Chapter 14 of 22

12 Chapter

ආරාධනා දෑස් 💕753 words~4 min read

හිමින් හිමින් ඇවිදලා අපි pizza hut එකට ආවා. හොඳ ආතල් එකක් ගත්තා.

" ඒ බන් ආවා වගේ නෙවෙයි. දැන් මොනවද කන්නේ? "

" මාව කාපිය. "

" මම හරක් මස් කන්නෑ බං. "

මිනෝල් ගෙයි මගෙයි සංවාදය අවසන් වුනේ මාව චා වෙලා. දේශානුත් කට වහගෙන හිනාවුණා මම දැක්කා.

" මොනවද තෝ හොරෙන් හිනාවෙන්නේ? "

මිනෝල්, දේශාන්ගෙන් ඇහුවා. ඒ පාර එයා ටිකක් හයියෙන් හිනාවුණා.

" මොකද ප#යෝ මූණ එල්ලන් ඉන්නේ? "

ඒ පාර දුලාංජවත් අල්ලගත්තා.

" මගේ මූණනේ එල්ලන් ඉන්නේ තොගේ මූණෙන් නෙවෙයි නේ? "

හයියෝ මෙතනත් අපේ රාජකීය නම්බුවට කෙලවන්නයි යන්නේ.

" දේශාන් මාත් එක්ක එන්නකො. "

" හා "

මායි, දේශානුයි counter එක ළඟට ගිහින් vege pizza 1i Coce 4i order කලා.

පස්සේ ඉතින් පැයක් විතර කාලා හාලා ආතල් එකේ සමගියෙන් අපි හතර එළියට ආවා.

" අඩෝ මේ. හෙට clz වරෙන්. "

" එල දුලෝ. "

උන් දෙන්නා අපිට බායි කියලා බස් එකේ නැග්ගා. මායි, දේශානුයි හොස්ටල් එක පැත්තට ආවා.

" අදත් ඊයේ වගේ දාලා යනවද? "

" නැහැ. ආයේ එහෙම යන්නේ නැහැ. "

" ම්ම්."

දේශාන් wash එකක් දාගෙන එන්න ගියා. ඇත්තටම මම එයාගේ ඩයිරිය තියනවද කියලා බැලුවා. ඒත් තිබුණේ නැහැ.

" ඔයත් වොෂ් එකක් දාගන්නවද? "

" මට ඇඳුම් නෑනේ. "

" ම්ම්. "

" කෝ කට්ටිය. ඔයාගේ කාමර සඟයෝ හතර කොහෙද? "

" එයාලා ගෙවල් වල ගියා. විභාග තියන නිසා. "

" ඔයා විතරද ඉන්නේ? "

" ම්ම්. "

මෙයාට මොනා වෙලාද? කෝලමක් වගේ කෝලම් කරනවා. මම මෙතනින් ගියේ නැත්තම් මට මෙයාව කන්න හිතෙයි. මම යනවා දැන්.

" මේ මම යනවා. හෙට උදේ 6.00 ට මම school gate එක ළඟට එනවා. ලෑස්ති වෙලා ඉන්නවා. "

" අනේ. දැන්ම යනවද? "

" නැත්තන් ඉන්ඩ ඈ ? "

මම පොඩි කින්ඩි හිනාවකුත් දාලා කාමරෙන් එළියට ආවා. මූණ නම් බෙරි ගෙඩියක් වුනා. ඒත් ඉතින් මට ඉන්න බෑනේ. මොකද මට හොඳටම පරක්කුයි. Online clz එකකුත් තියෙනවා. ඒවට ඉන්නත් එපැයි. අහුවෙන බස් එකෙ නැගලා මම ගෙදර ආවා.

අද නම් අම්මා වෙනදා වගේ නෙවෙයි. ප්‍රශ්න දෙක තුනක් ඇහුවා. මම ඉතින් බටර් ගාලා ශේප් කරනවා.

⭐🌙::)

අද දවස නම් හරි tired දවසක්. එහෙ මෙහෙ ගිය නිසා ටිකක් නිදිමතයි. බොහොම අමාරුවෙන් තමා online clz එකට ඇහැරලා හිටියේ.

ආයේ ඉතින් මුකුත් කර කර හිටියේ නැහැ ගිහින් ඈඳට වැටුනා. එච්චරයි මතක.

............. ⛅⛅.....................

Clz තියන නිසා අද නම් පාන්දරම ඇහැරෙන්න bell එක තිබ්බා. අද දේශාන් එයි නේද? එයා එනවා කියලා හිතද්දී නම් ඇඟට අමුතු කූල් එකක් දැනුනේ.

පට ගාලා wash එකක් දාන්න ඕන. අද නම් හොඳට නාගන්න ඕන.

හොඳ ඇදුමක්. ටිකක් ඉතින් ලස්සනට පේන්නත් එපැයි. හිතාගන්න බැහැ අප්පා. තාත්තා ගේ කාමරේට රිංගලා සුවඳ වැඩිම perfume එක ගහලා අම්මාගේ cream ටිකකුත් ඇඟේ අතුල්ල ගත්තා.

" ආ. ඉලන්දාරියෝ. මොකද මේ අපේ කාමරේ බඩු අදින්නේ. ? "

" හි හි.. "

මම මොකක් හරි හොර වැඩක් කරද්දී අම්මා නම් දකිනවා.

Breakfast එක pack කරගෙන මම ඉතින් හයට දහයක් තියෙද්දී ගිහින් school gate එක ළඟ හිටියා. මම ඉතින් අද ගියේ පයින්. හයට කිට්ටු වෙද්දි දේශාන් ආවා. අද තමා මන් මෙයාව colored එකට දැක්කේ හරියට. Peach colour shirt එකට blue denim එක. ලස්සනයි.

" Good morning "

එයා හැමදාම වගේ අදත් මට great කලා.

" Good morning to you. "

අපි ඉතින් bus එකක් එනකං බලාගෙන හිටියා. මට එයාට කියන්න දෙයක් මතක් වෙන්නෙත් නැහැ. අහන්න දෙයක් මතක් වෙන්නෙත් නැහැ. බස් එකක් එනකං බලාගෙන හිටියා.

... 📔📔.............................

අපි class එකට යනකොට අරුන් දෙන්නා ඇවිල්ලා. පුදුමයක්. මිනෝල් ට දැන් ඉගෙනගන්න එක ගැන හිතිලා තියෙන්නේ. ලොකු දෙයක්. උන් දෙන්නා අපි එද්දී හිටියේ clz එක මැදට වෙන්න වගේ තිබ්බ බංකුවක. අපි දෙන්නත් ගිහින් එතනින් ඉදගත්තා.

" උඹලා දෙන්නා දැන් මැච් colours නේ අදින්නේ? "

මිනෝල් මගෙන් ඇහුවා.

" ඔව්. ඔව්. "

ඌ හරි. මට දැනුයි මීටර් වුනේ. මම ඇදන් ආවේ ලයිට් පීච් කලර් ටී ෂර්ට් එකක්.

" එහෙමද? අඩේ ඔව් මයි."

සර්පයිස් වුනා වගේ අහන්න ඕන.

" උඹලා මෙතන කතා වෙලා ඇදලා අපිට බොරු මරිසි දානවා. "

දුලාංජ කවදා ඉදලද ඇවිලෙන ගින්නට පිදුරු දාන්න ගත්තේ.

......... 📔📔 ...........................

සර් නම් ඇවිල්ලා උගන්වනවා උනාට මගේ ඇස් යන්නෙම දේශාන් දිහාවට. එයාගේ Action වලට. එයාගේ ඇස් දිහා.

සර් මගෙන් දෙපාරක් තුන්පාරක් ඇහුවා 'අවධානය කොහෙද කියලා'

මම කොහොම කියන්නද දේශාන් මගේ අවධානේ බින්දා කියලා. මාව තව ටික දවසකින් පිස්සෙක් වෙනවා. මම අද බොහොම අමාරුවෙන් හවස් වෙනකන් පන්තියේ හිටියේ. මට එක වතාවක් එයාව තදින් බදාගන්න ආසයි.

" දේශාන්"

" ම්ම්. "

" අපි සෙල්ෆියක් ගමුද? "

...... " ඇයි උඹට අපිව එපාද සෙල්ෆි ගන්න. "

මිනෝල් තමා ඔය කෑ ගැහුවේ.

අපි හිටියේ පන්ති ඇරලා එනගමන්. උන් දෙන්නව ඉස්සරහින් යන්න කියලා මායි, දේශානුයි හිමින් හිමින් උන්ගේ පිටිපස්සෙන් ආවා.

" උඹලා සෙල්ෆි බැරි නම් ඕන මගුලක් ගහගනින්. "

දුලාංජ කිව්වා.

කොහොමෙන් කොහොම හරි අන්තිමට ලස්සන සෙල්ෆියක් ගහගත්තා.

දැන් මට එයාව මතක් වෙන වෙලාවට එයාව බලන්න පුලුවන්නේ.

...... තවත් දවසක හමුවෙමු......

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!