Back
/ 22
Chapter 20

18th Chapter

ආරාධනා දෑස් 💕

' එදා මම එයා එනකං මුළු දවසම බලාගෙන හිටියා. මම ගෙදර යද්දි පාන්දර එකයි. මම හිතන්නෙ එදා තමයි මගෙ අම්මයි, තාත්තායි මට ගොඩාක්ම බැනපු දවස. තාත්තා නම් මට පාරවල් දෙක තුනක් ගැහුවා. ඒත් ඒ කිසිම දෙයක් මට රිදුනෙ නැහැ. මොකද මගේ බිදුණු හිත මගේ මුළු ශරිරයම හිරිවට්ටලා තිබුණේ.

එදා ඉදලා ඉර එළිය වැටුන හැම දවසකම මම එයාගේ පැමිණීම බලාපොරොත්තු වුනා. ඒත් එදායින් පස්සේ අද වනතුරු මම එයාව දැක්කේ නැහැ.

Interview එකේ ඉදන් ගෙදර එනකන්ම මම පියවි සිහියෙන් ආවේ නැත. මේ කතාව මගේ පරණ මතක අවුස්සනවා. කාර් එක ගේට්ටුව ළඟ නවත්තලා මම ගේට්ටුව ඇරලා කාර් එක garden එකට ගත්තා.

ගේ ඇතුලට යද්දිම අම්මා මට invitation card එකක් දුන්නා.

" මොකද්ද අම්මා මේ ? "

" මම හිතන්නෙ Batch Party invitation එකක්. දුලාංජ පුතා ඇවිල්ලා දුන්නේ. "

" අහ්. එහෙමද අම්මා ? "

" මම හිතන්නෙ දුලාංජ දන්නවා ඔයා ලංකාවට ඇවිල්ලා කියලා. "

" ඒක තමා"

ලංකාවෙන් මම ගිහින් දැනට අවුරුදු නවයක් විතර වෙනවා. ගිය මාසේ ඒ කියන්නේ දෙසැම්බර් තමා මම මෙහෙට ආවේ. මට මගේ හොඳම යාළුවෝ දෙන්නව හම්බෙන්න බැරි වුනා. උන් ගැන හොයන්න බැරි වුනා. Batch party එක තියෙන්නේ ලබන සතියේ.

...... ' දුරස් වූ මිතුදම් නැවත ශක්තිමත් කරන්නට'.........

Batch party theme එක.

' දේශාන් ' එදා ඉදන් මම මේ නම නොකියා ඉන්න තීරණය කළා. හිතින් වත් නොහිතා ඉන්න මම හිතුවා. ඒත් මේ batch party එකෙන් වත් එයාව ආයේ හම්බෙන්න පුළුවන් නම්. හ්ම්.........

සතියකට පසු..........

Location - :Pegasus Hotel - Negembo

මම Batch Party එකට යද්දි ටිකක් පරක්කුයි. Time තිබ්බේ 7.00pm. මන් යද්දි අටට කාලයි. මට යන්න පොඩි අමුත්තකුත් දැනුනා. Entrance එකේදි invitation එක ගත්තා.

Party එක තිබ්බෙ 2nd floor එකේ නිසා මම හිමින් හිමින් පඩිපෙල නැගලා අදාල ස්ථානයට ගියා.

මම නොහිතපු පිළිගැනීමක් තමා මට හම්බවුණේ.

.... " අපේ ආදරණීය දෑසක හිමිකරු. අපේ නවක ප්‍රසිද්ධ ලේඛක අකියා. ආඩම්භරයි බොක්ක"....

" Thank you Bro. "

සුහඳ වැළදගැනීමක් සමඟ මාව ඒ පිළිගත්තේ විශුද්ධ. මගේ පන්තියේ අන්තිම පේළියේ හිටිය කොල්ලා. මූ තමා ඩෙස් එක පෙරලලා මට දේශාන්ගේ ඩයරිය හොයලා දුන්නේ. මම මූට තාම ස්තූතියි වෙනවා හිතින්.

මම පොඩ්ඩක් ඔලුව කරකවලා වටපිට බැලුවේ මගේ පරණ සඟයෝ දෙන්නා ඉන්නවද බලන්න.

" ම්ම්. කාවද හොයන්නෙ. ආරාධනා දෑසද? "

" මිනෝලයා."

මගේ පිටිපස්සෙන් ඇවිල්ලා මූ පිටට තට්ටුවක් දැම්මා.

" ඔව් ඔව්. මිනෝලයා තමා. උඹට අපිව මතක් වුනේ නැහැ නේ. "

" එහෙම නැහැ බං. "

" උඹේ පොතේ අපි ගැන ලිව්වේ නැද්ද? "

මම පොඩි හිනාවක් දාලා ශේප් වුනා. දැන් ඌ තව ලස්සන වෙලා. මම ඉතින් welcome drink එක ගන්න ගමන් උගෙන් ආගිය තොරතුරු ගැන ඇහුවා. මූ දැන් manager කෙනෙක්. A/L කොහොමහරි මූ ගොඩ දාගෙන private degree එකක් කරලා. මූට තාම හරි කෑල්ලක් සෙට් වෙලා.

Minol

ඒ අතර දුලාංජත් අපි ළඟට ආවා. මෙන්න දෙයියනේ වැඩක්. දුලාංජ Marry කරලා.

" උඹට ලව් අරහං වෙලා තිබ්බත් බැන්දා නේ කොල්ලෝ. "

" මට ලව් අරහං වුනේ study season එකේ විතරයි. පස්සේ මම marry කලා. "

" කෝ එයා ආවද? "

" ඉන්න මම ඔයාට එයාව introduce කරලා දෙන්න.

So මේ ඉන්නේ මගේ lovely & Sweet wife තීක්ෂරා.

තීක්ෂරා මෙයාව ඔයා දන්නවනේ. "

" ඔව්. මම ඔයාගෙ කතාවට අසාවට. ආරාධනා දෑස කවුද කියනන්කො. "

Theekshara & Dulanja

මට ඉතින් මගේ යාළුවගේ wife ට කියන්න බෑනේ. එයා කවුද කියලා. මම හිනාවෙලා ප්‍රශ්නේ මඟහැරියා.

ටික වෙලාවක් යද්දි ඔක්කොම dance කරන්න ගත්තා. මට එච්චර mood එකක් තිබ්බේ නැහැ. මම drinks ටිකක් ගත්තා.

" උඹ දේශාන් ගැනද ඒ ලිව්වේ. "

දුලාංජ ඇවිත් මගේ ළඟින් ඉදගත්තා.

" මට ආසයි බං එක වතාවක් එයාව බලන්න. "

" උඹ හිතනවද ඌත් උඹ ගැන ඔහොම හිතනවා කියලා. "

" මම දන්නේ නැහැ. "

" මට එක දෙයක් උඹට කියන්න තියෙනවා. උඹට එදා කියන්න බැරිවුන."

" ඒ මොකද්ද? "

......... වසර 10 කට පෙර.....

පාසල - දෙසැම්බර් 1 වන දින

... දේශාන් පන්ති කාමරය තුල සිටියේය. දුලාංජ ද පන්ති කාමරය තුල සිටියේය. මිනෝල් හා අකිඳු play ground එකෙහි විනෝද වෙමින් සිටියේය.

" දේශාන් ඔයාට office එකෙන් අඬගහනවා. "

" මට"

දේශාන්, දුලාංජ දෙස බැලීය. දුලාංජ, දේශාන් සමඟ office එකට ගියේය. එය ඇමතුමක් විය. එම ඇමතුමට ප්‍රතිචාර දැක්වුවා ට පසු දේශාන් ගේ මූණ සුදුමැලි විය.

" මොකද්ද දේශාන් ප්‍රශ්නේ? "

" දුලාංජ මට ඔයාගෙන් ලොකු උදව්වක් ඕන. "

" කියන්න. "

" මම මේ කියන කිසිදෙයක් අකිඳු ට දැනගන්න තියන්න එපා.  "

" හරි. මට කියන්න. "

" මගේ තාත්තට හොඳටම අසනීපයි. දැන් hospital නවත්තලාලු ඉන්නේ. නංගි තනියම ගිය මාසෙම ඉදලා තියෙන්නේ ගෙදර. මම මම කිසි දෙයක් දැනගෙන හිටියේ නැහැ. මට බයයි. "

දේශාන් ගේ ඇස් වල කදුළු පිරි ඔහුගේ දෑස් කලබලයෙන් එහේ මෙහේ සැරිසරන්නට විය.

" හරි හරි. කලබල වෙන්න එපා දේශාන්. මොකද්ද ඔයා කරන්න හදන්නේ ? "

" මට තවදුරටත් මෙහෙ සැප විද විද ඉගෙනගන්න බැහැ. මට දැන් මගේ තාත්තා වෙනුවෙන් යන්න වෙනවා. මගේ නංගි වෙනුවෙන්. මම මෙහෙන් යනවා. දුලාංජ, අකිඳු ට මේ දේවල් කියන්න එපා. මම ඔයාගෙන් ඉල්ලනවා. "

" ඒත් අපරාදේ තව මාස අටක් ඉවසන්න බැරිද? "

" මට බැහැ. "

........................................................

නැවත වර්තමානයට.....

" එදා මම දැනගෙන හිටියා එයා ආපහු එන්නෙ නැහැ කියලා "

"ඒක ආපහු නොඑන අතීතයක්. ඒක හදන්න බැහැ"

" ම්ම්. උඹ ඔහොම ඉන්නද කල්පනාව? උඹ අනුරාධපුර පැත්තෙ ගියේ නැද්ද? "

" ගියා. එතකොටත් එයා හිටියා කියලා තිබ්බ තැන ගරාවැටිලා තිබ්බේ. "

" ම්ම්. එයාව අපිට හම්බ වුනෙත් නැහැ බං. "

" අද ගැන තිබ්බ බලාපොරොත්තුවත් මට නැතිවුනා බං. "

" ම්ම්. උඹ ලංකාවේ තව කොච්චර කල් ඉන්නවද? "

" මම ඉන්නේ තව සතියයි. ඒ අතර මම දේශාන් ව හොයාගන්නවා. එහෙම බැරි වුණොත් මම ආයේ ලංකාවට එන්නේ නැහැ. "

" මම උඹට උදව්වක් කරන්න බලන්නම්. මම ඉන්නේ identy office එකේ. මම එයා ගැන හොයලා බලන්නද? "

" ම්ම්. Thank you බන්. "

දුලාංජ මට ඒ කියපු දෙයත් එක්ක මට පොඩි සැනසීමක් දැනුනා.

බදාදා හම්බෙමු......

Share This Chapter