Back
/ 38
Chapter 21

විසි එක්වන ස්වරය ♥ 🔞

තත් 🔞

"අම්මාහ්හ්හ්හ්හ්හ්....කෝ තෙල් බෝතලේ.."

"අන්න මම පඩිපෙල උඩින් තිබ්බා..."

"මේ නෙතූ අයියෙ...අර බකට් එක එල්ලලා දෙනවකො."

"පිස්සුද මල්ලි...නෙතූ අයියා මටත් වඩා කොටයිනෙ...හිකි හිකි ....මම එල්ලලා දෙන්නම්..."

"අනේ පලයන් නංගි යන්න....ශෙරෝහ්හ්හ්...උබේ මල්ලියි නංගියි මට විහිලු කරනවා....මෙහෙ වරේන්.....මුන්ට ගහපන් ශෙරෝ ඇවිත්..".

"ඉතින් උන් දෙන්නා ඇත්තනෙ කියන්නෙ...දැන් මේ පෝයදවසෙවත් ඔය බෙලිකටු මල්ල හොල්ලන එක නවත්තලා අර පහන්වැටට තෙල් දාන්න ගිහින්...."

"ම්ම්ම්....උබත් හොඳයි බොගෙ නගාටම...ගස් ලබ්බා...තෙල් දාලා පත්තු කරන්නම් මම...ඔයා මට තිරටිකයි තෙල් එකයි ගිනිපෙට්ටියයි දීලා ගිහින් ලයිට් ටික දාන්න අප්පා...බලන්නකො හැම ගෙදරම දාලා...මෙහෙ විතරයි නැත්තෙ."

"ආ හරි...මම දාන්නම්...ඔයා එහෙනම් පුච්චාගන්නෙ නැතුව පත්තුකරන්න...දන්න්වනෙ...ඔය පලලා තියන ඇල්බීසියා කඳේ මැද හිරකරන්න පහන."

"හරි හරි අනේ...මම දනන්වා.."

"ඒකමයි බය...මල්ලීහ්...මෙන්න මේ නෙතූ අයියා එක්ක අර පහන්ටික පත්තුකරන්න...අක්කා බකට් ටික එල්ලාවි."

දැන් වෙලාව හයයි හතලිස්පහයි...අද තමා ඒ අති පූජනීය වෙනස් පොහොය...පේන පේන හැමතැනම් ආලෝකමත්...අඳුර කියන නාමයක් හොයන්න නැතිවෙන ගානට හැම තැනම ආලෝකයෙන් පිරිලා ගිහින්...

"අම්මාහ්හ්හ්....අම්ම්මාහ්හ්හ්හ්හ්."

"අම්මා නෑ අයියෙ.. දැබ් ගියේ ....සාංචි අක්කත් එක්ක පන්සලට ගිහින් එන්න ගියා."

"ආ හරි නංගි...මේ තව ටිකකින් තාත්තා බට්ටව එවන්නම් කිව්වා...දැන් හැමදේම රෙඩීනෙ...ඔය දෙන්නා ගිහින් වොශ් දාලා රෙඩි වෙන්නකො...මායි නෙතූ අයියයි ඉතුරු ටික හරිගස්සන්නම්..."

"හරි අයියෙ...මේ අයියේ මෙට්ටයක් කොයින්ද හියන්නෙ."

"මගෙ ඇඳේ මෙට්ටෙ නැතුව ඕන එකක් දාගන්න එකයි ඇත්තෙ...."

"අපෝ...හරි හරි..."

ඉතින් අන්තිමට පැයකට විතර පස්සෙ අපි හැමෝම පෝලිමට හිටගෙන හිටියෙ අපේ මිදුලේ ඉඳන් ගේ දිහා බලාගෙන...වැරැන්ඩා එකේ දිගට ම කූඩු අට එක පේලියට එල්ලලා...චූටි සුදු බල්බ්ස් කූඩුවලට දාල...වරල් ගොඩක් දිගට දැම්ම නිසා හරිම ලස්සනයි...ගේ දොර කොඩ ඉඳන් දිගටම පොල්තෙල් පහන්...මිදුර මැද ටිකක් උසින් හරස් අතට එල්ලුව කොල පිරුනු අමු අඹ අත්තක බකට් එල්ලලා..ඒ අත්ත ළාවට කැරකෙනවා...

පාරවල් නම් බලන්න ආසයි...පාරවල් දිගට පහන් වැටවල්...පුදුම ලස්සනක්...බෙග් මාස්ටර්ගෙ , අමරදේදේව සර්ගෙ , වික්ටර් ශර්ගෙ කට හඬවල් එක එක පැත්තෙන් ඇහුනේ අමුතුම භක්තිමත් හැඟීමක් හදවතට කාන්දු වෙද්දි.

.........................................................................................................................

"හමුවිය ඈ නෙතු බැඳුනිය සෙනෙහස

මන්මත් විය ඇය දෙවඟන විලසින

ඇගෙ නෙතු රා ගිනි කැල්මෙන් ඇවිලිය

ගත සිත සෙනෙහස් හැඟුමින් ඇවිලිය"

බට්ටෙක් පිරෙන්න සෙනඟ එක්ක අපි ආවා වෙසක් බලන්න...අපි ටිකක් කලින් ආව නිසාද මන්දා දන්සල් එහෙම තවම පටන් අරන් තිබුනෙ නෑ...ඒ නිසා අපි කෙලින්ම ආවේ ඉසදින් ටවුන් අනෝමාරාමයේ වෙසක් කලාපෙට...තැනක සුදෝ සුදු ඇඳගෙන පුන්චි බට්ටො ටිකක් භක්ති ගීත කියනවා...තව තැනක රූකඩ පොලක්...තව තැනක් මොකක්ද නාට්‍යක්...වෙසක් කූඩු ප්‍රදර්ශනයකුත් තියේ...ඉතින් කෝම කෝම හරි අපි මුලින්ම ආවෙ ලොකු ශාලාවක තිබුනු පහතරට කලා අංග ප්‍රදර්ශනය බලන්න...අපි ඇතුලු වෙද්දිම අපිට ඇහුනු කවිය තමා ඔය මම මුලින් කිව්වෙ...

"දල කුමරුන් ලොබයෙන් ගිරි කුමරිට

වින්ද සෙනෙහෙ බැරිවිය අත් හරිනට

නින්ද නොලැබ රෑ දිනයක් එහි සිට

යන්නට සිත්විය කුමරි දකින්නට."

"මොකක්ද ශුඩු මහත්තයා අර නටන නැටුම..."

"ආ ඒක ගරා ගිරි නැටුමක් බබා...ඔරිජිනල් එකම නෙවෙයි...නිර්මානාත්මක එකක්."

"අනේ ඒ මොකක්ද."

"ඒක ආදර කතාවක් ...හැබැයි ටිකක් අමුතු එකක්."

"කියන්නකො ඒයි..."

"හරි සේරටම කලින් ඔය ඔතනින් ඉඳගන්නකො."

"කියපියකෝ මිනියෝහ්හ්හ්..."

"දළ කුමාරයා කියලා තරුන වයසෙ කුමාරයෙක් උන්නා..

.ඉතින් මෙයා දැනගන්නව මෙයාගෙ නංගිව ගල්කුලක හංගලා ඉන්නෙ කියලා...ඉතින් මෙයා යනවා නංගිව බේරගන්න කියලා හොයාගෙන...ඔය අතරමගදි මෙයා දකිනවා ලස්සනම ලස්සන කුමාරිකාවක්...ඒ තමා ගිරි කුමරි...ඉතින් මේ දළ කුමාරයා ඒ කුමාරිකාව එක්ක ආදරෙන් බැඳිලා ඒ දෙන්නා ලිංගිකවත් එකතු වෙනවා...ඊටපස්සෙ දළ කුමාරය දැනගනන්ව මේ ඉන්නෙ තමන් මේ තරම් කල් හොයපු තමන්ගෙ එක කුස උපන් නංගි කියලා...මේක ගිරි කුමරිය දැනගත්තම එයා ගොඩාක් දුක්වෙනවා තමන්ගෙම අයියා එක්ක සංසර්ගයේ යෙදුන එක ගැන...ඉතින් මේ ගිරි කුමරිය අර ගල් කුලෙන් පැනලා මැරෙනවා...පස්සෙ දළ කුමාරයත් මැරුනා කියලා තමා කියන්නෙ...පස්සෙ දළ කුමාරයා, ගරා යක්ශයා විදිහටත් ගිරි කුමරිය ගිරි දේවිය විදිහටත් උපත ලබනවා...ශාන්තිකර්ම වලට ඔය දෙන්නාව ගෙන්නනවා...ඉතින් එයාලගෙ කතාව පහතරට සම්ප්‍රදායෙ ප්‍රධානම නර්ථන අංගයක්...ඉතින් ඔය මම කෙටියෙන්ම කිව්වෙ..."

"අනේ දෙවියනේ...එතකොට දැන් ගිරි දේවිය කෝ..."

"මම දන්නෙ නෑ බබා ඉතින්...ඕක බලන්නකො කට පියාගෙන...ලස්සනයිනෙ.."

"ඒ වුනාට ගැටබෙරේ වුනානම් ශෝක් අප්පා...."

"මේ අපේ පාතරට මාතර...මෙහෙ හැමදේටම අපි ගන්නෙ යක්බෙරේ...ගැටබෙරේ නෑ අප්පා යක්බෙරේ තරම් ගැම්මක්...."

"යැයි යැයි යැයි තමා...."

"කට වහන් බලපන් බබා ඕක."

"හරු හරි...නපුරා....ම්හුක්..."

"ඉඟය වටා සුරුවමටා එදුනු මිටා ගෙල සතටා

තිසර පොටා ලූ ඉඟටා නෙරිය පොටා රැළිය පොටා

ඔමරියටා හවඩිපොටා බැඳ ඉඟටා නුරාවටා

මෙම රුවටා ගත පිහිටා දොස නොසිටා සෙත ඔබටා"

"දෑතට ලූ රන්වලලු සුදු වලලු ගෙඩි වලලු

ඇඟිලි පලු සපු කැකුලූ පිය බැබලූ මුතු පබලූ

ගත එලලූ රති රුවලූ නැතලු මුලූ ලොව සියලූ

මෙම රුවලූ ගිරි ලදලූ ගත සියලූ දොස නැතිලූ"

"බබා...ඔය දැන් කියන්න පටන් ගන්නෙ ගිරි දේවිගෙ ලස්සන ගැන...ඔය කියන්නේ..."

"සැරි සොඳට බැඳි වරලස දිලෙන්නේ

නෙරිය තියාලයි සේලය අඳින්නේ

රනින් රිදී මුතුහර ලෙල දෙමින්නේ

ගිරි දේවි උපතයි මම කියන්නේ"

"මයුර පිලස බැඳි වරලස යස රුවට

පියයුරු වසා රන්පටියකි ළමැද වට

සිරිකත පරදවන රූ සපුවකි ඇයට

ආදර වඩන ගිරිදේවිය එයි සබට"

"ඇඳ ඇඳ සේලය ගත බබලාදෝ

බැඳ බැඳ වරලස සිකිපිළ ලෙසදෝ

සොඳ බඳ ලෙලුමින් පියයුරු ලෙලදෝ

ඉඳ ඉඳ සිහිනිඟ දෙපස නටාදෝ"

"ධවලත පැහැ වූ අඩසඳ නළලත

කැකුලුත දත් දෙපලකි මුතු බැඳි වත

දළලත නා දලුවකි ඇගෙ දෙතොලත

බබලත මෙලිසින් ගිරිදේවිගෙ වත"

"අනේ ශෙරෝ...මාරම ලස්සනයිනෙ...ගැටබෙරේ සද්දෙ ටිකක් වෙනස් හැබැයි මෙතන."

"මොන්ගල්ද ඩාලිං...මොන ගැටබෙරද මාතර අපිට...අපේ බෙරේ යක් බෙරේ...."

"හරි හරි...මේ දැන් අර වෙස්මූනු බැඳන් මොකක්ද නටන්න හදන්නෙ අනේ..."

"ආ කෝලමක් වගේ...කෝලම් කියන්නෙත් මාතර සම්ප්‍රදායට අයිති දෙයක්...මාතර මිරිස්ස උඩුපිල තමා කෝලම් වලට ප්‍රසිද්ධම...."

"මල්ලි හුනු පුවකින

කොල්ලො දෙස බලා ඉඟි මරමින

කල්ල සොර මායමින

කෙල්ල ලෙන්චිනා ඒය සබයට...."

"ආ ඒ ජස ලෙන්චිනා කෝලමනෙ බබා...

"සුදු මහත්තයා...නෙතූ පුතා....කෝ......"

"ඕ නැන්දේ..."

"දැන් යමු දරුවො...මෙතනට වෙලාම ඉන්න බෑනෙ.."

"හරි අම්මා යමු."

ඉතින් බෙලිමල් එක්ක හකුරු අපිට ලැබුනා නැටුම් බලන අතරතුර...ඔය අස්සෙ අපේ අම්මා...අපේ අම්මා කිව්වෙ මගෙ අම්මා හොඳේ...අර යූටියුබ් වහංගතේ නෙවෙයි...මගෙ අම්මා අපි දෙන්නව එක්ක ඇවිත් අඅයෙම කට්ටියම නැග්ගා බට්ටට.

"අයියෝ....මෙහෙම යන්න බෑ අප්පා...කම්මැලිනෙ...."

"ඔව් අනේ...සාංචි අක්කේ සින්දුවක් පටන්ගමුකො...."

"හරි...ඔන්න එහෙනම්..."

"නොකියාම එදා ඇසල මහේ සඳඇත පායා

මා රෑක මොකෝ යන්න ගියේ මා හැරදාලා.

සංසාර සැපේ කලකිරිනලු ඇත්තද ඒක

සිදුවීද නැතොත් මාගෙන් වරදක් කිසි දාක

ගලවාල දමා........ගලවාල දමා කනකර අබරන හැමදාක

වැළපේවි යශෝදරා සොහොන් පිටියකි මේක......."

ඉතින් ඉතින් සින්දුවෙන් සින්දුව අපි ආයෙම ඇවිත් තිබුනෙ හිත්තැටියෙ පන්සලට....ලස්සන තොරනක් තියෙනවා මේ පාරත්.

"සුදූ...කෝ මේ පොඩි අය අපි එක්කම ඉන්න ඕන හොඳද..."

"අම්මා...ආච්චිට පින් පිනිස ආධාරයක් කරමුකො."

"ආ සුදූ...ඔයා දීලා එන්න...මට මේ ඇම්බැට්ටයො එක්ක යන්න බෑනෙ...මුන්ව හොයන්න දැල් දාන්න වෙනවා නැත්නම්...."

"හරි අම්මා....ආයෙම මෙතනදිම එකතුවෙමු..."

ඉතින් මම මගෙ දුකට සැපට ඩැනිවත් ඇදගෙන සෙනග පීරගෙන ආවේ ආධාර එකතුකරන තැනට.

"අඩෝහ්හ්හ්...."

"හුත්...මු.ගෙ.....ආච්...චිට.."

එකපාරට පිට හරහා වැදුනු පාරට මගෙ කටින් හොඳ හොඳ කවි කියවෙනවා තව ටිකෙන්...එහෙම වුනානම් මෙතන විරිඳු කියන එකා මට වැඳලා රබාන මගෙ අතට දිලා ඌ ගෙදර යනවා...මට මාරාවේස වුනා...බලද්දි ඉතින් තව ගෝත කරුමයක්...නිසලයා.

"අම්මෝහ් බල්ලෝ...ඉන්න බෑ යකෝ...රිදුනා ඒක.%

"ආ හා...ඒකට කමක් නෑ....උබ ආධාර දීලා පින් අතේ වැඩත් කරනව වගේනෙ...."

"ඔව් ඔව්...මම කෝමත් ඇල්වතුරත් නිවලා බොන එකානෙ මචන්...උබ තනියමද ආවෙ...."

"නෑ බන්...ගමේ කොල්ලො සෙට් එක ම ආවා...උන් එහාපැත්තෙ..."

"හා හරි මචන්...මාව දැක්කොත් මට ගැලවිල්ලක් නෑ...එහෙනම් මම ශේප් එකේ කැපුනා..."

"හරි මචන්...ඒක නෙවේ...මේ කව්ද.."

"ම්ම්ම්....මේ මගෙ යාලුවෙක් මචන්."

"හ්ම්...හ්ම්ම්..හාරි හාරි..."

ඌ තමා ඕලෙවල් කාලෙ මගෙ බෙස්ට් ෆ්‍රෙඩා...ගෙවල් තිබ්බෙ ටිකක් ළඟ...ඕලෙවල් කාලෙම ගෙවුනෙ උන්ගෙ ගෙදර...ඌ මට මගෙ සහෝදරයා වගේ තමයි...හැබැයි කාලයක් යද්දි ඒ සහෝදරකම් ඉතුරුවුනේ මගෙ හිතේ විතරයි...ඉතින් තනි අතින් අත්පොඩි ගහන්න බෑ කියන්න වගේ සහෝදරකම මේ ව්එද්දි සාමාන්‍ය යාලුකමක් දක්වා පල්ලම් බැහැලා තිබුනා.

හැබැයි මම ඌට ගරුකරන තැනක් තියෙනවා...මම බයිසෙක්සුවල් කියලා මගෙ යාලුවො හතරදෙනාටම මම පැහැදිලිව කිව්වා...උන්ට ඒකාලෙ ඒ තරම් තේරුමක් නැති නිසා වෙන්න ඇති...උන් ඒකට එහෙම ලොකු රිඇක්ට් එකක් දැක්වුවෙ නැහැ...ඒත් න්නිසලට මම ඕලෙවල් කරන අවුරුද්දෙදි මගෙ ෆස්ට් ගේ රිලේශන්ශිප් එක අහුවුනා...ඌ මාව මාරම විදිහට තේරුම් ගත්තා..මන් එක්ක හිටියා තනිනොකර...මට ඒවා මතකයි.

ඌ මටත් අතවනාගෙන ගිය...හැබැයි ඌ මට අන්තිමට දාපු බැල්මනම් මට ඒතරම් ඇල්ලුවෙ නැහැ...

ඉතින් අපි දෙන්නා ආධාර දීලා තොරන තියන තැනට ගියා...ඒ ගමන්ම අපිට ඇහුනා මගෙ ආච්චිට පින් දෙන ගමන් විරිඳුවක් වැයෙනව.

"අද තොරනේ හැඩ බලන්න මාතර සිට ඇවිත් මෙතන

මිත්තනියගෙ ගුන සිහිවී පිදුවයි ආධාර අපට

ආච්චි නම් ප්‍රිය ගුන ඇති ප්‍රියසීලී මෑනියන්ට

පින් පතනවා මුනුබුරු අම මහා නිවන් සැප ලබන්ට..."

මගෙ මූනෙ හීන් හිනා රැල්ලක් ඇඳුනා...මම දැක්කා අපේ අම්මත් යාන්තමට හිනාවේගෙන අහගෙන ඉන්නවා...මගෙ ආච්චියේ...උබ හොඳම තැනකට යන්න ඕනැයි කියලා මම පතන්නෙ නෑ...මම දනන්වා නිවනට උබට හරස් වෙන එකම දේ අපිට තියෙන ආදරේ...මම ප්‍රාර්ථනා කරනවා ඒ ආදරෙත් අමතක වෙලා මගේ ආච්චිට නිර්වානයම අත්වෙන්න කියලා...

හැබැයි එක විනාඩියෙන් මගෙ පහන් සිතුවිලි සේරම කැලේ...ඒකට හේතුව යකඩ කටෙන් ඊzලඟට ඇහුනු කවි පද දෙකතුන.

"යාලුවෝ සැවොම එක්වීලා අද මෙතැන.

පතනෙමි යහලුවට සෙත්සුව සිතින් ඉත.

දරු සම්පතක් ලබනට කිරි සුවඳ ඉස

පතනව ශෙරෝන් කුමරුට යහලුවන් සැම.

අද මේ තොරන දල්වන්නට ආධාර

පුදනවා යහලුවන් සැම වීලා බාර

ශෙරෝන් ඔබට දරු සුරතල් විඳින්නට

පෙන පින් පෑදේවා මේ පින් බලෙන් අද."

"මාතර සිට පැමිනි යාලුවන් විසින් මේ තොරනට ආධාර කර ප්‍රාර්ථනා කර සිටින්නේ ශෙරෝන් හේසර තම මිත්‍රයාගේ වඳ භාවය දුරුවී දරු සුරතල් ලබන්නට වාසනා වේවා කියා..." 📢📢📢📢

"බබාහ්...යකෝහ්...මුන්ව කොටියම කන්න එපාය....'

"අනේහ්...මරු හැබැයි...දරු සුරතල් බලන්න ඔයා ඔච්චරම ආසද සුදු මහත්තයා..."

"ඔව් මම ආසයි...අද රෑම හදමු ඕනනම් ...එකට දුසිමක්...."

"අනේ මේ...ඒකනෙවේ අර හම්බුනු යාලුවා තමා ඕක කරන්න ඇත්තෙ...."

"ඔව් ඔව් ඕකා තමා...හෙනම ගහලා අකුලෝලම පල ඔය හුත්තො ටිකට...අපේ අම්මත් ඉන්නව අප්පා...ලැජ්ජයිනෙ...."

"ඔයා විතරද අනේ ශෙරෝන් කෙනෙකුට ඉන්නෙ...ඔයාට නෙවෙයි ගානට ඉන්න 😁"

"ම්ම්ම්ම්ම්ම්....ඒ වුනාට හේසර කියලත් කිව්වනෙ අප්පා...හරි ඒක නෙවේ... මොනාහරි අරන් ඕනිද මගෙ පැටියට...."

"ඔය ඇත්තමද ඒයි...ඔයා මච මොනාරි අලන් දෙන්නද යන්නෙ...."

"අනේ මේ බබා හුකුන් නෙවෙයි...කියන්නකො...අපි යන්නත් එපැයි දන්සල් වඳින්න...."

"ම්ම්ම්ම්...එහෙමනම් මට පක............................"

"ආ ඒක මෙතන දෙන්න බෑනෙ බබා...ගෙදර ගියාම දෙන්නම්කො...ඔයාට ඕනිනම් ඒක කටේ තියාගෙනම ඉන්න...එහෙමත් නැත්නම් ඇතුලෙ දාගෙනම නිදාගන්න..හිකිස්...."

"අනේ යකෝහ්හ්.....උබ මගෙන් කනවා සුදු මහත්තයා...පෝය දවසෙ වෙසක් බලන්න ඇවිත් කියන කතා...මම කියන්න ගියෙ පකඩ අරන් දෙන්න කියලා...."

"ආ වරෙන් වරෙන් පක.....ඩ අරන් දෙන්නම්.."

මූට පකඩත් අරන් දීලා ආයෙම ඇදගෙන ආවා...හැබැයි මූටත් නිකන් ඉන්න බෑ...ආව වෙලේ ඉඳන් අපේ නංගිටයි මල්ලිටයි පේන්න මූ රස කර කර කනවා...අපේ නංගිත් දැන් නෙතූව හොඳට ආශ්‍රය කරන නිසා මුල් දවසෙ වගේ ලැජ්ජාශීලි රංගන නෑ...අපි එක්ක වගේම පැටලෙනවා...ඒකි යකින්නක් තනිකර...ඒ වුනාට මම මගෙ නංගිට හරි ආදරෙයි...මොකද මගෙ ජීවිතේ ගොඩාක් වෙලාවට මට නංගිත් , නංගිට මාත් උන්නා...අපි දෙන්නා හැමදාම දුක සතුට බෙදාගත්තා...මල්ලිටත් ආදරෙයි...ඒත් මල්ලි ගොඩක් බාල නිසා නංගි තරම් මන් එක්ක සමීප ආශ්‍රයක් මේ තාක් නෑ

"ඒ නංගී...ඒ..මේ......ම්ම්ම්...රසායි..."

"මොකෝ...අයියේ අනේ කෝ මට....මේ නෙතූ අයියා මට පෙන්න පෙන්න කනවනෙ...."

"අනේ මේ නංගි...උබ අපි නොදී හිටියොත් ඔහොම නාහෙන් අඬ අඬ ඉන්නෙ නෑනෙ...උදුරන් කාපන්...."

"එන්නෙ නෑ ළඟට...මේ පඩක....ආ සොරි වැරදුනා...පකඩ ටික මගේ...පෝඩා පෝ පෝ...."

"අනේ අයියේ නෙතූ අයියා දෙන්නෙ නෑනෙ..."

"ආ ආ මෙහෙ වරෙන්...මම විහිලුවක් කලේ..ආ නංගි කනවා....තමුසෙගෙත් බොරුවනෙ..හිඳටම දනන්වනෙ උබලට නොදී මන් කන්නෙ නෑ කියලා...."

"අයියේ....නෙතූ අයියා දුන්නා එයාගෙ එකෙන්...දැන් ඔයාගෙ බඩෛරිඟු එකත් හතරට කඩලා දෙන්න අපිටත්...."

"නෑ නෑ දෙන්නෙ නෑ..."

"නංගි අල්ලගනින් මේකව...දෙන්නෙ නැත්නම් බලෙන් ගමු..."

මුන් දෙන්නා එක පොරේ මාව පෙරලගෙන බඩ ඉරිඟු කරල උදුරගන්න...අනිත් අය තාම තොරාන ලැඟ නිසා හොඳයි...නැත්නම් උනුත් එනවා ඉල්ලගෙන...දෙන්නෙ නෑ කිව්වොත් නෑමයි...හිටපන්කො...

"ඊයා....ඊයා...අයියේ..."

"ජරා වැඩ කරන්න එපා ශෙරෝන්...ඊයා."

"බඩම පල...බඩම පල..."

"හිටපන්කො මම සජිත්ගෙ අලි මන්තරේ ජපකරනව තොට බඩ යන්න...අලන්තර කයිෆපාල රබ්බුක බිය සහ බිල්ෆි...ඒස්වාහ්හ්....පුහ්.."

මම ඉතින් පොඩි දෙයයි කලේ...බඩෛරිඟු කරල උඩ ඉඳන් කෙලගානවා වගේ දිව යාන්තමට ඇදගෙන ආවා...අරුන් දෙන්නා මැරෙන්න හැදුවා මට බඩ පලයන් කියලා.

ඉතින් ඔය වගේ දාහක් විකාර එක්ක අපි ඊළඟට ආවේ නූපෙ හන්දියට...නූපේ හන්දියේ පීපල්ස් බැන්ක් එක ලඟ කොත්තු දන්සල මේ පාරත්.

"අපෝ ඕකටනම් යන්න බෑ අප්පා...".

"ඇයි අනේ...ජොලිනේ..."

"බලනවකො පෝලිමේ දිග....රාහුල හන්දිය කිට්ටුව්ටා යනකල්ම පෝලිම."

"ඒම තමා වෙසක් එකට ...පෝලිමක ඉඳලා කද්දි ශෝක්...මමනම් ආසයි ඒ ෆීලින්ග් එකට....'

"ඒ වුනාට මෙතනින් එපා...කොත්තුනෙ.."

"ආ එහෙමනම් යමු...ඔව් කොත්තුනම් ශුවර් නෑ තමා.."

"ඩ්‍රයිවර් අන්කල්...ඩ්‍රයිවර් අන්කල්..."

මම උන්නෙ බට්ටගෙ පිටිපස්සෙ නිසා තහඩුවට තට්ටු කරන්න ඕන ඩ්‍රයිවට කතාකරන්න.

"කියන්න ලමයෝ...."

"මෙතන නවත්තන්න එපා...ඔහොමම කාලිදාස පාරට දාලා යමු සිපෙල් රෝ එක ළඟට...එතන තියෙනවා දුම්තෙල් බත් බන්සලක්..."

"ආ අර අවුරුදු ගානක ඉඳන් දෙන දන්සලනෙ...මම එක්ක යන්නම්...පුතා දැන් කියන්නකො එතනින් පස්සෙ කොහෙද යන්නෙ කියලා."

"මෙහෙමයි අන්කල්...දුම්තෙල් බත් දන්සලේනම් කන්න අපිට පැයක් විතර පෝලිමේ ඉන්න වේවි...එතනින් පස්සෙ කෙලින්ම යන්නෙ තුඩාව තොරන බලන්න...ආයෙම තුඩාවෙන් හරවගෙන කිතුලෙවෙල පන්සලේ තොරන බලලා...දෙවිනුවරට යමු...එතන බත් දන්සලක් තියෙනවා...ඒකෙනම් පොලිමේ උන්නොත් ගොඩක්‍ රෑ වෙන නිසා අපෙ තාත්තගෙ යාලුවෙක් මාර්ගෙන් අපිට ඇතුලට ගිහින් කන්න පුලුවන්...ඊළඟට අපි ආයෙම එනවා ගෙදර...පොඩි අයට අමාරුයිනෙ අන්කල්...පුන්චිම අය දැනටම නිදි...ඒකයි...."

"හරි පුතා.."

ඉතින් බට්ටා දැන් ආසිරි හෝල්ට් එක පහුකරගෙන ඇවිත් කාලිදාස පාරට දැම්මා...මේ පාරනම් ටිකක් පාලුයි වගේනිසා වේගෙන් යන්න පුලුවන්..ඉක්මනින් අපි මාතර සෙන්ට්‍රල් එක ළඟ සිපෙල්‍රෝ එක ළඟට ආවා.

"නෙතූ...පෝලිම ගොඩාක් නෑ...ඉම්මනට යන්න පෝලිමට.."

"සුදූ...නංගියි මල්ලියි බලාගන්න හොඳේ...කල්පනාවෙන්...තනූජා...ඔය දරුවව අල්ලගන්න...හැමෝම එකට ඉන්න...මගෑරෙන්න දෙන්න එපා...."

අපේ අම්මා ඉතින් නඩේ ගුරා වගේ පොඩි අයව ලොකු අයගෙ අත්වල එල්ලුවා...මොකද සෙනග හරියට....ඉතින් මම පොඩි අයව , නංගිව , අම්මලාව සේරම ඉස්සරකරලා මම එයාලගෙ පිටිපස්සෙන් හිටගත්තා....මගෙ පිටිපස්සෙන් මට සමාන්තරව වගේ තව පොඩි කොල්ලො සෙට් එකක්...උන් නිකන් සුදුයකඩ කඩයක් කඩලා වගේ...ගෙවල් වල ඉන්න බල්ලොන්ගෙ දන්වැල්ද මන්දා...සුදුයකඩ විමානයයි...කොන්ඩ දම්පාටයි රතුපාටයි...මුන් අහවල් එකත් විදගෙන ද මන්දා...ඒ තරමට උන් එහෙමෙහෙ විදගෙන...කිරි සමන්ගෙ පොඩි වර්ශන්ස් ටිකක් වගේ...හැබයි උන්ගෙන් මට වරදකුත් නෑ...මගෙන් උන්ට වරදකුත් නෑ...ඒ නිසා මම මගෙ පාඩුවේ උන්නා.

හැබයි ටික වෙලාවයි...ඔය අස්සෙ හිටපු කාඩ පාට වේස පම්කෙක් එන පොට මට ඇල්ලුවෙ නෑ...උන් ආවෙ අපි ආවට පස්සෙ...අපේ නංගි ඉන්නේ මට ටිකක් ඉස්සරහින්...උන් උන් කෙල්ලෙක් ගැන කතා කරනවා..උන් මගෙ නංගි ගැන කතාකරන්නේ කියලා දැනුනු මොහොතේ ඉඳන් මගෙ ඇඟේ ලේ රත්වේගෙන ආවා...ඉවසුවා හැබැය්...මොකද සමහර තැන් තියෙනවා ඒවා ප්ලේ කරන්න ඕන මොලෙන් මිස අතින් පයින් නෙවෙයි...ගොඩාක් උන් හිතන් ඉන්නවා කොල්ලො වුනාම වලිවකට යන්න ඕන...ගහමරාගන්න ඕන කියලා...නෑ එහෙම නෑ...මොකද අතින් පයින් ගහගැනීමෙන් පොලීසි ගානෙ යන්න වෙලා , අතපය තුවාල වෙලා චොර වෙලාම යනවා...ඒත් මොලෙන් ගැහුවොත් අපේ ඇඟ බේරගනම පනිශ්මන්ට් එක දෙන්න පුලුවන්.

මම ඉතින් පොඩ්ඩක් කිට්ටු වුනා උන් සෙට් එකට....සෙට් වෙලා මම ම උන් එක්ක කතාවට එන්ටර් වුනා.

"මරු කෑල්ල නේ මචන්ලා...."

"ඔව් බන්...බලහන්කො ලස්සන ඒකිගෙ....

"ඔව් ඔව්...උබත් හැන්ඩියනේ ...ටෝක් කරපන් ටෝක් කරපන්..බැරිවෙන එකක් නෑ....."

නොදකින්...මට මූට හැන්ඩියා කියන්නත් වුනානෙ...හැන්ඩියා නෙවෙයි මූ නොන්ඩියා...මූ ඇඳන් ඉන්නෙ දනිස ලඟ කොහු වෙලා වගේ නූල් ඇදලා මල විකාරයක් කරපු ඩෙනිම් ශෝටකුයි ශෝටෙනුත් 90% ක් වැහිලා යන්න තරම් ලොකු දිග ටීශර්ට් එකකුයි...ටීශර්ට් එකේ ගංජා කොලයක් තියෙන්නෙ...කනේ සුදුයකඩ විමානයයි...ඌ ඇවිදින ගානට උගේ කරේ එල්ලෙන බලු දන්වැල් එකට වැදෙනවා....මූනෙ කුරුලෑ විමානයයි...දත් මැදලා නැත්ද මන්දා කට මිනීකුනු ගඳයි.

"ඒකනේ...මචන්ලා...මේ අයියත් කියන්නෙ මට සෙට් වේවි කියලා...මම නම්බරේ දෙන්නම්ද...."

"බලාගෙන කොල්ලො හැබැයි...ඔතන ඒකිගෙ අයියා හරි තාත්තා හරි හිටියොත් උබේ ඇට ගලවයි...."

"පේන්න නම් කවුරුත් නෑ වගේ...මම නම්බරේ දෙන්නම් නේ..."

"දීපන් දීපන්.."

"හරි අයියේ...ඕම ඉන්න..මම නම්බරේ ලියල ගන්නම්.."

මූ මුගෙ යාලුවෙකුගෙන් සව් කොල කෑල්ලක් ඉල්ලගත්තා...මුන් ඔතන උන්ද කොහෙද...වේසිගෙ පුත්තු...පොඩි කාලෙ ඉඳන් මුන්ගෙ හිතේ මුන් හෙනම පොරවල් කියලා...අම්මා තාත්ත ඉගෙනගන්න දෙන සල්ලි වලින් සිගා ගගහා , බියර් ගගහා , මල් උර උර , තූල් තිය තිය ඉඳලා අන්තිමට ත්‍රීවීලර් පාර්ක් එකකින් හරි නැත්නම් නගරසභාවෙන් හරි නතරවෙනවා...බහුතරය නතරවෙනෙ මහ උලුගෙදර

මේ පෙරේතයා නම්බරේ ලියනකල් මම මගෙ නෙතූට මැසෙජ් එකක් දැම්මේ නංගිට මන් ළඟට ඇවිත් අයියේ කියලා කතා කරන්න කියන්න කියලයි.

"මොකටද ඒ."

"තවුසෙට ඒකෙන් වැඩක් නෑනෙ බබා...එන්න කියනවකො අපෙ එකීට...."

"හා හා..."

විනාඩියක් ගියෙ නෑ...නංගි පිටිපස්ස හැරිලා බැලුවා....අර ගල් මූසලයගෙ හිතේ ඌ දිහා බලනවා කියලා....ඇටනැති වට්ටක්කා පෙදරේරුවා...නොදකින් නොදෝමකින්

"අඩෝ බලනවා බන් බලනවා....ඒකි කැමතියි බන්...."

"ඔව් ඔව්...ටෝක් කරපන් කොල්ලො...උබට නිධානයක් ඇදෙන්න යන්නෙ..."

පව් අප්පා මූ...උපන්ගෙයිම පාදඩ මූසලයෙක් මූනම් 🤣 කෙල්ල එනවා...මේකි දන්නවා මම මේ මොනාහරි දේකට තමා එන්න කිව්වෙ කියලා...ඒකිගෙ මූනෙ තියෙන නෝන්ඩි හිනාව දැක්කම මට මතක් වුනේ කෝමලිකාව.... ආතල් මියුසික් එකකුත් ප්ලේ වෙන්න ගත්තා හිත ඇතුලේ.....නිකා...

"අයියේහ්හ්හ්..."

හරි හරි...හරියටම ආවා...කෙල්ල අයියේ කියාගෙන දුවගෙන ඇවිත් මගෙ අතේ එල්ලුනා...මේකිත් හොඳ බෝම්බෙ...මේකි දන්නවා මම මෙහෙම එන්න කිව්වෙ මොනාහරි දෙයක් නිසා කියලා...ඒනිසා මේකි බයක් සැකක් නැතුව මගෙ අතේ එල්ලුනා...

මම හෙන කුජීත හිනාවක් එක්ක හැරුනෙ අර නරි රැළ දිහාට.

කටවල් ඇරිලා...ඇස් ලොකුවෙලා...බිරාන්ත වෙලා.....

"ම්ම්...මේ....බ්..බන්...යමන් මේ පෝළිම අද ඉවර වෙ

.වෙන එකක් න්..නෙවෙ බන්..."

"ඔව් ඔව්...ය්...යමන්...අඩ්...ඩෝ...දුම්තෙල් බත්..නම් ඕනිත් නෑ ව

..වගේ..."

සෙට් එකම ගානට මාරුවෙලා ගියා...මෙහෙම පොඩි පොඩි ට්‍රික්ස් යූස් කරන එකෙන් කාටවත් හානියකුත් නෑ , පට්ටම ආතල් එකකුත් ගන්න පුලුවන්...මම මෙතන මුන්ගෙ කොලර් එකෙන් අල්ලලා කනට දෙකක් දුන්නානම් දන්සල අස්සෙ කලබලයක්...පොලීසියෙනුත් කුදලන් යනවා...අපේ වෙසක් බැලිල්ලත් හබක්...ඒකට තමා කියන්නෙ මනස කියන්නෙම අතට පයට වඩා සුපිරිම ආයුධයක් කියලා.

කොහොමහරි දුම්තෙල් බතුත් කෑවා...දැන්නම් බඩ උස්සගන්නත් බෑ...

"අනේ ශුඩු මාත්තයා...මටනම් තව බෑ අප්පා...නිදිමතයි..."

"ආ නිදිමත යන්න කිරිකෝපි එකක් අරන් දෙන්නද ඉස්සරහ දන්සලින්..".

"ම්හුක්...එපා අනේ...අයිස්කිරිං වගේ තිබ්බොත් ගම්මු...හාද...."

"පිස්සුද..දැන් අද දවසටම කීයක්නම් කෑවද...ආ ...."

මේකාට දැන් සීත සන්නිය හැදෙනවා...ඇයි යකෝ උදේ ඉඳන් කීයක්නම් අයිස්ක්‍රීම් කෑවද...මූ විතරක් නෙවෙයි අපේ නංගි , මල්ලි , තනූජා ඇන්ටිගෙ දෙන්නා අනිත් පොඩි උන් සේරම...මුන්ව දක්කන්න වෙයි වගේ හෙට බෙහෙත් අරන් දෙන්න...අපේ මල්ලිනම් දැනටම කහිනවා.

ඉතින් කෝමහරි අපි ආයෙම දෙවිනුවරට එද්දි දුම්තෙල් බත් කාපු උන්ට ආයෙම බඩගිනි ඇවිත් තිබුනෙ ගමනේ මහන්සියටම වෙන්න ඇති...පොඩි උන්නම් බාගෙට නිදි...කෝමහරි හැකි විදිහට කාලා ආයෙම බට්ටට ආවේ ගෙදර යන්න බලන්...බඩවල් ඉදිමිලා වගේ...රොටි , පාන් , බත් , දුම්තෙක් බත් , කඩල , කොස් වගේ කෑම වර්ග ගනනාවක් ආමාශේට ගුලිවෙලා හිටියා...හරියට කොටුව ස්ටේශන් එක වගේ...එක එක වර්ගෙ එක එක විදිහෙ දේවල් එකම තැනක.

"ආ කවුරුත් පරීස්ස්මට බැහැගන්න...තනූජා පොඩි කෙල්ලව වඩාගන්න...හිඳටම නින්ද ගිහින්..."

"හරි අක්කේ...සාංචී...නංගී අපේ කෙල්ලගෙ සෙරෙප්පු දෙක තියද බලන්නකො..."

"ආ ඔව් අක්කෙ..මෙන්න..."

"හරි එහෙනම් අපිත් එහෙනම් දැන් යනවා...ඩ්‍රයිවර් මල්ලි...තේකක් බීලා යමු නේ..."

"එපා අක්කෙ...මම දැන් යන්න ඕන...එහෙනම් මම ගිහින් එන්නම්.."

"ආ...එහෙනම් බුදුසරණයි...."

අපි හැමෝම ගෙදරටම ඇරලවපු ඩ්‍රයිවර් මාමා ආයෙම යන්න ගියා...අම්මා , නංගි , මල්ලි සේරමල්ලා නිදි...තාත්තනම් අපි එද්දිත් ගොරෝ ගොරෝ නිදි...දැන් වෙලාව මහ රෑ 12.35 යි.

.........................................................................................................................

"ම්ම්ම්හ්හ්හ්....අනේහ්හ්හ්හ්හ්..."

"කෑගහන්න එපා ...අම්මලාට ඇහෙයි..."

"ඉතින් අද වෙසක් දවසෙවත් ඕක ........ම්ම්ම්හ්....නො....කර....ඉ නවකො..."

"ඉතින් මැනික මම මේවා කරන්නෙ මගෙ කොල්ලා එක්කනෙ...මට පව් නෑ...බුදුන්ගේ ධර්මය ඇතුලෙ අඹුසැමි කම්සැප විඳීමට කිසිම භාදාවක් නෑ....."

"ඉතින් අපි තාම බැඳලා නෑනෙ....අන්නෙහ්හ්හ්......ඉන්න බෑනේ..හ්හ්හ්...."

"හිතින් බැඳුනම මදිද...කොලේක අත්සන් කරන්නම ඕනද...ආ..."

අපි දෙන්නා උන්නෙ මගේ ඇඳේ...මල්ලියි නංගියි වැටුනු ගමන් නිදි...අම්මත් ඉක්මනින් වොශ් දාලා නිදාගන්න ගියා...අපි දෙන්නත් වොශ් දාගෙන ආවෙ ඇඳට...සඳ මෝදු වෙන නිසාද මන්දා මගෙ මෝල කරවෙලා තිබුනා...හිකිස්.

ඒකයි මගෙ දිව එයාගෙ තද රෝසපාටට හුරු දුඹුරු පාට නිපල් එක උඩ තදින් ඇතිල්ලුනේ...එයා කියනවා තාම බැඳලා නෑලු...බඳින්න කඩදාසියක අත්සන් කරන්නම ඕනද...හිතින් බැඳුනම මදිද...දැනුනු හීන් කේන්තියටමයි මම ඒ නිපල් එකක් යන්තම් දත්වලින් ඇල්ලුවෙ..

"ආහ්හ්හ්....ම්ම්ම්...ම්හුක්...සිදුනාහ්හ්හ්..."

"සිදෙන්න තමා කලේ....කෝ කියන්න දැන් මට..."

"මොකක්ද...ම්ම්ම්හ්.."

"ඔයාට මගෙන් බබෙක් ඕනිජ...ආ බබා..."

"මට ගර්භාශෙ නෑනේ....ආ...ම්ම්ම්හ්හ්...ඕනි...ඕනි...අනේ..."

"අන්න එහෙම..."

"ම්ම්හුක්."

"කියන්න එහෙනම් හිටින්න ගහන්න ඩැඩී කියලා.."

"හිට්...ටින්න ...ම්ම්ම්....ගහ්..හන්න...da..ddy.....mmmhhh"

"oohhhhhhh....fuck fuck fuck....උබනම් පිස්සුවක් බබා...අද නම් මගෙ කොල්ලව බඩ වෙන්නම ගහනවා...."

"ආම්ම්හ්හ්හ්ජ්ජ්ජ්....අන්නේහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්...හෙමීන්න්න්න්න්"

......................................................................................................................

මතු සම්බන්ධයි ♥

ඊළඟ ස්වරයෙන් හමුවෙමු....ලමයි මීට ටිකක් වෙනස් ගුප්ත පැත්තට බර කතාවක් ලියන්න හිතිලා ඉන්නේ මේ අතරතුරම...ඒකත් කියවන්න ආසනම් මාව ෆලෝ කරගෙන යන්ඩෝ....එතකොට ඔයාලට ඒක දැම්මම කියවන්න පුලුවන්.

මම ශෙරෝන් ♥

Share This Chapter