Chapter 7: වැව රවුම ( part 6 )

තුන්කොන් BLWords: 24720

සසිරු pov

උදේට කාලා බීලා අපි ලෑස්ති උනේ මාළිගාවෙ යන්න..

කලු ඩෙනිමට මං අත් දිග ටී ශර්ට් එකක් දාන් ලෑස්ති වෙද්දි මතීශුත් සෙනාශ් එක්ක රණ්ඩු වෙලා කොහොම හරි එයාගෙ ශර්ට් එකක් ඉල්ලන් ඇද ගත්තා..සෙනාශ්නම් තනි සුදු ඇදගෙන බලන් ඉන්න ආස හිතෙන තරම් එයා ලස්සනයි හරියට නිකන් සුදු නෙළුම් මලක් වගේ..මතීශුත් ඊට දෙවනි වෙයිද ඉතින් ඌ කොහොමත් මොකක් ඇන්දත් පට්ට ලස්සනයි..තුන් දෙනාම ලෑස්ති වෙලා යන්න එළියට බහින්න යද්දිම ඔන්න..

" මාත් එනවා.."

සිතිජත් ලෑස්ති වෙලා දුවන් එද්දි අපි ඔක්කොම උන් හිටි තැන්වල නැවතුනා නැවතුනා..

" උබ කොහෙ යන්නද.."

" තෝ කට වහන් හිටපන්කො..මං සසිරු අයියා එක්ක එන්නම්.."

සෙනාශ්ට රැව්ව සිතිජ ඇවිත් මගේ කරට අත දා ගත්තා..

" ඕනි හු#තක් කර ගනින්.."

කුනුහරපෙකුත් කියාන ගිය සෙනාශ් කෙලින්ම නැවතුනේ කාර් එක ලග..

ඉන්නවාකො මං තමුසෙවත් හදලා ගන්න..පොඩි කාලෙ හිටිය කෙනා නෙවෙයි දැන් මේකා පණ්ඩිත පප්පෙක්..

" රාජා අංකල් අපිව මාළිගාවට ගිහින් දාන්නකෝ.."

" හරි ලොකු බේබි.."

සෙනාශ්ලාගෙ ඩ්‍රයිවර් වෙන්න ඇති කියලා කියන්න පුලුවන් කෙට්ටු සුදු මැදි වයසෙ මනුස්සයෙක්..ඒ මනුස්සයාගෙ හිනාව හරි සිරියාවන්තයි..සෙනාශ්ට කට පුරා හිනා වෙලා ලොකු බේබි කියලා කතා කරා..

" නගින්න.."

කාර් එකේ පිටි පස්සෙ දොර ඇරිය සෙනාශ් මට කාර් එකට නගින්න කියද්දි මං එයාට හිනා වෙලා කාර් එකට නැන්ගා..ඒත් එක්කම සෙනාශ් නගින්න යද්දි එයාව තල්ලු කරපු සිතූ නැගලා ඉද ගද්දි මතීශුත් නැගලා වාඩි උනා වෙද්දි සෙනාශ්ට ඉඩ නෑ ඉතින්..දෙන්නටම රැව්ව සෙනාශ් ගිහින් ඉස්සරහින් වාඩි වෙද්දි ඩ්‍රයිවර් අංකල් කාර් එක ස්ටාර්ට් කරන් පිටත් උනා..

හන්තානෙ පට්ට ලස්සනයි නේ..පහල ඉදන් උඩට එනවට වඩා උඩ ඉදන් පහලට යද්දි තමා ලස්සන වැඩියෙන් පේන්නේ..මං ෂැටර් එකෙන් එළිය බලාන් එද්දි මතීශ් සිතිජත් එක්ක ෆෝන් එකේ මොනාදෝ බලනවා සෙනාශුත් ෆෝන් එකේ..එයාලා එයාලාගෙ ලෝකවල ඉද්දි මං මගේ කොලපාට ලෝකේ..

හිතුවටත් වඩා ඉක්මනට විනාඩි කීපයන් යද්දි කාර් එක මාළිගාවට යන පාර ලග නතර කරද්දි අපි හතර දෙනා බැහැ ගත්තා..අංකල් ආපහු යන්න ගියා..අපිට ගෙදර යන්න ඕනි වෙලාවට එයි ආයෙ..

" මේ මේක එහෙම නෙවෙයි මාළිගාව ඈ මේකට එහෙම වදින්න එපා.."

" අනේ මේ මතීශ්.."

මං දන්නවා නේ ඒක මොකක්ද මාළිගාව ඉස්සරහම තියෙන්නෙ කුයීන්ස් හොටෙල් එක..මේකා එනවා නිකන් මාව විහිලුවට ගන්න..

" යන්ද.."

" උබ පලයන්කෝ ලොකු බූරුවා පණ්ඩිත නැතුව.."

ආයෙත් සිතිජ සෙනාශ්ට බැන්න නිසා එයා අපි තුන් දෙනාටම රවලා සාක්කු දෙකටත් අත් දෙක දාන් ඉස්සර උනා..

එතකොට සාක්කු දෙකට අත් දාන්ද යන්නෙ අපි මාළිගාවට..මල් කො..

" මතීශ්.."

" ම්ම්ම්.."

" මල්.."

" හුටා..එන්න අතනින් ගමු.."

මතීශ් මාවත් ඇදන් පැත්තකට යද්දි තමා මං දැක්කෙ වම් පැත්තට වෙන්න මල් ගොඩාක් තියනවා කියලා..ඒ හරියෙ නෙළුම් මල් පිරීලා..මට ගම මතක් උනා..

මතීශ් නෙළුම් මල් අටක් විතර අරන් මල් දුන්න කෙනාට දාහෙ කොලයක් දික් කරා..මේ නෙළුම් මල් අටට රුපියක් දාහක්..අපරාදෙ ඕක දන්නවානම් මල් ටිකක් කඩාන් එන්න තිබ්බා..ඒත් ඉතින් මල් ටික කීයක් දීලා ගත්තත් බුදුන්ට පූජා කරන්න නිසා සල්ලි ගැන මගෙ හිතේ කහටක් තියා ගත්තේ නෑ..

" ආ.."

මතීශ් මල් ටික මට දික් කරද්දි මං ඒ ටික අත් දෙකෙන්ම ගත්තා..

" සසිරු අයියා එන්නකෝ.."

සිතූ ආයෙත් මගෙ අතින් ඇදන් ඉස්සර වෙද්දි මාත් එයා එක්ක ගියා..මුන් තුන් දෙනා මාව තුන් පැත්තට අදිනවා..

මාළිගාවට ඇතුල් වෙලා අපි හතර දෙනාම ඉස්සරහට ගියා..ආව පලවෙනි පාර නිසාද මංදා මට එක අගලක්වත් මගාරින් නැතුව වටපිටේ හැම දේම බලන්න ඕනි උනා..අද වැඩිය සෙනගත් නැති වෙද්දි හිතට නිස්කලංක ගතියක් දැනුනා..

සෙරෙප්පු ටිකත් ගලවලා තියලා අපි මාළිගාවට ඇතුල් උනා..ඇතුල් වෙන තැනම දෙපැත්තෙ ඉන්න මාළු ටික බලලා යන්නත් අමතක කරේ නෑ..

ජීවිතෙ පළවෙනි පාරට මං මාළිගාවට ඇවිල්ලා දේවාලවලටත් ගිහින් මළිගාව ඇතුලෙ පැයක් විතර ඉදලා තමා අපි එළියට ආවා..මාතීශුයි සෙනාශුයි මාව මාළිගාවෙ යන්න පුලුවන් හැම තැනටම එක්කන් ගිහින් උන් දෙන්නා දන්න හැම දේම කියලා දුන්නා..හිතට මාර සැසසීමක් සතුටක් දැනුනේ..

" අයියා..දැන් ගෙදර යනවද.."

" දැන්ම යන්නෙ පිස්සුවටද එළියට පැන ගත්ත එකේ රවුමක් දාලා යන්.."

" හා.."

" මතීශ් ආයෙ කොහෙද යන්නේ.."

සෙනාශ් සිතිජ එක්ක රවුන් ගහන්න කතා වෙද්දි මං මතීශ්ගෙන් ඇහුවා..

" ලොකුවට කොහෙවත් යන් නෑ ඉතින් මේ ලග ලග රවුමක් දාමූ.."

" හා..."

මටත් මොකද ඉතින් මුන් එක්ක රවුන් ගහන්න තියනවානම්..ආව ගමන්ම රවුන් ගහන්න තියා ගත්තා කියලා අප්පච්චි දැන ගත්තොත් දැන්ම ඇවිත් මාව එක්කන් යයි..

කමන් නෑ ඉතින් කොල්ලො උනාම රවුන් ගහන්නත් එපැයි..

.

.

.

.

.

සෙනාශ් pov

සසිරු හෙන සතුටින් ඉන්නේ..ඒකමයි මට ඕනි උනේ තව ටිකක් එහෙ මෙහෙ ඇවිදලා ගෙදර යන්න..

පොඩීටයි සසිරුටයි ඉස්සර වෙන්න ඇරලා මං අර ඔරන්මොටන් එක්ක පිටි පස්සෙන් ආවා..

මාළිගාව ලග ඉදන් වැව රවුම දිගේ අපි ඉස්සරහට ඇවිද්දෙ වැව දිහා බලාගෙන..

" අයියා.."

" ම්ම්ම්.."

" අර බූවල්ලෙක් අරන්.."

පොඩී අත දික් කරේ පාර පනින තැනම තියන දිගට අඩු බඩු තියන මොක්කුදෝ ජාතියකට..

මේකට යන යන තැන තියන මගුල් ඔක්කොම අරන් දෙන්න ඕනි..

" ට්‍රැකද උබට.."

" අනේ.."

" ඇයි මට කියන්නෙ උබට ඕන්නම් ගනින්.."

" මොකක්ද හලෝ අරන් දීපන්කෝ.."

" ආ ආ..ඕනි මගුලක් කර ගනින්.."

සිතිජට මං රුපියල් පන්සීයක් දෙද්දි ඌ සසිරුවත් ඇදන් අර අඩු දිග සත්තු ජාතිය ගන්න ගියා..

වැඩක් තියනවාද ඕවගෙන් නිකාන් බූල් බූල් රෙදි කෑලි ටිකක් එල්ලලා බූවල්ලො වගේ හදලා මේකා මේ ආයෙ මේවා ගන්න ගියාට මං දැක්කා උගෙ කාමරෙත් ඉන්නවා අඩු දිග....... උන්..

මං තමා රවුමක් දාලා යන් කියලා කට වරද්ද ගත්තේ..

එයාලට ඕනි මගුලක් කර ගන්න කියලා වැවේ වළාකුළු බැම්මට අත් තියලා මං පොඩ්ඩක් වැවට එබුනා..

උබලට කන්න දෙන්න නෙවෙයි යකෝ මං වැවට එබුනේ..මං දිහා බලන්නෙ..

පත මාළුවෝ ඉන්නවා ආයෙ සුපිරි බඩු..මුන්ව අල්ලලා කන්නෙ නැද්ද දන් නෑ..බැරිවෙලාවත් මුන් බෝවෙලා බෝවෙලා වැව මාළුන්ගෙන් පිරුනොත්..

මට හෙන ආසාවක් තියනවා මේක අස්සෙන් පොඩ්ඩක් පීනලා බලන්න..කවුද දන්නෙ ඇතුලෙ ඩයිනසෝර්ලා එහෙම ඉන්නවද කියලා..නැත්තන් දියකිදුරියෝ එහෙම..තඩි බූවල්ලො උනත් උන්න පුලුවන්..වැව රව්මෙන් යන හැම පාරම ඔය මෝඩ අදහස ඔලුවට එනවා හැබැයි..

" ඕයි වරෙන් ආන් අරුන් යනවා.."

මාළුන්ගෙ සිහියෙ හිටිය මට මතීශ් පෙන්නුවේ අපිව දාලා යන සසිරුයි පොඩියි..

පොඩි ඇටයා සසිරුවත් ඇදන් සහස් උයන පැත්තටද කොහෙද යන්නේ..

" මොන හුත්තේ යනවද දන් නෑ මෙ පොඩි එකා මහා වාතයක් ඕයි.."

" කුනුහරප කියපන්කො උබ අරූට ඇහෙන්න.."

" ඇයි.."

" සසිරුවා කැමති නෑ..මං කුනුහරපයක් කියන හැම පාරම මතීශ් කුනුහරප කියන්න එපා ගානවා.."

මතීශ් ඇද කර කර කියද්දි මගෙ මූණට ආවෙ හිනාවක්..

" යමන්..යමන් දැන්.."

මතීශයා ඉස්සර වෙද්දි මාත් උගෙ පිටි පස්සෙන් ගියා..

ඉස්සර මට මේකා පේන්න බෑ..දැන් කියලත් වෙනසක් නෑ ඒත් ඉතින් අර සසිරුවා හින්දා මට මූ එක්ක කතා කරන්නම වෙනවා නේ..කොච්චර කරත් සහෝදරයා ඉතින්..පොර හොද එකා..

" කොහෙද උබලා දෙන්නා දැන් පණ්ඩිත කමට යන්නේ.."

" අච්චාරු කන්න යන්.."

ඉස්සරහින් ගිය පණ්ඩිතයෝ දෙන්නාගෙන් මං අහද්දි පොඩී උත්තර දුන්නා..

අච්චාරු ගන්නනම් ඉතින් යන්න බෑ කියන් නෑ මං..

පොඩි එකාට උත්තර නොදීම මං උන්ටත් කලින් ඉස්සර වෙලා සහස් උයනට ආවා..

පොඩි ඇච්චො බැච්චො ක්ලාස් කට් කරලා රවුන් ගහන්න එන්නෙම මේකට මොන ඇටයක් බලන්න එනවද මං දා..බලන බලන තැන සුදු අම්මිලයි සුදු තාත්තිලයි..මං නම් ඉදලා හිටලා එන්නෙ ඉතින් අච්චාරු කන්නයි මෝටර් ශෝ එකක් තිබ්බොත් ඒක බලන්නයි විතරයි..

අච්චාරු කඩේ අංකල් කාරයා හරි හොද පොර..ඕවත් ඉතින් බිස්නස් ට්‍රික් තමා මෙතෙන්ට කොහොමත් වැඩියෙක් කොල්ලො කෙල්ලොනෙ එන්නෙ එතකොට උන් එක්ක හෙන ෆ්‍රෙන්ඩ්ලි විදිහට කතා කරාම බිස්නස් එකට හොදයි..

මාත් ගිහින් අංකල්ව පොඩ්ඩක් ටෝක් කරලා ටෙස්ට් කරන්න තිබ්බ ඒවත් ඔක්කොම කාලා බලලා තමා තිබ්බ හැම ජාතියකින්ම අච්චාරු අරන් මල්ල පිටින් පොඩි එකාගෙ ඇගේ ගහලා අත් දෙකත් හොල්ල හොල්ල සසිරුයි මතීශුයි එක්ක ආපිට වැව රවුම පැත්තට ආවා..

" සෙනාශ් පොඩී කෝ.."

එක පාරටම මතීශයා පොඩී කෝ අහද්දි තමා මං පිටි පස්ස හැරිලා බැලුවේ..මෙච්චර වෙලා අපි පස්සෙන්ම ආව එකා නෑ..

මූ කොහෙ ගියාද..

" කෝල් එකක් ගනින්.."

මං ඉක්මනට ෆෝන් එක අරන් පොඩි එකාට කෝල් එකක් ගද්දි රින් වෙනවත් එක්කම ඌ ආන්ස්වර් කරා..

" කොහෙද උබ.."

" ඇයි අද තනියම යාලුවෝ නැද්ද.."

" මේ හලෝ මට මගෙ පාඩුවේ ඉන්න දීලා යනවද..මහ වාතයක් ඕයි තමුසේ.."

කෝල් එක ආන්ස්වර් කරත් පොඩී මට කතා කරන් නැතුව වෙන එකෙක් එක්ක කතා කරනවා ඇහෙද්දි මං හොදට අහන් ඉද්දි වැඩි වෙලාවක් යන්න කලින් මට තේරුනා ඌ කවුද කියන්න..

ඒ ඊයෙ මං ගැහුව එකා..යකෝ මුට ලැජ්ජාවක් නෑනේ ඊයෙත් ගුටි කාලා අදත් කන්න ලෑස්ති ඉතින්..

" මතීශ් සසිරු එක්ක හිටපන් මං ගිහින් එන්නම්.."

" මොකෝ කේස් එක.."

" අර හුත්තා ආයෙ පොඩි එකාට කරදර කරනවා..ඕම ඉදාන්.."

කෝල් එක කට් කරපු මං ආපහු සහස් උයනට දුවන් ආවෙ සසිරුලාට ඉන්න කියලා උනත් ඒ දෙන්නත් මගෙ පස්සෙන්ම ආවා..

" ඇයි මොකක්ද උබට වෙන්න ඕනි ආ.."

මං කිව්වෙ පොඩී ඉස්සරහින් ගිහින් හිටගෙන අරූගෙ උරහිස්වලට අත් තියලා ඌව පස්සට තල්ලු කරලා දාන ගමන්.. ඒ අතරෙ අර දෙන්නත් ඇවිත් මං ලග හිට ගත්තා..

" අයියා මල්ලි බබා පස්සෙන්මයි නේ දැන්.."

" චහ්.. අයියා විතරක් නෙවෙයි අලුත් ඩයල් දෙකකුත් ඉන්නේ..කවුද මේ රෝස මලක් වගේ කොල්ලා.."

" ඒයී.."

ඒ හුත්තා රෝස මලක් වගේ ගාගෙන සසිරුව අල්ලන්න සද්දි මතීශ් ඌට සද්දෙ දැම්මා..

" ඇත්තටම උඩට ලැජ්ජා නැද්ද ඕයි..එක පාරකුත් කෑවා නේද මගෙන් මදි නොකියන්න..ආයෙත් ඕනි වෙලාද.."

නලලත් මිරිකන ගමන් මං කියද්දි උගෙ ඇස් තිබ්බෙ සසිරු ලග..ඉදකින් කොලුකාරයා පොඩි එකාට පැණි හල හල ඉදලා ඒ පාර සසිරු දිහා බලාන ඌව ඇස් දෙකෙන්ම දූෂනේ කරනවා මේ හු#තා..අම්මපා දෙන්න පුලුවන් ඇට දෙන ඇබරිලා යන්න මල් පො#නයා..

" පල පල මට ගෙම්බෝ තලන්න බෑ අද..පොඩී එනවා යන්න.."

ඌට යන්න කියාගෙන පොඩීවත් ඉස්සර කරන් මං යන්න ගියත්..

" පොඩි එකාටනම් ගහන්නමයි හිතෙන්නේ.."

" අයියා මේක ගන්නවකො පොඩ්ඩක්.."

අච්චාරු මල්ල මගෙ අතට දුන්න පොඩී ලං උනේ අර වනචරයා ලගට..

" මටත් ගහන්නමයි හිතෙන්නෙ හලෝ.."

මේ මොනෝත්තක්ද ඒ පාර..පොඩී යටි තොලත් දිවෙන් තෙත් කර කර අරූගෙ යට ඉදන් උඩට උඩ ඉදන් යටට බලන්නේ මහා අසික්කිත විදිහට..

මූ මොකාටද එන්නෙ ඒ පාර..

" එන්නකො අයියේ පොඩ්ඩක් ලගට.."

කිව්ව පමාවට අරූ පොඩීට ලං වෙනවත් එක්කම..

මගෙ නම්බුව රැක්ක පොඩි එකා අත මිට මොලවලා අරූගෙ කම්මුලටම දුන්නා පාරක් ප්‍රතිඵලයක් වශයෙන් කටෙන් ලේ එන්නම..

අපි තුන් දෙනාත් ඒක දිහා පුදුමෙන් බලන් හිටියෙ..අපෙ පොඩි එකාට මෙච්චර දෙයක් පුලුවන් කියලා දැනන් හිටියෙ නෑ නැති නිසා..

" උබ..."

" හා හා හරිනෙ දැන් උබෙ පුකේ අමාරුව පලයන් එහෙනම් මෙතනින්.."

කම්මුලත් අල්ලාගෙන පොඩීට ඌ ඇගිල්ල දික් කරන් එද්දි මං ආයෙ ඌව පස්සට තල්ලු කරා..

" පොඩී යන්.."

අරූට අපිට දෙකක් ඇන ගන්න බැරුව තරහින් බලන් ඉද්දි අපි එන්න ආවා..

අදනම් සිරාවට ගෙම්බො තලන්න මූඩ් එකක් නෑ මට ඒ නිසා ඌ බේරුනා..අනික ඌ තනියම අපි හතරක්..තනි එකාට ගහලා වීරයෝ වෙන්න තරම් ලැජ්ජ නැති උන් නෙවෙයි නේ..

" සසිරු අයියා..........."

" ඇයි.."

" අනේ අත රිදෙනවා..........."

එක පාරටම පොඩී කෑ ගහන්න ගත්තේ අපි තුන් දෙනාම හිනස්සලා..

වැඩ්ඩා වගේ ශොට් එක දුන්නට මූටත් ඒක ලෙසටම රිදිලා..

" හොද වැඩේ පණ්ඩිතයා වගේ ගහන්න ගියාට..සෙනාශ් මෙයාගෙ අතේ ගාන්න මොනා හරි ගෙදර තියනවද.."

සසිරු ඇහුවෙ පොඩීගෙ අතින් අල්ලන්..

" හ්ම්ම් තිබ්බා ගිහින් ගාමු.."

" ඕයි මේ මූවත් බොක්ශින් ගහන්න යවපන්..උබට වඩා හොදට කරයි ඈ.."

" සිරාවට මටත් හිතුනා ඒකනම් ඊට පස්සෙ රෑට රෑට තෙල් සාත්තු කරන්න.."

" මේ..හැලපෙන්දො දෙන්නා කට වහන් ඉන්නවද.."

" අහ්..හරි හරි කට වහ ගත්තා ඈ..මටනම් මුගෙන් ගුටි කන්න බෑ සෙනාශ්..අංකල්ට කෝල් එකක් ගනින් ගෙදර යන්න.."

" ඉදාන්.."

පොඩීගෙත් අත රිදෙනවා කිව්ව නිසායි මටත් තව ටවුමට වෙලා ඉන්න හිත නොදුන්න නිසායි මතීශ් කියද්දිම මං අංකල්ට කෝල් එකක් දාලා අපිව ගන්න එන්න කිව්වා..

*****

vote and comment 🤝 ❤️