Back
/ 38
Chapter 27

විසිහත්වන ස්වරය ♥

තත් 🔞

"අඩී යෙන්නඩීහ්හ්හ්හ්හ්හ්හ්...."

"මොකද මිනිහෝ බෙරිහන් දෙන්නේ...බෙල්ල මිරිකලා වගේ..."

"අඩී යෙන්නඩී රාකම්මා පල්ලාක නෙලික්ක

යෙන්නින්ජ කුරංගදඩි

නී කන්නාඩි මුක්කුත්ති මානික්ක සිවප්ප

මච්චාන යිඩංගදඩි.."

"ටර රරර රරර රරර රරර රරර රා...ටර ටරර ටර ටරර ටරර රා..."

"තවුසෙට පිස්සුද මිනිහෝ...මොකද මේ..."

"ටර ටරරා ටාරරා ටාරරා ටරරා...."

"ඇඳ කැඩෙයි මිනිහො...ඇඳෙන් බැහැලා නටනවකො නටන මගුලක්"

"මම වොශෲම් ගිය ටිකට තවුසෙට ටැමිලෙක් ඇවිත් මොකුත් කරලා ගියාද."

"මටනම් කොරන්න හම්බෙන්නෙ නෑ...ආවනම් මම ඌව බඩකරලා තමා යවන්නෙ."

"අනේ අනේ මේ..."

"බබා මේ තවුසෙ අඳුනනවද මේ නිලියව."

"නෑනෙ...දැක්කෙත් අදමයි."

"නෑ නෑ...තවුසෙ අඳුනනනවා...මෙයාව දන්නෙ නැතිවෙන්න නම් බෑ."

"සිරාවටම නෑනෙ.."

"මේ ඉන්නේ අපේ දේශපාලනයෙන් පරම හැතිරියක් වුනු නමුත් රංගනයෙන් පට්ට නිලිවක් වුනු ජයලලිතා ජයරාම්."

"අම්මටසිරි..."

"මේ ඕයි අනික තවුසෙ කිව්වානේද තවුසෙලයි අම්මා නුවර නිසා ඔය්ආට උඩරට රඳල ලේ තියේ කියල"

"ඔව් ඇත්තනෙ ඉතින්."

"මට සැකයි."

"ඒ මොකද."

"අපි දැනට කොයිතරම් ජිල්ලමලේ දාල තියෙද."

"මොනාද මේ අහන්නෙ...මදනයා ගහලද."

"මදනයටවත් මට ගහන්න නම් හම්බෙන්නෙ නෑ...තවුසෙ නොහිටියනම් මම මදනයාත් ගහලා තමා පස්ස බලන්නෙ."

"අනේ බලන්න ම වටින පස්ස."

"වටිනවා තමා."

"කලුපුකා."

"ඒක නෙවෙයි තවුසෙට නුවර ලේ තියෙන්න බෑ"

"ඇයි එහෙම කියන්නෙ."

"තවුසෙ කවදාවත් මට කියලා නෑනෙ...ඇඳ කැඩුනදෙන් මම මැරුනදෙන් අනින්ට නිලමේ අනින්ට කියලා"

"අනේ ඉතින් මම් කිව්වා කියල හිතාගනින් ශුඩු මාත්තියා"

"අනේ පල පල.

අලාමන්ඩි පඩකේ රාතිරී..."

"තවුසෙට බඩේ අමාරුවද..."

"ඇයි එහෙම අහන්නෙ.."

"නෑ දැන් අර ෆාර්ට් එකක් ගැන නේද කිව්වෙ...පඩකේ කියලා."

"ඒක s.ජනකි ගේ සින්දුවක්..."

"කවදාවත් නැතුව මොකද ඕයි මේ ටැමිල් සින්දු කියන්න්ස්...ඔයා ආස නෑ ටැමිල් ෆිලුමක්වත් බලන්න..."

"අහන්නකො බබා...ඔයාට මම කිව්වා මතකද මට කන්න බොන්න ආසාවල් එනවා කියලා අමුතු ඒවැ."

"ඔව් ඉතින්.."

"ඔයාට මම මේක කියන්නෙ මට මේක තවත් හංගගෙන ඉන්න බැරි නිසා...මට ආසයිනෙ බබා හුරතල් මුව පැටියෙකුගෙ ලේ බොන්න."

"ඊයා...ඒ මොන විකාරයක්ද...තමුසෙ වැම්පයර් ෆිල්ම් එකක්වත් බැලුවද..."

"අනේ නෑ බබා...මට ඒ ආසව කාලෙක ඉඳන් තියෙන්නෙ...මම විශාක්‍යටත් කියල තියේ මීටකලින් කීපසැරයක්..."

"ඊයා...ලේ කොයිතරම් පිලී ගඳද."

"ඔව් බබා...මට ඒත් මාරම ආසයි පුන්චි මුව පැටියෙක් වගේ හුරතල් සතෙකුගෙන් ලේ බොන්න....ඇයිද දන්නෙ නෑ...මේක මට හරිම වදයක්...ඒ නිසා මම ගොඩාක් හොයලා බැලුවා...මේක ලෙඩක්ලු...මානසිකව එන ලෙඩක්ලු...මේකට එක එක අසාමාන්‍ය ආහාර රටා වලට ආසා වෙනවලු...සමහර අයට වැලි කන්න , ගස්වල ලාටු කන්න ආසා හිතෙනවලු...ඒ වගේම ලෝකෙ ලේ බොන්න මට වගේ ආසවල් තියෙන අයත් සැලකිය යුතු ප්‍රමානයක් ඉන්නවා..."

"අනේ මේ...ඔයා එක්ක නිදියන්නත් බයයිනෙ...රෑට මාව හපලා ලේ බිව්වොත්."

"අනේ මට තවුසෙගෙ ලේ එප..මට ඕන මුව පැටියෙක්ගෙ ලේ...ඒකත් උගෙ බෙල්ලට කට තියල බොන්න ඕන...මේක විහිලුවක් වගේ වෙන්න ඇති...ඒ වුනාට මේක ඇත්තම ඇත්ත හ්ඟීමක්...මන්දා මට පෙරේතයෙක්වත් වැහිලද කියලා..."

"අනේ මේ...ඔය කතාව නවත්තමුකො...අප්පිරිය හිතෙන්වනෙ...අනික ඕක කොයිතරම් කියෙව්වත් ඔයාට ලේ බොන්න දෙන්නෙ නෑනෙ මම...ඔයා ඔයාම හිතලා නවත්වගන්න...."

"ආ හරි ඒකෙන් වැඩක් නෑ...මම කෝමහරි පාලනය කරගන්නම්කො...කොහොමත් මම ඔය ජරාවැඩේ කරන්නෙ නෑ කොච්චර ආස වුනත්...අනික මෙහෙ කොයිද මුවො..මෙහෙ එනවකො ළඟට .මට තව සින්දුවක් මන්දෝ වෙනවා..."

"කන්නක්කු මයි අලග

කවිදෛක්කු පුයි අලහ"

"මොකක්ද අනේ....තවුසෙට පිස්සුද අප්පා."

"මොකද බබා කෑගහන්නෙ..ඒක පී.සුශීලාගෙ සින්දුවක්....මම ටැමිල් වලට ආස නෑ තමා...කර්නාටක් මියුසික් වලටත් කැමති නෑ...ඒත් මේ සින්දුවල අමුතු ගතියක් තියේ..."

"අනේ මේ...අහල පහල ගෙවල්වලින් 119 ගහවි මෙහෙ මිනී මරනවා කියලා..."

"හරි හරි...ඔයාට බඩුවක් පෙන්නන්නම්ද..."

"ම්ම්ම්."

"මේ බලන්න මේ දෙන්නගෙ ඩාන්ස් එක...මම ආසම ජයප්‍රදාට...ශ්‍රීදේවිට ඔය තරම් මිනිස්සු ආදරෙ වුනාට ජයප්‍රදා එයාට වඩා ගොඩාක් ලස්සනයි..."

"aajao aajao naag raja tum aajao..."

"ඇත්තටම මාර ගති ඒ ඩාන්ස් එක...ඒක බැලුව්ම පේනවා ගොඩාක් ලොකු පුහුනුවක් ඕන කියලා..."

"ම්ම්ම්...ඒක තමා...ඔයා දනන්වද ජයප්‍රදාව.."

"නෑ...ඇහුවෙත් ඔයා කිව්වම තමා..."

"ජයප්‍රදා කියන්නෙ කොලිවුඩ් වලින් ඒ කියන්නෙ ටැමිල් ෆිල්ම්ස් වලින් ප්‍රසිද්ධවෙලා ටොලිවුඩ් , මොලිවුඩ් වගේම බොලිවුඩුත් හොල්ලපු නිලියක්...පට්ට ලස්සනක්.."

"එයාගෙ සින්දු ටිකක් පෙන්නන්නම්ද..."

"පෙන්නන්නකෝ..."

"මේක බලන්න...මේකෙ ඉන්නේ ජයප්‍රදායි පද්මිනී කොල්හපුරේයි...පද්මිනී කියන්නෙත් පොඩිම කාලෙ ඉඳන් සිනමාවට දායක වුනු පට්ටම විදිහට ජනප්‍රියවුනු නිලියක්...මේකෙ ඒ දෙන්නා ඉන්නේ අක්කටයි නංගිටයි..."

"sunre meri behna

sunre meri saheli

munna phool gulab ka.

tu champa mei chamepi "

"ආ....මේ අක්කගෙ දරුවද එතකොට..."

"ඔව්...විශේශම දේ මේ සින්දුව කියන්නෙත් ඇත්තම අක්කයි නංගියි දෙන්නෙක්..."

"ඒ කව්ද.."

"ලතා මන්ගේශ්කරුයි ආශා බෝස්ලෙයි...ආශාගෙ අක්කා තමා ලතා.."

"අනේ...ශෝක්නෙ..ඒත් කොහොමද මෙයාලගෙ නම් වෙනස් වුනෙ...සර්නේම්ස් වෙනස්න්ස්.."

"ඔව් ...මන්ගේශ්කර් ෆැමිලි එකම ගායකයො..

ලතා තමා වැඩිමල්...ඊළඟට ඌශා...ඊඇල්ඟට මීනා...ඊළඟට ආශා...අන්තිමට එයාලගෙ මල්ලි හෘදයනාත්....කසාදෙන් පස්සෙ ආශා මන්ගේශ්කර් ආශා බෝස්ලේ වෙනවා , මීනා මන්ගේශ්කර් මීනා කාඩිකර් වෙනවා....අනිත් දෙන්නා මන් දන්න විදිහට බැඳලා නෑ..."

"ලතායි ආශායි බොලිවුඩ් හෙල්ලුවා...ලෝකෙ වැඩිම ගීත ගනනක් ගායනා කරලා තියෙන ගායිකාව ආශා බෝස්ලේ...ඌශානම් එච්චර ජනප්‍රිය වුනෙ නෑ...හැබැයි එයාටත් ජනප්‍රිය සින්දු තියේ...මීනා කියන්නෙ මරාටි සිනමාව හොල්ලපු ගායිකාවක්..."

"ඌශා මන්ගේශ්කර්ගෙ සින්දුවක් පෙන්නන්නකො...."

"ආ මේ තියෙන්නෙ..ඌශාට තියෙන්නෙ ආශාගෙයි ලතාගෙයි කටහඬවල්ට අතරමැදි හඬක්..."

" oo mungda mungda

mai kidki chali "

"බබා ඔයා දන්නවද ලතා මන්ගේශ්කර් ආසියාවෙ රිදී සීනුව වුනාට the voice of bollywood කියන්නෙ ආශාට...ඔය අක්කයි නංගියි ජනප්‍රියත්වය එක්ක විරසක වුනා...ආයෙ වයසට ගිහින් තමා යාලුවුනෙ...හැබැයි ටැමිල් ගායිකාවො...ඔය පී.සුශීලා , එස්.ජානකී , කේ.එස්.චිත්‍රා , කල්පනා , ජමුනා රානි , වානි ජයරාම්....ඔය හැමෝම මාරම එකමුතුයි...මේ තියෙන්නෙ ආශාගෙ සින්දුවක්..."

"ම්ම්ම්....ලයිව් සින්ග් කරන්නෙ කෝමද අප්පා මෙහෙම...කියන්න වචන නෑ අනේ...just mesmerizing."

"මේ අපිත් අද හොඳ ශෝ එකක් දාමුජේ...අපි වැඩ අල්ලමුද අද සෑට."

"බෑ අනේ...අද කකුල් දෙක සිදෙනවනෙ..."

"අයියෝහ්...කෝ කකුල් දෙක දාන්න ඔයාගෙ ශෙරෝගෙ උකුලට...බේබි ක්‍රීම් එක අරන් දෙන්න."

පව් අනේ මගෙ කොල්ලා...මම ඉතින් එයා ෆෝන් එක ඔබනකල් ක්‍රීම් ගාලා ඒ හූනු කකුල් දෙක පොඩ්ඩක් මසාජ් කලා...එයා හරි ආසයි මම මෙහෙම කරනවට.

"බබා...කෝ ෆෝන් එක දෙන්න ජයප්‍රදාගෙ තව සින්දුවක් දාලා දෙන්නම්".

"හා..."

"dafliwale dafli bajao

meri gungru bulayenge ha

mei nachu tu nacha "

"අනේ ඒකනම් අහලා තියෙන එකක්..."

"ම්ම්ම්ම්...ඔව්...ඒකට රීමේක්ස් ටිකක් ආවා."

"ම්ම්ම්....මේ අහන්නකො...ඔයාලගෙ මල්ලි හැදෙන විදිහනම් අන්තිමයි."

"ම්ම්...ඔව්...මමත් බලාගෙන හිටියෙ ගෙදර ගියවෙලේ."

"ඔව්...ඔයාලාගෙ අම්මයි තාත්තයි තමා නරක් කරන්නෙ එයාව.."

"කියලා වැඩක් නෑ...මොනාහරි කිව්වොත් මම බැනුම් අහනවා..."

"හැබැයි ඌ ඔයාටනම් බයයි."

"බයයි...ඒත් ඌ දන්නව අම්මල ඉන්න වෙලාවක මගෙන් බේරෙන්න පුලුවන් කියලා."

"ම්ම්ම්...ඒත් ඌ හැදෙන විදිහනම් සුබදායි නෑ වගෙ.."

"ඔව්..ඒකනම් එහෙම තමා."

"හරි ඒකෙන් වැඩක් නෑ...ඔයාගෙ අයියා අර..."

"මොන ?"

"අර එකබඩවැලකඩාගෙන නාවත් ඔයාගෙම අයියා කියලා ඔයා මැරෙන්න හදන්නෙ..."

"ඉතින්...එහෙම තමා."

"එයා ගැන කියන්න බලන්න...මට දැනගන්න ඕන ඔය කියන අයියා මොනාකරන කොහොම කෙනෙක්ද කියලා."

"එයා මට වඩා අවුරුදු දෙකක් වැඩුමල්..ඉන්නෙ කලුතර...නමනම් මට මතක නෑ...ඒලෙවල්ස් ආර්ට් කරන්නෙ මේ පාර..මම වගේම බයිසෙක්සුවල්...මගෙ ජීවිතේ මම අසරන වුනු ගොඩාක් තැන්වල මන් එක්ක මගෙ හයියට උන්නෙ ඌ...මම ඌට මාරම ආදරෙයි.."

"ම්ම්ම්...කොහෙන්ද එයාව සෙට්වුනෙ ඔයාට."

"ටෙලිග්‍රම් එකෙන්..දැන් අවුරුදු එකහමාරක් වගේ වෙනව අපි ෆිට්වෙලා."

"ම්ම්...එහෙනම් මැසෙජ් එකක් දාන්න ඕන මමත්...මස්සිනාව අඳුනගෙන තියෙන්න එපැයි."

"දාලා බලන්න."

එයා ඉතින් අයියට මැසෙජ් එකක් දාලා බැලුවා...හායි කියලා දැම්මට අයියා ඔන්ලයින් නෑ....අයියා ගැන කිව්වොත් එයාව මම කවදාවත් හැබැහින් දැකලා නෑ...හැබැයි මගෙ හදවතේ ලොකු ඉඩක් ඌ වෙනුවෙන් තියේ...මොකද ඌ මන් එක්ක මගෙ සැපේදි වඩා දුකේදි උන්නා...ඒකත් කිසිම ලාබ ප්‍රයෝජනයක් අපේක්ශාවෙන් තොරව...කොටින්ම ඌත් ටොප්...ඉතින් ඌට ඒ පැත්තෙනුත් මට උදව්කිරීමෙන් ලාබ ප්‍රයෝජන නෑ...අදටත් මට මගෙ එකකුස උපන් සහෝදරයා වගේ ඉන්නේ ඌ තමා...බිසී වෙද්දි අපි මැසෙජ් , කෝල්ස් අඩුවෙනවා...ඒත් ෆ්‍රී වුනු ගමන් අනිවා ඩෙෆා මැසෙජ් එකක් දානවා...ඒ බැඳීම එච්චරට හයියයි..

"ආ ආ...පොඩ්ඩක් ඉන්නවා."

"ඇයි."

"කව්ද අර SHO HORANA කියලා සේව් කරන් ඉන්නේ...ආ ???"

"ආ සචිත අයියා...මේ ...මේ."

"ඔව් ඉතින්...උබ මට මීට කලින් එහෙම එකෙක් ගැන කියලා තියෙනවද...ආ ???"

"අහන්නකො...මම හොරන අපොයිමන්ට් එක කරද්දි මන් එක්ක කතාබහ කරලා අඳුනගත්ත අයියා කෙනෙක්..."

"ඌත් ගේ කියලනම් කියන්න එපා මට."

"ගේ තමා අනේ."

"ඉතින් තමුසෙ මට කිව්වද ඕවා ගැන...ආ කතාකරපන්...උබ කිව්වද මට ඕවා...අනික ඇයි ඌ තමුසෙට මැසෙජ් කරන්නෙ...ආ ???"

"ඒ මනුස්සයා එහෙම නරක කෙනෙක් නෙවෙයි...මට ඔයාට කියන්න අමතක වෙන්න ඇති අනේ."

"අමතක...හහ්...අමතක...තොට ඔය විදිහට තව ටික දවසකින් තමිසෙට මිනිහෙක් ඉන්න බවත් අමතක වේවිනෙ...."

"ඕනවට වඩා නටන්න එපා පොඩි දේකට."

"මොකක්ද යකෝ පොඩි දේ..."

"හරි දැන් මොකක්ද වෙන්න ඕන ඔයාට...ඔයාට මාව ගැලපෙන්නෙ නාත්නම් නවත්තලා දාමු මේක...දනන්වනෙ කරන්න ඕන දේ."

"මොකක්ද පකෝ කියන්නෙ උබ...ආ ???..තොට මාව පේන්නෙ මොකෙක් වගේද."

"අත අතාරින්න මගේ වහාම...මම ආයෙ ක්‍යන්නෙ නෑ...අතාරිනවා...රිදෙනවා...තමුසෙට රිද්දන්න නෙවෙයි මගෙ අම්මා තාත්තා මාව හදලා තියෙන්නෙ..."

"මොකක්ද තමුසෙ මට කතාකරන විදිහ ආ...මම බ්ලොක් කලා...ඒ බ්ලොක් ඇරෙන්න බෑ...ආයෙ කියන්නෙ නෑ මම...."

මට කේන්තියි...එයාව අවිස්වාස නෙවෙයි...ඒත් මම දnනෙ නෑනෙ ඔය සචිත කියන එකා මොන වගේද කියලා...මූට මගෙන් ගුටිකන්න බෑ...මම ගහන්නෙත් නෑ...හැබැයි මේ කට කඩන්න තරම් තරහයි මට...මට වැඩිපුරත් තරහා මූ මට හංගපු එක...අනික මුගෙ කටේ තියෙන්නෙ හැම එකටම බ්‍රේකප් එක ඔප්ශන් එක...මොන ලබ්බක්ද මේ.

"බබා...කෝ එනවා ළඟට."

"කරුනාකරලා මට පාඩුවේ ඉන්න දෙනවා ශෙරෝන්...අයිනට වෙනවා."

"මොකක්ද කියන්නෙ තමුසෙ...ආ ?"

"ඇයි ඇයි ?"

"බබා මේ...රන්ඩුවක් වුනාම ඒක එතනින් අමතක කරනවා...ඒක අල්ලන් නටන්න එපා...එපාවෙනවනෙ ඕයි."

"එපා වෙනවනම් එපා නොවෙන කෙන්ක්ව හොයාගනින්කො මට වද නොදී."

"මොකක්ද තෝ කියන්නෙ...ආ ??."

"මට තමුසෙ එක්ක යාලු නොවී ඉන්න තිබ්බෙ..."

"එහෙනම් මොකටද යකෝ යාලුවුනේ.."

"ඒක තමා මන් කරපු වැරැඩ්ද...තමුසෙ එක්ක යාලු නොවුනනම් මේ මොකුත් නෑ...මට ඕනවුනේ අයියෙක්...නැතුව තමුසෙ වගේ මල්ලියෙක් නෙවෙයි...."

"මට තමුසෙ ගාගෙන එන්න එපා...කට අනිත් අතට යන්න දෙන්නෙ".

"අනේ මේ ඕයි...තමුසෙගෙන් ගුටිකන්න අපේ අම්මලා මාව හදලා නෑ...අනික තමුසෙ ඉන්නෙ මගෙ බෝඩිමේ...."

"ආ ඇත්තද ලොකු මහත්තයා...බයනොවී ඉඳපන් මම හෙට උදේම යන්නම්...හුත්ත...තොගෙ ලොකු ලයින් තමා මට පේන්නම බැරි..."

"පේන්න බැරිනම් ඇස් වහගෙන ඉඳපන්කො...නැගිටිනවා කන්න..."

"මට ඕන ඇති බතක් නෑ...තවුසෙට ඕනනම් කනවා."

"එහෙනම් ඉඳපන්...මාත් නිදාගන්නවා.."

"බබා...උබ ලිමිට් එක පනිනවා."

"අනේ මේ...මගෙ ලිමිට් එක මම දන්න්න්වා...තමුසෙ එන්න ඕන නෑ මට ඒක උගන්වන්න...."

"ආ ඇත්තද...තෝනම් ආදරේ කරන්න තියා විඳින්නවත් දන්නෙ නැති එකෙක්..."

"අනේ මේ ඕයි..."

"තොට මාව නැතිදවසක තමා මගෙ අගේ දැනෙන්නෙ...."

"අනේ දැනෙයි රෙද්දක්..."

"මොකක්ද උබ කියන්නෙ."

"මොන වදයක්ද බන්...මට පාඩුවේ ඉන්න දීපන්කො...ශික්..."

"උබ ශික් කියන්නෙ මටද ...ආ ???"

"ඔව් තමුසෙට තමා...කරුනාකර්ලා මගෙ ඇඟේ ගෑවෙන්න එන්නෙ නැතුව එහාට යනවා...මට මේක තවත් කරන්න බෑ...."

"මොකක්ද උබට කරන්න බැරි."

"මේ අෆයාර් එක මට තවදුර ගෙනියන්න බෑ."

"එහෙම තමුසෙට තනිතීරන අරන් නවත්වන්න බෑනෙ."

"ඔයාටත් බෑ තනි කැමත්තට මේක අරන් යන්න..."

"අයියෝ මාව මරපන්.."

"අනේ මේ...බොරුවට රඟන්නැතුව ඉන්නවා...මේ විකාරෙ නතරකරලා දාමු අප්පා...එතකොට ඉවරනෙ...."

"යකෝ ප්‍රශ්න ආවම විසඳගන්නයි ඕන , මගින් හැරිලා යන එක නෙවෙයි.."

"මම මේ සේරම විසඳන්න තමා හදන්නෙ...කරුනාකරලා මට වදදෙන්නෙ එපා."

"තමුසෙ කොහොමද එහෙම කියන්නෙ...මම නවත්වන්නෙ නෑ මේක."

"මම නවත්වනවා...ඔයාට බලෙන් මාව තියාගෙන ඉන්න බෑනෙ."

"මොකක්ද ඕයි ඒ කිව්ව ජරා කතාව...මම තමුසෙව බලෙන්ද තියාගෙන ඉන්නෙ..."

"ඔව් බන් ඔව්...මට තවත් මේක කරන්න බෑ කිව්වනෙ...ඒ නිසා කරුනාකරලා මට මගෙ පාඩුවේ ජීවත්වෙන්න දීලා යන්න මගෙ ජීවිතෙන්...අපේ හොස්පිට්ල් එකේ ඉන්නවා ඩොක්ටර් අයියා කෙනෙක්...මම අර තමුසෙට කිව්වෙ මගෙන් කැමැත්ත ඇහුවා කියලා...මම ඒ මනුස්සයට කැමති වෙනවා...එයා මම කැමති විදිහෙ අයියෙක්..."

"ආ හරි බබා...මම යන්නම්...ආයෙ ඔයාට මාව ඕනිවුනත් මන් ඔයා ළඟට එන්නෙ නැතිවේවි...."

"ලොකු දෙයක්"

"යකෝ දැන් මෙතන වරද කලේ තමුසෙ...මාව කන්න හදන්නෙ මොකද.."

"හරි මම වරදක් කලා...හැබැයි මම කා එක්කවත් නිදියගන්න ගියෙ නෑ...මට සචිත අයියා ගැන ඔයාට කියන්න බැරිවුනා...අනික ඒ මනුස්සයාට කෙනෙක් ඉන්නවා...."

"ආ ඒ කියන්නෙ ලොකු කතාබහක් ගිහින්."

"මනුස්සයෙක් එක්ක කතාකරන්න බැරිකමක් නෑනෙ...තමුසෙ මාව හිරකරන්න එන්න එපා...මට මගෙ නිදහස ඕන...මම මේක නවත්වනව.."

"ඔයා පරිස්සමින් ඉන්න...මම ආදරෙයි...ඔයා කැමති විදිහට කැමති කෙ නෙක් එක්ක ජීවත්වෙන්න.. "

"ඒකට කමක් නෑ...දැන් ඈතට වෙලා නිදාගන්න...වදදෙන්න එපා අතපය දාලා"

"හ්ම්.."

"මගෙ වැරද්ද."

"හ්ම්ම්."

"තමුසෙ නෙවෙයි මට ගැලපෙන කෙනා.."

"හ්ම්.."

"තව රිද්දගන්න ඕන නෑනෙ...මේක මෙතනින් නතරකලාම ඉවරයි."

"හ්ම්."

"හරි නිදාගන්න එහෙමනම්...මම හෙට ගෙදර යනවා...ඔයත් ගෙදර යන්න..."

හ්ම්ම්ම්ම්ම්ම්ම්.......හරි..

💔

ඔපදුන් බදුන් ගැටුනට හඬනඟා සිහින්

බිඳුනු බදුන හඬදෙන්නේ බොල්ම හඬින්

දුක්වෙන සිතක් හැඬුවට ඉකි ගහන හඬින්

බිඳුනු සිතක් නිහඬයි මහ මුහුද ලෙසින්

දුක්වෙයි හඬයි දබරෙට යයි ඉද්දි දුකින්

බැන බැන දුකම පිටවෙයි මහ දරුනු ලෙසින්

බිඳිවිට එවැනි පෙම් සිත මහ මුහුද ලෙසින්

රැලි නැත ගැඹුර පමනකි සිත බිඳලා ගිහින්.

පෙම්සිත පුරද්දී ගිරවෙකි ගයන තුටින්

සිත රිදි විටදි කොවුලෙකි හඬනගන සොවින්

ටික ටික ඉරිතලා බිඳිවිට එ හද සැනින්

දෙතොල් ගොලුව නිහඬයි බකමුහුනු වෙසින්.

- ශෙරෝන් -

💔

...............................................................................................................................

මතු සම්බන්ධයි ♥

ඊළඟ ස්වරයෙන් හමුවෙමු.

මම ශෙරෝන් ♥

Share This Chapter