Back
/ 59
Chapter 5

Chapter 05

පෙම්වන්තයෝ || TK NONFICTION

Night.....

11.11pm

Whatsapp New Massage

Unknown Number

"නුඹ දැක මා නිවුනා"

ෆෝන් එක අතට ගත්තා විතරයි ,Unknown Number එකකින් මැසේජ් එකක්...මාව දැක්කම නිවෙන්න මූ ගිනි කන්දක්ද? ඇයි යකො , මැසේජ් එක සීන් කරලා ෆෝන් එක ඇදට දාලා රෙද්ද පොරෝගත්තා , මන් බුජි...

ට්‍රීන්..ට්‍රීන්....

ආයෙත් මැසේජ් එකක් , මේක විසාල කරදරයක් වුනානෙ යකො ,කාටද මෙ නින්දයන්නැති එකා කියලා හිත හිත ෆෝන් එක ආයෙ අතට , ඕපන් කරා වට්සැප් එක...

"ඒ හාඳුවෙ නැහැ අවසානය දුටුවේ"

හා‍ඳුව මොකාද , විහංඟ!!!!!!! මූ කොහෙන්ද මගෙ නම්බර් එක හොයාගත්තෙ ,ආආආආආආආ , මන් කිව්වෙ මේක විසාල කරදරයක් වෙන්න යන්නෙ කියලා , හිටපන් කෝල් කරලා බයිනවා ඕකට...

එහෙම්ම ගත්තා කෝල් එකක් , අපරාදෙ කියන්න බෑ එක රින්ග්ස් එකක් යන්න හම්බුන්නැ ඌ ෆෝන් එක ආන්සර් කරා ,හිතුවෙ නැ හැබැයි , බයින්න වචන ටික ගලපගන්නත් බැරිවුනා යකො....

"විහංඟ ,මොකද ඕයි මට වද දෙන්නෙ!!!!!!"

මන් කෑගැහුවා , හත්තික්කෙ අම්මලටත් ඇහුනද දන්නෑ , චික් මටමයි යකො වෙන්නෙ...

"ඕහෝ ස්වීටී! , මන් විහංඟ කියලත් දන්නවද? මොකො මගෙ නම්බර් එක සේව් කරන්ද ඉන්නෙ , කොහොමද සේව් My Hubby කියලද?"

චිකේ , ලැජ්ජාවෙන් බාල්දියයි යකො , මන් උබවත් මරාගෙන මැරෙනවා යකො මට මෙ දෙන දුකට....හබී කියලා නෙමී මන් තෝව සේව් කරනවා *##-### කියලා.....

"මට ආයෙ මැසේජ් කරන්නෙපා බායි"

ඒකා මොනා හරි කියන්න කලින් මන් කෝ එක කට් කරා ,පොර Typing ,මන් Number එක Block කරා , බුහාහ් මෙන්න මේවට තමයි කුරිරු සතුට කියන්නෙ...ඒහ් හැබැයි මූ හෙට මට මොනා කරයිද? දැන්නෙ මීටර් වුනෙ... කමක් නැ ඒවා හෙට බලනවා මන් බුජි....

"මූ යකො , හෙට වරෙන්කො යෙහස් ,මට කියලා තව තැනක් හපාගන්න තමයි ඔය දගලන්නෙ ඉතින්"

Morning ....

අනෝජා එයාගෙ පොඩි පුතාගෙ කාමරේට එබුනා... විහංඟ විසිල් එකකුත් ගගහා කොණ්ඩෙ හදනවා... කොල්ලා මාර හැන්ඩ්සම් අනෝජා හිතුවා...

"විහූ මොකද මේ"

"ස්වීට් හාර්ට්! මන් හැන්ඩ්සම් ද?"

"ආයෙ ඉතින් තාත්තගෙ කපාපු පලුවනෙ , කෙල්ලොන්ගෙන් පරිස්සම් කරගන්න වෙයි මගෙ කොල්ලව දැන්"

විහංඟ ෆුල් හැන්ඩ්සම් & ඩීසන්...

"පුතා ස්කෝලෙ යන්නද මේ"

"ඔව් ස්වීට් හාර්ට්!"

අනෝජගෙ අත පපුවට ගියා , ඇයි යකො පොඩි කාලෙ ඉදන් ස්කෝලෙ කට්ටි පැනපු පොඩි එකා දැන් උදෙන්ම නැගිටලා ස්කෝලෙ යනවා...ඉතින් කොහොමද මේක විශ්වාස කරන්නෙ...

"බායි ස්වීට් හාර්ට් මන් යනවා"

එහෙම කියලා කොල්ලා අනෝජගෙ කම්මුලට කිස් එකකුත් දීලා ගියෙ අනෝජා නිකම් යකෙක් දැක්කා වගෙ ඇස් දෙකත් ලොකු කරන් විහංඟ යන දිහා බලන් ඉද්දි...

උදෙන්ම ස්කෝලෙට , පන්තියට යද්දි මට හරි සතුටුයි , අර පෝරිසාදයා ඇව්ත් නැ , අනෙ ඕකා අද එන්නෙපා දෙවියනෙ , එලියෙ හොදටම වහිනවා ,පට්ට සීතලයි, කවියා නැ අද , අනූපයා දාගෙන කොපි කරනවා මගෙ බයෝ උත්තර ටික...එහෙම්ම මන් ඩෙස් එකෙ ඔලුව ගහගත්තා...

විහංඟ ක්ලාස් එකට එද්දි දැක්කෙ යෙහස් ඩෙස් එකෙ ඔලුව තියන් නිදන් ඉන්නවා , විහංඟ හොදටම තෙමිලා කොන්ඩෙන් වතුර බේරෙනවා , යෙහස් වෙනුවෙන් මෙච්චර කටු කන්නෙ ඇයි කියලා කොල්ලට තේරෙන්නෑ...

"දඩා‍ං!!!!!!"

විහංඟ ඩෙස් එක උඩට කෙල්ලෙගෙ වතුර බෝතලයක් අත ඇරියෙ...යෙහස් උඩ ගිහින් බිම වැටෙද්දි.....

"ආහ්...."

"බුහාහ්හ්හ්හ්".

විහංඟ හිනාවෙනවා , යෙහස් විහංඟට දාගෙන රවනවා..

"නිදාගන්නද තමුසෙ ස්කෝලෙ එන්නෙ"

මන්නෙ නිදාගත්තෙ , මූට තියන ඇම්ම මොකක්ද? මෙච්චර එලියෙ හෙන ගහනවා මූට හෙනයක් ගහන්නෑනෙ ඇයි යකො...පොර මන් ඉස්සර ඩෙස් එක උඩින් වාඩිවෙලා කොන්ඩෙන් බේරෙන වතුර පිහිදානවා...

"ඔහෙට මොකද මන් ස්කෝලෙ නෙමී බස් එකෙ හරි නිදාගත්තත්"

ඇයි යකො , මූ හිතන් ඉන්නෙ මන් මූට බයයි කියලද දන්නෑ , දෙන්නෙ ඇටේ පතුරැ යන්නෙ...මේකා දන්නෑ මෙ යෙහස් නිර්වාන්ගෙ හැටි...

"මටත් එහෙමනෙ ස්වීටි! තැන නොතැන අදාළ නැ කිස් කරනවා...ඕන්නම් මෙතනත් පුළුවන්"

හපෝ වනචරයා යකො මූ , මට මතක් වුනෙ ඊයෙ රැ මැසේජ් එක "ඒ හාඳුවෙ නැ අවසානය දුටුවේ" , අනෙ මෙ මූ හිතන් ඇත්තෙ මන් ආයෙ මූට මාව කිස් කරන්න දෙයි කියලා ගොටුකොළයා.....

"අනෙ මෙ හලෝ...."

🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️⚡⚡⚡

හපොයි ඌට බයින්න ගියා විතරයි හෙනයක් ගැහුවෙ , බයටම මන් ඒකගෙ අත අල්ලගනිද්දි , බොරැ මරසි ඕන්නෑනෙ මන් ගොරවනවට බයයි... ,දැන් ඉතින් මූ කියන අමන කතා අහන් ඉදපන්කො ,නියමයි යෙහස් නියමයි!

"ඔහ් ගෝඩ්...තව හෙනයක් ගහපන්කො , ඊළගට වෙන තැනක් අල්ලයි"

මහ තිරිසනෙක් මේකා , නැ කතා නැ ආයෙ ඔරවලා අහක බලාගත්තා ,හිනාවෙන කැත...හුක හුක චමයි.... විහංඟට හිනා ඉතින් යෙහස්ගෙ මෙ සිඟිති වැඩ නිසා...

"තමුසෙ නම් මටම ගැලපෙනවා ඕයි"

එහෙම කියලා ඒකා තොල් දෙක උල් කරලා මට හාද්දක් පෙන්නුවෙ මට ඊයෙ රෑට කාපුවත් අන්නස්‍රෝතෙ දිගෙ උඩට එද්දි,, ඊව්ක්කා!!!!!

ඊගාවට සර් පන්තියට ආවෙ අපි හැමෝම අපෙ තැන් වලින් වාඩිවෙද්දි , අර නසරානියා මගෙ දකුණු අත පැත්තෙ මගෙ කෙලින්ම ,මේකනම් අති විශාල කරදරයක් තමයි!

........................................................................

විහංඟ අද යෙහස්ට සිරා නොවුනට හෙට සිරා විය හැක ,,,,, මීට කුරිරු හිනාවකින් මුව සරසන් ඉන්න ඔබලාගෙ කුරිරු ඕතර් ...😂

1K Reads වලට තෑන්ක්ස් ❤️

කමෙන්ට් ගොඩාආක් ආවොත් ඊගාව චැප්ටර් එක ඉක්මනින් හම්බෙයි ,සමහරවිට අද වෙන්නත් පුළුවන් 😗...

කතාව ගැන හැමෝම කමෙන්ට් එකක් දාන් යන් , සයිලන්ස් රීඩර්ලා ඔයාලගෙනුත් මට අද කමෙන්ට් එකක් ඕනි😒!

එහෙනම්

බායි

බුදුසරණයි! ❤️

Share This Chapter