Back
/ 22
Chapter 15

13 chapter

ආරාධනා දෑස් 💕

13th Chapter

මම මුළු රෑම කලේ එයා දිහා බලාගෙන ඉන්න එක. ඇත්තටම එයා ළඟ ඉන්න එකත් දැන් මට සතුටක්. එයාගේ පින්තුරයක් දැන් මගේ ළඟ තියනවා. මම දැන් ඒක පාර්ශ්වික ප්‍රේමවන්තයෙක්.

මම මෙච්චර Romantic වෙලාම නැහැ. ආදරේ කියන්නේ මේකද? මතක් වෙනකොටත් දැනෙන ඒ සැනසීම.

එක එක දේවල් හිත හිත ඉද්දී මට නින්දා ගියේ නොදැනීමය.

............. ⛅⛅..................

අද උදේම ඇහැරුනා. ඉක්මනට ලෑස්ති වුනා. මම හිතුවා උදේම හොස්ටල් එක පැත්තට යන්න. අම්මා නම් පුදුම වුනා. මොකද මම අද උදේ හය වෙද්දී ස්කුල් යන්න ලෑස්ති වුනා.

ස්කූල් එකට යද්දි හයයි කාලයි. මම පන්තියට ගිහින් බෑග් එක තියලා හොස්ටල් එකට ගියා.

මට හොස්ටල් එක ඇතුලට යන්න විදියක් තමා නැත්තේ.

" අහ්. අකිඳු. "

දේශාන් නේද ඒ. මට පිටිපස්සෙන් තුවා කොටයකුත් ඇඳගෙන බය වෙලා බලාගෙන ඉන්නවා.

" අහ් දේශාන්. "

" මේ.. මම.. මේ.. "

කොල්ලට ලැජ්ජ හිතිලද මන්දා. කන් පෙති රතු පාට වෙලා.

" මම නිකං ආවේ. "

" ඔයා ඇතුලට එන්න. "

එයා ඉක්මනට හොස්ටල් එකට දිව්වා.

මම ඉතින් හිමින් හිමින් හොස්ටල් එක ඇතුලට ගියේ එයාට ඇඳුම් ඇදගන්න වෙලාව දීලා.

" එන්න ඇතුලට"

දේශාන් මට එයාගේ Room එක ඇතුලට එන්න කිව්වා.

එයා uniform එකට හරිම ලස්සනයි.

" කෝ අනිත් අය දැන්. "

"දැන් මේකේ ඉන්නේ මම විතරයි. "

" මාත් එන්නද ඉන්න. "

" ඔයාලා වගේ සුදු බේබිලට මේවා වල ඉන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. "

"අහ්. මොකක් කිව්වා. "

මම දේශාන් ව ඇඳට තල්ලු කළා. ඊට පස්සේ පොඩ්ඩක් කුචි කැව්වා. මේකා ඇඹරුම් පණුවා වගේ කෑ ගහා ගහා හිනාවෙනවා. මම පස්සේ එයාගේ අතින් ඇදලා නැගිට්ටෙව්වා.

" ඔය ඉතිං කිව්වේ අපිට එන්න එපා කියලනේ. "

" අනේ නැහැ. ඔයා එනවනම් මම කැමති. "

" හ්ම්. හ්ම්. යමු නේ. "

එයා ඉක්මනට පොත් බෑග් එක අරගෙන මාත් එක්ක යන්න ආවා.

හුටා. ඒ එක්කම අද මිනෝලයා ඉස්සරහට සෙට් වුනා කියහංකො.

" අම්මට උඩු. මේන් බලහංකො වැඩක්. "

" හාන්නද හදන්නේ හු##? "

" මම නෙවෙයි. තොපි දෙන්නා නම් කුඹුරු අක්කරයක් හාන සීන් එකක් තියෙන්නේ. තොපි දෙන්නා කොහෙද ගියේ? "

" කොහෙවත් ගියේ නැහැ යකෝ. මන් දේශාන් ව එක්කන් එන්න ගියේ. "

" ඇයි ඒ ? දේශාන් පාර දන්නේ නැද්ද? "

අම්මපා මූත් පුදුම ඕපදූපයක්.

" මගෙන් කුනුහරප අහගන්නැතුව පන්තියට යමු.  "

ඒ පාර නම් මිනෝලයා කට වහාගත්තා. මට දැන් ඕන දේශාන් ළඟින්ම ඉන්න.

හැමදාම වගේ ඉතින් අදත් ඉන්ටවල් එක වෙනකං එක දිගට ඉදගෙන. පස්සාත් භාගේ චප්ප වෙලා වගේ. පන්තියේ ළමයි අඩුයි අද. ඉන්ටවල් එකේදි කාලා වටයක් දාලා අපි ආයේ clz එකට ආවා. අද දුලාංජ නැහැ. Revision clz ගිහින්.

" අකිඳු. "

" ම්ම්. "

" මම library එකට ගිහින් එන්නම්. මට පොතක් ගන්න ඕන. "

" තනියම. මාත් එන්නද? "

" එපා. දැන් ටීචර් එයි. "

" ම්ම්. "

මොනා කරන්නද? ටීචර් ආවොත් ප්‍රශ්න කෝටියක් අහයි. ඒ නිසා මම හිටියා. එයා තනියම ගියා.

කාලා වැඩිවෙලා බඩ ෆුල් වෙලා. මිනෝලයා නම් හම ගහපු තල්මහා වගේ කටත් ඇරන් බුදි.

...... "ඕයි. ඕයි. අකිඳු අයින් වෙයං "

" බුදු අම්මෝ බෝම්බ ගැහුවා. "

මිනෝලයා නින්දෙන් ඇහැරලා කෑ ගහනවා.

.... ( දඩාස්)...

ඉවරයි. අපේ පන්තියේ හිටපු කොල්ලෝ තුන්දෙනෙක් ඩෙස් ටික පෙරලුවා. පුටුත් එක්කම.

ටීචර් එන්න කලින් ඔක්කොම අස් කරන්නත් එපැයි.

දේශාන් ගේ බෑග් එක, එක තැනක පොත් තව තැනක. ඒකත් අස් කරලා දාන්න ඕන.

ආ.. මේ පොත... මේ දේශාන් ගේ ඩයරිය. එදා මම කියවපු එක. මෙයා ඩයරිය අරගෙන එනවා. කනාවට හම්බුන පින් චාන්ස් එකක් මේක. කොච්චර කැත වැඩක් වුනත් මට මේක බලන්නම හිතෙනවා. හරි නැද්ද මන්දා. ඔන්න ඔහේ බලමු.

....... ' මගේ ළඟම එයා ඉන්නවා. එයා හොඳ පාටයි...

' මා එක්ක වැඩිය කතා කරන්නේ නැහැ. මට අකමැති වගේ.

' මගේ මූණවත් බලන්නේ නැහැ. මම එයා දිහා බැලුවට එයා මා දිහා බලන්නේ නැහැ. '.......

මේ කතා මට පට්ට හුරුපුරුදුයි. තව බලමු.

' එයා මා එක්ක පළවෙනි පාරට හොඳින් කලා...

එයා මාව KFC එක්කන් ගියා.

එයා මා එක්ක කතා කරන්නේ නැති වෙයිද ? ඇයි මේ පාර මම පන්තියේ පළවෙනියා වුනේ? :(

නිවාඩු මාසේවත් එයාගේ තරහා අඩුවෙලා නැහැ. අනේ මට එයා එහෙම ඉද්දී මට දරාගන්න බෑ. '

අම්මෝ මාව දැන් සීතල වෙනවා. දේශාන් මේ කියන්නේ මන් ගැනද ? කෝකටත් කියලා අන්තිම පිටුව පෙරළුවා.

''''''''....... මගේ හදවත එයා වෙනුවෙන් ගැහෙනවා.

කවදාවත් මට එයාව අමතක වෙන එකක් නැහැ.

අකිඳු මම ඔයාට ❤️.......''''''

මගේ අත් දෙක වෙව්ලනවා වගේ. මම මේ කියෙව්ව දේ හීනයක් වෙන්න බැරිද?.මට නම් තවත් ඉවසන්න බැහැ.

මම හිතුවේ දැන්ම දේශාන් ව හම්බෙන්න යන්න වුනත් එයා දැනටමත් door එක ළඟ ඇස් දෙකත් ලොකු කරගෙන බලාගෙන ඉන්නවා. එයා මාව දැකලා දිව්වා.

මොහොතක්වත් නොඉද මමත් දේශාන්ගේ පස්සෙන්ම ගියා.

තවත් දවසක හමුවෙමු

Share This Chapter