Back
/ 22
Chapter 11

9th Chapter

ආරාධනා දෑස් 💕

අවසානයේ අපි නතර වුනේ කැන්ටිම ළඟ.

" අකිඳු, මට ඇත්තම කියපං උඹ?? "

දුලාංජ මගෙන් අහද්දි මාව confuse වුනා. මොකද්ද මූ මගෙන් අහන්නේ?

" මොනවද බං? "

" උඹ ඊයේ School ඇරිලා ගෙදරම ද ගියේ?? "

ඒ ප්‍රශ්නෙට මම උත්තරයක් දෙන්නේ කොහොමද?

" ඇයි උඹ එහෙම ඇහුවේ? "

" අපිට ඇත්ත කියහං"

මිනෝල් මොකටද ඇහුවේ? මම මොකද්ද කරන්නේ දෙයියනේ? මම කටවහගෙන හිටියා.

" උඹ ඊයේ Rio එකට ගියා. මම හරිද? "

දුලාංජ මගෙන් අහද්දි මම ඔලුව වැනුවා.

" එතකොට උඹ අපිට හොරෙන් අර කිරි පුතා එක්කනේ ගියේ ? "

මිනෝල් ගේ ප්‍රශ්නෙට උත්තරේ දුන්නෙත් ඔලුව වනලා.

" ඒක ඊයේ අපේ school එකේ teacher කෙනෙක් දැකලා. "

හුටා. එහෙනම් මුළු staff එකේම දවසේ මාතෘකාව ඕක. එක හත කරලා වටේටම ගිනි තියලා ඇති.

" මම මොකද කරන්නෙ බං?? "

මම දුලාංජගෙන් ඇහුවේ මට දැන් කරන දේ හිතාගන්න බැරි නිසා.

" උඹ අපි එක්ක ගියේ කියපන්. අපි ඉක්මනට ආවා කියහං. හරිද? "

" ම්ම්. "

බලමු. මොකද කරන්න පුළුවං කියලා. අද ගිනිගෙඩියක් ඔලුවට පාත් වෙනවා. Sure & Shot.

අපි ආයේ clz එකට ගියා. දුලාංජ, දේශාන්ටත් කිව්වේ කවුරුහරි ඇහුවොත් අපි හතරදෙනාම ඊයේ Rio ගියා. උන් දෙන්නා ඉක්මනට ගියා කියලා කියන්න කියලා.

ප්‍රශ්න නම් අනේ මන්දා.

අපේ clz teacher ආවා. වෙනදා වගේම Good Morning කියලා ගියා. මුකුත් අවුලක් තිබ්බේ නැහැ. හැබැයි ඉතින් කුණාටුවකට කලින් මුහුද කොහොමත් සංසුන් ලු නේ. අද දවසේ නම් ටිකක් මම බයෙන් හිටියේ. මොකද ලංකාව කියන්නේ අමුතු රටක් නේ.

අවසානයේ මා බලාසිටි මොහොත එළඹුනා. Library period එකේදි class teacher මාවයි, දේශාන් වයි පන්තියේ තියාගත්තා.

" දේශාන්, නිතේෂ් ඔය දෙන්නම හොඳට ඉගෙනගන්න ළමයි. ඒ නිසා අවධානය දෙන්න ඕන අධ්‍යාපනය කටයුතුවලට............... ...."

පේනවානේ යාලුවනේ. මෙහෙ ඉන්න මෝඩ හැත්ත. Love කරන්න තියා යාළුවෙන්න හිතලාවත් නැති අපිට දෙන දේශනා. එපා වෙනවා. ඇයි මෙහෙ මිනිස්සු ඒක නිකං මහා ලොකු අපරාධයක් වගේ හිතන්නෙ. තමන් කැමති කෙනා එක්කනේ ඉන්න ඕනෙ. සමාජෙට ඕන එකා එක්කද?? මේවා හිතද්දී මට කුනුහබ්බ මතක් වෙන්නේ. ඊට වඩා හොඳයි teacher කියන දේ අහගෙන ඉන්න එක.

" ඉතින් පුතා ඔයාලා දෙන්නා ඊයේ Rio එකට ගියේ ඇයි ? "

නිදාගන්න. ඇයි යකෝ. අපේ teacher අහන්නේ හතර බීරි කතානේ. Rio එකට යන්නේ ice cream කන්න මිසක් පොල් ගාන්ඩද? මගුල

" අපි ගියේ ice cream කන්න. "

දේශාන් උත්තර දුන්නා.

" කාත් එක්කද? "

" මායි , අකිඳුයි , දුලාංජයි , මිනෝලුයි. "

" බොරු කියන්න එපා පුතා. ඔය දෙන්නා විතරයි නේද ගියේ ? "

" නැහැ. අපි හතරදෙනාම ගියා. "

අනේ මන්දා බං මේ සමහරක් teacher ලා නම් ඇත්ත හොයාගන්න කලින් කතා හදලා ඉවරයි. පුදුම මඟුලක් නේ. පොලිසියෙන් ප්‍රශ්න කරනවා මීට හොඳයි.

" අකිඳු, ඔයා කියන්න පුතේ ඔයා කා එක්කද ගියේ ? "

මට නම් ඉතිං දැන් මල පැනලා තියෙන්නේ.

" මායි , මෙයයි , දුලාංජ, මිනෝල් අපි හතරදෙනා. "

" ඇත්තටම ද ඔය කියන්නේ? "

" ඔව්. "

මට නම් දැන් හොඳටම මල.

" මම ඒ දෙන්නව ගෙනල්ලා අහනවා. "

අහගන්න බැරි නම්........ ඕන මඟුලක්.

" හරි teacher. "

" හරි. ඔය දෙන්නා දැන් Library එකට යන්න. "

මායි, දේශානුයි එතැනින් ආවා. මට නම් පට්ටෙටම යකා නැග්ගා.

මේ school වල උගන්නන්නේ ගුරුවරියොද? නැත්නම් ළිඳ ළඟ සංගමේ ගෑණුද? මැනස් නැති අඩු කුලේ උන් ගුරුවරු වෙලා අපිට නිදහසක් නැහැ. දැක්ක සනික ගිනි තියනවා. ඕපාදුප අම්මණ්ඩි ලා.

එකපාරටම කවුද මගේ අත ඇල්ලුවා.

" නිතේෂ්. ඔච්චර කේන්ති ගන්න එපා. "

කේන්තියට ගුලි වූ මගේ අත්ල අල්ලගෙන දේශාන් කිව්වා. ඒ ස්පර්ශය පවා මාව නිවනවා දෙවියනේ. මෙච්චර වෙලා ගිනි අරගෙන පුපුර පුපුර තිබුන මගේ හිත එක පාරටම නිවිලා ගියා.

" නැහැ දේශාන්. අපි වැරදි කළේ නැහැනේ. මොකද්ද මේ ? මට වදකබාර රටකනේ අපි ඉන්නේ. "

" ඔව්. ඒක ඇත්ත. අපි වැඩිය හිතන්නෙ නැතුව ඉමු. එයාලට ඔප්පු කරන්න සාක්ෂි නෑනේ"

දේශාන් මම හිතුවට වඩා ශක්තිමත්. ඒ වගේම ඉවසිලිවන්තයි.

" ම්ම්. බලමු. "

අපි library එක ඇතුලට ගියා.

......... " ඒ අන්න කපල් එක එනවා. "

........ " අපේ teacher ද දන්නේ නැහැ අත්සන් කරන්නේ. "

.......... " පට්ට කපල් එක. "

" මොකද මේ ?? මේක පුස්තකාලය. ඒක දන්නේ නැද්ද? කට වහගන්නවා. "

අපි library එකට යද්දි පන්තියේ උන් අපිට හොඳ කතන්දර ටිකක් කිව්ව නිසා පුස්තකාලය ටිකක් ඝෝෂාකාරී වුනා. එනිසා library teacher කෑ ගැහුවා.

අපි දෙන්නා ගිහින් දුලාංජලා ළඟ ඉදගත්තා. උන් අපිට මුකුත් කිව්වෙත් නැහැ. අපෙන් මුකුත් ඇහුවෙත් නැහැ. ඇත්තටම මට පොඩි බයක් තියෙනවා. මට දේශාන් ගෙන් ඈත් වෙන්න වෙයි කියලා.

...

School ඉවරවෙලා දුලාංජ මාව තනියම හම්බෙන්න ඕන කිව්වා.

" උඹ දේශාන් ගැන මොනවද හිතන්නෙ? "

" හොඳ යාළුවෙක්. "

" එච්චර ද? "

" ඔව්. ඇයි?? "

" උඹ ඔහොම කිව්වට මට නම් හිතෙන්නේ උඹ එයා ගැන හිතන්නෙ වෙන දෙයක්. "

" මොනවද? "

" උඹ අද හොඳට කල්පනා කරපන්. "

දුලාංජ ගෙදර ගියේ මට ලොකු දෙයක් හිතන්න තියලා. ඇත්තටම මම දේශාන් ගැන හිතන්නෙ මොනවද? එයා යාළුවෙක්. නැහැ හොඳම යාළුවෙක්. හැබැයි මට විතරක්. මොකද දේශාන් මං ගැන එහෙම හිතන්නෙ නැතුව ඇති.

🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙

පුදුම රස්නයක් තියෙන්නේ. රෑට පායන්නෙත් ඉරද මන්දා. මේ නානවා. මේ දාඩිය දානවා. රෑ දහයට විතර මම ආයේ wash එකක් දා ගත්තා. පස්සේ ටික වෙලාවක් පාඩම් කරලා මම නිදාගන්න ගියා.

ඇත්තටම මම දේශාන් ගැන හිතන්නෙ මොනවද? මට තේරෙන්නේ නැහැ.

මම සිංදුවක් දාගෙන ඇස් පියාගත්තා.

....... 🎵 තහනම් ද දැන් මට....

ආදරේ දැනෙනවද....... 🎵

.................

" ඉස්සර මට school එන්න තිබ්බ හේතුව football.

දැන් ඔයා වෙලා ද? "

" මාව හේතුවක් කරගෙන school එන්නේ ඇයි ? "

" මම හිතන්නෙ..... "

...... ට්‍රීං........ ට්‍රීං.......

" හේතුව මොකද්ද? "

මාව ඇහැරුනේ එලාම් එක නිසා. අපරාදේ මට හේතුව දැනගන්න තිබ්බා මේ තූත්තුකුඩි එලාම් එක වැදුනේ නැත්තං.

ඒ හීනේ හිටියේ, මායි දේශානුයි. එයා නිසාද මම දැන් school යන්නේ.

..... " පුතා ඔයා අද හොඳටම late . "

අම්මා ඇවිල්ලා කියද්දී මම වෙලාව බැලුවේ. හතයි වෙලාව. මම ක්ෂනික bathroom එකට දිව්වා. ඇඟ හරියට හේදුනාද මන්දා.

මම ඉක්මනටම school එකට ගියා.

.... " ආ. හිමිදිරියේ පාසලට ආවේ නැත්තේ ඇයි අද? ම්ම්.. "

මිනෝල් බතල හිබුට්ටා. හැමදාම මෙහෙම වුනේ නැහැනේ.

" ඔව් ඔව්. හැමෝම කියන්නේ මම පරක්කු වෙච්ච එක. මම වේලාසන ආපු එක කවුරුත් දැක්කේ නැහැ. මම තමා වේලාසනම ආවේ. "

" අන්න උඹට වැරදුනු තැන. දේශනයා තමා වේලාසනම එන්නේ.

"

" පල උට්ටෝ. "

මම මිනෝල් ට හයියෙන් පාරක් ගැහුවා.

" උඹේ අම්මට.... "

මිනෝල් ගේ පිටට අබ සරණයි.

දේශාන් නම් හිනාවෙවි ඉන්නවා.

ඇත්තටම මම මොනවද දේශාන් ගැන හිතන්නෙ?

......... බදාදා හම්බෙමු ......

Share This Chapter