Back
/ 50
Chapter 46

[හතළිස් හතරවෙනි කොටස]

දේදුනු හාදු [TK] On Hold

උදේ ස්කෝලෙ යන්න ඕන නිසා නැගිටලා පුරුද්දට වගේ ෆෝන් බලද්දි වට්සැප් එකේ උඩින්ම තිබ්බ චැට් එකට දාපු එක මැසේජ් එකක්වත් මේ වෙනකම් සීන් වෙලා තිබ්බෙ නෑ.... එහෙමම ආදිත්‍ය අයියගෙ චැට් එකෙන්  බැක් වෙලා ශේනු, දිලුම් දෙන්නා දාලා තිබ්බ මැසේජ් වලට රිප්ලයි කරලා ෆෝන් එක මේසෙ උඩින් තියලා මම ඇදෙන් බැස්සා.... ඒ බැහැලා පොරෝගෙන හිටිය රෙද්ද අදිද්දි ඒක උඩ තිබිලා කහපාට ස්ටිකි නෝට් එකක් එක්ක බිමට වැටුනෙ අරලිය මලක් වෙද්දි මම රෙද්ද පැත්තකට දාලා ඒක අරගෙන බැලුවා.....

' ස්කෝලෙ ඇවිල්ලා.. ඩියුටි ඉවර වෙලා හරිත කුටියට එන්න.. පරිස්සමෙන්... '

අනිවාර්යයෙන්ම කේන්තිකාරයා වෙන්න ඇති... නැත්නම් ඉතින් වෙන කවුරුත් අරලිය මල් තියන්නෙ නෑනේ.... ආහ්හ් ඔන්න දැන්නම් හිතට ටිකක් හොදයි වගේ...  මම ඉක්මනට ඇඳත් අස් කරලා හෝදන්න තියෙන රෙදි ටිකත් එකතු කරා... කාමරේ අතු ගෑවේ නෑ දවස් දෙකකින් තුනකින් විතර ඒ නිසා කොස්ස අරගෙන කාමරේ අතුගාගෙන එද්දි බිම වැටිලා තිබ්බෙ සිල්වර් පාට හීනි චේන් එකක්... අතට අරගෙන බලද්දි දැක්කේ ඒක වෙන කාගෙවත් නෙවෙයි ආදිත්‍ය අයියගෙ... මේක කොහොමද මගෙ කාමරේට ආවේ.... හුම්ම් කමක් නෑ අද ස්කෝලෙට ගියහමම දෙනවා... කාමරේ ඔක්කොම අස් කරලා මම මූණ හෝදන් යුනිෆෝම් එකත් ඇඳගෙන බෑග් එකයි සපත්තු දෙකයි මේස් දෙකයි අරගෙන ඉස්සරහට යද්දි අයියා උයලා ඉවරයි... එයා ලෑස්ති වෙන්න ගිය නිසා මම අයියටයි මටයි කෑම බෙදාගත්තා... මගෙ කෑම එක බෑග් එකට දාගෙන අයියගෙ කෑම එකත් බෑග් එකට දැම්මා..

" මම ලෑස්ති.. හරි නේද එහෙනම් යමුද.. "

" හරි අයියේ.. යමු.. "

සුපුරුදු විදිහට අපිදෙන්නා එලියට බැහැලා ගේට්ටුව ළඟ හිටියේ ශේනුයි සුදු අයියයි එනකම්.. ටික වෙලාවක් යද්දි එයාලගෙ තාත්තගෙ කාර් එක මමයි අයියගෙ ඉස්සරහිනුයි නැවැත්තුවා..

" ගුඩ් මෝනින්.. දෙන්නම නගින්න මම එක්කන් යන්නම් අද අර මෝඩ ළමයි දෙන්නා කලින්ම ගියා.. ඔය දෙන්නටම මැසේජ් දැම්මට බලලා නෑ කියලා

කිව්වා.. "

" ආහ් එහෙමද අන්කල්.. ෆෝන් එක බැලුවෙ නෑනේ.. හොද වෙලාවට අංකල්ව හම්බුනේ.. "

" ඒකනේ.. නගින්න මම ලොක්කව දාන්නම් මගින් මෙයාටනම් මා එක්කම යන්න පුළුවන්නෙ.. "

" හරි අංකල්.. "

ඔට්ටපාලු මී වස්සො දෙන්නා.. යකෝ කෝල් එකක් ගත්තනම් හෙන ගහනවද.. අනේ මුං වගේ එවුන් හොදයි පොල් පිත්තකින් කපාගත්තනම්.. මාමට මුකුත් කියන්න බැරි නිසාම මායි අයියයි හිනාවක් දාලා වාහනේට නැග්ගා.. පස්සෙ ඉතින් අලගිය මුලගිය විස්තර කතා කර කර ඉද්දි මාමා අයියවත් කැම්පස් එක ළඟින් දැම්මා.. විනාඩි පහලවකට විතර පස්සෙ ස්කෝලේ පාකින් ඒරියා එකෙන් වාහනේ දාපු මාමා මටත් බහින්න කියාගෙන එයත් බැස්සෙ දැනටමත් ස්කෝලෙට ඇවිල්ලා උන්න ලමයිගෙ ඇස් මම දිහාවට හැරෙද්දි..

" තෑන්ක් යූ සර්.. මම එහෙනම් ඩියුටි වලට යන්නද.. "

" ඕක මොකක්ද පුතා.. හොදයි ඔයා එහෙනම් යන්නකො.. මට අද අර වැඩේ ඉවරයක් කරලා ෆයිල් එක දෙන්න.. "

" ආහ් හරි සර්.. එහෙනම් මම යනවා.. "

" හරි පුතා.. "

සර්ටත් යන්නම් කියාගෙන මම ආවේ අපෙ පන්තියට ඒ යද්දි ශේනුගෙ බෑග් එක නම් තිබ්බා මේසෙ උඩ.. මූ කොහෙ ගිහින්ද දන්නෑ උදේම ඇවිල්ලා.. මමත් බෑග් එක තියලා පහලට ඇවිල්ලා ග්‍රවුන්ඩ් එක පැත්තට යන්න හදද්දි මතක් උනේ අද උදේ චිට් එකේ ලියලා තිබ්බ එක.. ස්කෝලෙ ඇවිල්ලා ඩියුටි ඉවර වෙලා හරිත කුටියට එන්න.. ආආහ් ඩියුටි යන්න ඕනනේ..

ග්‍රවුන්ඩ් එක පැත්තට තිබ්බ අඩිය අනික් පැත්තට තියලා මම පඩිපෙළ නැග්ගෙ 9/10/11 බිල්ඩින් එකට යන්න.. 9 තියෙන්නෙ ෆස්ට් ෆ්ලෝ එකේ 10 සෙකන්ඩ් ෆ්ලෝ එකේ 11 තර්ඩ් ෆ්ලෝ එකේ යකොව් තට්ටු තුනක්.. තුන්වෙනි තට්ටුවට නැගලා මං හති දැම්මේ බල්ලෙක් වගේ එව්ව්..

" මල්ලි.. මේ මෙහෙ.. කෝ තාම කවුරුත් ඇවිල්ලා නැද්ද.. "

" ආහ් මිහිනු අයියා.. පහක් හයක් විතර ඇවිල්ලා හිටියා එයාලා උදේ ප්‍රැක්ටිස් වලට ගියානේ.. "

" ආහ් එහෙමද.. හරි එහෙනම් ඔයා යන්නකො ඩියුටි වලට.. තාම ගෞරව් ආවේ නැද්ද.. "

" හරි අයියේ.. එයා ආවා ශේනුක අයියත් එක්ක මොකක්ද වැඩකට යනවයි කියලා ගියා.. "

" ආහ් හරි හරි.. ඔයා යන්න.. "

" හරි අයියේ.. "

බලු බල්ලෙක්වත් ඉතින් නැති නිසා මම එහෙමම ගියෙ එකොලහ වසරට.. ඒ පන්ති වලනම් ළමයි ටිකක් හිටියා.. උන්ට කියන්න ඕන නෑ කලින්ම සෙක්ශන් හෙඩ් මැඩම් අමතලා තියෙන නිසා ආව ගමන් අතුගාන වැඩ එහෙම කරනවා.. උන්ගෙ ඉතින් බලන්න දෙයක් නැති නිසා මම 9 වසරට ආවා.. අන්න ඒකේ ඉන්නෙ නම් හිච්චි පාතාලේ එව්ව්.. මම යද්දිත් කල්ලි ගැහි ගැහි කතාව කට්ටිය..

" ඒහ්.. උබලට උදේට කරන්න වැඩ නැද්ද ගෑණු වගේ කයිය ගගහ ඉන්නේ.. යනවලා පන්ති වලට ගිහින් අද ඉන්න අය පන්ති අතු ගාන්න, කොරිඩෝ එක, එතකොට බුදු පහන තියන්න ලෑස්ති කරන්න.. මම ආයෙ එද්දි කිව්ව දේවල් කරලා තියන්න.. "

සද්දයක් දාන්නෙ නැතුව ඕකුන්ට කියලා වැඩක් කරගන්න බෑ.. උන්ටත් කියලා මම අතේ බැඳගෙන හිටිය ඔරලෝසුවෙන් වෙලාව බලද්දි 7.20යි.. දැන් ගියානම් හරි හරිත කුටියට.. ආයෙම 11 වසරට බඩගාලා ඒකෙන් කොල්ලෙක්ව එක්කගෙන ඇවිල්ලා 9 වසරෙ උන්ව බලන්න කියලා මම ගියේ හරිත කුටිය පැත්තට...

අපේ ස්කෝලෙ හරිත කුටියෙ තමයි ඉතින් පුංචි පුංචි මල් පැල, බොන්සායි පැල එහෙම ලස්සනට හදලා කරගෙන යන්නේ.. සාමාන්‍යයෙන් ඒකට කාටවත් යන්න බෑ කෘෂිකාර්මය, ගෘහ ආර්ථික විද්‍යාව කරන ළමයින්ටයි, ප්‍රිෆෙක්ට් බෝඩ් එකේ අයටයි ඇරෙන්න.. හරිත කුටිය හදලා තියෙන්නෙත් වටේටම ගස් වලින් වැහුන වෙනමම කොටසක.. ඒ කොටසෙ තමයි පලතුරු ගස්, බෙහෙත් පැළෑටි එකී මෙකී නොකී හැමදේම තියෙන්නේ.. ලොකු මල් ගස් පවා තියෙනවා.. හිත නිවන ලස්සන පරිසරයක්..

මම දොර ඇරගෙන ඇතුලට යද්දි මට පිටුපාලා ඉස්සරහ පැත්ත හැරිලා හිටියේ ආදිත්‍ය අයියා.. මම දැනගත්තා.. වෙන කව්ද ඉතින් අරලිය මල් දෙන්න ඉන්නෙ හුම්ම්..

" අ..අයියේ.. "

" ............ "

" අයි..යේ.. සුදු අයියේ... "

" ම්ම්ම් සුදු අයියා තමයි.. "

සුදු අයියා තමයි කියන ගමන්ම එයා මගෙ පැත්ත හැරිලා මං ලගට ඇවිල්ලා මගෙ ඉණ වටේ අතක් යවන ගමන් එයාගෙ ඇගට ලං කරගත්තෙ මගෙ අතේ තිබුන පොතයි පෑනයිත් බිමට වැටිලා යද්දි.. ම්හුක් හරිත කුටියෙ සිසුන් දෙදෙනෙක් පෙම් කෙලියේ..

මම හිටියේ අයියගෙ මූණ දිහා බලාගෙන වෙද්දි එයා නිදහස් අත අරගෙන මගෙ නලලට වැටිලා තිබ්බ කොන්ඩ කෑල්ලක් අතින් එහාට කරා..

" සුදු අයියට සමාවෙන්න ම්ම්.. මට ඕන උනේ නෑ උබට රිද්දන්න.. ඒත් සුදූ උබත් මුරණ්ඩුයිනෙ.. "

" සමාව ගන්න ඕන නෑ අයියේ.. මමත් වැරදීනේ.. මටත් අයියට කියන්න

තිබ්බා.. "

එයාගෙ අත මගෙ ඉන අතාරිද්දි මම බලාගෙන හිටියේ අයියගෙ මූණ දිහා.. වෙනදා වගේ නෙවෙයි එයාගෙ මූණ මැලවිලා..

" ම්..මට.. මාව පාලනයක් නෑ මැණිකේ.. උබ මේ කිසිම දෙයක්, අංශු මාත්‍රෙක දෙයක් දන්නෙ නෑ.. උබව මගෙ ඇස්දෙක ළඟ තියාගෙනත් මට තාමත් මේ කරුමෙන් ගැලවෙන්න බෑ... උබ සම්බන්ධ හැම පුංචි දේකදිම මම ඕනවටත් වඩා කලබල වෙනවා.. මට ඒක නවත්තන්න බෑ එහෙම ඕනත් නෑ.. මොකද උබ, උබ මගෙ හැමදේම, මගෙ මුළු ලෝකෙම බං.. සුදූ, මිහිනු.. මගෙ ලගින්ම ඉදපන් බං.. මම වෙන මුකුත් ඉල්ලන්නෙ නෑ.. මට ඕන නෑ ආයෙම අවුරුදු 5කට කලින් හිටිය පිස්සා වෙන්න.. "

" අනේ.. සුදු.. අයියේ.. ඇයි මේ.. "

එයාගෙ ඇස් රතු වෙලා.. ඇස් කොන් වල කදුලු පිරිලා ඒත් ඒ කදුලු පවා මුරණ්ඩුයි.. මම කියන්න යන දේ නවත්තලා මගෙ උරිස් දෙකෙන් අල්ලගෙන සුදු අයියා ආයෙම මාව බදාගෙන කතාකලේ කටහඬත් වෙව්ල වෙව්ල..

" මේ වෙන හැම දෙයක්ම, මම කියන්නෙ හැම දෙයක්ම උබට කවදමහරි දවසක කියනකම් මගෙන්වත් කාගෙන්වත් කිසිම දෙයක් අහන්න එපා මීණූ.. මාත් එක්කම මැරෙන මොහොත වෙනකම් මොන ප්‍රශ්නෙ කොහොම ආවත් මා එක්කම ඉන්නවා කියලා පොරොන්දු වෙන්න.. මට ඒ ඇති.. "

" පොරොන්දු වෙනවා... මම ඉන්නකම් අයියට මුකුත් වෙන්න දෙන්නෙ නෑ.. මම පොරොන්දු වෙනවා.. අනේ ඔහොම ඇස් වල කඳුලු පුරෝගන්න එපා.. මම කැමති නෑ.. "

" මට එච්චරයි ඕන.. කැමති නැති උනාට වැඩක් නෑ උබ නිසාම තමයි මම මේ අඬන්නෙ.. "

" අනේ ම්හුක්.. ආ මේ සුදු අයියේ.. "

" ඕ මැණිකේ.. කෝ එන්න ඔඩොක්කෙට.. "

" කවුරුහරි එයිද.. "

" මෙන්න මෙහෙ වරෙන් බං.. "

හිටගෙන හිටිය මාව ඉදගෙන හිටිය එයාගෙ උකුල උඩින් ඉන්දවගන්න ගමන් වෙද්දි මගෙ බඩ වටේට එයාගෙ අත් දෙකම එතුනා..

" අහන්නකො අනේ පොඩ්ඩක්.. කුචි කවන්න එපා අප්පා.. වදේ.. "

" වදේ වදේ කියාගෙන එන්න එපා උබ.. මොකක්ද දැන් කියන්න තියෙන්නෙ අහන්න අහන්න කියනවා විතරයි උබ

කියන්නෑනේ.. "

" වදේ තමයි.. මේ ඒයි ඔයා ඊයේ අපෙ ගෙදර ආවද.. "

" ම්ම්ම් ඇයි දැන් එහෙම අහන්නෙ.. "

" ඔව්ද නැද්ද කියන්නකො.. "

" හ්ම්ම් ආවා තමයි.. මම එද්දි උබව හොඳටම වෙව්ලනවා මැණිකේ.. මම එච්චර දෙයක් හිතුවෙ නෑ බං.. ශිට්.. "

" දැන් ඒකෙන් වැඩක් නෑ ඉතින්.. ආ මෙන්න ඔයාගෙ මාලේ උදේ කාමරේ අතුගාද්දි හම්බුනේ.. "

" ඕහ්.. මම හෙව්වා මේක.. කෝ පොඩ්ඩක් මේ පැත්ත හැරෙනවකො.. "

කට කියවන්නෙ නැතුව ඉතින් මම බබා වගේ පොඩ්ඩක් අයියගෙ පැත්තට හැරුනා.. ඒ හැරුනම මගෙ ශර්ට් එකේ උඩම බොත්තම් දෙක ගලවපු ආදිත්‍ය අයියා මගෙ අතේ තිබ්බ මාලේ මගේ කරට දැම්මේ මම කම්පියුස් උන්ගා බුන්ගා වෙලා බලන් ඉද්දි..

ගංචුවත් ලොක් කරලා අවසානෙදි ඒකට දාලා තිබ්බ ක්‍රිකට් පිත්තෙ පෙන්ඩන්ට් එක පපුවට වැටෙන තැනට පුංචි හාදුවකුත් දුන්න අයියා මාව බදාගත්තෙ මාත් ඉතින් හොද බබා වගේ එයාට තුරුල් වෙද්දි..

අනේ ඉතින් ස්කෝලෙ ඇවිල්ලා පෙම් කෙලින ලස්සන.. හරිම අගෙයි බේසික ලමයි දෙන්නා ම්හු..

" ඩියුටි ඉවරද ම්ම්.. මීටපස්සෙවත් දෙයක් උනොත් මට කියන්න මීණූ.. මට උබ වෙනුවෙන් මිනීමැරුවෙක් උනත් වෙන්න බැරි නෑ.. හැබැයි උබම මාව ඒ තත්වෙට පත් කරන්න එපා.. "

" අයියේ !!!!! ඔය වගේ කතා කියන්න එපා.. මොනාද දෙයියනේ කියවන්නේ.. ඔයා තමයි හොඳම එච්චරයි.. "

" හරි හරි.. අහපු එකට උත්තර

දෙන්නකො.. "

" අව්ලක් නෑ කරගෙන යනවා.. 9 වසරෙ අය තමයි හිච්චි පාතාලේ උන්.. "

" ශේප් එකේ ඉන්න වැඩිය කෑගහන්න කරන්න යන්නත් එපා වැඩිය කරේ නගින්න දෙන්නත් එපා ඊටපස්සෙ මෙතන මට වෙනම ගාඩ් එකක් දාන්න වෙයි.. "

" ඉරිසියාව ඒයි ඔයාගේ.. මේ මේ ඒක නෙවෙයි මහත්තයො මොකක්ද අර උදේ කරපු

වැඩේ ඈ.. "

" ම්.. මොකක්ද උනේ.. "

" ඈ යකෝ.. උදේ මායි ලොකුයි පාරට වෙලා ඉද්දි මාමා ආවා.. එතකොට තමයි කිව්වෙ හරක් පැටව් දෙන්නා කලින්ම ස්කෝලෙ ගියා කියලා.. "

" අපේ තාත්තා එහෙමත් කිව්වද.. හරි උබලා දෙන්නටම මැසේජ් දැම්මා ඔන්ලයින් නෑ.. කෝල් එකක් ගන්න තරම් ඉතින් මීටර් උනේ නෑ.. "

" හුහ්.. බයින්නයි ගහන්නයි නම් හොදට මීටර් වෙනවනේ.. "

" කටවහන් ඉදපන් පුදුම කන්කරච්චලයක් තියෙන්නෙ උබේ.. මොකද තාත්තා

කිව්වෙ.. "

" අනේ මේ අයියේ.. තාත්තා මොනා කියන්නද ඇජෙන්ඩා එක හදලා අන්න ඒක දෙන්න කිව්වා අද.. මීඩියා එකේ ඉන්න අයට ප්ලෑන් එකක් හදන්න කිව්වා.. "

" ම්ම්ම්.. දැන් නම් ගාථා කියලත් ඉවරයි සුදූ.. ඔයා යන්න පන්තියට මම කේශ් එක්ක එකතු වෙලා ඇජෙන්ඩා එකෙයි බජට් එකෙයි ඉතුරු ටික හදන්නම්.. "

" හා එහෙනම්.. මම ෆ්‍රී එකක් තිබ්බහම එන්නම්.. "

" ම්ම් යන්න දැන්.. "

ආදිත්‍ය අයියා මාව එයාගෙ ඔඩොක්කෙන් නැගිට්ටන ගමන් එයත් නැගිට්ටෙ සාක්කුවේ තිබ්බ යතුරකුත් අතට ගන්න ගමන් වෙද්දි මම සුදු අයියටත් යනවා කියාගෙන හරිත කුටියෙන් එලියට ආවා.. හුම් නැත්නම් කවුරු හරි දැක්කොත්..

ස්කූල් ඇන්තම් එකත් කියලා ඉවර උනාට පස්සෙ මම කෙලී....න්ම ගියෙ අපෙ පන්තියට.. ඒ යද්දිවත් ශේනුලා ඇවිල්ලා හිටියේ නෑ.. මම ඉතින් උදේ පීරියඩ් එකට ඕන පොත් ටිකත් එලියට අරගෙන අරුන් දෙන්නගෙ බෑග් වලින් උන්ගෙ පොතුත් අරගෙන එලියෙන් තිබ්බා.. පලවෙනි පීරියඩ් එක පටන් ගන්න බෙල් කරලා මිස් පන්තියට ඇවිල්ලත් විනාඩි දහයක් ගියහම තමයි ශේනු, දිලුම්, ගෞරව් තුන්දෙනා පන්තියට ආවේ...

මිස්ටත් එක්ස්කියුස් කල්ලා ගෞරව් එයාගෙ ඩෙක්ස් එකට යද්දි අරුන් දෙන්නා ආවේ අපෙ පේලියෙ මගෙ එහා පැත්තට..

" ආ කිරිපුතේ.. ආරංචි අපිට පොඩි මස්සිනයි උබයි හොද අඩව්වක් ඇල්ලුවයි කියලා.. "

" උබටත් ඉතින් අනේ යකෝ.. පොඩි මස්සිනා පොඩි මස්සිනා තමයි.. ඒකා පොඩි මස්සිනා නෙවෙයි යක් මස්සිනා.. "

" යක් උන එක හොදයි නැත්නම් උබ වගේ ඇට්ටර මුරණ්ඩු මගුලක්ව ආම්බන් කරන්න පුළුවන්ද මනුස්සයෙක්ට.. "

" අනේ කට්.. "

" තාරක, අභිසෙස් දෙන්නගෙ කියවිල්ල නවත්තනවද නැත්නම් දෙන්නවම එලියට දාන්නද.. "

අන්තිමට මගෙයි උගෙයි වාදෙ නැවතුනේ මිස් අපෙ වාදෙට බකට් එකක් පෙරලුව නිසා.. ඒ අස්සෙ සේනු අපි දෙන්නගෙ දිහා මරන් කන්න වගේ බලන් ඉන්නවා.. වැ‍රද්දක් සිදු වෙලා තියෙන හැඩයි..

ඉතින් එතන ඉදන් දිගටම තිබ්බෙ ඉගෙනීමක් තමයි.. අයියලට උදව් කරන්න යන්නවත් උනෙ නෑ.. එක මිස් කෙනෙක් යද්දි එක්කෙනෙක් එනවා හුම්ම්..

ආදිත්‍යගෙ මානයෙන්:-

හරිත කුටියෙන් එලියට ඇවිල්ලා ඒක ලොක් කරලා යතුර ගාඩ් රූම් එකෙන් තියලා මම ආවේ ප්‍රිෆෙක්ට් රූම් එකට.. මම යද්දිත් කේශ් වැඩ පටන් අරගෙන.. ටොප් බෝඩ් එකේ අනික් උන් ටිකත් හිටියා.. කොහොමහරි මේක ඉවර කරලා අද දවසෙදි තාත්තට දෙන්න ඕන.. එතකොට අඩුපාඩු මොනාහරි තිබ්බොත් ගෙදරදි හදාගන්න පුළුවන්නෙ.. ඇරත් හෙට නිවාඩුවකුත් සෙට් වෙනවා පෝය වැටිලා තියෙන නිසා..

" කේශ්.. මොකෝ තත්වෙ.. ඉවර කරගන්න පුළුවන් නේද.. "

" ඔව් බං තව ටිකයි තියෙන්නෙ පොඩ්ඩක් ඉදපන්කො.. "

" මේහ් උබලා දෙන්නා එහෙනම් දැන් පලයන් හරිද ගිහින් මීඩියා එකට ප්‍රෝගෑම් ටික පැහැදිලි කරලා දීපන්.. මොනාහරි ප්‍රශ්නයක් නම් ආදි ගෙන් අහන්න කියපන්.. ඔක්කොටම කලින් මීඩියා එකේ මිස්ව දැනුවත් කරලා පලයන් නැත්නම් මෙතන එයි සාරිය උස්සගෙන.. "

" එළ එළ.. එහෙනම් අපි ඒකත් කියගෙන පන්තියට ගිහින් ආයෙම එන්නම්.. "

" එලම.. "

කේශ් කොහොමහරි කරලා උන්දෙන්නව යැව්වට පස්සෙ උගෙ බැල්ම වැටුනෙ මගෙ පැත්තට.. දැන් මූ හදන්නෙ මෙතන නාඩගමක් නටන්න තමයි කියලා මම හොදාකාරවම දැනගන හිටියා..

" ඉදගනින්.. "

" දැන් තෝ මට කියපන් ඊයේ රෑ මොකක්ද ඇල්ලුවෙ අඩව්ව කියලා.. "

" උබ කොහොමද දන්නෙ ඒක.. "

" රගුවට කතා කරලා උබ විස්තර අහගත්ත සැනින් ඌ මට කතා කරලා කිව්වා... මම එවලෙ එනවා කොහොමහරි ගෙදර අය හිටියේ නැත්නම්.. ආදිත්‍ය උබ ඔය හදන්නෙ විහින් කරදරේ වැටෙන්න.. "

" චහ්.. මට වැඩක් නෑ.. මගෙ පොඩි එකාට බලු කතා කියන උන්ට ඔයිට වඩා දෙයක් උනත් වෙන්න පුළුවන්.. "

" ආදි.. මම උබට මීට කලිනුත් කියලා තියෙනවා බං.. උබේ ඔය කේන්තිය නිසා උබට හුඟක් දේවල් නැති වෙයි... උබ ගැන හිතන්න එපා උබේ කොල්ලා ගැන හිතපන්.. උබට ඕනෙ ආයෙම ඒකව නැති කරගන්නද.. "

" උබ මට මොකක්ද කරන්න කියන්නෙ කේශ්.. මචං මට කියපන්කො මම මොකක්ද කරන්න ඕනෙ කියලා.. "

" උබට ආයෙම ට්‍රීට්මන්ට් වලට යන්න ඕනද.. එහෙම ඕනනම් යමන් මම අන්කල්ට කතා කරන්නම්.. "

" මට මේක කරන්න හරි අමාරුයි බං.. ස්කෝලේ, ක්ලාස්, පාඩම් වැඩ, එහෙන් එක එක ප්‍රශ්න.. මට බෑ බං ආයෙම පිස්සෙක් වෙන්න.. "

" බය වෙන්න එපා හ්ම්ම්.. රිවිශන් ක්ලාස් එකේ රෙකෝඩින් එක හරි බලන්න පුළුවන්නෙ.. හෙට යමන් මම අද අයියට කියලා වෙලාවක් අහගන්නම්.. "

" හ්ම්ම්.. මම අම්මට කියන්නම්.. "

" එල.. උබට ඕනම දේකට මං ඉන්නවනේ.. අපි කොහොමහරි හොඳ කරගමු.. "

" මම දන්නවා.. කොල්ලට මුකුත් දැනගන්න දෙන්න බෑ බං.. නැත්නම් ඕකත් මෙතන පිස්සු නටන්න ගත්තොත් මට කොහෙත්ම ඔලුව එක තැනක තියාගෙන වැඩක් කරගන්න අමාරුයි.. "

" ඒක ඇත්ත.. වරෙන් වරෙන් මේක දැන් හදලා ඉවර කරලා අංකල්ට දීලා දාමු.. "

කේශ් එක්ක එකතු වෙලා ඉතුරු වෙලා තිබ්බ වැඩ ටිකත් ඉවර කරලා ප්‍රින්සිපල්ට ෆයිල් දෙකත් භාර දීලා මීඩියා එකේ මිස් එන්න කියලා තිබ්බ නිසා ඒකටත් ගිහින් එයාටත් බේසික් ප්ලෑන් එක පොඩ්ඩක් පැහැදිලි කරලා 12 ආට් එක පැත්තෙත් රවුමක් එහෙම දාලා අපි දෙන්නා ආයෙම ප්‍රිෆෙක්ට් රූම් එකට ආවා.. ඒ ඇවිල්ලා කාලා බීලා දොර වහලා ජනෙලුත් වහලා ක'ටන්ස් ටිකත් ඇදපු කේශ් බෑග් එකෙන් ෆෝන් එක අතට අරගෙන උගෙ බෝයිෆ්‍රෙන්ඩ් අයියට කෝල් එකක් ගත්තෙ මම ඌ කතා කරන ඒවත් අහගෙන මේසෙට ඔලුව තියාගනිද්දි.. ඔලුව රිදෙනවා..

වසර පහකට පෙර (2019)

~~~ ඉදිරියට ~~~

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

__________________________________________

Hello Lamai

ඊළඟ චැප් එක වචන 3000+ වේවි බොහෝ දුරට.. වෙලාවක් හම්බුන ගමන් ටයිප් කරා දුන්නා..

ටික ටික ඔයාලගෙ තියෙන ප්‍රශ්නත් ඉවර වෙයි කතාවත් ඉවර වෙයි..

එහෙනම් ආයෙ එනකම් පරිස්සමෙන් ඉන්න...

Lvuuuuu❤

Share This Chapter