Back
/ 22
Chapter 7

5th Chapter

ආරාධනා දෑස් 💕

.......... මැච් ඉවරයි. ආතල් ඉවරයි. 2nd Term exam එකට ලෑස්ති වෙන්න එපැයි. පාඩම් වැඩ ගොඩගැහිලා. කොහෙන් පටන්ගන්නද තේරේන්නේ නැහැ. පතරංග ජාතකය වගේ. ඒ මදිවට පැය හයක් ස්කොලේ ඉන්නත් එපැයි.

දැන් වෙලාව පාන්දර හතරයි. පාඩම් කරන්න නැගිට්ටා වුනාට, පට්ට කම්මැලි. මම ඉතින් පොත දිහා බලාගෙනම හිටියා.

ඔහොම පැය දෙකක් විතර ගියා. විනාඩි හතළිස් පහක් විතර පාඩම් කළා. කමක් නැහැ අද ඉදලා සතියනේ. ඊට පස්සේ නිවාඩු. ගැම්මෙන් ඉන්න ඕනෙ.

හොඳ වොෂ් එකක් දාලා breakfast එකත් අරගෙන අදත් උදේම මම ස්කූල් එකට ගියා. ඔන්න ඉතින් අද දේශාන් උදේම ස්කූල් ඇවිල්ලා පාඩම් කරනවා. මූට නින්ද යන්නේ නැද්ද අප්පා. සතියක් ආවේත් නැහැ මේකා

" අහ් good morning අකිඳු. ".

" Very very GM"

මම මගේ බෑග් එක ඩෙස් එකෙන් තියලා පුටුවේ ඉදගත්තා.

" මොකද මේ දවස් ටිකේ ආවේ නැත්තේ ? "

" මට ටිකක් අසනීප වුනා. "

" ආ! ඒ මොකද? "

" උණ හැදුනා"

" ම්ම්. නෝට් ලියාගත්තාද? "

" නැහැ. "

" ඉන්න එහෙනම්"

මම මගේ පොත් ටික එයාට දුන්නා. කොල්ලට සතියක නෝට් තියනවා ලියන්න. මේකගේ දකුණු අතට අබ සරණයි. මම එයාගෙන් ඇහුවා ඔක්කොම තනියම ලියන්න පුළුවන් ද කියලා. එයා පුළුවන් කිව්වෙත් නැහැ බැහැ කිව්වෙත් නැහැ. මූණ මලවගෙන ඔලුව වැනුවා. පස්සේ මම ම ඇහුවා නෝට් ටිකක් ලියලා දෙන්නද? කියලා. එතකොට නම් හිනාවෙලා ඔලුව හෙලෙව්වා.

මමත් ඉතිං එයාට උදව් කළා.

....... " අම්මට උඩු. අර බලපංකො අකිඳු වා නෝට් ලියනවා. "

හුටා. අදත් මිනෝල යා ගේ ඇනුම් බැනුම් මැද දවස ගෙවන්න වෙන සීන් එකක් තියෙන්නේ.

" නැහැ බං. මෙයා අසනීප වෙලා ඉදලා තියෙන්නේ. ඒ නිසා හෙල්ප් කරන්නේ. ".

" අහ්. කට කට. උඹගෙන් මම දැන් ඇහුවද? "

මට කට උත්තර නැහැ හැබැයි.

" උඹ, මෙච්චර කල් උඹ එක්ක හිටපු අපිට නෝට් එකක් තියා මැල්ලුමක්වත් මලවලා නැහැ. ඒත් මේ දේශානයට ලියනවා. "

" හරි. හරි බං. "

" ඕකට තමා කියන්නේ ඉස්සෙල්ලා ආපු අඟට වඩා පස්සේ ආපු අන ලොකුයි කියලා "

" ඔව් බං. ඔව් උඹ හරියටම හරි. "

දුලාංජ යා මුකුත් නොකියා හිටියා. ඒත් මේ මිනෝලයගේ වක්කඩ කට නම් වාන් දානවා. දේශාන් නම් හිනාවෙවි නෝට් ලියනවා. මාත් ආයේ එයාට නෝට් ටික ලියලා දුන්නා. ඔන්න එයාට මුළු දවසක් ලියන්න ඕන නෝට් ටික අපි දෙන්නම එකතු වෙලා period හතරෙන් ලියලා ඉවර කළා.

ඉන්ටවල් බෙල් එක ගැහුවත් හරි දේශාන් එලියට යන්න හැදුවේ. මම එයාගේ අතින් අල්ල ගත්තා. එයා මං දිහා බය වෙලා වගේ බලාගෙන හිටියා. ඒ බය වෙච්ච ඇස් දෙකත් ලස්සන ට කතා කරනවා. මම එයාට කිව්වා අද ඉදලා හැමදාම අපිත් එක්ක කන්න එන්න කියලා. මුලදි එයා ඒකට අදිමදි කලා කියලා එයාගේ කලබලකාරී ඇස් වලින් මට තේරුණා. පස්සේ එයා කැමති වුනා.

" දේශාන් කොලුවෝ එන්න. අපේ අකිඳු හද පිරි ලව් එකෙන් ඔයාට කතා කරන්නේ"

" මොනවද හුන්නස්ගිරි උලමෝ කියවන්නේ? "

මිනෝලයා කියන කතා නිසා මට ළඟදිම හොඳ පද ටිකක් හදාගන්න පුළුවන්. උදේ ඉදලම මාවයි, දේශාන් වයි ජෝඩු කරනවා. පන්තියේ අනිත් උනුත් අපි දෙන්නා දිහා බල බලා හිනාවෙනවා.

" ඇයි?? මේ ඉන්නේ උඹේ අන් දෙක නේ. ඔය ඔලුව උඩ තියෙන්නේ. "

මිනෝල් ට දෙයක් කියනවට වඩා හොඳයි හරකෙක් ට හරබැර උගන්වනවා.

... " ඇති ඇති බං. දේශාන් පුටුව අරගෙන එන්න. අපි කමු. වෙලාව යනවා. "

මේ පාර දුලාංජ කතා කළා. ඒ පාර තමා මිනෝල් කට වහගත්තේ.

තිබ්බේ බත් තුනක් වුනාට කෑවට පස්සේ බත් දහයක් කෑවා වගේ. බඩ ෆුල් වෙලා අපි ගල් වෙලා. දැන් ඉතින් ඊළඟ period එකේ ඉදන් නිදි කිරන්නත් එපැයි. ඊළඟට අපිට තිබ්බේ ඉංග්‍රීසි. අවුලක් ම නැහැ.

..................... ☀️☀️..............

ඔහොම ඉතින් අපේ අවසාන period හතරත් ඉවර වුනා. ඒ කියන්නේ ස්කූල් ඉවරයි. දැන් තියෙන්නේ Home Going Time. මම clz එකෙන් එළියට යද්දි දේශාන් හිමින් හිමින් කොරිඩෝව දිගේ ඇවිදිනවා. මම දුවලා ගිහින් එයාගේ කරේ අත දාගත්තා.

" මොකද කොල්ලෝ?? ගෙදර දුවන්න ආස නැහැ. "

" ආසයි. ඒත් මම යන්න ඕන හොස්ටල් එකටනේ. "

හුටා අමතක වුනා. එයා හොස්ටල් බෝඩ් කෙනෙක් නෙ. එයා හොස්ටල් එකට යන්න කැමති නැහැ වගේ.

" ඔයා කැමති නැද්ද හොස්ටල් එකේ ඉන්න. "

" ආස නැති වුනත් මට මේ නොදන්න පළාතේ තියන එකම තැන ඒකනේ අකිඳු"

ඒකට නම් මට දුක හිතුනා. එයා එක්කන් කොහේ හරි ගියානම් හරි.

" ඔයාට වැඩක් තියනවද? දැන් ගිහින් කරන්න. "

" වෙනදා ටිකම තමා තියෙන්නෙ. "

" එහෙනම් මා එක්ක යංකෝ ගමනක්. "

" කොහෙද? "

මම එයාට මුකුත් නොකියා එයාගේ අතින් ඇඳගෙන පහළ තට්ටුවට ආවා. පස්සේ මම එයාගේ අත අත්හැරියා. නැත්නම් ඒක හෙට පත්තරේ ගියා වගේ තියෙයි. මම, මිනෝල්, දුලාංජ, අද තීරණය කරලා තිබ්බා KFC යන්න. ඉතින් ඒකට අලුතින්ම එකතු වුනේ දේශාන්. මිනෝල් නම් මූණ ඇඹුල් කරගත්තා. දුලාංජ නම් අවුලක් පෙන්නුවේ නැහැ. මුලදි දේශාන් අපි එක්ක යන්න බය වෙලා හිටියත් පස්සේ එයාට ගාණක් නැති වුනා.

මම හිතන්නෙ කොල්ලා KFC ආපු පලවෙනි වතාව මේක. ඇතුලට ගිය වෙලේ ඉදලා උඩ බලනවා, වටපිට බලනවා , ඉන්න මිනිස්සු දිහා බලනවා , කෑම plate දිහා බලනවා. ඊට පස්සේ බය වෙලා වගේ ඉන්නවා. මම මුකුත් අහන්න ගියේ නැහැ.

පස්සේ අපි මිඩියම් කෝක් හතරයි , potatoe chip 2යි , chicken Bucket 4යි order කළා. දේශාන් නම් හිමින් හිමින් වටපිට බල බල කනවා. ඒකට මිනෝල් නැව ගිලුනත් බෑන්චූන්. කනවා නෙවෙයි ගිලිනවා. මම හිතන්නෙ මිනොල් තමා මුලින්ම කාලා ඉවරවුනේ. අන්තිමට දේශාන්.

කාලා එකන ටික වෙලාවක් ඉදලා අපි ගෙවල් වල යන්න පිටත් වුනා. ස්කූල් එකේ ඉදලා KFC එකට තිබුණේ පොඩි දුරයි. මම දේශාන් ව හොස්ටල් එකට ඇරලලා ම ගෙදර ගියා.

ගෙදර ආවේ හවස පහට. මහන්සිය නැතිවෙන්න හොඳ වොෂ් එකක් දාලා මම coffee එකක් හදාගෙහ බිව්වා. මොකද අද අම්මා ආච්චිලාගේ ගෙදර ගිහින්. එද්දී රෑ වෙනවා.

මම ඉතින් ගෙදර පොඩ්ඩක් අස් කරලා පාඩම් කරන්න ගියා. මම අද ඉදලා phone එක පැත්තකින් තියලා පාඩම් කරනවා. මම පාඩම් කර කර ඉද්ද අටට විතර අම්මා ආවා.

රෑ කෑම එක අම්මා අද මට room එකටම ගෙනල්ලා දුන්නා. ඒක හිමින් හිමින් කාලා මගේ පාඩම් කොටස ඉවර කරද්දී පාන්දර එකයි. ස්කූල් යන්න ඕන නිසා මම නිදාගත්තා.

.............................................

අද 1st exam එක. Econ. පාඩම් නම් කළා. බලමු.

ඔහොම exam Week එක ඉවර වුනා. දැන් තියෙන්නේ ආතල් week එක. සතියේ අන්තිමට තමා results එන්නේ.

මම ඉතින් ආයෙත් Volleyball Practice කරන්න ගත්තා. නැත්නම් බෑනේ. ඔහොම ඉතින් කාලය ගෙවිලා ගියා. අවසානයේ අපේ 2nd Term exam එකේ papers දීලා , report card දෙන දවස ආවා. ඉන්ටවල් එක පහුවෙලා. හොඳට කාලා බීලා දැන් ඉතින් ටොයිලට් යන මොහොත. මොනා වුනත් මම දන්නවා මම පන්තියේ පලවෙනියා කියලා. ඒක මම මේ scl එකට ආපු දවසේ ඉදන් තියන record එකක්.

1 වසරේ ඉදලා 12 1st term වෙනකං මම පන්තියේ පළවෙනියා. මට ආඩම්බරයි ඉතින්.

ටීචර් report cards ටික උස්සන් ආවා.

" Ok. Children. අද අපේ දෙවනි පාසල් වාරය නිමා වෙනවා. අද ඉදලා මාසයක් අපි හම්බෙන්නෙ නැහැ. ඒ වගේම අපි මහන්සි වෙලා කරපු exam එකේ result එකත් තියනවා. So children මම දැන් පන්තියේ දහවෙනියා ඉදලා නම් කියනවා. ඇවිල්ලා රිපෝට් කාඩ් එක ගන්න. "

" Ok teacher. "

" පන්තියේ දහවෙනි ස්ථානය මිනෝල් වත්සල "

අම්මට උඩු මිනෝල් සුපිරි නේ. වට බඩ්ඩක් වුනාට හොඳට ගේමත් ගහලා. මට පට්ට සතුටුයි.

..... " Ok children. දැන් අපි බලමු පන්තියේ තුන්වෙනියා. දුලාංජ අරවින්ද "

ආ. ඒ මොකද ඒ ? මන් දන්න කාලේ ඉදලා පන්තියේ දෙවනියා ඌ. එකපාර මොකද පන්තියේ තුන්වෙනියා වුනේ. ඌටත් කන්ෆියුස්.

" පන්තියේ දෙවනියා තමා අකිඳු නිතේෂ්. "

Wtf ? මට ඇහුනේ වැරදියටද?? මොනවද වුනේ? මට පුටුවෙන් නැගිටගන්නත් බැහැ වගේ. මම හිනාවුනත් මගේ හිත ඇතුලේ ප්‍රශ්න කෝටියක් තිබ්බා.

මම ටීචර් එක්ක හිනාවෙලා රිපෝට් කාඩ් එක අරගෙන ඇවිත් ඉදගත්තා.

" අපේ පන්තියේ පලවෙනියා තමා ..... ...... දේශාන් අහිංසන.

එන්න දේශාන්. "

ආ... මට හිතාගන්නවත් බැරිවුණා. එයා දක්ෂයි තමා. ඒත්. අනේ මන්දා කෙනෙක් දියුණු වෙද්දී සතුටු වෙන්න ඕන වුනත් මට දැනුනේ අප්සෙට් එකක්.

" උඹ කර උඩ තියාගත්තු එකා දැන් ඔලුව උඩින් පියාඹනවා නේද? "

මිනෝල් මගෙන් කන ළඟට කරලා ඇහුවා.

" හරි බං. එහෙම තමා. ඌ දක්ෂයි. "

දුලාංජට නම් ඒ ගැන ගානක් නැහැ. එයා නම් ඒක සාධාරණීකරණය කලා.

අනේ මට තේරෙන්නේ නැහැ යාලුවනේ. ඇයි මට මෙහෙම දැනෙන්නේ. මට එයා එක්ක තරහක් නැහැ. ඒත් දැන් මට එයා එක්ක හොඳින් කතා කරන්න හිතෙන්නෙ නැහැ. එයා රිපෝට් එක අරගෙන එන ගමන් මා එක්ක හිනාවුණා. ඒත් මම එයා එක්ක හිනාවුනේ අමාරුවෙන්. ඇත්තටම ඒක Fake Smile එකක්.

" Children එහෙනම් අපි ඔක්කෝගේම රිපෝට් බෙදුවා. කට්ටියගේ වෙනියා මාරු වෙලා තිබුනා. සමහර අයගේ ලකුණු වැඩිවෙලා තිබ්බා. Anyway කට්ටිය නිවාඩු කාලෙ කියලා පොත් වහලා තියන්න එපා. පාඩම් කරන්න.

එහෙනම් ඔයාලා ඔක්කෝටම හොඳ නිවාඩුවක් ගත කරන්න ලැබෙන්න.

God Bless You 🙏 "

අපේ දෙවනි වාරේ නිමා වුනා. මම නම් ඉක්මනින් පන්තියෙන් එළියට ආවා. දුලාංජයි, මිනෝලූයි කන්ෆියුස්.

" අහිංසකයි කියලා පෙන්නපු උන් තමා ලෝකේ කාලා වතුර බොන්නේ"

මිනෝල්, දේශාන් දිහා බලාගෙන කිව්වා.

කොල්ලගේ මූණ හොඳටම අප්සෙට්. මට නම් එයාට නොකියම ආවා. අරුන් දෙන්නත් මා එක්කම ආවා.

මම දන්නේ නැහැ මම ඇයි මේ වගේ ආත්මාර්ථකාමී. හැබැයි මම කැමති නැහැ කාටවත් දෙවනි වෙන්න.

ගෙදර යන්න බස් එකේ නැග්ග වෙලාවේ ඉදලා මිනෝල්, දේශාන් ට බනිනවා. මටත් ඌව නවත්තන්න හිතුනේ නැහැ. ඒත් දුලාංජ කියන්නේ දේශාන් එයාගේ උත්සහයෙන් දින්නා කියලා. ඒක සහතික ඇත්ත. ඒත් මට ඒක පිළිගන්න බැහැ බැහැ වගේ.

බලමුකෝ යාලුවනේ. ආයේ ඉතින් අපි හම්බෙන්නෙ මාසෙකට පස්සෙනේ. එතකොට වත් මේ තරහා නැතිවෙයි.

................. ..................... ..............

★ආයේ සඳුදා හම්බෙමු.

★ මන් " ආරාධනා දෑස්" අප්ඩේට් කරන්නේ සඳුදා, බදාදා, සිකුරාදා

★ කතාව ලස්සනද? නැත්නම් අවුල්ද ?

★ කමෙන්ට් එකක්, වෝට් එකක් දාලා යම්න ඉතිං 🥲

Share This Chapter