Chapter 9: නොංචි ( part 8 )

තුන්කොන් BLWords: 20314

සසිරු's pov

" සසිරූ..මගෙ ජොකා කෝ.."

" ඇද උඩ මිනිහෝ ඇස් පොට්ටද.."

දවස් කීපයක්ම ගෙවිලා ගියා..සෙනාශුත් දැන් මාත් එක්ක මතීශ් තරන්ම එකතුයි..උන් දෙන්නානම් තාම නයයි මුගටියයි වගේ හැම වෙලේම මරා ගත්ත ගමන්..

අපි ලෑස්ති ඉස්කෝලේ යන්න..මතීශ්නම් ඊයෙ රෑ ගෙදර ගියා නපුරු කුමාර් එයාව බලෙන්ම එක්කන් ගියා අම්මා බනිනවා කියලා..අද පළවෙනි දවස..එදා ඉන්ටවිව් එකට ගියාට අද තමා අපිට ඉස්කෝලේ පටන් ගන්නේ..අලුත් දොලහේ කොල්ලෙක් මං දැන්..

සෙනාශ් මතීශ්ට හපන් ඩයල් එක පුදුම හුරතලයක් තියෙන්නෙ..මං ආව දවස් ටිකේ ලොකු අයියා වගේ හැසිරුනාට ඒකාගෙත් ජොකාගෙ ඉදන් හොයලා දෙන්න ඕනි මං දැන්..මං ලෑස්ති වෙලා ඔක්කොම කරගෙන ඉවර වෙද්දි තමා සෙනාශ් ඇහැරියේ වෙලා ගිය නිසා දැන් නටනවා භූමිතෙල් ගෑවුන ගැරඩියා වගේ..

" මේක තමුසෙගෙ එකනේ.."

" මගෙ නෙවෙයි හලෝ ඕක උබෙ ඉක්මනට ඇදගෙන එනවා පල්ලෙහට.."

" එපා ඔකොම ඉන්නවා මාත් එනකන්.."

එයා ලෑස්ති වෙනකන් මං ඇදේ ඉද ගත්තා..

" මේ සෙනාශ්.."

" ම්ම්ම්ම්.."

" අපි අලුතෙන් නිසා කොල්ලො අපිව රැග් කරයිද.."

" ඔව් ඉතින්..එහෙම නැති වෙන් නෑ නේ..පොඩ්ඩක් බයිටට ගයි ඕවා ගනන් ගන්න එපා.."

" එතකොට ටොයිලට් එකේ වතුර ඒම බොන්න දෙයිද..නරක් වෙච්ච කෑම කවයිද ඇදුන් ගලවලා වද දෙයිද.."

" මොනාද බං කියන්නෙ ඔය..ට්‍රැකද.."

" ඇයි ඉතින් එහෙම කරයිද.."

" ඔව් ඈ කියන්න බෑ ඉතින්..උබ මරු කද නේ ලැට් එකක් අස්සටවත් ඇදන් යයිද දන් නෑ තමුසෙව..ඊට පස්සෙ තුන් හතර දෙනෙක් එකතු වෙ__"

" අනේ පලයන්කෝ.."

සෙනාශ් මගෙ මූණට ලං වෙලා ශර්ට් එකේ බට්න්ස් දාන ගමන් කියද්දි මං එයාව එහාට තල්ලු කරා..

ඇත්ත්ටම එහෙම කරයිද..යාහ්හ්..ඇගේ හිරිගඩුත් පිපුනා..

" ආරව්..මොකද කරන්නෙ තාම හතටත් ලගයි..මේ තාත්තිටයි මල්ලිටයි වෙලා යනවා ඉක්මනට එන්න.."

" හරි හරි අම්මා මේ එනවා..සසිරු මගෙ කොණ්ඩෙ හදනවකෝ.."

අම්මත් එළියෙ ඉදන් කතා කරනවා වෙලා ගිහින් නිසා..සෙනාශ් ඇද අයිනෙ කකුල තියාන සපත්තුවේ ලේස් එක ගැට ගද්දි මං නැගිටලා එයාගෙ කොණ්ඩෙ හැදුවා..

" ශික් කොණ්ඩෙ කපලා පට්ට කැතයි නේ.."

" එහෙම නෑ..කියුට් හලෝ පොඩි එකෙක් වගේ.."

" යාහ්හ්..එන්න එපා ඕවට ඈ..මං කියුට් නෑ.."

" ඔව් ඔව් කියුට් නෑ..හා පැටියෙක් වගේ..එනවා ඉක්මනට පල්ලෙහාට.."

" සසිරූ..."

සෙනාශ්ගෙ කම්මුල මිරිකලා මං කාමරෙන් එළියට එද්දි එයා අස්සෙ ඉදන් මට කෑ ගැහුවා..සෙනාශ් කැමති නෑ එයාට කියුට් කියනවට ඒ උනාට හැම වෙලේම හුරතල් වෙන්නනම් ඕනි..

" සුදු අයියා.."

" ගුඩ් මෝනිං බටු ඇටයෝ.."

" ගුම් මෝනින් ගුම් මෝනින්..ලොකු බූරුවා තව ලෑස්ති නැද්ද.."

" නෑ එයා එයි අපි යන් පල්ලෙහාට.."

පොඩීත් එක්ක මං පහලට යද්දි අම්මා කෑම පෙට්ටි තුනක් තියාන ඉන්නවා අපි එනකන්..

" සසිරූ අරයා තාම ලෑස්ති නැද්ද පුතේ.."

" ලෑස්ති අම්මා.."

" ආ කෑම..මේක ඔයාගෙ අනිත් එක ලොකූගෙ.."

අම්මට හිනා වෙලා මං කෑම දෙක අතට ගද්දි එයා මගෙ කම්මුලෙන් චූටි හාද්දක් තිබ්බා..

" පරිස්සමින් ගිහින් එන්න හරිද.."

" හරි අම්මා.."

" පොඩී හවස මොනා හරි තියනවද අද.."

" නෑ නෑ..කෙලින්ම ගෙදර..අරයට ඉක්මනට එන්න කියන්නකො අම්මා මටනෙ වෙලා යන්නේ..එයාලට ලග උනාට මං යන්න එපැයි හෙන දුරක්.."

" ආරව්..ඉක්මනට එන්න.."

" මෙ එනෝ.."

සෙනාශ් බෑග් එකත් කරේ දාන් පහලට දුවන් එද්දි මං පොඩී එක්ක අම්මට වැදලා ගෙදරින් එළියට ආවා..

තාත්තාගෙනම් රතු කට්ට පැනලා වගේ..

" මගෙන් ගුටි නොකා තුන් දෙනාම ඉක්මනට ආවොත් හොදයී.."

" අයියා තමා තාත්ති වෙලා යන්නේ.."

තාත්තා වාහනේ ස්ටාර්ට් කරන් අපිට බනිද්දි තවත් බැනුම් අහන්න ලෑස්ති නොවුන අපි ඉක්මනට කාර් එකට නැන්ගා..

" ආ කෑම එක.."

" ස්තූති ස්තූති.."

මං අතේ තිබ්බ කෑම එක සෙනාශ්ට දෙද්දි එයා ඒක බෑග් එකට දා ගත්තා..

තාත්තයි මල්ලි ඉස්සරහා අපි දෙන්නා පිටි පස්සහා..තාත්තටනම් අද වෙලා යයි එයා පොඩීවත් ඉස්කෝලේට දාලම එන්න එපැයි..ඔක්කොටම මුල සෙනාශ් තමා..පාන්දර වෙනකන් ගේම් ගහ ගහ ඉදලා පැය දෙක තුනක් නිදාගෙන වෙලා ගිහින් නැගිටිනවා..

.

.

.

.

.

.

" මොකද නැවතිලා එනවා යන්න.."

කාර් එකෙන් බැහැලා ගේට් එක දිහා ඔහේ බලන් ඉද්දි සෙනාශ් මට කතා කරා..

" බය වෙලාද.."

" ම්හුක් අඩු වයසින්ම කොල්ලො අතින් දූෂනේ වෙන්න බෑ....."

" මොලේ අමාරුවද සසිරූ මෙන්න මෙහෙ එනවා.."

සෙනාශ් මාව ඇදගෙන ඇතුලට යද්දි බෑග් එකත් චෙක් කරගෙන අපි කෙලින්ම ආවෙ පංතියට..වංගු නෑ ආයෙ කෙන්ම පංතියේ..

" අඩෝ බොක්ක..වනක්කම්.."

" හුත්..බඩට ගහන්න එපා යකෝ කාලා ආවෙත් නෑ උදේ.."

ඒ සෙනාශ්ගෙ යාලුවෙක්..එයා සෙනාශ්ව බදාගෙන කතා කරද්දි පංතියේ පිටිපස්සෙම ඉදන් හිටිය මතීශ් මට කතා කරා..

" මොකද යකෝ බය වෙලා වගේ.."

" රැග් කරයිද.."

" මොලේ අමාරුවද.."

" ඉතින් සෙනාශ්නෙ කිව්වේ.."

මං මතීශ්ට උත්තර දෙද්දි ඒ මෝඩයා මට හිනා වෙන ගමන් ඩෙස් එකේ ඔලුව තියා ගත්තා..

" උබලා දෙන්නා ඔතනද ඉන්නේ.."

" ඇයි උබට ඉස්සරහට යන්න ඕනිද.."

" ට්‍රැකද..වරෙන් රුක්ශාන් මෙතෙන්ට.."

සෙනාශුත් එයාගෙ යාලුවා එක්ක ඇවිත් අපි දෙන්නා ලගින්ම ඉද ගත්තා..මතීශ් මුල්ලෙ ඊට පස්සෙ මම මට පස්සෙ සෙනාශ් එයාට එහා පැත්තෙ රුක්ෂාන්..පංතියේ අන්තිම පෝලිම ඔන්න දැන් අපේ..

" අද උගන්නන එකක් නෑ නේ.."

" පලවෙනි දවසෙ මොන ඉගැන්නිලිද ඕයි මැඩම්ලා සර්ලා ඇවිල්ලා බොරූවට මොනා හරි කියව කියව ඉදලා යයි.."

" අර වැඩේ හරිද.."

" මොන.."

" අලුත් උන්ට.."

සෙනාශ් රුක්ෂාන් එක්ක ලොකු කතාවක්..මොකක්ද ඒ අලුත් උන්ගෙ සීන් එක..අනේ අප්පච්චි මට මුන් අතින් ඉදුල් වෙන්න බෑ..මාව එක්කන් යන්නකෝ..

" අහ්..බඩු හරි.."

" මතීශ්.."

" ම්ම්ම්.."

" මුන් මොකද කරන්න යන්නේ.."

" කවුද දන්නෙ බං.."

" මාව දූෂනේ කරයිද.."

" ජොන්කොලොස් කතා කියන් නැතුව ඉන්නවා සසිරූ.."

" එහෙම කරන් නැති වෙයි නේ.."

" නෑ යකෝ.."

ඒ උනාට බයයි නේ..ලස්සන කෙල්ලෙක් කොල්ලෙක් අතින්නම් කමකුත් නෑ මේ වගේ නහට්ටො අතින් ඒ වගේ දෙයක් උනොත් අපරාදෙනේ..

මොන නාඩගමක් නටන්න යනවද දන් නෑ මුන්..

.

.

.

.

.

.

.

පලවෙනි පීරියඩ් එකත් පටන් ගත්තා..ඉස්කෝලේට ඇවිල්ලා ටික වෙලාවක් යද්දි බෙල් කරලා ගාථා කියලා පාසල් ගීයත් කියලා ඔක්කොම ඉවර වෙලා පංති භාර සර් ඇවිල්ලා මොනාදෝ මොනාදෝ කියලා ප්‍රින්සිපල් හම්බෙලා එන්නම් කියලා ගියා..

" සෙනාශ් වරෙන්කෝ.."

රුක්ෂාන් සෙනාශ්ට කතා කරද්දි ඒ පරක්කුවට සෙනාශ් එයා එක්ක ගියා..ඒත් රුක්ෂාන් මග නතර උනා සෙනාශ් වෙන එකෙක් එක්ක පංතියෙන් එළියට ගියා..

" මතීශ්..මක්කැයි මේ වෙන්න යන්නේ.."

" මං දන් නෑ.."

" උබ මෝඩයා ඉතින් මුකුත් දන් නෑ.."

" දන් නෑ තමා යකෝ.."

" අහ්ම්..අද ඉස්සල්ලම දවසනේ අපි පොඩි අතල් එකක් ගමු..පරණ උන් ටිකයි ඉන්නේ අලුත් උන් ගොඩයි ඒ නිසා අලුත් උන්ව නිකන් අතාරින්නත් බෑ.."

රුක්ෂාන් ඉස්සරහා ඉදන් කිව්ව ඒවට වෙන්න යන්නෙ මොකක්ද කියලා තේරුන මගෙ බඩ පපුවත් එක්ක සීතල වෙලා ගියා..

" අනේ මතීශ්.."

මං මේ කලබල වෙලා ඒ උනාට මේ මිනිහා හිනා වෙනවා..

" ටිකක් ඉන්න කට්ටිය ඈ.."

රුක්ෂානුත් එළියට ගියා..දැන් ඔක්කොලාම උස්සන් එයිද දන් නෑ ටොයිලට් වතුරයි නරක් වෙච්ච කෑමයි..

" කප්පරක් ගෑණු උන්නත් මේ වගේ ළදක්..කොයි ඉසව්වකින් ආවද මේක හීනයක්.."

එක පාරටම එළියට ගිය රුක්ෂාන් සිංදුවකුත් කියාන සෙනාශ් එක්ක පන්තියට එද්දි හැමෝම වගේ හිනා වෙන්න ගත්තා..

හිනා උනේනම් සෙනාශ්ට මං හිතන්නේ..ශර්ට් එක උඩට කරලා හැට්ටයක් වගේ හදාන ඒක අස්සටත් මොනා හරි ඔබා ගෙනද කොහෙද පපුවත් ලොකු කරන්..

" අඩේ සසිරුවා මූන්ට මේ මොනා වෙලාද.."

" මං දන් නෑ.."

" කන්කරච්චලේන් බේරිලා ඉන්න තව ටිකක් දෙයියනේ...නොංචි මේ ලගින් නැති එක පූරුවේ පිනක්.."

රුක්ෂාන් හෙන ආතල් එකට රගපාන ගමන් සිංදුව කියද්දි සෙනාශුත් නොංචි වගේ රගපාන්න ගත්තා..මුන් අපිට පලවෙනි දවසෙම නොංචි කෝලම පෙන්නනවද..

" රංකදක් වගේ ඒකිගේ මූණ රත්තරං..දෙනතකත් අගෙයි හරියට මක්කදෝ වගේ.."

රුක්ෂාන් සෙනාශ්ගෙ එහෙන් මෙහෙන් අල්ල අල්ල කියද්දි සෙනාශ් හැටට හැටේ රවන ගමන් ඇබරෙනවා ඇබරිල්ලක් ආයෙ නෑ..මං හිනාව කාගෙන එයාලා දිහා බලන් ඉද්දි මතීශ්නම් හුස්ම ගන්නත් ඇරි වෙනකන් හිනා වෙනවා..

" අඩෝ..මේවා තමා කැමරාවට හසු වෙන්න ඕනි ඒ උනාට ඕනිම වෙලාවල්වලට බඩු නෑ නේ.."

" හොල්ලලා ගමන් යනකොට තම්දෙනත් තනම්..රෙගතත් තට්ටමෙන් කියයි මේකිගෙ ගාය කොයි තරම්.."

තට්ටම තමා රුක්ෂාන් සෙනාශ්ගෙ පස්සට ගහලා කියද්දි සෙනාශ් පස්ස වැනුවා වැනිල්ලක්..එහෙම වැනිලි මං කොහෙවත් දැකලා නෑ..

" තුන්පොළේ අඩව් අල්ලන නොංචිගේ කටේ සව්දමෙන් ටිකක් බේරිලා ඉන්න මේ වගේ.."

" මේ වගේ පින් කදක් ළගින් මට ඇලවෙන්න නෑ පිනක් අම්මපා නොංචිලා දහක් පරදන මේක රන් කදක්.."

ඇගිල්ලත් කටේ ගහන් රුක්ෂාන් දිහාට පපුව දික් කර කර නටපු සෙනාශ් අන්තිමට නොංචි කෝලම ඉවර කරේ රුක්ෂාන්ගෙ කරේ නැගලා..

" අඩෝ..පහරක් ඈ.."

නොංචි කෝලම පෙන්නලා ඉවර කරමු සෙනාශ් අන්තිමට ලැජ්ජා හිතිලද කොහෙදෝ ගෑණියෙක් වගේම අපි ලගට දුවන් ආවේ අත් දෙකෙන් මූණ වහන්

" මොනාද ඕයි ඕක අස්සෙ ඔය ඔබාන ඉන්නේ.."

" අනේ හු.."

මතීශ් සෙනාශ්ගෙ පපුව මිරිකද්දි සෙනාශ් එයාගෙ අතට ගහලා ශර්ට් එක අස්සෙ ඔබාන් හිටිය ලේන්සු ටික එළියට ගත්තා..

" මොනා නැතත් උබට හරියනම චරිතෙ ඈ..නොංචි..හහ්හ්හා.."

" අර බලනවකෝ ශර්ට් එක දැන්.."

එක රැල්ලක්වත් නැති වෙන්න මැදලා දුන්න ශර්ට් එක දැන් පොඩි වෙලා නිසා එයාට රවන ගමන් ශර්ට් එකේ යට බට්න්ස් ටික දාද්දී මේ මෝඩයා මට විරිත්තනවා..

" උබලා පිලි ගන්න දැම්ම ඩාන්ස් එකක් කියලා හිතා ගනින්කො..අලුතෙන් ආවා කියලා රැග් කර කර නිකන් කැරි ආතල් ගන්න ඕනි නෑ බං අද ඉදන් එකා වගේ හිටපන් ඔක්කොම..කොහොමත් ආර්ට් ක්ලාස්වල ඉන්න උන් වෙනම ජාතියක්නෙ..උබලට ඕනි විදිහට නටලා කරලා හිටපල්ලා අනවශ්‍ය ප්‍රශ්න දා ගන් නැතුව නිකන් හිටන් ලේසි බුවෙක් නෙවෙයි ඔහොම හිටියට.."

" සෙනාශ්..නිකන් හිටන් කියන්නෙ කවුද.."

රුක්ෂාන් කිව්ව දේ හරියට තේරුන් නැති නිසා මං සෙනාශ්ගෙන් ප්‍රශ්න කරා..

" සර්.."

" ඇයි ඒ.."

" පොර හැම වෙලේම නිකන් හිටන් කියන වචන දෙක කියනවා.."

සෙනාශ් මට උත්තර දුන්නෙ පුටුවෙන් වාඩි වෙන ගමන්..මුන්නම් පුදුම කොල්ලො ටිකක්..සෙනාශ් කියනවා වගේ මුන් ඔක්කොටම හොදටම ට්‍රැක..කිසිම ලොකු කමක් නැති උන් ටිකක් නිසා සතුටුයි හැබැයි..

*****

Vote..👇❤️