Back
/ 22
Chapter 18

16 Chapter

ආරාධනා දෑස් 💕

ඇත්තටම තමන් ආදරය කරන කෙනා නැතිව ගත කරන දවස් මෙච්චරම අමාරු ද? බලන්න යාළුවනේ එයා නැති දවස් දෙක හරියට මට අවුරුදු දෙකක් වගේ. එයා hostal එකේ හිටියා නම් මට දුවලා දුවලා ගිහින් hug කරන්න තිබ්බා. කමක් නැහැ. කොහොමහරි මම මේ දවස් ටික ගෙවාගන්නවා. ඉතින් මිතුරනි මම clz යන්නත් එපැයි. එහෙනම් ගිහින් එන්නම්.

වෙනදා වගේ නෙවෙයි දැන් හැමදාම clz. A/L එනවනේ. තව මාස අටයි. ආයේ school යන්න හම්බෙනවා බොරු. Clz ම තමා. කොහොමහරි දේශාන් ගේ මතකෙන් පොඩ්ඩක් එළියට ඇවිල්ලා පාඩම් කරන්න ගත්තා. හෙට උදෙත් clz. මොනා කරන්නද තමන්ගේ ජීවිතේ ලස්සන කරගන්න හොඳ කට්ටක් කන්නම ඕන. නැත්තං බැහැ.  කවදාහරි මායි දේශානුයි ලස්සන ජීවිතයක් ගත කරන්න නම් මහන්සි වෙන්නම ඕන.

............. 🌙☀️🌙☀️................

" අඩෝ මොනවද බං අර සර් කිව්වේ? "

" අනේ ලොන්ත මිනෝල් බකුස්සෝ. තොට ඒකවත් තේරෙන්නේ නැද්ද? ලේසිනේ "

ඔන්න දුලාංජ මිනෝල් වලිය පටන් ගත්තා.

" තේරෙන්නේ නැති නිසානේ මොංගල් බල්ලෝ මම ඇහුවේ? "

" මැරියන් ගස් හිපාටුවා "

... " මේ තොපි දෙන්නා ඇයි බං මේ නාකි ජෝඩුවක් වගේ මරාගන්නේ? "

" තෝ හිටපං පැත්තකට වෙලා. "

මිනෝල් බලහංකො.

මුන් දෙන්නට ඕන මගුලක් කරගන්න කියලා මම ගියා Cafe hub එකට Rest time එකේ. මේ මොහොතේ මට හිතුනේ එක්කෙනෙක් ගැන විතරයි. ඒ මගේ දේශාන් ගැන. එයා දැන් පාඩම් කරනවා ඇතිද? සතුටින් ඉන්නවා ඇතිද? කාලා ද? අඩුම phone එකක් වත් තිබ්බා නම් එයාගේ කටහඬ අහගන්න තිබ්බා. පොඩ්ඩක් හරි සැනසෙන්න තිබ්බා.

...... " අඩේ මෙන්න අපේ තනිවු ප්‍රේම කුරුල්ලා තනියෙන් බීම බොනවා. "

මිනෝලුයි, දුලාංජයි ටික වෙලාවකට පස්සේ ආවා. මිනෝල් නම් Counter එකට ගියා. දුලාංජ මට ඉස්සරහින් තිබ්බ පුටුවෙන් වාඩිවුණා.

" උඹ දේශාන් ගැන නේද හිතන්නෙ? "

" අනේ මන්දා බං. මට එයා නැතිව හරි පාළුයි. මම හරි අමාරුවෙන් මේ දවස් වල එක අවධානෙක ඉන්නේ. "

" එහෙම තමා බං. උඹත් ආදරේ කරන්න ගත්තේ මාර කාලෙක "

" අනේ මන්දා බං. හමුවීම් හරි පුදුමයි. "

..... " අනේ ලොන්ත කොකටු දුලාංජ. තෝ දන්නවා අහවල් එකක් ලව් ගැන. "

මිනෝල් උන් දෙන්නට fruit juice අරගෙන ආවා.

" අනේ පල යන්න. තෝ තමා දන්නේ ආදරේ ගැන. වටේම ඉන්න ගෑණුන්ට ලව් කර කර. මෙතන සැබෑ ආදරේ ගැන විචාර දෙන්න එනවා."

" අනේ තොට ලව් අරහං නේ කුජිත ලොන්තයො "

මුන් දෙන්නා ආයේ වලිය පටන්ගත්තා. මුන් ගිය ආත්මේ නයෙකුයි මුගටියෙකුයි වෙන්න බැරිද?

මල වදේ වෙලාවකට. මට නිදහසේ හිතන්නවත් නැහැ. ගොං තක්කඩි දෙන්නා.

................................................

සිකුරාදාට හමුවෙමු

Share This Chapter