Chapter 18 of 24

ලව් මේනියා (Part 17)

තුන්කොන් BL2,891 words~15 min read

සසිරු pov

කුකුද කුකුද කුකුද කුකුද ගත කුජිං ගත කුජි කුජි ගත කුජි ගත කුජි කුජි...

" සසිරු මේකට අල්ලපන්.."

" බෑ ඕයි අත රිදෙනවා.."

අන්තිම පීරියඩ් දෙක අදත් ඩාන්සින් වැටිලා තිබුනත් සර් අද නැති වෙද්දි පංතියට යන්න බෑ හිතුන නිසා ඩාන්සින් රූම් එකේම අපි නැවතුනා..ආව වෙලාවෙ ඉදන් මතීශ්ගෙ ඕනි කමට පලාතම දෙදරන්න එයත් එක්ක බෙර ගහලම මගෙ අත් දෙක හොදටම රතු වෙලා දැන් රිදෙනවත් එක්ක..ඒත් එයාට නෙවෙයි ගානක්වත් තිබ්බේ..

" අමාෂ උබ අල්ලපන් එහෙනම්..තකුකු තකුකු තකුකු තකුකු තකුජිං තකුජිං තත්තත් ජිං තත් ජිං ජිං..."

මතීශ් ගැහුම් පදේ ගහන ගමන් මට බෑ කිව්ව නිසාම පංතියේ වෙන එකෙක්ට ඒකට ඇල්ලුම් පදේ ගහන්න කියද්දි ඌත් මතීශ් එක්කම බෙර පද ටික ගහන්න ගන්න අතරෙ මං බෙරෙත් බැදන් ඉදගෙන ඒ දෙන්නා දිහා බලන් හිටියා..

ඒ දෙන්නා හරි ලස්සනට බෙරේ අඩවද්දි කවදාවත් ඒ හඩට කීකරු නොවී ඉන්න බැරි උන මාත් ඔලුවෙන් කකුලෙන් වගේම අතින් බෙරේ වරපටිවලට ගහන ගමන් තාල තියද්දි අනිත් කොල්ලො ටික ලාවට පදවලට අඩිය තිබ්බා..

" මතීත් ඇති දැන් ඕක නවත්තන්න.."

" අමාෂ අර මෝඩයාට නවත්තන්න කියපන්.."

" ඕයි හුත්තො තොගෙ අතයි බෙරෙයි ඔක්කොම පැලෙයි ඔහොම ගැහුවොත්නම් නවත්තපන් ඕක.."

සෑහෙන වෙලාවක් ගියත් මතීශ් තාමත් බෙර ගහන එක නවත්තන් නැති වෙද්දි මං වගේම අමාෂත් එයාට නවත්තන්න කිව්වත් එයා නෙවෙයි නැවැත්තුවේ..අමාෂටත් ඇති වෙලා එයත් මගින් නවත්තද්දි මතීශ් තාමත් ගහනවා..

නිතර නිතර බෙර ගහනවා වගේ නෙවෙයි කාලෙකින් ගහද්දි කොච්චර පදම් වෙච්ච අතක් උනත් රිදෙනවා ඒකත් මෙහෙම එක දිහට ගහද්දි නොරිදුනොත් තමා පුදුමේ..

" මොකක්ද උබට වෙලා තියෙන්නෙ.."

" ඇයි.."

" ඇයි තමා..බලනවා හොදටම රතු වෙලා අත් දෙක.."

බැරිම තැන නැගිටලා මතීශ් ලගට ගිය මං බලෙන්ම එයාගෙ අත් දෙක අල්ලලා කියද්දි එයා බෙරේ ඔලුව ගහ ගත්තේ ලොකූ හුස්මක් පිට කරලා..

" තමුසෙ මොකක් හරි අවුලකින්ද ඉන්නේ.."

" පිස්සුද..කීයද වෙලාව.."

" එකයි දහතුනයි.."

" මොනා හරි කන්න යන්ද..ආ කෙවින් බොසා හම්බෙන්න යන්නත් ඕනි.."

එයා කිව්වෙ බෙරේට වැදලා ගලවලා පුටුවෙන් තියන ගමන්..

" ඇයි ඒ.."

" අරුන් දෙන්නාගෙයි මගෙයි ග්ලවුස් හෑන්ඩ් ව්‍රැප්ස් ඔක්කොම ඩයල් එක ගාව.."

" ඉල්ලන් එමුකො එහෙනම්..උන් දෙන්නා එන්න වෙලා යයි කිව්වා මොකක්ද වැඩක් තියනවා කියලා.."

" ගොඩක් වෙලා යයිද.."

" දන් නෑ ඉතින්.."

ඩාන්සින් රූම් එකෙන් එළියට ආව අපි දෙන්නා කෙලින්ම ගියේ මෙයාලාගෙ බොක්සිං කෝර්ච් හොයාන..

මතීශ් ප්‍රැක්ටිස් ගිය පලවෙනි දවසෙම ඇවිල්ලා කිව්වෙ කෝර්ච්ගෙ අලි ඔලුව කියලා..ලොකු වයසක් නෑ එයාට අපෙ ඉස්කෝලේම කලින් ඉගෙන ගත්ත කොල්ලෙක් අපිට වඩා අවුරුදු හයක් විතර වැඩිමල් ඇති..මතීශ් මොනා කිව්වත් මෙයාලාගෙ කෝර්ච් සර් පට්ට හැන්ඩියා..

" මතීශ්වර.."

" ම්ම්ම්ම්.."

පොඩි මල්ලි කෙනෙක්ට මොනාදෝ කිය කිය හිටිය කෝර්ච් අපිව දැකලා මතීශ්ට එයාගෙ මුලු නමින්ම කතා කරද්දි මට හොරාවට හිනා ගියා..මොකද මේ මෝඩයා කැමති නෑ එයාට ඔය වර කෑල්ල කියනවට..ඒක නෙ අපි මතීශ් කියන්නේ..

" ඇයි ආවේ.."

" ගලව්ස් කෝ.."

එච්චරයි..මතීශ් ග්ලව්ස් කෝ අහද්දි ඒවා තියන තැන ඔලුවෙන් පෙන්නපු සර් ආයෙත් එයාගෙ වැඩේ කරද්දි මේ මෝඩයා ගිහින් ඒ ටිකත් බඩ බැදන් එන්න ආවා..

හැබැයි මං ඇහැ කොනෙන් වගේ දැක්කා කෝර්ච් සර් අපි දෙන්නා දිහා රවාන වගේ බලන් ඉන්නවා..

" ඔයා එයාට කැමති නැද්ද.."

" ඔව්..හරි පොර කියලා හිතන් ඉන්නේ..මේක ගන්නවාකෝ.."

කටත් ඇද කරන ගමන් කිව්ව මතීශ් මගෙ අතට කලුපාට බොක්සිං ග්ලව්ස් දෙකක් දෙද්දි ඒක අත් දෙකට දා ගත්ත මං අත් දෙක එකට වැද්දුවා..

" එයා හැන්ඩියා හැබැයි.."

" ම්ම්ම්..ඒකම තමා ලොකුකමට හේතුව.."

" මටත් බොක්සිං ගහන්න ඕනි.."

" අනේ මගෙ අම්මා මේ..උබ ගහන පදේකට නටාන හිටපන් ඈ.."

" ඇයි.."

" උබට බොක්සිං පුරුදු කරලා අපිට ගුටි කන්න බෑ.."

" මං එහෙම ගහන් නෑ..මේක සෙනාශ්ගෙද.."

" හ්ම්ම්ම්..මට රිදෙන්න ගැහුවොත් ඔයාටත් පුරුදු කරන්නම්.."

එහෙම කිව්ව මෝඩ මතීශ් අත් දෙක ඔලුව පිටිපස්සට අරන් මට එයාගෙ බඩට ගහන්න ඉඩ දෙද්දි අත් දෙක එහෙම එකට වද්දලා හොදට ලෑස්ති උන මං මතීශ්ට පාරක් දුන්නෙ කොර වෙන්නම..එයාට ඒක රිදුනත් නොරිදුන ගානට ඉන්න ට්‍රයි කරා..ඒ උනාට ඉතින් එහෙම බැරි උන නිසා තමා මතීශ්ට පෝඩ්ඩක් විතර කෙදිරි ගෑවුනේ..

පාඩුවේ හිටියට මේ සසිරුවත් හරි වසයි..

" රිදුනා නේ.."

" චහ්..නෑ පිස්සුද ඔය සියුමැලි අත්වලින් ගහද්දි මට රිදෙනවද අනේ.."

" හා හා එහෙමවත් කියමුකෝ නේ.."

" ඒක තමා ඇත්ත ඉතින්..අරුන් දෙන්නා එන්න වෙලා යනවානම් මොනා හරි අරන් ගිහින් පන්තියට වෙලා කකා ඉමු.."

තාමත් ගිනි අව්වෙ ග්‍රවුන්ඩ් එක ලග හිටිය අපි දෙන්නා ඉක්මනට ඉක්මනට කැන්ටින් එක පැත්ත ගියා..සල්ලි නාස්ති කරන්න මතීශ් කැන්ටිමේ තිබ්බ එක එක ජාති කෑම ගොඩාක් ගත්තෙ මං එපා කියද්දි..මූයි අරුයි දෙන්නාම එකයි පොඩි වැඩ නෑ ඔක්කොම තියෙන්නෙ ලොකු ලොකු ඒවා කෑමක් ගන්න ගියත් පොඩි දෙයක් කාලා සෑහීමකට පත් වෙන් නැති එයාලා හොයන්නෙ ලොකු ලොකු දේවල්..ඉස්කෝලේ ඇරෙන්න බෙල් එක ගහන්න කලින්ම පන්තිය ආව අපි දෙන්නා බොක්සිං අයිටම් ටික බෑග්වලට දාලා පාඩුවේ ඉදගෙන ගෙනාපුවා කන්න ගත්තා..කොල්ලො ඔක්කොම සබ්ජෙක්ට්වල ගිහින් වෙද්දි පන්තියේ හිටියෙ අපි දෙන්නා විතරයි..ඒකමයි මං ශේප් එකේ මතීශ්ගෙ ඔඩොක්කුවෙන් ඔලුව තියා ගත්තේ..එයාලට පුලුවන්න ඇයි මට බැරි ඉතින්..

" මොකද.."

" නිකන් ඉතින්..බලනවා අත් දෙක තාම රතු වෙලා.."

" ඒක ගානක් නෑ මට ඉතින්.."

" මුරණ්ඩු වෙන්න එපා මතීශ්.."

" හා ඉතින්.."

" හා තමා..රෝල්ස් කෑල්ලක් දෙනවා මටත්.."

" අර තියෙන්නෙ තව ඒකෙන් ගනින්කො මගෙ එක ඉල්ලන්නේ.."

නැගිටින්න කම්මැලිකමට මං එයා කකා හිටිය එක ඉල්ලුවත් මේ මෝඩයා නෙවෙයි මට දෙන්න කැමති උනේ..

" අනේ..කැල්ලක් දෙනවා.."

" බෑ.."

එයාගෙ අතින් ඇදලා අරන් කොහොම හරි කැල්ලක් කන්න ගියත් මතීශ් කරේ ඔක්කොම ටික කටේ ඔබා ගත්ත එක..දැන් කනවා කටේ කජු පුරව ගත්ත ලේනෙක් වගේ කටත් පුම්බ ගෙන..

එතනින් එහාට ආයෙ නැගිට නැගිට කන්න ඕනිකමක් නැති වෙද්දි මං එහෙම්ම ඇස් පියා ගත්තේ පොඩි ඈනුමකුත් ඇරලා කණ්නාඩි දෙකත් ගලවලා මේසෙ උඩින් තියන ගමන්..විනාඩි ගානක් යද්දී නින්දත් නොනින්දත් අතර වගේ වෙද්දි බෙල් ගහන සද්දෙ වගේම ගාථා කියන සද්දෙ ඇහුනත් මං තාමත් මතීශ්ගෙ ඔඩොක්කුවෙ නිදි..ඒ අතරෙ සැරින් සැරේට දැනුනා මතීශ් එයාගෙ රතු උන ඇගිලිවලින් මගෙ ඔලුව අත ගානවා..

" අනේව්ව්...සුදූ බබා බුජිද....බලන්න සෙනාශ් අපෙ කිරි කැටියා කට කෙලත් පෙරාන දොයියන් ඉන්න ලස්සන.."

" කෑ ගහන්න එපා හුත්තො ඉතින් නිදිනෙ මූ.."

" ඔයාටත් හරී ජුක නේද කෑල්ලට මොනා හරි කියද්දි..නේද සෙනාශ්.."

" මං දන් නෑ.."

" අනේ...නිදා ගන්න දෙනවාකෝ......"

කොයි වෙලාවෙ කොහොම නින්ද ගියාද මංදා කොහොම හරි සනීපෙට නින්ද ගිහින් හිටිය වෙලාවක රුක්ෂානයා ගෙ කිංකිනි නාදේ ඇහෙද්දි ඇහැරුන මං කෑ ගැහුවෙ ඇස් පොඩි කරන ගමන්..හෙමීට මතීශෙ ඔඩොක්කුවෙන් නැගිට්ට මං එක ඇහැ ගානෙ ඇස් දෙකම හෙමීට ඇරලා බලද්දි ඉස්කෝලේ ඇරිලා ළමයිනුත් ගිය පාටක් තිබ්බෙ..

" ඇතිත නිදා ගත්තා.."

" හ්ම්ම්ම්..කීයද වෙලාව.."

" දෙක හමාරත් පහු.."

" හෑ..මං පැයක් විතර නිදාගෙනනේ..කොල්ලො පන්තියට එද්දිත් මං ඔයාගෙ ඔඩොක්කුවෙද නිදානද හිටියේ.."

" නැත්තන්.."

" මොනා හිතුවද දන් නෑ.."

" මොනා හිතුවත් අපිට මොකද ඉතින්.."

ඔව් නේ..මොනා හිතුවත් ඉතින් මතීශ් මගෙ හොදම යාළුවානේ..

" ඇයි අරයා මූණ එල්ලන්.."

සෙනාශ්ගෙ මූණ මැලවිලා තිබුන නිසා මං අහද්දි රුක්ෂාන් ලෑස්ති උනේ මගෙ ප්‍රශ්නෙට උත්තර දෙන්න..

" දම්සාරි බලන්න නෑ නෙ අද..මල පැනලා පෝ...ඩ්ඩක් විතර..නේද රෝමියෝ.."

" පලයන්කො හුත්ත.."

රුක්ෂාන් විහිලුවට සෙනාශ්ගෙ නිකට යට අත ගාන ගමන් කියද්දි ඒ බූරුවාට තරහා ගිහින් කුනුහරපෙකුත් කියද්දි මගෙන් ගුටියකුත් කෑවා..

ඇත්තට ඉතින් දෙක හමාරත් වෙලානම් එයාට අද දම්සාරි බලන්න වෙන් නෑ නේ..ඒ කෙල්ලගෙ බස් එක දෙකට ලං වෙද්දි එනවා..හොද වැටේ මෙයාට..

" දම්සාරි හෙට බලමු ඉතින් දැන් ගෙදර යන්.."

" ඔව් ඔව් යන්කෝ අදනම් මහා එපා කරපු දවසක්..රුක්ෂාන් යමන් මුන්ගෙ ගෙදර.."

" හේ හේ..අප්පා එක්ක බෑ..මාව නිවාස අඩස්සියේ දානවා දැන්..ඉම්හි ඉම්හි..ජුක තමා සෙනාශ් මට උබලා එක්ක ඉන්න වෙන් නෑ....අපි දුරස් වෙනවා.."

ඒ එළ හරකා බොරුවට අඩන්න ගත්තා..මෙයාව ඉතින් නිවාස අඩස්සියේ දැම්මෙ නැත්තන් තමා පුදුමෙ තියන නැටවිල්ලට..එයා බොරුවට අඩන අතරෙ සෙනාශ් ඇත්තටම මූණ එල්ලාගෙන..ඉතින් මං ශේප් එකේ එයාට ලං වෙලා කරට අත දා ගද්දි..

" අනේ සසිරුවා..මගෙ ආදරේ.."

" ඒක තමා සෙනාශ් අපිට තේරෙනවා ඔයාගෙ දුක..ඊලග දවසෙ අපි එයාට ඇත්ත කියමු.."

" මොන ඇත්තද.."

" ඔයාගෙ ආදරේ..අපි පාපොච්චාරණ කරමු.."

" එපා සසිරු ඕනි නෑ.. ඒක මගෙ හදවතේම තැම්පත් වෙලා තිබුනදෙන්.."

" හදවතේ හරි ඔලු ගෙඩියෙ හරි පස්සෙ තැම්පත් කරමු..දැන් ගනින්කො සුදු මහත්තයා බෑග් එක ගෙදර යන්න.."

ඔක්කොලාටම අද එපා කරපු කම්මැලි දවසක් වෙද්දි මටනම් ඉක්මනට ගෙදර යන්න ඕනි උනේ..ඒ නිසා මායි මතීශයයි දෙන්නම අර දෙන්නාව ඉක්මන් කරන් තාත්තා හොයාන ඔෆිස් එක පැත්තට ගියා..

සෙනාශ් මූණ එල්ලාගෙන යනවා රුක්ෂාන්ට පනුගාය මතීශ් මගෙ කරට අත දාගෙන මං සිල්වත් දරුවා වගේ මැදට වෙලා යද්දී..

" සසිරු.."

මගදි හම්බුනේ මිනිදු අයියාව..මොනාදෝ කොල ගොඩාක් අතේ තියාන හිටිය එයාව මූණටම හම්බෙද්දි මගෙ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා..සෙනාශ් කරපු වැඩේ නිසා ඊයේ ඉදන් අයියා මට සෑහෙන මැසේජ් කැටියක් දැම්මේ..

" දැන්ද යන්නෙ කට්ටිය.."

" හ්ම්ම්ම්.."

" සෙනාශ් මොකද උබ මේ හුලං බැහැපු බැලුමක් වගේ.."

" උගෙ කෑල්.....ආව්ව්ව්.."

කටට බ්‍රේක් නැති රුක්ෂාන් මෙතනත් වැඩේ අල කරන්න යද්දි සෙනාශ් එයාගෙ පිටට ඩෝං ගාලා පාරක් දීගෙනම කරට අත දා ගත්තේ බොරූවට දත් තිස්දෙකම පෙන්නලා හිනා වෙන ගමන්..

" සසිරු ටිකක් කතා කරන්න ඕනී.."

" මොකක්ද අයියා කියන්න.."

" පොඩ්ඩක් එන්නකෝ.."

එක පාරටම මිනිදු අයියා මගෙ අතින් ඇදන් ගියෙ අර තුන් දෙනා ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉද්දි..එයාලා විතරක් නෙවෙයි මාත්..මොකක්ද මේ වෙන්නෙ කියලා හිතා ගන්න බැරුව මං ඔහේ අයියා පස්සෙන් ඇදිලා ගියා..අර තුන් දෙනා පේන්නෙවත් නැති වෙද්දි මිනිදු අයියා මාව බිල්ඩින් එකක් පිටිපස්සට එක්කන් ඇවිත් අත අතාරින් නැතුවම මගෙ ඇස් දිහා කෙලින්ම බලන් හිටියා..බයටද මොකකටද මංදා මගෙ මුලු ඇගම ගිනියම් වෙලා යනවා වගේ දැනුනා..කියන්න තිබ්බ දෙකක් එතන කියන්න තිබ්බා නේ මෙහෙ එක්කන් ආවෙ මොකටද ඉස්කෝලේත් ඇරිලා ගොඩක් වෙලා නිසා ළමයිනුත් නෑ පේන්නවත්..

" ම්..මොකක්ද කි..යන්න තියෙන්නෙ.."

" ඇයි උදේ මට මැසේජ් කරේ නැත්තේ.."

" උදේ ටිකක් වෙලා ගියා අයියා මං ෆෝන් එක බල බල හිටියෙ නෑ.."

" ඔන්ලයින් ඇවිල්ලා තිබ්බා නේ.."

" මං උදේ ෆෝන් එක ගත්තෙ නෑ..සෙනාශ් තියන් හිටියා එතකොට එයා එන්න ඇත්තේ.."

මං කිව්වෙ නොරිස්සුමෙන් වෙද්දි අයියා මගෙ අත අතෑරියා..

" එයා ඔයාගෙ ෆෝන් එකත් ගන්නවාද.."

" ඒක මගෙ නෙවෙයි..එයාගෙම තමා..මං මෙච්චර කල් ෆෝන් එකක් යූස් කරේ නෑ..අයියා නම්බර් එක ඉල්ලුව නිසා සෙනාශ් එයාගෙ ෆෝන් එකක් මට දුන්නා.."

බොරු නොකියා මං ඇත්තම කියද්දි මිනිදු අයියා මගෙ කොණ්ඩෙ අවුල් කරා..අවුල් කරන්න කොණ්ඩයක් නෑ ඉතින් ඒත් මගෙ කූරු කූරු කොණ්ඩෙ එයා එහෙට මෙහෙට කරා..

සෙනාශ් දුන්න ෆෝන් එකේ එයාම මට whatsapp එකත් හදලා දීලා කරන්න තියන ඔක්කොම ජාති කියලා දුන්නා..ඒ උනාට මට ලොකු ආසාවක් නෑ ෆෝන් එක ඔබ ඔබ චැට් කර කර ඉන්න..ඒ නිසා එහෙම එකක් මට තිබ්බත් නෑ වගෙ තමා..වෙලාවකට අමතකත් වෙනවා ෆෝන් එකක් තියනවා නෙ කියලා..

" ආයෙ එහෙම කරන්න එපා මං බලන් ඉන්නවා නෙ ඔයා මැසේජ් එකක් දානකන්..ෆ්‍රී වෙලාවට ඔන්ලයින් ආවම රිප්ලයි කරන්න.."

" හ්ම්ම්.."

මං උත්තර දෙන පරක්කුවට වට පිට බලපු එයා එක පාරටම මාව බිත්තියට හේත්තු කරලා මගෙ ඔලුවට උඩින් බිත්තියට අත තියලා මගෙ මූණට එබෙද්දි මං අත් දෙකෙන්ම බෑග් එකේ පටි දෙක මිරික ගත්තා..හුස්මත් නවතී වගේ මගෙ දැන්නම් මොකද එයයි මායි අතර තිබ්බෙ හුස්මක දුරක්..ඒ තරම් අයියා මට ලං වෙලා තිබුනා..

" මිනිදු අයියා..ක්..කවුරු හරි දැක්කොත් ඔයාට ප්‍රශ්නයක් වෙයි.."

" මෙතන ඉන්නෙ ඔයයි මායි විතරයි නේ.."

" මොකද බය වෙලා මේ..මං ඔයාට කරදරයක් කරන් නෑ අනේ..තමුසෙ හරි අහිංසකයි සසිරු මුව පැටියෙක් වගේ..ඒකමයි මට ආදරේ හිතුනේ.."

ඔය වචනෙ කියන්න එපා දෙයියනේ මට මොකක්ද වෙනවා..අනික මං පේන තරම් අහිංසක නෑ..

" දන්නවද මොකක්දෝ හේතුවකට මට ඉස්සල්ලම ආදරයක් ඇති උන කෙනා ඔයා කියලා..දැක්ක පලවෙනි සැරේම මගෙ හිත ඔයා වෙනුවෙන් වෙන් උනා..ඉතින් කියන්නකො ඔයා මට කැමතීද.."

" දන් නෑ.."

එයා මගෙ කණ්නාඩි දෙක අස්සෙන් පේන ඇස් දිහාම බලන් අහද්දි මං කරේ බිම බලා ගත්ත එක..මොකද ඒ ඇස්වල තිබුන අවංකකම දරා ගන්න මට අමාරු උනා..

" දන් නෑ කියන්නෙ ඔව් කියන එක නේද.."

" දන් නෑ.."

" ඔව්ද නැද්ද කියන්න.."

" මට යන්න ඕනි..අරගොල්ලො බලාන ඇති.."

" ඉතින් එයාලා ටිකක් වෙලා හිටිදෙන් ඔයා මට උත්තරයක් දෙන්නකෝ.."

" මං දන් නෑ කිව්වා නේ.."

" හරි හරි ඔයා ටිකක් හිතලා කියන්නකො එහෙනම්..මං බලාන ඉන්නම්.."

" පරිස්සමින් ගෙදර යන්න හරිද..ගිය ගමන් මැසේජ් එකක් දාලා තියන්න මං අද ගෙදර යන්න හවස් වෙයි ටිකක් ඉස්කෝලේ වැඩ වගයක් තියනවා.."

" හ්ම්ම්ම්..මං යනවා.."

මිනිදු අයියාගෙ අත යටින් රිංගපු මම එයාව පහු කරන් අඩි දෙක තුනක් ගිහින් ආයෙ හැරුනෙ..

" අයියත් පරිස්සමින්.."

එහෙම කිව්ව මම ඉක්මනට දුවගෙන දුවගෙන අර තුන් දෙනා හොයාන ගියා..මගෙ පපුව තාම වේගෙන් ගැහෙනවා ඒ තරම් මනුස්සයෙක් මට ලං උනාමයි අර මෝඩයෝ ටික ඇර..එයා ලග සුවදයි හැබැයි..අයියාගෙ ඇස් දෙකත් කෝපි පාටයි..

" අම්මෝහ් ඉතින් ඔය එන්නේ කිරි කැටියා..පොඩි කමට නෙවෙයි පුතේ ඔයාගෙ වැඩ..මන මස්ත මගන මන මස්ත මගන බස තේරෙ නාම් දෝර්යේ.."

" අනේ.."

මං ආව ගමන් රුක්ෂාන් මට විහිලු කරද්දි සෙනාශ්ගෙ අත අල්ල ගත්ත මං එයාලා දිහා බැලුවෙ යටි තොලත් හපාගෙන..එතකොට තුන් දෙනාම මං දිහා බැලුවෙ ඇහි බැම උස්සලා නිකන් සතෙක් දිහා බලනවා වගේ..

" කිරි කැටියෝ මට හිතෙන එකනම් උනා කියන්න එපා පුචේ ඔයාගෙ අම්මිට දුක හිතෙනවා.."

" අනේ කට වහපන්කො රුක්ෂාන් එහෙම මුකුත් උන් නෑ.."

" එහෙනම් මොකද උබ ඔය තොල හපා ගත්තේ..තොලක් දාලාද ආවෙ.."

" පලයන්කෝ.."

" ආ ආ..ඇයි ඉතින් මොකද උනේ ම්ම්ම්..ඌ උබට කරදරයක් කරාද.."

අන්තිමට සෙනාශ් මගෙන් හොදින් අහද්දි මං එයාගෙ අත තවත් තදින් අල්ලා ගත්තා..

" නෑ..එයාට කැමතිද අහනවා.."

" උබ මොකද කිව්වේ.."

" මං කිව්වා දන් නෑ කියලා..අනේ ගෙදර යන්කො ඉක්මනට ආයෙ ආවොත් එහෙම මටනම් බෑ කතා කරන්න..හුස්ම ගන්නත් අමතක වෙනවා..පපුවත් වේගෙන් ගැහෙනවා මාව නිකන් දිය වෙනවා වගේ.."

" ඕවා ඇවිල්ලා ලව් මේනියා කියන රෝගෙ රෝග ලක්ෂණ..ඕවාට බෙහෙත් නෑ..තියන එකම බෙහෙතට වෙන්නෙත් ඕවා තව තවත් වැඩි වෙන එක..මූටත් ඔය ලෙඩේම තමා තියෙන්නේ මායි මතීශයයි තාම බේරිලා ඉන්නවා අපිටනම් බෝ කරන්න එපා ඕවා නේද මතීශ්.."

" ම්ම්ම්ම්.."

අන්තිමට මායි සෙනාශුයි එක පැත්තක් ඒ දෙන්නා එක පැත්තක් උනා..ඒකනම් ඇත්තටම ලෙඩක් වගේ තමා..පපුවට තමා වැඩියෙන්ම දැනෙන්නේ..හොදට හිටිය මට මේ මොකද උනේ..

තවත් විනාඩි පහලවක් විතර ඉස්කෝලේ ඉදලා තාත්තා ආවම අපි තුන් දෙනා ගෙදර ආවා..රුක්ෂාන්ට එන්න කිව්වත් එයාගෙ අප්පා ඒකට ඉඩ නොදෙද්දි එයාට සිද්ද උනා ගෙදර යන්න..ගෙදර ආව ගමන් මෝඩ ජෝඩුව ගිහින් ඇදුන් හැම තැනම ගලවලා දාලා ඩබල් දාලා බාත්රූම් එක අස්සට රිංගද්දි මං ෆෝන් එක ගත්තෙ මිනිදු අයියාට මැසේජ් එකක් දාලා තියන්න..

Mn gedra awa aiya..

දැන්ම ඉතින් රිප්ලයි කරන් නෑ නේ..එයා ගෙදර යන්න හවස් වෙයි කිව්වානේ ආයෙ ඉතින් මට ෆෝන් එකේ වැඩක් නැති නිසා ඒකත් පැත්තකට විසික් කරලා මාත් බාත්රූම් එකට රිංග ගත්තා..

වොශ් දාලා තුන් දෙනාම කාමරේට ආවම මං පොතක් අරන් බැල්කනි එකට ගිය අතරේ අර දෙන්නා ගේම් එකක් ගහන්න ගත්තා..සිතුත් තාම ගෙදර ඇවිල්ලා නෑ එයාට ක්ලාස් නිසා..එයා ගෙදර එන්න රෑ වෙනවා එතකොට සමහරවිට ලොකු අයියාත් එක්කම එයි..ඒ දෙන්නාටත් ලව් මේනියාවනේ..ඒ අතින් කට හැකර රුක්ෂානුයි පණ්ඩිත මතීශ් කොල්ලයි දාහෙන් සම්පතක්..අප්පච්චි මට ලව් මේනියාව කියලා දැන ගත්තොත් මටත් නිවාස අඩස්සියේ තමා ඉන්න වෙන්නේ..හැබැයි අප්පච්චිට හපන් තාත්තා..

පොඩ්ඩක් ඉන්න සසිරූ දැන් ඔයා පිලි ගන්නවද ඔයාට ලව් මේනියාව කියලා..නෑ නෑ ඔයා හොදට ඉගෙන ගන්න ආදර්ශමත් ළමයෙක් ඔහොම වෙන්න එපා එතකොට..

" මහත්තුරු ටික යන් තේ බොන්න අන්න සෝර්ටීස් එහමත් තියනවා..ආරව් මතීශ් ආව ගමන් පටන් ගත්තා නේද ගේම් ගහන්න අර සසිරු වගේ පොතක් බලා ගනින්කො දැන් දොලහෙ ඉන්නේ සෙල්ලන්ද හෙට අනිද්දා ඒලෙවල් ලියන්න ඉන්න කොල්ලො මේ.."

" අයියෝ කෑ ගහන් නැතුව යන්නකො අම්මි..මහන්සි නිසානෙ ගේම් එකක් ගහන්න ගත්තේ.."

" ඉන්නවාකො මං තාත්තාව අවුස්සන්න..හදන්න බෑ මේ ළමයි නැත්තන්..සසිරු එන්න රත්තරං තේ බොන්න යන් අපි.."

" එන්නම් අම්මා.."

දොර ලග හිටිය අම්මා අපිට කතා කරලා ආපිට යද්දි පොත මේසෙ උඩින් තිබ්බ මං ඇදේ හිටිය මෝඩ ජෝඩුවව කකුල් වලින් ඇදලා ගත්තා..පොඩි අත් වැරදික්මක් නිසා සෙනාශ්නම් ඇද පල්ලෙන් බිම වැටෙද්දි මතීශ්නම් දන්න වැඩ කිඩ ඔක්කොම දාලා නොවැටී බේරුනා..තව දවස් දෙක තුනයි මෙයාලට ඔය ගේම් ගහ ගහ ඉන්න හම්බෙන්නේ ඊට පස්සෙ දිගටම වැඩ ඉතින්..බිම විතරක් වැටිලා මදි කියලා හිතුන නිසා කොට්ට වලිනුත් ගහලා බ්ලැන්කට් එකත් එයාලාගෙ ඔලුවට දාලා මං දෙන්නටම මාරුවෙන් මාරුවට ගැහුවා.. එකට පලි ගන්න හිතාන දෙන්නාම වල් ඌරෝ දෙන්නෙක් වගේ මගෙ පස්සෙන් පනද්දි මං ඉක්මනට පල්ලෙකාට දුවන් ගිහින් කුස්සියේ හිටිය අම්මාගෙ පිටි පස්සෙ හැංගුනා..

" මොකද මේ.."

" මෙයාලා ගහන්න එනවා අම්මා..ගේම් ගහන්න දෙන් නැතුව තේ බොන්න යන් කිව්වා කියලා.."

" ස්...කියන බොරු..මූ මාවයි මතීශ්වයි ඇදෙන් වට්ටලා ඔලුවට බ්ලැන්කට් එක දාලා ගැහුවා.."

" මං එහෙම කරේ නෑ..අම්මා දන්නවා නෙ මං ගැන.."

" මේකාගෙ බොරු පුංචී..අ__

" නවත්ත ගන්න දෙන්නාම..තමුසෙලා දෙන්නාටනෙ කොහොමත් නැටවිල්ල වැඩි..එක්කො ෆෝන් එකේ නැත්තන් කම්පියුටර් එකේ වෙන වැඩක් නෑ කරන්න දෙන්නාට.."

වැරැද්ද කරේ මං උනත් පිඩාවට පත් ජනතාවමයි අන්තිමට අම්මාගෙන් බැනුම් ඇහුවේ..මිනිදු අයියා කිව්වා විදිහට මුව පැටියෙක් වගේ අහිංසක මං ඒ වගේ ප්‍රචණ්ඩ ක්‍රියා කරයි කියලා කවුද හිතන්නෙ ඉතින්..

" අන්න මේසෙ උඩ කිරි ඇති..බීලා ගිහින් පොතක් බලා ගන්න තුන් දෙනා එක්ක.."

අම්මාගෙන් බැනුම් ඇහුව අර දෙන්නයි මායි අම්මා මේසෙ උඩ කිරි තියනවා කිව්ව නිසා සෝර්ටීස් එක්කුත් කන ගමන් කෑම කාමරේට යද්දි..

" අම්මා....ඇයි මේ පොල් කටුවල කිරි දාලා..මේවාගෙන්ද බොන්නෙ අපි.."

" කෝප්ප නැද්ද පුංචි.."

අපිට කිරි බොන්න තිබ්බෙ හොදට සුද්ද කරලා තිබ්බ පොල්කටුවල වෙද්දි අර දෙන්නා දොස් තියන අතරෙ මං ඒක අතට අරන් හැඩ බලන්න ගත්තා..මංනම් මේවාගෙ බීලා නැතුව නෙවෙයි ඒත් ඉතින් මෙච්චර කෝප්ප තියන ගෙදර මොකද දන් නෑ අම්මාට වෙනසක් කරන්න හිතිලා..

" දවස ගානෙ තේ හදාන යන කෝප්ප මා පුතාලා ආයෙ පල්ලෙහාට ගෙනත් දුන්නාද.."

" නැද්ද කොහෙද.."

" ආ නෑ තමා..ඔක්කොම කොප්ප ටික කාමරේ ගොඩ ගහ ගත්තම ආයෙ කෝප්ප නෑ නේ කමන් නෑ පුතේ පොල්කටු තියනවා ඕනි තරම් දවස ගානෙ ඒවාට දාලා දෙන්නම් මටත් ලේසි එතකොට.."

" අනේ අම්මී...."

" මොකද මගෙ ආරව් පුතේ වෙන පොල් කට්ටකට දාලා දෙන්නද.."

අම්මා හිනා වෙලා ආදරෙන් කතා කරත් එයා කරන්නෙ ඒ බොරුවක්...ඇත්ත තමා තේ බොන්න කාමරේට අරන් යන කෝප්ප ඔක්කොම මේ වෙද්දිත් ඇත්තෙ ඇද යට..ආපිට පල්ලෙහාට එන්න තියන කම්මැලි කමට තේ බීලා ඇද යටින් තිබ්බාම තුන් දෙනාටම ඒ ගැන අමතක වෙලාම යනවා..දැන් ඔය කරේ අම්මා ඒකටත් වැඩක්..

ඊලග පාරවත් තේ එක බීලා කෝප්පෙ ගෙනත් තියන්න සසිරූ අම්මාගෙ නරක පුතාලාගෙ බෝට්ටුවට වැටෙන් නැතුව..

මං මටම කියා ගන්න ගමන් කුස්සියෙ දොරෙන් එළියට ගියෙ පොල් කට්ටෙන් කිරි උගුරකුත් බොන අතරේ..

" මේකෙන් බොද්දිත් අමුතු මෙව්වා එකක් තියනවා නේ හැබැයි.."

මගෙ පස්සෙන්ම එළියට ඇවිත් තිබුනෙ මතීශ්..

" ම්ම්ම්..ඇයි අපි දන්සලෙන් බෙලි මල් බිව්වෙ හකුරුත් එක්ක.."

" ආ ඔව් නේ.."

" අපි අප්පච්චිට කෝල් එකක් ගමු අද.."

" හා.."

" සසිරූ.."

" ම්ම්ම්.."

කිරි එක බීලා ඉවර උන මං ඇතුලට යන්න ගියත් මතීශ් මාව නතර කරේ අතින් අල්ලලා එයාගෙ ලගට ටිකක් ඇදලා ගන්න ගමන්..

" මිනිදු අයියාට ඇත්තටම කැමතිද.."

" මං දන් නෑ.."

" සාමාන්‍යයෙන් දන් නෑ කියන්නෙ ඔව් කියන්න මිනිස්සු කියන සමාන පදයක්.."

" මට තේරෙන් නෑ මතීශ් මං මොකක්ද කරන්න ඕනි කියලා.."

" මට බයයි තමුසෙගෙ හිත රිදෙයි කියලා..ලව් කරලා නැති උනාට හරි වැරැද්ද නොතේරෙන තරම් උබ මෝඩයෙක් නෙවෙයි නේ..ඒ නිසා හොදට හිතලා බලලා හරි දේ කරන්න..ප්‍රශ්නයක් උනොත් මං ඉන්නවා නෙ ඔයාට..ම්ම්.."

මගෙ ඇස් දිහාම බලාන පණ්ඩිතයෙක් වගේ එහෙම කිව්ව මතීශ් මගෙ උරහිසේ ඔලුව වහ ගත්තේ අත් දෙකෙන්ම මාව බදා ගන්න ගමන්..

මතීශ් කියන්නෙ මං ගැන මටත් වඩා වද උන කෙනෙක් හරියට මගේම සහෝදරයෙක් වගේ..වෙලාවකට මට අප්පච්චි කෙනෙකුත් වෙනවා තවත් වෙලාවකට මගෙ බබා වගේ හුරතල් වෙන්නේ..

" එයාට කැමතිනම් ඉක්මනට කියන්න මොකද පරක්කු උනාම මිනිස්සු ගොඩාක් පසු තැවෙනවා.."

*****

Vote 👇🌸

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!