Back
/ 50
Chapter 48

[හතළිස් හයවෙනි කොටස]

දේදුනු හාදු [TK] On Hold

අවුරුදු ගාණක් පස්සට ගිහින් හිටිය මම ආයෙම පියවි ලෝකෙට ආවේ කේශ් උරහිසට තට්ටු කරපු නිසා වෙද්දි ඌ මගෙ දිහා බලාගෙන හිටියේ මොකද යකෝ උනේ කියලා අහන්න වගේ.. ආහ් ඌ අයියා එක්ක කතා කල්ලා ඉවරයි වගේ..

" මොන ලෝකෙද බං හිටියේ.. මම දැන් කෝල් එක තියලා පැය භාගෙක ඉදන් උබට කතා කරන්නෙ.. "

" හ්ම්ම්.. මට අවුරුදු පහකට කලින් උන දේවල් මතක් උනා කේශ්.. උබේ කෝල් එක ඉවර නම් අපි මේ ෆයිල් දෙක තාත්තට දීලා මීණුගෙ ක්ලාස් එක පැත්තෙත් ගිහින් එමුද.. "

" අහපන් අවුරුදු පහක් කියන්නෙ අතීතේ මචං.. මතක තියාගනින් අතීතේ කියන්නෙ අතීතෙටම විතරයි.. අතීතය ආයෙම වර්තමානෙටවත් අනාගතේටවත් එන්නෙ නෑ.. යමන් මේ දෙක දීලා ඒ පැත්තෙත් ගිහින් එමු.. "

" ම්ම්ම් දන්නවා.. මගෙ ජීවිතේට උබ වගේ යාලුවෙක් හිටියේ නැත්නම් එතනින් එහාට මම කියන්න කැමති නෑ කේශ්.. එදා වගේම අදත් ඉස්සරහටත් උබට කොහොම ස්තූති කරන්නද කියලා මම දන්නෙ නෑ කේශ්.. "

" අනේ හුත්තෝ මට කියලා උබ හුකාගන්නෙ නැතුව මෙහෙ වරෙන් යන්න.. ස්තූතියක් ගැන කියෝනවා.. "

" හැබැයි අදටත් මට අල්ලන්නෙ නැති එකම දේ උබේ බලු කට.. "

" පලයන් බං මම නැත්නම් කොරයි

උබලා.. "

කේශ් මගෙ ඔලුවටත් එකක් ගහලා මාවත් ඇදගෙන ප්‍රින්සිපල් ඔෆිස් එකට යන්න පිටත් උනා.. එතකොට ඒ වැඩෙත් ඉවරයි.. ඊටපස්සෙ තියෙන්නෙ වැඩ ටික පටන් ගන්න තමයි.. තාත්තට ෆයිල් දෙකත් බාරදීලා අපි දෙන්නම ආවේ 12 වසර ආට් සෙක්ශන් එකට.. හොද වෙලේට මුං 13 නොවුනෙ.. එහෙම උනානම් තට්ටු හතරක් බඩගාන්න එපැයි..

අපේ ස්කෝලේ 12/13 බිල්ඩින් තියෙන්නෙ වෙනමම.. 12 වසරට ෆ්ලෝස් දෙකයි 13ට ෆ්ලෝස් දෙකයි.. 12 ෆස්ට් ෆ්ලෝ එකේ බයෝ, මැත්ස්, කොමස් උන්, සෙකන්ඩ් ෆ්ලෝ එකේ ආට්, ටෙක් කරන අය.. ඕක ඔහොම දාලා තියෙන්නෙත් ආට්, කොමස් කරන උන් නයාට අඳුකොළ වගේ නිසා..

මිහිනුගෙ ක්ලාස් එකේ දැන් ඉන්නෙ හාමුදුරුවො.. පොලිටිකල් කරන්නෙ එයානේ.. හාමුදුරුවො ඉතින් මගෙ ෆිට් එක තමයි.. අපි දෙන්නා පලවෙනි පන්තිය පහුකරගෙන එනවත් එක්කම උන්ගෙ සද්දෙ නැවතුනේ මුලු සෙක්ශන් එකම මීයට පිම්බා වගේ වෙද්දි.. ඒත් එක්කම වගේ සද්දෙ නැවතුනෙ ඇයි කියල බලන්න වෙන්න ඇති උගන්න උගන්න හිටිය හාමුදුරුවොත් පන්තියෙන් එලියට ආවේ එන ගමන් හිටිය අපි දෙන්නව දැකලා හිනාත් වෙලා සද්දෙන්ම කතා කරද්දි..

" මම ඒත් බැලුවා මොකද මුන්ගෙ සද්දෙ වැහුනේ කියලා.. "

" හාමුදුරුවනේ.. "

" හොදයි හොදයි එමුකො පන්තිය ඇතුළට.. "

කොරිඩෝ එකේ ඉදන්ම එහායින් එනවා දැක්ක අපි දෙන්නව පොඩි උන්ගෙ පන්තිය ඇතුළට කතා කරගෙනම හාමුදුරුවො ගිහින් ගුරු පුටුවෙන් ඉඳගන්න අතරෙ මම මුලු පන්තිය වටේම ඇස් යවලා බැලුවේ පොඩි ඇටයා කොහෙද ඉන්නෙ කියලා වෙද්දි කොරිඩෝ එකත් එක්ක තියෙන බැම්මත් එක්ක තිබ්බ ඩෙස් පේලියෙ අයිනෙ ඩෙස්ක් එකේ එහාපැත්තෙ ඉන්න පොඩී එක්ක මොකක් හරි ඕපයක් කියෝන ගමන් හිටිය කොල්ලව මගෙ ඇස් වලට අහු උනා..

" කොල්ලනේ සද්ද වහලා පාඩම කියවගන්න, ඒ වගේම මම ඊළඟට අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න බලාගෙන ඉන්න.. "

හාමුදුරුවො මුලු පන්තියම සයිලන්ට් කරලා වැඩකුත් කරන්න කරන්න දීලා අපි ඉන්න පැත්තට හැරෙද්දිවත් නෙවෙයි අරුන් දෙන්නගෙ කතාව නැවතුනේ..

" ඉතින් මොකෝ ඉලන්දාරි දෙන්නා මේ පැත්තේ.. "

" විශේශයක් නෑ හාමුදුරුවනේ.. මේ කේශ් ගෙ යාලු මල්ලි කෙනෙක්ගෙන් උගෙ පොත් වගයක් ඉල්ලගන්න ආවා.. "

" ආහ් හොදයි හොදයි.. දැන් විභාගෙට එහෙම ලෑස්තිද.. එන්න එන්නම දිනත් ලං

වෙනවනෙ.. "

" එහෙමයි හාමුදුරුවනේ.. "

" ම්ම්.. කැම්පස් යන්න පුලුවන් දරුවො දෙන්නෙක්.. අනිවාර්යයෙන්ම රෑන්ක් එකක් දාන්න පුලුවන්.. "

හාමුදුරුවොත් ඉතින් බණ කියනවනෙ.. රෑන්ක් කෙසේවෙතත් මටනම් දැන් රෙද්දෙ රෙවිලා ඉන්නේ.. කව්ද යකෝ මැත්ස් ලේසි කියන උන්.. පම්ක තමයි ඉතින්.. හාමුදුරුවො එක්කත් කතාවකට සෙට් උනොත් ලේසියෙන් ගැලවෙන්න හම්බෙන්නෙ නෑ... කොහොමහරි අපි දෙන්නත් එක්ක පැය භාගෙකට කිට්ටු වෙන්න හාමුදුරුවො කියෝ කියෝ හිටියා.. අන්තිමේට ආයෙ ළමයි එකා දෙන්නා සද්ද කරන්න පටන් ගද්දි තමයි හාමුදුරුවොත් හරි ට්‍රැක් එකට වැටුනේ..

" ඔය දෙවනි පේලියෙ ඉන්න බිත්තියේ අයිනෙ තියෙන ඩෙස්ක් එකෙයි උගෙ එහා පැත්තෙ ඉන්න එකයි නැගිටිනවලා.. "

හරියටම හරිනේ.. දැන් ඉතින් දීපන්කො ඇට්ටරයො දෙන්නා උත්තර.. මුං දෙන්නගෙ කතාව කොච්චර ලොකුද කියනවනම් විනාඩි හතලිස්පහක් තිස්සෙ ඉන්න අපි දෙන්නව වත් දැක්කෙ නෑ.. හාමුදුරුවො පුටුවෙන් නැගිටලා දෙන්නා ලගට ගිහින් මේසෙට ගැහුවා විතරයි දෙන්නම හිටගෙන.. ඔන්න එතකොට තමයි මාව දැක්කේ..

" කියපල්ලකො උබලා දෙන්නා මොනා ගැනද ඔච්චර වෙලා හුස්මක් නොගෙන කියෙව්වෙ කියලා.. "

සිරාවටම මුං දෙන්නා මොනාද දන්නෑ ඔච්චර කියෙව්වේ.. හාමුදුරුවන්ටත් ඉතින් මොකක් හරි මගෝඩි වැඩක් කරලා අහු උනොත් ලේසියෙන් අතාරින්නෙ නෑ.. අර පොඩි ඇටයො දෙන්නා නැගිටිනවත් එක්කම මම ආයෙම හාමුදුරුවො පැත්තට හැරුනේ බොරුවක් කියලා මේ හරක් දෙන්නව එලියට ගන්න කියලා හිතාගෙන..

" හාමුදුරුවනේ.. මට මේ පන්තියෙන් මල්ලිලා තුන්දෙනෙක්ව පොඩි වැඩ වගේකට ගන්න ඕනේ.. "

" උබලා දෙන්නා ඒකතමයි මේ හොරගල් ඇහිලුවේ.. හ්ම්ම් හ්ම්ම් කව්ද දැන් ඔය එක්කන් යන්න හදන උන් තුන්දෙනා.. "

පස්සෙ මම හාමුදුරුවන්ට නම් තුන කියලා කොල්ලො තුන්දෙනාව පෙන්නද්දි මටයි කේශ්ටත් පිටට පාරවල් දෙකක් හම්බුනා මල්ලිලා තුන්දෙනාව බේරගන්නවයි කියලා.. කොහොමින් කොහොම හරි වැල් බයිලා දාහක් කියෝලා උන් තුන් දෙනාටත් පහලට එන්න කියාගෙන හාමුදුරුවන්ටත් වැඳලා කරලා අපි දෙන්නා පහලට ආවා.. ඊට විනාඩි දහයකට පස්සෙ තුන් කට්ටුවම අපි ඉන්න තැනට එද්දි මම කෙලින්ම අල්ලගත්තෙ මිහිනුගෙ කනෙන් වෙද්දි කොල්ලා අතාරින්න ගගා කෑ ගහන්න ගත්තා..

" මොකද්ද කියපන්කො දැන් අච්චර වෙලා උබයි අනික් හරකයි කියෝ කියෝ හිටියේ.. යකෝ මායි මූයි ආවයි කියලවත් දන්නෙ නෑ.. මෙලෝ සිහියක් නෑ පුදුම කියවිල්ලක්.. "

" ආයි.. ආයි.. අනේ අතාරින්නකො සුදු අයියේ.. රිදෙනවනේ.. "

" අතාරින්න.. අතාරින්න නෙවෙයි කියනවා ඔච්චරටම කියෙව්වෙ මොන කුන්ඩවාලයක් ගැනද කියලා.. "

" ස්ස්ස්.. ඌයි අප්පා.. ගහන්නෙ.. අපි දෙන්නා නිකම් කියව කියව හිටියෙ එහෙම වෙන මුකුත් ගැන නෙවෙයි අනේ.. දැන්වත්

අතාරින්නකො.. "

" ම්ම්.. දැනට අතාරින්නම්.. හැබැයි මම ඉන්න කාලේ ඇතුළත ආයෙ මගෙ ඇස් දෙකට පේන්න ඉගෙන ගන්න වෙලාවකදි උබලා දෙන්නා තුන්දෙනා කතා කර කර ඉන්නවා දැක්කොත් එතනම ගහනවා.. තේරුනානේ.. "

" හුම් හුම්.. තේරුනා ඒයි.. "

" අද මායි කේශුයි කලින් යනවා හරිද පොඩි වැඩ වගයක් තියෙනවා කරගන්න.. තුන්දෙනත් එක්ක පරිස්සමට ක්ලාස් යන්න.. ඉවර වෙන වෙලාවට මම එන්නම්.. "

" කොහෙද සුදුඅයියේ යන්නේ.. "

" මම පස්සෙ කියන්නම් මැණිකේ.. කේශ් මුං දෙන්නා එක්ක කැන්ටිමට ගිහින් මොනාහරි අරගෙන දීපන්.. මම ඉක්මනට එන්නම්.. "

" එල.. වරෙන් යන්න දෙන්නම.. ඉන්නවා කට උඩ බලාගෙන.. "

ඌ පොඩීවයි දිලුම්වයි එක්කගෙන යද්දි කහමල් ගහ යට අන්තිමට ඉතුරු උනේ අපි දෙන්නා විතරයි.. අපි හිටිය හරියෙත් ළමයි කවුරුත් නෑ.. වටපිට බල බල හිටිය මගෙ අරලිය මලව ඉක්මනින් මගෙ ලගට ඇදලා ගත්තේ කොල්ලා එකපාරයටම උන දේ හිතාගන්න බැරුව ඇවිල්ලා මගේ ඇඟේ වදිද්දි..

" අයියේ.. කවුරුහරි ඒවි.. අතාරින්නකො.. "

" ම්ම්ම්.. "

" ළමයි එයි අනේ.. අතාර්.. "

" Kiss.. "

" අයි... "

" Kiss.. "

" නවත්තන්නකො අනේ.. මොකද මේ.. "

" ම්ම් නවත්තන්න බෑනේ.. මොකද

කරන්නේ.. "

" අනේ මේ.. කෝලම් කරන්න එපා.. "

කොල්ලව පොඩ්ඩක් අවුස්සන්න කියලා හිතාගෙන මම ඒ බෝල, සිනිඳු කම්මුල් දෙක හප හප හාදු තියන ගමන් පොඩි එකාව තව ටිකක් මගේ ඇගට තෙරපගත්තෙ අවසානෙදි මගේ පපුවෙ දකුනු පැත්ත හා දත් සෙට් එහෙකට අහු වෙද්දි..

" ආව්හ්.. හපන්න එපා බං.. රිදෙනවා.. "

" රිදෙන්න තමයි හැපුවේ.. "

" ම්ම්ම්.. කටවරද්ද ගන්න එපා මැණිකේ.. "

" අනේ නිකා ඉන්නකො අප්පා.. "

" හුරතලේ.. මීණූ.. ස්කෝලේ ඉවර වෙලා පරිස්සමින් ක්ලාස් එකට යන්න හරී.. මම බත් දෙකක් පොඩීගෙ බෑග් එකට දාලා තියෙන්නේ.. ඒක කන්න.. කඩෙන් කන්න ඕන නෑ.. සල්ලි තියෙනවනේ.. "

" හරි අයියේ.. ඕ උදේ එද්දි අයියා දුන්නා.. ඔයාලා දෙන්නා කොහෙද යන්නෙ කියලා

කියන්නකො.. "

" බඩු වගයක් ගන්න සුදූ යන්නේ.. මුලින්ම පොඩි පොඩි වැඩ ටික ඉවර කරගන්න ඕනේ.. නැත්තම් ඔක්කොම එකට කරන්න ඇදගත්තම බෑ.. "

" හා සුදු අයියත් පරිස්සමෙන්.. "

" ම්ම්.. හවසට මං එන්නම්.. Kiss "

" මගේ පණ ටික.. "

තව හිටියොත් ඩොක්ටර් ලගට යන්න පරක්කු වෙන නිසා මම මීණුගෙ නලලට හාදුවකුත් තියලා ඔලුවත් අතගාලා කැන්ටිමට එක්කගෙන ගියේ කේශුයි අනික් උන් දෙන්නයි එතන නිසා..

තුන්දෙනාටම ආයෙමත් කියන්න ඕන ටික කියලා පන්තියට ඇරලවලා අපි දෙන්නා ප්‍රින්සිපල් ඔෆිස් එකට ගිහින් තාත්තටත් විස්තරේ කියලා ලෙටර් එහෙකුත් අරගෙන පන්තිභාර මිස්ට දීලා බෑග් දෙකත් අරගෙන ස්කෝලෙන් එලියට ආවා.. ස්කෝලෙ පහු කරගෙන ටිකක් ඉස්සරහට ගිහින් පික් මී එකක් දාගෙන ඒක ආවට පස්සෙ දෙන්නත් එක්කම ඩොක්ටර් ලගට යන්න පිටත් උනේ ත්‍රීවිල් එකේ යන ගමන් කේශ් ඩොක්ටර්ට කෝල් කරලා අපි එන ගමන් කියලා කියද්දි..

~~~ ඉදිරියට ~~~

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

______________________________________________

Hello Lamai

ගොඩ කාලෙකින්.. සමාවෙන්න හරිද මෙච්චර පරක්කු උනාට 🥹

ගොඩක් අය අහලා තිබ්බා කතාව දෙන්නෙ නැද්ද, මම ආයෙ එන්නෙ නැද්ද, කෝ අප්ඩේට් කියලා.. ඔන්න මම ආවා.. 🥹

ඒත් මේ කොටස නම් මෙලෝම රහක් නැති චාටර්ම කොටසක්.. මාස දෙකක් තිස්සෙ ටයිප් කරන්නේ..🙂

2024 ඉවර වෙන්න කලියෙන් තව අප්ඩේට් එකක් දෙන්න මම ට්‍රයි කරන්නම්.. සතියක් මට නිවාඩු.. 🤭🤭

කලින් කොටසෙ කමේන්ට් වලටත් රිප්ලයි කරන්නම් හොදේ..

ආයෙ එනකම් හිටිය හැමෝටම ආදරෙයි.. ❤️

Good Morning & Good Night

Lvuuuuu❤

Share This Chapter