Back
/ 59
Chapter 1

Chapter 01

පෙම්වන්තයෝ || TK NONFICTION

"මොනවද හුත්තො මූන දිහා බලන් කරන්නෙ , කන් දෙක අල්ලන් බක වරක් චක්කරෙ කිය කිය උඩ පැනපන්"

මැත්ස් එකෙ කොල්ලෙක් මෙ ඕලෙවල් කරන පොඩි කොල්ලෙක්ව අල්ලන් රැග් කරන්නෙ මේක උගෙ විදිහ නිසා....

බිත්ති වල ගනන් වල ප්‍රර්මේයන් ගහලා , මැද්දට වෙන්න ලොකු ඇහැල ගහක් , ඇහැල මල් බිම වැටිලා මුලු පාරේම කහ පාට ඇහැල මල් ,  පොඩි ගුරැ පාර ඇහැල ගහ මැද්දෙන් වැටිලා...

"ඒයි! මොකක්ද තමුසෙ ඔය කරන්නෙ"

එච්චර උස නැති වුනත් අර හාදයගෙ කන ලගට උස තවත් කොල්ලෙක් ඇවිත් මැත්ස් එකෙ එකාගෙ වැඩේට බාදා කරෙ ,  මැත්ස් පොරගෙ වියරැ ඇස් අර කොල්ලා දිහාවට වැටෙද්දි....

"රෙදි හෝදනවා , බැරිද රෙදි ටික අතුල්ලා දෙන්න"

මැත්ස් එකෙ එකා ඔහෙ කියලා දැම්මෙ ,  බයෝ කොල්ලගෙ මූන කේන්තියෙන් පිරිලා යද්දි...

"අනුහස්! ඔයා යන්න ක්ලාස් එකට"

" හරි යෙහස් අයියෙ"

බයෝ කොල්ලා අර පොඩි එකාට පන්තියට යන්න කිව්වෙ මැත්ස් කොල්ලගෙ මූනෙ නෝන්ඩි හිනාවක් මැවෙද්දි....

"ලස්සනයි"

මැත්ස් කොල්ලා සාක්කු දෙකට අත් දෙක දාන් දිව රෝල් කරලා කිව්වෙ , අර බයෝ කොල්ලා පොරගෙ උඩ ඉදන් යටට ඇස් අරන් ගියෙ මූට පිස්සුද වගෙ ලුක් එකකින්...

"තමුසෙ කවුද? මන් මීටකලින් දැකලා නෑනෙ"

"ඕහෝ ස්වීටී! මොකෝ මට හිතවත් ගියාද ළමයට ම්ම්ම්?"

මැත්ස් කොල්ලා බයෝ කොල්ලා දිහාවට පාච්චල් ලුක් එක්ක් දාලා ඇහුවෙ , බයෝ කොල්ලට මුගෙ අම්මා අප්පව මතක් වෙද්දි...

"තමුසෙට ඔල්මාදේද ඕයී"

බයෝ කොල්ලට මල පැනලා...

" ඊයෙ රෑ හීනෙනුත් දැක්කා"

මැත්ස් කොල්ලට නම් හෙන ආතල් ඉතින් , බයෝ කොල්ලව අවුස්සලම පොරට දැන් චිල්...

" හොල්මනද"

"නැ අපෙ හනිමුන් එක ස්වීටී!"

මැත්ස් කොල්ලා බයෝ කොල්ලට ඇහැකුත් ගහගෙන සාක්කු දෙකට අත් දෙකත් දාන් එතනින් ගියෙ , බයෝ කොල්ලා මූ නම් පිස්සෙක් කියලා හිතාගනිද්දි...

"පොඩිකාලෙ ඔලුව වැදිච්ච එකෙක් වෙන්නැති"

බයෝ කොල්ලා එහෙම හිත හිත තමන්ගෙ ක්ලාස් එකට ගියා....

"අඩෝ මචන්! ආෆ්ටර් ලෝන්ග් ටයිම් සුද්දා! රවියා බලපන්කො පොර රට ගිය ටිකට සුදුත් වෙලා"

මැත්ස් සෙට් එක ස්කෝලෙ තාප්පෙ අයිනට වෙලා කයියක්...

"බුවා උබ තවත් හැන්ඩ්සම් වෙලා"

"පලයන් තිසා යන්න , මන් විතරක් ඇයි උබලත් හැන්ඩ්සම් වෙලා"

අර මැත්ස් පොර කිව්වෙ එ කොල්ලගෙ උරහිස වටේ අතකුත් යවන ගමන්....

" මොකො ඉතින් සීන් එක ආයෙ රට යනවද බන් උඹ"

"යන්න හිටියෙ ඒත් දැන්නම් යන්න හිතෙන්නැ"

අර කොල්ලා කිව්වෙ උගෙ අනිත් යාලුවො දෙන්නා මූනට මූන බලාගනිද්දි , මොකද පොර මෙ ලංකාවට ආවෙ අවුරැදු 15 කට විතර පස්සෙ...

"අඩො , මොකක්ද සීන් එක? ආපු ගමන් කෙල්ලෙක්ටවත් හිත ගියාද සුද්දා"

"කෙල්ලෙක්ටත් වඩා ලස්සන කොල්ලෙක් කියමුකො"

මැත්ස් කොල්ලා මූනට පැනිහිනාවක් දාන් කිව්වෙ , යාලුවො දෙන්නගෙ ඇස් නලලෙ යද්දි , මොන හතර බීරි කතාවක්ද යකො මූ කිව්වෙ කියලා කොල්ලො දෙන්නා බලනවා

"අඩො කවුද මචන් එ පව්කාරයා"

"යෙහස් ද මොකක්ද නමක් කිව්වා"

ඒක කිව්වා විතරයි රවිඳුගෙයි තිසරගෙයි ඇස් ගෙඩි දෙක නලලෙ ගියෙ ඉදලා ඉදලා මුගෙ හිත ගිහින් තියෙන්නෙ ස්කෝලෙ ඉන්නෙ බැජ් ටොප් නොහොත් අලි ඔලුවෙන් ඉන්න එකාට නිසා...

"අඩො අර ඇවිදින පුස්තකාලේ"

" මොකක්?"

මැත්ස් කොල්ලා තිසරගෙන් ඇහුවෙ ඇහිබැමකුත් උස්සලා , පොරට මීටර් නැ යාලුවො කියන ඒවා...

" යෙහස්! උගෙ තාත්තා තමයි මෙ පැත්තෙ ඉන්න හොදම ඩොකා , ඩොක්ටර් නිර්වාන්ගෙ පුතා ඔය , ස්කෝලෙ බැජ් ටොප් පොර , ඌත් තාත්තා වගේම වන්ෂොට් නොකවුට් ඩොකා තමයි ඉතින්"

රවියා කියවගෙන කියවගෙන ගියෙ මැත්ස් කොල්ලගෙ මූනෙ දඟකාර හිනාවක් මැවෙද්දි....

"එ කියන්නෙ මගෙ ස්වීටී ඩොක්ටර් කෙනෙක්ද? How sad bn? උබලත් අපි දෙන්නා මැරි කරාම නොමිලෙ බෙහෙත් ගන්න වරෙල්ලා හරිද?"

පොර හිනාවෙවීම සාක්කු දෙකට අත් දෙක දාන් එතනින් ගියෙ යාලුවගෙ තවත් සල්ලාලකමක් කියලා උන් දෙන්නට මීටර් වෙද්දි....

"ඕයි විහංඟ! ඔහොම නැවතියන් අපිත් එනකම්"

විහංඟ ප්‍රභාෂ්වර රත්නායක

අවුරැදු 19

උසස් පෙළ ගණිත අංශය හදාරන ශිෂයෙක්

‍යෙහස් නිර්වාන් දිසානායක

අවුරැදු 19

උසස් පෙළ විද්‍යා අංශය හදාරන ශිෂයෙක්

.............................................................................

Hi :) කොහොමද ඔයාලට?

හොදින් ඉන්නෝ නෙ ඔක්කොම

මට පොඩි ප්‍රෂ්නයක් වුනා දැන් හරි බොහො දුරට අපි බලමුකො ඉස්සරට...

ඉතින් මේක තමයි මගෙ අලුත් කතාව "පෙම්වන්තයෝ" ඔයාලා මේකට ආසවෙයි කියලා මන් හිතනවා , මොකක්ද කියන්නෙ මන් මේක දිගටම ලියන්නද ? හැමෝම කමෙන්ට් එකක් දාන් යන්න එච්චරයි මන් ඉල්ලන්නෙ , ඔයාලගෙ අදහස් අනුව මන් තීරණය කරන්නම් කතාව ඉස්සරහට ලියනවද නැද්ද කියලා

#Romantic Love Story

#Taekook Nonfiction

#High School Love Story

විහංඟ ප්‍රභාෂ්වර රත්නායක

යෙහස් නිර්වාන් දිසානායක

පෙම්හීන මල් පිපෙන මාවතේ අපි ආදරෙන් උන්නු කාලයේ මතකේ පෙම්කතා ඇසුනා මතකයි නේද පෙම්වන්තයෝ!_ 🤍

අනිත් කතා ටිකත් දාන්නම් පස්සෙ

එහෙනම්

බුදුසරණයි

පරිස්සමින් ඉන්න හැමෝම!

Cover By Lochi_Jeon  ❤️

ඔයා තාම ලෝචිගෙ කවර්ස් Try කරලා නැද්ද

How sad?

Try කරලා බලන්න ආස හිතෙයි

Wattpad එකෙ හොදම කවර්ස් මේකර් අම්පෙ ලෝම්චෙ තමයි ඉතින් :)

First
Next

Share This Chapter