Back
/ 22
Chapter 4

2nd Chapter

ආරාධනා දෑස් 💕

පට්ටම මහන්සි. ඒ වගේම Fresh. Volleyball Practice වලින් පස්සෙ මම මගේ පන්තිය 12 Commerce - E එකට මම ආවා. වෙලාව හතයි කාලයි. මුළු පන්තියම අමු අපාය වගේ. ඇයි ඉතින් මුන්ගේ සද්දේ. ඔන්න මිනෝලයා නම් ඩෙස් එකට තට්ටුවක් දාදා සිංදු කෑල්ලක් කියනවා. ඌට බැන බැන දුලංජ යා, මිනෝලයා ගේ ගෙදර වැඩ ටික කරනවා.

මම ඉතින් මගේ තැනට ඇවිත් වාඩි වුනා.

" ඔබ ඇපල් මලක් වාගේ.

ලස්සන වසන්ත කාලේ. "

මිනෝලයා මගේ ඇඟේ වැදි වැදි සිංදු කියන්න ගත්තා. මට ඉතිං මල යකා නගිනවා. ඇයි අප්පා මහන්සියෙන් ආවාම මූ මට ආතල් දෙනවා.

" පලයං හු## එහාට. ඇඟේ ගෑවෙන්නේ. "

" ඔව් ඔව්. උඹට වාසියක් කරන මට තමා උඹ ඔහොම කියන්නේ? "

උගේ වාසි මන් දන්නෙ නැද්ද? මොනාහරි අටමගලයක ට මාව පාවා දීලා ඇති.

" අනේ පල"

" මේ කෑල්ල ගේ යාළුවා උඹට කැමති ලු. "

ඔය මං කිව්වේ. අටමගලයක් නෙවෙ උරචක්කර මාලාවක්.

" උඹේ මොන කෑල්ලගෙද? "

" සුදු මැණිකේ බං"

අපෝ. මූ මට සෙට් කරලා තියෙන්නේ තාම සිඟිති මානසිකත්වය තියෙන එකියක් නේ.

" අපෝ එපා. "

" අනේ බං. එක පාරක් හම්බෙයන්. නැත්නම් සුදු මැණික තරහාවෙයි බං. "

....... " ඒකට මොකො උඹට අනිත් උඩරට මැණිකෙලා, පහතරට මැණිකෙලා ඉන්නේ. "

වැඩක් කර කර හිටපු දුලංජ ද අපේ කතාවට එක් විය. හැබැයි ඒ කතාවට මට හිනා ගියා. සිරා කතාවක් කිව්වේ.

" බෑ බං. ඒකි තරහා වුනොත් යාළු කරගන්න පර්ස් එක හොල්ලන්න ම වෙනවා. "

අපෝ මූ මහා කුණු ලෝබයෙක් නේ. මූටම සෙට් වෙන සුදු මැණික හැබැයි.

හැබැයි ඉතින් පාසල් ප්‍රේමයට ජීවිතේට සහභාගි නොවුන මට එක පාරක් හරි ට්‍රයි කරන්න ආසාවක් තිබ්බා. මොකද කරන්නෙ??? ඔන්න ඔහේ සෙට් කරගෙන බලනවා.

...... " Good morning Everyone"

ආගම සිහිකරාට පස්සේ අපේ clz teacher ආවේ තවත් ආගන්තුකයෙක් එක්ක.

" Good Morning Teacher"

" Ok students. He is our new class member. "

Teacher එයාව පෙන්නලා කිව්වා.

" ඒ බං මේ අපේ clz card mark කරන කොල්ලා නේද? ඌ මොකද මේ සුදු ඇඳුමක් ඇදන් ඇවිල්ලා. "

" උඹ කොහොමද කියන්නේ? ඒ කොල්ලා මාස්ක් එකක් දාන් නේ ඉන්නේ?? "

" අපි ඊයේ එද්දී පරක්කු වුණානේ. එතකොට මූ මාස්ක් එක ගලවං හිටියා. "

" ඒ එහෙම කෙනෙක් මේ ස්කූල් එකට එන්නේ කොහොමද? "

" ඒකනේ ප්‍රශ්නේ "

ඔව්. මේ ස්කූල් එකට එහෙම හැමෝටම එන්න බෑ. මේක හරිම මිල අධිකයි. මේක කොළඹ ප්‍රධාන පෙළේ ඉහළම පාසලක්. මේකට එන්න අඩුම දෙමව්පියෝ මාසෙකට ලක්ෂ දෙකක් වත් හොයන්න ඕන. අපේ පාසල අවට තියෙන පාසල් වලටත් එහෙමයි. මේවට සාමන්‍ය අයට එන්න හිතන්න අමාරුයි. පහසුකම් ගාස්තුම රුපියල් ලක්ෂයක් වෙනවා. අමතර වියදන් ඔක්කොම බලද්දී ලක්ෂ තුනක් විතර අවුරුද්දට ඉවරයි. එහෙම තියෙද්දී මෙයා ආවේ කොහොමද? සමහර විට එයා clz අයිතිකාරයාගේ පුතාද දන්නේ නැහැ.

.... " Ok My Students. මේ දරුවා තමා o/levels results වලින් ලංකාවේ පස්වෙනියා වුනේ. ඉතිං මෙයාට රජයෙන් Schooler ship එකක් හම්බුනා. ඉතින් ඒ මේ ස්කුල් එකට.

... ඉතින් ඔයාගේ විස්තර කියන්න. "

ආ. මම හිතුවා. නැත්නම් කොහොමද මේකට එන්නේ ?

එයාගේ නම දේශාන් අහිංසන. ගම අනුරාධපුර. පන්තියේ ඉන්න තැන මගේ එහා පැත්තේ. කෙට්ටු යි. මෙලෝ රහක් නැහැ. සුදුයි. කැරපොත්තෙක් වගේ. අනේ මන්දා මට මූව දැක්ක වෙලේම එපා වුනා. දෙන්න හිතෙනවා මූණ සමතලා වෙන්න.

(දේශාන් අහිංසන)

මම නම් ඌ එක්ක කතා කළේ නැහැ. මිනෝලයා ඉතිං ගමේ ඇන්ටි වගේ මූගේ ආගිය විස්තර ඔක්කොම දැනගත්තා. මටත් ඇහුනා.

දුලංජය ට නම් වගේ වගක් නැහැ.

' කොල්ලා දුප්පත් පාටයි. ' මිනෝලයා කිව්වේ interval වෙලාවේ. ඉන්නේ ස්කූල් හොස්ටල් එකේ. එයාට ඉන්නේ අම්මායි , තාත්තා යි , නංගි යි. බ්‍රයිට් කේස් එකක් ලු. මිනෝලයා කියන විදියට ඊළඟ වාරේ ඌ මගේ පළවෙනි ස්ථානයට කෙලවනවලු. මම මේ වෙනකං කාටවත් සෙකන්ඩ් වෙලා නැහැ. වෙන්නෙත් නැහැ. මම තමා ෆස්ට්.

...... 1.30 ට බෙල් එක වදිනවා කියන්නේ ම ඇඟට අමුතු ගැම්මක් එනවා. Interval එකෙන් පස්සේ එන නිදිමත සේරම නැතිවෙලා සුපර් පවර්ස් එනවා.

ගේට්ටුව ඇරපු සැනින් මී හරක් කුලප්පු වුනා වගේ දුවන්නේ ආතල් එකට.

අයිස් පලමක් සූප්ප සූප්ප වල් කතා ටිකක් කියලා ඉවරවෙලා ගෙදර යද්දි තුනයි. හොඳ වොෂ් එකක් දාලා ඇඟට පහසු ඇඳුමක් ඇදලා අම්මා බෙදලා තිබ්බ බත් එකත් දෙසලා මම ගියේ  garden එකට.

ටික වෙලාවක් phone එක ඔබ ඔබ ඉදලා මම ගියේ අහල පහළ උන් එක්ක Cricket ගහන්න. අපේ අම්මගේ අනතුරු ඇඟවීමට පස්සේ මම ගේ ඇතුලට ආවේ සතෙක් වගේ. දාඩිය දාලා.

තේ එකත් බීලා ආයේ වොෂ් එකක් දාලා මම ටවල් එක පිටින් ආවේ කණ්නාඩිය ඉස්සරහට. මම පට්ට හැන්සම්. දැනටමත් Six pack  තියෙනවා.

.... " අනේ ඉලන්දාරියෝ ඔය හැඩ බැලුවා මදැයි. පොතක් පතක් බලාගන්න. "

අම්මලා නම් ඔහොමමයි. කතා කරන්නේ නැතිව කාමරේට එනවා. පස්සේ මොනාහරි කියනවා. යනවා. මම අසරණයි ඉතිම්. 🥲

.....................

ඔහොම ඉතින් කාලය ගෙවිලා ගියා. සෙනසුරාදා ආවා. අද Account Clz තියෙන්නේ. ඒ විතරක් නෙමේ අද මිනෝලයගේ සුදු මැණිකෙගේ යාළුවා හම්බෙන්නත් තියනවා.

මගේ clz එක නවයට පටන්ගෙන එකොලහාට ඉවර වෙනවා. එයාට එකොලහා මාරට clz පටන්ගන්නවා.

එයා එක්ක මං කථා කළා. එයාගේ නම මලිෂා නැතැනියෙල්. හරිම අහිංසකයි. කතා කරන්නෙත් හරි හිමින්. මට එයාව හිතට ඇල්ලුවා. බලමු ඉතිං කරගෙන ගිහින්.

....... තවත් කොටසක් බ්‍රහස්පතින්දා ට දෙන්නම්. ...........

Share This Chapter