Back
/ 38
Chapter 6

සයවන ස්වරය ♥

තත් 🔞

"Gale mein laal taai,

ghar mein ek chaar paai

Takiya ek aur hum do

ek hi hai razaai

Sardi kaise jaayegi,

kaho kaise hamein neend aayegi "

ඩින්කි චිකා ඩින්කි චිකා...ඕයේ......කැරකිල දෙකට නැමිලා බඩ මිරිකලා බුරුය හපලා...

ආයෙත් කියන්න ගොන් බබා ඒක...නෑ එක්කො ඕනෙත් නෑ

හුම්.

හම් තුම්හාරේ හේ සනම් ෆිල්ම් එකේ සින්දුවක් දාලා තියෙන්නෙ බස් එකම උඩ යන්න..බෙලා සුලාකේගේ කටහඩට මධුරි ඩික්ශිත් නටනවා ආය දෙකට කැඩෙන්න..මධුරි..dhak dhak girl of bollywood...මධුරිව බෙදාගන්න බැරුව ශාරුක් ඇන්ඩ් සල්මාන් සීතල යුද්ධෙක..මේ සේරම මැද ඉස්සරහ ශීට් එකට කකුලත් තියන් මන් ශපාන් එකේ අඩ නින්දේ...මරු...ආ සැප සැප සැප...ම්ම්ම්හ්හ්හ්..

පොඩ්ඩක් හෝව්..ඔයාලා බලනව ඇති නේද මම මේ බස් එකක් අස්සෙ අහවල් ඇටකිරිඥ්ඥාවක් කරනවද කියලා...

මා පුතාට කියන්න මම මේ ඉන්නෙ පානදුර මාතර හයිවේ බස් එකක..මම අද යනවනෙ ඒයි මගෙ පැංචව බලන්න , පිස්සුද ඩාලිං...සින්හල අවුරුද්දට ඇඳුම් ගන්න යන්නෙ...හුම්...අපේ ගෙදරින් අවසර ගත්තෙනම් ඒම කියලා...ඒත් ඇත්තටම යටි අරමුන අර ගස් ගෙම්බාව බලන්න යන එක තමා...අම්මා අවුරුද්දට ඇඳුම් ගන්න දුන්නු සල්ලිත් අරන් මම කොලොම්තොටට නැව් නැග්ගා කියහන්කො...සොරි කරෙක්ශන්...කොලොම්තොටට බස් නැග්ගා..

වෙනදා ඉඳලම අවුරුද්දට ඇඳුම් ගන්න කොලබ එන එක අපේ පුරුද්දක්...ඒ නිසා ලොකු කේස් එකක් නැතුව පර්මිශන් ගන්න පුලුවන් වුනත් අම්මලා කිව්වෙම එයාලත් යන නිසා තව සති දෙකක් විතර ඉවසන්න කියලමයි...ඒ වුනාට අපි සැලුනද මිත්‍රවරුනි...එකෙන්ම නෑ නෙවෙයි ඔව්...පොඩ්ඩක් විතර සැලුනා...ඒත් මම මගෙ යක්ශාරූඩ මොල රාජයාට සුලි සුළඟක් වගේ ආවා අයිඩියා එකක් දාලා තව සති දෙකක් යද්දි ඇඳුම් තේරිලා , හොඳ ඒවා නැති බව කිය කිය පානදුරාවය, සොරි මාතරාවාදය කිරීමෙ ප්‍රථිඵලයක් ලෙස තමා මම දැන් බස් එකේ ඉන්නෙ...කෝමද ටිකිරි මොලේ.

මම ඉතින් දැන් මේ මධුරිත් එක්කම ඉමදූව එක්සිට් එක පහුකලා ..

ඔහෙලට කියන්නත් දෙයක් තියේ...හැබැයි කාටවත් කියන්නෙපා...ඒක රහසක්..

...ම්ම්ම්ම්ම්ම්ම්....ම්ම්ම්ම්....මේ මේ.....මේ.....

අනේ ලැජ්ජයිත් වගේ අයියෝ...කෝමද කියන්නෙ...අනේ බෑ අප්පා...පශ්ශෙ කියන්නම්...ඔන්න ඔහේ එක්කෝ කියලම දාන්නම්කො..මගෙ අර පැංචා...අර අර මගේ සුදු කොට එක්කෙනා...නෑ යකෝ කලු කොට සුමනවතී නෙවෙයි , ඌ මගෙයැ..ඌ නලින් පෙරේරාගෙනෙ...අර අරයා අනේ...අර මෙඩ්ඩා..පොඩි හොර ගෙඩ්ඩා මගෙ...අර අරයා අනේ..

ගහනව මම තොපිට පොල්...මගෙ අර නෙතූ බබා අනේ...එයා මට කිව්වනෙ නා උන්නෙයි කාදලික්කිරේන් කියලා..😁..ලැජ්ජයි උට්ටෝ.

ඔව් ඒයි එයා මට ආදරෙයි කිව්වා....

ලස්සන දවසක හවසක ඉර බැස යන වෙලාවක මූදු වෙරලේ බිම්තඹරු මල් පිපුනු තන පලස මත....සොම්‍රි ඒයි...සුට්ටම් ටැපලුනා..මූදු වෙරලේ නෙවේ...ගං ඉවුරේ...ගං ඉවුරේ තුලු ලතා මඩුල්ලේ ගුලිවෙලා ඉඳගෙන මේකා මට අලාවියෝ කිව්වනේ...කිති කිති වගේ ඒයි මතක් වෙද්දිත්...

ඒක වුනේ මේමයි ඈ...අහගනිල්ලා හොඳට.. අහගෙන ධාරනය කරගනිල්ලා ඈ .

හී...පුන්චි පැන්චි පුන්චි පැන්චි දැන්.

............................................................................................................................

දින තුනකට පෙර ♥

"ඇයි මේක ඕපන් කරන්නෙ නැත්තෙ අනේ."

"තාම කිඹුල් කොටු ගහලා නෑලුනේ...හරි ලොකු වැඩක්නෙ කිඹුල් කොටු ගහන එක."

"අම්මෝහ්...කිඹුල්ලුන්ට කියලනම් කවාගන්න බෑ...අපි යමුකො මෙතනින්"

"තවුසෙ හිතුවද කිඹුල්ලු පියාබනවා කියලා...ඔන්න ඔහොම ඉන්න අනේ...මෙතන නිසකලංකයිනෙ."

අපි ඉන්නේ නිල්වලා පාක් එකේ..දෙවිනුවර ඉඳන් කෙලින්ම අපි මෙතනට ආවේ...ගඟ අයිනෙ යකඩ වැටට බරදීලා...කුඹුක් ගස් , කොට්ටම්බා ගස් , කිරල ගස් වලින් වටවෙලා ගිනිගහන ටවුන් එක මැද තියන දිව්‍යලෝකයක් වගේ තැනක්...මේක තවම ඕපන් කරලානම් නෑ...අපි ඉතින් ඔය එහෙන් මෙහෙන් රිංගලා ආවා ඇතුලට...මටම හරියනවා මේකාත්. හී

මේක හදලා දැන් අවුරුදු ගානක්...හැබැයි කිඹුල් කොටු ගහලා නෑ කියලා තාම ඕපන් කලේ නෑ...මේකා සංචාරක මධ්‍යස්තානයක්...හරිම ලස්සනයි...පිලිවෙලයි

අපේ අතේ තියෙන්නෙ ගල්ල මාතර අවට අයටනම් ගොඩක් සමීප බීමක්...කිරල බීම...අපේ නැන්දා වෙනදා මේවා සුද්ද් කරණකොට කියනව පිට ඔටුන්න දාගත්ත රජාගෙ තඩි බඩේ පනුවො කියල...මේවා හැදෙන්නෙ කිරල ගස් කියන කඩොලාන කුලයෙ ගස් වල...මේවා හරිම කිරි රසයි...හැබැයි හුඟාක් සීතලයි...මාරම සීතලයි ඇඟට...මාරම රසයි හැබැයි...කිරල ගෙඩි වැල් විකුනන්න තියෙනව මෙහේ ඉරටු වල අමුනලා.

කිරල සුද්ද කරන්න හැමෝටම බෑ....මොකද කිරල ගෙඩියෙ පණුවෙ ඉන්නවා ගොඩාක් වෙල.වට ඒනිසා පලපුරුදු කෙනෙකුට තමා මේවා සුද්ධකරන්න ලේසි...අපේ අම්මලානම් මේවා සුද්ධකරන්න දන්නව..

"මට කියන්නකො ඔයා ගැන."

"ම්ම් ...මොනාද දැන් දරුවට මන් ගැන දැනගන්න ඕන."

"ඔයා මීට කලින් ආදරේ කරලා තියෙනවද."

"ඔව්"

"ඇත්තටම ?."

"ඔව් ඉතින්..මම බබෙක් නෙවේනෙ...මට ගර්ල්ස්ලා කීප දෙනෙක් එක්කම අෆයාස් තිබිලා තියෙනවා...ඒ ඇරුනම බෝයිස්ලා කීපදෙනෙක් එක්කත් අෆයාර්ස් තිබිලා තියෙනවා...ඒත් ඒවායින් එකම එකයි මම සිරා කලේ...ඒ කොල්ලා ගියේ මාව අපායක දාලා.එයා මට චීට් කලා...මම හුඟාක් විඳෙව්වා...ආයෙනම් මට දුක විඳින්න බෑ දරුවො."

"ම්ම්ම්...හරි හරි..කෝ ඉතින්..."

මගෙ ඇස් දෙකේ කඳුලු පිරුනා...මම සිරා කරපු එකම ගේ ලව් එක...ඒක මගෙ ෆස්ට් ගේ ලව් එක..ඒ කොල්ලා මට මාරම වේදනාවකො දුන්නා...ඒ ගැන මතක් වෙලා මට කඳුලු පිරුනා...හරි හරි කිව්ව මගෙ සන්කොල්ලා බයෙන් බයෙන් වගේ මාව තදට තුරුලු කරගත්තා....පව් අප්පා...එයා බය ඇති මට..මූන දැක්කම හිනායන්නත් ආවා මට.

"ඇයි මැනික බයෙන් වගේ...බයවෙන්නෙ ඇයි මාව හග් කරන්න...ම්ම්ම් ?"

"මට බය හිතුනා...එහෙම එකපාරට තුරුලු කරගෙන තල්ලු කරලා දැම්මොත් එහෙම...අනික මේක පබ්ලික් තැනක් නේ."

"ආ එහෙම කරන්නෙ නෑ මම...පිස්සුද...කෝ එන්න...පූස් පැටියෙක් වගේ අනේ."

"මට ඔයාට බඩ්ඩක් කියන්න ඕන."

"මොකක්...මම බඩ්ඩක් නෙවෙයි...ඇයි මට බඩ්ඩක් කියන්නෙ...ගුටිදෙන්නෙ"

"පිස්සු...මම කිව්වෙ මට ඔයාට රහසක් කියන්න තියේ කියලා"

"ම්ම්ම්...කියන්න බලන්න එහෙනම්."

"මම...."

"ඕ ...ඔයා..ඉතින්"

"ඔයාට.."

"ඔව් මට."

"ආදරෙයි.."

"හා...ආදරෙයි.

මොකක්...හෑ...මොකක්..ආදරෙය්...ආදරෙයි කියලද කිව්වෙ...ආයෙ කියන්න බබා ඒක"

"මම ඔයාට ආදරෙයි ගොනෝ."

"අනේ...හිතුවාට වඩා මගෙ පැංචා ෆෝවර්ඩ් නේ.."

"ඒම තමා අපි."

"කෝ ඉතින්.."

"මොකක්ද.."

"නෑ නෑ මොකුත් නෑ."

"අනේ අනේ ..බූරුපුතේ...මාත් ආදරෙයි මැනික...ඔයාට දැනුනෙ නැද්ද ...ම්ම්ම් ?"

"දැනුනා...ඒත් අනේ මට බය හිතුවා මගෙ ජීවිතේ පරන අෆයාර්ස් නිසා"

"ශ්හ්හ්හ්...ඇති...මට එඑවා කියන ඕන නෑ...අද ඉඳන් ඔයා හිතන්න ඕන ඔයාගෙ ජීවිතේ පලවෙනි ආදරේ මම කියලා...තේරුනාද."

"හලී."

"කෝ උම්මක් දෙන්න ඒනම්."

"බෑ බෑ...මෙතනනම් බෑමයි."

"හා හා ලොකුසර්...ඔයා කියන දෙයක් තමා."

.............................................................................................................................

ඔන්න ඕම තමා මගෙ පුන්චි හිපාටුවා මට එයාගෙ ආදරේ ගැන පාපොච්ඡාරනය කලේ..

අතීතාවර්ජනය අතරෙදි මධුරි ඩික්ශිත් ගිහින් රවීනා තන්ඩන් ඇවිත් තිබුනා...මදිපාඩුවට ගෝවින්දත් ඇවිත්..රවීනා තන්ඩන්...tip tip girl of bollywood..මම ආසම සින්දුවක්...පිස්සු හැදෙන මරු රංගනයක්...ජස්පින්දර් නරුලාගේ කටහඬට රවීනාගෙ මූව්ස් එක්ක අපිටත් නැටවෙනවා...බස් එක දැන් ෆුල් හැපනින්ග්.

"Apne deewane ka

Apne deewane ka kar de bura haal

Ray jee ankhiyon se goli mare

Ankhiyon se goli mare

Ladaki kamal ray jee

Ankhiyon se goli mare

Ladaki kamal ray jee

Ankhiyon se goli mare"

අකියෝසේ ගෝලී මාරෙ...ඒ කියන්නෙ ඉතින් ඇස් වලින් වෙඩි තියනව කියන එකනෙ...මරු හැබැයි...මගෙ කොල්ලටත් පුලුවන්ද දන්නෙ නෑ...හී

හින්දි ෆිල්ම් එකක් තරම් ජීවිතේ සුන්දර නෑ තමා..ඒත් අපිට පුලුවන් සුන්දර කරගන්න ....අපි ඉගෙනගන්න ඔන තියන දෙයින් සතුටු වෙන්න...මම කෝටිපතියෙක්ගෙ පුතෙක් නෙවෙයි...ඒත් සැලකිරියුතු වත්කමක් තිබ්බා...ඒ මොනා වුනත් මම මොනාහරි ගද්දි මගෙ අතේ සල්ලි තිබ්බත් නැතත් ඒ දේ ඒ ගානට වටින්නෙ නෑ නම් මම ඒක ගන්නෙ නෑ...මගෙ තාත්තා කොයිතරම් මහන්සි වෙන්න ඇත්ද ඒ සල්ලි හොයන්න...මට හිතෙන්නෙම එහෙම.

ආදරේදි වුනත් අපි ඉගෙනගන්න ඕන තමන් ආදේශ කරලා අනිත් කෙනාට දුකක් නොදෙන්න...අත්තූපනායක ධර්ම පර්‍යාය කියන්නෙත් ඒකද කොහෙද...කට තිබ්බ පලියට වචන පිට කරන්න හොඳ නෑ...කල්පනා කරන්න ඕන මේ දේ මම කිව්වොත් එයාගෙ හිත රිදෙයි නේද...මම එයාට ආදරෙයිනේ , ඉතින් මම කොහොමද එයාගෙ හිත රිද්දන්නෙ...අනික මේ වචනෙන් ඒ හිත බිඳුනොත් මම ඒ හිත ආයෙ හදන්නෙ කොහොමද..අන්න එහෙම තමන්ගෙන්ම ප්‍රශ්න කරලා බලන්න...එතකොට හිත් රිදීම් ගොඩාක් අඩුයි...ක්ශනික කේන්තියට තමන්ගෙ ජීවිතේ වටිනකියන දේවල් නැති කරන්න ඉඩ දෙන්න එපා...ඒක ලොකු දුර්වලතාවයක්.

හැමෝටම අඩුපාඩු තියෙනවා...වටින්නේ ඒ අඩුපාඩු හදාගැනීම නෙවෙයි හදාගන්න උත්සාහ කිරීමයි.

එක වචනෙකට පුලුවන් හිතක් හදන්න වගේම හිතක් බිඳින්නත්...වචනෙකට පුලුවන් මිනිහෙක්ව මරන්න ව්උනත්...වචන ඒ තරම්ම බලවත්...

ඉන්න ටිකක්...අපේ කතාව අස්සේ රවීනා අක්කි නොකියම ගිහින්...ඒ වෙනුවට රානි මුකර්ජි ඇවිත් බොබී ඩියෝල් එක්ක..රානි..khandala girl of bolkywood...මම ආසම රානිගෙ කටහඬට...ඒක හරිම යුනික් , පවර්ෆුල් වොයිස් එකක්...ආ රානි මගෙ ක්‍රශ් එකක් අනික...හී 😁...ඔන්න එහෙනම් අපි රානි අක්කිත් එක්කම බද්දේගම එක්සිට් එකත් පහුකලා....කවිතා ක්‍රිශ්නමූරිතිගෙ නාසික්‍ය කටහඬට රානිගෙ එක්ස්ප්‍රෙශන්ස්...වාහ්හ්හ්...

"milne se darr tha hai dil

ikraar ho na jaye.

na milo na milo

na milo hum se zyada kahin pyaar ho na jaye "

කොහෙද අපි හිටියේ...ම්ම්ම්ම් ?

ආ හරි හරි..

මෙහෙමනෙ...අපි ඇයි ආදරයක් හොයාගන්නෙ.. ම්ම්ම් ?..උත්තරයක් තියෙනවද ම්..

අපි ආදරේ කරන්නෙ ෆිසිකල් අවශ්‍යතාවයකට වඩා මෙන්ටලි අවශ්‍යතාවයකට...මෙහම හිතමුකො...අපිට අසනීපයක් හැදුනොත් අපි ආදරේ කරන කෙනා මොනවා කරනවටද අපි කැමති...බෙහෙත් ගෙනත් දෙනවටද...නෑ...අපි කැමතියි එයා අපි ගැන වදවෙනවට..."ඔලුව රිදෙනවද රත්තරන්..කෝ චුට්ටක් ඔලුව අතගාන්න...ඔන්න මම උම්මක් දුන්නා...දැන් ඉක්මනින් හොඳවෙනවා...හොඳ ලමයා වගේ මහන්සි නොවී ඉන්නකො ...මම කවන්නම් අද ඔයාට.."..ඔන්න ඔය වගේ වචන අහන්න අපි ආසයි...ඒකට බාල මහලු , ටොප් බොටම් බේධයක් නෑ...හැමෝම ආසයි ආදරේ විඳින්න...ඒ වචනවලට ඇත්තටම ලෙඩේ හොඳකරන්න බෑ තමා...ඒත් ඒ වචනවලට පුලුවන් හිත සුවපත් කරන්න..

ඒත් එහෙම නොකර "රෑට නාන්න එපා කිව්වනෙ මම....අයිස්ක්‍රීම් කනකොට මම කිව්ව නේද."..අරමයි මෙහ්මයි කියකිය උපදෙස් දුන්නොත් වෙන්නේ ඒ කෙනාගෙ හිත තවත් ලෙඩ වෙන එක...ඔය දේවල් ලෙඩ සනීප වුනාම හෙමීට කියන්න...එතකොට දෙන්නම සතුටින්.

ට්‍රීං ට්‍රීං...📲📲📲📲📲📱

චුට්ටක් ඉන්න...කෝල් එකක් මගෙ කොම්ලගෙන්...ඔයාලා හිටියට කමක් නෑ අනුන්ගෙ කෝල්ස් වලට ඇහුන්කම් දෙනවා ඒම නෙවේ ඈ...මැනර්ස් දන්නවනෙ.

"හෙලෝ මැනික"

"හෙලෝ ..කොහෙද අප්පා ඉන්නේ...ලොකේශන් දාන්නකො"

"ඇයි ඔයාට හදිසිද...මම තාම කුරුඳුගහහැතැක්ම ඉන්නෙ බබ...තව වෙලා යනවා.."

"ගොඩාක් වෙලා යයිද ඒයි."

"තව පැය භාගයක් වගේ."

"ම්ම්ම් ..."

"ඉවරද ඔයාගෙ වැඩ "

"තව නෑ...අම්මා කෙනෙක් ඉන්නවා තව...එයාගෙ හිස්ට්‍රියක් ගන්න ඕන."

"ආ හරි බබා..ඔයා ඒ වැඩටික කරගන්නකො එහෙනම්."

"මම එන්නම් පැයභාගෙකින් ස්ටෑන්ඩ් එකට."

"හරි..ඔයා ඇවිත් හයිවේ බස් ගහන තැන ඉන්න."

"හරී...පරිස්සමින් හොඳද...අලාවියෝ."

"අලාවියෝ ටූ මැනික්ස්."

ටීක් ටීක්.................

ආ අපි කොහෙද හිටියෙ...ආ හරි ආදරේ ගැනනෙ අපි කතාකලේ...බලන්නකො ඉතින් අපේ කෝල් එක අතරෙ රානි අක්කිත් ගිහින් ...අපිට පාලු හිතෙයි කියලා ප්‍රීති zසින්ටා ඇවිත් හ්‍රිතික් එක්කම ...වාහ්..ප්‍රීති zසින්ටා...dimple girl of bollywood...පිස්සුවක් වගේ සින්දුවක්...ඔයාලාට මතකද ජාදුව...අර ඒලියන්...නොදන්න අයනම් ඉන්න විදිහක් නෑ...අන්න ඒ ෆිලුමෙ සින්දුවක්....බේස් එකත් එක්ක බස් එකම උඩ යනවා..

මේ බස් එකනම් මරු...කම්මැලි නැතුව යන්න පුලුවන්....ඔන්න එහෙනම් අපි ප්‍රීතිත් එක්කම වැලිපැන්න එක්සිට් එකත් පහුකලා.

ප්‍රීති කිව්ව ගමන් තමුසෙලා වෙන ලබ්බක් හිතුවා නේ...අනේ හුකේ නන්නානේ බල්ලො හුකයි හඳපානේ කිව්වලු...තමුසෙලාත් හොඳටම වල් වැදිලා ඈ...ඒ ප්‍රීති නෙවේ...මේ කියන්නේ ප්‍රීති සින්ටා ගැන...මම ආසම කෙනෙක්...ප්‍රීතී විත් ප්‍රිටී ඩිම්පල්ස්...වාහ්...

"haila haila hua hua.

haila haila chumhe chua"

ම්ම්ම්...අපි ආයෙම එමු කතාවට...

ඔයාලා දනන්වනෙ අද කාලෙ හාමුදුරුවො කරන දේවල්...ඉතින් දවසක් අපේ අම්මත් එක්ක ටීවී එක බල බල ඉද්දි ඔහොම එකක් නිව්ස් වල පෙන්නුවා...මම ඉතින් ඒක අපේ ගෙයි සාලේ මැද හොඳටම විවේචනය කරලා බැන්න්නා...දන්නවද අපේ අම්මයි අනිත් වැඩිහිටියොයි කිව්ව දේ....අම්මෝහ්..

"සිවුරට ගරුකරන්න ...ඔහොම කතා කරන්න එපා...සිවුර ඇඳන්නෙ ඉන්නේ."

අනේ ඉතින් කාට කියනන්ද...අපේ රටට මේම වෙලා මදි...මගෙත් කට ඉතින් දන්නවනෙ...මමත් දුන්නා ඒකට හොඳ උත්තරයක්.

"එහෙනම් ඉතින් සිවුරට ගරුකරන්න ඕනානම් මම අටපිරිකර කඩයක් ළඟට ගිහින් වැඳගෙන ඉන්නවනෙ...සිවුරට නෙවෙයි අම්මා අපි ගරුකරන්නේ සිවුර පොරවන් ඉන්න කෙනාගෙ ගුනවලට."

ඔන්න ඉතින් අපේ අම්මා පරල වෙලා මට බැන්නෙ නැතැයි" අද කාලෙ ලමයිනම් අන්ඒ මන්දා...තමන්ගෙ රට ජාතිය ආගම ගැන කැක්කුමක් නැති හැටි.."..යැයි යැයි යැයි...

ඒත් කොතනද අපිට වැරදුනෙ....හරුයටම බැලුවොත් අපි හුzඟාක් අය රැවටුනේ මිනිස්සුන්ගෙ පිට පෙනුමට...සුදු සරමට කුරහන් සාටකේ දාන් ආව අප්පච්චිලා පොඩි උන්ව වඩාගත්තම අපේ මිනිස්සු උන්ට මල් තිබ්බෙ නැති එක විතරයි...අන්තිමට සාටකෙන් බෙල්ල වැලලාගන්න තමා අපිට වුනේ.

ඔය හැටනමලක්සයක් කොලේ...රට ජාතිය ගැන කැක්කුම ඇති නිසා ගිහින් කතිරෙ ගහලා ආවෙ...

හැටනවය කියන්නෙ මරු අංකයයි...ෆීන්ග් ඕසම් බ්‍රෝ...ඒ වුනාට ඒක හැමතැනටම මරු නෑ...අන්තිමට හැට නවය හෙලයට ඇරලම ගියා..

හැබැයි මම ආසයි හැටනවයට ....වෙලාවක මගෙ බටුඇටෙත් එක්ක ට්‍රයි කරලා බලන්න ඕන...ම්ම්ම්හ්හ්...සැප සැප...

හෝව් හෝව්...ඇයි ඇයි උඩට එන්නෙ ඇයි..

ඕකනෙ බැරි...

කලු ම කලුයි හම් සරමක් ඇඳන් නටන මල්ලියා

ජොකා ඇතුලෙ දබර කරන පුන්චි මල්ලියා

මගේ මල්ලියා සුරතලා චන්ඩියා.

හික්ස්.

ආ තව දෙයක්...ලංකාවෙ හුඟාක් මිනිස්සු ගේ ඇන්ඩ් ට්‍රාන්ස් කියන දෙක පටලගෙන ඉන්නේ...ඒක ඉතින් මේ සමාජ ක්‍රමයේ වැරද්ද...කොල්ලො දෙන්නෙක් පාඩුවේ අහින්සකව ලව් කරද්දි තුන්වෙනි පාරත් කසාද බැඳලා හොරමිනිස්සු රට වටේම ඉන්න මහා වේස අම්මන්ඩිලා කියනවා ලැජ්ජාවෙ බෑලු ...අපේ කාලෙ මේවා වුනේ නෑ...විජාතික NGo බලවේගලු...අනේ අනේ...මේවට හිනාවෙන්න ඕන කොහෙන්ද.

ඔක්කොමත් හරි...මේක නිකන් සංගීත පුටු තරඟෙ වටේ...එනවා නටනවා දුවනවා...ප්‍රීති අක්කා ගිහින් ඒ පාර කරිශ්මා කපූර් ඇවිත් ගෝවින්දා එක්ක....ම්ම්ම්...කරීශ්මා....dancing queen of bollywood...නායිස්...ඔන්න අපි කරිශ්මා අක්කිත් එක්ක ගැලනිගමින් එක්සිට් වුනා....ඕ යේ...මම එක්සිට් වුනා...

"tumsa koi pyara koi masum nahi haj

kya cheez ho tum kudh tumhe maalum nahin hai"

පොඩ්ඩක් ඉන්න ගායීස් මම මගෙ පැංචට මැසෙජ් එකක් කොටලාඑන්නම්.

📱"බබා...මම එක්සිට් වුනා...දැන් එලුවිල ඉන්නෙ...ඔයා හෙමීට එන්න ස්ටෑන්ඩ් එකට...පරිස්සමින් හොඳද..පාර මාරු වෙද්දි එහෙම කල්පනාවෙන්...ආදරෙයි..උම්ම්ම්ම්ම්ම්ම්මා "📱

එහෙනම් මම අද රෑ මගෙ පැංචා එක්ක....ම්ම්ම්ම්ම්ම්හ්හ්හ්...ශෝයි.

😋😋😋

..............................................................................................................................

මතු සම්බන්ධයි ♥

ඊළඟ ස්වරයෙන් හමුවෙමු.

සින්දු වැඩියි කියන්නනම් එපා...මේ කතාව මියුසික් එක්කම යන එකක්...ඒකයි...

මම ශෙරෝන්.

Share This Chapter