Back
/ 59
Chapter 50

Chapter 47

පෙම්වන්තයෝ || TK NONFICTION

" Slap 💥"

" අයි..යේ!"

මගෙ කකුල් දෙක පනනැතුව ගියෙ දත්මිටිකකා අපි දිහා බලන් ඉන්න අයියව දැකලා..අයියා ඇවිල්ලා විහංඟට කම්මුල් පාරක් ගැහුවෙ  මගෙ අතින් ඇදල අරන් එයාගෙ ලගට ගනිද්දි..

" අනෙ..අයියේ..එයාට ගහන්නෙපා.."

" උඹ කටවහපන් චූටී!!"

මාව පැත්තකට තල්ලු කරපු අයියා ගිහින් විහංඟගෙ ෂර්ට් එකෙන් ඇදල අරන් ලගට ගත්තෙ..විහංඟ ත් අර නපුරු ඇස් වලින් අයියා දිහා බලන් ඉද්දි..අනෙ මට බයයි දෙවියනෙ තාත්තයි අම්මයිත් ගෙදර නැ ඉහිම්..

" මේ අහපන් උඹ කවුරුවුනත් මට වැඩක් නැ..මේ සම්බන්දෙ අදම නවත්තන්න ඕන හරි"

" එහෙම නොකරොත් ?"

" slap 💥"

"අනෙ අයියෙ..නවත්‍තන්නකෝ..මන් තමයි එයා එක්ක යාලුවුනේ..එයා නෙමී"

අයියා ආයෙත් විහංඟගෙ කම්මුලට පාරක් ගැහුවෙ එයාගෙ තොල අග පැලිලා ලේ එද්දි..අනෙ මට එයා මෙහෙම ගුටිකනව බලන්න බෑ..මගෙ පපුව හිරවෙනවා වගෙ..එක පැත්තකින් අයියා..අනිත් පැත්තෙන් එයා..

අයියා විහංඟවත් ඇදගෙන ගෙයින් එලියට ගියේ..මන් අඩ අඩ අයියගෙ පස්සෙන් යද්දි..

"ආයෙ උඹ යෙහස් එක්ක ඉන්නවා  දැක්කොත් මන් තෝව මරනවා දැනගනින්!!"

" එහෙනන් ඔහෙට මාවත් මරන්න වෙයි අයියේ!"

" ඔහොමද උඹ අයියට කතා කරන්නෙ ආහ්? කරල බලපන් පුලුවන් දෙයක්..තො පලයන් මොනවද තවත් බලන් ඉන්නෙ"

අයියා විහංඟව ඇදලා එලියට දැම්මෙ ඕන මගුලක් වෙන්නදෙන් කියල මටත් විහංඟ එක්ක එලියට බැහලා යන්න හිතෙද්දි..විහංඟ මගෙ දිහා බලන් ඉද්දි..මන් දුහල ගිහින් එයාව බදාගත්තෙ අයියා ඉන්න එකත් අමතක කරලා..

" පරිස්සමෙන් ඉන්න ..මන් ඉක්මණින් එනවා"

" අනෙ මට ඔයා..නැතුව ඉන්න බෑ ඒයි.."

විහංඟ මගෙ නලලට කිස් එකක් දීලා කිව්වෙ..මන් එයාගෙ පපුව අස්සෙ ගුලිවෙද්දි..එලියෙ හොදටම වහිනවා..මේ වැස්සෙ එයා කොහෙ කියල යන්නද දෙවියනෙ ..මන් එයාගෙ කම්මුල අතගාලා එයාගෙන් සමාව ඉල්ලුවෙ මේ ඔක්කොම මගෙ වැරදි නිසා..

" වරෙන් යන්න "

" අනෙ..අයියෙ මට..එයා..නැතුව ඉන්න බෑනෙ .."

" මාව මිනීමැරුවෙක් නොකර වරෙන් යන්න යෙහස්!"

අයියා මගෙ අතින් ඇදගෙන ගෙට ගිහින් දොරලොක් කරේ..මන් අඩ අඩම බිමින් වාඩිවෙද්දි..ඉක්මණින්ම කාමරේට දුහපු මන් තිසරට කෝල් එකල් ගත්තා.

" හෙලෝ..තිස..ර"

" යෙහස්..මොකද බන් අඩන්නෙ මේ.."

" අනෙ .තිසර..අපෙ ගෙදරට ඇවිත් විහංඟ ව එක්කන් .."

" මෙහෙට දීපන් ෆෝන් එක!"

" හෙලෝ..හෙලෝ..ෂිට්!!"

අයියා ඇවිත් මගෙ ෆෝන් එක උදුරගෙන පොලේ ගැහුවෙ..මගෙ ඇස් ඉස්සරහම ෆෝන් එක කුඩුවෙලා යද්දි..මන් ඉකිගගහ අඩන්න ගත්තෙ අයියා මගෙ ලැප් එකත් අරන් යද්දි..

" මාසයක් යනකම් උඹට කොහෙවත් යන්න බැ හරි..මන් නොකිව්වයි කියන්නෙපා!!"

" ඉහිම්"

අයියා දොරත් වහගෙන කාමරෙන් එලියට ගියෙ මන් වොෂ් රෑම් එකට ගිහින් ෂවර් එකත් ඇරගෙන බිමින් වාඩිවෙලා අඩද්දි..

Thisara pov.

ෂිට්..මොන ලබ්බක්ද උනෙ..යෙහස්ගෙ ෆෝන් එකට ගන්න හැදුවට ෆෝන් එක ඕෆ්..එතකොට කවුද එ කෑගහුව පරයා..යෙහස්ගෙ අයියද..මොලෙ ඇතුලෙ සමනල් ගැටේ වැටෙද්දි..වැස්සෙම කාර් එක අරන් මන් ගියෙ විහංඟයව හොයාගෙන..

යෙහස්ගෙ ගෙදරට යනපාර දිගේම බලාගෙන ගියත් මට ඌව හොයාගන්න බැරි උනෙ මට තවත් යකා නගිද්දි!!..ආපහු කෙලින්ම කාර් එක හරවගෙන මන් ගියෙ යෙහස්ගෙ ගෙවල් පාරෙ තියන පාර්ක් එකට..ඕහ් ගෝඩ් අරූ ඉන්නවා බංකුවක් උඩ වාඩිවෙවී තෙමී තෙමී..ඉක්මණින් කුඩෙත් අරන් මන් ඌ ගාවට දිහුවා..

" විහංඟ ..මොකක්ද බන් උනෙ?"

" තිසා..මගෙ කොල්ලා බන්.."

" හරි හරි ගෙදර ගිහින් කතා කරමුකො යමන් "

විහංඟයා පොඩි එකෙක් වගෙ මන් ආපු ගමන් මාව බදාගත්තෙ..මන් උගෙ පිට අතගගා ඌව බදාගත්තෙ මොකාටද පුලුවන් තමන්ගෙ සහෝදරයා වගෙ ඉන්න එකා මෙහෙම අඩනවා බලන්න..

ඌවත් කාර් එකට දාගෙන කෙලින්ම අපෙ ගෙදර ඇවිත් ඌට වොෂ් කරගන්න දිලා මාත් වොෂ් කරන් ආවෙ වුන දේ ගැන හරියට කතා කරගන්න..

" දැන් කියපන්කො මොකක්ද උනෙ කියලා"

" යෙහස්ගෙ අයියා බන් ......."

ඌ වෙච්චි ඔක්කොම දේවල් මට කිව්වෙ මන් ඔලුවෙ අත ගහගනිද්දි..

" යෙහස්ගෙ ගෙදරින් මේක දන්නවා නේද බන් ..ඉතින් අවුල මොකක්ද?"

" මන් දන්නෙ නැ බන්..තිසා මට මගෙ කොල්ලව ඕන බන්..මට ඌව ගෙනත් දීපන්..මට වෙන මුකුත් ඕන්නැ බන්.."

මූ නිකම් අර පොඩි එකෙක් තාත්තා කෙනෙක්ගෙන් සෙල්ලම් බඩුවක් ඉල්ලනවා වගෙ මගෙ අතෙ එල්ලිලා කියනව යෙහස්ව ගෙනත් දෙන්නලු..ඌ යෙහස්ගෙ අයියා උනත් මගෙ එකා මෙහෙම ඉන්නව බලන්න තරම් මන් පොන්නයෙකුත් නෙවෙයි හැබැයි..

" මෙ අහපන් හෙට යෙහස් ස්කෝලෙ එයිනෙ..අපි කතා කරල බලමු මොකක්ද කරන්න පුලුවන් කියලා"

" හ්ම්ම්"

" උඹ කාලද ඉන්නෙ ?"

" මට කන්න ඕන්නැ බන්"

" මෙන්න මෙහෙ වරෙන් කැරියො කන්න ..තෝව බඩගින්නෙ තිබ්බ කියල දැනගත්තොත් උඹේ බිම්බෝම්බෙ මගෙ මස් කවයි තොට"

ඒව්..මූටත් අර ඇටයා ගැන කිව්වොත් විතරයි හිනාවෙන්න පුලුවන් ..මේවට තමයි යකෝ ලව්මොරොන්දම් කියන්නෙ..යසේ කැරිපකා..ඌටත් කවල අපි නිදාගන්න ගියෙ හෙට ස්කෝලෙ ගිහින් මේ ප්‍රෂ්නෙ විසදන්න ඕන නිසා..

" අනෙ අයියෙ මට ස්කෝලෙ යන්න ඕනි..ඔහෙට කැමති නැද්ද මන් HP වෙනවා බලන්න"

" උඹ තමයි කොහොමත් HP වෙන්නෙ..ඒක මන් බලාගන්නම්..පණ්ඩිත නොවී ගෙදරට වෙලා පාඩම් වැඩ කරගනින්"

උදේ පාන්දර මන් ස්කෝලෙ යන්න ලෑස්ති උනෙ විහංඟ ව හම්බෙන්න ඕනිනිසා..අනෙ මට එයා නැතුව ඉන්න බැ දෙවියනෙ..ඒත් අයියා මට ස්කෝලෙ යන්න නොදී ගෙදරට වෙලා ඉන්න කිව්වෙ මගෙ ඇස්වල ආයෙ කදුලු පිරෙද්දී ..

" මෙ අහපන් මල්ලි..උඹ ඌට ආදරෙයි කියන එක මට ඇස්පියන් උනත් විශ්වාස කරන්න පුලුවන් හැබැයි ඌ? උඹව මගේ ළමයෙක් වගෙ මන් බලාගන්නෙ..තාත්තට වඩා තමුසෙ මටයි ලග..එහෙව් එකාට උඹ මෙච්චර බොරුවක් කරද්දි මට මාර දුකයි චූටි.."

" මට..සොරි .අනෙ.එයා හොද කෙනෙක් අයියෙ ඉහිම්..එයා මට ගොඩක් ආදරෙයිනෙ අයියේ..ඇත්තටම"

" ලුණු පෙන්නලා සීනි කිව්ව්ත් පිළිගන්න තරම් ගොන් ගහක් බන් උඹ..උඹව රවට්ටන්න ඕන ගොනෙක්‍ට පුලුවන් ..චූටි අපි තමුසෙව හුරතල් කරාට..උඹට මොළේ නැත්තම් බයෝ කරන්න බෑ..ඒක නිසා අයියට මේක විසදන්න දීපන්..මේ දේවල් කරන්නෙ උඹේ හොදටම කියලා උඹ දන්නවනෙ ළමයො ම්ම්.."

අයියා මගෙ ඔලුව අතගාලා දොරත් වහගෙන එලියට ගියා..මේක මගෙ වැරැද්ද දෙවියන මට තිබ්බනෙ අයියට කියන්න ..දැන් ඉතින් හරිනෙ ඉහිම්..විහංඟ නරක කෙනෙක් නෙමීනෙ අනෙ..ඇයි අයියා තේරුම් නොගන්නෙ දෙවියනෙ ..අනෙ මට එයා නැතුව ඉන්න බෑනෙ..මන් මොකක්ද කරන්නෙ..අනෙ විහංඟ මට ඔයාව ඕනිනෙ ඉහිම්..

" එයා ආවෙ නෑනෙ බන් "

" අයියා කේස් ඇති බන්..අනූප ඔයා හවස්වෙල එ පැත්තෙ ගිහින් බලන්න පොඩ්ඩක්"

" මන් බලන්නම් තිසර"

Vihanga Pov .

කවදාවත් නැතුව අද උදේ පාන්දරම තිසරයවත් ලෑස්ති කරන් මන් ස්කෝලෙට ආවෙ එයා එයි කියලා බලාපොරොත්තුවෙන්..ඒත් එයා නෑ..මට උඹ නැතුව පාලුයි වස්තු..ඌ උඹේ අයියා නොවුනනම් මන් මෙහෙම ඉවසන්නෙත් නැ..කරුමෙකට එ ඉන්නෙ උඹේ අයියා

" එයාට මේක දීපන් අනූපම"

" හරි බන්"

එදා නුවරදි කොල්ලා තෑග්ගක් දුන්නොත් යාලුවෙන්නම් කිව්ව නිසා ඊටපහුවෙනිදම ගිහින් මේක මන් හදවන්න දුන්නා..මගෙ අත් දෙකෙන්ම මේක ඌට දීලා උගෙ දිලිසෙන ඇස් දිහා බලන්නවත් මට වාසනාවක් නැතිවුනා..

අනූපගෙ අතට ගිෆ්ට් බොක්ස් එක දීලා මන් එහෙම්ම ඩෙස් එකෙන් ඔලුව ගහගත්තෙ අද දවසම මේ විදියට ගෙවන්න හිතාගෙන..

" අනේ අනුවො..මට එයා නැතුව ඉන්න බෑ බන්..උඹවත් අපෙ අයියට කියපන්කො බන්"

" උඹ කියනදේවත් අහපුනැති එකා මන් කියන දේ අහන්න ඌ මගෙ මිනිහද යකෝ"

හවස් වෙලා අනුවා අපෙ ගෙදර ආවා..උගෙ ෆෝන් එකෙන් හරි විහංඟ ට කෝල් එකක් ගන්න පුලුවන් නිසා මට ටිකක් හරි සැනසීමක් දැනුනා..ඒත් අයියා ඌටත් මාව හම්බෙන්න එන්න දුන්නෙ උගෙ ෆෝන් එකත් අයියා අරගද්දි..

" විහංඟ උඹට මේක දෙන්න කිව්වා"

" මෙ මොකක්ද බන්"

" එදා උඹ නුවරදි ආයෙ යාලුවෙන්න තෑග්ගක් අරන් ඉල්ලුවලු..ඊටපස්සෙ පහුවෙනිදා ඌ මේක හදවන්න දීලලු"

" අනෙ මගෙ අහිංසකයා බන්.."

මන් ඒක එදා එයාට බොරුවට කිව්වෙ දෙවියනෙ..එහෙම වෙලත් විහංඟ මන් වෙනුවෙන් කරන දේවල්..අයියා මේවා දන්නවනම් අපිව මෙහෙම වෙන් කරලා තියන්නැ දෙවියනෙ..

මන් අඩ අඩම..ගිෆ්ට් බොක්ස් එක ඕපන් කරන්න ගත්තා..ඒකෙ තිබිච්ච දේ දැකලා මන් ගිෆ්ට් එක මගෙ පපුවට තුරුල් කරගෙන කැගගහ අඩන්න ගත්තෙ සද්දෙට අයියත් කාමරේට එද්දි..

......................................................................

කොහොමද බාල්දිය?

එහෙම තමයි බන් අයියලා🥲

මන් දන්නවා අද මට වට්සැප් එකෙ වසන්න වෙන්නෙ නැ කියලා😂❤️

මෙ මගෙ හියුන් නැමැති ජීවියා මට ඉන්න දෙන්නැ Yoonmin එකක්  ලියල ඉල්ලනවාඅ..ඒක නිසා YM short love story එකක් ලියනවා..උපරිම  Chapters 10 ක් වගෙ ලියන්නෙ..අනිද්දා (පෙබරවාරි 11) හවස 6 ට කියවන්න සෙට් වෙන්න එහෙනන්..

එහෙනන්

බායි

බුදුසරණයි ❤️

Share This Chapter