Back
/ 59
Chapter 10

Chapter 10

පෙම්වන්තයෝ || TK NONFICTION

හුළගටත් වඩා හයියෙන් බයික්කෙ විදගෙන ආපු ගොටුකොළයා අන්තිමට බයික්කෙ නැවැත්තුවෙ Children Park එකෙ...මූට මාව පොඩි එකෙක් වගේ පේනවද දන්නෑ...

"බහිනවා!!! නැත්නම් මන් වඩාගෙන බස්සන්නද?"

ඒක කිව්වා විතරයි හෙනයක් ගැහුවා වගෙ බයික්කෙන් බැහපු මන්...හිතේ ඇති මේකගෙ මාව වඩාගන්න...මහා උර්ග දැවැන්තයා වගෙ බොඩියකුත් තියන්...එ වුනාට ඔක්කොම ඇටකටුනෙ...

මගෙ කොන්ඩෙත් අවුල් වෙලා මෙ අටමඟලෙ ඇවිත්...මන් හිතුනොත් මානව හිමිකම් යනවා ඇයි යකො...මේක විශාල කරදරයක් වුනානෙ....

"මන් එනකම් ඉන්නවා දගලන්නැතුව"

එහෙම කියලා එ මිනිහා මාව මෙතන අතරමන් කරලා ගියෙ...මගෙ කේන්තිය දෙගුණ තෙගුණ වෙද්දි...ඉවසන්න මගෙ පුතෙ ඉවසන්න..මොළේට මන් එහෙම කිය කිය ග‍ඟ ළග තිබ්බ බංකුවකින් වාඩිවුනා...

පොඩි ළමයි සෙල්ලම් කරනවා...වෙලාවකට හිතෙනවා ඇයි අපි ලොකු උනෙ කියලා...කොහොමද මේක අපි එකවසරෙ ඩෙස් එක දකින හීනයක් වුනොත්? පිස්සු හැදෙයි සද බැබලෙයි කිව්වලු...

ට්ක වෙලාවකින් පස්සෙ පොර විදගෙන ඇවිත්  බංකුව ලගින් බයික්කෙ නැවැත්තුවා...එහෙම්ම අනිත් කකුලත් මෙ පැත්තට හරවගෙන මගෙ පැත්ත හැරිලා වාඩිවුනා එ මිනිහා...

ඒකගෙ අතෙ තිබ්බ එක දැකලා මට හික් ගෑවුනා!!!!!!

බියර් බෝතලයක්!!!!!

මූ බොන්න ගිහින් තියෙන්නෙ මාව දාලා!!!! පෙනේද පෙනේද මෙ අසහනකාරයගෙ තරම හහ්...එ වුනාට මටත් ටිකක් දෙයිද දන්නෑ...රස බලන්න ඉතින් මන් බීලම නෑනෙ..ඔන ඔහෙ කතා කරනවා ලොකුකම පැත්තකට දාලා...

"චිකේ ඔහෙ බියර් බොන්නද ගියෙ, ඕවා බොන්න හොද නැ අක්මාව නරක් වෙනවා"

"චික් චුක් ගාන්න ලෑස්ති වෙන්නෙපා උබ හූනෙක් වගෙ"

කවුද යකො හූනා...මුගෙ අම්මට එක්කො නෑ..තඩි කිඹුලා වගෙ ඉදගෙන මට හුනලු...අනෙ මෙ කෙලින්න හිතයි ගලක් අරන් ඔලුවට...ඉහිම් මට හූනලු...එක්කො ලස්සන සතෙක් කියපන් ඒවා නෑ ඇදලා ගත්තා දමල ගත්තා වගෙ හූනා...මුගෙ හොදට බොන්න එපා කිව්ව මට හෙනගහන්න ඕනි ගොටුකොළයා...බෙල්ල මිරිකන්න හිතෙනවා මට මේකගෙ....

"කොච්චරක් මැරැවද දැන්?"

"මොනවද?"

"දැන් තමුසෙ මාව හිතෙන් කොච්චරක් විතර මැරැවද  බේබි?"

පොර කින්ඩි හිනාවක් දාලා කියපි...සිකෙ ලැජ්ජාව...මේකට හිත් කියවන්න පුළුවන් ද දන්නැ...හපො ළගින් ඉද්දි මීටපස්සෙ මේකගෙ හො‍ඳම හිතන්න ඕනි...හැබැයි හිතන්න මේකගෙ හොඳක් තියෙන්න එපැයි...මූට දෝදු ,අහිංසක මටත් දෝදු හදවනවා....

බියර් ටින් එකෙ අන්තිම උගුරත් බීලා ටින් එක බිමට විසික් කරලා දැම්මෙ...අර කැළෑ සත්ව ගතිය එළියට දාලා...දැන් මන්  ඕකට මොකක් හරි කිව්වොත් බියර් ටින් එක මගෙ බෑග් එකෙ ඔබයි ගෙදර අරන් පලයන් කියලා...නෑ කටවහගෙනම ඉන්නවා මන්...

එ පාර ෆෝන් එක අරන් මොනවද කොටනවා...ස්කෝලෙට ෆෝන් එකත් අරන් ඇවිත් අද එතකොට මේකා...Girlfriend එක්ක වෙන්නැති කයිය...මට මොකද පුහ්...

මාව මෙ මගුලක එක්කන් ඇවිත් , මට පාඩම් කරන්න තියෙන වෙලාව නේද යකො මෙ...අනික මට බඩගිනි ඉහිම්...මූ නම් බියර් බෝතලයක් හරි බිව්වා...මට හුලන්...

ළගින් ice-cream ත්‍රීවීල් එකක් යනවා ...අනෙ මට අයිස්ක්‍රීමක්වත් අරන් දීපියකො කියලා මට දැන් කෑගහන්න හිතෙනවා...ඉහිම් හරි නරකයි මේකා...ඇස් දෙක චූටි කරන් තොල් දෙකත් උල් කරන් මන් බලන් පොර දිහා...

"මොකෝ අරන් ඕනිද අයිස්ක්‍රීම් එකක්"

ඕක අහ අහ ඉන්න ඕනිද අරන් දෙනවා මිසක්...බොරැ මරසි දානවනෙ ඉතින් මට ...ගොටුකොළයා ...අරන් දීපිය කියලා කෑගහන්නද එක්කො...හපො ඊටපස්සෙ අරන් දෙන එකක් නැ මූ මට...ආයෙත් තොල් දෙක උල් කරලා පොඩි ඇක්ෂන් එකක් දැම්මා...මේවා ඉතින් මගෙ රංගන කුසලතා...

"බොරැවට හුරතල් මූන දාන්නෙපා උබ දැන්...කලින් කිව්වනම් අරන් දෙනවනෙ මගෙ ස්වීටිට මන් අයිස්ක්‍රීම් එකක්"

කලින් කියන ලබ්බක් ඕන්නෑනෙ...දැන් අරන් දීපිය ඉතින්...මට බ්වැහ් මගෙ ප්‍රෙෂර් නගිනවා දැන් .... අනෙ මට තෝත් එපා තොගෙ අයිස්ක්‍රීමුත් එපා පොල් බූරැවා!!!!!

අඩෙ එ පාර යනවා බයික්කෙන් බැහලා අයිස්ක්‍රීම් ත්‍රීවීල් එක ලගට...මොනා උනත් මගෙ හුරතලෙ ලග මිනිහා දියවුනා...බුහාහ් කුරිරු සතුට...

එ අස්සෙ මගෙ ඇස් දෙක ඉස්සරහින් සබන් බෝලයක් ගියෙ...මගෙ ඇස් දෙක සබන්බෝල එන තැන හොයන් යද්දි...අනේහ් පොඩි බබෙක් සබන්බෝල පුම්බනවා...මටත් එකක් ඕනි...එක්කො ඕන්නෑ ඊටපස්සෙ මූ මට සිඟිති මානසිකත්වෙ කියලා විහිලු කරයි...

"ආන් කනවා"

පොර මන් ඉස්සරහට අයිස්ක්‍රීම් එකක් දික් කරෙ...අයිස්ක්‍රීම් කන්න පැනපු මන් ඒ එක්කම අයිස්ක්‍රීම් එක චොක්ලට් කියලා දැක්ක මන්...

අනේ!!!!!!!!!!!!! මූ මට වෙනස්කම් කරනවා!!!  මන් චොක්ලට් කන්නැ යකො!!! අනික එක අයිස්ක්‍රීමක් මොකද , දෙකක් එපැයි...මූ හිතන් ඉන්නෙ මට ඉතින් 6%56*78=*7-*...

"මට එපා තමුසෙම කනවා"

"ඇයි දැන් උඹ එ පාර ,වෙන එවුන්ට දාන සද්ද මට දාලා මට කියලා කන පලාගන්නෙපා යෙහස්!!!"

ඉහිම් ඒකටත් බයිනවා මට මහ දුස්ට මිනිහෙක් විහංඟ තමුසෙ...මට හරි වේදනයි...

"මන් චොක්ලට් අයිස්ක්‍රීම් කන්නෑ"

"මට උඹ කලින් කියන්න ඕන ඒක...මට දිවැස් නෑනෙ"

ඉහිම් හුවෑආආආආඅ මට බැන්නා..මූ මට බැන්නා අනෙ ඉහිම්...වාවනු බැරි තැන රහසෙ අඩමි මන්...අනෙ පලයන් යන්න උබර්ට මන් හිතන අනිත් ඒවනම් හිතෙනවා ..ගස් ලබ්බා....

ඒ පාර මගෙ ඔලුවට කොහෙන්ද ඇවිත් බෝලෙකුත් වැදුනෙ...මගෙ යකා තවත් ඇවිස්සෙද්දි...හුවෑආආආආඅ ටෙනිස් බෝල් පාරක් වැද්දා මට රිදුනාආආඅ...

බෝලෙ ගහපු එකාට දෙකක් කියන්න හදනකොට එතන්ට දුහන් ආවෙ..පුංචි බබෙක්..අනේව් හුරතලෙ...

"අන්තල් ෆොගීව් මී...මදෙ බෝලෙ දෙන්නකු"

අඩේහ් මට කිඩ්නැප් කරන්න හිතෙනවා අනෙ හරි කියුට්...සෝස බෝලයක්නෙ...

"මෙන්න ගන්න...බබා මෙන්න මෙ අයිස්ක්‍රීම් එකත් ඔයා කන්න"

යකො මේ මිනිහගෙත් හොද ගතිගුණ තියෙනවනෙ...විහංඟ අර පොඩි ළමයට අයිස්ක්‍රීම් එක දුන්නෙ මගෙ ඇස් දෙක උඩ යද්දි...Angry Bird ගෙ හොද ගති ගුණත් තියෙයි බලන් යද්දි...

"බබා කොහෙද පුතෙ දුහන්නෙ...අනෙ සොරි පුතාලා මෙයා හරි දඟයෙක්...පොඩ්ඩක් එහාට යන්න බෑ දුහනවා"

එ ළමයගෙ අම්මද කොහෙද ඇවිත් අර පොඩි කොල්ලව වඩාගත්තෙ...එ ළමයා අත් දෙකෙන්ම බදන් අයිස්ක්‍රීම් එක ලෙවකද්දි...

"අයියො ඒකට කමක් නැ ආන්ටි...මන් මෙයාට අයිස්ක්‍රීම් එකකුත් අරන් දුන්නා"

මට අරන් දීපු අයිස්ක්‍රීම් එක කියපිය...දැක්කද දැක්කද මේකට තමයි දැන් ඔක්කොම හොද...මන් කැලේ දැන් ...

"පුතාලා දෙන්නා ගොඩක් හොඳ ළමයි දෙන්නෙක්...මෙ ළමයගෙ හස්බන්ඩ් වෙන්නැති මේ..ගැලපෙන කුරැලු ජෝඩුව...සතුටින් ඉන්න ළමයිනෙ!"

එහෙම කියලා එ නැන්දා එතනින් ගියෙ...මට දැන් ඕනෙ සවලක් හරි උදැල්ලක් හරි ....වෙන මොකකටවත් නෙමි වලක් කපාගෙන වැලලෙන්න...අරෑ දාගෙන මට හිනාවෙනවා ....යෙන්ඩඩා මටම මෙහෙම වෙනවා!!!!

"ස්වීටී! අපි හෙට බඳිමු සුදා!!!!"

.......................................................................

මෙ වට්සැප් ගූර්ප් එකක් හැදුවා පෙම්වන්තයො එකට..එන්න කැමති අය කියන්න...මන් දැක්කා Tiktok එකේ එහෙම කතාවෙ Video යනවා...තව ගොඩක් අය කතාවට වීඩියෝ එහෙමත් හදලා එවනවා දැන්...ස්තූතියි ඔයාලට...

එහෙනම්

බායි

බුදුසරණයි! ❤️

Share This Chapter