Back
/ 38
Chapter 35

තිස්පස්වන ස්වරය ❤️

තත් 🔞

"අතාරිනවා මාව."

"අල්ලගත්තෙ අතාරින්න නෙවේනේ බබා....ම්ම්ම්ම්"

"මට තමුසෙව එපා."

"මට ඕනනේ."

"මට රිදෙනවා මිනිහෝ...අතාරිනවා මාව."

"හරි ...අතාරින්නම්...දැන්වත් ලොකුසීන් නොදා කතාකරනව මං එක්ක."

"හ්ම්...හරි...කියන්න...මගුල."

මම එයාව ඇඳට පෙරලගෙන පොඩ්ඩක් ඉම්බා...ඒකට ඔය මැරෙන්න හදන්නෙ...ඇයි යකෝ මගෙ එකාව මම ඉඹින්නෙ නැතුව කවුරු ඉඹින්නද...කොච්චර තරහ මරහ තිබ්බත් මට එයාව දැක්කම ඉන්න බෑ අනේ ...ඔයාලා මොකද කියන්නෙ...ඒක වැරදි නෑනෙ ?...ඒක් මගෙ අයිතියනෙ.

"කියන්න කියන්නෙ මොකක්ද බබා..."

."මොනාද කියන්න තියෙන්නෙ."

"මට කියන්න ඇයි ඔයා මෙහෙම හැසිරෙන්නෙ කියලා."

"හේතු ගොඩක් තියෙනවා...මමලොකු කාලයක් තිස්සෙ බලාගෙන ඉඳලයි මේ තීරනේට ආවෙ."

"තියෙනවනම් කියන්න...මට දැනගන්න ඕන."

"හරි..කියන්නම්...ඉස්සෙල්ලා තමුන් කියනවා මෙතන හොයාගත්තෙ කොහොමද කියලා...මේකට මම ඔයාව එක්ක ඇවිත් නෑනෙ කලින්."

"අයියෝ සිම්පල්නේ...මම ඒලෙවල්ස් වලට බයෝකරන එකෙක්...ඉතින් ඔයා කෑමගන්න යන කඩේ , ඒ කඩේට යන්න ඔයාට ගතවෙන වෙලාව , බස් එක ගන්න තැන , බස් එකෙන් බැහැලා බෝඩිමට එන වෙලාව , ඔයාගෙ කටින් කියවෙන සමහර මාර්ග සලකුනු ඇනලයිස් කලා..."

"wtf."

"ම්ම්ම්...ඔයාගෙ කොල්ලා වැඩ්ඩ...පිලිගන්න දැන්වත්."

"ඒ කව්ද...මට ඇති කොල්ලෙක් නෑ."

"බබා...මගෙ මාරයා ආවේස කරගන්න එපා...ප්ලීස්."

මම කතාකලේ උපරිම ඉවසීමෙන්...මම අහන අහන දේට එයා හරහටමයි උත්තර දෙන්නෙ...ඉතින් මට තරහ යන්නෙ නැද්ද කියන්නකො...

ඔයාම කියන්නකො මෙහෙම කතාකර කර ඉද්දි අනිත් කෙනා හරහටම උත්තර දෙනවනම් තරහ යනවද නැද්ද...යනවද නැද්ද...හුම්.

"මට දැන් මේක ඇතිවෙලා අප්පා...ඔයා හැමවෙලේම ඔයාගෙ පැත්තෙන් හිතනවා...ඒත් මගේ පැත්තෙන් හිතන්න එකෙක්වත් නෑ...මාත් මනුස්සයෙක්...මමත් කැමතියි හුරතල් වෙන්න...ආදරේ විඳින්න...ඒත් අපි කතාකරද්දි වැඩිහරියක් වෙන්නෙ ඔයා මට බනින එකයි , රන්ඩු වෙන එකයි...මට බැනුම් අහන්න බෑ."

"ඉතින් මම හුරතල් කරනවනෙ."

"කවද්ද...කවද්ද හුරතල් කරලා තියෙන්නෙ."

"ම්...ම්..ම...ට..දව...ස....ම්ම්ම්"

"උත්තර නෑ නේ ? අනිත් දේ තමා මම ගෑනියෙක් නෙවෙයි තවුසෙ ගහන ගහන පදේට නටන්න...අන්න ඒක මතක තියාගන්නව."

"ඉතින් මම ඔයාට කවද්ද ගෑනියෙක් වෙන්න කිව්වෙ බබා."

"ඒ වුනාට ඔයා මට සලකන්නෙ එහෙමයි...මම ඔයාගෙ හස්බන්ඩ් මිසක් වයිෆ් නෙවෙයි...මමත් කොල්ලෙක්...බොටම් බව ඇත්ත...ඒත් මම හැමවෙලේම තමුසෙට යටවෙලා ඉන්න ඕනි කියලා එකක් නෑනෙ"

"ඉතින්..."

"ඉතින් නෙවෙයි තවුසෙට අනුව බොටම් වෙන එක මහා පාපයක්නේ...උන්ව පල්ලෙහාටම දාලානේ කතාකරන්නෙ."

"පිස්සුද මනුස්සයෝ."

මොනවද දෙවියනේ මේකා මේ කියවන්නේ...මම කවද්ද එහෙම කිව්වෙ...ආ ???....stress.

"පිස්සු මට නෙවේ තමුසෙට...ඔයා දන්නවද මම රෑට ඔයා ලඟට තුරුලු ව්එන්නෙ කොයිතරම් ආසාවෙන්ද කියලා...ඒත් ඔයා මොකද කරන්නෙ මාව විනාඩි දහයෙන් අයින් කරනව."

"ඉතින් බබා මට එහෙම ඉන්න බෑ...දාඩියයිනෙ...අනික මට උඩ අතට නින්ද යන්නෙ නෑ."

"ඔයාට හිතේවි මේ මොන හේතුද කියලා...ඒත් මතක තියාගන්න...අපි බොටම් අය...කොච්චර වයස වුනත් ටොප් කෙනා ලඟ හුරතල් වෙන්න අපි හරි ආසයි...ඔයා ආදරනීය කෙනෙක් නෙවෙයි...මුල්ම කාලෙ ඔයා ආදරනීයයි...දැන්නම් පොඩ්ඩක්වත් ආදරනීය නැහැ..."

"පිස්සු අනේ ඔයාට."

"පිස්සු මට නෙවෙයි තවුසෙට....ඉන්නවකො තව කියන්න."

"ම්ම්ම් කියනවකො බලන්න."

"පොඩ්ඩක් ඉන්නවා."

"ඒ මොකටද."

"තිබහයි යකෝ තිබහයි...තවුසෙ එක්ක රන්ඩුවෙලාම මට තිබහයි...හිටපිය වතුර ටිකක් බොනකල්."

"හ්හ..හ.. හා ඉතින්..."

මේ මොන මගුලක්ද යකෝ මේ වුනේ...මෙයාට මම කවද්ද අනේ කෙල්ලෙක්ට වගේ සැලකුවේ...අනික මම ඇයි එහෙම සලකන්නෙ...මම ක්‍රොස්ඩ්‍රෙසින් කරන අයට ආසත් නෑ...ආහ්හ්...stress ...stress...

"ආ කෝ එනවා...වතුර බීවා...එනවා ඉතුරු ටිකත් කියලා දෙන්න."

"කියනවකො බලන්න...තමුසෙ මගෙන් මැරුම් කන්න හදන්නෙ."

"ආ ඒවනම් ටිකක් අමාරුවෙයි...අනික තමුසෙ බයි වුනා කියලා ගේ අයට අපහාස කරන්න එපා...තවුසෙ හරීයට අපහාස කරනවා මිනිස්සුන්ට."

"මොකක් ? කවද්ද කියනවකො මම එහෙම කලේ."

"අර එදා දෙල් පසන් කියලා කෙනෙක්ගෙ වීඩියෝ එකක් දැකලා මට පෙන්න පෙන්න හිනාවුනේ.."

"අනේ ඕයි...ඉතින් ඇත්තනේ...ඌ ගේ කියලා කියනවනම් අඩුම යන්තමට හරි පිරිමිකමක් ගෑවිලා තියෙන්න එපෑ...ඌට ගෑනියෙක් වගේ ඉන්න ඕනනම් එක්කො ට්‍රාන්ස් වෙන්න ඕන...නැත්නම් ගේ කියන්නෙ නැතුව ක්‍රොස් ඩ්‍රෙසින් කරගෙන ම හිටියනම් ඉවරනෙ".

"ඉතින් ඌ මොනා ඇන්දම තොට මොකද ?"

"අනේ මටනම් මොකුත් නෑ...ඒත් අහනව...ඔය දෙල් පසන්ලා මහලොකුවට ගේ ප්‍රජාව නියෝජනය කරනවලුනෙ...හැබැයි උන් ගේ නෙවේ බාගෙට ට්‍රාන්ස් වගේ...අඩුම පොඩ්ඩක් වැදගත් විදිහට ඉඳපන්කො...මමත් බයි කොල්ලෙක්...ඒත් අර උන් දෙන්නගේ අර ප්‍රයිඩ් වීඩියෝ එක දැක්කම මටත් අප්පිරියා හිතුනා...ඉතින් උන් කරන වැඩෙන් වෙන්නේ මිනිස්සු හිතනව හැම ගේ එකාම ඒ වගේ ලඳබාග කියලා...රෙද්ද."

"ඒකෙත් ඇත්තක් නැත්තෙම නෑ...ඒත් තවුසෙ ඌගෙ නැටුමක් බලලා කිව්වෙ මොකද හරියට පුකක් වත් තිබ්බනම් ඔය හැටි වැනුවට කමක් නෑ කියලා....තවුසෙ මොකද උගෙ පුක බලන්න ගියෙ"

"අම්මෝ බලන්නම එකනේ ඒක...අර ට්විටර් එකේ උගේ අකවුන්ට් එකේ උගේ නියුඩ්ස් තියෙන්නෙ ඕන තරම් ...තව උන් දෙන්නගෙ porn වීඩියෝස් පවා තියෙනවා...ඒවා ලීක් නෙවෙයි...ඌම අප්ලෝඩ් කරපුවා

..උගෙ ඔය කියන එක මුලු ලංකාවටම පේන්න ඌ අප්ලෝඩ් කරල තියෙන්නෙ" 😒

"ඈ...සිරාද?"

"ඕ...ඒකනෙ කියන්නෙ...හෝව් හෝව්...wait a minute."

"ඇයි."

"දැන් මෙතනට කොහෙන්ද දෙල් පසනයෙක් ගෑවුනේ."

"මතක නෑනෙ."

"ඕක තමයි කියන්නෙ...තමුසෙට මේ ලෝකෙ දෙයක් මතක නෑ...මේඕකෙ සිහියක නෙවෙයි ඉන්නේ...තමුසෙට මගෙ වැරදිනම් ස්ඒරම මතකයි...අනිත් මොකවත් මතක නෑ."

"තෝනම් මහ බලු මිනිහෙක් ශෙරෝ...මට තෝව එපාමයි."

.

"ආ එහෙම හුකන්න දෙන්න බෑනෙ මෙතන...අෆයාර් එක පටන්ගත්තෙ දෙන්නම එකට නම් ත්මුසෙට තනියම නවත්තන්න දෙන්න බෑනෙ."

"ඒක යකාගෙ කතාවක්නෙ..."

"ඔව් ඒක මගෙ තියරිය...අනික තමුසෙට මාව දාලා යන්න සාධාරන හේතුවක් නෑනෙ."

මේතාක් එයා කිව් එක හේතුවක්වත් අෆයාර් එකක් නවත්වන්න තරමට බැරෑරුම් දේවල් නෙවේ...ඒවා හරිම සරල හේතු...මම ඒකයි එයාගෙන් සාධාරන හේතු ඉල්ලුවේ...ආදරේ කියන්නෙ හිතුමනාපෙට මගින් නතරකරන්න පුලුවන් දෙයක් නෙවෙයි...ඒක හ්ඟීමක්...අඩුම එයාට මාව එපානම් ඒකට හේතු තියෙන්න ඕන...සාධාරන හේතු.

ඒත් එයාගෙ මේ වෙනකල් තිබ්බ මූන වෙනස්වුනා...ගොඩාක්ම සීරියස් විදිහට එයා මං දිහා බලා ඉඳලා බරම බර සුසුමක් අතෑරියා...අනේ ඇයි ඒ ? මට බයයි බන්...

"විහිලු නෙවෙයි...ඇත්තටම මම පොඩිකාලෙ හීන මැව්වා මගේ අනාගතේ ගැන...මගෙ අනාගතේදි ලස්සනට ටොප් අයියාකෙනෙක් ලඟහුරතල් වෙවී ආදරෙන් ගෙවන අනාගතයකට මම හීන මැව්වා...ඒත් මම ආපස්සට හැරිලා බලද්දි මට හිතෙනවා මම ඒ ජීවිතේ ඇත්තටම ලබලා නෑනේද කියලා."

"ම..ම..."

"ඉන්න මම කියනකල්...ඔයා දන්නවද මම ඔයා වෙනුවෙන් ප්‍රොපසෝරියල්ස් පවා කට් කරලා තියෙන්නෙ...කරනවට කියනවා නෙවෙයි...ඒත් එහෙම කාපකිරීම් කරලත් මට ලස්සන ආදරයක් තියේද කියලා මම හිටිගමන් මගෙන්ම ප්‍රශ්න කරනව...මම කියන්නෙ නෑ ඔයා මට ආදරේ නෑ කියලා...ඔයා මට ආදරේ ඇති ..."

"ඇති !!!!!! මොකක්ද ඇති...????"

"ශ්ශ්ශ්.....කියන එක අහගෙන ඉන්න මුලින්."

"හරි කියනවකො."

"මම ඔයා ලඟට එන්නෙ ඔයාගෙ ආදරේ විඳින්න...මම බොලඳ ඇති...ඒත් මම බොලඳ කමට වුනත් ඔයාව කොනිත්තන්නෙ හපන්නෙ ඔයා එක්ක හුරතල් වෙන්න බලාගෙන...ඒත් ඔයා එවෙලෙට කරන්නෙ කෑගහලා මට බනින එක...එවෙලෙට මට පුදුමාකර දුකක් එක්ක අසරනකමක් දැනෙනව...ඔයාට අදාල නෑ කවුරු හිටියත්...ඔයා මට බනිනවා...ඔයා නිකමට හිතලා තියෙනවද...මට කොයිතරම් ලැජ්ජා හිතෙනවද කියල."

"අ...නෙ.."

"ඉන්න...අහගෙන ඉන්න...අනික පාරක යද්දි වුනත් ඔයාට කේන්ති ගියොත් ඔයාමට කෑගහනවා...ඔයාගෙ අම්මලා ඉස්සරහදි වුනත් මට කොයිතරම් බනිනවද...ඒ අම්මා නිසා කමක් නෑ...ඒත් නංගිලාට ඇහුනම මට ලැජ්ජ හිතෙන්නෙ නැද්ද...එයාලා මාව පිට කෙනෙක් කරගෙන නැතිනිසා එයාලට අව්ලක් නෑ...ඒත් මට ලැජ්ජ හිතෙනවනෙ...අපේ බැඳීම මොකක් වුනත් එයාලට අනුව මම ඔයාට වඩා වැඩුමල් කෙනෙක්නෙ...අනික ඔයා බනින්න ගියාම යකා වගේ...කිසිම ආදරනීය බවක් නෑ...ඇත්තටම ඔයා ආදරේ කරන්න දන්නෙ නෑ...ඔයා මට ආදරේ ඇති...ඒත් මට ඒ ආදරේ දැනෙන්නෙ නෑ..."

"මං...ඒත්..."

"ඉතින් මම තීරනය කලා අඩුම ආත්ම ගරුත්වයවත් ඉතුරුකරගන්න...ඔයාට මතක ඇතිනේපෙරේදා අර මගෙ කලින් කෙනෙක් කතාකලා කිව්වම ඔයා හැසිරුනු විදිහ..ඔයා මට කුනුහර්පෙනුත් බැන්නා..."

"මට.."

"ඉන්න...මම කතාකරලා ඉවර නැහැ...මම දන්නවා ඔයා ගොඩක් නපුරු , ඉක්මනින් කේන්ති ගන්න කෙනෙක් කියලා...ඒත් අඩුම මටවත් සොෆ්ට් වෙන්න ඕනි නේද...අම්මටවත් සොෆ්ට් නෑනෙ ඔයා...අඩුම ඒ මනුස්සයා උයන දේවත් රසයි කියන්නෙ නෑනෙ...රස දවසට විතරක් නෙවෙයි හැමදාම ඒ අම්මගෙ කෑමවකට වටිනාකමක් දෙන්න...අද කෑම රසයි කියලා අම්මව සතුටුකරන්න බැරිනෑනෙ...මම දන්න්න්ව ඔයා අම්මට ආදරෙයි...ඒත් ඔයා අම්මවත් රිද්දනවා...ඇත්තටම ඔයා ආදරේ පෙන්නන්න දන්නෙ නෑ...මම අඅසයි පුන්චි එකෙක් වගේ ඔයා ලඟ ඉන්න...එහෙම වුනොත් ඔයා මාව මරලා දාවි...ඔයා යක්ශයෙක්...මට හැමදාම මෙහෙම ඉන්න බෑ...මට වෙන අය ඕන නෑ...ඒත් අඩුම ආත්ම ගරුත්වයවත් ඉතුරුකරගන්න ඕන මට...මම මේ තරම් ම කිව්ව එකේ ආය් ඔයා තව හේතු ඉල්ලන එකක් නෑ කියලා හිතනවා...ඕනනම් තව හේතු ඕනිතරම් තියෙනවා...ඔයාට මොනාද කියන්න තියෙන්නෙ..."

"එතකොට ඔයා..ගෙ ජීවිතේට මා...ව තවදුරටත් අවශ්‍ය... නෑ කිය..ලද කියන්නෙ..."

."........"

"කියන්න...ඔයාට තවදුරටත් මාව එපා කියලද කියන්නෙ."

"......"

"ආයෙ මට ඔයාගෙ ජීවිතේ තැනක් දෙන්න ඔයා අකමැතියි කියලද කියන්නෙ."

"...."

"කියන්න මට."

"ඔව්."

මොකක්...එයා කිව්වෙ ඔව් කියලද...එයාට මාව එපා කියලද එයා කිව්වෙ...එතකොට එයාගෙයි මගෙයි කතාව මෙතනින් ඉවරද...නෑ නැ...ඒක එහෙම වෙන්න බෑ...මම ඒක එහෙම වෙන්න දෙන්නෙ නෑ...නෑ...

"😳😢...බ....බා..."

"මගෙ උතතරේ ඔව්."

"මාව එපාද."

"එපා."

"මම ආයෙ අහනවා...මාව එපාද බබා"

"එපා...ප්ලීස්..මේක කරගෙන ගියාකියලා තේරුමක් නෑ."

"අන්තිම පාරට අහන්නෙ...එපාද ?"

"එපා එපා එපා... එකම දේ ආයෙ ආයෙ අහන්න එපා."

".............හ්ම්ම් හරි...මම යන්නම් එහෙනම්."

"........."

"පරිස්සමින් ඉන්න හොඳද...ශෙරෝ ඔයාට ගොඩාක් ආදරෙයි...කරපු ආදරේ ඔයාට නොදැනුනාට , ආදරේ කරන්න නොදන්නවා වුනාට උඹත් හරි මට මගෙ පනත් හරි"

"..........."

"පරිස්සමින් ඉන්න ❤️ "

"වැස්ස පායනකල් ඉඳලා යන්න."

"එපා...දැන් තෙමුනා කියලා අමුතුවෙන් වෙන්න දෙයක් නැ...ආ ඌබර් එක ඇවිත් ....මම යනවා එහෙනම්.."

"හ්ම්...හරි...පරිස්සමින් ...ඔයා සතුටින් ඉන්න හැමදාකම."

"හ්ම්...ආ තවදෙයක්...ඔයාට පුලුවන් මගෙ නම්බර් එක බ්ලොක් කරලා

දාන්න...මොකද මං දන්නවා මං ගැන...මට නිතරම ඔයාට කතාකරන්න , මැසෙජ් කරන්න හිතේවි...ඒක ඔයාට වදයක් වේවි...ඒ නිස බ්ලොක් කරන්න."

"හ්ම්."

"බායි....පරිස්සමින් ඉන්න ඔයා හාද ?"

"හ්ම්...පරිස්සමින්."

.💔..💔....💔....💔...💔....💔..💔.....💔....💔.....💔......💔.....💔.....💔.....💔..

එයාගෙ බෝඩිමේ ඉඳලා මම එලියට බැස්සේ ලා පොදේ...ඒ පොද මගෙ ශර්ට් එකෙ පුන්චි පුන්චි පැල්ලම් ඇතිකරලා තිබුනා...අතගාලා බැලුවානම් ඒ සීතල පැල්ලම් අස්සෙ රස්නෙට දැනෙන තෙත් පැල්ලම් කීපයක් සොයාගන්නත් තිබුනා...ඒවාට හේතුව වැහිපොදමද...කව්ද දන්නෙ......

ඌබර් එකට කෝඩ් එකත් කියලා කන්ෆර්ම් කරගෙන මම ඇතුලෙන් වාඩිවුන විදිහටම තාමත් අපි දෙන්නගෙ ලෝකෙ...ඉඳහිටක හිරිපොදක් මගෙ මූනෙ වැදිලා ඒ කල්පනාව බින්දොත් ඇර ඩ්‍රයිවර්වත් මගෙ කල්පනාවට බාධාකරන්න ආවෙ නෑ...

මුලු පරිසරේම තද අඳුරකින් වැහිලා තිබ්බා...ලා පොද වැස්ස දැන් මහ ධාරානිපාත වැස්සක්...

මම ත්‍රීවීලර් එකේ ඇතුලේ ඉඳන් බලද්දිත් මහරගම පොල , ඔරලෝසු කනුව , කොට්ටාව බස් ස්ටෑන්ඩ් එක , මහරගම -  කොට්ටාව ගොඩනැගිලි මේ මහ වැස්සේ තෙමි තෙමී උන්නා....අපි දෙන්නා එකට ඇවිදපු පාරවල් මන් දිහා වැහි වතුරට තෙමීගෙන බලාඋන්නා...

"සර්...සර්...අපි මාකුඹුරට ආවා...සර්."

"ආ...ආහ්...හරි...කීයද අන්කල්."

"680 යි සර්."

"ආ මෙන්න."

"හරි සර්.."

"තෑන්ක් යූ අන්කල්.."

මම ඌබර් එකෙන් බැහැලත් ලොකු හුස්මක් පිටකරලා පපුව හෑල්ලු කරගත්තා...මට කෑගහලා අඬන්න ඕන...ඒත් මම ගෙදරට යනකල් ඉවසගෙන ඉන්න ඕන...මොකද ප්‍රසිද්ධියේ අඩන්නවත් පිරිමියෙකුට නිදහස නෑනෙ.

මාතර මාකුඹුර හයිවේ බස් එකට ගොඩවෙලා ජනේලයක් අයිනක ගිලිවුනු මම ඒසී එක සම්පූර්නෙන්ම මගෙ පැත්තට හරවගෙන එයාර්පොඩ්ස් දෙක කනේ හිරකරගෙන ඇස් දෙක තදකරලා පියාගත්තා...ඒත් මුරන්ඩු හැඟීම් බින්දුවක් එතකොටත් ඇස් අද්දර තෙතක් රඳවලා තිබ්බා.

දවසෙ කීවෙනි වතාවටදෝ මම මගෙන්ම අහගත්තා

{ " මම එයාට එච්චරටම රිද්දලද "}

"මේ කඳුලු බින්දුව මගෙ නොවෙයි

එය ඔබේමයි

එය ඔබේමයි 💔"

මතු සම්බන්ධයි ❤️

හෘද වීණා අරන් මම එන්නම් ඉක්මනින්ම...ඒක ප්‍රබන්ධයක් නිසා මම ආයෙ ඒක මුල ඉඳන් කියවලයි ගේන්න ඕන...මොකද මට මතක නෑ දැන් කොතනද ඉන්නෙ කියලා...ඒක ගැන ඇහුව අය වෙනුවෙන් මම ඉක්මනින්ම හෘද වීනා අරගෙන එනවා...

ශෙරෝන් ❤️

.

Share This Chapter