Back
/ 59
Chapter 6

Chapter 06

පෙම්වන්තයෝ || TK NONFICTION

උදේ ඉදන්ම මුගෙ වදේ මට , සර් Chemistry උගන්නවා , මේකා මාව ඇස් වලින් ගිලින්න හදනවා , විසාල කරදරයක් වුනානෙ යකො මේක ....

පොඩි සහනයක් දැනෙනවා දැන් බයෝ නිසා , හොඳ වෙලාවට ඒකා මැත්ස් උනෙ , නැත්නම් මූ නිසා මට බයෝ ඉගෙනගන්නත් නැ ගොටුකොළයා.... මන් දැන් සතුටින් බුහාහ්...

"යෙහස් මැත්ස් එකට ගිහින් ළමයින්ගෙ සම්පූර්ණ නම් ටික ලියන් එන්න ,ඔයාලගෙ අලුත් සුදු ඇදුම් ඇවිත්"

බයෝ මිස් කියපි ,,, මීට අරෑගෙ මූන දැක්කෙ නැති නිසා සතුටින් හිටපු මන් , යෙන්ඩඩා අපිටම මෙහෙම වෙනවා!!!! අයියො මොන පවක්ද යකො මෙ පස්සෙන් පන්න පන්න එන්නෙ මගෙ....

මිස්ට රවන්න බැරි නිසා පොතකුයි පෑනකුයි අරන් මැත්ස් එකට , යද්දි සර් කෝල් එකක , මෙ මිනිහා ස්කෝලෙ ඇව්ත් කරන්නෙ වයිෆ් එක්ක මල් කඩන එක...

ආයෙ නෑ මන් ආවා විතරයි ඔක්කොම උන් මන් දිහා බලනවා...මුන් මීටකලින් මාව දැකලා නැද්ද? ,අරෑ දිහා බලන්නෑ එච්චරයි එච්චරයි ...

මට දැනෙනවා පොරගෙ ඇස් මන් ලග කියලා , මට වැඩක් නෑ ,පටපට ගාලා නම් ටික ලියාගත්තා...මට සමහරැන්ගෙ නම් මතකයි...ඒත් කරැමෙක මහත මට අර මිනිහගෙ නම මතක නැ...

චික් විතරක් , දැන් පලයන්කො ඌ එක්ක දොඩවන්න , අනෙ මටමයි වෙන්නෙ , අඩි තිය තිය පොර ලගට...හරියටම හරි මන් කිව්වෙ මාව පුච්චන්න වගෙ බැල්මක් දාන් මන් දිහා බලන් ඉන්නවා...ඇයි යකො එහෙම බලන්නෙ මට බයත් හිතෙනවා...

"ස්වීටී! පාලුවෙන් හිටියෙ දකින්නැතුව"

ඇ යකො මූ නිකම් හත් අවුරැද්දක් නොදැක්කා වගේනෙ ටෝක් කරන්නෙ ..අපරාදෙ කියන්න බෑ මන් නම් පට්ට සතුටින් හිටියෙ ඔය කුඩුකේඩු මූන නොදැක , ඒකටත් රවපු මන්...

"සම්පූර්ණ නම කියන්න ඔයාගෙ"

"ඇයි උබ මගෙ නම දන්නැද්ද? තොට එකපාරක් මන් කිව්වා නේද?"

ඔය ඉතින් බෑනෙ මේකා එක්ක , පුපුරනවනෙ...මේකගෙ නම පාඩම් කරන් ඉන්න අනෙ මට වැඩ නෑනෙ , අහන්න හිතයි එහෙම ...මිනීමැරුමක් කරගන්න අවෂ්‍ය නෑ හැබැයි ඒකයි කටවහන් ඉන්නෙ...

"විහංඟ , විහංඟ ප්‍රභාෂ්වර රත්නායක , ආයෙමත් මගෙ නම අමතක කරපන්කො බලන්න...එදා හරියට අහුවුන්නෑ මට රෝස පාට....තවම මට අල්ලගන්න බැරි උනා හරියට ...දවසක අල්ලගන්නවා රතු වෙනකම්ම..."

ෂිකෙ මූ නම් මහා වනචරයෙක් ගොටුකොළයා , ආයෙ අල්ලගන්න ඇටේ පතුරැ යවනවා මන් මුගෙ...ප්‍රජනනය උගන්නද්දි වුවමනා වෙයි..දමාගෙන රව රව නම ලියාගත්තා මන්...

"තමුසෙගෙ අනාගත හබීගෙ නම"

නොසන්ඩාලයා මගෙ ලගට පාත්වෙලා මට ඇහකුත් ගහන ගමන් කිව්වා , මූ නම් මහ මදාවියෙක්...හිනාව හුක හුක තමයි ...දෙන්න හිතයි සපත්තුව ගලවලා එකක්...විසාල කරදරයක් වුනානෙ යකෝ මට මේක...

පොරටත් රව රව මැත්ස් එකෙන් එලියට...අපෙ මිස්ටත් මාවම යවන්න ඕනි වුනා...ඔව් ඉතින් මිස් දන්නෑනෙ මාව ගිලින්න ආපු ඇනකොන්ඩෙක් ඉන්නවා කියලා මැත්ස් එකෙ...ඇනකොන්ඩා නෙමී ඕකා කොරවක්කා....

කොහොම හරි අන්තිම පීරියඩ් හතර බයෝ...අරෑ නැති නිසා මන් සතුටින්...ස්කෝලෙ ඇරිලා එහෙම්ම බස් හෝල්ට් එකට....

"අඩෝ මෙ ,අර විහංඟයා උබට ලයින් වගේ"

හෝල්ට් එකට ආපු ගමන් අනූපයා කියපි , ඇත්තමයි මට දැන් මුගෙ ඇටෙත් පතුරැ යවන්න හිතෙනවා .....

"ඒ මොකද උබ එහෙම කියන්නෙ"

"අර බලපන්කො

අනූපයා කිව්වා විතරයි උගෙ ඇස් තියන දිහාවට මාත් හැරැනා , හත්තික්කෙ මෙන්න යකෝ අරෑ පිඹගෙන එනවා බයික් එකකින්...අර රෑන් ගාගෙන සද්දෙ එන බයික් එකෙක්...මේක අති විශාල කරදරයක් වෙන්න යන බව මට දැන් පෙනී යනවා....

විහංඟගෙ බයික් එක 🖤

කඟවේනා වගෙ ආපු පොර මන් ලගින් නැවැත්තුවා බයික්කෙ...හෙල්මට් එක අයින් කරලා කොන්ඩෙ හදනවා පොර..

අපරාදෙ කියන්න බෑ කෙල්ලො ඔක්කොම මූට වෂී වෙලා වගෙ බලන් ඉන්නවා...මල කෝළම් බෝල සබන්... , මන් දිහා බලන් ඉන්නවා ඒකා බයික් එකෙට අත තියන්..පුහ් පොර කියලද දන්නැ හිතන් ඉන්නෙ...

"නඟිනවා මන් ගිහින් දාන්නම්"

"මොකක්? පිස්සුද හැටිද ඔහෙට"

ඇයි යකො මූට පයිත්තයන්...මන් කොල්ලෙක් එක්ක බයික්කෙ යනවා දැක්කොත් අපෙ අයියණ්ඩි මගෙ කන පලලා අතට දෙයි බල බල හිටපන් කියලා...

"ඇයි දැන් උබට මාත් එක්ක යන්න එන්න බැරි ආ?"

ආපහු අර වියරැ වැටිච්ච ඇස් ,මේකට වචනයක් කියන්න බෑනෙ අනෙ පුපුරනවා...මහා දුස්ඨ ගොටුකොළයෙක්..නෑ මන් බයවෙන්නෙ මොකද මන් කතා කරනවා....

"බයික්කෙ යන්න මන් ඔහෙගෙ Boyfriend නෙමීනෙ"

කිව්වා විතරයි කුරිරු හිනාව...දැන් ඉතින් අමන කතාවක් කියයි...චික් මටත් කටවහන් ඉන්න බෑනේ....

"ඕහෝ, ස්වීටිට මගෙ Boyfriend වෙන්නද ඕන දැන් ම්ම්ම්ම්?"

අඩෝ මන් මැරෙනවා යකෝ!!!!! දැන්නම් මට එපාවෙලාආආආඅ , ඇයි දෙයියනෙ මටම මෙහෙම වෙන්නෙ!!!! මෙ මොන ලැජ්ජාවක්ද යකෝ!!!! ඔහෙගෙ Boyfriend වෙනවට වඩා හොඳයි පිහියක් අරන් බෙල්ල කපාගන්නවා...

පොරට රව රව ඉද්දි බස් එක ආවා...දඩි බිඩි ගාලා නැග්ගා බස් එකට...බයික් එක රේස් වෙන සද්දෙ ආවා..ඇතියන්තම් ඒකා ගියා...එහෙම්ම ජනේලෙ කොනෙ ෂීට් එකකින් වාඩිවුනා..මගෙ එහා පැත්තෙ අනූපයා වාඩිවුනා...

අම්මො මාර නිදහසක් යකො දැනෙන්නෙ.... ජනේලෙට ඔලුව ගහගත්තා...මන් නිදි.....

"මගෙ ස්වීටී!!!!!!"

මොනෝත්තක්ද යකො මෙ , අරෑ බයික්කෙන් යනවා බස් එකෙ ගානට...ලතෝනි දෙනවා බයික් එකෙ යන ගමන්...සා වෑව් මුලු බස් එකේම උන් මගෙ දිහා බලනවා...වෙරි නයිස් විහංඟ තව රඟපන්...කොහොමත් උබර්ට හොදට රගන්න පුළුවන් නෙ...

"I fuck you sweeti!!!!!!"

මොනාද යකො මූ මෙ දොඩවන්නෙ , හත්තික්කෙ මගෙ නම්බුව නේද යකො මෙ දියවෙන්නෙ...මට බැ මේවා බලන්න ...අනෙ මුගෙ ඔලුවට කෙලලා අරින්න ගල් ගෙඩියක්වත් නෑනෙ...අර මුලු බස් එකෙම උන් හැරි හැරි මන් දිහා බලනවා...

"අද රෑට මන් එනවා ස්ව්ටී!!!! කාමරේ ජනේලෙ ඇරලා තියන්න ඊයෙ වගේ!!!!!"

ඇයි බන් මූ මෙහෙම හැසිරෙන්නෙ, අනූපයා මගෙ දිහා ඇස් ගෙඩි ලොකු කරන් බලන් ඉන්නෙ අරෑ කියන ඒවා ඇත්ත කියලා මූ පිලිගෙන වගෙ..මොන රෙද්දක්ද යකො මෙ , මේක විසාල කරදරයක් වුනානෙ...

"මන් කොන්ඩම් එකකුත් අරන් එන්නම් ස්වීටී!!!!!!!!!!"

අනෙ උබ $&$$#1&###### , දැන් නම් ඇති , මන් මේකව අපෙ අයියට කියනවා...ඉහි ඉහි මට ඉන්න දෙන්නෑ අනේ!!!!! මන් හරි ලස්සනට ජීවත් වුනාආආආ...මගෙ ජීවිතෙ මූ විනාස කරනවාඅ...තොට හෙන ගහනවා යකො මට මෙ දෙන ගින්දරට....

මුලු බස් එකේම උන් මන් දිහා අමුතු සතෙක් දිහා බලනවා වගෙ බලන් ඉන්නවා...ජනේලෙ වැහුවා මන් ..අනූපයට ජනේලෙ කොනට එන්න කියලා මන් ආවා අනිත් පැත්තට...කේන්තියට එහෙම්ම ඉස්සරහ ෂීට් එකෙන් ඔලුව තියාගත්තා මන්....

"විහංඟ උබර් ඉවරයි පුතේ!!!!! ,දැන් තමයි සෙල්ලම පටන්ගන්නෙ..."

.......................................................................

විහංඟ වගෙ කොල්ලෙක් ඉල්ලනෝ කට්ටිය දැන් 😂❤️

Guys! Thnaks For 1.5K Followers 😗....

හත්තික්කෙ ඔවාලා මේකට එච්චරටම ආසද?

කමෙන්ට් කරන්නාආආආඅ ,කමෙන්ට් ගොඩක් ආවම ඕතර්ට ඉක්මනින් කතාව ලියන්න හිතෙනවලු 😌

එහෙනම්

බායී

බුදුසරණයි ❤️

Share This Chapter