Back
/ 59
Chapter 58

Chapter 53

පෙම්වන්තයෝ || TK NONFICTION

" ආව්හ්..අම්මොහ්!!!!!!"

" අනෙ..සොරි මැණි...යෙහස්..වැටුනා නේද??"

ආපහු රෑම් එකට යන්න හදපු මන් දැන් පොළොව සිප ගැනීමට හේතුව නම් පවන් යන තඩිකබරයා දොර ලග හිටපු මාවත් පෙරලන් රෑම් එකට පැමිණීමයි..මූට මොන යකෙක් ගහලද යකෝ..ආව් මගෙ කොන්ද!!!!!!

" සෝනු!!"

" මොකා??"

" නැ..නැ පවන්..උඹ මොකද මෙහෙ කරන්නෙ?"

" උඹෙන් අවසර අරන්ද මන් දැන් වැඩ කරන්න ඕන?"

" ඔව් "

මොනවද යකො මේ වෙන්නෙ?? මෙ තිසරට අමු කැවිලද නැත්තම් අමුවෙන්ම කැවිලද?? යකෝ අර අනූපයා එක්කවත් මූ මෙහෙම කතා කරන්නෑනෙ..මොනෝතක්ද මෙ..මුගෙ මනමාල බැල්ම බලපල්ලකො..ඊටවඩා කවුද යකො සෝනු කියන්නෙ..මුන් දෙන්නා ඉඟිබිඟි පානවා..මන් තාම බිම වැටීගෙන..මෙන්න මේවට තමා මට නඟින්නෙ ප්‍රෙෂර්!! බිත්තිය අල්ලන් නැගිට්ට මන්..මුන් දෙන්නා එනපොට හොද නැ හිටාන්කො කරන්න හොද වැඩක්!! ඉස්සරට හොද හොද සෙල්ලම් බලාගන්න හම්බෙයි!!

" පරිස්සමෙන් ගිහින් එන්න ඒයි ,බුදුසරණයි !"

" සති දෙකයිනෙ බන්..මන් එනකම් පාඩම් වැඩ කරගනින්..මන් ආයෙ එනකොට උඹට එක්සෑම් පටන් අරන් තියෙයි"

" මන් ආදරෙයි"

" මන් දන්නවා"

විහංඟගෙ කකුලට බෝල්ට් එකක් දාන්න වෙලා..එයාගෙ කකුලෙ අස්ථිය බිදිලනෙ..ඒ තරම් හිමීට තමයි අපෙ මිනිහා Drive කරන්නෙ..ඒක නිසා තාත්තා එයාව ඇමෙරිකා අරන් යනවා ඔපරේෂන් එකට..සති දෙකක් ඇතුලත ඔපරේෂන් එක කරගන්න පුලුවන්ලු..ඒ ඩොක්ටර් තාත්තගෙ යාලුවෙක්..හුවෑආ සතිදෙකක් එයා නැතුව ඉදපන්කො දැන්..ඊටවඩා තව සතිදෙකකින් මට එක්සෑම්..විහංඟ ආයෙ එද්දි මන් එක්සෑම් ලියනවා..මැත්ස් එකෙ අයට ෆුට්බෝල් මැච් එකෙ Practice නිසා එක්සෑම් කල් දැම්මා..ඇයි ඉතින් Maths එකෙ බාගෙට බාගයක් ප්ලේ කරනවනෙ..බයෝ එකෙන් ප්ලේ කරන්නෙ පවන් විතරයි..

එයා මගෙ නලලට උම්මා එකක් දීලා මගෙන් ඈත්වුනා..තාත්තා මට පොරොන්දු උනා විහංඟව හොදට බලාගන්නවා කියලා..විහංඟගෙ පවුලෙ අය වෙන රටකට Business Trip එකක් ගිහින්ලු..ඒම තමයි එයා කිව්වෙ නම්..අන්තිමපාරට එයාට තුරුල්වෙලා එයාගෙ ලිප්ස් වලට පෙක් එකක් දීලා අයින්වුනා..වාහනෙ නොපෙනී යනකම් බලන් හිටපු මන්..ඊටපස්සෙ ටිකවෙලාවකින් කාමරේට ගිහින් බයෝපොත අතට..දැන් ඉතින් ගිරවා වගෙ පාඩම් කරපන්කො..මගෙ ලකුණු අඩුවුනොත් අර මිනිහා මාව මරන්කයි..මුලින්ම ප්‍රජනනය පාඩම් කරන්න ඕනි..ප්‍රජනනය තමයි මගෙ ආසම පාඩම!!

" චූටී!! මට ටිකක් කතා කරන්න ඕන"

" මට ඔයා එක්ක කතා කරන්න දෙයක් නැ අයියා"

විහංඟ ඇක්සිඩන්ට් වෙච්ච දවසෙ ඉදන් අයියයි මායි හරියට වචන දහයක්වත් කතා කරෙ නැ..එයා මගෙ අයියා වුනාට වැඩක්ද එයාට මාව තේරුම්ගන්න බැයිනම්? මට එහෙම අයියා කෙනෙක් ඕන්නැ..තිසර!! එයා මගෙ එක කුස උපන් අයියට වඩා මට ළගයි..අනික එයා මට සලකන්නෙත් මන් එයාගෙ පොඩිඑකා කියලා හිතන්..

අයියා, විහංඟවයි මාවයි වෙන් කරන්න ගොඩක් දේවල් කරලා..එයාට එක කුස උපන් මල්ලිට වඩා කොහෙවත් ඉන්න අර ලියාව ලොකුවුනා..මගෙ Boyfriend ගැන මට වඩා කොහෙවත් ඉන්න ගෑනු දන්නවද? මට කේන්තියි ,ඊටවඩා දුකයි..මන් අයියට කොච්චරක් ආදරෙයිද? අනෙ අයියට මාව තේරුම්ගන්න පුලුවන් උනානම් දෙවියනෙ!!

" මට සමාවෙයන් චූටි!! මේ කරපු දේට මන් මගෙ ජීවිත කාලෙටම පසුතැවෙයි!"

" ඔයාට දෙන්නැති සමාවක් මන් ළග නෑනෙ අයියා..එ වුනාට ඔයා අපි දෙන්නගෙ සම්බන්දෙට~~"

" මම මෙ සම්බන්දෙට කැමති "

මට එ ඇහුනු හැටිද? සිරාවටම අපෙ අයියා එහෙම කිව්වද? එයා විහංඟගෙයී මගෙයී සම්බන්දෙට කැමතිලු..ඇත්තටමද දෙවියනෙ!! මගෙ පපුව මෙ වෙලාවෙ රේස් ගහනවා..අයියා කැමතිලු!!!!! අනෙ මට සතුටුට කදුලු එනවා දෙවියනෙ!! අන්තිමටම අයියා අපිව තේරුන් අරන්..ස්තූතියි දෙවියනෙ හැමදේකටම ස්තූතියි!!

" ඇත්තටමද අයියා? ඔයා විහංඟගෙයි මගෙයි සම්බන්දෙට කැමතිද? එයයි මායි ගැලපෙනවා නේද අයියා?"

" ඌ..නැ මගෙ මස්සිනා..එදා මන් පොර එක්ක කතා කරාම මට තේරුනා ඌ තමුසෙට පණ ඇරලා ආදරෙයි කියලා..අනිත් පැත්තෙන් තමුසෙත් ඌට කොහොමත් ආදරෙයිනෙ..Vihanga be Like a Devil~ & Yehas be Like a Angel..Then i Think world beautiful Relationship Like Dominate Top & Submissive Bottom~.. Like U & HIM! "

" Thank you Ayya..Thank you for understanding us.Love you!"

" Love you too chooty!"

අයියා එහෙම කියලා මගෙ ඔලුව අතගාලා කාමරෙන් එලියට ගියෙ..සතුටට මන් ඇදට පැනලා බල්ටි ගහද්දී!! අනෙ මට සතුටුයීඊඊඊ!! විහංඟ කෝල් කරාම කියන්න ඕනී..සතුටට ඇදෙ බල්ටි ගගහ හිටපු මන් දැක්කෙ මන් දිහා බලන් ඉන්න බයෝ පොත!! අඣේ මට බෑ පාඩම් කරන්න!! මට කසාද බදින්න ඕනි දෙවියනෙ හුවෑආ!! හැබැයි මගෙ ලකුණු අඩුවුනොත් කසාද කෙසෙ වෙතත් අපෙ මිනිහා මාව බෝංචි කඩනවා වගෙ දෙකට කඩයි!! බයෝ පොත අනෙ ඉන්ඩ මන් එනවා!!

" විහංඟ!!!!!!!!!!!!!!  "

" මන් බීරෙක් නෙමී යකෝ!! හිමීට කතා කරපන්කො..මන් බීරෙක් වුනොත් ඒකට වගකියන්න ඕන උඹ ස්විටී!",

" ඔහෙ මගෙ හාර්ටුව බින්දා!! ඔහෙට නගින්නෙපා ජරා මිනිහා!!"

" හදවත බිදුනා?? උඹේ හදවත වීදුරුවක්ද බිදෙන්න?? යකො මෙච්චර කල් මන් ලව් කරලා තියෙන්නෙ වීදුරුවකටද?? OH MY GODD!! SWEETIE!!"

ඒව්..හරිම ඒසයි නේද අපෙ මනුස්සයා..රොමෑන්ටික් වෙන්න දන්නැ කියමුකො..ඒක අවුලක් නැ..මොනාද අනෙ මෙ කියන ජරාකතා..ඊව් මට එන කේන්තියට මෙ මිනිහා ලග හිටියනම් මන් ඔලුව පලලා මෙලහකට..ඊටපස්සෙ මන් හිරෙ ගියාම මෙ මිනිහට මානසික රෝහලට වෙලා බිත්ති වල චිත්‍ර ඇද ඇද ඉන්න පුලුවන්නෙ..හොදෑඩෙ මටත් ඉදලා ඉදලා ලව් කරා මදැයි!!

" චුට්ටක් රොමෑන්ටික් වෙනවකො මලවදේ..ම්හ්ක්"

" මොන හුත්තක්ද බන් රොමෑන්ටික් කියන්නෙ?? උඹට ඕන මන් අර පොත්වල ඉන්න මොන්ගල් ඩයල් වගෙ උඹ කෑවොත් විතරයි මගෙ බඩ පිරෙන්නෙ වගෙ මෝල්කාරයෙක් වෙනවටද??"

මන් කිව්වෙ..අනෙ මෙ මිනිහට ලාදුරූ!!!!! මට කලාදුරු!!.. මෙන්න මේවට තමයි යකො මට නගින්නෙ ප්‍රෙෂර්!! මන් කෑවම එයාගෙ බඩ පිරෙන්නෙ කොහොමද?? ඇයි මගෙ ඇගෙද එයාගෙ බඩ තියෙන්නෙ!! මන් හිතන්නෙ එහෙ හීතලට අපෙ මිනිහගෙ ඔලුව ගල්වෙලා!! කෝල් එකක් නිසා ස්ටිකරයක්වත් දාන්න බෑනෙ!! නැත්තම් අර ඇට දෙක තලන ස්ටිකරෙ දාලා ඩේටා ඕෆ් කරලා මන් ඕෆ්ලයින් යනවා..ඇයි වදේ!!

" මේ ඒයි අහනවකො!!"

" ඒ පාර මොකටද උඹ ඔය මායම් දදා ලෑස්තිවෙන්නෙ??"

ඕන්නෝකයි ප්‍රෂ්නෙ..මන් එක්ක ඉදලා දැන් එයාට මන් හැරෙද්දි කියන්න පුලුවන්!! ආ කමක් නැ මෙ යෙහස් නිර්වාන් කියන්නෙ පරාජය බාරගන්න කෙනෙක් නෙමී කියලා විහංඟ ප්‍රභාෂ්වර රත්නායකට තේරෙන්න ඕනි..යෙහස් නැවතත් කරලියට

" අපෙ අයියා..අපි දෙන්නගෙ සම්බන්දෙට කැමති වුනානෙ ඒයි!! සෝක් නේදාආආආආඅ!!"

" උඹේ අයියා අකමැති වුනත්..මන් උඹව මැරි කරලම තමයි පස්ස බලන්නෙ"

" හරි හරි අනෙ..දැන් ඔය දෙන්නා මස්සිනාලනෙ..ඉස්සර තරහකාරයො වුනාට දැන් අලුතින් පටන්ගන්න පුලුවන්නෙ ඒයි"

" ම්ම්..බලමුකො.."

කොහොමද මගෙ මායම්!! එයා අහුවෙනා!! එ වුනාට මන් කැමති අනෙ එ  දෙන්නා එකට ඉන්නෝට..එතකොට මස්සිනලා දෙන්නටම පුලුවන්නෙ මාව බලාගන්න..කොහොමද එ ගැම්ම!!

කෝමහරි පැය දෙකක් විතර අපි කතා කරලා මන් එයාව නිදාගන්න ඇරියා..හෙට ඔපරේෂන් එකලු..ගියගමන් එයාව ඔපරේෂන් එකට ගන්නව කියලනෙ කොහොමත් තිබ්බෙ..ඊගාවට මාත් දෙක විතර වෙනකම් පාඩම් කරලා නිදාගත්තෙ උදේට ස්කෝලෙ යන්න ඕනි නිසා..

" මොකො උඹ අපායට ගහපු කැලෙන්ඩරේ වගෙ ඉන්නෙ?"

" එහෙම නැ බන්"

" පල පල..සතිදෙකයිනෙ ඉවසපන්"

" හ්ම්ම්"

ඇත්තටම මේක මාර මූසලකමක්!! වෙනදට මන් ස්කෝලෙ එන්න කොච්චර ආසද?? ඒ විහංඟව බලන්නනෙ ඉතින්..දැන් එයා නැති නිසා මට ස්කෝලෙ සොහොනක් වගෙ නිකම්..අද physics sir නැ ,එ නිසා උදෙ පීරියඩ් හතරම Chemistry , දවල් පීරියඩ් හතරම Biology..තව ටිකකින් ස්කෝලෙ ඇරෙනවා..අනික මට සාංකාවද කොහෙද..හැමතැනම එයා ඉන්නවා වගෙ පේන්නෙ..මේවා එ මිනිහට කියන්නත් බැ කිව්වොත් මට විහිලු කරයි..එයා නැතුව බැ කියලා..ඇත්ත තිත්තයි කියන්නෙ ඕන්නෝකයි..හෙන ගහපන් නමුත් ආදරෙයි!!

" මෙ උඹ පරිස්සමෙන් පලයන් එහෙනන්,හරක් හොරු හැමතැනම මචන්"

" උඹත් පරිස්සමෙන්..කුකුල් මස් වගේද මචන් තාරා මස්"

අනූපයා අද උගෙ නැන්දලෑ යනවලු..ඌ ඉතින් කලින් ආපු වෙන බස් එකක නැගලා ගියා..මන් ඉතින් මෙතන තනියම!! අද තනියෙන් මා අඩන්නෙ නෑ මන් විහංඟ නෑ කියාආආඅ!! ඒ අස්සෙ හෝල්ට් එකෙ කපල් ලව් කරනවා..ඒව් දෙන්න තියෙන්නෙ මුන්ට!! මන් වගෙ හැදෙන්න බැරිහැටි මෙ පොඩි උන්ට..ඇටෙන් පොත්තෙන් එලියට එන්න කලින් මුන්ට මගුල් විසේ..අන්න ඒකට අපි එල කොල්ලො!!

" ආ සුදුචූටී මාව මතකද?

ඒ පාර මොකාද?? අනෙ යකො දැන් කාලෙ කොල්ලෙක්ට තනියම ගමනක්වත් යන්න නෑනේ!! ඌව මතකද අහන්නෙ මුගෙ හෙල්මට් එක මන්ද දැන් ගලවලා බලන්න ඕනි ඇතුලෙ ඉන්නෙ මොකාද කියලා..මේ මොන වේසකමක්ද?? එකක් මදිවට බයික් තුනක් මන් ඉස්සරහ නවත්තගෙන..එ වුනාට මට එ කටහඩ අහලා පුරුදුයි වගේනෙ..ටිකකින් අරු හෙල්මට් එක ගලවලා කොන්ඩෙ හදද්දි  මගෙ ඇස්දෙක පොල්ගෙඩි සයිස් උනෙ එතන හිටපු එකාව දකිද්දි!!

"ධනුක!!"

" After Long Time babe"

එතන හිටියෙ ධනුකයි උගෙ යාලුවො දෙන්නයි..ධනුක කියන්නෙ පොඩිකාලෙ පෙරපාසලේ මන් කපල් ඩාන්ස් දාපු එකාලූඌඉඋ..මූ ඕලෙවල් කාලෙදි මගෙන් කැමැත්ත ඇහුවා ඊටපස්සෙ මන් ඌට බැන්නා..එදයින් පස්සෙ මන් අද තමයි මූව හරියටම දැක්කෙ!! එතන හිටියෙ ධනුකයි , දසුනුයි , යශේනුයි..අපෙ අල්ලපු ස්කෝලෙ මුන් ඉන්නෙ..මන් කොහොමද තුනක් එක්ක පැටලෙන්නෙ!! එකෙක් නම් ගහලා හරි දුහන්න තිබ්බා..අනෙ මට විහංඟ ඕනි..මුන් තුන්දෙනා මහා උර්ග දැවැන්තයො මාව වට කරගත්තා!!!!!!!

ධනුක අදිලාෂ් ජයසූරිය

වයස අවුරුදු විස්සයි

උසස් පෙළ ගණිත අංශ්‍ය හදාරන ශිෂ්‍යෙක්

දසුන් අකලංක වීරසිංහ

වයස අවුරුදු විස්සයි

උසස් පෙළ ගණිත අංශ්‍ය හදාරන ශිෂ්‍යෙක්

යෙශාන් ධනුද්ධර සේනානායක

වයස අවුරුදු විස්සයි

උසස් පෙළ ගණිත අංශ්‍ය හදාරන ශිෂ්‍යෙක්

" ආ පැටියො කොහොමද? දවසක් හරි ආදරෙ කරපු මාව මතකද ඔයාට ම්ම්"

" මොකක්ද තමුසෙට වෙන්න ඕන ධනුක? කෙලින්ම කියනවා"

මන් බයවෙලා කියලා නොපෙන්නා ධනුක එක්ක කතා කරන්න ගත්තා..මන් මොකටද යකො මුන්ට බයවෙන්නෙ!! ෂිට් අනූපයත් අදම ගියානෙ..මොනාහරි කියපන්කො මට හොම්බට ඇනගෙන යනවා මන් මුන්ගේ!!

" පව් බන් බයවෙලානෙ උඹේ කේජු කෑල්ල"

" එහෙම තමයි යකො එයා ඉස්සර ලැජ්ජා බයට හැදිච්ච කොල්ලෙක්..දැන් කොලුකාරයෙක් වුනාට නැද්ද ස්වීටී"

මූ මටද කොලුකාරයා කිව්වෙ..ඒනම් මූත් මගෙන් කැමැත්ත ඇහුවෙ එතකොට මූත් කොලුකාරයෙක්නෙ..ස්වීටී!! මූ කොහොමද ඒක දන්නෙ..මුන් විහංඟ ගැන දන්නවනෙ..අනෙ එහෙම වෙන්න එපා දෙවියනෙ..එයාට තියන ප්‍රෂ්න හොදටම ඇති..ඉක්මණින් බස් එක වරෙන්කො මට මෙතනින් ගැලවිලා යන්න!!

" තුන්දෙනෙක් එක්ක එකතුවෙලා එකෙක්ට ටෝක් කරන එකනම් චීත්තයි බන්"

තවත් බයික් එකක් ඇවිත් අපි ලගින් නතර කරා..එතන හිටපුකෙනා දැකලා දැන් තමයි මගෙ ඇගට ලේ ටිකක් ඉනුවෙ..

" තිසර!!"

........................................................................

බාල්දි ඉවරයි කියල නේද හිතුවෙ..ඉතින් මට කියන්න තියෙන්නෙ ඉවරයි කියල හිතුවට ඉවර නැ..තිසරගෙන් කන්න තමා දගලනවා.. Music!!!😌

තිසවන් ෂිපර්ස්ලා හදපු පෝස්ට් බලන්නකො 😂

මේක ලියාට😂

එහෙනන්

බායි

බුදුසරණයි ❤️

Share This Chapter