Back
/ 22
Chapter 5

3rd Chapter

ආරාධනා දෑස් 💕

.... " අනේ යකෝ.. මොන අටමගලයක් ද ? ඒ "

" උඹට ලව් කරලා පුරුදු නැහැ බං. ඒකයි. "

" මම මෙච්චර කල් හොඳට හිටියා බං.

..... " උඹටත් හොඳම වැඩේ. පාළුව මකා ගන්න සොඳුරියෝ හොයන්න ගියාට. "

ඒ දුලාංජ.

මලිශා එක්ක යාලු වෙලා දැනට මාසයයි. මට යාළු වෙනවා කියන එක සංසාරේම එපා කළා. යාළු වෙලා සතියක් යද්දි හරිම අහිංසක විදියට හිටියා. පස්සේ ඒකිට මොන්ටිසෝරි බබෙක් වැහිලා. කතා කරන්නේ හරිම අජපල් විදියට. ඒකි මගේ ඒන්ජල් බේබිලු. මම ඒකිගේ චූටි තාත්ති ලු. මට හෙනම විකාරයක්.

මේවා ඔක්කොම මිනෝල් ගොබිලා ගේ වැරදි. සයිබිරියානු හිවල් ලොන්තයා.

... First period bell එකත් ගැහුවා. මුලින්ම තිබුණේ English. ඒකත් period දෙකක්. අර මලසමයම එක්ක ඊයේ රෑ එළි වෙනකං කියව කියව ඉදලා මට පුදුම නිදිමතක් එන්නේ. ඊටවඩා එහා පැත්තේ ඉන්න ඉතියෝපියන් කැරපොත්තා. පොතත් ගිලලා ටීචවත් ගිලින සයිස් එකට ඉන්නේ.

අමාරුවෙන් ඉන්ටවල් එක එනකං ඇස් දෙක ඇරගෙන හිටියා. අයියෝ මේවට කියන්නේ විහින් දාගන්න කරුම කියලා. මිනෝලයා කොහොම කෑලි පහක් රන් කරනවද මන්ද?

අවසානයේ B.S period එකේ නම් මම සර් ගේ පොතෙන් ඔලුවට කෑවා. මගේ නින්ද දෙපිටින් ගියා. පස්සේ එයාගේ මහා දේශනයෙන් පස්සේ ස්කූල් ඉවරයි කියන බෙල් එක වැදුනා.

ගෙදර ආපු පිම්මටම කෑවෙත් නැහැ , නෑවෙත් නැහැ සපත්තු ගලවලා ඇදට පැන්නා. නිදාගත්තා.

පැයක් විතර හොඳට නිදාගත්තා. පුදුම සනීපයක් දැනුනේ. ඒත් ඉතින් මගේ සැනසීම නැතිවුනේ අර මල හෝන්තුවගේ මිස් කෝල් තුන දැක්කට පස්සේ. මේකට කෝල් කරනවට වඩා හොඳයි මැරෙනවා.

නාලා, තේ කක් බිබි ම මම මලිශා ට කෝල් කලා. ඔන්න පටන් ගත්තා.

" චූටි තාත්ති. මම ඔයා එක්ක තලහයි. "

අම්මෝ සදහටම තරහයි නම් ලොකු දෙයක්.

" ඇයි ඒන්ජල් බේබි "

ඒන්ජල් නෙවෙයි මේකි යැකින්නි.

" ඔයා මට කෝල් කලෙත් නැහැනි. මම ඔයා එක්ක තලහයි. "

හයියෝ මල වාතයක්.

" සොරි බබා. "

" ඉතිං මම කෑවද අහන්නි නැද්ද? "

උඹ කෑවාද නැද්ද කියන එක මට මොකටද ඉතිං.

" බබි කෑවද? "

" මම නම් අබුන් කාලා. වතුල බීලා දොයියලා දැන් නැගිට්ටේ. "

මේකි ඇත්තටම අකුරු කියවලා. නැත්නම් මොන්ටිසෝරි ගිහිං නැහැ. කතා කරන කැත. අබුන් නෙවෙයි මේක කාලා තියෙන්නේ ගුලි ද මන්දා ?

" බබා අම්මා කතා කරනවා. මම තියන්නද? "

" බොලු කියන්න එපා. ඔයා දැන් මා එක්ක වැඩිය කතා කරන්නේ නැහැ "

ඔව් යකෝ. ඔහෙත් එක්ක කතා කරාම මගේ ඔලුව මරි මොංගල් වෙනවා. කියන වල්පල් වලට.

" එහෙම නැහැ බබා. "

" බොරු. ඔයාට දැන් වෙන කෙනෙක් ඉන්නවා. "

පිස්සුද යකෝ. තව එකෙක් සෙට් කරගත්තොත් මට අංගොඩ වෙනම මානසික රෝහලක නවතින්න වෙන්නේ.

පැයක් විතර එයාම කියවලා, එයාම රණ්ඩු කරලා එයාම තිබ්බා. මම ෆෝන් එක ඔෆ් කරලා සාලෙට ගියේ ටි.වි එක බලන්න.

' ඒ නුඹ නිසා ' බලලා ඒකේ ඉන්න කෙල්ල වගේ එක්කෙනෙක් නම් හොඳයි කියලා හිතුන වාර අනන්තයි.

.... අද රෑ කෑමට කාලෙකට පස්සේ අපේ තාත්තා හිටියා. එයාගේ බිස්නස් වැඩ නිසා මට එයාව හම්බෙන්නෙ ම නැති තරම්.

හැමදාම වගේ මගෙන් මගේ වැඩ ගැන අහලා උපදෙස් ටිකක් දීලා එයා කාගේ හරි කෝල් එකකට අන්සර් කරනවා. ඒක එයාගෙ ජීවිතේ. මාත් කාලා ඉවරවෙලා මගේ ස්කූල් වැඩ ටික කරලා නිදාගන්න ගියා.

ඇදට ගිහිං ෆෝන් එක ටිකක් ඔව් කරලා මිනෝලයයි , දුලා එකයි mg දාදා හිටියා. ආයේත් අර මල හෝන්තුවගෙන් කෝල් එකක් එනවා. දැන් මම එයාගේ සුරඟන කතා ටික අහන්න ඕන.

මොනා කරන්නද බැඳගත්ත බෙරෙ ගහන්න එපැයි.

" හෙලෝ එන්ජල් බේබි. කියන්න. "

කන රත්වෙනකම්ම දොඩවහං ඉතිං.

" රත්තරන්. "

රත්තරන් නෙවෙයි රිදි.

" ම්ම්. "

" මට ඔයා තමා මගේ ලෝකේම. "

හම්මේ වෙන නැත්තං.

" මටත් එහෙමයි. නිදාගන්න මැණික.. දැන් රෑ එකොලහත් පහු වෙලා. "

ආදරෙන් කිව්වාම වත් අහපන්.

" ඔයත් "

නිදාගන්නේ කොහොමද? ඔහේගේ සුරඟන කතා අහන්න එපැයි.

" Good Night Angel baby. "

අනේ නිදාගනින්කො දැන්වත්.

" I love you my baby. "

ඉවරයි. අදත් රෑ නිදාගෙන ඉවරයි. අනේ දෙයියනේ මට නිදාගන්න ඕනේ. නිදාගනින්කො.

පැය දෙකක් විතර කතා කරා. මගේ කනේ පැත්තක් රොස් වෙලා. මට මේ කරපු අපරාදෙට මිනෝලයගේ කන බාබකියු වේවා! ඒස්වා පුහ්!

...............🌤️🌤️................

ඉස්සර උදේ නැගිටිනවා කියන්නේ මම ආසම දෙයක්. දැන් නම් මරනවා වගේ.

නිදිමරගාතෙ ම දත් ටික මැදලා ඇඟ හෝදලා උණුසුමට අයන් කරලා තිබ්බ යුනිෆෝම් එකත් ඇදගෙන මම තාත්තා එක්ක අද ස්කූල් එකට ආවා. වෙනදාට නම් driver තමා මාව ස්කූල් එකට drop කරන්නේ. අද තාත්තා ආවා.

හතයි වෙලාව. අර මිනෝල් මූකලන් බස්සයි , දුලාංජයයි තාම නැහැ. හැබැයි ඉතියෝපියානු කැරපොත්තා නම් ඇවිල්ලා. පාඩම් කරනවා. නිදිමතේ ආපු මට තවත් නිදිමතයි මූව දැක්කාම. මම ගිහින් වාඩිවුණා.

" Good Morning 🌞"

එයා කිව්වා.

" ම්ම්. Good morning"

අපිට Greet කරනවා නම් කෙනෙක් අපිත් එයාට Greet කරන්න ඕන. ඒකෙන් තමා අපි ඒ කෙනාගේ හැඟීම් වලට වටිනාකමක් දෙනවා කියලා කියන්නේ.

" ඔයාට අර Account ගාන හදාගන්න පුළුවන් වුනාද? "

" මොන?? "

මම ඇහුවා.

" අර බැංකු එක. "

" ආ. ඔව්. "

ඒක හරි ලේසියි නේ. මෙයාට ඒක හදාගන්න බැරි උනාද?

එයා ඒක අහපු නිසා මම ඒක එයාට කියලා දුන්නා.

හිතපු තරම් කොල්ලා අවුල් නැහැ. හොඳයි. නිහතමානී. මම කියපු දේවල් හොඳට අහාගෙන හිටියා.

එයා මට තෑන්ක් කලා. මට දැන් ටිකක් විතර එයා ගැන තියන තරහා අඩුයි.

......... තවත් දවසක හමුවෙමු.......

Share This Chapter