Back
/ 50
Chapter 33

[තිස් එක්වෙනි කොටස]

දේදුනු හාදු [TK] On Hold

අපි හය දෙනා ගෙදරට යද්දි රෑ 9ට කිට්ටු කරලා තිබුන නිසාම ඉක්මනින් ඇඟ පත හෝදගත්තා.. මීට අවුරුදු හතරකට කලින් වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය නැකත තිබ්බේ රෑ 8යි ගානකට.. ඒ වගේම මේ අවුරුද්දේ ඒ නැකත තියෙන්නේ මධ්‍යම රාත්‍රී 12.30ට.. ඒකට හේතුව වෙන්නෙ අවුරුදු හතරකට සැරයක් එන අධික අවුරුද්දක් නිසා.. ඒ නිසා තමයි මේවගේ රෑකට නැකත් වෙනස් වෙන්නේ..

ඉතින් අපි කට්ටියම කිව්වට මම, ශේනු, දිලුම්, අම්මා හැර ආදි අයියා, විහා අයියා, තිසුක අයියා, අප්පච්චි හතරදෙනාම හොර ගල් අහුල අහුල කුස්සියට ගෑටුවා.. වෙන මොකටද වෙන මොකටද හොරෙන් කන්න මිසක්.. අනේ යකෝ උන්දැලගෙ පති පරමේස්වරලා දෙන්නයි පති පරමේස්වරී මෙහෙ උපවාස උන්දැලා ටික හොදට දෙසා බානවා.. අනේ බඩම පලයන් එච්චරයි ඒස් වාහ් පුහ්..

" බලන්නකො අම්මේ.. අයියලා තුන්දෙනයි අප්පච්චි හොරෙන් කනවනේ.. "

" මුං හතරදෙනාට කියලා වැඩක් නෑනේ පුතේ.. ඔහෙ කාපුදෙන් මයෙ කොල්ලට බඩගිනිද.. "

" හරි නරකයි අප්පා.. නෑ අම්මේ බඩගිනි නෑ මට පුරුදුයිනෙ අනේ.. පොඩි වයසෙ ඉදන්ම මං නොනගතේ වෙලේට නොකා හිටියනේ.. ඇරත් තව ටික වෙලාවයිනේ.. "

" හ්ම්ම් එහෙනම් යමුද කිරි උතුරන්න ලෑස්ති කරන්න.. හරියටම 11.45ට තියෙන්නේ නැකත.. තව පැය භාගයක් වගෙ තියෙන්නේ.. "

" යමු අම්මේ.. ශේනු, දිලුම් එන්න යන්න කිරි උතුරන්න ලෑස්ති කරන්න.. "

" හා යමු.. තව පොඩි වෙලාවක්නෙ තියෙන්නේ.. "

අපි කට්ටියම කුස්සියට ගිහින් ලොකු මැටි මුට්ටියයි, දර ටිකයි තහඩු කෑල්ලයි, ලිප් ගල් තුනයි අරගෙන සාලේ මැද්දට ආවා.. වෙන අවුරුදු වල වගේම මේ අවුරුද්දෙත් ඉතින් ගේ මැද තමයි කිරි උතුරවන්නෙ.. තහඩු කෑල්ල බිමට දාලා ඒක උඩින් ලිප් ගල් තුන හරියට තියලා දර ටිකත් ගානට දාලා ලිප හැදුවා.. අම්මා කලින්ම ගාලා තිබ්බ පොල් ගෙඩියක උකු කිරි ටික හීන් සීරුවෙ මුට්ටියෙ කට ලගට වඩා පොඩ්ඩක් අඩුවෙන් පුරවලා ඒකත් පරිස්සමට බිමින් තියාගත්තා..

මෙච්චර වෙලාම හොරෙන් කකා හිටිය අප්පච්චි ඇතුලු අයියලා හතරදෙනත් අපි ඉන්න තැනට ආවා.. 11.45ට විනාඩි පහයි.. බිම තිබ්බ මුට්ටිය අම්මා අතට අරගෙන ලිප උඩින් තියන්න හදද්දි අපි ඔක්කොම මුට්ටිය අතගාලා වැන්ඳා.. ඔරලෝසුවෙ කටු කැරකිලා හරියටම 11.45 වෙද්දි අප්පච්චි ලිප මෙලෙව්වා වෙද්දි අම්මා කුස්සියෙ ලිපේ කිරි බතල් ලිප තිබ්බා.. ටිකෙන් ටික බුබුළු දදා උතුරන්න ලං වෙලා තියෙන කිරි මුට්ටිය දිහා අපි හැමෝම බලාගෙන හිටියේ වැඳගෙන.. අම්මා අප්පච්චි ළඟ, ශේනු ලොක්කයියා ළඟ, මම සුදු අයියා ළඟ, දිලුම් වගේම විහස්න අයියා එකට.. මට තිබුන ලොකුම සතුට එයා මගේ ළඟ මගේ එහාපැත්තෙන් ඉඳගෙන ඉන්න එක.. ඒ වගේම මෙච්චර වෙලාම උතුරලා ගලන්න තිබුන කිරි ටික මුට්ටිය හතර අතින් උතුරලා හීන් සීරුවෙ බිමට වැටුනේ මම සුදු අයියා දිහා බලාගෙන හිනා වෙද්දි..

සම්පූර්ණයෙන්ම කිරි ටික ඉතිරුනාට පස්සෙ ඒකෙන්ම ලිපත් නිවුනා.. මම මුට්ටිය අරගෙන ගිහින් ඒකට කහ චූට්ටක් දාලා අඹකොළ අත්තක් අරගෙන කලවම් කරලා මුළු ගේ වටේටම ඉහගෙන ගියා.. ඒක අපේ ගෙදර ඉස්සර ඉඳන්ම කෙරෙන චාරිත්‍රයක්.. ඒ වැඩෙත් ඉවර කරලා කුස්සියට ගිහින් අම්මා කිරිබත හදන අතරතුර ලොකු පිඟානක් අරගෙන ඇවිල්ලා කෙසෙල් කොලයක් කපලා ඒකට දැම්මා.. දාලා ලුණු මිරිසකුත් හදලා ඉවර කලා..

මගේ බල කිරිල්ලට තමයි අනේ මේ කිරිබත් හදන්නේ.. ඔය රෑ දොළහට කන එකට මිනිස්සු එක එක එව්වා කිව්ව නිසා ආයෙම නැකත් හැදුවනේ.. ඉතින් මං කිව්ව නිසාම රෑට අම්මා කිරිබත් හැදුවා.. ඒ උනාට හෙට උදේ තමයි අපේ ගෙදරට කිරි අම්මලා දෙන්නා, නැන්දා, මාමා, බාප්පා, පුංචි ඔය නෑදෑ පරපුර එන්නේ.. අම්මගෙ අම්මයි, තාත්තගෙ අම්මයි විතරයි ඉන්නේ.. මගේ ආත්තලා දෙන්නම නැති වෙලා හුම්ම්..

" සුදු පුතා ඔන්න ඕනම කිව්ව නිසා හදලා දුන්නට පොඩ්ඩයි කන්න පුළුවන් හරිද.. "

" අප්පෝ අම්මේ.. ආසාවට කන්න නෑනේ ඉතින් හිතේ හැටියට.. "

" හිතේ හැටියට කන්න හෙට උදේට.. කෝ ඔය පිඟාන ගන්න මේක දාලා තවන් කරන්න.. "

අම්මා උණුවෙන්ම ලිපෙන් බෑව කිරිබත් එක අරගෙන මං ලෑස්ති කරලා තිබුන පිඟාන අරගෙන ඒකට ටික ටික දාලා ලස්සනය රවුමට කිරිබත් ටික කෙසෙල් කොලෙන් තවන් කරා.. කරලා ඉතුරු වෙලා තිබ්බ පොල් කිරි ටිකක් අරගෙන ආයෙමත් කිරිබත් එක උඩින් ගෑවා පොඩ්ඩක් වෙන්න.. යෝහ් එතකොට හරි කිරි රසයි අප්පාවේ මං ආසම විදිහ නොවැ..

" ආ මෙන්න ගිහින් මේසෙ උඩින් තියන්න මං පිඟන් ටිකයි ලුණුමිරිසයි අරගෙන එන්නම්.. "

" හරි අම්මේ කෙසෙල් ඇවරියත් අරන් එන්න හොදේ.. "

" ළමයෝ උබ ලෙඩ වෙලා මැරෙන්නද යන්නෙ නෑ.. පලයන් මේ අලුත් අවුරුද්ද දවසෙ මගෙන් බැනුම් නාහා.."

අම්මා මගේ කන මිරිකලා පිටට ගහලා කුස්සියෙන් එලවද්දි මම පිම්මෙ ඇවිල්ලා කිරිබත් පිඟාන කෑම මේසෙ උඩින් තිබ්බා.. ඊටපස්සෙ අම්මා ඇවිල්ලා ලුණු මිරිස් එකයි කෙසෙල් ඇවරියත් ගෙනල්ලා මේසෙ උඩින් තිබ්බම ගෘහ මූලිකයා වෙච්ච අප්පච්චි කිරිබත් කැටයක් කපලා මුලින්ම අම්මට කැව්වා.. සිරිත විදිහට අම්මා අප්පච්චිගෙ කකුල් දෙක අල්ලලා වැඳලා නැගිටිද්දි අප්පච්චි අම්මගෙ නළලට හාදුවකුත් තිබ්බේ මගෙ මනුස්සයා මං දිහා බලලා මට ඇස් වලින් අම්මවයි අප්පච්චිවයි පෙන්නද්දි.. ඊටපස්සෙ මම ගිහින් අප්පච්චිගෙන් කිරිබත් කවාගෙන වැන්ඳා.. තිසුක අයියත් ගියාට පස්සෙ ආදිත්‍ය අයියා තවමත් හිටි තැනටම වෙලා ඉන්නෙ ඇයි කියන්න මට හිතාගන්න බැරි උනත් ඊළඟ මොහොතෙම අප්පච්චි එයාලට කතා කලා..

" මගේ දරුවෝ වෙන්න ඕනම කියලා නෑ පුතේ.. උබලත් මගේ දරුවෝ තමයි.. කෝ එන්න හතරදෙනාම.. "

අප්පච්චි හරි ආදරෙන් ගිහින් ආදිත්‍ය අයියට, විහා අයියට, ශේනු දිලුම් දෙන්නට කිරිබත් කවද්දි ඒ හතර දෙනාම අප්පච්චිට එකටම වැන්දා.. අනේ පිස්සු කොල්ලො හතරදෙනා හිකිස්..

ඔක්කොම ඉවර වෙලා කට්ටිය එහෙට මෙහෙට වෙනකම් මායි දිලුමයි බලාගෙන හිටියේ කිරිබත් කන්න.. ඉතින් පොඩි දීසියක් අරගෙන කෑම මේසෙ ලගට ගිහින් කිරිබත් කෑල්ලක් ගන්න හැදුවත් මොකද මගෙ ඉණ වටේ තදින් එතුනෙ ශක්තිමත් අතක් වෙද්දි මගෙ මූණ බෙරි වෙලා තොල් පවා නොපිට පෙරලුනා.. ම්හ්ක්....

" මේ මහ රෑ සුදු මැණික කිරිබත් කාලා සෙම අවුස්සගන්නකො ම්ම්.. "

" අනේහ් ඒයි චුට්ටම චුට්ටක්.. චූට්ටිත්තක් හාද.. ආ ඈ ඒයි හාද.. කියන්නකො..... "

" මීණූ ඔය හුරතල් මූණට මං රැවටෙන්නෙ නෑ.. කරුනාකාරලා හොඳ ළමයා වගේ ඔය දීසිය තියලා නිදාගන්න එන්න.. ඊයේ ඉඳන්ම මහන්සි වෙනවා.. "

" ආනේ.. අයියේ.. ම්හ්ක්.. ඒයි.. "

" මට ආයෙ කියන්න තියන්න එපා ම්ම්.. දැන් යන්න.. "

" ම්හ්ක් නරකයි අප්පා.. තෝ මොනාද බලන්නේ බෝයිපෙන් කෙනෙක් නැති නිසානෙ උබත් සැපේ ඉන්නේ.. අනේ මූට බඩම පලයන් ඒයි.. "

කොච්චර හුරතල් උනත් වැඩක් උන් නැති තැන මම අර බඩජාරියටත් බැනලා කුස්සියට ගිහින් අතත් හෝදගෙන වතුර එහෙකුත් බීලා මගෙ කාමරේට ඇවිල්ලා දොරත් වහගෙන ඇඳට පැන්නෙ, ඇඳුට වැටුන ගමන් කොට්ටෙ අස්සෙ තිබ්බ ෆෝන් එකට නොටිෆිකේශන් එකක් එද්දි..

කොට්ටෙ අස්සෙන් ෆෝන් එක අරගෙන බලද්දි වස්සැප් එකෙන් නොටිෆිකේශන් 99+ එව්ව් අනේ අවුරුද්දට විශ් කරලා ෆොටෝ හැට හුටාමාරක් එවලා ඇති.. සැක් ගැලරිය හාලා යකොව්.. just now notification එක පෙන්නුවෙ වෙන කව්රුත් නෙවෙයි මගෙ නපුරු මිනිහගෙන්.. මම sudu ayya🐯❤️ කියලා සේව් කරලා තිබ්බ චැට් එක ඕපන් කලා..

" වැරැද්දක් නෙවෙයිනෙ මැණිකේ කිව්වේ.. උබ ලෙඩ උනහමත් වදේ මටමනෙ.. "

" ගස්සගෙන පද්දගෙන ගිහින් තරහා වෙලා කොච්චර වෙලාවක් ඉඳීවිද බලමුකෝ.. "

" තරහා උනාට කමක් නෑ.. හොඳට නිදාගන්න වස්තූ.. ගුඩ් නයිට්.. මගේ අරලිය මලට මං ආදරෙයිනෙ.. "

ම්හ්ක් වැඩක් නෑ මට වැඩක්ම නෑ අදාළම නෑ එච්චරයි.. මොකක්ද දන්නෑ මං ලෙඩ උනහම එයැයිට තියෙන වදේ.. මොකෝ මං කන්න බොන්න ඉල්ලනවැයි මලෛයිකාර.. කොහොමින් කොහොමහරි මට ෆෝන් එක දිහා බලාගෙනම නින්ද ගියා..

පහුවදා උදේ පාන්දරම ඇහැරුනේ කුරුල්ලො කෑ ගහන සද්දෙට.. ඇඳට වෙලාම පොඩ්ඩක් එහෙට මෙහෙට පෙරලිලා හිරි ඇරලා, හෙණ ගහලා වගේ ඉඳලා නැගිට්ටා.. නැගිටලා ඇඳත් අස්පස් කරලා දාලා ගියේ මූණ හෝදගන්න මූණත් හෝදගෙන ඇඳුමකුත් මාරු කරන් කාමරෙන් එළියට බහිද්දි අප්පච්චි ඉස්තෝප්පු කෑල්ලේ ඉන්නවා අත් දෙකත් පිටිපස්සට කරලා බැඳගෙන.. ඒ ළඟම සුදු අයියයි, ලොක්කයියයි, විහා අයියත් හිටගෙන මොනාදෝ කියව කියවා හිටියා.. ඒ දිහත් බලාගෙනම මම කුස්සියට යද්දි දිලුම් ශේනු දෙන්නා කෝප්පේ මූණ ඔබාගෙන තේ බොනවා.. තාම උදේ 7වත් පහුවෙලා නැති කොට පාන්දරම වැහැපු වැස්ස නිසා මුළු පැත්තම සීතල වෙලා තිබුනා..

" ආහ් මේ එන්නෙ නැන්දේ නැගිටලා.. "

" සුදු පුතේ.. නැන්දලා එහෙම තව ටිහිකින් ඒවි.. තුන්දෙනත් එක්කම ලෑස්ති වෙලා කෑම මේසේ ලෑස්ති කරන්නකො.. අප්පච්චි ලොකු කොල්ලො ටිකයි නම් දැන්ම එන පාටක් නෑ.. මං සුදු පුතාට තේ ටිකක් හදන්නම්.. "

" හා අම්මේ.. අපි තුන්දෙනා ඒක ලෑස්ති කරන්නම්.. කෙහෙල් කැනනම් කපලා දෙන්න කියන්න හරිද.. "

" ඒක අප්පච්චිට කියලා කපවලා දෙන්නම් මම.. "

අම්මගෙ අතෙන් තේ කෝඔප්ප්සෙත් අරගෙන අපි තුන්දෙනාම කෑම කාමරේට ගියා.. අවුරුද්දට කොහොමත් අස් පස් කරලා තිබ්බ නිසා අමුතුවෙන් ආයෙ අස් කරන්න දෙයක් තිබ්බෙ නැතත් මං ආයෙම හොදට අතුගාලා මේසේ පිහදල එතන ලෑස්ති කලා.. ශේනු දිලුම් එක්ක එකතු වෙලා පිඟන් ටික අරගෙන හෝදලා කෑම මේසෙ උඩින් හරියට තිබ්බම මං කෑම කාමරේ කබඩ් එකෙන් හදපු කැවිලි, රස කැවිලි ටික එළියට අරගත්තා.. අරගෙන තුන්දෙනත් එක්කම කොකිස්, කොණ්ඩ කැවුම්, හැඳි කැවුම්, අතිරස, ආස්මි, මුං කැවුම්, නාරං කැවුම්, පොල් කේක්, බටර් කේක්, අලුවා, කිරි අලුවා, දොදොල්, සීනී මුරුක්කු, පොල් ටොෆි, උඳු වළලු, කිරි ටොෆි, අල දෝසි තවත් දේවල් කීපයක්ම ප්ලේට් වලට තියලා ලෑස්ති කරා..

ඒ ටික හදලා ඉවර වෙද්දිම වගේ අප්පච්චි කෙහෙල් කැනත් කපාගෙන ඇවිල්ලා කෑම කාමරේ මුල්ලකින් තියලා ඒකෙන් කෙහෙක් ඇවරි දෙකක් කපලා මට දුන්නම මම ඒ ඇවරි දෙකත් ලොකු පිඟානකින් තිබ්බා.. බුලත් කොළ ටිකක් අරගෙන රවුමට හදලා ඒක මැදින් පොඩි කුකුළා පහන ගෙනල්ලා ඒකත් පිහලා බුලත් කොළ උඩින් තිබ්බා.. තියලා වත්තෙ වතු සුද්ද ගහෙන් මල් කඩාගෙන ඇවිල්ලා ඒක වටේට තියලා පහනට පොල් තෙල්, පහන් තිර දාලා ලෑස්ති කලා.. සල්ලි කොළ කීපෙකුත් එක්ක කාසිත් පහන ලගින් මේසෙ උඩින් තියලා ඉවර කරා..

කුස්සියට ගිහින් අම්මා හැදුව කිරිබත් එක, ලුණුමිරිස්, සීනි සම්බෝල, සිංහල අච්චාරු එකත් අරගෙන මේසෙ උඩින් තියලා අඩුපාඩු ටිකත් හැදුවා.. ලස්සනයි ඇත්තටම පිරුණු පාටක් එක්ක හරිම ලස්සනයි මේසේ.. ආහ් අමතක උනා බුලත් අතකුත් පැත්තකින් තිබ්බා..

කෑම මේසේ ලෑස්ති කරලා ඉවර වෙලා ෆොටෝස් ටිකකුත් ගහගෙන අපි තුන්දෙනා ඇඟ සෝදගන්න ගියා.. මම කාමරේට ඇවිල්ලා අඳින්න ඇඳුමකුත් ඇඳ උඩින් තියලා එකපාර නාගත්තා.. හොඳට නාලා එලියට ඇවිල්ලා ඇඳුමත් ඇඳගෙන කොණ්ඩෙත් පීරලා ඕඩික්ලෝන් ටිකකුත් දාගෙන මිරර් සෙල්ෆි එකකුත් ගැහුවා.. ලැජ්ජයිත් වගේ දැන් නම් එළියට යන්න.. හැබැයි ඉතින් ටිකක් වෙලා කැරකි කැරකි කාමරේ ඉද්දි අම්මා ඇවිල්ලා දොරට තට්ටු කරපු නිසා මම හිත හදාගෙන එළියට ගියා උනත් සෝෆා එකේ ඉඳගෙන කතා කර කර හිටිය දෙන්නව දැක්කම මගෙ ඇස් පුදුමෙන් ලොකු උනා.. මම සපාසිස් වෙනවා හොදටම වැඩී.. අපේ අප්පච්චි එක්ක කතා කර කර හිටියේ වෙන කව්රුත් නෙවෙයි දෙයියනේ මගෙ මනුස්සයගෙ අම්මයි තාත්තයි.. ඒ කියන්නෙ නිරෝශා නැන්දයි, ශාක්‍ය මාමයි..

" අනේ මහත්තයා මේ බලන්නකො මේ කොල්ලගෙ ලස්සන.. "

මෙච්චර වෙලාම අපේ අප්පච්චි එක්කයි අම්මා එක්කයි කතා කර කර හිටිය නිරෝශා නැන්දා මාව දැකලා නහින්න හැදුවා.. ඔන්න ඔන්න් ඉතින් දැන් මේ පුතාට ලැජ්ජයිලූ..

" ඔය ලැජ්ජ වෙවී කාමරේට වෙලා හිටියේ මෙච්චර වෙලාම.. "

" කොල්ලා පුදුම වෙන්න ඇති එකපාරටම අපි මෙහෙ ඉන්නවා දැක්කම.. "

" ඔව් ඔව්.. එන්නකො අපි කෑම මේසෙට යමු.. මං තේ ලෑස්ති කරන්නම්.. සුදු පුතේ එන්න.. "

" හා යමු අම්මේ.. "

අම්මත් මාව එක්කගෙන කුස්සියට ගිහින් තේ හදන්න ලෑස්ති වෙද්දිම වගේ නැන්දලා ආවා ඒ කිව්වෙ ලොක්කයිගෙ අම්මා.. ආයෙම මාමලා දෙන්නා පුංචී, ලොකු අම්මයි, අර දුරින් නෑ වෙන අනික් නැන්දයි ඔක්කොමලා ආවා.. ඒ ගොල්ලො ආව නිසා අම්මගෙන් මම බේරිලා කුස්සියෙන් එලියට පැනගත්තෙ කෑම කාමරේට යන්න.. කෑම කාමරේට යද්දි ලොකු අම්මලගෙ ලොකු දුවයි, පොඩි එකී, පුංචිගෙ දුවලා දෙන්නයි, ලොකු මාමගෙ දුවයි පුතයි, පොඩි මාමගෙ පුතාලා දෙන්නයි ඔක්කොමලා කෑම මේසෙ වටේට වට වෙලා කොළඹින් ආව අයියලා ටිකත් එකතු කරගෙන.. හොඳ වෙලේට අප්පච්චි නැත්තෙ.. මගෙ මිනිහා මුල් පුටුවේ එයාගෙ දෙපැත්තෙන් ලොක්කයියයි, විහා අයියයි.. මේසේ අනික් පැත්තෙන් ශේනුවයි, දිලුමයි..

මම ආවා කියලවත් ගානක් නැතුව මුං ටික කියෝනවා.. මං බලාගෙන ලොකු අම්මගෙ ලොකු දුව ආව වෙලේ ඉඳන්ම ආදිත්‍ය අයියා එක්ක කතා කරන්න දත කනවා වගේම දැනුත් එයා දිහාමයි බලාගෙන ඉන්නේ.. ඒකි මගේ වයසෙ.. පුදුම මගුල් විසයක් තමයි තියෙන්නෙ.. මං දැනුවත්ව කොල්ලො තුන් දෙනෙක් එක්ක යාලු වෙලා හිටියා.. නොදැනුවත්ව කීයද දන්නැ.. කොහොම වෙතත් උබට මගේ කොල්ලවනම් දෙන්නෙ නෑ.. හහ්

" ආදිත්‍ය අයියා මේ අවුරුද්දේ නේද විභාගෙ ලියන්නේ.. "

" ඔව් නංගි.. මං හිතන්නෙ ඔයා මිහිනුගෙ වයසෙ නේ.. "

" ඕහ්.. ඔව් අයියේ.. මිහිනුට වඩා මම මාස පහක් බාලයි.. "

" ආහ්.. කේ.. "

මොන කෝලමක්ද යකෝ මේක.. මේකි අර මනුස්සයව කතාවට අල්ලගන්න පුදුම ගේමක්නෙ දෙන්නෙ.. ඉදකින් ගොබ්බ මූසලී.. ලොකු අම්මගෙ දුව නෙවී නම් මං දනී කරන දේ.. මතුරනවා යකෝ නූලක්.. මෙතන වෙන කෝලම් බලන් ඉන්න බැරි තැනම මං උගුර පාදලා කතා කරා..

" අම්මලා තේ හදලා ඉවරයි කට්ටියම ඔතනින් නැගිටිනවද.. "

" මිහි... "

කතා කරන්න හැදුවෙ මං මගෑරලා ආවා එන්න.. දුකයිනෙ අනේ ඇරත් මට කේන්ති ඕන්නෑනේ එල්ලි එල්ලි කතා කරන්න යන්න.. මං කතා කරොත් තමයි මෙතන ඔක්කොම එන්නෙ පුප්පගෙන.. කෑම කාමරෙන් එලියට ඇවිල්ලා කුස්සියට යද්දි නෙලිත අයියා මාව හරස් කලා.. මේ හුත්තිගෙ පුතත් මෙතන හැමිනේසන් වෙන්න එනවා මට යකා නැගලා ඉන්න වෙලේ..

" කරුනාකාරලා අයින් වෙනවද.. කාට කාටවත් වැඩ නැති උනාට මට වැඩ තියෙනවා.. "

" ඇයි මේ.. තර්... "

" අනේ පලයන් බං අයියේ යන්න මල මගුලක් උනානේ මේක.. "

උගෙ අතත් ගසලා දාලා මං එන්න ආවා එහෙමම හැරිලා කාමරේට.. හිත රිදිලා මගේ.. ඊයේ ඉදන්ම තරහා වෙලා.. වෙනදට නම් බලෙන්ම මොකක් හරි කරලා එයා මාව යාලු කරගන්නවනේ ම්හ්ක්.. අනේ අරකි දැන් ඇති පුකේ පණුවො හිර වෙලා වගෙ දඟල දඟල.. ෆෝන් එකෙන් වෙලාවත් බල බල, ඇඳේ එහෙට මෙහෙට පෙරලි පෙරලි ඉන්න කොට මට නින්ද ගියා..

පහුවදා දවස් දෙකේ මහන්සි උන නිසයි ඊයෙත් රෑ වෙනකම්ම නිදාගෙන හිටිය නිසයි මට හොඳටම නින්ද ගියා.. ඒ නින්ද කැඩුනේ මහා හයියෙන් අකුණු ගහන සද්දෙටයි.. ඒත් ඇඳෙන් බහින්න තිබ්බ කම්මැලි කමට මං බෙඩ්ශීට් එකත් බෙල්ල මුලටම ඇඳගෙන කොට්ටෙකුත් බදාගෙන අනික් පැත්ත හැරිලා ආයෙම ලාවට නින්ද යාගෙන ගියත් කවුරුහරි දොරත් ඇරගෙන ඇවිල්ලා මගේ ඇඳෙන් ඉඳගනිද්දි නින්ද කැඩුනා.. ඉතින් ඒ ඇවිල්ලා ඉඳගත්තෙ නම් ආදිත්‍ය අයියා වෙද්දි මම මීක් සද්දයක් නොකර හිටියා නිදි වගේම..

" උබගෙ හිතුවක්කාර කම මැණිකේ.. කාලත් නෑ දවසටම.. වරෙන්කො බඩ පපුව දැවිල්ලයි අරකයි මේකයි කියාගෙන.. "

මගෙ කොණ්ඩෙ අස්සෙන් ඇඟිලි යවන ගමන් මට හිමීට හිමීට බනිද්දි අන්තිමට මගෙ පස්සටත් පාරක් ගැහුවා.. ම්හ්ක් බලන්නකො අනේ මේ මිනිහා මට ගහනවනේ අප්පාවේ..

" නැගිටපිය බොරුවට නිදාගෙන ඉන්නෙ නැතුව.. මං දන්නවා බොරුවට ඉන්නෙ කියලා.. "

එහෙම කියපු ආදිත්‍ය අයියා ආයෙම මගෙ පස්සට පාරක් ගහලා බෙඩ්ශීට් එක තියෙද්දිම මගේ ඉණ වටෙන් අතක් යවලා මාව එයාගෙ ඇඟ උඩට ගත්තෙ පොඩි එකෙක් හරහට ගන්නවා වගේ.. එයාගෙ අත් අතර ඉඳගෙනත් මම ඇස් දෙක වහගෙන ඉද්දි ආදිත්‍ය අයියා එයාගෙ චූටි චූටි රැවුල් ගස් වැවුන මූණ මගේ කම්මුල් වලයි බෙල්ලෙයි අතුල්ලද්දි නම් ඔන්න මට එක විදිහකට ඉන්න බැරි උනා ම්හ්ක්.. මේ මිනිහා මට ඉන්න දෙන්නෙම නෑනේ දෙයියනේ...

" යාහ් යාහ්.. අයියේ.. නිකන් ඉන්නකො ඒයි.. කුචි යකොව්ව්.. හාහ්හ්හ්හා.. "

" කපටිකම් කරන්නද.. ආහ්.. මාත් එක්ක.. හොර ගෙඩියා වගේ නිදාගෙන.. "

" ම්හ්ක් හරි හරි ඉතින්.. මං තරහා වෙලා ඉන්නේ ඇයි ආවේ.. "

" ඇයි දැන් තරහා වෙලා ඉන්නෙ මගෙ පුංචි බබා ම්ම්.. "

" ම්හ්ක් අර ලොකු අම්මගෙ දුවත් එක්ක මොකද කතා කරේ.. ඒකි ඕනවට වැඩී අනේ රෙද්ද.. මං කෑලි කපනවා ගොබ්බ ගෑණිව්ව.. "

" ඕහ්හ් ගෝඩ්.. මෙයාගෙ සැර බලන්නකො.. උබ දන්නවනෙ මැණික ඔය කවුරු හිටියත් මගෙ ජීවිතේ ඉන්නෙ උඹ විතරයි කියලා.. මගෙ සම්පූර්ණම ආදරෙත් උබට විතරයි කියලා උබ දන්නවනෙ වස්තූ.. "

" ම්හ්ක් ම්හ්ක්.. ඒයි.. "

" ඔක්කොම කරලා හුරතල් වෙන්න නම් එනවා උබ.. "

" ඉතින් හුරතල් කරපාආආආඅන්න්.. හුම්... "

" හුරතල් කරන්නම් නම් ජීවිත කාලෙම බැරියෑ.. දැන් එන්නකො අපි බත් ටිකක් කාලා ඉමු.. "

" හුම්ම් අන්න එහෙම.. කට්ටිය තවම ඉන්නවා නේද අයියේ.. අද රෑට අපේ සාජ්ජේ මතකයි නේ.. "

" ඔව් ඔව් ඔය ඉන්නෙ ඔක්කොම.. මං මේ ශේප් එකේ කෑම එකකුත් අරගෙන ආවේ.. අප්පච්චි, මාමලයි ගියා පොඩි බඩු වගයක් අරගෙන එන්න.. "

" ඒ මොනාත අනේ.. කඩවල් ඇරලත් නෑනේ තවම.. "

" මෙන්න මෙහෙ වරෙන් බං පණ්ඩිත කම් දොඩවන්නෙ නැතුව.. ඊයේ ඉඳන්ම බඩගින්නෙ රෑට ඇබිත්තං කිරිබත් කෑල්ලක් කාලා නේද ඔය ඉන්නේ.. "

" ම්හ්ක් ඒයි මට කවන්නකො අනේ.. "

" පුදුම කෝලමක් උනානේ මේක.. එන්න එන්න.. "

ආදිත්‍ය අයියා මගෙ පොත් මේසෙ උඩ තිබ්බ වතුර ජෝගුව අරගෙන අත හෝදන් බත් පිඟාන අතට අරගෙන මගෙ ඉස්සරහින් හිට ගත්තා මං හිටියෙ ඇඳ උඩ ඉඳගෙන..

" මගෙ පුංචි වස්තුව උබට හුඟක් ස්තූතියි වතුර උගුරකින් විතරක් උබේ බඩගින්න නිවාගෙන මං වෙනුවෙන් නොකා නොබී හිටියට.. මෙච්චර කාලෙකට ඔය චාරිත්‍රෙ මම ඉශ්ට කරලා නෑ.. අඩුම මම තේරුමවත් දන්නෙ නෑ ඒකත් අහගත්තෙ මගෙ අම්මගෙන් එයා තමයි කිව්වේ.. මේ බත් ටික ඔක්කොම කාලා බඩ පුරවගන්න ම්ම්.. "

" මං ආදරෙයිනෙ මගෙ සුදු අයියට.. "

" මං දන්නවනෙ.. කුරුල්ලෙක් වගේ කට අරින්නෙ නැතුව ලොකුවට කට ඇරපන්කො මීණූ.. "

" අනේ මේ.. මට පුළුවන් තරම තමයි මේ.. ඔය බත් චුට්ට චුට්ට කවන්න ලොකු වැඩීනේ.. "

" ඔහොම නම් බෑ හරිද මැණිකේ.. ඉස්සරහට i mean තව අවුරුදු හතර පහකින් වගේ ඔයිට වඩා ලොකු ලොකු දේවල් කටට ඔබාගන්න වෙයි ම්ම්.. ඒක නිසා දැන්ම පුරුදු වෙන්න.. ඒක මට හොදයි.. "

" අනේහ් සුදු අයියේ.... පලයන්කො ඊව්ව් ඊව්ව් ම්හ්ක් නොදරුවව නරක් කරන්න එපා මිනිහෝ.. "

" හ්හ් අපි බලමුකො ම්ම්.. "

ඊක් නේද අනේ.. මේ මනුස්සයගෙ කටේ තියෙන්නෙම ඔය වගේ අමන කතාවක්මයි.. ම්හ්ක් ඇත්තනෙ අප්පාවේ හෙන ලොකු බත් ගුලි කටට ඔබද්දි මගෙ කටත් රිදෙනවා.. ආආආආඅහ්හ් මට හරි බයයි මගේ අනාගතේ ගැන ම්හ්ක්.. කොහොමින් කොහොම හරි අයියා මට ඔක්කෝම බත් ටික කැව්වා.. කවලා වතුරත් දීලා පිඟානත් අරගෙන කුස්සියට යන්න ගියහම මමත් මූණ පොඩ්ඩක් හෝදගෙන සාලෙට යද්දි කට්ටියම බරට බරේ විසාල කදේක..

" අපෙ අප්පේ මේ නැගිටලා තියෙන්නෙ සුදු පුතා.. හොඳ නින්දක් දැම්මා නේද කොල්ලෝ.. "

" හි හි ඔව් ලොකු අම්මේ.. පහුගිය දවස් වල වැඩ තිබ්බනේ ඉතින් මහන්සියටත් එක්ක නින්ද ගියා.. "

" හොදා හොදා.. දැන් කොහොමද කොල්ලෝ ස්කෝලෙ වැඩ එහෙම.. හොදට කරගෙන යනවා නේද.. "

" අනේ ඔව් ලොකු අම්මේ.. ඔය මගෙ වයසෙ යාළුවො දෙන්නෙක් තමයි ඇවිල්ලා ඉන්නෙත්.. "

" ආහ් එහෙමද.. අම්මා මට කිව්වා.. එතකොට අර අනික් උස සුදු ලස්සන කොල්ලෝ දෙන්නා කව්ද.. "

" ඒ දෙන්නත් අපේ ස්කෝලේම තමයි.. සුදු, උස අයියා තමයි අපේ ස්කෝලේ ප්‍රධාන ශිශ්‍ය නායකයා.. අනික් අයියා උප ප්‍රධාන ශිශ්‍ය නායකයා.. දෙන්නම මගෙ හොඳම යාළුවෝ.. "

" එහෙමත් එකක්ද.. හ්ම්ම් හ්ම්ම්.. මොකා උනත් කාරි නෑ ආස්‍රේ කරද්දි කල්පනාවෙන්.. ගම් බිම් වගේ නෙවෙයි නෙ කොළඹ.. "

" අපෝ නැන්දේ ගම්වල මිනිස්සුන්ට වඩා එහෙ අය හොඳයි ඉතින්.. මං යනවා කුස්සිය දිහාට රෑට සාජ්ජෙට රොටී වගයක් හදන්න ඕනේ.. "

ආවා මෙතන කුනුහරැපයක් කියවගෙන.. ඉදකින් මට මුංව නම් පේන්නම බෑ.. තව ඔතන හිටියනම් ආදිත්‍ය අයියට, විහස්න අයියට මගුල් තුලාත් තීන්දු කරවලා තමයි පස්ස බලන්නේ.. අනේ උබලා උකාපල්ලා යකූ.. මම හිතින් නෑදෑ සනුහරේටම දෙස් තිය තිය කුස්සියට යද්දි ආදිත්‍ය අයියා ඇස් දෙකත් පිහ පිහ හත්තික්කේ ලූණු වගයක් කපනවා.. මේ මනුස්සයා නම් අනේ මන්දා.. පුළුවන් වැඩක් එක්කො කරන්න ඕනේ..

" අයියේ.. මෙන්න මෙහෙ දෙන්න අප්පා.. ඕවා ඔයාට පුරුදු වැඩ නෙවෙයිනෙ.. කෝ එන්න මූණ හෝදගන්න.. බැරි වැඩ කරන්න යනවනේ.. "

" උදව්වක් කරන්න ඉතින් හැදුවේ.. "

" ඕන්නෑ ඕන්නෑ.. මට පුළුවන් කරගන්න පුළුවන් නම් මෙන්න මෙහෙට වෙලා ඉන්න.. සාලෙට එහෙම යන්න එපා.. අම්මටත් එන්න කියන්න.. කුස්සියට.. "

" ඒ මොකද මීණූ.. මොකක් හරි ප්‍රශ්නයක්ද.. "

" එතන ගෑණු ගොඩේ හිටියොත් අයියේ ඔයාලගෙ අම්මට එන්න වෙන්නෙ ඔයාට මගුල් ජෝඩු කරගෙන තමයි.. "

" ආහ් හිතන්න එපා මැණිකේ.. අපෙ අම්මා දන්නවා එයාගෙ පුතා කැමති කොල්ලන්ට කියලා වගේම ඒ කෙනා ගැනත් හොදටම.. "

" ම්ම්..මොක..ක්.. "

" ම්ම් ම්ම් දැන් ඔය වැඩේ කරන්න පටන් ගන්නකො.. "

" අනේ මන්දා සුදු අයියේ.. ඔයාගෙ වැඩ නම් මට තේරෙන්නෙ නෑ ඇත්තටම.. "

" ඒවා මට විතරක් තේරුනාම ඇති.. දැන් මගෙ චූටි මහත්තයා රොටී හදන්නකො.. මම පොලුත් ගාලා ඇත්තේ.. "

" අනේ අයියේ.. මහන්සි උනේ මොකටද.. මෙහෙ ආවේ නිවාඩු පාඩුවෙ ඉන්නනේ.. "

" උබ අත කඩාගෙන වැඩ කරද්දි මට ගෑණියෙක් වගේ උඩ බලාගෙන ඉන්න බෑනේ වස්තු.. දැන් කටවහන් ඔය ටික හදන්න.. "

පණ්ඩිත කම තියනවනෙ ඔලුවටත් උඩින්.. පව් අත් දෙකත් රතු වෙලා පොල් ගාලා.. මේ මනුස්සයට කියලා පිරිමහන්න බැරි නිසා තවත් කියවන්නෙ නැතුව මම රොටී ටික හදන්න පටන් ගත්තා.. රොටී පනහක් වත් ඕන වෙයිනේ.. කෝකටත් වැඩියෙන් හදන්න හිතාගෙන මම ලොකු භාජනේකට පාන් පිටි කිලෝ හතරක් පහක් විතර දාගෙන ඒකට අයියා ගාපු පොල් ටිකත් දාලා ඒකටම ලුණු, ලූණූ ටිකත් එකතු කරලා මුලින්ම අතින් හොදට කලවම් කරලා පොල් වතුර ටිකෙන් අනන්න ගත්තා.. ඊටපස්සෙ වතුරත් එකතු කරලා ගානට පදමට ඩෝ එක අනාගෙන ඒක උඩින් තෙල් ටිකක් ගාලා රෙදි කෑල්ලකින් වහලා විනාඩි දහයක් විතර පැත්තකින් තිබ්බා..

ඒ අතරෙදි ශේනු, දිලුම්, විහා අයියා, අපේ අයියා එහෙමත් ආව නිසා එයාලා කට්ටිය ලුණු මිරිසයි, සීනි සම්බෝලෙයි හදන්න භාර ගත්ත නිසා මට ඉතුරු උනේ ගානට රොටී ටික හදාගන්න විතරයි.. ඩෝ එකෙන් පොඩි පොඩි ගුලි කඩාගෙන අරගන්න ගමන් පියනක් උඩින් තියලා අතින් රොටිය හොදට වඩලා ලිපේ තිබ්බ රොටී තැටිය උඩින් රොටිය දැම්මා.. ඔය විදිහට එකින් එක එකින් එක රොටී අසූවකට කිට්ටු වෙන්න හැදිලා ඉවර වෙද්දි මම හිටියේ ඉහින් කනින් දාඩිය නාගෙන පාං කියාගන්න පණ නැතුව ම්හ්ක්.. කකුල් දෙක ඉදිමිලත් එක්ක ලාවට..

" මැණිකේ ~ ඔය ඇති දැන්.. බලන්න කකුල් දෙකත් රතු වෙලා ඉදිමිලා.. කෝ එන්න ඇඟහෝදගෙන එන්න.."

" ඒයි එහෙනම් අපෙ අම්මට තේ ටික හදන්න කියනවද.. හදලා උණු වතුර බෝතලේට දාලා තියන්න කියන්න හරිද.."

" හා ඔයාව කාමරේට එක්කගෙන ගිහින් මම ඒක නැන්දට කියන්නම්.. කෝ එන්න යමු.. "

ආදි අයියා මගේ ඉණවටේ එයාගෙ අතක් පටලවගෙන මාව එයාගෙ ඇගට වත්තම් කරගෙන කාමරේට එක්කන් ගිහින් මට ඇග හෝදගන්න කියලා දොරත් වහගෙන එළියට ගියේ මම තුවායයි ඇදුම් ටිකයි අරගෙන බාතෲම් එකට යද්දි.. හොදට පැය භාගයක් විතර ඇග හෝදගෙන ගෙනාව ඇදුමත් ඇදගෙන මම එලියට එද්දිම වගේ කාමරේ දොර ඇරගෙන උණු වතුර බෝල් එකක් අරගෙන ආවේ ආදි අයියයි ලොක්කයියයි..

" කෝ එන්න මැණිකේ.. ඇදෙන් හාන්සි වෙන්න මම කකුල් දෙක තවන්නම්.. "

" අනේ ඕන නෑ සුදු අයියේ.. මට අමාරුවක් නෑ.. "

" මගෙ යකා අවුස්සගන්නෙ නැතුව ඇදෙන් හාන්සි වෙයන් මිහිනු.. "

බලාන්කො ඉතින් මේ මනුස්සයා එක වචනයක් හොදින් කතා කලොත් අනික් ඔක්කොම ගහගන්න වගේ කතා කරන්නේ.. අනේ ඉතින් ම්හ්ක් බොරු කියන්න ඕන නෑනේ මමත් බයයි පොඩ්ඩක්.. ඒක නිසා ආයෙ මුකුත් නොකියා මම ගිහින් ඇදෙන් හාන්සි උනේ ආදි අයියා ඇවිල්ලා ඇදෙන් ඉදගෙන මගේ කකුල් දෙක එයාගෙ ඔඩොක්කුවට අරගන්න ගමන්..

" රතු වෙලා මීණූ.. "

" ම්හ්ක් කැක්කුමයි අයියේ.. "

" ඒක තමයි දැන් නෑ කිව්වනේ.. අයියේ ඔය තුවා කෑල්ල දෙන්නකො.. "

" කොහොමත් මල්ලි මේකගෙ බක පණ්ඩිතකම නම් තියෙනවා මොනා නැතත්.. ආ මෙන්න.. "

ලොක්කයියා දුන්න රෙදි කැල්ල අරගෙන උණු වතුර එකේ පොගවල අරගෙන වතුර ටික මිරිකලා එයාගෙ අතේ පිට අල්ලට තියලා රස්නේ බලලා මගෙ කකුල් දෙකම පරිස්සමට මාරුවෙන් මාරුවට තැව්වා.. තවල ඉවර වෙලා කණ්ණාඩි මේසේ උඩ තිබ්බ මගේ බේබි ක්‍රීම් එක අරගෙන කකුල් දෙකේ ගාලා එයා වතුර බෝල් එක අරගෙන ගියේ ටිකක් වෙලා ඉඳලා ලොක්කයියත් එක්කම මට එන්න කියාගෙන..

" උබ නම් පුදුම වාසනාවන්තයෙක් පොඩී.. ඇත්තමයි මං මගෙ ජීවිතේට දැකලා නෑ එහෙම ආදරණීය මනුස්සයෙක්.. විශේශෙන්ම උබව ඌට දෙනවද කියලා කෙලින්ම මගෙන් ඇවිල්ලා අහපු එකෙන්ම මං ඌට උබව දෙන්න දෙපාරක් නම් කොහෙත්ම හිතුවෙ නෑ.. "

" මටත් තවම හිතාගන්න බෑ අයියේ.. ඒ පිරිමි හිත ඇතුලේ මෙච්චර ආදරයක් තියෙන්නේ කොහොමද කියලා.. "

" ම්ම් උබලා දෙන්නට හැමදාම මේ අයියා ඉන්නවා.. මොන ප්‍රශ්නෙ ආවත්.. "

" මං දන්නවනේ.. මේ මට ඔයැයිගෙන් දැනගන්න දෙයක් තියෙනවා.. "

" ඒ මොකක්ද.. "

" ඔයාගෙයි අපෙ කොට දරුවගෙයි තියෙන ඇයි හොඳැයිය මොකත්ත කියලා කියනවත.. "

ඒක ඇහුවා විතරයි අයියගෙ ඇස් දෙකත් ගැස්සිලා ගියා වගේම මූණත් ලාවට රතු උනා.. හරි වුට්ටො හරි දෙන්නගෙ කිසියම් දෙයක් තියෙනවා තමයි.. අනේ බොලා දෙන්නා මට හංගන්න හිතාගෙන ඉන්න ඇති..

" ම්..මොක්..ද්ද.. එහෙම දෙයක් නෑ බං පිස්සුද.. "

" පිස්සු පිස්සු නෙවෙයි මං දන්නවා මොකක් හරි තියෙනවා කියලා.. ඒක නිසා මට බොරු කරන්න හදන්න එපා.. අයියා ශේනුට කැමතිද.. "

" නෑ මං ඌට කැමති නෑ.. "

" මොකක්.. එහෙම වෙන්න බෑ.. මං දන්නවා ඔයා එයාට කැමති.. "

" ම්ම් කැමති.. ?? "

" ඔව් කැමති එහෙමනේ.. "

" වැරදී පොඩී.. මං ඌට කැමති නෑ මං විදූට ආදරෙයි.. හරියටම ආදිත්‍ය උබට ආදරෙයි වගේ.. "

" අනේ අයියේ.. මං දැනගෙන හිටියා.. දිව බොරු කිව්වත් කවදාවත් ඇස් බොරු කියන්නෙ නැති වග මං දැනගන හිටියා.. ඉතින් ඇයි අයියා ශේනුට ඒක කියන්නෙ නැත්තෙ.. "

" උබ එක්ක නම් මෙලෝ මගුලක් හොරෙන් කරන්න බෑ.. විදූ දන්නවා මං ඌට ආදරෙයි කියලා.. ඕනතරම් මං ඉඟි දීලා ඇති.. අනේ මන්දා බං ආදිත්‍ය මොනා කියයිද කියලා මට හිතාගන්න බෑ.. "

" ආහ් එහෙනම් තවත් මොකක්ද අයියේ.. ඔයාට බැරි නම් මම සුදු අයියා එක්ක කතා කරන්නද.. "

" එපා එපා පොඩ්ඩෝ.. මේක ඔයාගේ ප්‍රශ්නයක් නෙවෙයි.. මම ම මේකට මැදිහත් වෙලා දෙයක් කරගන්නම්.. "

" උදව්වක් ඕන උනොත් කියන්න හොදත.. දෙයියනේ දෙයියනේ මම දැනගෙන හිටියා මේක ඇත්තක් කියලා.. "

" උබත් දැන් ගානට හැදිලා පොඩ්ඩෝ.. දැන් යමු අපි එළියට අටටත් කිට්ටුයිනේ.. "

" හි හි එහෙම තමයි ඉතින්.. හා එහෙනම් යමු.. "

ලොක්කයියා කිව්වෙ නැතත් එයා ශේනුට සලකන විදිහෙනුයි, ලොක්කයියා නිසා ශේනුගෙ හැසිරීමෙනුයි මට හිතුනා ඒ දෙන්නා අතර අනිවාර්යයෙන්ම සම්බන්ධයක් තියෙනවා ඇති කියලා.. ආවා මෙතන මට බොරු කරන්න.. අනේ අනේ ඉතින් ඔය පැන්නේ හිමිට බළලා මල්ලෙන් එලියට.. පිස්සු කොල්ලාහ්.. ලොක්කයියා එලියට යමු කිව්ව නිසා මමත් ඇඳෙන් බැහැලා කොන්ඩෙත් පොඩ්ඩක් පීරගෙන දෙන්නත් එක්කම කාමරෙන් එලියට ආවා..

ඒ යද්දි අනික් කට්ටිය එකතු වෙලා මිදුල හොදට අතුගාලා වටේට ඉණි හතරක් වගේ හිටවලා ඒ වටේට රෙද්දක් ඇදලා බිමට පැදුරු දාලා පුටු දෙක තුනකුත් තියලා මැදින් ගිණි මැලේකුත් ගහන්න ලෑස්ති කරලා තිබුනා.. ලස්සනයි අනේ ඇත්තටම.. අනික මිදුල පුරාම පුදූම සුවඳක් පැතිරිලා තිබ්බේ අයිනකට වෙන්න පත්තු කරලා තිබ්බ හඳුන්කූරු මිටියෙන් වගේම පිපිලා තිබුන සේපාලිකා, ගැටපිච්ච, සමන්පිච්ච මල් වලින්.. මං ආසම මේ වයිබ් එකට..

සාජ්ජෙ පටන් ගන්න හරියටම වෙලාවක් අපි කොහොමත් වෙන් කලේ නෑ ඉතින් ලොකු අම්මලා, නැන්දලා, මාමලා, අප්පච්චි, අම්මා, නිරෝශා නැන්දයි මාමයි අක්කලා නංගිලා මල්ලිලා ටිකයි ඇඟ හෝදන් ඇඳුම් මාරු කරගෙන එහෙම මිදුලට රැස් උනේ ලොක්කයියයි මමයි ගිහින් පුච්චපු රොටී ටික එහෙම අරගෙන එද්දි.. පොඩි ස්ටූල් එකක් අරගෙන ඒක උඩින් රොටී ටික, තේ හදලා දැම්ම උණුවතුර බෝතලේ, කට්ට සම්බෝලෙ, පීරිසි කෝප්ප ටික එහෙම ඔක්කොම තියලා ඉවර වෙද්දි ඔන්න ආදි අයියා, විහා අයියා, ශේනු, දිලුම් හතර දෙනත් අපි ඉන්න තැනට ආවා..

" එහෙනම් අලුත් කට්ටියත් එක්කම අපේ සංගීත සාජ්ජෙ පටන් ගමු නේද.. "

මම ඇතුලු අපේ සෙට් එකම හිටියේ පිටිම පස්සට වෙන්න එළලා තිබුණ පැදුරු වල ඉඳගෙන.. අම්මලා කට්ටියට බිම ඉඳගන්න බෑ කිව්ව නිසා එයාලට පුටු ගෙනත් දුන්නා.. ඉතින් අපි ඉන්නවා කියලා ලොකුවට පේන්නෙ නෑ.. මොකද කරුවලත් එක්ක නිසා.. මගේ එහාපැත්තෙන් හිටියේ ආදිත්‍ය අයියා.. ඊටපස්සෙ ශේනුයි ලොක්කයියයි, අන්තිමට අපේ දිලුමයි විහා අයියයි.. හොද වෙලේට උන් දෙන්නා තනිකඩ උනේ.. ඒ උනාට මට හිතෙන විදිහට නම් විහා අයියටත් මොකක් හරි පල ඉලව්වක් තියෙන හැඩයි.. හොයාගන්නම්කො මම හුම්..

" මීණූ ආ මේ රෙද්ද ඇඟ වටේ ඔතාගන්න.. රෑ වෙලා පින්නත් එක්ක අනික මදුරුවොත් ඉන්නවා.. "

" එතකොට අයියට.. "

" ඕකම මගෙ ඇඟ වටෙත් මං ඔතාගන්නම් ම්ම්.. "

" හා.. "

අපි දෙන්නවම එතෙන විදිහට ඝණකම් රෙද්දක් ඇඟ වටේ ඔතපු ආදිත්‍ය අයියා එයාගෙ අතට ගිටාර් එක ගත්තා වගේම අප්පච්චි සර්පිනාවත්, පොඩි මාමා බොංගො එකත් අරගෙන තාල අල්ලන්න පටන් ගත්තෙ අපිත් ටිකෙන් ටික ඒකට එකතු වෙද්දි.. මුලින්ම ඉතින් වැඩිහිටි පාර්ශවේට අවස්ථාව දීලා අපිත් එයාලා එක්ක එකතු වෙලා ජෝතිපාල සර්ගෙ දියකිඳුරිය සේ සාගරේ කියන්න පටන් ගත්තා..

දිය කිඳූරිය සේ සාගරේ

දෝතින් ගෙන ආ ආදරේ......

මහද විමනේ ආල සිතුවම්

රුවන් රූ පිළිරූ මැවේ

කිවමැන ඔබ කවුදෝ ලඳේ....... //

අපෙ අප්පේ අප්පච්චි අම්මා දිහා බලාගෙන සිංදුව කියන්න පටන් ගත්තෙ මගෙ මූණටත් කෝල හිනාවක් එද්දි..

දේහ ලතාවේ රූසිරු වරුණේ

නොදැනෙයි මේ නෙත යාවෙලා......

දිගු නිල් වරලේ නිලුපුල් නයනේ

සැඟවේවා අද පාවෙලා......

ගිනිදැල් පරදා හසකැන් නැගුනා

පෙම් ඇරයුම් ගෙන ආ නියා......

මනසේ ඇඳූනා දෙනෙතින් මිදුනා

සිහිනය සේ නොපෙනී ගියා.....

මේ දිවි ගමනේ රන් ටැඹ ඔබ වේ

උපදින සසරේ වාසනා......

අප්පච්චිගෙ කටහඬට අවධානේ දීලා සීතලේ ඉන්න කොට මේ ඇහෙන සිංදුවෙ පද පේලි දෙකක් මගෙ එහා පැත්තෙන් ඉන්න රෝමාන්තික පිරිමි ළමයගෙ කටින් පිට උනේ ලැජ්ජාවෙන් මම ඒ උරහිසේ මූණ හංග ගනිද්දි..

" මේ දිවි ගමනේ රන් ටැඹ ඔබ වේ උපදින සසරේ වාසනා...... මගෙ වාසනාව.. "

දිය කිඳූරිය සේ සාගරේ

දෝතින් ගෙන ආ ආදරේ.......

මහද විමනේ ආල සිතුවම්

රුවන් රූ පිළිරූ මැවේ

කිවමැන ඔබ කවුදෝ ලඳේ.......

දෙදෙනා හමුවී පෙරදා සසරේ

උන්නා සේ මට ලංවෙලා.....

සුපුරුදු සුවඳයි ඔබ ළඟ දැනුනේ

කවුරුන්දෝ මේ රූපිකා......

හිරු දැක බිඳෙනා පිණි මල වාගේ

ඔබ ඇසුරෙන් වෙන්වී නොයා.....

රෑ තනි ඉවුරේ ඈත ඉසව්වේ

දෙදෙනා යමු පෙම් චාරිකා.....

තනිවෙමු ඔබ මා මේ සැනකෙළියේ

ඔබටයි මේ පෙම් ගීතිකා......

දිගින් දිගටම ආදිත්‍ය අයියගෙ අත් දෙක වගේම මාමගෙ අත් දෙකත් කාර්‍යබහුල වෙලා තියෙද්දි අපේ අප්පච්චිගෙයි අම්මගෙයි පෙම් ජවනිකාවනම් නැගලම ගියා..

දිය කිඳූරිය සේ සාගරේ

දෝතින් ගෙන ආ ආදරේ......

මහද විමනේ ආල සිතුවම්

රුවන් රූ පිළිරූ මැවේ

කිවමැන ඔබ කවුදෝ ලඳේ....... //

අවසානෙට සිංදුව කියලා අප්පච්චි ඉවර කරද්දි අම්මගෙ නළලට හාදුවකුත් අප්පච්චි තැවරුවෙ අම්මා ලැජ්ජාවෙන් හිනා වෙද්දි.. අම්මා නම් කොච්චර වයසට ගියත් හරිම ලස්සනයි.. ඒ ලස්සන හරීම නිවුන ලස්සනක්.. ගොඩක් අය කියන්නේ අම්මගෙ ලස්සන නිවුන රූපෙලු මටත් ඇවිල්ලා තියෙන්නෙ.. ඒ දෙන්නා ඉතින් කොච්චර වයසට ගියත් ලස්සනයි තමයි හුම්ම්..

" ඊළඟට අපි මාමගෙන් සිංදුවක් අහමු.. "

මගේම යෝජනාවක් ඉදිරිපත් කරද්දි මාම නම් උඩින්ම කැමති උනා.. පොඩි මාමට මං හරි ආදරේ ඒකනේ.. එයා හෙනාතල් පොර.. ලොකු මාමා බොංගො එක අතට ගනිද්දි අප්පච්චි හරි හරියට සර්පිනාව මෙහෙයෙව්වා වගේම ආදිත්‍ය අයියගෙ ඇඟිලි තුඩු වේගෙන් ගිටාර් එකේ එහෙට මෙහෙට ගියා.. මාමා තෝරගෙන තිබ්බේ සමන් ද සිල්වා සර් ගෙ නියරේ පිය නගලා සිංදුව වෙද්දි ඒක ටිකක් නැගලා යන එකක් උන නිසාම නංගිලා මල්ලිලා ටික නැගිටලා පොඩ්ඩක් නටන්න පටන් ගත්තා..

නියරේ පිය නගලා

මැණිකේ ඔබ දුර එනවා

දැකලා වෙහෙස නිවී

සිත පිරුණා හද සෙනෙහස දැණුනා

සිත පිරුණා හද සෙනෙහස දැණුනා... //

මාමත් නැගිටලා නැන්දගෙ අතින් අල්ලගෙන පොඩි ඩාන්ස් පාරක් දැම්මේ නැන්දත් සබකෝලෙන් ඩාන්ස් පාරක් දාද්දි..

රන් ගොයම් කරල් පීදෙන ඔබේ දෙස නැමේ......

රන් රුවක් වගේ ඈතින් ඔබේ රුව මැවේ

ආදරේ දැනී මා හද සෝ සුසුම් නිවේ

වාසනාව පා වෙලා ගියා.....

නියරේ පිය නගලා

මැණිකේ ඔබ දුර එනවා

දැකලා වෙහෙස නිවී

සිත පිරුණා හද සෙනෙහස දැණුනා

සිත පිරුණා හද සෙනෙහස දැණුනා...

ඒක ඉතින් නටන්න පුළුවන් සිංදුවක් වෙච්ච නිසාම අපි කට්ටියම ආදිත්‍ය අයියා හැර ඉන්න තැන ඉඳන්ම එහෙට මෙහෙට වැනෙන ගමන් අප්පුඩි ගගහා ආතල් එකේ හිටියා..

සුදු අතින් උයා මා වෙත ඇඹුල ගෙන ඔයා

සෑමදා මෙසේ එනු මැන මල් සිනා සලා

ආදරේ දැනී මා හද සෝ සුසුම් නිවේ

වාසනාව පා වෙලා ගියා........

නියරේ පිය නගලා

මැණිකේ ඔබ දුර එනවා

දැකලා වෙහෙස නිවී

සිත පිරුණා හද සෙනෙහස දැණුනා

සිත පිරුණා හද සෙනෙහස දැණුනා... ///

අන්තිමට මාමා නැන්දව බදාගෙනම සිංදුව ඉවර කරද්දි කට්ටියගෙන්ම හොඳ සද්දයක් එක හොඳ ප්‍රතිචාර හම්බුනා.. පොඩි මාමගෙන් පස්සෙ අවස්ථාව හම්බුනේ අපේ ලොකු මාමට වෙද්දි එයා තෝරගෙන තිබුනේ ඔබ ඇපල් මලක් වාගේ අමරසිරි පීරිස් සර්ගෙ සිංදුව..

ඔබ ඇපල් මලක් වාගේ

ලස්සන වසන්ත කාලේ

මට හදිස්සියෙන් වාගේ හමු වූ.....

පායන්න දෑස මානේ

උනුහුමට ගින්දරී

ගෙනියන්න මාගෙ ගානේ මේ හිතම සුන්දරී

දිගු දෑසෙ බැල්ම ඔබගේ

ඇයි සොදුරු ඔය හැටී....

ඔබ ඇපල් මලක් වාගේ

ලස්සන වසන්ත කාලේ

මට හදිස්සියෙන් වාගේ හමු වූ.....

ලොකු මාමත් ලොකු නැන්දත් එක්ක සොමෑන්ටික් ඩාන්ස් එකක් දාද්දි මං බලාගෙන අපි දෙන්නට එහා පැත්තෙන් හිටිය කපල් එක ඒ කිව්වෙ ලොක්කයියයි කොට සේනුයි.. ලොකූ ශේනුගෙ කනට කරලා මොනාහරි කිව්වම අනේ හිච්චි එකා රතු පාට උනා.. ම්ම් ම්ම් ලව් එක නැගලම යනවා වගෙයි..

ඇස් පියෙන් අදී කෑලි කැපෙන රලු රාත්රියේ

කීරි ගැහෙන සිත අනුහස අයදී ප්රේමයේ

එය පමනක් ශේශය වී නම් පූර්වාත්මයේ

ඔබ ගැවසෙන මා හිත අවිනීතයි

අවනත නැති නෙතටද අවිවේකයි

හුදෙකලාව අවනඩුවක්... ගෑනු ළමයෝ

ඔබ ඇපල් මලක් වාගේ

ලස්සන වසන්ත කාලේ

මට හදිස්සියෙන් වාගේ හමු වූ

ඉටි රූපෙ අපූරුව විදින්න මන් හරි ආසයි

පින්තූරෙ වගේ ඔබ හිනැහෙනකොට මට ලෝබයි

අහිතක් හිතන්නෙ නැති නම් මන් හරි ආදරෙයි

කියාගන්න බැරි කමින් හිත බරයි

ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි

හුදෙකලාව අවනඩුවක්... ගෑනු ළමයෝ

කට්ටිය දැන් සුපිරියටම සෙට් වෙලා ලස්සනට ආතල් එකේ වැඩේ කෙරීගෙන යනවා.. ඒ අස්සෙන් ඉතින් මගෙ එහා පැත්තෙන් ඉන්න මට හදවත් අමාරුව හදවන පුද්ගලයගෙන් හදිසි අතුරු ආබාධත් නැතුවම නෙවෙයි..

ඔබ ඇපල් මලක් වාගේ

ලස්සන වසන්ත කාලේ

මට හදිස්සියෙන් වාගේ හමු වූ

පායන්න දෑස මානේ

උනුහුමට ගින්දරී

ගෙනියන්න මාගෙ ගානේ මේ හිතම සුන්දරී

දිගු දෑසෙ බැල්ම ඔබගේ

ඇයි සොදුරු ඔය හැටී

ඔබ ඇපල් මලක් වාගේ

ලස්සන වසන්ත කාලේ

මට හදිස්සියෙන් වාගේ හමු වූ.......

ලොකු මාමයි නැන්දයි ලස්සනට සිංදුව කියලා ඉවර කරා.. ආආඅහ්හ් මට අද මාරම සතුටු දවසක් හත්තික්කේ.. ආදිත්‍ය අයියා ගිටාර් එක ගහලා ඉවර වෙලා අත ගසද්දි මමත් එයාගෙ අත් දිහා බැලුවා..

" අයියේ ඇයි ඔය.. "

" ගිටාර් එකේ ගිටාර් පික් එක නෑනේ මීණූ ඉතින් අත රිදෙනවා.. "

" ඉන්න මම.. අපේ ගෙදර ප්ලාස්ටර් වගයක් තිබ්බා මම අරගෙන එන්නම්.. "

" ඕන්... ආශ් දුවලත් ඉවරයිනේ.. "

ආදි අයියා ඕන්නෑ කියලා කියන්න හදන්නත් කලින්ම මම දුවලා ගිහින් මගේ කාමරේ අවුස්සලා ඩෙටෝල් ප්ලාස්ටර් කෑලි පහක් අරගෙන ආවා.. හොඳ වෙලේට තිබ්බේ හුම්ම්..

" මං හැමතිස්සෙම කියනවා බබා උඩින් යන්නෙ නැතුව ඇවිදගෙන කකුල් දෙකෙන් පලයන් කියලා.. වැටුනන් එහෙම.. "

" ම්හ්ක් හරි හරි ඒයි.. කෝ අත දෙන්න මේ ටික ගහන්න.. දෙකක් ගැහුවනම් ඇති නේද.. "

" ඇති ඇති.. "

එයාගෙ අතට ප්ලාස්ටර් කෑලි දෙක ගහලා ඉවර වෙද්දි ඔන්න අපිට මම හදාපු රොටිත් හම්බුනා.. ඉතින් රොටී කකා ආයෙම සංගීත භාණ්ඩ ටික පණ ගහන්න ගත්තා.. මෙදාපාර අපේ ගායකයා උනේ නෙලිත අයියා.. ගොබ්බ බේසික පුතා ආස නෑ මම මූට.. උබර් හෙඩ් පිපෙට්ටුවෙන් නෙවෙයි, කොණ්ඩෙ සිනිඳුත් නැ, ලස්සනත් නෑ, උසත් නෑ, සුදුත් නෑ, ඇඟත් නෑ, පුකත් නෑ, මුකුත් නෑ.....

මේ හිත තනියෙන් නුඹ එනකන් හිටිය තරම්

නෑ මං දන්නා වෙන කවූරුත් නුඹව තරම්

ආදරයෙන් එදා ඉදන්.......

ඕහ් නෝ.. එයා තෝරගෙන තිබ්බේ ආත්මා ලියනගේ, ගෙ මේ හිත තනියෙන් සිංදුව වෙද්දි ඒක කියන්න පටන් ගත්ත වෙලේ ඉඳන්ම ඇහි පියවත් නොගහා බලාගෙන හිටියේ මම දිහා වෙනකොට සත්තයි මට බය හිතුනා.. වෙන මොකටවත් නෙවෙයි මගේ එහා පැත්තෙ ඉන්න මනුස්සයා නිසා..

කදුළක් ලග නැවතුන ඇහිපිය

දුරකට යවමින්

හුස්මත් මට අමතක කරවන

මතකය හොයමින්

ආයේ හීනේ මැද්දෙන් ජිවිතේ

අලුතෙන් ලියන තරම්....

වරුවක් ලග මුමුණන ඔය හිත

මගේමද හිතමින්

තනියක් නැති දවසක් එනකන්

තව මග බලමින්

ආයේ හීනේ මැද්දෙන්

ආදරේ අමුනා තියෙන තරම්.......

ඒ මූණේ හැම හැඟීමක්ම මම දන්නෙ නෑ බොරුවක්ද ඇත්තක්ද කියන්න ඒත් ඒවා මටමයි කියන්නෙ කියලා හොඳටම මට තේරුනා.. මට කරන්න දෙයක් නෑ මම දැනටමත් ආදිත්‍ය අයියට ආදරේ කරන තරම දන්නෙ මම විතරයි.. එහෙව් එකේ නෙලිත අයියේ ඔයා මොනා කිව්වත් කරත් වැඩක් වෙන්නෙ නෑ..

ගිටාර් එක ප්ලේ කරන ගමන් උනත් සුදු අයියා කේන්තියෙන් ඉන්නෙ කියලා මම හොඳටම දන්නවා.. ඉතින් ඒ නිසාම එයාගෙ මූණ මගේ පැත්තට හරවගෙන ඒ තොල් උඩින් හාදුවක් තියලා මම එයාගෙ බෙල්ල අස්සෙ මූණ හංග ගත්තේ එයා මගෙ ඔලුව මැද්දට හාද්දක් තියද්දි..

මේ හිත තනියෙන් නුඹ එනකන් හිටිය තරම්

නෑ මං දන්නා වෙන කවූරුත් නුඹව තරම්

ආදරයෙන් එදා ඉදන්

ආදරයෙන් එදා ඉදන්

ආදරයෙන් එදා ඉදන්........

නෙලිත අයියා සිංදුව කියලා ඉවර වෙනවත් එක්කම මට වේදනාවෙන් පිරුණු හිනාවක් දීලා ආයෙම පැදුරෙන් ඉඳගත්තෙ ඒ දුන්න හිනාවට මගෙන් ආපිට හිනාවක් නොලැබුණු තැන..

" මීණූ මට එක බල්ලෙක්ගෙන්වත් වැඩක් නෑ හරී... උබ මගෙ විතරයි හොඳට මතක තියාගනින්.. "

ඔන්න ඔන්න උත්තමයා පුපුරනවා.. අනේ යකෝ මේකා ඉතින් පුදූ.........ම ඉරිසියාවක් නොවැ තියෙන්නෙ..

" කෑ ගහන්න එපා සුදු අයියේ.. ඌ එක්ක මං හිනා වෙන්න ගියෙ නෑනේ... "

" ම්ම්.. මගෙ යකා තාම උබ දැකලා නෑ.. ඒ යකාව පෙන්නන්න මම ආසත් නෑ.. දේවල් කරද්දි පරිස්සමින්.. "

" නපුරු කුමාරයා.. "

අපි දෙන්නා අතර තිබුණ පොඩි සංවාදෙ නැවතුනේ ශේනු නැගිටලා ශාක්‍ය මාමට සිංදුවක් කියන්න කියලා කියපු වෙලේ.. හත්තික්කේ මේ ඉන්නෙ අපෙ ස්කෝලේ පින්සිපල් නේද යකොව්ව්.. කොහොම හරි ශේනුගෙ මල අඬ වැඩියාව අහගෙන ඉන්න බැරිම තැනයි අපෙ අප්පච්චිගෙ කීමටයි එයා සිංදුවක් කියන්න කැමති උනා..

ලස්සන ලස්සන මගෙ ආදරියේ

හො හෝ.. මෙච්චර ලස්සන ඔයා කොහෙද හිටියේ....

ලස්සන ලස්සන මගෙ ආදරියේ

හො හෝ.. මෙච්චර ලස්සන ඔයා කොහෙද හිටියේ

ඔයා මගෙ ආදරයේ.. ඔයා මගෙ ආදරියේ

මුදු අවිහිංසකාවි .. මගෙ මනලෝල දේවි

ආදරියේ..

ලස්සන ලස්සන මගෙ ආදරියේ

හො හෝ.. මෙච්චර ලස්සන ඔයා කොහෙද හිටියේ....

එයා තෝරගෙන තිබ්බෙ සංගීත් විජේසූරියගෙ ලස්සන ලස්සන මගේ ආදරියේ සිංදුව වෙද්දි කොළඹ ආරෙට නැන්දගෙනුයි මාමගෙනුයි ලස්සන කපල් ඩාන්ස් එකක් අපිට රසවිඳින්න දුන්නා..

කන්මනි කන්මනි යෙන්‌ කාදලීයේ

ඕ හෝ.. යෙන්නුයි පෙන්මනි යෙනයාලුම් පූවේ

කන්මනි කන්මනි යෙන්‌ කාදලීයේ

ඕ හෝ.. යෙන්නුයි පෙන්මනි යෙනයාලුම් පූවේ

නී එන්ගේ ඉරුම්දායේ.. යෙන්‌ කන්නයි තීරන්දායේ

නී එන්ගේ ඉරුම්දායේ.. යෙන්‌ කන්නයි තීරන්දායේ

තේවදියේ..

තේවදියේ හෙන් වානම්.... ගී නි නි

කන්මනි කන්මනි යෙන්‌ කාදලීයේ

ඕ හෝ.. යෙන්නුයි පෙන්මනි යෙනයාලුම් පූවේ....

ඒ සිංදුවෙ දෙමළ කොටසකුත් තියෙනවා නේද කියලා මතක් උනේ සිංදුව කියද්දි.. අඩෙහ් අඩෙහ් පිනා මාමා වැඩ්ඩා නේ.. පස්සෙ දවසක ඕන වෙයි කියලා හිතාගෙන කොට සේනුවා ඒක වීඩියෝ කරගන්නත් අමතක කලේ නෑ ඉතින්.. කොට උනාට මොලේ තියෙනවා හුම්..

නිල්මිණි දිලිංසෙන උන්මාදිනීයේ

හො හෝ.. හදවත සරසන පුණ්‍යාංගනීයේ.....

නිල්මිණි දිලිංසෙන උන්මාදිනීයේ

හො හෝ.. හදවත සරසන පුණ්‍යාංගනීයේ

බෝසේ කැලුමන්‌ බෙදා දි.. ඔබෙ දෙනුවන්‌ සිනාසි

බෝසේ කැලුමන්‌ බෙදා දි.. ඔබෙ දෙනුවන්‌ සිනාසි

රූබරියේ..

ලස්සන ලස්සන මගෙ ආදරියේ

හො හෝ.. මෙච්චර ලස්සන ඔයා කොහෙද  හො හො හෝ..

හො හො හෝ...

හෝ හො හො හෝ....

පින්සිපල් මාමා සිංදුව කියලා ඉවර වෙලා සභාවට ආචාර පාරකුත් දාලා හිනා වෙලා ආයෙම පැදුරෙන් ඉඳගනිද්දි ඔන්න අපේ පොඩි මාමගෙ කට ඇරුනා.. වෙන මොකටවත් නෙවෙයි අපේ පැත්තට..

" අනේ බං.. මේ පරණ සිංදු කිය කිය ඉන්නේ කෝ අපේ කොල්ලො කෙල්ලො ටික.. ආ කටවල් ඇරෙන්නෙ නැද්ද බොලාලගෙ.. "

ඔන්න එතකොට අපේ නැන්දගේ දුවෙක් කියාපි..

" අපේ සිංදු ඇහුවොත් බත් කාඩ් එකත් කැපෙනවා.. "

කියලා.. ඇත්ත ඉතින්.. එහෙමයි කියලා උන් දන්න සිංදු එච්චරටම නරක උනාට මම නම් ලස්සන ඒවා ටිකක් දන්නවා..

" ඔව් ඔව් උබලගෙ සිංදු ගැන අපි නොදන්න වැයි.. කෝ අපේ කොළඹ මහත්තුරු ටික.. හිච්චෝ.. "

ඉදකින් මාමෙ උඹනම් මාවම කන්න ආව එකෙක්.. යකෝ උදේ ඉඳන් බොහොම අමාරුවෙන් ඔය වචනේ නොකියවා තියාගත්තෙ.. දැන් ඉතින් හරිනේ පුපේ අමාරුව.. අරුන් ටික මහ නෝන්ඩි විදිහට මගෙ දිහා බැලුවා..

" අනේ..........මාමේඒඒඒඒ... ඔය නම කියන්න එපා කියලා මං කිව්වනේ..... "

" අනේ හිච්චො මෙන්න මේ නැගිටලා කියහන් සිංදුවක්.. ඔන්න එහෙනම් මොකක්ද කියන්නේ.. "

" මං පස්සෙ බලාගන්නම්.. ආඩම්බරයි බැලුවනම් සිංදුව.. "

" ඔන්න ආදිත්‍ය කොලුවෝ තාලේ අල්ලපන් ඈ.. "

ම්හ්ක් මට මේ පොඩි මාමව මරන්න හිතෙනවා යකෝ..... මට සිංදු කියන්න පුළුවන්ද කියලා දන්නෙ නැති මගෙ මනුස්සයා ඒ අස්සෙ ඇහැකුත් උඩට උස්සන් මූණ දිහා බලාන ඉන්නවා.. අනික් උන්ගෙ කියලත් වෙනසක් නෑ.. දිලුම්, ශේනු දෙන්නා දැනටමත් ෆෝන් දෙක මගේ පැත්තට හරවන්..

සුදු අයියා දිහා බලපු මම මගෙ ඇස් වලින් ගිටාර් එක පෙන්නුවමයි කොල්ලා පියවි ලෝකෙට ආවේ.. පිස්සු කොල්ලහ්.. හොඳ හුස්මකුත් අරගෙන වතුර ටිකකුත් බීලා මම සිංදුව කියන්න පටන් ගත්තා..

ආඩම්බරයි බැලුවම නම්

හොරැහින් බලන්නේ ඇයි එහෙනම්

කම්මුල් සිඹින්න මගේ හොඳ නම්

ආලෙන් වෙලෙන්න ඇයි තහනම්

ආඩම්බරයි බැලුවම නම්

හොරැහින් බලන්නේ ඇයි එහෙනම්

කම්මුල් සිඹින්න මගේ හොඳ නම්

ආලෙන් වෙලෙන්න ඇයි තහනම්.....

මේ සිංදුව ඉතින් කියන්නෙම මගෙ ආඩම්බර, හිතුවක්කාර කොල්ලටනේ.. අප්පච්චි සර්පිනාව එක්ක ගැටෙන නිසා එයාගෙ අවදානේ මගෙ පැත්තට තිබ්බේ නෑ ඉතින් මේ සිංදුව මං කියන්නෙ එයාගෙ ඇස් දෙක දිහාම බලාගෙන වෙද්දි එයාගෙ මූණේ හරි ආදරණීය හිනාවක් ඇඳිලා තිබ්බා..

පෙම් හසරැලි මුව රැඳුනේ

නිල් යායක රැස් වාගේ

ඔබ සිත මා තුරුලේ

නැලවුණු හැටි මගේ මතකේ

තාමත් ඇත අද වාගේ

ඉන්නම් සැමදා ඔබගේ

සෙවණැල්ලක් වී සසරේ

අවසානේ තෙක් මහදේ

තනිකම නැතිකර සැමදා මට ළං වූවා ඔබ සෙවණේ

ඔබ සිනහව මා

හදේ රැඳුණේ

නෙතු දහසක් අතරින් ඔබ මා දුටුවේ

මට ළං වී කියූ දේ

මතකේ තවම රැඳේ.......

ආආආආඅ... ඇයි දෙයියනේ ඒ සිංදුවෙ පද පේළි දෙයියනේ දෙයියනේ.. නෙතු දහසක් අතරින් ඔබ මා දුටුවේ.. බොරුද බොරුද ඇත්තටම එහෙමනෙ.. මට ළං වී කියූ දේ.. අනේ අප්පා ම්හ්ක්..

ආඩම්බරයි බැලුවම නම්

හොරැහින් බලන්නේ ඇයි එහෙනම්

කම්මුල් සිඹින්න මගේ හොඳ නම්

ආලෙන් වෙලෙන්න ඇයි තහනම්

ආඩම්බරයි බැලුවම නම්

හොරැහින් බලන්නේ ඇයි එහෙනම්....

සිංදුව කියලා ඉවර වෙලා මම ටග්ගාලා කට්ටියට හිනාවක් දීලා පැදුරෙන් ඉඳගෙන සුදු අයියගෙ කම්මුලකට කිස් එකක් දුන්නේ එයාගෙ උරහිසෙ ඔලුව ගහගන්න ගමන් වෙද්දි මට ඇහුනා එයා ලාවට වගේ හිනා වෙනවා..

" ඊළඟට මම කෙනෙක් යෝජනා කරන්නම්..."

" හා හා කව්ද කියමු බලන්න විදූශ ළමයෝ..."

" මගෙ අයියා.. එයා හිච්චි කාලේ ඉඳන්ම සංගීතේ කරේ.. අයියේ සිංදුවක් ඕනේ.. "

" පොඩී.. මට බෑ බං පිස්සුද.. "

" අම්මෝ අම්මෝ හිච්චයි හිච්චියයි.. බැරි නෑ කොලුවෝ කෝ කෝ කියමු බලන්න සිංදුවක්.. "

කාගෙන් බේරෙන්න පුළුවන් උනත් අපේ පොඩි මාමගෙන් බේරෙන්න බෑ.. ඉතින් ආදිත්‍ය අයියා ශේනුගෙ ඔලුවට ටොක්ක කුත් අනින ගමන් මටත් රවලා.. යකෝ මට රවන්නෙ අහවල් රෙද්දකටද.. නැගිට්ටා ගිටාර් එකත් එක්කම.. එයාගෙ මූණ කාට හොඳට නොපෙනුනත් මට හොඳට පේනවා.. රත්තරන් පාටට.. ගින්දරත් එක්ක..

දඟකාර හැඩකාරි ඔබේ කම්මුල් වලට වඩා

මල් පෙති සිනිඳු නෑ කියා මම දන්නවා

ඔබේ මිනි නිල් දෑස වසා

මගේ සිත උමතු කලා කියා ඔබ දන්නවා

දඟකාර හැඩකාරි ඔබේ කම්මුල් වලට වඩා

මල් පෙති සිනිඳු නෑ කියා මම දන්නවා

ඔබේ මිනි නිල් දෑස වසා

මගේ සිත උමතු කලා කියා ඔබ දන්නවා... //

ඔහ් මයි ගෝඩ්.. his fucking voice ඒකනම් පිස්සුවක් ඇත්තටම.. හරියට නිකම් මත් වෙලා වගේ.. ඇඩික්ට් වෙනවා එයාගෙ කටහඬට.. මං සිංදුව කියද්දි වගේම එයා සිංදුව කියද්දිත් ඒ ඇස් දෙක තිබුනේ මගේ පැත්තට හැරවිලා වෙද්දි වෙනදා නොදැකපු අමුතු රාගික බවක් මං අද ඒ ඇස් වලින් දැක්කා.. හරියට කිව්වොත් මොනාහරි දේකට මත් වෙලා වගේ..

ඔබ මලක් වෙලා සොඳුරු

මගෙ පපුව පුරා පිරුණූ

නිමාවක් නැති ආදරේ

කවුරුවත් දන්නේ නෑ

අපේ දිවි තිබෙන තුරා

ඔබ මට ලැබුනා කියා...

දිවි මැදුර පුරා පිරිණූ

දෙව්දුවක් වෙලා තුරුලූ

නිමාවක් නැති ජීවිතේ

කවුරුවත් දන්නේ නෑ

සසරින් සසර සරා

ඔබ මට ලෑබුනා කියා...

අනේ ඒ පද පේළි.. ඒවා මාව අඬවනවා.. ඊටත් එහා එයාගෙ ඇස් වල කතාව.. ම්හ්ෆ්.. අයියේ.....

දඟකාර හැඩකාරි ඔබේ කම්මුල් වලට වඩා

මල් පෙති සිනිඳු නෑ කියා මම දන්නවා

ඔබේ මිනි නිල් දෑස වසා

මගේ සිත උමතු කලා කියා ඔබ දන්නවා

දඟකාර හැඩකාරි ඔබේ කම්මුල් වලට වඩා

මල් පෙති සිනිඳු නෑ කියා මම දන්නවා

ඔබේ මිනි නිල් දෑස වසා

මගේ සිත උමතු කලා කියා ඔබ දන්නවා

සිත උමතු කලා කියා ඔබ දන්නවා.......

ආදිත්‍ය අයියා සිංදුව කියලා ඉවර වෙද්දි ඇත්තටම මගෙ ඇස් දෙකේ කඳුළු පිරිලා තිබුනා වගේම එයා පැදුරෙන් ඉඳගත්ත හැටියෙ මගෙ බෙල්ල පිටිපස්සෙන් අත තියලා එයාගෙ මූණට නැඹුරු කරගෙන මගෙ තොල් දෙක එයාගෙ තොල් දෙක අතරට ගත්තෙ මගෙ අත් දෙක ගිහින් සුපුරුදු විදිහට එයාගෙ පපුවෙ නතර වෙද්දි...

මට හිතුනා හරි එයාගෙ කටින් එන්නෙ ඇල්කොහොල් සුවඳක් වගේම රසක්.. කවදාවත් නැතුව ඒ ඇස් මත් වෙලා තිබුනේ ඒකයි...

~~~ ඉදිරියට ~~~

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

_________________________________________

Hello lamayi

6200යි 😌🙂

තවම ඉවර නෑ.. සාජ්ජෙ ඉතුරු කොටස ඊළඟ එකෙන් දෙන්නම්.. නැත්නම් තවත් පරක්කු වෙනවා.. 🤧

මං දන්නෑ ඔයාලට ෆීල් වෙයිද කියන්න.. ඒත් මං පුළුවන් උපරිමෙන් එහෙම ලියන්න ට්‍රයි කරා.. 🥲

ඔය සිංදු අහන ගමන් කියවන්න බලන්න පුළුවන් නම්.. 🥹

දවස් තුනක් හෝ හතරක් එක දිගට sl ranking එක යටතේ 1st 🥺❤️ ස්තූතියි ඔයාලට.. ඒ වගේම හුඟාක් ආදරෙයි.. 😊❤️

මේ දරුවා දැන් පන්ති යන්නයි හදන්නේ.. එද්දි කමේන්ට් ගොඩක් දාලා තියන්නෝනේ හර්තේ.. 😌😌

Lvyuuuuu❤

Byee

Share This Chapter