Back
/ 38
Chapter 25

විසිපස්වන ස්වරය ♥

තත් 🔞

"අම්මෝහ් සුදූ....මට බෑ බන්...හිනාවෙලා බඩත් රිදෙනවා...හා හා.."

"ටෞකන්ඩ...මොන හුත්..."

"අඩෝ සුදු මල්ලි...මම් බන්...කුනුහර්ප කියන්නෙපා බන්...අක්කේ මෙන්න සුදු මහත්තයා කුනුහර්ප කියනවා....මම බන් මම මේ....මම සාංචි අක්කා..."

"මොකක්ද බන් අක්කෙ කරන්නෙ...පිස්සුද..".

මටනම් සිරාවටම මලපැන්නා...මල හොඳේ මළ නෙවේ...ඒවා පැන්නානම් ගඳ ගහනවනෙ...මේකිට දෙන්න ඇත්නම් දෙකක්...වෙන වෙලාවකනම් සොහොන් යකාටත් hifi එකක් දාගෙන යනවා...මේ ෆිල්ම් එකේ ගිලිලා උන්නු නිසා මට උතුර දකුන මාරුවුනා.

කොහොම වුනත් සාංචි අක්කාත් අපි එක්ක ෆිලුම බලන්න සෙට් වුනා ටිකක්...ෆිලුම ඉවරවෙද්දි නංගියි මල්ලියි නිදි...උන් දෙන්නට කොහොමත් ජබර කලන්තේනේ....අපි දෙන්නා බාගෙට නිදි...නිදි කියලා හිතුවට නිදිම නෙවෙයි...හිකිස්...ර්

............................................................................................................................

රෑ එකට වගේ නිදාගෙන ආයෙම උදේ පාන්දර හතරට අවදිවෙනව කියන්නෙ සැප තමා...මායි බබයි වැනිවැනි රෙඩි වෙන්න ගිහින් දෙන්නට දෙන්නා හැප්පුනා කීපසැරයක්ම...

එයාව අවදිකරන්න ගිහින් පයින් පාරකුත් කාපු මම උන්නේ සංසාරේ භවේ දුකා කියලා හිත හිත...

මේ සසර දනව්වේ අපි අසරන වෙලා වගේ හිතට දැනෙනවා

බුදු හාමුදුරුවනේ.....

කෝමවුනත් මම එයාවත් රෙඩි කරන් සරම පිටින්ම ඇවිත් එයාව ස්ටේශන් එකට ඇරලුවේ සාගරිකා අල්ලගන්න ඕන නිසා...ඒක මාතරින් උදේ පහ....මල පහ කරන්න ගිහින් හරි පහ පහුවුනොත් සාගරිකා තියා සාගරිකාගේ රනිල කුලයේ ශාකයක දිගම දිග කරලක ඇතුලෙ හැදෙන බීජයවත් අල්ලගන්න බැරිවෙනවා...තේරුන අය සද්ද නොකර යමු...කුනුහබ්බ කිව්වම කට ගඳ ගහනවා...ඈ.

ඉතින් මගෙ පැටියා මගෙන් ඈතට අරගෙන යන සාගරිකාගෙ නැට්ට නොපෙනී යනකල්ම බලාඋන්නු මම ගෙදර ඇවිත් දෙයියනේ කියලා ආයෙම නිදාගත්තා...කියලා වැඩක් නෑ.

..........................................................................................................................

"අම්මා මම යන්න ඕන අනේ...පරක්කුයි.."

"ඉන්නව ලමයෝ...පරිප්පු එක විතරයි තාම...කරවල ටික තෙල් දානකල්වත් ඉන්නකො."

"හරි අනේ ඉක්මන් කරන්න...ට්‍රේන් එක මිස් වුනොත් ඔයා තමා...කරවල ඕන නෑ...හතුයි පරිප්ප්‍යි ඇති."

"මේ ලමයා...තාත්තා එන්න කලින් කෝමහරි එන්න...හෙට රෑ වෙද්දි තාත්තා ගෙදර ..කොහොමහරි ඊටකලින් එන්න හොඳද...නැත්නම් මම ඉවරයි....."

"හරි හරී...මම එන්නම්කෝ...."

"ඒවයින් වැඩක් නෑ...පොරොන්දුව මතකනෙ...සිල්වර් පේන්ට් එක තියන කුඩයක් ඕන මට...කොහෙවත් නෑ...මම හැමතැනම හෙව්වා...මොන පාට වුනත් කමක් නෑ...ඇතුල් පැත්තෙන් සිල්වර් පේන්ට් එක ඕන...ඒක තියෙද්දි රස්නෙ වදින්නෙ නෑනෙ...මට කොහෙන් හරි ගෙනත් ඕන කුඩයක්......"

"හරි හරි අනේ...කොටුවෙම ඇවිදලා හරි හොයන් එන්නම්...මම එහෙනම් යනවා අම්මා...6.12 ට ට්‍රේන් එක..."

"ම්ම්ම්...හරි බුදුසරනයි...පරිස්සමින් ගිහින් පරිස්සමින් එන්න...."

"හරි අම්මා...ඔයාලත් පරිස්සමින්...."

ඔයාලා බලනවා ඇති නේද මේ බේසිකයා කොයිලෝකෙ මකබෑවෙන්න හදනවද කියල.

මා ඉතින් යන්න යනවා...ඉම්හි ඉම්හි.

මට යන්න අවසරයී...ඉහි ඉහි ඉහි.

මට අරන් යන්න ඇත්තේ..ම්හුක්

ඒ මතකය විතරයි ....උවෑහ්හ්හ්..

පිස්සුද හුත්තෝ...පිස්සු හැදෙයි හඳ බොඳවෙයි බල්ලො හුම්කයි...තෝ බඩවෙයි...තාත්තා මම නෙවෙයි...එන්නෙපා බඩවල් උස්සන්...ඕනමනම් ත්‍රීපෝශ දෙන දවසට විතරක් තාත්තගෙ භූමිකාව රඟදක්වන්නම්..

මම යන්නෙ නෑ යකෝහ්...දුම්මල ගහලවත් මාවනම් එලවන්න හම්බෙන්නෙ නෑ...

මම යන්නෙ කොලඹ රටේ...අද 2022 කේ ජුනි 10...එයාට වැකේශන් එකක් හම්බුන නිසා අපි දෙන්නා දන්නනූල් සූත්තර සේරම එකට කැටි කරලා කිරිකැටියෙක් හැදුවා................කියලද හිතුවෙ...අනේ නෑ...අපි දෙන්නා ගැහුවා ප්ලෑනක් මුලු කොලඹම ඇවිදින්න 😁😁😁

අනේ ඉතින් අපේ අම්මා බෙදලා දුන්න බත් එකත් උස්සගෙන මම පුම්කට රොකට් එකක් හයිකරගත්තට වඩා වේගෙන් ස්ටේශන් එක බලා පා එසෙව්වා...

යන්තමට දැනෙන සීතල අස්සෙම ස්ටේශන් එකට සට පට පුට පුට කියලා ආව මම පටගාලා පෝලිමේ මුලින්ම උන්නු කොල්ලෙක්‍ට සල්ලි දුන්නේ වෙන කරන්නම දෙයක් නැතිනිසා...මොකද මම කවදාවත් එහෙම දේවල් කරන්නෙ නෑ හදීඉම අවස්ථාවකදි ඇරෙන්න...හැබැයි එතකොටම වගේ..

"මරදාන සහ කොළඹ කොටුව බලා පමණක් ගමන් ගන්නා මගීන්හට පලමුවන පන්තියේ විශේශ කවුලුවෙන් තුන්වන පන්ති ප්‍රවේශ පත්‍ර ලබාගත හැකිය..." 📢📢📢📢📢📢

ඉතින් මම අර කොල්ලට සොරි කියලා ඉක්මනින්ම සල්ලි ඉල්ලගෙන පලවෙනි කවුන්ටර් එකෙන් ටිකට් එකක් අරගෙන පැන්නා ප්ලැට්ෆෝම් එකට.

"බෙලිඅත්ත සිට මරදාන දක්වා දාවනය වන ගාලු කුමාරී ශීඝ්‍රගාමී දුම්‍රිය පළමුවන වේදිකාවට ළඟා වනවා ඇත...මෙම දුම්‍රිය ගාල්ල දක්වා ඇති සෑම දුම්‍රිය ස්ථානයකම නවත්වනවා ඇත...ගාල්ල සිට නවත්වන්නේ බූස්ස , හික්කෞඩුව , අම්බලන්ගොඩ , අහුන්ගල්ල , බෙන්තොට , අලුත්ගම , දකුනු කලුතර , පානදුර , මොරටුව , ගල්කිස්ස , කොළඹ කොටුව සහ මරදාන....ස්තූතියි...."📢📢📢📢📢📢📢📢📢

ලාවට බොඳ වුනු මීදුම අතරින් වදින ට්‍රේන් එකේ ලයිට් එලියට හක්මන - මාතර ප්‍රධාන පාර මැද ට්‍රේන් එකට යන්න මග හදන්න නතරවුනු වාහනවල කන්නාඩි ලාවට දිලිසුනා..පිළදුව ස්ටේශන් එකේ ඉඳලා මාතර ස්ටේශන් එකට එන කිලෝමීටර එකකටත් අඩු දුර හෙමි හෙමින් ගෙවාගෙන ගාලු කුමාරි නැලවි නැලවි අපි ඉන්න දිහාවට ලිස්සලා වගේ එනවා...එයාගෙ ලා නිල්පාට ලස්සනට පරිසරය එක්ක මුහුවෙනවා...හැමදේම තප්පරේකට නිසොල්මන් වුනත් ගාලු කුමාරිගෙ ගමන අපේ කකුල් පාමුලින් ඉවර වුනත් හරි මේ තරම් වෙලා නිසොල්මන්ව තිබුන දෙබරෙට ගල් ගැහුවා...සමහර උන් තාමත් යාන්තමට ඉස්සරහට ඇදෙන කුමාරිගෙ බඩ මැදට පැනගද්දි එකා පිට එකා කුමාරිගෙ ඇඟට ගොඩවෙන්න පොරකනවා....ඩර්ටී මයින්ඩ් ඩර්ටී මයින්ඩ්

"බහින්න දීපල්ලාකො බන් අපිට..."

"ටෞක්....තොගෙ බෑග් එක ගනින්කො බන්..."

"ඉඳපල්ලාකෝ අපි බහිනකල්..."

"ඇන්ටි ඔයාගෙ කොන්ඩෙ මගෙ කටේනේ...."

"යකෝහ්....ආහ්...මොකාද හුත්තෝ කකුල පාගන්නෙ..."

"කව්ද යකෝ වල්ල මිරිකන්නේ..."

එතන එකම ගාලගෝට්ටියක්...අනික අද සඳුදා දවසක්නෙ...එකෙක්ගෙ වල්ලත් මිරිකලා ඒ අස්සෙ....ගමේනෙ කොල්ලොනෙ අසහනේනෙ..

ඉතින් දන්න සෙල්ලම් සේරම දාලා කෝමහරි ගල් දෙකක් මැදින් යන ජුන්ඩා වගේ මමත් මහත ඇන්ටිලා දෙන්නෙක්ව දෙපැත්තට කරගෙන ඇතුලට පැනලා ඇවුත් වාඩිවුනා කෝමහරි..කෝමද ලමයි මගෙ උපමා රූ ' පක ' ......අම්මෝහ් හති උට්ටො.

ඉතින් මෙහෙම එකී මෙකී නොකී ආතල් දාහක් මැද මම නිරුපද්‍රිතව ට්‍රේන් ගත වෙලා කොලඹ පුරවරයට පයගැහුවා...මගෙ හැලප කොටා ඉන්නවා කිව්වා ස්ටේශන් එකේ.

"බබා....කොහෙද ඕයි ඉන්නේ..."

"අර කැළනිවැලි එකේ ට්‍රේන්ස් නවත්වන්නෙ...අන්න ඒ පැත්තෙ."

"ඇයි ඒ පැත්තට ගියේ..."

"අපිට කන්න පුලුවන් එතන ඉඳන්...ඒ පැත්තෙ ඒ තරම් ට්‍රේන්ස් නැහැ."

"ආ ඉන්න මම එන්නම්'

මම ඉතින් මගෙ තඩි බෑග් එකත් එක්ක ගල් ඉබ්බෙක් වගේ...ඇහැට පටියක් බැඳගත්තානම් අපි රජ ඉබ්බෝ එකේ රඟපාන්න උස්සගෙන යනවා මාව...ශුවර්...කෝමහරි මම පඩිපෙලවල් වලින් සොල්දරවලින් මාරුවෙවී අවිස්සාවේල්ල , පාදුක්ක , හෝමාගම ට්‍රේන් නවත්තන පැත්තට යද්දි ඒ හරියම පාලු සුසානේ ප්‍රේම පුරානේ වගේ...ඒ අස්සෙ අර කඳුලු විලාපේ වගේ මගෙ ගෝත කරුමේ ඉන්නවා ගවනර් වගේ ඉඳගෙන...මටනම් ලොකු නෑ ඉතින්..මුගෙ පුප විතරයි ලොකු.

"මොකද්ද අනේ...මම කීයෙ ඉඳන්ද බලන් ඉන්නේ...."

"ඉතින් බබා මම පියාඹන්නෙ නෑනෙ ...ට්‍රේන් එක ලේට්..."

"ම්හුක්..."

"හුක් හුක්....අම්බල්න්ගොඩ හරියෙයි බම්බලපිටිය හරියෙදියි ටික වෙලාවක් නවත්තන් උන්නා සිග්නල් නැතිවෙලා...ඒකයි...."

"හරි එන්නකො...මට බඩිගිනි...මගෙ නැන්දම්මා මොනාද හදලා දුන්නෙ...."

"එයාට ගොඩාක් දේවල් හදන්න වුනෙ නෑ...රතු කැකුලු බත් එක්ක පරිප්පුයි හතුයි පපඩමුයි...."

"ඉතින් ඒ ඇතිනෙ...අද අපේ ගෙදර ඉඳන් ආව නිසා අම්මා මටත් පැස්ටා වගයක් ඔතලා දුන්නා...."

ලමයි ඔයාලට කියන්න නෙතූලගෙ අම්මගෙ කෑම පුදුම රසයි...මාතර අපි කන්නෙ ගොඩාක් සැරටනෙ...එයාලා එහෙම නෑ...ඒ වුනාට එයාලගෙ අම්මගෙ කෑම පට්ටයි...එයාලගෙ අම්මාගෙ කෑම එකක සොසේජ් නම් නැතිවෙන්නෙම නෑ...කලින් දවසකත් මගෙ නැන්දම්මගෙ කෑම එකක් කෑවා මම මෙහෙ ආවම...ඒ වම්බටු මෝජුවනම් සුපිරියක්.

ඉතින් අපි දෙන්නා මුලින්ම ගත්තෙ මගෙ බත් එක...ඊළඟට අපි ක්‍රියාන්විතයක් දියත් කලා කපුටො නැති හරියට බෙන්ච් එකක් හොයාගන්න...කොමහරි ඒකත් හොයාගෙන වාඩිවෙලා බත් එක දිගෑරගෙන කන්න ගත්තම තමා හෙනහුරා පාත් වුනේ...මේ තරම් වෙලා පාලු සුසානෙ වගේ තිබ්බ ෆ්ලැට්ෆෝම් එක එකපාරටම සතියෙ දවසක හවස හතට මහරගම ටවුන් එක වගේ වුනේ අවිස්සාවෙල්ල - කොටුව ට්‍රේන් එකක් අපි කකා උන්නු පැල්ට්ෆෝම් එකටම ඇවිත් නතරකල නිසා...ට්‍රේන් එකේ කට කපලා සෙනග.

අපි දෙන්නටම කරන්න දෙයක් හිතාගන්න බැරිවුනා...කෑම සිහියෙන් උන්නු නිසා ට්‍රේන් එක ළඟට එනකල්ම දැක්කෙත් නෑ...මගෙ කටින් හතු කෑල්ලක් එල්ලෙනවා දිවක් වගේ...මේ මිනිස්සු මම ශිවන්‍යගෙයි ශේශාගෙයි පුන්චි අම්මා බැඳපු බාප්පාගෙ අක්කගේ පුතා කියලා හිතයිද දන්නෙ නෑ...

ට්‍රේන් එකෙන් සෙනග බැහැලා එද්දි අපි දෙන්නම ඉතින් කෑම එකයි මූනයි දෙකම වැහෙන විදිහට පොඩ්ඩක් කවර් වුනා...නිකමට හිතන්නකො සෙනග ගොඩක් මැද කෑම එකක් දිගෑරන් කනකොට එන හැඟීම...ලැජ්ජාව බාල්දියෙන් එකයි.

කෝමහරි සෙනග සේරම අඩුවෙන්න ගියෙ විනාඩි කීපයයි...සමහර අක්කිලානම් හිනාවුනා අපිට ..ඒ වුනාට හරිනම් හිනායන්න ඕන අපිට ඒකිව දැක්කම...ඒකිලා තනිකරම සීබ්‍රා පරම්පරාවල...කකුල කලුයි බෙල්ල කලුයි වැලමිටෙන් උඩ කලුයි...වැලමිටෙන් පහල , මූන එහෙම සුදුම සුදුයි...

"මහත්තයා...දවස් දෙකකින් කාලා නෑ කන්න දෙයක් දෙනවද..."

අපි දෙන්නම ගැස්සිලා පිටිපස්ස හැරුනෙ ටිකක් විතර තරුන පාට කොල්ලෙක් හරිම බයාදු විදිහට අපි දිහා බලාඉද්දි...එයා හරිම අපහසුවෙන් වගෙයි ඉන්නෙ.

අපි ටික වෙලාවකට කන්ෆියුස් වෙලා සයිලට් වුනු නිසා ඒ බෝයිම ආයෙම කතාකලා.

"මම කලුතර මහත්තයා.."

"ඉතින් මෙහෙ...මේ කොලඹ.....?"

ඒ පාරනම් මට කතාකරන්න තරම් සිහිය තිබුනා...අපි දෙන්නා වුනු වැඩේනිසා ලැජ්ජාවටම ගොලුවෙලානෙ උන්නෙ.

"මෙහෙ වැඩකට ආවා මහත්තයා...මම බාසුන්නැහේ කෙනෙකුට අත් උදව් දෙන්න ආවෙ...වැඩ ඉවරවුනාම මට සල්ලි දුන්නෙ නෑ මහත්තයා...බාසුන්නැහේ ඉන්න තැනක් මම දන්නෙත් නෑ...ඒ ගෙදරින් ඉල්ලුවම මට බැනලා එලෙව්වා..."

මගෙ කොල්ලා මගෙ මූන බැලුවා...පව් අප්පා...මිනිහෙක්ව මේ තරමටම අසරන කරන්නෙ කොහොමද හිත්පිත් නෑ වගේ...

"ම්ම්ම්...කෑම නම් තියෙනව...අපි කන කෑම එක තමා තියෙන්නෙ...ගැටලුවක් නැත්නම් කන්න..."

"ඒකට කමක් නෑ මහත්තයා...පින් සිද්ධවෙනව."

"අපි දෙන්නා කෑම දෙකම දිගෑරගෙන කන ගමන්නෙ උන්නෙ...පැස්ටා එකනම් ලොකුවට කෑවෙ නෑ...ඒත් මේ මනුස්සයට බත් කටක් දෙන්න ඕන...පව්..."

අපි දෙන්නා ලොකුවට ඉඳුල් කරගෙන කන අය නෙවෙයි නිසා අව්ලක් නෑ...අපි කකා උන්නු බත් එක එහෙමම එයාට දුන්නා..ඒක  කන්න ගත්තා විතරනෙ...අනේ අපේ බෙන්ච් එකේම අයිනකට බත් එක ඇදගෙන කාගෙන කාගෙන යනවා...පැස්ටා ටිකකුයි මාලු කෑල්ලකුයිත් අපි දැම්මා එයාට...පස්සෙ ඉතුරු පැස්ටා චුට්ට අපි ද්‍රන්නා බෙදාගෙන කෑවා...බඩිගිනියි අපිටත්...ඒත් අපිට වඩා ඒ මනුස්සයගෙ බඩිගින්න නිවුනු එකගැන අපි දෙන්නටම සතුටුයි...ඒ බෝයි ගියේ අපි දෙන්නට නොසෑහෙන්න ස්තූති කරලා පින් දීලා...දුන්නොත් තමා ලැබෙන්නෙ...දුන්නොත් දානේ ලැබෙයි නිධානේ කියන්නෙ ඒකනෙ.

"ශුඩු මාත්තයා...වන්ගෝල් ෆේස් යමුනේ...?"

"යන්...කෝමත් මට වොශෲම් යෑමේ තදබල අවශ්‍යාතාවෙකුත් තියෙනෝ...තව උන්නොත් මගෙ පයිය පුපුරනවා....."

"අපෝ...යන් යන් එහෙනම්...ඕක පිපිරුවොත් හදිස්සියකට නට් එකක් බුරුල් කරගන්නවත් එකක් නැතිවෙනවා.."

අපි දෙන්නම ඉතින් ගිනි අව්වෙම ලෝටස් රෝඩ් එක දිගේ හිල්ටන් එක , ජනාධිපති ලේකම් කාර්‍යාලෙ එහෙම පහුකරගෙන ආවේ ගෝල්ෆේස් එක පැත්තට...ගින්දර වගේ අව්ව...

වන්ගෝල්ෆේස් එකේ රූෆ්ටොප් එකට වෙලා අර කොලපාට ගස්වලින් හදපු වැටට මෙපිටින් ඉඳන් මූද දිහා බලන් ඉන්නව දැන්...හරිම ලස්සනයි...අමුතුම ලස්සනක්....මගෙ මල්ලි පැටියා දෙයියනේ කියලා දැන් නිදහසේ හුස්ම ගන්නවා...එයාව මම බරෙන් නිදහස් කරානෙ ආව ගමන්ම...පව් මගෙ සන්කඳ.

"බබා...අපි කොහෙද දැන් යන්නෙ...ම්ම්ම් ?

"මෙහෙම කරමු...අපි දැන් ආයෙ කොටුවට ගිහින් එතනින් බස් එකක් ගමු කොච්චිකඩේ පල්ලිය ළඟට...ආයෙම ඇවිත් ගංගාරාම පන්සල් යමු...ඊළඟට හයහමාරට හතට වගේ අලුත් කඩේ ස්ට්‍රීට් ෆුඩ්ස් යමු...."

"ආ මරු මරු...එහෙනම් ඉතින් මෙතනින් කොටුවට බස් එකක් ගමු බබා...අව්වෙ යන්න බෑ...."

"ඔව් යමුකො එහෙනම්."

අපි දෙන්නා ඉතින් ගෝල්ෆේස් එක ළඟින් බස් එකක් අරගෙන ආයෙම කොටුවට ආවා..මාලිගාවත්තෙන් බස් එක අල්ලගෙන අපි දෙන්නම ආවා කොච්චිකඩේ පල්ලියට.

ඇතුලුවෙන තැන පොළොවෙ වල ගොඩැලි එක්ක මහා ජන සංහාරයක අමිහිරි මතක හදවතට කාන්දු වෙද්දි අපි දෙන්නම ඇවිත් ඉඳගත්තේ ඉස්සරහම බෙන්ච් එකක.

"බබා අර ලේඩි මොකක්ද ඒ කරන්නෙ."

"මොන ලේඩිද."

"අර දනිස් දෙකෙන් ඇවිදින්නෙ ඇයි."

"එයා බාරයක් ඔප්පු කරනවා."

"ඉතින්.."

"එයා බාරවෙන්න ඇති දනිස් දෙකෙන් අල්තාරෙ ළඟට එනව කියලා."

"හුම්.."

"ඔයා දනන්වද මේක මාර අනුහස් තියෙන පල්ලියක්..."

"කව්ද ශාන්ත අන්තෝනි කියන්නෙ...ජේසුගෙ කාලෙ හිටි කෙනෙක්ද."

"නෑ නෑ...එයා මෑත කාලීන කෙනෙක්."

"ම්ම්ම්...."

අල්තාරේ සිවිලිම පාට පාටින් හැඩකරපු ඒ ලස්සන සිත්තම් දිහා බලා උන්නු අපි දෙන්නා හෙමින් සැරේ දනගහගත්තෙ අමුතුම භක්තියක් හදවත පුරවද්දි....යාඥ්ඥාව අවසානේ අපි දෙන්නා ආයෙන බෙන්ච් එකෙන් ඉඳගත්තා..මොකක්දා නොතේරෙන සංසුන් හැඟීමක් හිත ඇතුලෙ පෙරලි කරනව.

"බබා මම ඔයාගෙන් දෙයක් අහන්නද ?"

"ම්ම්ම්..."

"ඔයා ජීවිතේ කොතනක හරි මන් වගේ කෙනෙක්ව ප්‍රාර්ථනා කලාද.

"නෑ...මම හාමදාම හෙව්වෙ අයියෙක්...මාව පරිස්සම් කරන , ආදරේ දෙන අයියෙක්...ඒත් ඔයා ළබුනු එක ගැන මම ගොඩාක් සතුටින්."

"හ්ම්ම්."

"ඒ ප්‍රශ්නෙම මම ඔයාගෙනුත් ඇහුවොත්..".

"මගෙ උත්තරෙත් නැ....මම හෙව්වෙ අයියෙක්...ඒක හරි..ඒත් මං හෙව්වෙ හුරතල් , සබ්මිසිව් කෙනෙක්ව...ඔයා එහෙම නෑ...ඔයා ගොඩාක් රිද්දනවා මට...මගෙ හිත තලනවා...ඒත් මම ආදරේ කරන්න ගත්තෙම ආදරේදි ලැබෙන සතුටට වඩා දුක ගොඩාක් වැඩියි කියලා තේරුම් අරගෙනමයි...ඒ නිසා මම ඕනෑවටත් ව්අඩා සතුටින්...."

"ම්ම්ම්."

"ඔයා අහලා තියද...සින්දුවක් තියෙනව මෙහෙම.."

"කඳුලු පැන් ...කඳුලු පැන් කෙන්ඩියක්.

සිනහ මල් ...සිනහා මල් වට්ටියක්.

දෑතට ගෙන යාහැකි දුර ගව් සියයක් වත් වේනම්.

ප්‍රේම වන්තයෙක් වුනාට කමක් නෑ මලේ....."

"ම්ම්ම්...ඔයාට මාව නොගැලපෙනවනම් ඔයාට පුලුවන් මාව අතාරින්න."

"බබහ්හ්හ්හ්හ්හ්..."

මම හිතන්නෙ එයාව විතරක් නෙවෙයි අහල පහල උන්නු අයත් ගැස්සිලා ගියා...මම එයාලගෙන් සමාව අරගෙන මගෙ කොල්ලව ඇදගෙනම එලියට ආවෙ කියාගන්න බැරි කේන්තියකින්.

%මොකද මනුස්සයෝ නටන්නෙ...මිනිස්සුත් බලනව."

"බලපුදෙන්...මට කියලා කන රත්කරගන්න ලෑස්තිවෙන්නෙපා...තේරුනාද "

"මොකද ආ..."

"මොකද තමා...මම තමුසෙට කිව්වනෙ...මම ආදරේ කරන්න පටන්ගන්නෙ මගින් අතාරින්න නෙවෙයි...ඒ නිසා මාව මාරයා කරගන්න එපා...."

"ඉතින් ඕයි නොගැලපෙනවනම් අල්ලගෙන ඉඳලා මොකටද."

"හරි...හරි...අහගන්නවකො...නිකමට හිතනව දැන් තමුසෙගෙ අම්මා , නංගි මොන්වහරි දේකට කෑගහලා රන්ඩුවෙනවා තමුසෙ එක්ක...ඒමයි කියලා තමුසෙ එයාලා එක්ක තියන බැඳීම බිඳලා දානවද...නෑනෙ...ඉතින් ඇයි ආදරේ කරන කෙනා එක්ක රන්ඩු වුනු පමනින් ඒ බැඳීම විතරක් බිඳලා දාන්න බලන් ඉන්නෙ..ඒ ඇයි දන්නවද...අපි දන්නවා අම්ම එක්ක , සහෝදරයො එක්ක තියන බැඳීම අපිට බිඳින්න බෑ කියලා...ඉතින් ඇයි අපිට බැරි ආදරවන්තයත් එක්ක තියන බැඳීමත් එහෙම බිඳින්න බෑ කියලා හිතන්න...එතකොට මේ බ්‍රේකප් කියන ලබ්බ ඉවරෙටම ඉවර වෙනවනෙ..".

"හරි හරි...බන ඇති...දැන් අර බස් එකට නගින්නකො."

"තමුසෙගෙ තර්ක බිඳෙද්දි ගානට ලිස්සා යනවානෙ...තමුසෙනම් ආඳෙක් ඕයි...සෙවල ආඳෙක්..."

"ගහප් බොට මම...ආඳෙක් කියන්නෙපා ඕයි මාලුවෙක් ගැන කියන්නම ඕනනම් මට කියනවකො ෆයිටර් කෙනෙක් කියලා...මගෙ ලස්සන එක්ක ආඳාව ගැලපෙන්නෙ නෑනෙ...."

"ලස්සන එක්ක කෙසේ වෙතත් ගතිගුන එක්කනම් බොට කෝමත් ගැලපෙන්නෙ ෆයිටර් ම තමා...මෝඩයා."

ඉතින් රන්ඩු පිට රන්ඩු වෙවී හරි අපි ආයෙම බස් එකේ කොටුවට ආවා... කොටුවෙ ඉඳලා ආයෙම නාරාහේන්පිට බස් එකක් අල්ලගෙන ඇවිත් ගංගාරාමෙ ළඟින් බැස්සා....බැහැලා සීමා මාලකේට ගිහින් පොඩ්ඩක් එහෙ මෙහෙ ඇවිද්දා...බේරෙ මේ හරිය ගඳ නෑ...ඒ ව්උනාට ෆ්ලෝටින්ග් මාකට් හරිය , ලේඛවුස් එක හරිය හඳ උහුලගන්න බෑ...බ්වෑක්ක්ක්ක්.....සීමාමාලකේ ඇතුලෙ බුදු පිලිම ඇල්ඟ හිටගෙන අපි දෙන්නා ඈතින් පේන උස බිල්ඩින්ග්ස් දිහා බලා උන්නා...

"මේ ඒයි රෑට කන්නෙ කොහොමද අපි දැන්...."

"මොකද සුදු මහත්තයා...පන්සල පේන මානෙට ආවම කෑම මතක් වුනෙ.."

"පන්සල නෙවේ බබා දිව්‍යලෝකෙ ලඟට ගියත් බඩිගිනිනම් බඩිගිනි."

"වැඳලා ඉවරවෙලා මෙහෙමම තුම්මුල්ලට ගිහින් ශ්‍රී විහාර් එකෙන් කමුද."

"ශ්‍රීවිහාර් එක වෙජි නේද."

"ඕ."

"අනේ වෙජි බෑ..."

"මොකද අනේ...වෙජි වුනාට ඒකෙ කෑම ශෝක්...ටැමිල් කෑමනෙ."

"අනේ මම ආස නෑ...ටැමිල් කෑමවල අමුතු ඇඹුල් රහක් එනවා..."

"ම්ම්ම්...එහෙමනම් මොකද කරන්නෙ..."

"එහෙමනම් කොහොමත් ස්ට්‍රීට් ෆුඩ්ස් යන එකේ තා සුට්ටක් ඉවසන් ඉමු."

"ආ ඔව්නෙ...අපි වැඳලා කරලා ඉම්මනින් යමු ඒනම්."

අපි දෙන්නම ආවා ඇතුලට...පන්සලක තියන අමුතු නිසංසල බවනම් නෑ...බැලු බැලු අත පේන්නෙ කාමසුඛල්ලිකානුයෝගය...අධික සුඛෝපභෝගීබව...

ඒ වුනත් ශ්‍රද්ධාව තියෙන තැනක භක්තිය ඉබේම උපදින නිසා මම ආසාවෙන් ඇතුලට එන තැන තියෙන රන්පාට බිත්තියේ කැටයම් දිහා බලා උන්නා....හුණුපිටිය ගංගාරාමය....අල්පේච්ඡතාවය හොයන්නවත් නැති අමුතුම විදිහෙ මහායාන ආභාශය ලබපු පන්සලක්.

"මේක හරිම ප්‍රසිද්ද පන්සලක්.."

"ඔව්නේද...ටීවී එකෙත් නිතරම  නම ඇහෙනව."

"ඔව් ...පොලිටීශියන්සලා නිතර එනවා මෙතනට."

"ම්ම්ම්..."

"අපි යමු බෝධිය ළඟට..."

අපි දෙන්නම ලී තරප්පුව නැගගෙන ආවෙ බෝධීන් වහන්සේ ළඟට...වන්දනාව අවසාන කරේම බඩ පනුවො බොක්සින් ගහද්දි....

බඩගින්න නිසාම අපි දෙන්නගෙ වන්දනාවට ආයුශ අඩුවුනා...ඉක්මනින්ම වැඳලා බස් එකක එල්ලුනේ අලුත් කඩේ යන්න බලන්...බස් එකේ යන ගමන් අපි දෙන්නා ඉතින් කයිය.

"බබා...ඔයා අහලා තියෙනවද රිද්දි යාගෙ ගැන."

"ඔව් ...ඩාන්සින්ග් වල උගන්වනවනෙ අපිට...ඇයි එකපාරටම ඒක මතක් වුනෙ...."

"නිකන් ඉතින්...ඔය රිද්දි යාගෙ අපේ මාතර නිතර දකින ශාන්තිකර්මයක්...ඕක සම්පූර්න ගර්භ ආරක්ශන ශාන්තිකර්මයක්...කාන්තාවක් වෙනුවෙන් කරන එකම ශාන්තිකර්මය ඕක...ඕකට අපි රටයකුම කියලත් කියනව...දරුගැබක් ආරක්ශා කිරීම , නිරිපධ්‍රිතව දරුවා වැදීම කියන දේවල් මේකෙන් බලාපොරොත්තු වෙනව..මහාමේරුව පළාගෙන හටගත්ත ගිනි පුපුරු හතකින් මුදුන්මාල, ධර්මපාල, ගිරිමේඛල, ඕන්කාර, රිද්දි, කොණ්ඩමාල, රණකපාල යන බිසෝවරු සත්දෙනෙක් උපන්නලු.... මෙයාලා දාසය  වයසක් වුනත් ත් දරුවො ලැබුනෙ නැති නිසා දරු උපත් අපේක්ෂාවෙන් වේදනාවෙන් තමා ඉඳලා තියෙන්නෙ... දීපංකර බුදුන්ට නොඉඳුල් සලුවක් වියා පූජා කිරීමෙන් දරු සම්පත් ලැබෙන බව සිහිනෙන් දැකලා, ඒක ඉටු කර ගන්න කටයුතු කරනවා.... නේරංජනා නදියට ගිහින් හිස නානු ගාලා ස්නානය කරලා සලුපිළි හා ආභරණ පැළඳගෙන, දලු බුලත් අනුභව කරලා, නැව් නැගලා ලක්දිව උසන්ගොඩ ප්‍ර‍‍දේශයට ගොඩ බැස්සලු.... එහිදී බිසෝවරු හේනක් කොටලා, කපු වපුරලා, අස්වැන්න ලබලා සලුවක් වියලා දීපංකර බුදුන්ට පූජා කලාලු.... එම අනුහසින් දරු ගැබ් පහළ වූ බව කියවෙනවා....

දරු ගැබ් පහළ වුනාට පස්සෙ ආභරණ ඇල්ලට දිය නෑමට යද්දි රොඩියෙකු ස්පර්ශ වීම හින්දා බිසෝවරුන් ඇල්ලෙන් පැනලා මැරිලා යක්ෂණියන් වී උපතලැබුවලු.... දරුවන් ගැන ආසාවෙන් මිය ගිය නිසා කාන්තාවන්ට වඳ බව ඇති කරනවලු.

ඔයාට මතකද ඒකෙ කවි..."

"මතකනම් නෑ..."

"රිද්දි යාගෙ තියෙනවා නානු මුරය කියලා කෑල්ලක්...ඒක හරි ලස්ස්නයි.."

"කන්ද මුදුන්නේ පොකුනක් තනාලා

එදිය කෙලින්නට තිසරෙක් මවාලා

එපිල මෙපිල මල් දෙපලක් සැදීලා

බිසව් නාති රැලි උකුලෙන් වසාලා "

"ලස්සනයි "

"ම්ම්ම්....ඔය රිද්දි යාගෙ සමහර පැතිවල මල් බලි උපත කියලා කොටසක් තිනවා...ඒකෙ කවි මාරම ලස්සනයි..."

"මධුමල් සේලේ ඇඳ සැරසෙනවා.

සිත ලොල් වඩවන මෙන්න වඩිනවා

අදකල් ආතුර දුකින් මුදනවා

මධුමල් බිසවරු සැනින් වඩිනවා.

නාමල් සපුමල් විමසා එන්නෙ

ලොල් වඩවන මල් දම් පළඳමිනේ

මල්දම් සියොළ්ද්ඟ පැළඳයි උන්නේ

මල් සාමිනි මල්බලි කැපගන්නේ

කපුරු මලටවද පිරිය කරන්නේ

කපුරු මලේ පිනි දියයි නාන්නේ

නපුරු රෝග පිරිපත දුරලන්නේ

කපුරි මලේ බිසවුනේ වඩින්නේ. "

"අහන්නකො සුදුමහත්තයා...මම ඔයාලගෙ ඇදහිලි වලට ගරහනවා නෙවෙයි...ඒත් ලන්කාවෙයි ඉන්දියාවෙයි තමා ඕවා සේරම තියෙන්නෙ...නැකත් , කේන්දර, මුහුර්ත , ගුරුකම් ...ඔය මොකුත් නැතුව බටහිර රටවල්වල මිනිස්සු කොච්චර හොඳට ඉන්නවද..ම්ම්ම් ?"

"ඔයා කොහොමද කියන්නෙ බටහිර රටවල්වල මිනිස්සු ඕවා කරන්නෙම නෑ කියලා..ghost of the coin  , black magic ඒවා කොහෙන්ද එතකොට...mmm...."

"ඒත් ලන්කාවෙ තරම් නෑනෙ..."

"ම්ම්ම්...ඔයා කොහොමද එහෙම කියන්නෙ...ඔයා දන්නවද බටහිර රටවල් වල ඩ්‍රැකියුලා කියන කෙනාව අධිකව විශ්වාස කරන අය ඉන්නවා...එයා තාමත් සැරිසරන බව කියන ප්‍රදේශ තියෙනව...වෙයාවුල්ෆ්ලාව දැකලා තියෙන අය ඉන්නවා...අපිට ඒවා ඇහෙද්දි නිකන්ම නිකන් මිත්‍යා විශ්වාස වගේනෙ...ඒ වුනාට අපි මහසෝනාට , කලු කුමාරයට , රීරි යකාට , කලු යකාට , පට්ටිබාර මුදියන්සෙට , තොට යකාට ,  අභිමානා යකාට , කුම්බර යකාට , පනම් යකාට , සොහොන් යකාට , සන්නි යකාට , සොඳරිට , බාලගිරිට එහෙම කොයිතරම් බයද...මොකද මොන පුන්චි මහත්තයා කොයිතරම් ඕවා බොරු කිව්වත් රෑක සොහොනක් ලැඟින් යද්දි ඉතිපිසෝ ගාථාව කියනව...මමනම් පැහැදිලිවම දන්නව ඔය කිව් සෑම බලවේගයක්ම ඇත්ත කියලා...හැබැයි මේ තරම් කාලෙකට ලන්කාවෙ මෝහිනී කියන බලවේගෙනම් ඇත්තක් කියලා පිලිගන්න පුලුවන් සාක්ශි නෑ..."

"ම්ම්ම්....අනේ මන්දා ඒයි..."

"ඔයා අහලා තියෙනවද කුවේනි වෙනුවෙන් දේවාල තියෙනවා ලන්කාවෙ...ලන්කාවෙ තන්ත්‍රදාරිනිය තමා කුවේනි...එයාට ඉතාම කලාතුරකින් ගුප්ත ශාස්ත්‍රයේ දේවල් වලට පුද දෙනවා....."

"ඇහුවෙත් අදමයි..."

"ම්ම්ම්...මම කතාවක් කියන්නම් මේක මට මගෙ සීයා කෙනෙක් කියපු ඇත්තම කතාවක්...ඒ සීයා නුවර වැඩකරන කාලෙ රෑ එකට විතර බෝගම්බර වැව ළඟින් යද්දි ඈතින් පේනවලු  ගෑනු කෙනෙක් අනිත් පැත්තෙන් යනවා...ගොඩක් උසයිලු...ඔසරිය ඇඳලලු හිටියෙ...පස්සෙ වැවට ලන්වෙන්න ලන්වෙන්න උසයනවලු...මේ සීයා බයවෙලා ගිහින් කාටද කියලා...එයාලා කිව්වලු බෝගම්බර වැව ළඟ තාමත් ඇහැලේපොල කුමාරිහාමිගෙ දිශ්ටිය තියෙනව කියල..."

"අනේ...."

"ඔව්...තව දෙයක් කියන්නම්....අපේ පුන්චිලයි ගෙවල්වල පල්ලෙහා තියෙනවලු ගල්තලාවක් එක්ක කැලයක්...හරිද..."

"ම්ම්ම්...ඉතින් අපි එහෙ ගියානෙ."

"නෑ නෑ...ඒක තියෙන්නෙ ගෙදරට හුඟාක් ඈතින්ලු...ඔයා තියා මමවත් ගිහින් නෑ එතනට."

"ඉතින්."

"ඔතන දුම්මල තියෙනවලු..."

"දුම්මල කොහොමද එතනට."

"දුම්මල කියන්නෙ දුම්මල ගස්වලින් බේරෙන කිරි එකක් වගේ ලාටු එකක් ගල්වෙලා හැදෙන දෙයක්...ඉතින් ඕවා ගනන් නේ...අර වෙදමහත්තයා බාප්පා යනවලු පොඩි කාලෙ කොල්ලො එක්ක දුම්මල අහුලන්න...හැබැයි කිසිම කෙනෙක් හවස හය පහුවෙනකල් දුම්මල කැලේ ඉන්නෙ නෑලු...හය පහුවුන ගමන් බයවෙනවලු...සමහරුන්ට තොවිල් පවා නැටුවලු දුම්මල කැලේදි බයවෙලා...මහ දවල් යන්නෙත් නෑලු..."

"ම්ම්ම්..."

"ඉතින් හවස හතරට වගේ යනවලු දුම්මල අහුලන්න...ඒ කැලේ දවල්ටත් කලුවරයි ...ඉතින් හවස පහ වගේ වෙද්දි අවට නොපෙනෙන ගානට අඳුරු වෙනවලු...මුලින් මුලින් ලොකු ලොකු දුම්මල කෑලි අහුවුනාට පහුවෙද්දි නෑලු....ඊළඟට එයාලා කරන්නෙ හයියෙන් කියනවලු ' අපෝ දැන් දුම්මල නෑ , ගෙවල්වලට යමු' කියලා

ඔහොම කිව්වම ආයෙම අඩියෙ දෙකේ දුම්මල අහුවෙනවලු...හවස හයට කිට්ටුවේගෙන එද්දි ලොකු දුම්මල කෑලි අහුවෙනවලු...."

"ඇයි එහෙම වෙන්නෙ."

"ඔයාට තේරෙන්නෙ නැද්ද...මොනාහරි එතන තියෙන බලවේගේ මෙයාලව හවස හය පහුවෙනකල් එතන රඳවගන්නයි හදන්නෙ..."

"ආ..."

"ම්ම්...කවුරු පිලිගත්තත් නැතත් මම පිලිගන්නවා මේවා...මොකද මේවා මම අත්දැකලා තියේ....තව දෙයක් අපේ තාත්තගෙ නංගිට වෙනදා කලු කුමාර දිශ්ටිය තිබුනා...එයා කියනවා රෑට එනවලු ගොඩාක් උස මහත මූන නොපෙනෙන කලුම කලු කෙනෙක්...කෑගැහුවට කාටවත් ඇහෙන්න් නෑලු...පස්සෙ එයාට දිගටම තැබිලි මතුරලා දුන්නා...එතකොට තමා අඩුවුනෙ...."

"හ්ම්ම්....අනේ මන්දා ඉතින්...කෝ දැන් නැගිටින්න...අපි ඉස්සරහින් බහිනව..."

අපි දෙන්නා ඉතින් ඇවිත් බස් එකෙන් බැහැලා ඇවිදගෙන ආවා කඩ තියෙන හරියට.....යන ගමනුත් අපි දෙන්නගෙ කච කචේ....ඈතින් පේනවා ලයිට් වලින් හැඩවුනු කඩ පේලිය.

"සුදු මහත්තයා...ඔයා මට ආදරෙයිද."

"නැතුව...මම උබට කොච්චර ආදරේද."

"ඔයා සතුටින්ද මන් එක්ක."

"ඒ ගැනනම් මට කියන්න තේරෙන්නෙ නෑ...50% ක් දුකින් 50%ක් සතුටින්."

"ම්ම්ම්.."

"ම්ම්ම් නෙවෙයි...හරිනම් ඔයා අහන්න ඕන ඇයි එහෙම කියලානේද."

"ම්ම්...ඇයි. ?"

"මෙහෙමයි...ඔයාට කේන්ති ගියාම ඔයා හිතන්නෙ බලන්නෙ නැතුව වචන පිටකරනවා...ඒවයින් හිත රිදෙනව...කේන්ති නිවුනම ඔයාට ආයෙ ඒ වචන ගන්න පුලුවන්ද බෑනෙ...අනික තමා බ්‍රේකප් කියන්නෙ විසඳුමක් නෙවෙයි බබා...පිරිමියෙක් නේද...පිරිමියෙක් වුනාම කොන්දක් තියෙන්න ඕන...අවන්කෙන්ම මම පසුතැවෙනවා ඔයා වගේ කෙනෙක් එක්ක යාලුවුනාට...හැබැයි මම අවන්කෙන්ම පට්ට සතුටු වෙනවා ඔයා එක්ක යාලුවුනාට...."

"තේරුනෙ නෑ."

"මම ඔයා එක්ක යාලුවුනාට පොඩ්ඩක්වත් පසුතැවෙන්නෙ නෑ...ඒත් ඔයාගෙ තියෙනව හරි කැත ගතියක්...පොඩි දේටත් රන්ඩුවෙලා බ්‍රේකප් බ්‍රේකප් ගාන...පොඩි ප්‍රශ්නයක්වත් බැලන්ස් කරගන්න බෑ ඔයාට...ඔයා ඉස්සරහට ඩොක්ටර් කෙනෙක්..ඔයාට ඉමර්ජන්සි එකක් ආවොත් ඔයා කොහොමද ඒ සිටුවේශන් එක බැලන්ස් කරන්නෙ අපි දෙන්නා අතර ඇතිවෙන පොඩි රන්ඩුවක් බැලන්ස් කරගන්න බැරුව...ඔයා අනිත් හැමෝටම කරුනාවන්තයි...ඒත් මට...මට ඔයා පට්ටම නපුරුයි...ඇයි ඒ...මම ඔයාට මටත් වඩා ආදරේ නිසාද...ම්ම්ම් ?"

"මම දන්නෙ නෑ...මම ආදරේ කරන කෙනාට කොහොමත් නපුරුයි...ඇයි කියලා දන්නෙ නෑ.%

"ම්ම්ම්...ඔයා මට රිද්දලා රිද්දලා දවසක මම සීමාව ඉක්මවලා රිදුනු දාට මට ඔයාව දැනෙන්නෙ නැතුව යාවි...අන්න ඒකයි මට තියෙන බය...පුලුවන්නම් මට වටිනාකමක් දෙන්න බලන්න...මට ඔයාගෙන් වටිනාකමක් ලැබෙන්නෙම නැතිතරම්...වටිනාකමක් තියෙනවනම් ඔයා මාව නැතිකරගන්න උත්සාහ කරන්නෙ නෑ කොයිම වෙලාවකවත්...."

"හ්ම්ම්.."

"හරි දැන් ඒ කතාවලින් වැඩක් නෑ....මොනාද කන්නෙ අපි දැන්...ම්ම්ම්ම් ?"

"මුලින්ම මට ඕන අර අතන කඩෙන් මොනාහරි පැනිරස දෙයක්..."

"හා යමුකො...කැමති දෙයක් ගන්න."

"අයියෙ...මට කැරමල් පුඩින් එකක් දෙන්නකො."

මගෙ හැලපයා කැරමල් පුඩින් ඉල්ලනවා...හම්බුනු කැරමල් පුඩින් කප් එක කකා අපි දෙන්නම ඉස්සරහට ඇදෙනව.

"මේ දැන් ඕවා කාලා බෑ...තව මොනාහරි කමු...බඩිගිනි."

"එහෙනම් අපි මුලින් මොනාහරි බොමු..."

"මොනාද බොන්නෙ."

"ෆලූඩා."

"එන්න බලන්න එහෙමනම්."

"ම්ම්ම්."

"බබා ඒවා නෙවෙයි...ෆලූඩා අපි නිතරම බොනවනෙ...වෙනසකටත් එක්ක වෙන එකක් ට්‍රයි කරලා බලමු...බාදම් මිල්ක් එකක් ගමුද...."

"හා අර ආමන්ඩ් වලින් හදන ඒවා නේද."

"ඕ ඔව්.."

"අයියෙ අපිට බාදම් මිල්ක් එකක් දෙන්නකො...කීයද අයියෙ ගාන."

"දෙසීයයි."

"ආ හරි...එකක් දෙන්න."

මේ බාදම් මිල්ක් එක හදන විදිහ තමා මරු...හින්දි වලින් බාදම් කියන්නෙ ආමන්ඩ් වලට...පාට පාට දියර වර්ග ගොඩාක් දාලා අන්තිමට තද කහපාටට හදන මේ ඩ්‍රින්ක් එකේ උඩට ආමන්ඩ් ඇට ටිකකුත් දානවා කුඩු කරලා...පට්ටම රසයි...රසයි කියන්නෙ ආයෙ සු...පි...රි..

අපි දෙන්නා ඉතින් එක බාදම් මිල්ක් එක දෙකට බෙදාගෙන බිව්වා...පස්සෙ දැනෙන බඩිගින්න නිසාම අයිනක තිබුන බර්ගර් හට් එකක් ලඟට ගිහින් ලාර්ජ් සබ්මැරීන් එකක් ඕඩර් කලා...දැන් ඉතින් ඒක එනකල් බලා ඉන්නෙ.

සබ්මැරීන් එක මෙතනට එන්න ඉතින් අපි ඉන්නෙ මහ සයුරේ දිය ගැඹරේ නෙවේනෙ...ඒ නිසා වේටර් කෙනෙක් තමා සබ්මැරීන් එක වඩම්මගෙන එන්නෙ.

සබ්මැරීන් එක කොච්ච්ව්‍ර දිගද කියනවනම් ඒක ගේන්නෙත් දෙකට කපලා...හුම්...ගාන 990 යි.

හැබැයි විනාඩි ගානක් ඇතුලත ඒ දිග සබ්මැරීන් එක අපේ ආමශ ඇතුලේ හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් සාගරයේ දියත් වෙමින් පැවතුනා...එයින් ගැලූ චීස් මගෙ කොම්ලගෙ කට වටේම ගෑවිලා තිබ්බා..

හොඳ වෙලාවට චීස් කහපාට වුනේ ..වැරදිලාහරි සුදුපාට වුනානම් මගෙ කොල්ලගෙ කට වටේ තියෙන චීස් දැකලා මගෙ පොලොවට ලම්භක එක සමාන්තර වෙලා ලම්භ සමච්චේදනය වෙලා ලේ උනලා ගැරඬියා ඇනකොන්ඩා වෙලා...හම් තොප්පිය පස්සට ගිහිල්ලා...සෝස පාට ඔලුව එලියට පනින්නත් තිබ්බා...මල හත්තිහුත්තයි එහෙම වුනානම්.

"බබා...මේ...තවත් බඩිගිනිනේ ඕයි.'

"මටත් ඒයි...තව මොනාද කන්නෙ."

"බාබකිව් කමුකො."

"හරි යමුකො එහෙනම් බලන්න."

අපි ඉතින් කුකුල්ලු ටිකක් මෙලිගෝ රවුමේ යන කානිවල් එකක් වගේ තැනකට ආවා...මේ මෙලිගෝ රවුන්ඩ් එක විශෙශයි...මේකෙ ඉන්නෙ හෙලු කුකුල්ලු...පිහාටුයි හමයි නෑ...රතු පාට බොඩි පේන්ට් එකක් ගාගෙන පෝල් ඩාන්සර්ස්ලා වගේ යකඩ පොඩ්ඩක් වටේ ඇඹරෙනවා...මුන්ව ලාස්වේගාස් හරි රියෝද ජැනයිරෝ හරි ගෙනිච්චනම් මුන්ගෙ යකඩ කූර බස්සපු හිලට නාකි කිකිලියො සල්ලි කොල ඔබයි හිටු හිටු කියලා...ටහිකේ.

මටත් ට්‍රැක්ද කොහෙද බන්...කුකුල්ලුන්ගෙ පෝල් ඩාන්ස් එක බලන් ඉඳලා ඔලුවත් කැරකෙනවා.

"අන්කල් අපිට කියන්නකො ඔයාලා ලඟ තියන කෑමවල විස්තර."

"බාබකිව් ෆුල් එක දෙදාස් තුන්සීයයි...හාෆ් එක දාහයි...තව ස්පෙශල් එකක් තියෙනවා...බටර් නාන් දෙකයි චිලි සෝස් , වයිට් සෝස් , ලයිම් , අනියන් එක්ක හාෆ් බාබකිව් එකක්...ඒක එක්දාස් තුන්සීයයි...ඒක මන් හිතන්නෙ ඔයාලට ලාබයි...දෙන්නෙකුට නියම ගාන..."

"ම්ම්ම්....මොකද කියන්නෙ ඔයා."

"අව්ළක් නෑ නේද...ඒක ගමුද එහෙනම්."

"හරි...අන්කල් අපිට අර එක්දාස් තුන්සීයෙ එක දෙන්න."

අපි දෙන්නා ඉතින් අපේ දිහාට පාවෙලා වගේ එන මහා සවාන් එක දිහා බලන් හිටියෙ බඩ පනුවො උඩ පනිද්දි...තමන් ගානටම කන්න පුලුවන් බෝයියෙක් ලබන්නත් පින් කරන්න ඕන...කෑම කොතනද අපි දෙන්නා එතන...

ම්ම්ම්...ඒකත් නරක නැ හැබැයි...රසයි...ශේප්...එක්දාස් තුන්සීයකට හොඳටම වර්දි.

අනේ ඉතින් දැන් නම් බඩ ෆුල්...බඩේ පනුවෝ හාවක් හූවක් නැතුව නින්දට වැටිලා...උන්ටත් ඉස්මුරුත්තාව.

"සුදු මහත්තයා...දැන්නම් ඇති නේ...උගුර ළඟටම පිරිලා තියෙන්නෙ..."

"ඔව් දැන් අපි හෙමින් සැරේ යමු බස් එකක් ගන්න".

අපි දෙන්නා ඉතින් වෙරි කාරයෝ දෙන්නා වගේ ඈතින් පේන තව්තිසාව දිහා බලාගෙන වැනි වැනි එනවා මැයි ගස් වලින් වටවුනු පාර දෙපැත්තෙන්...පුදුමෙට පාරෙ වාහන නෑ....

"බබා මම කැමතියි ඔයා සංකර නොවෙනවනම්..."

"ඒ කිව්වෙ."

"මම ආස ඔයා අහින්සක කමට ඉන්නවට..මම ඔයාගෙන් දේවල් හතරයි ඉල්ලලා තියෙන්නෙ...ඒ හතර මට ඕන..."

"ම්ම්ම්"

"ඩ්‍රින්ක්ස් ගන්න බෑ...මම නැති තැනක නටන්න බෑ ....කොටට අඳින්න බෑ...මම නැති තැනක කිසිම ගේ කෙනෙක්ව මීට් වෙන්නවත් කතාබහවත් බෑ..."

"අපෝ මටනම් බොන්න ඕන."

බොන්න බොන්න..වතුර බීම ඕන දෙයක් බොන්න...ස්ට්‍රෝන්ග් මොකුත් බෑ...ඕනමනම් දවසට සැරයක් විතර උකුවට ප්‍රෝටීන් ශේක් ටිකකුත් දෙන්නම් මම..."

"ගහප් මම."

"ආ මෙන්න වැඩක්...බොන්න හොඳයි කියන්න නරකයි."

"අනේ මේ මිනියෝහ්හ්...කට කට...අර බලනවා."

"අනේ බබා ...කව්ද ඒ..."

"මෝහිනී."

"පිස්සු...මෝහිනී නෙවෙයි රෝහිනී...ඒ රෑ සමනලියක් නේද."

"ම්ම්ම්...ඔව් ඔව්...එහෙම කෙනෙක් තමයි...අර තව ඉන්නෙ"

අපි දෙන්නා ඉන්නෙ කොටුව ස්ටේශන් එක ඉස්සරහා...මහ රෑ කලුවර මැදින් වහලා දාපු ටිකට් කවුන්ටර් එක ළඟ මූන පුරා පව්ඩර් උලාගතපු ලේ බීලා වගේ තොල් රතුකරගත්තු ගංවතුරට අහුවෙලා වගේ දනිසෙන් උඩට වෙනකල් කොට මිනි සායවල් ගහගත්තු ඇන්ටිලා සෙට් එකක්...මම දන්නෙ නෑ මෙයාලා එක්ක යන උන්ගෙ ඇස් තියෙන්නෙ පුම්කේද කියලා...යකෝ තනිකට පිරිමි වගේ දඩාර මස් පර්වත...ගෑනු ලාලිත්‍යයක් ගෑවිලා වත් නෑ...

"බබා ඔයාට එයාලව දැක්කම ලස්සනයි කියලා හිතෙනවද...."

"පිස්සුද අනේ...බාගෙට එම්බාම් කරලා අතෑරපු මිනියක් වගේනෙ..."

"හ්ම්ම්...හැබැයි සමහර තැන්වලනම් ඉන්නවා ලස්සන කෙල්ලො...වැඩිහරිය දුර ගම්වල්ඉන් රස්සාවල් හොයාගෙන කොලඹ ආව කෙල්ලො...පව්...."

"ම්ම්ම්...."

"ආ බබා අහන්නකො...මම ලියපු කවි ටිකක් ඇති මගෙ නෝට්පෑඩ් එකේ බලන්නකො..."

"මොකක්ද ටයිට්ල් එක.."

"බෝගහ යට මෝහිනී කියලා ඇත්තෙ.."

"ආ හරි තියෙනව."

😊😊😊😊😊😊😊😊🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕

මහ රෑ වැඩට ගොස් පිටකොටුවේ පාරේ

මහ බෝ ගහ යටින් එනවිට හඳපානේ

සුදු ගවුමකින් සැරසී දෙවඟන වාගේ

කොහි යන්නේද නන්ගියෙ මේ රෑ පානේ

දරුවා නුඹට අමතක වී ආවාද

සාරිය උනා දිග ගවුමට බැස්සාද

එම්බාම් එහෙම නියමයි නේ සුදු පාට

ඈ බොල කෙල්ලෙ උබනම් මෝහිනි නේද

අනේ අයියෙ කියලා ඇඟවටෙ ගෑවී

වාගේ නගේ උබනම් අර හොරපූසී

පුරු පුරු ගගා හෙව්වට උබනම් වාසී

බිරිඳගෙ ළගනෙ බන් මගේ ඔක්කොම කාසී

කෙල්ලේ දරුව උන්නානම් තොවිල් තමයි

උබෙ ඔය කොමල මටනම් වහකදුරු වගෙයි

තනිකඩ වියේ කලදේ දැන් හීන තමයි

මගෙ තුන්සිතම මගෙ ආදර බිරිඳ ළඟයි

😁🤭

- ශෙරෝන් -

"හහ්...මොන බිරිඳ ගැනද කියවන්නෙ ...ආ..."

"යකෝහ් බබා...ඌයි....කොනිත්තන්නෙ...ඒක කවියක් විතරයි...ඒක මගෙ අත්දැකිමක් නෙවෙයි යකෝහ්හ්හ්......කවියක් විතරයි...නිකමට හිතලා ලිව්වේහ්හ්හ්..."

"ඒ වුනාට මෙච්චර ශෝයි කියුට් හබී කෙනෙක් ඉද්දි බිරිඳක් ගැන ලියන්න ඕනි නෑනෙ...ඇත්තමයි මට එන තරහට...ඉඳා ඉඳා......"

රාං ටාං ටාං....✞✞✞

"ඌයිහ්හ්හ් බබාහ්හ්.....උබ...කන..වා...මග්......ආහ්හ්හ්...."

වයධම්මා සංඛාරා 🥺🙏☠✞

..........................................................................................................................

මතු සම්බන්ධයි 💜

ශෙරෝන්ගෙ නෙතූ වගේ යක්ශ පැටියෙක් ඔබටත් අවශ්‍යනම් අදම අමතන්න...දුම්මල සහ ඊගහ නොමිලේම සපයනු ලැබේ....ලමයිනේ බොරු පොරොන්දු දුන්නෙ නෑ ඒයි මම...ලිව්වට මට සැටිස් නෑ...බිසී කියන්නෙ ආයෙ පට්ටම බිසී...සිසන් එක නිසා වැඩ වැඩියි දැන්...අනේ සමාවෙන්න ඈ...අද දිග එපියක් දුන්නා ඔන්න...ආයෙම එන්නම්...එතකල් ඉන්න මෙයා ශෙරොයි නෙතුයි එක්ක...ආදරෙයි ආස තරම් ...හුම් 💜

මම ශෙරෝන්

Share This Chapter