Back
/ 22
Chapter 22

🍂20th Chapter - Last Chapter 💐

ආරාධනා දෑස් 💕

එසේ නම් පා තබමු අවසාන කොටසට.....

" මට බැරිද ඒ ආරාධනා දෑස් වල අයිතිකාරයා වෙන්න. "

මම ඇය සමඟ හිනාවුණා.

" ඔයා කවුද? කොහොමද පළමු හමුවීමේ දොරටුව දැනගත්තේ? ඒක මම එයාට විතරක් කියපු දෙයක්. "

" මම දන්නේ නැහැ. මම අහපු දේට උත්තර දෙන්නකො. "

" කොච්චර එකවගේ වුනත් ඒ ආරාධනා දෑස් එක්ක තිබ්භ නිවිච්ච ගතියට, අහිංසක ගතියට මම ආසයි. ඒවා මාව නිව්ව භාවනාව. "

" ඉතින්. ඔයාට මාව දැක්කාම එහෙම දැනෙන්නේ නැද්ද? "

" මට එයාව දැනුනේ එයාව ආශ්‍රය කරද්දි, එයාට දවසින් දවස ළංවෙද්දි. "

" ම්ම්. මගේ ඇස් ළඟවත් ඒ ඇස් අමතක කරන්න බැරිද?"

" ම්ම්. ඔයාගේ ඇස් ඒ වගේමයි. ඒත් මට දැනෙන හැගීම වෙනස්. "

" ඒ කිව්වේ? "

" එයා ඉස්සරහා දැනෙන සැනසීම, සතුට මට දැනෙන්නෙ නැහැ. "

" මීට කලින් සම්බන්ධතාවක් තිබ්බේ නැද්ද? "

" නැහැ කිව්වොත් බොරුවක්. ඕස්ට්‍රේලියාවේ ඉද්දි මට සම්බන්ධතාවයක් තිබ්බා. ඒත් ඒක ටික කාලෙකින් නතර වුනා. "

මම දන්නේ නැහැ ඇයි මේ ගෑනු ළමයා ඉස්සරහා මම මෙච්චර open විදියට කතා කරන්නේ කියලා. ඒ ගෑණු ළමයා මට සමීප බවක් දැනුනා.

" සාමාන්යයෙන් school යනකොට තියෙන ආදර කතා තාවකාලික නැද්ද Mr. Akidu? "

" හැමෝටම නැහැ. සමහර මිනිස්සු ජීවත් වෙන්නෙ ඒ දැනිච්ච හැඟීම් නිසා. "

" මට ඔයාගෙ ආරාධනා දෑස් ගැන විස්තර ටිකක් කියන්නකෝ. "

" එයා හරි හොඳයි. ආදරණීය යි. අවංකයි, මට කොච්චර තරහා ගියත් එයා මාව එක බැල්මකින් නිවනවා. ඒ ඇස් වලට එක එක නම් තියනවා. "

" ම්ම්. එයාව ආයේ හම්බවුනොත් ඔයා මොකද කරන්නෙ? "

" එහෙනම් මම එයාව අරගෙන ඈතකට දුවනවා. එයාට ආදරෙයි කියපු මුල් දවසෙ මම හිතපු විදියට. "

" ම්ම්. "

එයා ප්‍රශ්න අහන එක නැවැත්තුවා.

" ඔයා දේශාන්ට ආදරේ කරනවද තාමත්. "

එයාම ආයේ කතාව පටන් ගත්තා. දේශාන්. එයා කොහොමද නම දන්නේ? "

" මම පොතේ නම මොන වෙලාවකවත් සදහන් කළේ නැහැ. ඔයා කවුද? මට කියන්න දේශාන් කෝ ? මම එයාට ආදරේ කරනවා තාමත්. මට එයාව ඕන. "

" ආශ්. "

ඒ Girl ගේ ඇඟට coffee ටිකක් හැලුනා. එයාගේ dress එක පොඩ්ඩක් අවුල් වුනා.

" මම clean කරගෙන එන්නම්. Sorry for disturb. "

" Ok. Get your time "

මම ඒ girl එනකං බලාගෙන හිටියා. එයා තාම ආවේ නැහැ. මම මගේ ඇස් දෙක වහගෙන ටිකක් කල්පනා කළා. මේ girl දේශාන් ව හොඳටම දන්න කෙනෙක්. දේශාන් ට සමීප කෙනෙක්. නැත්නම් කොහොමද ඔච්චර දෙයක් දන්නේ?

ටික වෙලාවක් ගියා. තාම එයා ආවේ නැහැ.

" අකිඳු. "

ඒ කටහඬ. ටිකක් වෙනස් වුනත් ඒ කටහඬ හුරුපුරුදුයි. මගේ දේශාන්. මගේ Side එකෙන් ආපු ඒ කටහඬ දිහාවට මම හැරුනා.

" මගේ මල. මගේ දේශාන්. ඔයා මගේ දේශාන් නේද? "

මටත් නොදැනුවත්වම මාව පුටුවෙන් නැගිට්ටුනා.

" මට සමාවෙන්න අකිඳු. එදා ඔයාට නොකියම ගියාට.  "

මම දෙපාරක් නොහිතා මගේ දේශාන්ව තදින් වැළඳගත්තා. මොකටද තව හිත හිත ඉන්නේ.

මට තාම මේ දකින්නේ හීනයක් කියලමයි හිතෙන්නේ. මම දෙපාරක් තුන් පාරක් එයා දිහා බැලුවා. මට ඕන වුණේ එයාව අරගෙන කොහේහරි කවුරුත් නැති තැනකට දුවන්න. හරියට එදා වගේ.

මම එයාගේ අතින් ඇඳගෙන shop එකෙන් එළියට ආවා. එයායි මායි car එකට නැග්ගා.මම car එක drive කරන්න පටන් ගත්තා.

මම මුකුත් කිව්වේ නැහැ. එයත් බිම බලාගෙන මාත් එක්ක කට වහගෙන ආවා. මට තාම මේක හීනයක් වගේ.

අවසානයේ මම නතර වුනේ අපි දෙන්නට හොඳටම හුරුපුරුදු තැනක. ඔව් ඒ අපි කාටත් හොරෙන් ආදරෙන් අත් දෙක අල්ලගෙන ඇවිදපු ගම්පහා මල්වත්ත. දැන් ඒක ගොඩක් වෙනස් වෙලා.

" එන්න. "

" ම්ම්. "

එදා වගේ අද අපි අත් අල්ලගෙන ගියේ නැහැ. ටිකක් ඈතින් ඇවිද්දේ. පස්සේ අපි bench එකක වාඩි වුනා.

" ඔයාට මොනාහරි කියන්න තියෙනවා ද? "

මම එයාගෙන් ඇහුවා. එයාගේ ඇස් වල ලාවට කදුළු පිරෙනවා මන් දැක්කා. ඒ ඇස් තාමත් මං දැක්ක ආදරණීය ඇස් මයි.

" මට කියන දේ පටන් ගන්න තේරෙන්නේ නැහැ. ඒක ටිකක් දිග කතාවක්. "

" මට ඒ අතීතේ වැඩක් නැහැ. මම ඔයාගෙන් එක දෙයයි අහන්නේ? "

" ඒ මොකද්ද? "

" ඔයා ආසයි කිව්වා නේද ලස්සන කන්දක ගෙයක් හදාගෙන ජීවත් වෙන්න. "

" ඔව්. "

" ඉතින් එහෙම තැනක් තියෙනවනම් ඔයා එනවද මා එක්ක ජීවත් වෙන්න. "

එයා ඒකට කිසිම උත්තරයක් දුන්නේ නැහැ.

මම එයා මොනාහරි කියනකං බලාගෙන හිටියා. පස්සේ මම එයාගේ අත් දිහා බැලුවේ. එයාගේ දකුණු අතේ මුදු ඇඟිල්ලේ රත්තරන් මුද්දක් තිබුණා.

ඇත්තටම මට ඒක දරාගන්න බැරිවුනත් මම තවත් නිහඬ වෙලාම හිටියා.

" මට සමාවෙන්න අකිඳු. මගේ ඇස් මට වෙන කෙනෙක්ට දෙන්න වුනා. "

" හරි.. ඒකට කමක් නැහැ. ඔයාව එකපාරක් බලන්න විතරයි මට ඕන වුණේ. "

" මම හිතුවෙ ඔයා මාව අමතක කරයි කියලා. අපි ආදරේ කළා. ඒත්.... මට සමාවෙන්න. "

" හැමෝම එහෙම හිතුවත්, ඔයාට එහෙම නොහිතා ඉන්න තිබුනා. "

" මට සමාවෙන්න. "

" ම්ම්. "

" මට ඕන වුණේ ඔයා මාව අමතක කරලා ලස්සන ජීවිතයක් ගත කරනවා දකින්න.

අවුරුදු දහයකට කලින් මම එහෙම ගියේ මගේ තාත්තාගේ අසනීපේ හින්දා. මගේ නංගි තනියම හිටියේ. ආදායමක් නැතිවුණා. මම ජොබ් එකක් කළා. අපේ නැන්දා ගෙනාපු proposal එකට මම කැමති වුනේ කාටවත් බරක් වෙන්න ඕන නැති නිසා. ඔයා රට ගියා කියලා දැනගත්තම මම ගොඩක් සතුටු වුනා.

ඔයා Famous Writer කෙනෙක් කියද්දි මම ගොඩක් සතුටු වුනා. මම ඒ පොත අරගෙන කියෙව්වට පස්සේ මට ගොඩක් අමාරු වුනා හිත හදාගන්න. මට සමාවෙන්න. "

දේශාන් අඬන්න පටන්ගත්තා. එයා මගේ අත්දෙක අල්ලගෙන සමාවෙන්න කියලා ගොඩසැරයක් කිව්වා.

" දේශාන්. ඔයා සතුටින් ඉන්නවා නම් මට ඒක සතුටක්. හැබැයි දැන් මට නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. ඔයා තනිවෙලා නැහැ, ඔයාට පවුලක් තියෙනවා. ඔයා සතුටින්. ඉතින් ඒ මට ඇති. ඔයාව එකපාරක් බලන්න ආසාවක් තිබුනා. කතා කරන්න ආසාවක් තිබුනා. එච්චරයි. "

මගේ හීන ඔක්කොම එක මත එක කඩාගෙන වැටුණා වගේ. මම අඬන්නේ නැහැ කියලා හිතුවත් මට මේ වේදනාව පිටකරන්න පුළුවන් කදුළු වලින් විතරයි.

ටික වෙලාවක් අපි එතන ඉදලා එයාව ගෙදරට dropකරලා මම ගෙදර ගියා.

එයාට ලස්සන wife කෙනෙක් එක්ක පොඩි බබෙකුත් ඉන්නවා. එයාගේ ලස්සන ජීවිතේ දැක්කම මට සතුටුයි.

....................................................

...... ආදරණීය දෑස්.......

අවසන් පරිච්ඡේදය......

ඔබ ගිය දිනයේ සිට වසර දහයක කාලයක් මා ඔබව සෙව්වෙමි. ඔබව සොයා හෙම්බත් වූ පසු ඔබම මා ළඟට ආවේය. පසු ඔබ දැන් වෙනකෙකු ගේ යැයි දැනගත් විට මා වෙන කුමක් කරන්නද ඔබව අතහැර ඈතට යෑම හැර. මගේ ජීවිතේ මා පෙම් කළ හෝ කැමති වු ප්‍රථම කෙනා ඔබ නොවෙයි. මා ඔබ හමු වූ පසුද කෙනෙක් ට පෙම් කළෙමි. නමුත් සොඳුර මා නුඹට දෙයක් පවසමි.

" මේ ජීවිතයේ මා ප්‍රේම කළ ඔබව මට මතකයෙන් දුරස් කිරීමට එතරම්ම අපහසුය. "

..............................................

මම පටන්ගත්ත කතාව වෙන විදිහකට අවසන් කරන්න බලාගෙන ලිව්වත් අවසානයේ මට සිද්ධවුණා දුකක් විදියට අවසන් කරන්න. තව දුරටත් මට ලංකාවේ ඉදලා වැඩක් නැහැ. ඒ නිසා මම ළඟදීම මේ රටින් යනවා. ආයේ නොඑන්නම..

ඉතින් අවුරුදු 17 ඉදලා අවුරුදු 30ක් වෙනකන්ම මාත් එක්ක හිටපු ඔයාලට ගොඩක් ස්තූති. මගේ දුකේදී, සතුටෙදි මගේ කතාව ආදරයෙන් වැළඳ ගත්ත ඔයාලට ගොඩක් ආදරෙයි. මම එහෙනම් යනවා. දිගු ගමනක්.

.................... නිමි ...................

ඉතින් මම මගේ කතාව මේ විදියට අවසන් කරනවා. මට vote කරපු comment කරපු හැමෝටම ගොඩක් ස්තූතියි. ගොඩක් ආදරෙයි.

Previous
Last

Share This Chapter