Back
/ 59
Chapter 52

Chapter 48

පෙම්වන්තයෝ || TK NONFICTION

Dr.ජනුක නිර්වාන් දිසානායක

වයස අවුරුදු 24

යෙහස්ගෙ සහෝදරයා

" කොච්චර කල්ද යාලුවෙලා?"

" දැන් මාස හයක් වගෙ අයියෙ"

" එතකොට යෙහස්?"

" මන් දන්නැ අයියේ..යෙහස් නිසා විහංඟ මාව ටිකටික මග අරින්න පටන්ගත්තා.."

" අඩන්නැතුව ඉන්නවා දැන්..උඹත් මගෙ නන්ගි වගෙ තමයි..උඹලා දෙන්නටම මන් වරදක් වෙන්න දෙන්නැ..බයවෙන්නැතුව හිටපන්"

Januka Pov.

මට අරූ ගැන ඇතිවෙච්ච සැකේ නිසාම තමයි මන් පොර ගැන හොයන්න ගත්තෙ..එකපැත්තකින් ඌ ලියා එක්ක යාලුවෙද්දි අනිත් පැත්තෙන් ඌ මගෙ මල්ලි එක්කත් යාලුවෙලා..ඒ වගෙ එකෙක්ට මගෙ මල්ලිව දෙන්න තරම් මන් කොන්ද පනනැති එකෙක් නෙවෙයි..

ඌ කරලා තියෙන්නෙ ලියා එක්ක ඉදලා අන්තිමට ඒ කෙල්ලව මග ඇරලා යෙහස් එක්ක යාලුවෙච් එක..ඌට දෙන්න මෙහෙ කොල්ලො නෑ..මට පුදුමයි අපෙ අම්මයි තාත්තයි මුකුත් හොයන්නෙනැතුව මේ වගෙ තීරණයක් ගත්ත එක ගැන..හොදයි අපි බලාගමුකො ඌද මමද කියලා හහ්..

"~ යායට පායනා පෝ දා සඳ..

හිත බේරේනා පිනි දෝරෙක..

හිත පාරනා මේ මා දුක..

සැපසේ වින්දා..

හෙට රෑ වෙලා එළිවෙන සඳ..

හිත හාරනා මේ මා පාලුව..

නුඹ ගන්නවානම් මා පිට..

යනවා කැන්දා ~"

Vihanga Pov .

මිනිස්සු කිව්වට ජීවිතෙ කියන්නෙ හරි පුදුම දෙයක් කිව්වට මන් කවදාවත් ඒක විශ්වාස කරේ නැ..ඒත් අද..ඊයෙ වෙනකම් එකට ආදරෙ කරපු මමයි මගෙ කොල්ලයි කිසිම වරදක් නොකර අද දෙපැත්තකට වෙලා විඳවනවා..උඹව මතක් වෙද්දි මටත් හොරාම පපුවෙ වම් පැත්ත බරවෙන එකට..උඹ නිසාම මන් දැන් ඒ හැඟීමටත් ආදරේ කරනවා ස්වීටී..

එයා අනූපම අතේ එව්ව Dream catcher  එක දිහා බලාගෙන මන් කල්පනා කරා..එයා වගේම කියුට් ඒකත්..එදා නුවර වැව රව්මෙදි කොල්ලා ඒක මන් වෙනුවෙන් අරන් තියෙන්නෙ..මගෙ කොල්ලගෙ හිතේ මන් ගැන තියන ආදරෙ වචන කරගන්නවත් මට බෑ..පිටින් බලන උන්ට මුහුද විතරක් පෙනුනට..ඒ මුහුද කොච්චර ගැඹුරුයිද කියලා දන්නෙ මන් විතරයි..යෙහස්ගෙ ආදරේත් හරියට ගැඹුරු මුහුදක් වගේ ගිලුනොත් ගොඩ ඒමක් නැති!

" විහංඟ , ගෙට වරෙන් බන් "

" මෙහෙම හොදයි බන්.."

තිසරයා ඇවිත් මගෙ එහාපැත්තෙන් වාඩිවුනා ..ඌටත් මුකුත් කරගන්න බැරුව ඉන්නෙ කියල මට නොතේරෙනවා නෙවෙයි..ඌට තියා මේ වෙලාවෙ මටවත් කරන්න දෙයක් නැ

" යෙහස්ද දුන්නෙ "

" ම්ම්ම්ම්"

" පොඩිඑකා උඹට පන ඇරලා"

" මට ඌ නැතුව ජීවත්වෙන්න බැ තිසා"

කිසිම දෙයක් කරන්න ඔලුවට එන්නෙනැතුව මන් හිරවෙලා වගෙ දැනෙද්දි..තිබ්බ එකම සැනසීමත් මට නැතිවුනා..ඒ යෙහස්ගෙ අයියා නොවුනම් මෙලහකටත් මන් හිරබත් කනවා ..මාවයි මගෙ කොල්ලව වෙන් කරන්න හදන බල්ලෙක්ව මරලා දාන්න විහංඟ ප්‍රභාෂ්වර දෙපාරක් හිතෙන්නෑ..

" හරි හරි බන්..මූඩ් ගහලා ඉන්නෙපා ඔහොම..සෙට් නෑ"

" එහෙනන් මට මගෙ කොල්ලව ගෙනත් දීපන් හුත්තෝ!!"

ඔලුව පුපුරන්න දැනෙන වේදනාවත් එක්ක මන් තිසරයගෙ ටී එකෙන් අල්ලගෙන කෑගහන්න ගත්තා..මගෙ හැමදේම උනු එකා නැතුව ජීවත් වෙනවට වඩා මැරිලා යන එක හොදයි යකෝ!!!

" මේ විහංඟ ප්‍රභාෂ්වර කවද්ද බන් සිරා ලව් කරේ"

" පලයන් හුත්තෝ"

ආතල් එකට පටන්ගන්න ලව් එක දැන් මට මගෙ පනටත් වඩා වටිද්දි මුන්ටත් ජෝක් ඉතින්..මන් හිතන්නෙ නැ යෙහස් වගෙ කොල්ලෙක් මට කවදාවත් හම්බෙන එකක් කියලා..උගෙ ආදරෙ මට මහමෙරක් තරම් වටිනවා..මන් උඹට හරි ලෝභයි වස්තුව..ඉක්මණින්ම මන් උඹව මගෙ ලගට ගන්නවා..හොදින් හරි නරකින් හරි..

" අනෙ තාත්තෙ..අයියට කියන්නකෝඔ..මට එයා නැතුව ඉන්න බෑනෙ..මගෙ පපුවත් රිදෙනවනෙ ඉහිම්"

" අයියා හේතුවක් නැතුව මෙහෙම හැසිරෙන්නෑනෙ පුතේ"

මොනාද අනෙ මෙ මිනිස්සු දොඩවන්නෙ..මෙ ඔක්කොටම පිස්සු හැදිල..මගෙ විහංඟව මට විශ්වාසයිනෙ..එයා මට කොච්චරක් නම් ආදරෙයිද අනෙ ඉහිම්..මට මේ ගෙදරින් පැනලා ගිහින් හැමදාම එයාට තුරුල් වෙලා ඉන්න හිතෙනෙවා..මටෝන්නැ මෙ දුස්ට මිනිස්සුන්ව!!

" මට එයාට කතා කරන්න ඕනි තාත්තෙ..ප්ලීස්"

" විනාඩි 10 හරිද? මන් අයියව ෂේප් කරගන්නම්..ඉක්මන් කරන්න"

" මන් තාත්තට ආදරෙයි..ඉහිම්"

මන් තාත්තගෙ ෆෝන් එකත් අරන් ගිහින් වොෂ් රෑම් එකට ගිහින් දොරවහගෙන එයාට කෝල් එකක් ගත්තා..රින්ග්ස් දෙකයි ගියෙ එයා ආන්සර් කරා..

...

"කියන්න තාත්තේ"

"ඉහිම්.."

" මගෙ ස්වීටී කෑල්ල..අනෙ උඹ හොදින් ඉන්නවද මගෙ වස්තුව"

"ඉහිම්..ඒයි..මට ඔයා නැතුව ඉන්න බෑනෙ..අනෙ මාව..මෙහෙන් එක්කන් යන්නකො විහංඟ.."

" ඒක කරන්න පුලුවන් නම් මන් මෙලහකටත් ඒක කරලනෙ බන්..උඹේ අයියනෙ ඒ ඉන්නෙ"

" මටෝන්නෑ එ දුස්ට මිනිහව..හුවෑආ ඒයි..ඔයා කාලද ඉන්නෙ..අසනීප වෙන්නෙපා ඒයි..මන් ඔයාට ගොඩක් උම්මනෙ"

" මොන කෑමක්ද බන්..මට මේ ජීවිතෙ එපාවෙලා ඉන්නවා උඹ නැතුව"

" අනෙ මේ ඒයි නටන්න නම් ලෑස්තිවෙන්නෙපා හොදේ..කාලා බීලා ඉන්න ඕනි..ඊටපස්සෙ ඔහෙ කෙට්‍ටු උනොත් ඒම..මට තමයි ඔහෙව වඩාගන්න වෙන්නෙ..තව රැවුලත් ෂේව් කරන්න ඒයි..ඕවා මන් මහන්සිවෙලා බලාගත්ත දේවල්නෙ ඒයි ම්හුම්..මන් කියන ඒවා නොකරොත් මන් ඔහෙව ඩිවෝස් කරනො හොදෙ විහංඟ!!"

" අම්මෝ..මගෙ කන බන්..උඹත් වෙලාවට කාලාබීලා පරිස්සමෙන් හිටපන් හරිද? දන්නවනෙ උඹට මන් කොච්චර ආදරෙයිද කියලා ම්ම්?"

"මන් දන්නව ඒයි..ඉහිම් මන් තියනෝ විහංඟ ..වොෂ් රෑම් එකෙ ඉදන් හොරාට කෝල් කරෙ මන්..බුදුසරණයි මගෙ බේබිට ඉහිම්..උම්මාහ්"

" මන් ආදරෙයි "

මෙච්චර වෙලා කදුලු පාලෙන කරන් හිටපු මන්..ආයෙත් මගෙ පපුවත් මිරිකගෙන අඩන්න ගත්තෙ..බිමින් වාඩිවෙන ගමන්..අනෙ මන් කොහොමද ඔයා නැතුව ඉන්නෙ විහංඟ..ඇයි මෙ මිනිස්සු මාව තේරුම් ගන්නෙ නැත්තෙ දෙවියනෙ!!

" ඌ හොද නැති එකෙක්ද එතකොට?"

" ඔව් අයියෙ..ඌට හැමතැනම ගෑනු..නදකින් මෝල් කැරියෙක් මහ"

" උඹ කොහොමද ඌට ඉන්න කෙල්ලො ගාන දන්නෙ පවන්?"

Pavan pov.

අප්පහුකන්ඩ..කෑවා ෂිට්..දැන් අයියා මන් ගැන සැක කරයිද? විහංඟ මන් එදා උඹට කිව්වනේ උඹව මේ කතාවෙන් අයින් කරනකම් මන් නවතින්නැ කියලා..උඹ වැරදි සතා එක්ක හැප්පුනේ..හහ්..බලන් ඉදපන් දැන් උඹට වෙන දේ..යෙහස්ව අයිති වෙන්න ඕන මේ පවන් ලියෝන්ට විතරයී!!

අනික ඌ දන්නෑනෙ යෙහස්ගෙ අයියා ඉස්සර ඉදන්ම මන් එක්ක ෆිට් කියලා..මේ පාර තමයි විහංඟ උබේ රෙදි ගලවන්නෙ මන්..

" නෑ අයියෙ ඕකා මගෙ යාලුවගෙ කෙල්ලව දාගෙන..දැන් අපෙ එකා විදවනවා..ඒ තරම් ජරා සතෙක් ඔය විහංඟයා"

"හ්ම්ම්..බලමු..උඹ පලයන් දැන්..ආයෙ ඕන වුනොත් මන් කතා කරන්නම්"

" හරි හරි අයියේ ඕන දෙයක් මට කියන්න..මේ අයියෙ ඒකනෙමී යෙහස් කො"

" යෙහස් නිදි..උඹ පලයන් දැන්"

" හරි හරි අයියේ..ටටා"

Januka Pov.

විහංඟ විහංඟ..උඹ ගැන මන් තාම හොදක් ඇහුවෙම නෑ බන්..එහෙම එකෙක්ට මගෙ මල්ලිව දෙන්නත් මන් ලෑස්ති නැ..

අන්තිම තුරුම්පුවත් ගහලා බලමුකො අපි එහෙනන්..

" හෙලෝ මචන්..උඹ හෙව්වද අරූ ගැන"

" නම විහංඟ ප්‍රභාෂ්වර

වයස අවුරුදු විස්සයි

මැත්ස් කරන්නෙ පොර

රත්නායක මුදලාලිගෙ සකන්ඩ් මැරේජ් එකෙ පොඩිපුතා"

" Wait..what..රත්නායක මුදලාලි කියන්නෙ කලින් මැරේජ් එකෙ තමන්ගෙ ගෑනිව මරපු මිනිහා නේද?"

" ම්ම්..ඔව් ජනුක්"

" අප්පා වගේම නැතැයි පුතත්..ෂිට්..උඹට පින් බන්..විස්තර හොයල දුන්නට"

" ඕක සුලුදෙයක් බන්"

ෂිට්..මූ මහ සක්කිලියෙක්නෙ..නැ නැ.මන් ඉන්නකම් මේ මගුල වෙන්නෙ නෑ යකො..දැන දැනම මගෙ පොඩිඑකාව ගිනිගොඩකට තල්ලු කරල දාන්න මට බෑ..ඌ වගෙ එකෙක්ට දෙන්න දිසානායක ගෙදරින් කොල්ලො නෑ..මන් ඉක්මණින්ම උඹවත් හම්බෙන්න එනවා විහංඟ ප්‍රභාෂ්වර!!

........................................................................

මගෙ පෙම්වන්තයො ටිකට..පෙම්වන්තයො ලියන මගෙන් Happy Valentine Day My Babies❤️

විහංඟ පව් නේද..පව් කොල්ලා දැන් ඉතින් යෙහස්වයි පවන්වයි සෙට් කරයි යෙහස්ගෙ අයියා😒

එහෙනන්

බායි

බුදුසරණයි ❤️

My Valentine 🐯🐰

Share This Chapter