Back
/ 59
Chapter 7

Chapter 07

පෙම්වන්තයෝ || TK NONFICTION

"අඩො මෙ ලබ්බ හරි යයිද යකො...ආව් ආව් යකො කකුල එරැනා"

"කෑනොගහා වරෙන් බන් චන්ද්‍රපාල මෑණියොන්ගෙ ගුරැකම් වැරදිලා නැ මේ වෙනකම්"

අනූපයයි මායි වගුරැ බිමක් මැඳින් ඇවිදන් යන්නෙ අර විහංඟයට මාව එපාවෙන්න නූලක් පන්නන්න...

මන් මෙ මඟුල් විෂ්වාස කරන්නෑ මෙ අනූපයගෙ අදහසක් මේක ,අම්මගෙ කවියගෙ ආච්චිගෙ දානෙට මොනාහරි ගන්න කියලා රැපියල් පන්දහක් ඉල්ලගත්තා....

විහංඟ උබර් මෙ පාර තමයි මෙ යෙහස්ගෙ හැටි දැනගන්නෙ බුහාහ්...

"ආවා ආවා"

ඒ පාර මූත් දේවාරෑඩයෙන් වගෙ කෑගහනවා...හත්තික්කෙ දෙයියොන්ටත් මගෙ දුක පෙනිලා මෙතන්‍ට වැඩම කරලද කොහෙද ,සාදු සාදු සා!!!!!!

"කො කවුද? මෑණියො අදුර්ෂ්‍ය මානද බන්"

"නැ හුත්තො , අපි තැනට ආවා වරෙන් යන්න ඇතුලට"

අපරාදෙ මන් විනාඩියකට හරි සතුටු අරෑගෙ වදේ දැන් ඉවරයි කියලා හිතන් ,සැක් තාම මේ පව මගෙ පස්සෙන් පන්නනනවා.....

දේවාලෙට ගියා විතරයි හත් අවුරැද්දකින් කොන්ඩෙ නොපීරපු ආච්චි කෙනෙක් , දන්නවනෙ පඩුරැ වලට පනාවක් අරන් එනවා...මටත් හොද වැඩෙ මෙ ගොන් අලියගෙ කීම් අහලා ගුරැකම් කරන්න ආවට...අන්තිමට සල්ලිත් නැ මට ...

"දරැව! ඕම් ශාන්ති"

මාව දැක්ක ගමන් මෙ ගෑනි මට ශාන්තිලු , ඇ යකො මන් කොල්ලෙක් කියලවත් මෙ නාකි ගෑනිට පේන්නැද්ද? ඇස් දෙකත් පොට්ට මොංගල් ඩයල් එකක් වගෙ...

"ඇන්ටි මන් ශාන්ති නෙමී , මන් යෙහස්, ගුරැකමක් කරගන්න ආවෙ මේ"

මන් එහෙම කිව්වා විතරයි මේ ගෑනි මගෙ ඇගට කඩන් පැන්නා..

"කටවහපන් මගෙ දැහැණ බිඳින්නැතුව"

"සමාවෙන්න මෑණියො , අපි ආවෙ නූලක් පන්නගන්න...මගෙ යාලුවගෙ පස්සෙන් කොල්ලෙක් එනවා...උගෙ හිතෙන් යාලුවව එපා කරවන්න තමයි මෑණියො අපට අවශ්‍ය..."

අනූපයා නන්ස්ටොප් කියවගෙන ගියා, කොහොම හරි මටත් ඕනි දැන් ඒකනෙ..මෙ නූල පැන්නුවම විහංඟයට මාව එපා වෙන්න ඕනි..මාව දැක්කත් මරාගන්න තරම් තරහක් එන්න ඕන ඒකට...

"වැදගනිල්ලා එහෙනම්"

ඇන්ටි කෑල්ල කිව්වා විතරයි අපි වැදගත්තා, මෙන්න බොලෙ ඇලිස් කිව්වලු...මේ ගෑනි පිස්සු හැදිලා වගෙ නටන්න තියාගත්තා...අඩෝ මගෙ සල්ලි අරන් මේකි ආතල් එකෙ නටන්නෙ...කැරි සමාජයක් මේක...

"ඕන් වර..වර...අහස දෙබෑ කරගෙන වර! පොළොව දෙබෑ කරගෙන වර! මුහුද පලාගෙන වර!!!!! මාගෙ කන්නලව්ව අසාගෙන මෙතන්ට වර!!!! සම්මා නමා බුද්ද තස්ස නමෝ!!!ඕං ඕං වර වර!!!!"

"භූමිකම්පාවකටද යකො මෙ එන්න කියන්නෙ"

බැරිම තැන මන් අනූපයගෙන් ඇහුවා...ආයෙ නෑ ඌත් දමාගෙන මට රැව්වා...ඇයි යකො දෙබෑ කරන් එන්න කියන්නෙ ඉතින්....

"ඕන් වැඩෙ හරි...මෙ නූල අදාළ තැනැත්තට පාගවන්න තියෙන්නෙ ...හොඳට බලලා අදාළ තැනැත්තට විතරක් බාගවන්න,,,ජය!!!"

චන්ද්‍රපාල ඇන්ටි අනූපයගෙ අතට බුලත් කොලෙ තියලා කහපාට නූලක් දුන්නා , විහංඟගෙ කතාව මෙතනින් ඉවරයි බුහාහ්...

"මෑණියොනි ගාන කීයද?"

"වැඩිය නෑ රැපියල්  4999 යි ,පඩුරැ විදියට රැපියලක් තියන්න"

යකො , මූ හින්දා මගෙ රැපියල් පන්දාහකුත් ගියා නේද අයියො!!! තව ඉස්සරහට මගෙ මොන මොනවා ඕකට දෙන්න වෙයිද දන්නැ...තූ විතරක් ගොටුකොළයා...

කොහොම හරි ගුරැකමත් කරන් ගෙදර ආවා...නාලා කාලා බීලා බයෝ පොත ගත්තා අතට...

දාගෙන ෂෝර්ට් නෝට්ස් ගානවා..ෂෝර්ට් නෝට්ස් නොගහ බයෝ පාඩම් කරන්න බෑ....

.ට්‍රීන්...ට්‍රීන්....

මැසේජ් එකක් එ පාර මොකාද? වෙලාව බැලුවා ...

10.10 pm

Whatsapp New Massage

Unknown Number....

"ලස්සන නුඹ දැක හිත පහන් උනා"

ඒ පාර මොකාද මෙ විශාල කරදරයක් වෙන්න එන එකා, විහංඟ ද...නෑනෙ මන් ඒකව Block කරානෙ..මූ මොකාද එතකොට.... හිටපන් බලන්න...

"කවුද මේ?"

"මන් නුඹෙ නෙත් මානෙම ඉන්නම්"

කවුද යකො මෙ අලුතින් රඟන එකා...මේ දවස්වල නම් මට අපල කාලයක්...අරෑගෙ වදෙ මදිවට තවත් වදයක්... හිටපන්කො කරන්න...

"මෙ හලෝ වදයක් වෙන්නෙපා මන් මගෙ Boyfriend ට කියනවා තමුසෙව"

" Boyfriend තමයි මැසේජ් කරන්නෙ ස්ව්ටී!"

සැකෙ මූද...තූ නොදකින්...එ පාර තව නම්බර් එකකින් ඇව්ත්...මේක විසාල කරදරයක් වුනානෙ යකෝ...කමක් නැ හෙට මෙ නූල පැන්නුවම උබ ඉවරයි විහංඟ...

"ස්වීටි හෙට එනවකො, මට කිස් කරන්න ඕනි රතු වෙනකම්ම! උබෙ ලිප්ස් මාර ටේස්ට් මැණිකේ!

ඉදකින්වත් පිහියක් අරන් මගෙ තොල් දෙක කපාගන්න හිතුනා යකො මට...මේක විසාල කරදරයක් වුනානෙ මට ...කමක් නැ අද විතරයිනෙ...

පොර ආයෙත් Typing..මොකක් හරි අමන කතාවක් වෙන්නැති...

Data of කරලා ෆෝන් එක පැත්තකින් තිබ්බා...අද වේලාසනින් නිදාගන්න ඕනි...හෙට උදේ ෆ්‍රෙෂ් පිට ගේම ගහන්න...

උදේ පාන්දර ස්කෝලෙ ගියා කිසි කරදරයක් නැ මුල් පීරියඩ් හතර හොදට ගෙවුනා දැන් Interval ... දැන් තමයි අපෙ ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්න හොඳම වෙලාව..

"අඩෝ වැඩේ හරිනෙ එහෙනම්"

"ඔව් ඔව් උබ ගිහින් දැන් අරෑව එක්කන් වරෙන්...මන් මෙතන ඉන්නම් නැත්නම් කවුරැහරි නූල පාගන් යයි...ඊටපස්සෙ තව කෙලියක්"

ඇහැල ගහ හරියෙන් දැම්මා නූල ඊට උඩින් පාපිස්සක් එලුවා..බුහාහ් දැන් තමයි වෙලාව අරෑව එක්කන් එන...මන් යන එක හරි නැ පොඩි එකෙක් අතෙ පණිවිඩයක් යවනවා...

"මෙ මල්ලි අර හිටන් ඉන්න කෙට්ටු අයියට මන් කතා කරනවා කියලා අඩගහන්නකො ටිකක්"

එ ලගින් ගිය පොර කොල්ලෙක්ට මන් කිව්වා...

"අනෙ නිකම් පලයන් අයියෙ යන්න...වැඩක් කරනවනම් ගෙවීමක් කරපන්...නිකම් වැඩ කරලා දෙන්න අපිට වැඩ නැ කියලා හිතුවද?"

යකො මූ බලපන්කො...මුන්ගෙ නහරවත් තාම හැදිලා නැතුව ඇති...අපෙ රටේ අනාගතෙ තමයි ඉතින් මෙ....නැ නැ කේන්ති අරන් බෑ ..කොල්ලට රැපියල් සීයක් දුන්නා...එතකොටයි පොර ගියෙ..මගෙ සල්ලි යකො මෙ වියදම් වෙන්නෙ...

"තිසා මන් නම් කියන්නෙ මූ යෙහස්ට සිරා කියලා...බලපන්කො ඌ දැක්කම මුගෙ මූනට එන පැණි හිනාව..."

"ආන්නේකයි මචන් මාත් කියන්නෙ...කට බොරැ කිව්වට ඇස් බොරැ කියන්නෑලු ඉතින්...යෙහස්ව දැක්කා විතරයි මුගෙ ඇස් ගෙඩි දෙක ටීක් බෝල වගෙ දිලිසෙන්නෙ"

තිසරයි රවිඳුයි , විහංඟට විහිලු කරනවා...ඒ කතාවෙ පොඩි ඇත්තකුත් නැත්තෙම නැ...අනිත් කෙල්ලො කොල්ලො වගෙ නෙමී යෙහස්! උන්ට රෑම් එකට කතා කරන්න විතරයි ඕනෙ උන් එනවා...ඒත් යෙහස් වෙනස්...

"එහෙම ලවක් නෑ බන් උබලට දෝදු"

විහංඟ කියලා දැම්මා...

"ඔව් ඔව් අපිටත් පේනවා උබට දැන් දෝදු කියලා"

තිසර නෝක්කාඩුවට කියලා දැම්මෙ...විහංඟගෙ මූනෙ ද‍ඟකර හිනාවක් මැවෙද්දි...

"අයියෙ මෙ අර ඇහැළ ගහ ළග ඉන්න නහයෙ ලපෙ තියන අයියා ඔයාට කතා කරා"

පොඩි එකෙක් ඇව්ත් විහංඟට එහෙම කිව්වා විතරයි...විහංඟ බැලුවෙ තමන්ට අන දෙන්න එන Http කවුද කියලා....

හැබැයි ඈතින් හිටපු යෙහස්ව දැක්කා විතරයි කොල්ලගෙ මූනට දඟකාර හිනාවක් ආවෙ...යාලුවො දෙන්නටත් බඩුම තමයි වගෙ ලුක් එකක් එද්දි...

"අඩො අඩො වැඩේ පත්තු වෙන්නයි යන්නෙ Congratulations සුද්දාහ්!"

තිසර විහංඟගෙ උරහිසට පාරක් ගහලා කිව්වෙ...විහංඟ දඟකාර හිනාවක් මූනෙ තියන් එ පැත්තට ඇවිදන් යද්දි...

ඕහො..ඔහොම වරෙන්කො මයෙ අම්මා..තව ටිකයි..තව ටිකකින් උබ මෙ නූල පැන්නුවම මන් නිදහස්...

විහංඟ ටිකෙන් ටිකෙන් යෙහස් ලගට ලන් උනා..ඒත්...

"විහංග අයියෙ මෙතනින් අත්සනක් දාලා දෙන්නකො...මට ප්‍රිෆෙක්ට් ඉල්ලන්න ලොකු අයියෙක්ගෙන් අත්සනක් ඉල්ලන් එන්න කිව්වා අපෙ පන්තිබාර මිස්..."

ඔන මෙන තියෙද්දි පොඩි ඇටයෙක් ඇව්ත් විහංඟව හරස් කරගත්ත මගෙ ඇගෙ මාලු නටද්දි...ඇයි යකො තව ටිකයිනෙ තිබ්බෙ...ෂිට් අරැත් දමාගෙන මොනාද ලියනවා...මූට මන් කතා කරාම තමයි එන්න බැරි...

"අඩො අඩො වැඩේ වන වෙන්නයි යන්නෙ යකෝ"

අනූපයා කිව්වා විතරයි එ පැත්ත බලපු මන් දැක්කෙ ෆෝන් එකත් කනෙ ගහන් නූල ලගට ඇවිදන් එන Physics සර්ව...

"හත්තික්කෙ මන් ඉවරයි යකො!!!!"

.....................................................................

දවසෙ පැනය විහංඟ නූල පන්නයිද? නැත්නම් physics සර් නූල පන්නයිද? 😂

ඊළග එක තමයි ආතල්ම 😗

කමෙන්ට් කරන්නාආආඅ...

එහෙනම්

බායි

බුදුසරණයි ❤️

Share This Chapter