

ඒම කියාගෙනම ලෙක්චරර් ඇතුලට ආවා... මන් ෆෝන් එකත් බෑග් එකට දාලා පොතයී පෑනකුයී අතට ගන්නකොට මගේ එහා පැත්තෙන් කව්රු හරී වාඩි උනා වගේ දැනුනා...

""""""""ම්ම්ම්... කව්ද දන්නේ නෑ... එහා පැත්තේ ඉන්නේ... අනික් මන් ඉන්න තැනටම එන්නේ...

ආපු කෙනා මගේ දිහා බලන් ඉන්නවා වගේ තේරුනු නිසා මන් පොඩ්ඩක් හිමීට ඇහැ දාලා  ඒ පැත්ත බැලුවා...

""""""හායී..

"""""""අප්පෝ මේ හිපාටුව ආයෙමත්...

මන් තේජානයට ලාවට හිනාවක් දාන ගමන් මන් ඒම හිතුවා...

""""""""වෙන වෙන ලෝක වල ඉන්නේ නැතුව ලෙක්චර් එක අහගෙන හිටපන්...

අරූ මට ඒම කියන ගමන් උගේ ෆෝන් එක අතට ගත්තා...

""""""අනේ පව්... මම මේ උබ  කියනකන් හිටියේ ලෙක්චර් එක අහගෙන ඉන්න...

"""""""ඈහ්හ් ඒක නෙවෙයි එතකොට මූ අපේ බැජ් එකේ එකෙක්ද... නෑ වෙන්න බෑ... අනිවා අපිට වඩා වැඩිමල්....ඒත්  මූ මොකද අපේ බැජ් එකේ ලෙක්චර්ස් වලට ඉන්නේ...

""""""""" අහ්හ් දැන්නේ සෙට් උනේ.... මෝඩයා රීපීට් වෙන්න ඇති...

මන් තනියමම හිනා වෙවී කල්පනා කරා...

"""""""ඒයී තමුසේ මට නේද ඔය හිනාවෙන්නේ..

"""""""නෑ නෑ...මන් මේ...""""""

ඌ මගේ මූණටම එබිලා අහපු විදියට මන් ගල්  උනා…

""""""""ආහ්හ් හිනා වෙන්න ඕනී නම් හිනා වෙයන් හැබැයි ලෙක්චර් එක අහන් ඉදපන්…

අරූ කොදුර කොදුර මට කියනවා… මන් ආපහු උගේ දිහා නොබල ලෙක්චර් එකට අවදානේ දුන්නා..…

"""""""අරූගෙන් සද්දයක්වත් නැහැනේ… ගිහිල්ලවත්ද…

ඒම හිතන ගමන් පොඩ්ඩක් අරූ ඉන්නවද නැද්ද කියලා ඇහැ දාලා බැලුවා….

""""""""එහ්හ්… හිතුවා හරී… මේ වගේ නාස්තිකාර කම්මැලියෝ එක්සෑම් රිපීට් වෙන එක අහන්න දෙයක්ද…

මන් බලනකොට මිනිහා ඩෙස් එකට එක අතකින් ජැක් එකකුත් ගහගෙන සනීපෙට නිදී…

"""""""" ඒ…. ඒයී…. මේ අයියේ… හැමෝම මේ පැත්ත බලනවා නැගිටින්න…

මන් ඒම කිව්වත් අරූ හොදටම නිදී....

""""""කරන්න දෙයක් නෑ මේක මට කරන්නම වෙනෝ....

මන් අතේ තිබ්බ පෑනෙන්... ඌ ජැක ගහන් ඉදපු අතට හයියෙන් ඇන්නා...

""""අම්මෝ...

මිනිහට මහා හයියෙන් කෑ ගැහුනා... තා පොඩ්ඩෙන් උගේ ඔලුව ඩෙස් එකේ පත බෑවෙනවා...ඒක දැකපු පාර මට බකස් ගලා හිනා ගියත්,

""""Thejan get off my class.... i dont no ....

hhnkka"""

ලෙක්චරර් මහා හයියෙන් ඒම කියලා කෑගැහුවා... අනිත් ළමයී ඔක්කෝම අපේ පැත්ත දිහා බලන් හිටියේ... ඊටත් වඩා තේජානය උඩ ගිහින් හිටියේ...

""""thejan...     """

ලෙක්චර් එකට ඉදපු සර් ආපහු කෑ ගහන්න ගත්ත නිසා තේජාන් මටත් ඔරවගෙනම නැගිටලා එලියට ගියා.....

"""""" අනේ දෙයියනේ මන් මොකක්ද අෆ්ෆා ඒ කරේ....

මන් ඔලුවට අත ගහ ගත්තේ උන දේ මටත් හිතා ගන්න බැරි උන නිසා...

""""""""ඉවරයී ආපු දවසේම යාලුවෝ හොයා ගන්නවා වෙනුවට හතුරෝ තමයී සෙට් වෙන්නේ... ඇයි මටම මෙහෙම වෙන්නේ... මන් පොඩි විහිලුවක් නේ කරන්න ගියේ....

ඕවා හිත හිතා බොහොම අමාරුවෙන් ලෙක්චර් එක අහගෙන හිටියා... කොල්ලෝ කෙල්ලෝ රොතු පිටින් හෝල් එකෙන් යනකොට මාත් අන්තිමටම වගේ එලියට ආවා...

"""""""ආව්ව්ව්... ආව්ව්ව්... රිදෙනවා...

එලියට පය තීබ්බා විතරයී කව්රු හරි එකෙක් මගේ පිටිපස්සෙන් බෙල්ලෙන් ඇල්ලුවා.... වේලාවේ හැටියට පිටිපස්සෙන් හිටපු එකාව අදුර ගන්න බැරි උනේ නෑ....

""""තෝ හින්දා නිකන් බොරුවට මන් බැනුම් අහ ගත්තා...

"""""අනේ හරී හරී අයියේ ඇත්තටම සොරී...ප්ලීස් අතාරින්නකෝ රිදෙනවා...

මන් එහාට මේහාට ඇඹරෙනකොට මිනිහා මගෙ  බෙල්ල අතෑරියා....

""""මොන මල පේරේතයෙක්ද මන්දා.... ඌ මෙතන නිදාගෙන මගේ කෑලී කඩා ගන්න හදනෝ..

මන් හිතින් ඒම කියන ගමන් අරූගේ මූණ දිහා බැලුවා...

""""ආහ්හ් බේබීට තරහා ගිහින් වගේ... මොකෝ ඔය අත ගුලිකරන් ඉන්නේ ගහන්නද...

ඒ කියනකොට තමයී මටත් ඒක මීටර් උනේ....

""""අනේ නෑ පිස්සුද... මේ ලියලා ලියලා ඇගිලි රිදෙනවා ඒකයී... අනික මන් වැඩිහිටියන්ට ගලූ කරනෝ..

මන් මගේ අතේ ඇගිලි ටිකත් දික් කරලා පෙන්නන ගමන් අරූට කිව්වා....

""""මේ මේ උබේ ඔය හුරතලුයි විරිත්තිල්ලයී වෙන ඕනී එකෙක්ට පෙන්න ගනින්... උබ මොකක්ද ඉස්සරින් කරපු කැත වැඩේ..""

අරයා තරහින් වගේ අහනකොට මට කියා ගන්න මුකුත් නැතුව ගියා....

""""සොරී අයියේ හිතලා මන්....""""

"""""අනේ තියා ගනින් බන් උබේ සොරී... කෝමත් උබලා වගේ එවුන් දන්නේ සද්ද නැතුව ඉදලා ගේම් ගහන්න තමයී.... බලපන් ලැජ්ජාව වගේම අද ලෙක්චර් එකටත් ඉන්න උනේ නැහැනේ...

අදුරන්නේ නැති උනත් අරහෙම කතා කරනකොට මට ඇත්තටම මාරම විදියට දුක හිතුනා...

"""""""අනේ අයියේ ඇත්තටම මන් ඒම මුකුත් හිතලා කරේ නෑ... හරී ඉන්නකෝ මේ තියෙන්නේ මගේ නෝට් එක ඒක ගන්න... මන් පස්සෙ..

ඒම කියන ගමන් මන් මගේ නෝට් එක එයාගේ පැත්තට දික කරනකොට,

""""අනේ තියා ගනින් යකෝ ඔය කොල කෑලී... මට නෝට් හොයා ගන්න මේකේ ඇති තරම් එවුන් ඉන්නවා...

ඌ එහෙම කියලා මන් දික් කරපු අත තල්ලූ කරලා දැම්ම...

""""අනේ ඒනම් ඔයා කියන්නකෝ මන් ඕනී දෙයක් කරන්නම්... අයියා නෝට් එකක් හොයලා දෙන්න මන් ඒක ලියලා දෙන්නම්....

දුකට බයටයී ගොත ගගහා ඒම කිව්වා...

""""ආහ්හ් බබා ඔය අඩන්නද ලේස්ති වෙන්නේ ආ....

ඇත්තටම කිව්වොත් ඉතින් ඒ වෙනකොට ඇඩුවේ නැති උනාට ඇස් දෙකේම කදුලු පිරිලා තිබ්බේ....

"""""""හරී උබ ඕනී දෙයක් කරන්නම් කිව්වා නේ ඒහෙනම් වරෙන්කෝ මගේ පිටිපස්සෙන්..

අරයා ඒම කිව්වම මාත් ඉතින් ගොනා සේ පිටිපස්සෙන්ම ගියා.... ඌ ඇවිදගෙන ගිහින් නැවතුනේ කැම්පස් එකේ පිටිපස්සෙම කැලෑව ලගට් වෙන්න තිබුනු පොඩි මඩුවක් වගේ තැනක...

""""""ඒහ්හ් මේ මොකද අෆ්ෆා මෙතනට එක්කගෙන ආවේ..."

""""""අපෝ මූ කෝමත් කොලුකාරයෙක් නේද...ජරා වැඩ කරන්නද දන්නේ නැහෑ...

මන් ඒමා හිත හිතා තේජාන් කාරයට වඩා ටිකක් පිටිපස්සෙන් වගේ හිටියේ දුවන්න බලාගෙනම තමයී...

"""""""කෝ උබ... මොකෝ බන් ඔච්චර ඈතින් ඉන්නේ... මෙහෙට වරෙන්... උබ දැන් කිව්වා නේ මන් කැමතී ඕනී දෙයක් කරනවා කියලා...

""""""නැහෑ මේ හරියට වැඩිය කව්රුත් එන්නේත් නෑ වගේ නේ ඒකයී... අපිව දැකලා වෙන මොනා හරී හිතුවොත්...

මන් එහෙම කියන ගමන් හීමීට හිමීට තෙජාන්කාරය ඉන්න තැනට ලං උනා....

""""මෙහේ වරෙන් පක#යෝ...

මන් පොඩ්ඩක් ලගට උනා විතරයී මන් හැරෙන්නත් කලින් අරූ මාව ඇදලා ගත්තා...

"""""ඒහ්හ් අයියේ ඇයී....

උගේ මූණ දැක්කම පේනවා මිනිහා එන්න හදන්නේ මොකටද කියලා... තොලත් හපාගෙන... ඒ මදිවට මගේ අත හයියෙන් මිරිකනවත් එක්ක...

"""""""මොකෝ මේ උබ බය වෙලා... ඔබ දැන් කිව්වානේ ඕනේ දෙයක් කරන්නම් කියලා...

,...................................විරාමයක්.................................

Share This Chapter