Back
/ 50
Chapter 49

[හතළිස් හත්වෙනි කොටස]

දේදුනු හාදු [TK] On Hold

කතෲගෙ මානයෙන්

ස්කෝලෙ ළඟින් පිටත් උන ත්‍රීවිල් එක කළු පාට ලොකු ගේට්ටුවක් ඉස්සරහින් නැවතුනේ ආදිත්‍ය වගේම කේශ් දෙන්නා ත්‍රීවිල් එකට සල්ලිත් ගෙවලා බිමට බහිද්දි.. ත්‍රීවිල් එක ආයෙම ගියාට පස්සෙ තාප්පෙ තිබ්බ බෙල් එක ඔබලා මිනිත්තු දෙක තුනක් යද්දි තරමක් වයසක මනුස්සයෙක් ඇවිල්ලා ගේට්ටුව ඇරියෙ ආදිත්‍ය, කේශ් දෙන්නම දිහා ඒ මනුස්සයා ප්‍රශ්නාර්ථෙකින් බලද්දි..

" මේ ළමයි දෙන්නා.. "

" අංකල් අපි දෙන්නා ඩොක්ටර්ව හම්බෙන්න ආවේ.. ඩොක්ටර් ඉන්නවනේ.. "

" ආහ් හරි හරි මට කිව්වා තමයි ළමයි දෙන්නෙක් එයි කියලා.. දොස්තර මහත්තයා හන්දියෙ කඩේට ගියා ඉක්මනට ඒවි.. එතකන් දොස්තර මහත්තයගෙ කාමරෙන් ඉඳගෙන ඉන්නකො.. "

" හරි මාමේ.. "

" එන්න යමු.. "

ඒ මනුස්සයා ආදිත්‍යවයි, කේශ්වයි එක්කගෙන ගිහින් සාමාන්‍යෙන් ලොකු කාමරයක් පෙන්නලා ඒක ඇතුළට ගිහින් වාඩි වෙලා ඉන්න කිව්වේ ඩොක්ටර් ආවහම පණිවිඩේ දෙන්නම් කියලා කියන ගමන්.. බැලූ බැල්මට ඒ කාමරේ ට්‍රීට්මන්ට් කරන තැනක් වගෙයි පෙනුනෙ.. කාමරේ මැද කොටසෙ තිබුනේ තරමක් ලොකු මාළු ටැංකියක් වගේම ඒ කාමරේ වටේටම පැල වර්ග, මල් වර්ග එක්ක පුංචි පුංචි ornaments ලස්සනට තියලා තිබුනා.. තවත් පැත්තක Psychologi වලට සම්බන්ධ පොත් පත් රාක්කයක් තිබුනා.. මාලු ටැංකියට ඉස්සරහින් පස්සට වෙන්න තිබුනේ ටිකක් දිග මේසය්ක්.. අවශ්‍යම දේවල් ටිකක් ඇරෙන්න ඒ මේසේ උඩ ඩොක්ටගෙ නම සඳහන් උන පුවරුවක් තියලා තිබුනා.. බැලූ බැල්මට කියන්න පුලුවන් ඒ කාමරේ හුඟක් පිලිවෙලට, ලස්සනට තියාගෙන ඉන්න එකක් කියලා..

" ආදිත්‍ය, මචං දැන් ඩොක්ටර් ආවහම හරියට විස්තරේ පැහැදිලි කරලා කියපන්.. ඒ මනුස්සයා අහන ඒවට හරියට උත්තර දීපන් බකමූණා වගේ ම්ම් හ්ම්ම් නොගා.. උබට මේක හොද කරගන්න ඕනනේ.. "

" ම්ම් හරි බං.. පොඩි උන් තුන් දෙනාව ගන්න යන්න පරක්කු වෙයිද කියලයි මං බලන්නෙ.. "

" අනේ හු#කන්නා තොට කියන කට හොදයි බිම උලාගන්නවා.. "

" කට වහන් ඉන්නවා කේශ්.. මං හිතන්නෙ ඩොක්ටර් ආවා.. "

එලියෙන් වාහනයක් නවත්තන සද්දෙ ඇහුන නිසා ආදිත්‍ය එහෙම කියද්දි, ආදිත්‍ය කිව්වා වගේම ලී දොර පලු දෙක ඇරගෙන ඇතුළට ආවේ සුදු, උස, සාමාන්‍ය ඇඟක් තියෙන, තරුණ, කඩවසම් පුද්ගලයෙක්.. ලා නිල් පාටට හුරු සුදු පාට ලූස් ඩෙනිම් කලිසමකට සුදු පාටින් ටී ශර්ට් එකක් ඇඳලා හිටිය වෛද්‍යවරයගෙන් පෙනුනෙ හරිම නිවුණ පෙනුමක්..

• ලෙවින් ආලෝක ද සිල්වා

• වයස අවුරුදු 25යි

• මනෝවිද්‍යාව පිලිබඳ ආචාර්‍ය උපාධිදාරයෙක් සහ දැනට ආසියාවේ ඉන්න ලාබාලතම මනෝවිද්‍යා වෛද්‍යවරයා

" Good Evening Boys.. ඉතින් ඉතින් කොහොමද කොල්ලො දෙන්නා.. "

" Good Evening Doctor.. මටනම් අව්ලක් නෑ.. මෙන්න මූට තමයි ඉතින් ඩොක්ටර් දන්නවනෙ.. "

" හා හා.. එන්නකො එහෙනම් ටේබල් එකට ගිහින් කතා කරමු.. "

" ඉඳගන්නකො.. හරි එහෙනම් අභිශේක් මොකද්ද දැන් ආයෙම ඔයාගෙ ප්‍රශ්නේ.. "

" ඩොක්ටර්.. මං හිතන්නෙ ආයෙම මම mentally unstable වීගෙන එනවා.. "

" ඇයි එහෙම කියන්නෙ.. මුල ඉදන් මට පැහැදිලිව කියන්නකො.. "

" ඩොක්ටර්ගෙන් මං ට්‍රීට්මන්ට් ගත්තෙ මීට අවුරුදු පහකට විතර කලින්නෙ.. ඩොක්ටර් දන්නවා මට මෙහෙම වෙන්න හේතුව උනේ මගේ සුදු බෝලෙව දාලා ගමෙන් ආව කියන හේතුව නිසා කියලා.. ඉතින් ඊටපස්සෙ හරියටම මේ අවුරුද්දෙ මුල ඒ කියන්නෙ අපේ ස්කෝලේ අලුත් ඒ ලෙවල් බැජ් එකට, අලුත් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මිහිනු ආවා.. ඊටත් දවස් දෙකකට කලින් අපේ ගෙදර ඉදන් ගෙවල් තුනක් එහායින් තියෙන ගෙදරට එයා පදිංචියට ආවා.. අන්න එදා ඉදන් මම නෝමල් වෙන්න පටන් ගත්තා.. ඒත් ඩොක්ටර් මට තාමත් මගෙ කේන්තිය පාලනේ කරගන්න බෑ.. සමහරවෙලාවට මගෙ කොල්ලටත් මං කෑ ගහනවා.. "

" හ්ම්ම්.. හරි කියාගෙන යන්නකො.. "

" ඔය විදිහට ටික කාලයක් යද්දි පුංචි කාලෙ ඉදන්ම හිතේ තෙරපුණ හැඟීම් මං අඳුරගත්තා.. ගමෙන් ඇවිල්ලත් අවුරුදු දෙකක් තුනක් යනකම් ඒගැන නොතේරුනත් වයසින් වැඩි වෙන්න, සමාජෙත් එක්ක ගැටෙද්දි, මිහිනු ළඟ නැති අඩුව ඕනවටත් වඩා දැනෙද්දි මට තේරුනා මං එයාට ආදරේ කරනවා කියලා.. දැන් මාස කීපෙකට කලින් මම එයාට ආදරෙයි කියලා කිව්වා.. අපේ ගෙදර අය ඔක්කොම දන්නවා.. මාස පහක් හයක් ගියහම මිහිනුගෙ අප්පච්චිත් දැනගත්තා.. එයාලගෙ අම්මා විතරයි නොදන්නෙ.. පස්සෙ ටික දවසක් යද්දි ආයෙම නුවර ඉන්නකොට කරදර උනා වගේ වෙන්න ගත්තා.. පෙරේදා ස්කෝලේදි මිහිනුට ප්‍රශ්නයක් වෙලා කියලා ආරංචි උනහම මං ඒක කරපු උන්ව හොයාගෙන........................ "

" හ්ම්ම්.. ඔය කියන විදිහට ඔයා අමාරුවෙන් පාලනේ කරගෙන හිටිය තත්වෙ ආයෙම උඩට එන බවක් තමයි පේන්නෙ.. psycho පැත්ත විතරක් නෙවෙයි ඔයා ඩිප්‍රෙශන් වලට පවා බෙහෙත් ගන්න කෙනෙක්නෙ.. "

" ම්ම්.. මට බයයි ඩොක්ටර්.. මං හැමදේම අමතක කරලා අලුතෙන්ම ජීවිතේ පටන් ගන්න යද්දි ආයෙම මුල ඉදන් හැමදේම නරක පැත්තට යද්දී.. ආයෙම බෙහෙත් ගන්න වෙයිද ඩොක්ටර්.. "

" එහෙම තමයි අභිශේක්.. ජීවිතේට ප්‍රශ්න එන්න එන්න අපි ශක්තිමත් වෙන්න ඕනේ.. සමාජේ ගැන දැනගන්න ඕනේ.. ඔයාලට තාම 19යි.. මේ වයසටත් ඔය දරාගැනීම නම් මාරයි.. හොඳ මනසක්, විශේශයෙන්ම මානසික ශක්තියක් නැත්තම් මොන වයසක මනුස්සයෙක්ට උනත් දරාගන්න අමාරුයි.. බෙහෙත් වලට නම් අපිට ආයෙම යන්න වෙනවා.. "

" ම්ම්ම්.. මට තේරෙනවා.. පරණ බෙහෙත්මද ඩොක්ටර් නැත්තම් අලුත් කරනවද.. "

" මුලින්ම ඔය ඩොක්ටර් කියන එක නවත්තපන්කො බං.. පොඩි ඒජ් ගැප් එකක් තියාගෙන ඩොක්ටර්, ඩොක්ටර් කියලා කියද්දි හෙනම අපහසුයි.. අයියා කියලා කියහන් බං.. "

" ආහ්.. අයියා කියන විදිහක් තමයි නේද ආදි.. "

" ම්ම්.. "

" බෙහෙත් ගැන කිව්වොත් අපි ඩිප්‍රෙශන් වලට බොන බෙහෙත් ටික කාලෙකට නවත්තමු.. මොකද psycho වලට දෙන බෙහෙත් ගොඩක් ස්ට්‍රෝන්ග්.. අර බෙහෙතුත් එක්ක බොද්දි ඔයාට අමාරු වෙයි.. නිදිමත එනවා වැඩී.. "

" හරි අයියේ එහෙම කරමු.. කොච්චර කාලයක් බොන්න වෙයිද.. "

" ඒක තීරනේ කරන්න ඕන ඔයාමයි.. ඔයාගෙ අතේ තමයි 50%ක් වගකීම තියෙන්නෙ.. බෙහෙත් වලින් 25%යි, තෙරපි වලින් 25%යි.. "

" හරි අයියේ.. "

" හ්ම්ම්.. මං ලියලා දෙන්නම් බෙහෙත් ටික මාස දෙකකට ගන්න.. ඒ වගේම අභිශේක් මට මිහිනුව මීට් වෙන්න ඕනේ.. ඔයාට එක්සෑම් සඳුදට පටන් ගන්නවනෙ.. සිකුරාදා හවස හරි සෙනසුරාදා මම ෆුල් ඩේ ෆ්‍රී.. ඔයාලට එදාට හරි ෆ්‍රී නම් එයාව එක්කගෙන එන්න පුලුවන්ද.. "

" අහ් හදිස්සියෙම.. "

" නෑ නෑ හදිස්සියක් නෙවෙයි ඒත් මට ඉක්මනට එයාව මීට් වෙන්න ඕනේ.. "

" හරි අයියේ මං එයාව සෙනසුරාදට එක්කගෙන එන්නම්.. වෙලාවක් එහෙම.. "

" දවසම ෆ්‍රී මං.. ඕන වෙලාවක එන්න.. ආ මෙන්න prescription එක.. "

" හරි අයියේ.. තෑන්ක් යූ මේ කරන හැමදේටම.. "

" ඒක මගේ වැඩක්නෙ.. එහෙනම් පරිස්සමින් ගිහින් එන්න.. "

" හරි අයියේ.. බායි.. "

ඩොක්ටර් ලෙවින්ට සමුදුන්න ආදිත්‍ය, කේශ් දෙන්නම මේන් රෝඩ් එකට ඇවිල්ලා එතන ඉදන්ම පික් මී එකකුත් දාගෙන මිහිනුලව ගන්න නුගේගොඩට යන්න පිටත් උනා..

" උබට ඇහුනනේ ඩොක්ටර් කියපුවා.. දෙයියනෙ කියලා මචන් උබේ කේන්තිය පාලනේ කරගනින්.. මොකද ඔය ඉක්මන් කේන්තිය නිසා හැමදෙයක්ම අනික් පැත්ත ගැහෙන්න පුලුවන්.. "

" හ්ම්ම්.. මං ට්‍රයි කරන්නම්.. ක්ලාස් එකට යන්න කලින් බෙහෙත් ටික ගන්න ඕනේ.. නැත්තම් පොඩි එකා දකිනවා.. "

" ඉදපන්.. අංකල් ඉස්සරහින් ෆාමසි එකක් හම්බුනොත් පොඩ්ඩක් නවත්තන්න.. "

විනාඩි දෙකකට විතර පස්සෙ වාහනේ නැවැත්තුවෙ ෆාමසි එකක් ඉස්සරහින් වෙද්දි ආදිත්‍ය බැහැලා ෆාමසි එක ඇතුළට ගියේ කේශ්ට වාහනේට වෙලා ඉන්න කියන ගමන්..

" Excuse me.. මට මේ බෙහෙත් ටික ගන්න

පුලුවන්ද.. "

" ඩොක්ටර් දුන්න prescription එකක් තියෙනවද

සර්.. "

" ඔව් ආ මෙන්න.. මේවා ඔක්කොගෙන්ම මාස දෙකකට දෙන්න.. "

" හරි විනාඩියක් දෙන්න.. "

ෆාමසියෙ වැඩ කරන කෙනා බෙහෙත් ටික ලෑස්ති කරනකම් ආදිත්‍ය තිසුකට කෝල් එකක් ගත්තා.. අවශ්‍ය දේත් කතා කරගෙන කෝල් එක කට් කරද්දිම බෙහෙත් ටික ආදිත්‍යට හම්බුනා..

" 500ට තියෙන චොක්ලට් තුනකුත් දෙන්න.. එකක් වයිට් චොක්ලට් අනික් දෙක මිල්ක් චොක්ලට්.. "

" මෙන්න සර් බිල් එක.. "

" හරි මෙන්න කාඩ් එක.. "

කාඩ් එකෙන් බිල් එකත් පේ කරපු ආදිත්‍ය බෙහෙත් පැක් එකයි චොක්ලට් තුන දාපු කවරෙයි අරගෙන ආයෙම වාහනේට නැග්ගෙ පික් මී එකේ මනුස්සයට කෙලින්ම නුගේගොඩ අදාළ ලොකේශන් එකට ඉක්මනින් යන් කියාගෙන..

හවස හය පහු වෙලා තිබ්බ නිසා ආදිත්‍යලට ක්ලාස් එක ලගට එන්නම පැය එකහමාරකට කිට්ටු වෙන්න ගිහින් තිබුනා.. ඒ දෙන්නා එතනට එද්දිම වගේ ක්ලාස් එකත් ඉවර වෙලා ළමයි එකා දෙන්නා එලියට ආවේ කේශ් පික් මී එකට ගාන ගෙවලා ඒක එතනින් පිටත් කරද්දි..

ක්ලාස් එක ඉස්සරහා බස් හෝල්ට් එකට වෙලා ආදිත්‍ය, කේශ් බලාගෙන හිටියේ මිහිනු, ශේනු, දිලුම් එනකම් වෙද්දි ක්ලාස් එක ඉවර වෙලා විනාඩි දෙකකට විතර පස්සෙ තුන්දෙනාම බස් හෝල්ට් එකට ආවා.. ආව ගමන් මිහිනු ආදිත්‍යගෙ ලගට යද්දි ආදිත්‍ය මිහිනු දිහා බලන් එයාගෙ ඔලුව අතගෑවේ අම්මෙක් තමන්ගෙ ළමයගෙ ඔලුව අතගානවා වගේ..

" මහන්සිද ම්ම්.. "

" නෑ සුදු අයියේ.. ඔයාලා ඇවිල්ලා ගොඩක් වෙලාද.. "

" ම්හ් නෑ.. විනාඩි පහලවක් විතර.. බත් එක කෑවනෙ දවල්ට.. "

" ආහ්.. ඔව් සුදු අයියේ කෑවා.. ඔයා කෑවද.. "

" ඔව් මැණිකේ.. යන ගමන් කඩේකින් කාලා ගියේ.. "

" ඒක හොදයි.. කෝ එතකොට ගත්තු බඩු.. "

" ආහ්ම්.. මේ.. බඩු ටික.. "

" මොකද උබට දැන්ම සැරසිලි හදන්නද ඈ.. "

" අනේ මේ විහස්න අයියේ.. බලන්නකො සුදු අයියේ මෙයා.. මල වදේ.. "

" උබේ හුජු අයියට කියලා කොරයි මට.. "

" අනේ සුදු අයියේහ්හ්හ්හ්.. "

" කේශ්... දැන් ඇති.. ගත්ත බඩු ටික එනින් ගමන් රගුවරන්ගෙ ගෙදරින් දාලා ආවේ.. "

" ඕහ් ඒකනේ.. "

" වරෙන් යන්න මල් කැඩුවා ඇති බස් එක එනවා.. "

කේශ් කතා කරපු වෙලාවෙම වගේ කොල්ලො ටිකගෙ ඉස්සරහින් නවත්තපු 120 බස් එකට ගොඩ උන පස් දෙනා හෙනම අමාරුවෙන් කොහොමහරි බස් එකේ යන්තමක් ඇතුලට රිංගගත්තා.. පස් දෙනෙකුට හරියන්න පිළියන්දලට ටිකට් ගත්තු ආදිත්‍ය ඉතුරු සල්ලි සාක්කුවෙ දාගන්න ගමන් තමන්ගෙ ඉස්සරහින් ශීට් එකටයි තමන්ගෙ ඇගටයි හිර වෙලා දාඩිය දාලා රෝසපාට වෙලා ඉන්න මිහිනුගෙ කරෙන් බෑග් එක ගලවලා අරගෙන උඩ රැක් එකෙන් දැම්මේ බෑග් එක නිසා දෙන්නා අතර තිබ්බ ඉඩට ආදිත්‍ය ඇවිල්ලා මිහිනුගෙ ඇගට ඇලෙව්වා හා සමානව තදවෙද්දි..

බස් එකේ හිටිය මිනිස්සු භාගෙට භාගයක්ම කොහුවලින් බහිද්දි පිටිම පස්සෙ දිග ශීට් එක හිස් උනේ ආදිත්‍ය මිහිනුට තට්ටුවක් දාලා පිටිපස්ස ශීට් එකෙන් ගිහින් ඉදගන්න කියද්දි..

රැක් එකේ දාලා තිබ්බ දෙන්නගෙ බෑග් දෙකත් එක අතකින් අරගෙන බස් එකේ උඩ මැද පොල්ල එක අතකින් අල්ලගෙන පිටිස්සට එන ආදිත්‍යගෙ පිම්බිලා දාඩියට දිලිසෙන මස්පිඬු දිහා මිහිනු බලාගෙන හිටියෙ කෙල ගුලියකුත් ගිලින ගමන් වෙද්දි අතේ සිහියෙන් හිටිය මිහිනු ගැස්සිලා ගියේ තමන්ගෙ එහා පැත්තෙ ඉඩ පිරවෙනවා කියලා දැනුන නිසා වෙද්දි ඉක්මනට අහක බලාගත්ත මිහිනු දිහා බලපු ආදිත්‍ය නිදහසෙ තියෙන මිහිනුගෙ අතක් අරගෙන තමන්ගෙ අතක් එක්ක පටලගත්තා..

" ආ මෙන්න මේක මගෙ චූටිට.. "

" ඔමෝ වයිට් චොකෝ එකක්..

තෑන්ක් යූ සුදු අයියේ.. "

" ම්ම්.. සෙනසුරාදට ක්ලාස් ඉවර වෙලා පොඩි ගමනක් තියෙනවා ගිහිල්ලා හවස් වෙලා බීච් එකටත් ගිහින් එමු හරිද.. "

" ඒ කොහෙද ඒයි.. "

" ගියහම කතා කරහම ඔයාට තේරෙයි.. ඕක දැන් කන්න එපා ගෙදර ගිහින් වොශ් දාලා බත් කාලා ඉවර වෙලා කන්න හරිද.. "

" ම්හුක්.. අනේ පොඩි කෑල්ලක්.. "

" හුකුන් හුකුන් නෙවෙයි කිව්ව දේ කරන්න.. "

"නරකයා.. "

" ම්ම්.. මොකද මගෙ අත දිහා කන්න වගේ බලාගෙන හිටියේ.. "

" ම්ම්..මම..ම්..මුකු..ත් නෑ.. "

" එහෙමද.. "

ගොත ගගහ අහක බලාගත්තු මීනුගෙ අතත් එක්කම ආදිත්‍ය කොල්ලව තමන්ගෙ ලගට ඇදලා ගත්තෙ මිහිනු රතු වෙලා ඇස් බොල කරගෙන ආදිත්‍ය දිහා බලාගෙන ඉද්දි..

" කෙලත් ගිල ගිල, රතුවෙලා දිලිසෙන බෝල ඇස් වලින් මාව කන්න හදන්න එපා ම්ම්.. මට මේ ඇස් කියවන්න පුලුවන්.. පුංචි කාලේ ඉදන් උන හැමදේම මට මතකයි හරිද මගෙ මැණිකේ.. ඉතින් ඒ හැම මතකයක්ම දවසක මං මතක් කරන්නම්.. එතකම් මාව ඉක්මන් නොකර ඉන්න එක ඔය මැණිකෙගෙ ඇගට හොදයි.. තේරුනානේ මගේ චූටි මැණිකෙට.. "

" අ..අයි..යේ.. "

" ම්ම්ම්.. "

" ම්..මේ..හ්..අ.. "

මිහිනු තවත් මොනාහරි කියන්න හැදුවත් ඒ හැම වචනයක්ම එයාටම ආයෙ ගිලගන්න උනේ ආදිත්‍ය කෙටි, ඉක්මන් හාදුවකින් මිහිනුගෙ දෙතොල් සීල් කරපු නිසා වෙද්දි අවසානෙට නලලිනුත් හාදුවක් තිව්ව ආදිත්‍ය මිහිනුව පපුවට තුරුල් කරගත්තෙ එක අතක් උරහිස වටෙන් යවලා මිහිනුගෙ ඔලුවෙන් තියාගන්න ගමන්..

පැයකට පස්සෙ කොල්ලො පස් දෙනාම පිලියන්දල බස් ස්ටෑන්ඩ් එකෙන් බැස්සා.. බැහැලා එහෙමම පස් දෙනත් එක්ක පයින්ම ගෙවල් වලට යන්න පිටත් උනා.. මිහිනු, දිලුම්, ආදිත්‍ය, ශේනු හතරදෙනාම කොස්කනත්ත පාරට හැරෙන තැනින් නැවතුනේ එතනින් කේශ් නැවතුන නිසා..

" කේශ් පරිස්සමට පලයන් ආ.. ගිහින් මැසේජ් එකක් තියපන්.. "

" හරි මචන්.. උබලත් පරිස්සමින් යන්න.. හෙට සෙට් වෙමු.. "

" එළ.. එහෙනම් අපි කැපුනා.. "

කේශ්ටත් සමුදීලා කොල්ලො හතර දෙනා වෙල පාර දිගේ අඩිය ඉක්මන් කරලා යන්න පිටත් උනේ දැනටමත් කළුවර වැටිලා නිසා.. දිලුම්ව එයාගෙ ගෙදරින් ඇරලවලා ආදිත්‍ය, මිහිනු, ශේනු තුන්දෙනා මිහිනුලගෙ ගෙදරට ගොඩ උනේ ගේ ඇතුලේ කුස්සියෙ ඉදන් තිසුක එලියට එද්දි..

" ආ අයියා උයනවා වගේ.. "

" ඔව් විදූ.. මං බල බල හිටියෙ මුං ඒත් කොහෙ ගිහින්ද කියලා.. "

" ක්ලාස් එක ඇරෙන්න පරක්කු උනානේ අයියේ.. "

" අහ් ඒක තමයි.. ආදිත්‍ය යනවද නැත්තම් තේ එකක් බොනවද.. "

" අද බෑ ලොක්කයියෙ.. අම්මා බලාගෙන ඇති.. "

" ඔව් ඔව් මටත් නැන්දා කෝල් කලා.. "

" ඒකනේ.. අපි දෙන්නා යන්නම් අයියේ.. මිහිනු මං යනවා කාලා නිදාගන්න.. ගුඩ් නයිට්.. "

" හරි සුදු අයියේ.. ගුඩ් නයිට්.. "

ආදිත්‍ය, ශේනු මිහිනුලට සමුදීලා එයාලගෙ ගෙදරට පිටත් වෙද්දි මිහිනුත් තිසුක එක්ක ගේ ඇතුළට ගියේ දොර වහලා දාලා ලොක් කරන ගමන්..

~~~ ඉදිරියට ~~~

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

_______________________________________________________

Hello Lamai

Adhithya × Mihinu high different

(හැබැයි මිහිනු තව ටිකක් කොට වෙන්න ඕනේ..😁)

හරි හරි සති දෙකක් ඇතුළත දුන්නා..🥲

කතාවෙ චරිත මතක නැතුව ආයෙම මුල ඉදන් කියෙව්වා.. 36 chap එක ෆුල් edit පාරක් දාන්න

ඕනා..🥲

ඊළග එකෙන් මිහිනු ඩොක්ටර්ව හම්බෙනවා, ආදිත්‍ය එක්සෑම් ලියනවා.. ඊටපස්සෙ ටයිම් ස්කිප් එකක් තියෙන්නෙ හරිත ළමයිනෙ..🫠

කොටස් 55ක් 60ක් වෙයි කියලා තමයි මං හිතාගෙන ඉන්නේ බලමු.. 😓

ඉතින් ඒ වගේම මේක තමයි මේ අවුරුද්දට මගෙන් හම්බෙන අවසානම අප්ඩේට් එක ඔන්න..

එහෙනම් 2025 බලාපොරොත්තු පිරුණු අවුරුද්දත් එක්ක හම්බෙමු.. 🥹❤️

ඒ අවුරුද්දෙවත් මේ කතා දෙකෙන් එකක් ඉවර කරගන්න මට සත්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙන යන්න..😁

පරිස්සමට ඉන්න හැමෝම.. බුදුසරණයි..

Lvuuuuu❤

Share This Chapter