Back
/ 50
Chapter 50

[හතළිස් අටවෙනි කොටස]

දේදුනු හාදු [TK] On Hold

මිහිනුගෙ මානයෙන්

අද සිකුරාදනෙ.. අපි තුන්දෙනා මේ ස්කෝලෙ ඉවර වෙලා ක්ලාස් යන ගමන්.. අදත් වෙනසක් නැතුව ගෙවිලා යද්දි මුලු ස්කෝලේ වෙලේම අපි කලේ ලමා දිනේටයි, උපන්දිනේටයි ලෑස්ති උන එක.. අන්තිමට කොහොමහරි ස්කෝලෙන් එලියට ආවේ මං කේශ් අයියා එක්කයි රගුවරන් අයියා එක්කයි තරහත් වෙලා.. ඇයි වදේ උන් දෙන්නා මගෙන් අහන්නෙ නැතුව මාව දාලනේ announce කරන්න උත්සව දෙකේම.. මුන්ට මාව විහිලුවක්ද කියන්නකො අනේ..

" උබ තාම තරහින්ද මල්ලේහ්.. යකෝ උබට හොදක් කරන්නනෙ හැදුවේ.. "

" යන්න අනේ.. මගෙන් අහන්න එපැයි ඉතින් ඔයාලා.. අනික මං announce කරන්න දක්ශ කෙනෙක් නෙවෙයිත් එක්ක.. "

" උබෙන් අහන්න දෙයක් නෑ.. උබේ අයිතිකාරයගෙන් අහලා තමයි නම දැම්මේ.. දක්ශ නැත්තම් උබේ SRB එකේ තියෙන්නෙ කලින් ස්කෝලේ වැඩ කිඩ.. "

" ඒ අනික් මිනිහා.. ඉදපන්කො ගෙදර එනකම් මං කනවා ඕකව ම්හ්ක්.. අනේ විහස්න අයියේ මට බෑ හලෝ.. "

" කඩවුලේ මුරුගා.. අපේ යෙකත්  ඉදලා ඉදලා හොද එකක් කරගාගෙන තීන්නෙ.. "

" රගුවරන් අයියේ ඔයාවත්.. නෑ ඒත් වැඩක් නෑනේ.. අනේ මාව කාපියව් වදේ.. "

" කෑ ගහන්නෙ නැතුව ඉදපන් කිරිපුතේ.. උබගෙ නම අයියලා දෙන්නා අයින් කලත් වැඩක් නෑ පොඩි මස්සිනා එක්ක බේරෙන්න බෑ.. "

" යන්න අනේ මං තරහයි.. හැබෛ බස් එකෙන් බහිද්දි මට කතාකරන්න.. "

" ඉදකින් තෝ නම්.. "

හුම්ම් අපි හිටියෙ පිටිම පස්සෙ දිග ශීට් එකේ මායි, ශේනුයි, දිලුමයි, රගුවරන් අයියා ඇන්ඩ් විහස්න අයියා.. මගේ මනුස්සයා අද නෑ උන්දට පිනා.. ඌප්ස් සමාවෙන්න සමාවෙන්න මාමේ ප්‍රින්සිපල්ගෙ මොකද්ද වැඩක් තියෙනවයි කියලා ස්කෝලේ නැවතුනා..

අයියලා දෙන්නා combined maths ක්ලාස් යනවා.. අපි තුන්දෙනා කලටිපොල් ගාන්න යනවා.. කොහොමහරි 2.30 වෙද්දි අපි පස් දෙනාම ක්ලාස් එකට හෝල්ට් එකක් මෙහායින් තියෙන කෑම කඩේ ළඟින් බැහැලා කඩේට ගිහින් මට කන්න අර තියෙන්නෙ අනේ චීස් බිස්කට් එකක් රවුමට තියෙන නිල් කහ පැකට් එකේ එන්නෙ අන්න ඒකෙන් දෙකකුයි පොඩි ක්‍රීම් සෝඩා එහෙකුයි අරගත්තා.. ශේනුයි දිලුමයි නම් ගත්තෙ කෝක් දෙකක්.. ඔව්වා බොන්න හොද නෑ අනේ.. යෞවනයේ පොපියන චමත්කාරයත් හොද නෑ තමෛ.. ඒ උනාට මං ආසයිනෙ ම්හ්ක්..

අයියලා දෙන්නත් මොන මොනාද එව්වා ටිකක් ගත්තා.. අරගෙන අපි පස් දෙනාම ක්ලාස් එකට ගියා.. අයියලාගෙ ක්ලාස් එක තියෙන හෝල් එකට එහා පැත්තෙ හෝල් එකේ තමෛ අපේ හෝල් එක තියෙන්නෙ.. අපි තුන්දෙනාව හෝල් එකට දාලා ඒ දෙන්නා යන්න ගියා.. ඔව්වා මේ උන්දැලගෙ අමාරුවට කරන එව්වා නෙවෙයිනේ.. අපේ එක්කෙනා තමයි කියන්නේ මං දන්නැද්ද..

පස්සෙ ඉතින් ගෙනාව බත් තුන කාලා වතුර බීලා කලින් දවසෙ නෝට් එක බලාගත්තා.. පස්න අහනවනෙ අනේ මේ මනුස්සයා..

හරියටම 3.00 වෙද්දි ක්ලාස් එක පටන් ගත්තා.. මුල් පැය භාගෙ තැන් තැන් වලින් නැගිට්ටව නැගිට්ටව ළමයින්ගෙන් කලින් කරපු කොටසෙ ප්‍රශ්න ඇහුවා.. තුන්වෙනි පේලියෙ හිටිය මටත් ඒ අස්සෙ වාරයක් ආවා.. හරියට උත්තරේ දුන්න නිසා ගොඩ ගියා..

ඊටපස්සෙ 3.30 ඉදන් 6.00 වෙනකම්ම ලිවිල්ලක් සහ ඇහුම් කන්දීමක් තමයි තිබ්බේ.. ඒ අතරෙදි මගෙ චීස් බිස්කට් ටිකත් කාලා චමත්කාරයවත් ටික ටික බිව්වා..

ක්ලාස් එක ඉවරවෙද්දි 6.30යි රෙද්ද.. පුපත් තැලිලා අනේ සැක්.. ඒ අස්සෙ පට්ටෙටම ඔලුව කැක්කුමයි.. මේ කරුම ඔලුව රදේ නම් මට එපා වෙලා තියෙන්නෙ මගුල.. හෝල් එකෙන් එලියට ඇවිල්ලා පහලට යද්දි අයියලා දෙන්නත් ඉන්නවා ෆෝන් එකට කොට කොට.. පෙනේද පෙනේද පාසල් මාතාවගෙ අභිමානවත් සිස්‍යයෝ..

" අයියලා ගොඩක් වෙලා හිටගෙනද.. "

" අපිටත් 6ටනෙ බං ඉවර වෙන්නෙ.. ඇයි පරක්කු උනේ.. "

" පරක්කු උනා අනේ ඉවර කරද්දි.. ළමයි ඤරු ඤුරු ගාද්දි තමයි ඉවර කලේ.. "

" ආහ්.. ඒක තමයි.. "

" මීණු තම්බි මොකෝ මූණ අඳුරු කරගෙන.. යෙන්න ප්‍රච්නේ.. "

" නෑ නෑ රගුවරන් අයියේ.. මේ පොඩි ඔලුව රදයක්.. "

" යෙප්පා.. පෙන්ඩෝල් දෙකක් බිව්වද.. "

" ගෙදර ගිහින්ම බොනවා අයියේ.. අපි යමුද.. "

" මේ උබලා තුන්දෙනා ඔහොමම බස් හෝල්‍ට් එකට පලයන්.. රගූ වරෙන් යන්න මට පම්ප් එකක් දාන්න ඕනේ.. මුං තුන්දෙනා එනකම් හිටියෙ.. "

" ශයියෝ.. ඒසාවා.. පරිස්සමට යන්න ඔය තුන්දෙනා සරියා.. "

" අයියෝ ඉක්මනට වරෙන් බං අයියේ හරිද.. "

දිලුමා කිව්ව එක උන් දෙන්නට ඇහුනද දන්නෑ දුවලත් ඉවරයි.. අපි තුන්දෙනත් ඉතින් හිමින් හිමින් බස් හෝල්ට් එකට ගෑටුවා.. ෆෝන් එක අරගෙන සුදු අයියට මැසේජ් එකක් දාලා බැලුවෙ එයා වැඩ ඉවරද කියලා වෙද්දි විනාඩියක් යන්නත් කලින් ඒ පැත්තෙන් මැසේජ් එක සීන් උනත් මට රිප්ලයි කරන්න බැරි උනේ ෆෝන් ස්ක්‍රීන් එකට වැටුනු හෙවණැලි දෙකක් නිසා වෙද්දි මම ඔලුව උස්සලා බැලුවා..

මගෙ ඉස්සරහා හිටියෙ වෙන කව්රුත් නෙවෙයි නෙලිත අයියයි, ඩෙවෝන් අයියයි වෙද්දි මම ශේනුලා දිහා බැලුවා.. උන් දෙන්නා හිටියේ මට ටිකක් ඈතින් වෙන්න නිසා ඒ සැනින්ම උන් දෙන්නා මගේ ලගට එන්න ආවත් ඩෙවෝන් අයියයි ඌත් එක්ක ආව උගේ යාලුවෙකුයි ශේනුවයි, දිලුම්වයි නවත්තද්දි මගේ ලගට නෙලිත අයියා ආවේ අමුතු විදිහකට හිනා වෙන ගමන් වෙද්දි අතේ තිබුන ෆෝන් එක තවත් මගෙ අතට මිරිකුනා..

" එහෙනම් අන්තිමට කොටු උනානේ බේබි.. "

" පාඩුවේ.. ඉන්න දීලා යන්න අයියේ.. මම ඔයාට වැරැද්දක් කරලා නෑනේ.. "

" මෙච්චර ලස්සනට කිරිපාටට ඉද්දි කොහොමද බබෝ පාඩුවෙ යන්නේ.. ඇරත් මස්සිනා අයිති මස්සිනාට කියලා අහලා නැද්ද.. "

" මාව අල්ල්..ලන්න.. එපා.. අයියේ.. මං.. කෑගහනවා.. ප්ලීස්.. "

" මොකද උබේ කටේ සද්දේ ආ.. හෙඩ් ප්‍රිෆෙක්ට් පවර්ස් ද ආහ්.. "

" අනේ යන්නකො.. අයියේ.. මට පාඩුවේ ඉන්න දීපන්.. ඕයිහ්හ්.. "

කතෲගේ මානයෙන්

නෙලිත අඩියෙන් අඩිය හිනා වෙවී මිහිනු ලගට ලං වෙද්දි ශේනු, දිලුම් දෙන්නට පුලුවන් උනේ එහෙට මෙහෙට දඟලන්න විතරක් වෙද්දි අවසානම අඩියත් ඉස්සරහට තියලා බස් හෝල්ට් එක වට කරලා තිබ්බ තහඩුවට අත තිබ්බ නෙලිත මිහිනුගෙ මූණට පාත් වෙන්න හදනවත් එක්කම නෙලිතව පිටිපස්සට ඇදිලා ගියා..

ඇස් දෙක පියාගෙන හිටිය මිහිනු ඇස් දෙක ඇරියේ මුකුත්ම උනේ නෑ කියලා හිතන ගමන් වෙද්දි මිහිනු දැක්කේ එයාගෙ සුදු අයියව.. ඒත් එක්කම වගේ පම්ප් එකක් දාන්න ගිය විහස්න, රගුවරන් දෙන්නත් දුවගෙන ඇවිල්ලා ඩෙවෝන්ට වගේම උගෙ යාලුවටත් දෙක තුනක් නෙලද්දි ශේනු, දිලුම් දුවන් ගිහින් මිහිනුව අල්ලගත්තා..

" උබට ප්‍රශ්නයක් නෑනේද.. ආ කතා කරපන්

කිරිපුතේ.. "

" නෑහ්.. නෑහ්.. මං හොඳින්.. සුදු අයියා.. එයාව නවත්තන්න.. අරූ මැරෙයි බං.. "

" තෝ කටවහන් ඉදපන් මිහිනු.. ඕකට ඔහොම ගහලත් මදි.. "

" අනේ මොන කරුමයක්ද ශේනු මේ.. එක දවසක් හොදට හිටියොත් සතියක්ම අඬන්න වෙනවා.. "

" ඉවසලා ඉදපන් හැමදාම මෙහෙම වෙන්නෙ නෑනේ.. බය නොවී ඉදපන්.. මගේ අයියා ඉන්නකම් උබට හීරිමක්වත් වෙන්න දෙන්නෙ නෑ ඌ.. "

" උබට මං එදත් කිව්වා හුත්තිගෙ පුතෝ මගේ.. මගේ කොල්ලට අතක් තියන්න එපා කියලා.. තොට.. ම්ම් තොට කියන සිංහල තේරෙන්නෙ නැද්ද බල්ලෝ.. තොපිට ඕන මාව මිනීමැරුවෙක් කරගන්නද ආඅ.. යකෝ නිදහසේ ඉන්න දීපියව් මට.. මොන හුත්තක්ද බං.. මූ තොට කැමති නෑ කියලා දැන දැනත් ඌට බලහත්කාරකම් කරන්න තොට ලැජ්ජ නැද්ද.. යකෝ ඌ තොගෙ මල්ලි නේද.. වේස වැඩ කරන්න එපා හුත්ත.. මේ අත් දෙකෙන් මගේ එකාගෙ පැත්තෙ එකෙක්ව මරෝගන්න එපා තෝ.. "

" තූහ්හ්හ්.. යකො තොටත් කලින් ඉඳනුයි මං මූට ආදරේ කරන්නේ.. තොට මූ එක්ක ලේ නෑකමක්වත් තියෙනවද පොන්&%යො.. "

" මොකද්ද කැ$&රියෝ තෝ කියන්නේ.. මේ ඉන්නෙ මගෙ පණ ටික යකෝ.. මගේ පණ ටික.. තෝ කොහොමද මට කලිනුයි තෝ ඌට ආදරේ කරන්න ගත්තෙ කියලා.. යකෝ මූ හයක් හතරක් නොතේරෙන කාලේ ඉදන්ම මං මූට ආදරේ කලා.. ලේ නෑකම හහ් ලේ නෑකම දාපන් යකෝ බල්ලට.. මේ අහගනින් නෙලිත, තෝත් අහගනින් කැ%&රියා, ආයෙම මගේ පණ ටිකට උබලගෙ හුස්මක් හරි වැදුනොත් හිරේ යන්න හරි තොපි එකෙක් නෑරම කෑලි කෑලි කපලා මරලා දානවා.. මූ වෙනුවෙන් මට මිනියක් උනත් මරන්න බැරි නෑ.. කරුනාකරලා දැන් පලයල්ලා දෙන්නම.. "

" චහ්.. අපි බලමුකො ආදිත්‍ය අභිශේක්ගෙ ඔය කියන කට කොච්චර කල් තව වැඩ කරයිද කියලා.. "

" ම්ම් බලමු.. මේකා වෙනුවෙන් මැරෙන්න උනොත් මං ඒකත් කරනවා.. හැබැයි උබලවත් මරාගෙනම.. "

ආදිත්‍යගෙන් වගේම විහස්න, රගුවරන් දෙන්නගෙනුත් හයේ හතරේ පාරවල් කාපු නෙලිත, ඩෙවෝන් දෙන්නා නොන්ඩි ගගහම යන්න යද්දි ආදිත්‍ය ඇවිල්ලා මිහිනුව තමන්ගෙ පපුවට ඇදලා අරගෙන තද කරලා බදාගත්තෙ මිහිනුත් ආපස්සට ආදිත්‍යව කිටි කිටියෙම බදාගනිද්දි..

" මුකුත් ප්‍රශ්නයක් නෑනේද මැණිකේ.. ම්ම් මොනාහරි තියෙනවනම් කියන්න.. අරූ මුකුත් කලේ නෑනේ.. "

" න්.. නෑ.. මගෙ.. අයියේ.. මං හොඳින්.. "

" මම බය උනා බං.. "

" අයියේ.. බය.. වෙන්න එපා හරිද.. මං හොඳින්.. අනේ ඔයාගෙ අත තුවාල වෙලානේ.. "

" බය නොවී කොහොමද මීණූ.. උබට මොනාහරි උනොත් මම මැරිලා යයි බං.. "

" මැරෙන කතා කියන්න එපා සුදු අයියේ.. අපි ගෙදර ගිහින් මේ අතට බෙහෙත් ටිකක් දාමු හොදේ.. "

" උබේ වචන පවා මාව නිවනවා මැණිකේ.. "

ආදිත්‍ය මිහිනුගෙ ඔලුව මැද්දට හාදුවක් තියද්දි අනික් හතර දෙනත් ඒ දෙන්නා ලගට ලං උනා.. මිහිනුට තිසුකගෙන් ඇමතුම් කීපයක්ම එද්දි ආදිත්‍යටත් අම්මගෙන් ඇමතුම් දෙක තුනක්ම ලැබුනා.. තවත් පරක්කු වෙන්න බැරි නිසා ආදිත්‍ය පික් මී වාහනයක් දාගත්තෙ විහස්න වගේම රගුවරන් දෙන්නා බස් එකේ යන්නම් කියලා කිව්ව නිසා.. පික් මී එක විනාඩි පහකින් ආදිත්‍යලා ඉන්න තැනින් නතර කරද්දි මිහිනු, ශේනු, දිලුම් තුන් දෙනාම වාහනේට නැග්ගෙ ආදිත්‍ය තාමත් එලියෙ හිටන් ඉද්දි..

" උබලා දෙන්නටත් ත්‍රීවිල් එකක් හරි දාලා දෙන්නද.. මගුල බස් වල බඩ ගාන්න ඕන්නෑනේ දැන්.. "

" ඕන්නෑ ආදි.. අපි දෙන්නා යන්නම්.. කොහොමත් මූ අද අපෙ ගෙදර යනවා.. උබලා ටික පරිස්සමට පලයල්ලා.. මතක ඇතුව බෙහෙත් ටික වෙලාවට බීපන්.. "

" හ්ම්ම් හ්ම්ම්.. එහෙනම් යන්නකො.. අන්න බස් එකත් එනවා ඉක්මනට නැගපම්.. පරිස්සමට පලයන්.. "

" එළ එළ බොසා බායි.. හෙට මං එන්න ඕන්නම් යන වෙලාව මැසේජ් එකක් දාලා තියපන්.. "

විහස්න කිව්ව දේට තමන්ගෙ අතේ මහපට ඇගිල්ල උස්සලා පෙන්නපු ආදිත්‍ය වාහනේට ගොඩ උනේ පිටිපස්සෙ හිටිය මිහිනු දිහාත් බලන ගමන්මයි..

නුගේගොඩ, රත්තනපිටිය, බොරලැස්ගමුව පහු කරගෙන පිලියන්දල දිහාවට වාහනය ඇදෙද්දි ආදිත්‍යගෙ ඇඟිලි කලබලෙන් ෆෝන් එකේ ස්ක්‍රීන් එක උඩ එහා මෙහා ගියා.. විනාඩි හතලිස්පහකට පස්සෙ ආදිත්‍යලගෙ ගෙදර ගේට්ටුව ඉස්සරහින් පික්මී එක නවත්තද්දි මිහිනු, ශේනු දෙන්නා බැස්සා.. වාහනේට සල්ලි ගෙවපු ආදිත්‍යත් වාහනෙන් බැහැලා ශේනුව ගෙදර යවලා මිහිනු එක්ක එයාලගෙ ගෙදෙට්ට ගියා..

" මොකද උබලා පරක්කු උනේ ආ.. බලපන් දැන් වෙලාව 8යි.. "

" මෙයාලට බඩගිනී කිව්වනෙ අයියේ පොඩි දෙයක් කන්න ගියා ඉතින් ඒකයි පරක්කු උනේ.. "

" හ්ම්ම් හ්ම්ම් පොඩී ගිහින් වොශ් දාන් කෑම කන්නකො.. "

තිසුක කියද්දි මිහිනු කාමරේට ගියා..

" මොකද්ද ආදිත්‍ය කියන්න තියෙනවා කියලා

කිව්වේ.. "

" මං ඩිප්‍රෙශන් වලට බෙහෙත් ගත්ත ඩොක්ටර්ව මීට් වෙන්න ගියා ඊයේ.. එයා කිව්වා හෙට මිහිනුව එක්කගෙන එන්න කියලා.. "

" ආයෙමත් උබට ප්‍රශ්නයක්ද මල්ලි.. එක්කගෙන යන්න.. එයත් මේ දේවල් හැම දෙයක්ම දැනගන්න එපැයි.. "

" බය වෙන්න එපා අයියේ.. පොඩි එකා වෙනුවෙන් මං ඉක්මනට හොද වෙන්නම්.. එහෙනම් මං එක්කගෙන යනවා අයියට පුලුවන්ද අපේ පොඩීවයි, දිලුම්වයි එක්කගෙන හවස 5ට විතර බීච් එකට එන්න.. "

" හ්ම්ම්.. හරි පරිස්සමෙන් දෙන්නම.. මං ඒ දෙන්නත් එක්කගෙන එන්නම්.. "

" හරි ලොක්කයියෙ.. මං යනවා එහෙනම්.. මිහිනුට කියන්න ගියා කියලා.. ගුඩ් නයිට්.. "

" හරි ආදිත්‍ය.. ගුඩ් නයිට්.. "

ආදිත්‍ය තිසුකටත් කියලා එයාගෙ ගෙදරට ගියා.. සාලේ කව්රුත් පේන්න නොහිටිය නිසා ඉක්මනට කාමරේට ගිහින් බෑග් එක පැත්තකින් දාලා සපත්තු මේස් ගලවලා ටවල් එකත් අරගෙන වොශෲම් එකට ගිහින් පැය භාගයක් විතර නාගත්ත ආදිත්‍ය ආයෙ එලියට ආවේ ටවල් එකත් ඉණේ පටලවගෙන..

අර පොඩි එකා මෙතන හිටියනම් ඌට කලන්තෙ දානවා..

ටවල් එකත් පිටින්ම බැල්කනි එකට ගියපු ආදිත්‍ය අත් වැටට බරදීලා ඈත අහසෙ පායලා තිබුන කිරි සුදු පාට හඳ දිහා බලාගෙන හිටියා.. හඳ දිහා බලාගෙන හිටපු ආදිගෙ ඇග පුරාම වැදි වැදි සීතල හුළං රැලි එහෙ මෙහෙ ගියා..

ආදිත්‍යට දැනුන මොන හේතුවක් නිසාදෝ  මන්දා එයා මිහිනුලගෙ ගෙදර මිදුල දිහා බලද්දි අළු පාට ශෝටකට සුදු ටී ශර්ට් එකක් ඇඳගෙන සුදු අරලිය ගහ යට හිටගෙන හිටියේ එයාගෙ පුංචි අරලිය මල වෙද්දි ආදිත්‍යගෙ මූණේ ඇඳුනේ මිහිනුම විතරක් දකින, එයාටම විතරක් අයිති ආදරණීයම හිනාව..

ආදිත්‍ය එයාගෙ අරලිය මල දිහා බලාගෙන ඉද්දි කාගෙදෝ බැල්මක් තමන් දිහාවට වැටිලා කියලා තේරුන මිහිනුත් ආදිත්‍යගෙ කාමරේට පේන බැල්කනි එක දිහා බලද්දි දැක්කෙ ඉණ වටේ තුවාය විතරක් ඔතාගෙන තමන් දිහාම බලාගෙන ඉන්න එයාගෙ සුදු අයියව වෙද්දි මිහිනු කවදාවත් දැකලා නැති ආදිත්‍යගෙ පිරිපුන් උඩුකය දැකලා ලැජ්ජාවෙන් හිනා වෙලා අහක බලාගෙන ඊළග මොහොතෙම ගෙට දිව්වා..

තමන්ගෙ හුරතල් ආදරවන්තයගෙ හැසිරීමට හිනා උන ආදිත්‍යත් බැල්කනි එකෙන් එලියට ඇවිල්ලා හිතුන ක්ශනික අදහසකට කණ්නාඩිය ඉස්සරහට ගිහින් තමන්ගෙ උඩුකයේ ෆොටෝ එකක් අරගෙන මිහිනුට දැම්මා.. විනාඩියකට විතර පස්සෙ මැසේජ් එක සීන් වෙද්දි රිප්ලයි ආවේ විනාඩි කීපයක්ම ගත උනාට පස්සේ.. ඒකත් ' අයියේ....!!!! ' කියලා වෙද්දි ආදිත්‍යට කටකොණට හිනාවක් නැගුනා..

ඇඟේ වතුර බිංදු ඇඟටම වේලිලා තියෙද්දි අල්මාරියෙන් අලු පාට සරමක් ගත්තු ආදිත්‍ය ඒකත් ඇඳගෙන ෆෝන් එක අරගෙන ඩොක්ටර් ආලෝක ට මැසේජ් එකක් දැම්මෙ හෙට දවල් 12ට එනවයි කියලා.. මැසේජ් එකත් දාලා ෆේස්බුක් එකේ උඩ පහල ගිය ආදිත්‍ය මේ ලෝකෙට ආවේ දොරට තට්ටු කරන එයාගෙ තාත්තගෙ කටහඬ නිසා..

" ලොකූ.. ඔයා නිදිද.. "

" අහ්.. නෑ තාත්තෙ දොර ඇරලා තියෙන්නෙ එන්න.. "

ආදිත්‍යගෙ අවසරෙත් එක්ක ශාක්‍ය දොර ඇරගෙන ඇතුළට එද්දි ආදිත්‍ය ඇදෙන් නැගිටලා ඉදගත්තෙ ශාක්‍යත් ඇවිල්ලා ආදිත්‍යගෙ එහා පැත්තෙන් ඉදගත්තා..

" කොහොමද පුතේ.. සඳුදා එක්සෑම් පටන් ගන්නවා නේද.. සේරම දේවල් ලෑස්තීනේ.. "

" ඔව් තාත්තේ.. ඔක්කොම ලෑස්ති හෙට ගිහින් ID එකේ කොපි එකක් ගන්නවා.. "

" හ්ම්ම්.. මට ආලෝක පුතා කතා කලා.. "

" ආහ් බය වෙන්න එපා තාත්තේ.. මම හොදින්.. ආයෙම පරණ තත්වෙට වැටෙන්නෙ නෑ.. එහෙම වෙන්නත් බෑ.. මොකද මට බලාගන්න කෙනෙක් ඉන්නවා.. මං ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න ඔයාලා ඉන්නවා.. ඇරත් හැමදාම මට මෙහෙම ඉන්න බෑ.. ඉස්සරහට එන්න ඕනේ.. "

" මටත් එච්චරයි පුතේ වෙන්න ඕනේ.. උබට ඕනම දේකට මං ඉන්නවා.. උබට ඉස්සරහට යන්න ඕනේ මොන පැත්තෙන්ද ඒ පැත්තෙන් යමන්.. මට හයිය තියෙනකම් උබේ පස්සෙන් ඉන්නවා අනිවාරෙන්.. "

" මං දන්නවා තාත්තේ.. තෑන්ක් යූ.. හැමදේටම.. "

" හ්ම්ම්.. එහෙනම් හෙට යන ගමන අර ලමයත් එක්ක පරිස්සමට ගිහින් එන්න.. සල්ලි ඕන උනොත් කියන්න..  අම්මා කෑම ලෑස්ති කරලා තියෙන්නෙ කාලා ඇවිත් නිදාගන්න.. "

" හරි තාත්තේ.. යමු මාත් එන්නම් කන්න යන්න.. "

ආදිත්‍ය ෆෝන් එක ඇද උඩින් තියලා නැගිටලා සරම ගැටගහගෙන ආම් කට් ටී ශර්ට් එකක් දාගනිද්දි ආදිත්‍යගෙ තාත්තා එයාගෙ පුතාගෙ කරට අතක් දාගෙනම පහලට ගියා..

ඒ යද්දි ශේනුත් කෑම මේසෙන් වාඩි වෙලා හිටියා වගේම තමන්ගෙ මහත්තයයි ලොකු පුතයි එනවා දැක්ක නිරෝශත් කෑම මේසෙන් වාඩි වෙලා ශාක්‍යට කෑම බෙදලා දෙද්දි අනික් දෙන්නත් කෑම බෙදාගෙන කන්න පටන් ගත්තෙ එදා දවසෙ උන දේවල් කතාබහ කරන ගමන්..

කෑම කාලා අයිස්ක්‍රීම් ටබ් එහෙකටත් වැඩේ දුන්න අයියා මලෝ දෙන්නා තම තමන්ගෙ කාමර වලට යන්න ගියේ නිරෝශා වගේම ශාක්‍යත් එයාලගෙ කාමරේට යද්දි..

ආදිත්‍ය කාමරේට ගිහින් ලයිට් එකත් ඕෆ් කරගෙන ඇදට පැනලා ෆෝන් එක අරගෙන මිහිනුගෙ චැට් එකට එකට ගිහින් බලද්දි එයාගෙන් මැසේජ් එකක් ඇවිල්ලා තිබුනේ සිංදුවක පද පේලි කිහිපයක්..

නුඹේ ඇස් මා දැකලා

නුඹ ලගටම ආවේ

කවුරුන්දෝ නොදනිමි මං

නුඹවම මා පැතුවේ..

ආදිත්‍ය ඒ මැසේජ් එක දිහා බලාගෙන ඉද්දි ඒ සිංදුවෙම අන්තිම ටික මිහිනුට ටයිප් කරලා යැව්වා..

මගේ මේ හිත හැඩුවා

නුඹවම ඉල්ලා

හැමදාමත් නිදි නැති රෑ

නුඹවම සෙව්වා..

ඔබ මැවූ මගෙ සිහිනයෙ

දිවිය ගෙවනවා

හැම මොහොතෙම මගේ ලග

වගේ දැනෙනවා..

මිහිනුගෙ පැත්තෙන් මැසේජ් එක සීන් වෙද්දි ඒකට රිප්ලයි එකක් විදිහට ' මං ආදරෙයි මගෙ සුදු අයියට❤️' කියලා ආදිත්‍යට මැසේජ් එකක් යැව්වා.. ආදිත්‍යත් ඒ මැසේජ් එකට රිප්ලයි කරලා නිදාගන්න කියලා මිහිනුට කිව්වා..

අවසානෙදි හීනි පොදයක් එක්ක වැස්සක් පොලවට කඩන් වැටෙද්දි සීතලම සීතල හුළඟකින් මේ ආදරවන්තයො දෙන්නගෙ සුසුම් එකි නෙකාව මුණ ගැස්සෙව්වා..

~~~ ඉදිරියට ~~~

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

_______________________________________________________

Hello Lamai

එහෙනම් මේක තමයි හාදුත් එක්ක ඔයාලා 2024 ගෙවන අන්තිම අප්ඩේට් එක.. ඊළගට අපි හම්බෙන්නෙ 2025 දි.. ❤️

ඉතින් මට කියන්න ඕනේ,

2024 කියන්නෙ අලුත් පාඩම් ඉගෙන ගත්ත පුදුමාකාර අවුරුද්දක්.. අපි හැම දාම පාඩම් ඉගෙන ගන්නවා.. ඒක මේ අවුරුද්දට විතරක් විශේශ නෑ.. ඔයාට මේ දවස් 365 ගෙවාගන්න ගොඩක් අමාරු වෙන්න ඇති.. හිත් රිදීම්, කඩා වැටීම්, දුක, සතුට, තරහා නැත්තම් වෙන මොනාම හරි හේතු එක්ක.. ඒත් ඒ හැමදේම ඔයාගෙ ජීවිතේට හයියක් කරගන්න.. මොකද ප්‍රශ්න නැති කෙනෙක් මේ ලෝකේ නෑ.. ප්‍රශ්න එන්න එන්න කඩා වැටෙනවා වගේම ඒ හැම වෙලේකම කලින්ටත් වඩා ශක්තිමත් වෙලා නැගිටින්න.. ඔයාට ඉන්නෙ ඔයා විතරයි.. කොච්චර යාලුවෝ, මිනිස්සු පොදි බැඳගෙන හිටියත් ඔයාට අන්තිමට ඉතුරු වෙන්නෙ ඔයාම විතරයි.. ඔයා දිනද්දි අවංකවම ඔයාගෙ ළඟින් ඉන්නෙ ඔයාගෙ අම්මා තාත්තා, එක්ක ඒ වෙනකම්ම අත්නෑරපු යාලුවා විතරයි.. ඉතින් තනියම ගමන යන්න අමාරු උනත් කොහොමහරි තනියම ගමන යන්න.. මිනිස්සු ළඟින් ඉන්නෙ වාසියක් තියෙනවනම් විතරයි.. පෞද්ගලිකව මං ඒක හොදටම අත් විඳලා තියෙනවා..

හ්ම්ම් අවසාන වශයෙන් ලබන අලුත් අවුරුද්ද ඔයාලට වගේම ඔයාලගෙ පවුලේ අයටත්, ඔයාලගෙ හීන වලට යන්න ලැබෙන, ශක්තිමත්, නීරෝගී, ඒ වගේම මගෙ ලස්සන ළමයි ටිකගෙ මූණු ටික හිනාවෙන්ම විතරක් පිරිලා තියෙන ලස්සනම ලස්සන අවුරුද්දක් වෙන්න කියලා මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ❤️✨️

මතක තියාගන්න ' ජීවිතේ හැමදේම වෙන්නෙ හේතුවක් ඇතුව, හොද හෝ නරක විදිහට.. ❤️'

එහෙනම් 2025 බලාපොරොත්තු පිරුණ ලස්සන අවුරුද්දත් එක්ක හම්බෙමු.. ❤️

ඔයාලා හැමෝම මට දෙන ආදරේට, වටිනාකමට මමත් ඔයාලට ගොඩක් ආදරෙයි.. ❤️

Lvuuuuu❤

Previous
Last

Share This Chapter