Back
/ 50
Chapter 3

[දෙවෙනි කොටස]

දේදුනු හාදු [TK] On Hold

ඊයේ රෑ තිබ්බ එලාම් එකට පිං සිද්ධ වෙන්න පාන්දර 4ට මට ඇහැරුනා.. ටිකක් වෙලා ඇදෙන් ඉදගෙන වටපිට බලලා ජනෙල් දෙකත් ඇරලා ඇවිස්සිලා තිබුණ ඇදත් හදලා ෆෝන් එකේ ඩේටත් ඔන් කරලා තුවායත් අරගෙන මං බාතෲම් එකට ගියේ අලුත් ස්කෝලෙට යන්න ඇඟ හෝදගන්න..

පැය භාගෙකින් ඇඟ හෝදගෙන ඉවර වෙලා අල්මාරිය ළගට ආව මම දොරේ එල්ලලා තිබ්බ ඊයෙ අයන් කරපු සුදු කලිසම ඇඳගත්තා.. සුදු යට බැනියම ඇදලා ඒකට උඩින් පැත්තකින් ස්කෝලේ ලාංචනේ තියෙන සුදු කමිසය ඇඳගෙන කළු මේස් දෙකට කළු සපත්තු දෙකත් දාගෙන කණ්නාඩි මේසේ උඩ තිබුණ අළු පාට ඔරලෝසුවත් අතේ බැඳගත්තා..

පනාවෙන් ගානකට කොණ්ඩෙ පීරගෙන මං ආසම බේබි ක්ලෝන් එකෙන් ඔලුවට හලාගත්තා.. ඒක මගෙ අප්පච්චි මට අරන් දුන්න එකක්.. පොඩි කාලෙ ඉදන්ම මං ඒ සුවඳට ආසයි ඒක හදලා තියෙන්නෙ චෙරි බ්ලොසම් මල් වලිනුයි පිච්ච මල් වලිනුයි.. ඊයෙ රෑම ලෑස්ති කරලා තිබුණ අලුත් පොත්දාපු බෑග් එකත් අරගෙන මං කාමරෙන් එළියට එද්දි කුස්සියෙ අයියා ලුණු මිරිසක් කොටනවා අම්මා කිරිබත් එකක් හැදිගානවා..

" ඕහ් ගුඩ් මෝනින් පොඩ්ඩො.. මං හිතුවා ඇහැරවන්න එන්න වෙයි කියලා.. "

" ගුඩ් මෝනින් අම්මි, අයියා.. නෑ අනේ මං එලාම් එක තියලනෙ නිදාගත්තෙ.."

" ඒක තමයි.. ඔක්කොම ලෑස්ති නේද මල්ලි.. "

" ඔව් අයියෙ ඊයෙ රෑ මං පොත් හදාගත්තා.. "

" සුදු පුතා එලියෙ සුදු මල් ගහෙන් මල් ටිකක් කඩන්නකො පුතේ.. මං මේ කිරිබත් ටික ලෑස්ති කරනකම්.. "

" හරි අම්මී කෝ අප්පච්චි.. "

" අප්පච්චි ගියා පුතා ඔයා යන ස්කෝලෙ විදුහල්පතිගෙ ගෙදරට ගිහින් එන්න.. "

" ඈහ් මේ උදේ පාන්දර ඇරත් මේ ළග නෙවෙයි නේද තියෙන්නෙ අම්මී.. "

" මොකද නැත්තෙ පුතා විදුහල්පතිගෙ ගෙදර තියෙන්නෙ අයියගෙ ගෙදර ඉදන් ගෙවල් පහක් වගේ එහායින්.. "

" මොකක් අප්පච්චි මට කිව්වෙවත් නෑනේ අනේ.. "

" අප්පච්චිට අමතක වෙන්න ඇති සුදු පුතා.. දැන් යන්න ගිහින් මල් ටික කඩාගෙන ඇවිල්ලා පහන ලෑස්ති කරන්න ළමයො දැනටමත් 5.30 හොදේ.."

අම්මා මාව කුස්සියෙන් එලවද්දි පොඩි මල් වට්ටියත් අරගෙන දොරත් ඇරගෙන එළියට ඇවිල්ලා වටපිටාව පොඩ්ඩක් බැලුවා.. මෙහෙත් නුවර වගේ තමයි අනේ.. උදේම නිසා ලාවට මීදුම වගෙත් තියෙනවා.. පුදුම සීතලක්නෙ තියෙන්නෙ.. ටිකක් වෙලා ඉදලා මං එලියෙ තිබ්බ සෙරප්පු දෙකත් දාගෙන ඉද්ද මල් ගහ ළගට ගිහින් වට්ටියට මල් කඩන්න පටන් ගත්තා..

මුලු මිදුලෙම තණකොළ වවලා ඒවා ගානකට තියෙනවා.. මිදුලෙ දකුණු පැත්තට වෙන්න පොඩි පොඩි මල් පැල වගේකුයි කෝමාරිකා හිටවපු පෝච්චි දෙකකුයි තිබ්බා.. එතකොට මං ඉන්න පැත්තෙ ඉද්ද මල් ගහයි පිච්ච වැලකුයි තිබ්බා.. තව අයිනකට වෙන්න එතන වැඩිය පේන්නෙ නෑ අදුරුයි වගේ අඹ ගහක් යට ගල් බංකුවක් දාලා පොලවට ගල් අල්ලලා හදලා තිබ්බා.. ලස්සනයි..

මල් ටිකත් කඩාගෙන එලියෙ තිබුණ ටැප් එකෙන් පැන් ටිකකුත් ඉහගෙන මං ගේ ඇතුලට ඇවිල්ලා පහන තියලා බුදුන් වැදලා ඉවර වෙලා ආයෙම කුස්සියට යද්දි අම්මා කිරිබත් හදලා ඉවර වෙලා තිබුණා.. අයියා හිටියෙ නෑ ලෑස්ති වෙන්න යන්න ඇති..

" අම්මියෝ ඔයා ලෑස්තිද.. අප්පච්චි තාමත් නෑනේ අනේ.. "

" සුදු පුතා පොඩ්ඩක් ඉන්න ළමයෝ.. අප්පච්චිව ගිහින් එක්කන් එන්නකො අයියා එක්ක ගිහින් මං ලෑස්ති වෙලා එන්නම්.. "

" මොකක් අනේ මට බෑ අයියෝ.. "

" අනෙ පනේ නෙවෙයි විදුහල්පතිගෙ ගෙදරට නෙ යන්නෙ ගිහින් එන්න ඔය මේසේ උඩ ඇති කිරිබත් පිගානක් ඒකත් අරගෙනම යන්න හොදේ.. "

" අයියෝ අනේ හරි හරි මං යන්නම්.. අයියේඒඒඒ.. "

" මොකද බබා බෙරිහන් දෙන්නේ.. "

" අයියෙ එනවකො අර මං යන ස්කෝලෙ ප්‍රින්සිපල්ගෙ ගෙදෙට්ට ගිහින් එන්න.. අප්පච්චිව කතා කරගෙන එන්න කියලා අම්මා කිව්වා.. "

" ආහ් යන් යන් එහෙනම්.. "

අයියා එන්නම් කියලා කිව්ව නිසා මං මේසේ උඩ වහලා තිබුණ කිරිබත් පිගානත් අරගෙන ඉස්තෝප්පුවෙ තිබ්බ සෙරප්පු දෙක දාගෙන පොඩි පාරට ආවා.. අයියා දන්නවා ඇතිනේ එයා මට ඉස්සරහින් යද්දි මං එයාගෙ පිටිපස්සෙන් ගියා.. තවමත් හරියට එලියක් වැටිලා තිබ්බෙ නැති නිසා ලා කලුවරක් එක්ක මීදුමක් වැටිලා තිබ්බා.. පාරෙ අයිනෙ තිබ්බ ගෙවල් හතරක් පහු කරගෙන යද්දි අයියා අන්තිමට කළු පාට ගේට්ටුවක් ලග නැවතුනා..

ප්‍රින්සිපල්ගෙ ගෙදර උනත් මොකද ඒක හරිම සාමාන්‍ය ගෙදරක්.. සාමාන්‍යයෙන් ලොකු වත්තක් මැද සුදු තීන්ත ගාලා හදල තිබුණ ගෙදර දොර ඇරලා තිබුණා.. ප්‍රින්සිපල්ගෙ වෙන්න ඇති කියලා හිතෙන කළු පාට වාහනයක් මිදුලේ අයිනට වෙන්න නවත්තලා තිබ්බා.. අයියා ගේට්ටුව ඇරගෙන ඇතුළට ගිහින් මිදුලෙන් සෙරප්පු දෙක ගලවලා ඉස්තෝප්පුවට ගිහින් එතන බිත්තියෙ තිබුණ බෙල් එක ගැහුවා..

විනාඩි දෙකක් විතර යද්දි ලොකුවට සුදු නැති අපෙ අම්මි වගේම තළ එලෙළු ලස්සන ගෑණු කෙනෙක් ඉස්සරහට ආවා.. මං හිතන්නෙ මං ප්‍රින්සිපල් සර් බැඳලා ඉන්න කෙනා වෙන්න ඇති.. අපිත් එක්ක කට පුරාම හිනා උන ඒ නැන්දා අපෙ අයියත් එක්ක කතා කරා..

" අනේ මේ තිසුක පුතානෙ ගුඩ් මෝනින් කොල්ලෝ මොකෝ මේ උදේ පාන්දරම.."

" ගුඩ් මෝනින් නැන්දේ.. මේ අපෙ නුවර නැන්දගෙ එකම පුතා එයා යන්නෙත් මල්ලිලා යන ස්කෝලෙටමනෙ.. උදේ මෙයාගෙ තාත්තා මෙහෙ ආවනෙ ප්‍රින්සිපල් සර්ව හම්බෙන්න.. දැන් ස්කෝලෙට යන්න මාමව කතා කරගෙන යන්න ආවේ.. "

" ඕහ් එහෙමද.. කෝ බලන්න සූරියබණ්ඩාර අයියගෙ පොඩි පුතාව.. "

මෙච්චර වෙලා අයියගෙ පිටිපස්සට වෙලා හිටිය මාව අයියා ඉස්සරහට කරද්දි මං ඔලුව උස්සලා ඉස්සරහ බැලුවා..

" අනේ දෙයියනේ පුංචි කොලු පැටියගෙ ලස්සන.. මට ගෙදර තියාගන්න හිතෙනවා අප්පා.. "

" හී හී.. "

මං හිතුවෙ නැන්දට හාට් ඇටෑක් හැදේවි කියලා.. මගෙ කම්මුල් දෙක රතු වෙනකම්ම දෙපැත්තට ඇදපු නැන්දා මාව ගෙදර තියාගන්න හිතෙනවා කියද්දි මං දත් තිස් දෙක පේන්නම හිනා උනා..

" පොඩි පුතේ, පොඩි පුතේ මෙහෙ එන්න ළමයෝ ඔයාට යාලුවෙක් ඉන්නවා.. "

මගෙ අතේ තිබුන පිගාන අයියා අරගෙන ඇතුලෙන් තිබ්බම නැන්දා මගෙ අත් දෙකෙන් අල්ලගෙන කාටදෝ කතා කලා.. පොඩි පුතා කියන්නෙ මං හිතන්නෙ ඒ ප්‍රින්සිපල්ගෙයි නැන්දගෙයි දෙවනි ළමයා.. එතකොට අනිවාර්යයෙන්ම තව කෙනෙක් ඉන්න ඕනනෙ.. විනාඩි පහක් විතර යද්දි මට වඩා චූට්ටක් විතර කොට සුදු චීස් බෝලයක් වගේ හුරතල් කොල්ලෙක් අපි ඉන්න පැත්තට ආවා..

" අම්මියේහ්හ්හ්... කව්ද අනේ මේ හුරතල් හා කොල්ලා.. අනේ එයා ඇත්ත කෙනෙක්ද අයියෝ හරි ශෝයි නේ.. "

ඒ පිරිමි ළමයත් ආව ගමන් මගෙ කම්මුල් දෙක කන්න ගත්තෙ මාව මොංගල් වෙලා යද්දි.. මං එච්චරට හුරතල්ද අනෙ..

" ඒකනේ චූටි පුතේ මං හිතන්නෙ ඔය දෙන්නම එක වයසෙ වෙන්න ඕනේ එහෙම නේද හුරතලේ.. "

" මං ඒ ලෙවල් වලට තමයි ස්කෝලෙට අලුතෙන් එන්නෙ නැන්දෙ.. "

" ශා ඒ කියන්නෙ අපි දෙන්නම එකම වයසෙ.. ඔයාගෙ නම මොකද්ද හලෝ.. "

" මං මිහිනු අභිසෙස් ඔයාට පුලුවන් මට මහී කියලා කතා කරන්න එතකොට ඔයාගෙ නම මොකද්ද.. "

" ඕහ් ඒ නම ලස්සනයි නේ.. මම ශේනුක විදූශ්.. ඔයා මට ශේනු හරි විදූ කියලා කතා කරන්න.. "

• ශේනුක විදූශ්

• වයස අවුරුදු 17යි

• ශාක්‍ය වික්‍රමසිංහ සහ නිරෝශා වික්‍රමසිංහ ගෙ දෙවනි පුතා

" ලමයි ඔය දෙන්නා පස්සෙ කතා කරන්නකො.. පොඩී ගිහින් දේශාන් අන්කල්ට එන්න කියන්නකො.. "

" හරි අම්මා.. "

ශේනු ගිහින් අපෙ අප්පච්චිට කතා කරා.. අප්පච්චිත් එක්කම ප්‍රින්සිපල් සරුත් එලියට එද්දි අපෙ අයියත් එක්ක ආව පිරිමි ළමයව දැකලා මගෙ හුස්මත් හිර වෙන්න ආවා.. මගෙ දෙයියනේ ඒ පිරිමි ලමයගෙ ලස්සන.. හිනාවක් කියලා දෙයක් ගෑවිලාවත් මූණෙ නොතිබ්බට මොකද ඒක හරිම කඩවසම් මූණක්.. කළු ඝන ඇහිබැම, ස්ට්‍රේට් කොණ්ඩෙ, මී පැණි පාට හම කුමාරයෙක් වගේ..

" ශාක්‍ය මේ ඉන්නෙ මගෙ එකම පුතා.. මිහිනු අභිසෙස් පුතා මේ ඔයා යන්න ඉන්න ස්කෝලෙ විදුහල්පති.. "

" ගුඩ් මෝනින් පුතා මුන ගැහීම සතුටක්.. "

" ගුඩ් මෝනින් සර්.. මටත් මුණ ගැහීම සතුටක්.. "

" චන්දු කොල්ලනම් හුරතලේට හදලා මොනා නැතත්.. "

" අනේ ඔව් වික්‍රම තව ඩිංගෙන් මට හාට් ඇටෑක් හැදෙනවා මේ කොල්ලව දැකලා.. "

" ඒකනම් ඇත්ත නෝනේ.. එහෙනම් දැන් හැමෝම ස්කෝලෙට යන්න ලෑස්ති වෙන්නකො.. පරක්කුයි දැනටමත්.. "

" ඔව් ඒකනේ එහෙනම් ශාක්‍ය අපි යනවා.. "

" හොදයි ගිහින් එන්න.. "

" යනවා නැන්දේ ගිහින් එන්නම් ශේනූ.. "

" බායි සුද්දෝඕඕඕ.. "

ඒ ගෙදර කට්ටියට සමුදීලා මායි අප්පච්චි, අයියයි ආයෙම එන්න ආවා.. අම්මො අර අයියා මං දිහා කන්න වගේනේ බලාගෙන හිටියෙ එයාගෙ ඇස් හුගක් තියුනුයි කියලා මට හිතුනෙ ඒ බලන් හිටිය විදිහට.. මොනා උනත් එයා හරි ආඩම්බර කාරයෙක් කියලා නම් මට හොදට තේරුනා..

" හරිම අගෙයි අප්පච්චිව එක්කගෙන යවපු දෙන්නා.. මං මේ ඇඳගෙන බලන් ඉන්නවා මෙයාලා එනකම්.. "

" දන්නැද්ද සේමිණී කතාවට වැටුනා ලෑස්ති නම් අපි යමු.. ලොක්කො ඔයත් එන්න කැම්පස් එක ලගින් දාගෙන යන්නම්.. "

" යමු මාමෙ බබා ගිහින් බෑග් එක අරගෙන එන්නකො.. "

මං ආයෙම ගෙට දුවලා ගිහින් බෑග් එක අරගෙන ඇවිල්ලා සපත්තු දෙක අතට අරගෙන බිමන් තියලා අම්මගෙයි, අප්පච්චිගෙයි කකුල් දෙක අල්ලලා දෙන්නටම වැන්දා..

" මගෙ සුදු පුතාට තෙරුවන් සරණයි හොදට ඉගෙන ගන්න මැණික.. "

අම්මි මගෙ ඔලුව අතගාලා කම්මුලත් අතගාලා නලලෙන් හාද්දක් තිබ්බා..

" බුදුසරණයි පුතා.. හොදට වැඩ ටික කරගන්න.. "

අප්පච්චිත් ඔලුව අතගාලා ඔලුව මැද්දෙන් හාද්දක් තිබ්බම මං ඒ ළගම හිටිය අයියටත් වැන්දා..

" හොදට ඉගෙන ගෙන ලොකු මහත්තයෙක් වෙන්න ඕන හරිද.. අයියා ඕන දේකට ඉන්නව.. "

ඊටපස්සෙ මං සපත්තු දෙකයි බෑග් එකයි අරගෙන කාර් එකේ පිටිපස්සට නගිද්දි අම්මා තාත්තත් එක්ක ඉස්සරහින් නැග්ගා.. වත්තෙන් එලියට දාපු කාර් එක පිළියන්දල පැත්තට හැරෙව්වෙ කොළඹට යන්න ලෑස්ති වෙලා..

~~ ඉදිරියට ~~

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

____________________________________

Hello Lamai

1220 වචන.. ශෝට් චැප්ටර්ස් දෙන්නේ..

කමේන්ට් එකක් වෝට් එකක් දැම්මොත් මං සතුටින්..

ගුඩ් නයිට් 💜️

Lvyyy❤️

Darkbunny✍️❤️

Share This Chapter