Back
/ 59
Chapter 54

Chapter 49

පෙම්වන්තයෝ || TK NONFICTION

" උඹ දැන් කියන්නෙ යෙහස්ට සිරා ලව් කියල එහෙමද?"

" මන් ආදරෙයි කියල පෙන්න පෙන්න යන එකෙක් නෙවෙයි"

" ඒක නිසාද උඹ..යෙහස් එක්ක ලව් කරන ගමන් ලියා එක්ක සෙට් උනෙ ආ!!!!!"

Januka Pov.

මෙච්චර වෙලා ඉවසීමෙන් කතා කරපු මගෙ ඉවසීම නැතිවුනෙ මුගෙ තියන ලොකුකම නිසා..වටේ ඉන්න උන්ගෙන් විතරක් තොරතුරු හොයන් මදි නිසා..මන් අදාළ එකා එක්කම කතා කරන්න ආවා..මන් මුගෙ එක දේකට කැමති , කෙලින් කතා කරන එකට..මුගෙ ඇස්වල බය කියන දෙ ගෑවිලාවත් නැ

"අයියෙ මන් හිතනවා ඔයා ලියාගෙ හැටි දන්නවා ඇති කියලා..ඒකිට ඕන මගෙ ඇගේ එල්ලෙන්න "

" උඹේ ඇගෙ එල්ලෙන්න උඹ නලුවෙක්ද?"

" ඒකිට එහෙම වෙන්න ඇති"

මන් ලියාගෙ හැටි දන්න නිසා තමයි මූ එක්ක කතා කරන්න ආවෙ..ඔව් ඒකි හොද එකියක් නොවන බව මන් දන්නවා..ඒ වුනාට මට මූවත් ෂුවර් කරන්න බැ..මට විශ්වාස මගෙ කොල්ලව විතරයි..

" උඹ යෙහස්ට සිරා ලව්නෙ ,යෙහස් වෙනුවෙන් උඹට ඕන දෙයක් කරන්න පුලුවන්නෙ එහෙනන්.."

" ඔව් "

" එහෙනන් යෙහස්ගෙන් ඈත්වෙයන්"

" ඇයි මම එහෙම කරන්නෙ?"

" උඹ එහෙම නොකරොත් හෙට උදේ වෙද්දි යෙහස් මේ රටෙ නැතිවෙයි"

අද මන් මේ දෙ නොකරොත් ඉස්සරහට වෙන්න තියන ලොකු විනාසෙ සිද්ද වෙයි..යෙහස්ගෙ පාස්පෝට් එකයි හෙට ඇමෙරිකා යන ෆ්ලයිට් එකෙ ටිකට් එක මන් ඌට පෙන්නුවා..මුගෙ තාත්තගෙ අතින් මගෙ පොඩි එකාව මරලා දායි..උන්ට උගෙ එකා සුදනා වෙයි..මගෙ අහිංසකයා විදවයි ..මේක අසාදාරනත් ඇති..ඒත් කරන්න දෙයක් නැ..

" මෙච්චර වෙලා මන් ඉවසුවෙ තමුසෙ යෙහස්ගෙ අයියා නිසා..නැත්තම් මගෙ කොල්ලවයි මාවයි වෙන් කරන්න හදන උන්ව මරලා දාන්න මන් දෙපාරක් හිතන්නැ!"

" තීරණෙ උඹෙ අතෙ..උඹට යෙහස්ව දකින්න හරි ඕන්නම් ඒ දේ කරපන්..හවසට ගෝල්ඩන් පාර්ක් එකට වරෙන් මන් යෙහස්ව එතනට එවන්නම්"

මට සමාවෙයන් යෙහස් ..මේ දේවල් කරන්නෙ උඹේම හොදට..දවසක උඹට ඒක තේරෙයි..

" ඇත්තටමද අයියේඒඒඒඒඒඒඒ"

" ඔව් බන්..මෙන්න අලුත් ෆෝන් එක..දැන් යන්න විහංඟ බලන් ඇති"

" ඉහිම්..මන් ඔහෙට ආදරෙයි අයියෙ..අන්තිමටම හරි ඔහෙ අපිව තේරුම්ගත්තනෙ"

" හ්ම්ම්"

Yehas pov.

දැක්කද අපෙ අයියා හරි හොදයීඊඊඊඊඉඋ, එයා අන්තිමටම විහංඟගෙයි මගෙයි සම්බන්දෙට කැමති උනා හුවෑආ මට සතුටුයි ඉහිම්..අයියා මට අලුතින් ෆෝන් එකකුත් අරන් දුන්නා..සික්ටීන් ප්‍රෝ මැක්ස් එකක්ක්ක්ක්..විහංඟ මන් එනකම් ගෝල්ඩන් පාර්ක් එකෙ බලන් ඉන්නෝලූඌඋ ..අද නම් මන් එ මිනිහට උම්මා දීලම මරනවාආආආආ

අයියත් එක්කම පාර්ක් එකට ආපු මන්..අයියා කාර් එකෙ මාව එක්කන් ආවා..මන් කාර් එකෙන් බැහැලා විහංඟ හොයන් යන්න හැදුවෙ ඒත්..

" චූටී"

" ඕඕඕඕඕ"

" සොරි"

" ඒ මොකටද ඔහෙ සොරි කියන්නෙ අයියේ"

" මුකුත් නැ නිකම්..දැන් යන්න"

" හරී මන් ගියාආආආඅ"

අනෙ මන්දා අපෙ අයියට වෙලාවකට ට්‍රැක පයිනවා..එකපාරටම සොරිලු..හරියට මට වැරැද්ක් කරල වගෙ..මන් හිතන්නෙ දැන් තියන රස්නෙට අපෙ අයියගෙ ඔලුව කරවෙලාද කොහෙදාආආ..

මන් යද්දි විහංඟ ඉන්නෝ පිටිපස්සට හැරිලා..ගගට ගල් ගගහා..මේ මිනිහා මාලුන්ටවත් ඉන්න දෙන්නෑනෙ..මදන විසේ ගෙටත් උසේ කියන්නෙ මෙන්න මේකට..ඕන්නෝකයි ප්‍රෂ්නෙ..මන් ගිහින් එයාව පිටිපස්සෙන් Hug කරගත්තා..ඒම තමයි surprise කරන්න ඕනීඊඊඊඊ

"මොකක්ද බන් කරන්නෙ..ෂර්ට් එකත් පොඩිවුනා"

" ඇයි ඒයි කේන්ති ගිහින්..ප්‍රෂ්නයක් ද ඔයාට"

" මොන ප්‍රෂ්නද බන්..මේ ඉන්නෙ කොල්ලා ආතල් එකේ"

මේ මිනිහට මොන යකෙක් ගහලදාආආආ..හරි නම් මාව දැක්කගමන් බදාගෙන මට උම්මා දෙන්න එපැයි..පුදුම යස්ස මිනිහෙක්නෙ මට ඉන්න දෙවියනෙ ම්හ්ක්..

" ඔයාගෙ ඇස් ඉදිමිලානෙ ඒයි..ඊයෙ රෑ නිදිමැරුවද ඔයා?"

" පිස්සුද බන්"

.අනෙ මන්දා මට නිකම් එයා අමුතුවෙලා වගෙ දැනෙනෝනෙ..සමහරවිට ගොඩක් කාලෙකට පස්සෙ දැකපු නිසා වෙන්න ඇති..මට විකාර අනෙ..එයා ඒම නැ අනෙ..

" මට උඹට  කියන්න දෙයක් තියෙයි"

" මොකක්ද ඒයි"

" LETS BREAK UP"

" අනෙ මේ විහංඟ!!!! ඔහෙගෙ ගොන් විහිලු මට කරන්න එන්නෙපා..පිස්සු හැදිලද ඔහෙටාආආආආ"

මෙ මිනිහා අද ඇදේ අනිත් පැත්තෙන්ද නැගිටල තියෙන්නෙ ෂුවර් එකටම ඒම තමයි..මගුලක් කියෝනවාආඅ...මෙන්න මේවට තමයි මට නගින්නෙ..දැන් මට මෙ මිනිහගෙ බෙල්ල මිරිකන්න හිතෙනවනෙ ඇයි වදේ..

" මෙ අහපන්! මට බබ්බු නලවන්න වෙලාවක් නැ..අද ඉදන් අපි අතරෙ කිසිම සම්බන්දයක් නැ හරි!!"

" ඔයා..බොරුනෙ..කියන්නෙ ඒයි..මොකක්ද උනෙ..විහංඟ..ප්‍රෂ්නයක් නම්..අපි කතා කරමුකො..අනෙ"

" කියන දේ අහපන් යකෝ!!!!! මන් කවදාවත් තොට ආදරෙ කරෙ නැ ..මන් කරේ උබව යූස් කරපු එක විතරයි තේරුම්ගනින්!!!"

එයා..බොරු නේද..අනෙ මෙ කියන්නෙ..එයා මට..ගොඩාආඅක් ආදරෙයිනෙ දෙවියනෙ..ඉහිම්..මෙ මිනිහා..මට විහිලු..කරනවනෙ..අනෙ මගෙ..උගුර හිරවෙනවා වගෙ..විහංඟ ..මගෙ පපුව..හිරවෙනවා වගෙ..දැනුනු..නිසා මන් එතන..තිබ්බ..බංකුවකින් වාඩිවුනා..

"ඔයා..බොරු..කියන්නෙ..විහංඟ ..බොරු..ඔයා තරම්..මට කවුරුත් ආදරෙ නෑනේ..අනෙ ඇයි ඒයි එකපාරටම..මේම"

" හුත්තො මේ අදාළ නැ!! කියන දේ තේරුම්ගන්න බැරිනම් හුකාගනින්..මට තෝව එපා..මන් එදා ඉදන් කරෙ උඹව යූස් කරපු එක විතරයි තේරුම්ගනින්!!!!!!!!!!"

එයා කියන දේවල් අහන් ඉන්න බැරි තැන..මන් අත් දෙකින්ම මගෙ කන්දෙක තද කරල වහගත්තා..අනෙ..එයාට මොකක්ද වෙලා දෙවියනෙ..මෙ ඉන්නෙ..මගෙ විහංඟ නෙමී..දෙවියනෙ එයා නෙමීනෙ..අනෙ මට මගෙ විහංඟව ඕනි..දෙවියනෙ ..

" ඔයා..නැතුව..මට ..ඉන්න බෑනෙ..විහංඟ ..මගෙ අතින් ඔයාට වැරැද්දක් උනාද ඒයි🥺.."

" ඉන්න බැරිනම් මැරියන් යකෝ!!!!!!"

මන්..කිව්වෙ..මෙ ඉන්නෙ..මගෙ විහංඟ නෙමී..දෙවියනෙ ..එයා කවදාවත්..මට මේම..කතා කරල නෑ..කවදාවත් නැ..මගෙ පපුව..රිදෙන්න ගත්තා නිසා..මන් එක අතකි..මගෙ..පපුව..මිරිකන..ගමන්..බංකුවෙන් නැගිටල..එයාගෙ..ඉස්සරහින්..හිටගත්තා..

" මන් තිරිසනෙක් "

" Wanna be Yours"

"මන් උඹව පාවිච්චි කරා"

" Wanna be Yours"

" මට උඹේ ඇග විතරයි ඕන උනේ"

" Wanna be Yours"

" මන් උඹට බොරුවට ආදරෙ කරෙ යකෝ!!!!!!!"

" Wanna be Yours"

" මගෙන් ඈත්වෙලා හිටපන්..ආයෙ කවදාවත් මගෙ ඇස් ඉස්සරහට උඹ එන්නෙපා..දැන් ඉදන් උඹ මගෙ කවුරුත් නෙවෙයි!!"

විහංඟ එහෙම කියලා මාව දාලා එතනින් ගියේ..මගෙ..කකුල්දෙක..පණ නැතිවෙලා..මාව බිමට වැටෙද්දි..මේක..හීනයක්..නේද..ඔව්..නපුරු..හීනයක්..දෙවියනෙ..ඒ..මන්..දන්න..මගෙ..විහංඟ..නෙමී..දෙවියනෙ..ඒ..එයා..නෙමී..මන්..ඇඩුවා..කෑගැහුවා..ගොඩක්..ඇඩුවා..මට හුස්ම ගන්න..අමාරු..වෙනකම්..මන්..ඇඩුවා..මගෙ..හැමදේම..උනු..එයාට..මාව..එපා..කියලා..මාව..දාලා..ගියානෙ..මන්..නරක..කෙනෙක්ද..දෙවියනෙ..මට..මෙහෙම..වෙන්නෙ..අනෙ..මට..දරාගන්න..අමාරුයි..දෙවියනෙ..

" මන් එදාම දැනන් හිටියා චූටි අයියෙ තමුසෙට..විහංඟ අයියත් එක්ක මොකක් හරි සම්බන්දයක් තියෙනවා කියලා..ඒත් කරන්න දෙයක් නැ අයියෙ..මේ ලියාගෙ හිත ගියපු එකාව හොදින් හරි නරකින් හරි මන් මගෙ කරගෙන තමයි නවතින්නෙ!!"

Vihanga Pov .

මට..සමාවෙයන් බන්..ඒත් උඹ බයවෙන්නෙපා යෙහස්..මන් ආයෙ උඹේ ලගට එනවා..ඒ එන්නෙ..උඹව සදහටම මගේ කරගන්න බලාගෙන..එතකන් ඉවසපන් මගෙ වස්තුව..

අපි කතා කරද්දිත් උඹේ අයියා අපිදිහා බලාගෙන..නැතුව මට උඹට රිද්දන්න ඕන්නැ ස්වීටී..උඹට රිදෙනව වගේම මටත් රිදෙනව මැණික..මෙහෙම නොකරනම් උඹෙ අයියා උඹව මේ රටෙනුත් යවයි..මට ටිකදවසක් දීපන් මගෙ ස්වීටී..මන් ඉක්මණින්ම උඹ ලගට එනවා..එයාගෙන් මැසේජ් එකක්..

දැනුත් උඹේ අයියා උඹ ලග ඇති නේද බන්..මට සමාවෙයන් මෙහෙම කරන්න වෙනවට..මන් එයාට මැසේජ් එකක් දාලා Dp hide කරල දැම්මෙ..යෙහස්ගෙ අයියව අන්දන්න හිතාගෙන..ටික දවසයි යෙහස්..මන් ආයෙ උඹව හොයන් එනවා එතකන් මන් වෙනුවෙන් ඉවසපන් මගෙ ස්විටී කෑල්ල!

"යෙහස් ,අපි ගෙදර යමු නැගිටින්න"

" අයියෙ..විහංඟ ..එයා"

" මන් හැමදේම දන්නවා දරුවෝ

මන් අයියට තුරුල් වෙලා ඉකි ගගහ ගැඩුවා..මගෙ..පපුව..ඇතුලින් හිරවෙනවා වගෙ..මට කතා කරගන්න බැ..අනෙ ..මන් මැරෙයි..විහංඟ..මාව මේම..දාලා යන්නෙපා..ඒයි..

එයාට මැසේජ් එකක් දාපු මන්..වෙව්ලන අත් වලින් ෆෝන් එක අල්ලගෙන එයාගෙන් රිප්ලයි එකක් එනකම් බලන් හිටියා..

එයාගෙ Dp නැ..ඒ කියන්නෙ එයා මාව Block කරලා..ඔයා ඇත්තටම මට බොරුවටද ඒයි ආදරෙ කරේ?

Evening ..

" විහංඟ උඹ කොහෙද යකො ඉන්නෙ..උදේ ඉදන් තෝ මොන මගුලෙද ඉන්නෙ.."

" තිසා..හික්..මගෙ කොල්ලා.බන්..ඉක්.."

"උඹ ඔය බීලා නේද බල්ලො!! මන් ක්ලබ් එකට එනකම් ඔතනම ඉදපන්..බීලා පදින්නෙපා උඹ!!"

"මට..ඉක්ක්ක්..මැරෙන්න..දියන්..හුත්තො..මැරෙන්න..දියන්..................................................................................................................................................... 💥"

" විහංඟ ..මොකක්ද..එ සද්දෙ..හෙලෝ..හෙලෝ..බල්ලො කතා කරපන් බය නොකර!!!!!"

" උඹට..මොළේ නැද්ද යෙහස්..ඌ ගියා කියලා..තෝ ඇග කපාගත්තම හරිද ආ"

" අනෙ..අනුවො..එයා මට ආදරෙයි කියලා උඹ .දන්නවනෙ බන්..එයා ඔය බොරුවක්..කරන්නෙ"

" තවත් ඌව සුද්ද කරන්නෙපා බන්..අන්න අයියා එනවා"

ගෙදර ආපු ගමන් මන් කෙලින්ම දිව්වෙ වොෂ් රෑම් එකට...ෂවර් එක ඇරලා..අතේ තියන බ්ලේඩ් එක දිහා කල්පනා කරා..ගොඩක් වෙලා..ඒක දරාගන්නෙ කොහොමද?..විහංඟ එයා..වෙනස් වෙලා..මගෙ විහංඟ ඒ එයා නෙමී.දෙවියනෙ ..එයා නෙමී..දරාගන්න බැරි තැන පපුව කීරි ගැහෙන්න තරම් වේදනාවක් දැනෙද්දි..මන් අතෙ නහර යන තැන් බ්ලේඩ් එකෙන් කපල දැම්මා..එයා..මගෙ. හැමදේමනෙ..දෙවියනෙ මන්..කොහොමද එයා නැතුව ඉන්නෙ..අනෙ මගෙ හැමදේම ඔයානෙ ඒයි..මට දරාගන්න බැ විහංඟ!!!!

ඇස් අරිද්දි මන් හිටියෙ හොස්පිට්ල් එකෙ ඇදක් උඩ..අම්මයි තාත්තයි අයියයි අනූපම..මාව වට කරන්..ඒත් මන් බලාපොරොත්තුව වුන කෙනා මෙතන නැතිකොට..මගෙ ඇස් වලින් කදුලු බේරිලා ගියා..

" මෝඩයෙක් වෙන්නෙපා චූටි..කොහෙවත් ඉන්න එකෙක් නිසා තමන්ට රිද්දගන්න එක දැන්වත් නවත්තපන්"

" දරුවට කෑගහන්නෙපා ලොකු පුතේ"

" ඔයාලා හුරතල් කරපු නිසා තමයි මූට මෙහෙම වෙලා තියෙන්නෙ"

" ඔය කතාව ඇති ලොකූ"

අයියා..මට බයින්නෙ..එයාට බැයිද මාව පොඩ්ඩක් තේරුම්ගන්න..අඩුම මට රිදෙනව කියල දැන දැනත් තවත් රිද්දන්නෙ..ඔක්කොම මහ දුස්ට මිනිස්සු..මන් මැරිලාගියානම් මීටවඩා හොදයි දෙවියනෙ ඉහිම්..

" ටිකක් හිටපන්..කෝල් එකක්"

" හ්ම්ම්"

අනූපමත් හවස ඉදන් මගෙ ලග..දැන් රෑ දහයත් පහුවෙලා..උගෙ අම්මයි තාත්තයි බයවෙලා ඇති..

" යෙහස් "

" මොකද බන් යකෙක් දැකල වගෙ, අම්මා බැන්නද?..මොකක්ද උනෙ කියපන්කො.."

මුගෙ මුලු මූනෙන්ම දාඩිය දාන්නෙ හරියට යකෙක් දැකල වගෙ..මූට මොන යකෙක් වැහුවද එකපාරටම..

" විහංඟ ඇක්සිඩන්ට් වෙලා! "

.......................................................................

මේ චැප්‍ටර් එක කියවලා ඔයාගෙ ඇස්වලට කදුලක් ආවනම්..ඔයා මේ කතාව දැනිච්ච කෙනෙක්😌

අද රෑට වට්සැප් එකෙ මරන්න එන්නෙපා..දන්නවනෙ මන් අහිංසකකමෙ උපත කියලා..මන් කැපුනා බායීඊඊඊඊ :)❤️

මේ රෑන්ක්ස් 🥺❤️..

Share This Chapter