Chapter 6 of 24

ලැජ්ජා හිතිලා ( part 5 )

තුන්කොන් BL1,385 words~7 min read

සෙනාශ් pov

චූටි කාලෙ යාලුවෙක් උනාට හදවතට දැනුන සහෝදරයෙක් වගේ හිටිය යාලුවෙක් අමතක වෙන්න විදිහක් නෑ නේ..එයා එක්ක ගමේ ඉද්දි තිබ්බෙ හරි ලස්සන මතක..සසිරු ඉස්සර හරි දගයි ඒත් දැන් එහෙම නෑ අහිංසක පාටයි වගේම එයා හරි ලස්සනයි..

තාත්තිත් ගෙදර ආවට පස්සෙ රෑට කාලා එහෙම මතීශුත් එයාගෙ ගෙදර ගියා..ගෙදර අය ඔක්කොම තාම පහලට වෙලා සසිරු එක්ක කතාව..අපෙ අම්මා සසිරුට හරි ආදරෙයි ගෙව්න කාලෙ ඇතුලත හැමදාම සසිරු ගැන අම්මා දවසට එක පාරක් හරි මතක් කරනවා..

ඌව දැක්කට පස්සෙ පුදුම සතුටක් දැනුනෙ මට..ආයෙත් චූටි කාලෙ වගේ ඉන්න පුලුවන් නෙ කියලා හිතුනා..ඒත් ඉතින් වැඩේ කියන්නෙ මට ලැජ්ජයි..එයා එක්ක කතා නොකර ඉන්නෙ ලැජ්ජාවට මිසක් ලොකු කමකට නෙවෙයි..

අම්මාගෙ ලොකු පුතාට ලැජ්ජායි දෙයියනේ හෙල්ප් මී....

ටොක් ටොක්...

කාමරේ දොරට තට්ටු කරනවා ඇහෙද්දිම මං මෙච්චර වෙලා බලාන හිටිය සසිරුගෙයි මගෙයි චූටි කාලෙ ෆොටෝ එක ඉක්මනට හැංගුවා..

" එන්න.."

සසිරු කාමරේට ආවෙ ටවල් එකෙන් කොණ්ඩෙත් පිහ පිහ..

මේ මෝඩයා මෙච්චර රෑ වෙලා නාලද..

ට්‍රැක මේකට..

" ඔලුව පිහ ගන්නවා හොදට.."

මං කියද්දි සසිරු මං දිහා බලන් හිටියෙ පුදුමෙන්..එයා කණ්නාඩි දෙක නැතුව ලස්සනයි..හැබැයි ඉතින් ඒක දාන් ඉද්දි හෙන බුද්ධිමතා වගේ..

කලු ශෝට් එකට සුදු පාට ටී ශර්ට් එකක් ඇදලා පොඩි එකෙක් වගේ..

ආශ්..මේකා හෙන කියුට් අප්පා අල්ලලා මිරිකන්න හිතෙනවා..

මට එයා එක්ක කතා කරන්න ඕනි උනත් මොනාද අහන්නෙ කියලා හිතා ගන බෑ..ලැජ්ජයිත් වගේ..

" දැන්ම නිදා ගන්නවද.."

" අහ්..ලොකුවට නිදිමතක් නෑ සෙනාශ්.."

" හ්ම්ම්ම්.."

" ඔයා ලග පොත් තියනවද.."

මේසෙ උඩ ගොඩ ගහලා පොත් තියනවා පේද්දි මේ දරුවා මේ මොනාද අහන්නේ..

" මොන.."

" කතා පොත්..නවල්ස් එහෙම.."

" අහ්..මං පොත් කියවන්න ආස නෑ පොඩී ලගනම් තිබ්බා.."

" හ්ම්ම්..මං ඉල්ලන් එන්නම් ගිහින්.."

" ඉන්න.."

සසිරු කාමරෙන් යන්න යද්දි මං එයාව නැවැත්තුවා..

" කොණ්ඩෙ පිහ ගන්න තව ටිකක්..මං ගිහින් ඉල්ලන් එන්නම්.."

සසිරු ඔලුව හොල්ලලා ඇදෙන් ඉද ගද්දි මං නැගිටලා කාමරෙන් එළියට ආවා.

ඕයේ..ජයග්‍රාහී ලෙස වචන කීපයක් කතා කරා ඔන්න..මේ සෙනාශ් දස්සයා..

" ඒයි පොඩී.."

" මොකද.."

" දොර ඇරපන්.."

" මට බෑ.."

පොඩි එකාගෙ කාමරේ තියෙන්නෙ මගෙ කාමරේට ඉස්සරහින්..මං ඌට මගෙ කාමරේට එන්න දෙන් නැති නිසා ඌත් මට දැන් උගෙ එකට එන්න දෙන් නෑ..

මේකගෙ කට ගෙදෙට්ට විතරයි..මොකෙක් හරි මොනා හරි කිව්වොත් අයියේ ගාගෙන එන්නෙත් මං ලගට..

" ඇරපන් යකෝ..පොතක් ඕනි මට.."

" තොට මොන පොත්ද.."

" මට නෙවෙයි සසිරුට.."

" අහ් එන්න ඒනම් ඇතුලට.."

සසිරුගෙ නම කිව්ව පරක්කුවට දොරත් ඇරලා මූ කාමරේටත් මට ආරාධනා කරා..

" මොනාද මගෙ සුදු අයියට ඕනි කියන්නේ.."

" මොකක් හරි නවල් එකක් දීපන්.."

" මෙහෙමනේ ලොකු බූරුවෝ..එක එක්කෙනාගෙ තේරීම් වෙනස්..එයා කැමති මොන වගේ ඒවටද කියලා ඔයා දන්නෙ නෑ නේ..අන්න අතන තියනවා පෙට්ටියක් ඕකෙ ඔක්කොම කතා පොත් තියෙන්නෙ ගිහින් දෙන්න මගෙ සුදු අයියට එයා ඕනි එකක් තෝර ගයි.."

" ට්‍රැකද උබට.."

" ඔව් උබෙන් තමා බෝ උනේ..අනේ මේ අන්න අරක අරන් ගිහින් දෙන්න ඉක්මනට මගෙ සුදු අයියා බලන් ඇතී.."

යසයි ඒ ටිකට සසිරු මූට සුදු අයියත් වෙලා..

මං පොඩි එකාගෙ කාමරේ මුල්ලෙ තිබ්බ පෙට්ටිය අතට ගත්තා..

තදි කාඩ්බෝඩ් පෙට්ටියෙන් එකයි පොත්..හෙන බරයි ඉතින් සෙනාශ් වැඩ්ඩා නිසා හොදයි..

ආපිට කාමරේට එද්දි සසිරු මගෙ මේසෙ උඩ තිබ්බ මාළු ටැංකිය දිහා බලාන හිටියා..

මගෙ චූටි පුතාලා ටික ඔන්න අදුර ගන්න ඔය ඉන්නෙ සසිරු මාමි හොදද..

" ආ.."

ආව ගමන්ම මං ඇද උඩට පෙට්ටියේ තිබ්බ පොත් ටික ඔක්කොම හැලුවේ සසිරුවාට පොතක් තෝර ගන්න ලේසි වෙන්න..

පොඩ්ඩක් හෝව් මොකක්ද ඒ..

ඉස්සල්ලම මගෙ ඇස යොමු උනේ පොත් ගොඩ උඩම තිබ්බ කොල්ලො දෙන්නෙක් කිස් කරන පොත දිහාට වෙද්දි මොකක්දෝ හේතුවකට මගෙ ඇහිබැම රැලි ගැහුනා..

යසයි පොඩි පගයා මේවත් කියවනවද..හරිම අගෙයි අනාගතෙ පැහැදිලි පුතේ..අද ඉදන් හොයන්න ඕනි ඕකගෙ මිනිහා මොකාද කියලා..

" ඇයි ඔක්කොම ඇදට හැලුවේ.."

සසිරු කිව්වෙ පොත් ගොඩ ලග ඇවිත් ඉද ගන්න ගමන්..

හලන් නැතුව ඒක අස්සෙ තිබ්බ පොත්නම් මූට හොයා ගන්න වෙන් නෑ..ඇගිල්ලක් ගහන්නවත් ඉඩනම් තිබ්බෙ නෑ ඒක අස්සේ..

සසිරුට උත්තර නොදී මං ගිහින් ඇදට පැන්නෙ ෆෝන් එක අතට ගන්න ගමන්..

" පොඩී මෙච්චර පොත් කියවනවද.."

" හ්ම්ම්.."

ෆෝන් එක දිහා බලන් ඉන්න මුවාවෙන් මං එයා පොත් තෝරන දිහා හොරෙන් බලන් හිටියා..

ඇස් දෙක දිලිසෙනවා පොත් ටික දැකලා..ගොඩක් ආස ඇති පොත් කියවන්න..

" ඔයා දැන්ම නිදා ගන්නවද සෙනාශ්.."

අනේ කතා කරා..නම කියලම..හරි හුරතල් අප්පා..

" නෑ.."

" හ්ම්ම්ම්.."

සසිරු පොත් තුනක් තෝර ගෙන අනිත් ඒව ආයෙත් කාඩ්බෝඩ් පෙට්ටියට ඇහිරුවේ තිබ්බාටත් වඩා පිළිවලට..

මටත් ඉතින් දැන්ම නිදා ගන්න ඕනි කමක් නැති වෙද්දි මාත් ලෑස්ති උනේ ගේමක්වත් ගහන්න..සසිරු කණ්නාඩි දෙකත් දාන් ඇදට හේත්තු වෙලා පොත කියවන අතරේ මං ෆෝන් එකේ ගේම් එක ඔන් කර ගත්තා..

දන්නෙම නැතුව පැය දෙකක් විතර ගෙවිලා ගිහින් වෙද්දි පාන්දර එකත් වෙලා..මං ගේම් ගහලා ඉවර වෙලා ෆෝන් එක චාර්ජ් වෙන්න දාන්න බලද්දි සසිරු පොත බදාන නිදි..කණ්නාඩි දෙකත් ඇද වෙලා..

ෆෝන් එක චාර්ජ් වෙන්න දාලා මං එහෙම්ම ලං උනේ සසිරු ලගට..

කණ්නාඩි දෙකත් ගලවලා තුරුල් කරන් හිටිය පොතත් එක්ක පැත්තකින් තියලා එයාව පහලට කරලා ඔලුව කොට්ටෙන් තිබ්බෙ ඇහැරෙන්න ඉඩ නොදී..

නිදාගෙන ඉද්දිනම් ඔක්කොටම වඩා ලස්සනයි..

බ්ලැන්කට් එකත් පොරවලා මාත් එයාට එහා පැත්තෙන්ම නිදා ගද්දි සසිරු මගෙ පැත්ත හැරිලා ඇගට කකුලකුයි අතකුයි දාලා එක පාරටම එයා මාව බදා ගද්දි කරන්ට් එකක් වැදුනා වගේ උනා..

" සසිරූ..එහාට වෙනවකෝ.."

" ම්හුක්.."

මෙයාව කොච්චර එහාට කරත් එහාට වෙන් නෑ නින්දෙන්ම මාව තවත් තදින් බදා ගන්නවා..

කාලෙකින් මෙහෙම කාත් එක්කවත් නිදියලා නැති නිසා සසිරු මාව බදාන ඉද්දි මට දැනුනෙ නුහුරක්..ඒත් එයා ඇහැරෙයි කියලා බයට එයාට එහෙම්ම ඉන්න ඇරලා මාත් ඇස් පිසා ගත්තා..

සසිරුව බදාන මං දොයියන්නයි යන්නේ..

සසිරු pov

" සසිරූ............"

" මගෙ මිතුරේ..ඔබ තාම දොයිදෝ.."

මතීශ්ගෙ කටහඩ ඈතින් ඇහෙද්දි නින්ද කැඩුන මම හෙමීට ඇස් ඇද්දි මං හිටියෙ  සෙනාශ්ව හොදට බදාගෙන..

" සසි___ "

එයා දොරත් ඇරන් කාමරේට එද්දි මං සෙනාශ්ව බදාන ඉන්නවා දැකලා දොර ලග මතීශ් එහෙම්ම නතර උනා..

" අහම්..මතීශ්.."

" ම්ම්ම්ම්..ගුඩ් මෝනින්.."

" ගුඩ් මෝනින්.."

මං එහෙම ඉන්නවා දැක්ක මතීශ් මූණ එල්ල ගද්දි සෙනාශ්ගෙන් ඈත් වෙලා මං ඇදේ ඉද ගත්තෙ කම්මැලි අරින ගමන්..

හිතලා බදා ගත්තෙ නෑ දෙයියනේ ඉතින්..මතීශ්ව බදාගෙන පුරුද්දට මං මෙයාවත් බදාගෙන නිදියලා..

" ඔයාටනම් හොදට නින්ද ගිහින් නේ.."

බොරු කියන්න ඕන් නෑ නේ ඇත්තටම හොදට නින්ද ගියා..

" හ්ම්ම්.."

" මට නින්ද ගියෙ නෑ බං.."

මතීශ් කිව්වෙ මං ලගින්ම ඇවිල්ලා වාඩි වෙන ගමන්..

" තනියම නිදා ගන්න බෑ..තමුසෙ නැතුව නින්ද යන් නෑ.."

පොඩි එකෙක් වගේ කටත් උල් කරන් කියද්දි මං එයාගෙ කොණ්ඩෙ ඇවිස්සුවා..

" මොකෝ උදේම ආවේ.."

" පාලුයි.."

" මං නැතුව.."

" හ්ම්ම්ම්.."

" ම්හුක්..අම්මා..."

අපි දෙන්නාගෙ සද්දෙටද මංදා සෙනාශ් නිදි මතේම ඇදේ එහෙට මෙහෙට පෙරලෙද්දි අපි දෙන්නම බලන් හිටියෙ එයා දිහා වෙද්දි මේ මෝඩයා මං නිදන් හිටිය කොට්ටෙත් අරන් කකුල් දෙක අස්සෙ ගහ ගත්තා..

ර්‍ එයා ඊයෙ රෑ මාත් එක්ක හොදට කතා කර නිසා මට මාර සතුටක් දැනුනේ..

" ඒයි නැගිටපන් බූරුවා.."

" අනේ හුත්..පලකො යන්න.."

මතීශ් සෙනාශ්ට නැගිටින්න කියද්දි මතීශ්ට කොට්ටෙකින් ගැහුව එයා ආයෙත් අනිත් පැත්ත හැරිලා නිදා ගත්තත්..

" එළි වෙලා යකෝ නැගිටපන්.."

මතීශ් එයාට නිදා ගන්න නොදී එයාගෙ ඇග උඩ නැගලා පොරවන් හිටිය බ්ලැන්කට් එකත් ඇදලා විසික් කරා..

" මොන හු#තක්ද යකෝ..නිදා ගන්න දීපන්කො ගෙදර ඉන්න දවසෙවත්..උබ මොකද උදේ පාන්දර මගෙ කාමරේ කරන්නේ.."

" මං ආවෙ සසිරු බලන්න.."

" අහ්..ගුඩ් මෝනින් සසිරූ..ආයෙ නිදි මං ගුඩ් නයිට්.."

" ම්ම්ම්..ගුඩ් මෝනින්.."

" නැගිටපන් බූරුවෝ.."

" චහ්..උබ මහ වාතයක් මතීශ්..මට උබව පේන්න බෑ.."

" මටත් පේන්න බෑ ඒ උනාට නැගිටපන් දැන්.."

" හ්ම්ම් හ්ම්ම්..නැගිටින්නම් එහාට පල.."

මතීශ් සෙනාශ්ගෙ ඇගෙන් අයින් වෙද්දි එයා කොණ්ඩෙ හද හද කම්මැලි ඇරලා නැගිටලා ඇදෙන් ඉද ගත්තා..

" යන් කුක්කු බොන්න.."

සෙනාශ් කියද්දි මං එයා දිහා බැලුවෙ පුදුමෙන්..දත් මැදලා මූණ හෝදන්නෙත් නැතුවද මෙයත් කුක්කු බොන්න යන්නේ..

" ඇයි.."

" දත් මදින්නෙත් නැතුව.."

" දත් මැදලා කුක්කු බොද්දි ඒකෙ රස නැති වෙනවා හලෝ.."

" ඕකට කියලා වැඩක් නෑ සසිරු ඕකා පෙරේතයා.."

" ඔයත් එහෙමනේ ඉතින්.."

" හරි හරි ඉතින් ඕක ප්‍රසිද්ධියේ කියලා ලැජ්ජා කරන්න එපා.."

දෙකම එකයි..මුන්නම් හදන්න පුලුවන් එවුන් නෙවෙයි ආයේ..

" ඔයා බොන්න..මං හෝද ගෙන බොන්නම්.."

" හ්ම්ම්.."

සෙනාශ් ඔලුවත් කස කස ඇදෙන් බැහැලා යන්න ගියා..

" මං ඉක්මනට හෝදන් එන්නද.."

" හා..සීතල වෙන්න එපා ගොඩක්..මෙහෙ සීතලයි නේ.."

" හ්ම්ම්ම්.."

මං හෝද ගෙන එහෙම පල්ලෙහාට එද්දි මතීශ් සෝෆා එකේ කකුල් දෙකත් උඩට අරන් ඉදගෙන ටීවි බලන ගමන් ලොකු බිස්කට් ටින් එක්කට වැඩේ දෙනවා වගේම සෙනාශුත් ඒ විදිහටම කිරි කෝප්පෙට පිබ පිබ ටීවි බලනවා..

" සසිරූ..ආ පැටියෝ ඔයාගෙ කිරි එක.."

අම්මා මට කිරි එක ගෙනත් දෙද්දි අම්මට හිනා වෙලා ඒක අතට ගත්ත මං ගිහින් අර දෙන්නගෙ මැදින්ම වාඩි උනා..

" ආ.."

" කිරි එක බීලා කන්නම්.."

මතීශ් මට බිස්කට් ටින් එක දික් කරා..කිරි බොන ගමන් පැණිරස කන්න ගියොත් කිරි එකේ රස නැති වෙනවා..ඒ නිසා කිරි එක බීලා තමා කන දෙයක් කන්න ඕනි..

අම්මාගෙ කිරි එක හරි රහයි..

" සෙනාශ්.."

" මොකද.."

" රව්මක් දාන්න යමන්කෝ.."

" මට බෑ.."

" උබ හිටපන් එහෙනම් මං සසිරු එක්ක යන්නම්.."

" ආශ්...එන්නම් එන්නම් ඉතින්..ඔයාට කොහෙද යන්න ඕනි.."

" අපි මාලිගාවෙ යන්ද.."

සෙනාශ් අහද්දි දෙපාරක් නොහිතා මං එයාට උත්තර දුන්නෙ හරි ආසාවෙන්..කවදාවත් මං දළදා මාලිගාවට ගිහින් නැති නිසා ලොකු ආසාවක් ආවා මාලිගාවට යන්න..

*****

vote and comment..❤️

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!