Chapter 17 of 22

15th Chapter

ආරාධනා දෑස් 💕428 words~3 min read

...........................🌕

පෝය ළඟ නිසාද මන්දා හඳ හරි ලස්සනට පායලා. මම ජනේලෙන් එළිය දිහා බලාගෙන එයා කිව්ව එයාගේ කතාව මතක් කර කර හිටියා. ඒක හරිම දුකක්.

............ එයාගේ ගම අනුරාධපුර. එයාගේ පවුලේ ඉන්නේ තාත්තයි, නංගියි. එයාගේ අම්මා එයා o/l කාලේදි නැතිවෙලා. තාත්තා ගොවියෙක් නිසා මෙයාවයි, නංගිවයි ස්කොලේ යවන්න ගොඩක් මහන්සි වෙලා.

දේශාන් මෙහෙට ආවට පස්සේ part time job එකක් කරලා නංගිගේ education එකයි, ගෙදර වියදමටයි පොඩි උදව්වක් කරනවා. ..........

මේ විදියට එයා ලොකු කතාවක් මට කිව්වා. එයා ගොඩක් දුක් විදිනවා. හැබැයි එයා ශක්තිමත්. නැත්නම් එයා මෙහෙම ඉන්නේ නැහැ. මට මගේ දේශාන් ගැන ආඩම්බරයි.

අද දවසම එයයි, මායි ඇවිද ඇවිද කතා කළා. එයා පළවෙනි වතාවට මාත් එක්ක මෙච්චර දේවල් එයාගේ ජිවිතේ ගැන කිව්වා. මට ඕන මා එක්ක ඉන්න හැම මොහොතකම එයා සතුටින් ඉන්න.

අද එයත් එක්ක ගෙවුන හැම මොහොතකම මම සතුටු වුනා. එයාගේ ඇස් දිහා බලාගෙන හිටියා.

ටික වෙලාවක් අහස දිහා බලාගෙන ඉදලා මම ඇඳට ගියේ අද දවසේ ලස්සනම මොහොතවල් එකින් එක මතක් කරගෙන. හීනයක් වගේ ඒ හැමදේම මම ආයේත් දැක්කා.

............ 🌞....................

දින,සති,මාස ගණන් ගතවුනා. මේ අවුරුද්දේ අන්තිම මාසයත් ආවා. ඒ වගේම දැන් අපේ පාසල් ජීවිතේ අවසාන පිටුවට ආවා.

නිවාඩු මාසේ දේශාන් ගමේ යන්න තීරනය කලා. මට නම් මාර දුකයි. ඒත් මට එයාව නවත්තන්න බැහැ නේ. එයාව ඇරලවන්න මම Railway station එකට ආවා. එයාට පොඩි පොඩි දේවල් ටිකක් අරන් දීලා එයා එක්ක Train එක එනකං බලාගෙන හිටියා.

මට ඕන වුනා එයාට bye kiss එකක් දෙන්න. පාන්දර නිසා කවුරුත් පේන්න හිටියේ නැහැ. මම shape එකේ එයාගේ දකුණු කම්මුල kiss කළා. එයාට හිනා.

" ඉක්මනට එන්නෙ නැද්ද දේශාන් ? "

මම එයාගෙන් ඇහුවා.

" මම ඉතින් තාත්තා එක්කයි, නංගා එක්කයි හිටියෙම නෑනේ අකිඳු. අනික මම මාස ගාණකට පස්සේ එයාලා බලන්න යන්නෙ. "

" කමක් නැහැ මැණික. ඔයා පරිස්සමට ගිහින් එන්න. ඔයා එනකං මම බලාගෙන ඉන්නවා. "

" හරි. ඔයත් පරිස්සමින් ඉන්න. "

ටික වෙලාවක් ගිහින් කෝච්චියත් ආවා. මම ඉතින් ලෝබ කමින් වුනත් එයාට හිනා වෙලා යන්න දුන්නා. ඒ කෝච්චිය ඈතට යනකම්ම මම අත වන වන බලාගෙන හිටියා. කෝච්චිය පේන්නැති වෙන්නම ගියා. ආයේ ඒ කෝච්චිය එන්න දවස් 25ක් තියෙනවා. එතකන් මට ඉවසීමෙන් බලාගෙන ඉන්න වෙනවා.

මැණික ඔයා ගිහින් ඉක්මනට එන්න. අපි ආදරේ කරන්න පටන් ගත්තා විතරයි. නිවාඩුවක් ආවනේ. මට ටිකක් දුකයි. හරිම පාළුයි. එයාව බලන්නවත් බැහැනේ. අඩුම call කරන්නවත් බෑනේ.

මම ටික වෙලාවක් ඉඳලා ගෙදර ගිහින් හොඳට නිදා ගත්තා.

දැන් ඉතින් එයා නැතිව දවස් 25ක් ගෙවන්න එපැයි.

........ 1st Day ...........

නිවාඩු මාසේම theory, revision, paper දාලා තියෙන්නේ. නිවාඩු තියෙන්නේ Christmas week එකේ විතරයි.

අද උදේම නැගිටලා මම school එක ළඟට ගියා. අනේ දේශාන් ඔයා මොකද කරන්නෙ? මම ස්කොලේ දිහා බලාගෙන ඇහුවා. කමක් නැහැ තව දවස් 24යි නේ.

තවත් දවසක හමුවෙමු යාලුවනේ

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!