Back
/ 31
Chapter 16

Part 16 ❀

RED EYES 🐺🔞 ( hyunlix ) ✅

ඒක වෙන්නෙ කොහොමද දෙයියනේ ශනිල්ක..එයා කොහොමද දේශිලා එක්ක ඉන්නේ..

" විවේන් ඔහොම ඉන්න.."

පහලට යන්න ගිය මං දේශි කතා කරත් ඇහෙන් නෑ වගේ ආයෙ කාමරේට ගිහින් දොර වහ ගත්තා..

" විවේන් බබා මේ දොර අරින්නකෝ.."

" එපා දේශි..ඔයාලා කොහොමද මට ඒම රිද්දපු කෙනෙක් එක්ක ඔහොම හිනා වෙ වී ඉන්නෙ දේශි එයා මට ගොඩක් රිද්දුවා.."

" චූටි මැණික මේ දොර අරින්නකො ඉතින්  මං කියන දේ අහන්නකෝ.."

" ඔයාල මගෙන් හැම දේම හන්ගනව දේශී ඔයාල කව්ද දේශි ඇයි මගෙන් හැම දේම හන්ගන්නේ.."

" ............ "

උතරයක් නෑ..එයා නිහඩයි..මං දන්නව දේශි ලොකු දෙයක් ඔයාල හැමෝම මගෙන් හන්ගනවා..ශනිල්ක එයත් ඔයාලගෙ කෙනෙක්ද..ඇයි එතකොට එයා මට එච්චර රිද්දුවේ..එයා kanima කෙනෙක් එහෙම කෙනෙක්ගෙ විසක් මගේ ඇගට ගිහිනුත් මං බේරු නේ කොහොමද..

" විවේන්.."

එයා ආයෙත් මට කතා කරා..විනාඩි දහයකට විතර පස්සෙ ආයෙත් කතා කරා..ඇදට වෙලා කොට්ටෙත් බදාන මෙච්චර වෙලා ඇඩුව මං නැගිටලා ටෙඩීල දෙන්නත් බදාන දොර ලගට ගියා..

" චූටි මැණික දොර අරින්න.."

" මාව ගෙදර ගිහින් දාන්න දේශි.."

දොර ඇරිය ගමන් මාව බදා ගන්න ගිය එයාව මං නවත්තලා ගෙදර ගිහින් දාන කියද්දි ඒ ඇස් නපුරු උනා..

" කියන දේ අහන්න විවේන් මං ඔයාට ඇත්ත කියන්නම් ඔහොම මුරණ්ඩු වෙන්න එපා.."

" හරි ඔයාට බැයිනම් අයින් වෙන්න මං යන්නම්.."

" විවේන් ඔහොම නවතිනව මං ආයෙ කියන් නෑ.."

තරහින් පඩිපෙල බැහැන් ගිය මගෙ ඉස්සර්හට ආවෙ සුදු අයියා..

" පොඩ්ඩෝ මොකද මේ ඔහොම ඉන්න.."

" මට යන්න දෙන්න සුදු අයියා ඔයාල ඔක්කොම බොරු කාරයෝ.."

" දේශි බබා එයාව නවත්තන්නකෝ.."

අහන්න ඕනි නෑ නෙ මට කාගෙවත් කතා ඔක්කොම එකයි කව්රු ඉන්න ඉන්න කිව්වත් මං ඇහෙන් නෑ වගේ දේශියෙ ගෙදරින් එලියට ආවා..

" විවේන් මම දැන් උබට හොදින් කිව්ව හිතුවක් කාර වෙන්න එපා නැවතියන් ඔහොම.."

කවදාවත් නැතුව දේශි මට සැර කරා..රිදුනා ඔව් හිත රිදුන ගොඩක්..මීට කලින් එයා මට ඔහොම කතා කරල නෑ අඩුම එහෙම නපුරු පැත්තක් එයා මට පෙන්නලම නැති තරම්..ඒත් අද බනින්නෙ හරියට මං වැරැද්ද කරා වගේ..

" තොට සිංහල තේරෙන් නැද්ද විවේන්..වරෙන් කිව්වම අහලා..කිව්ව නේ මං දැන් හැම දේම පැහැදිලි කරන්නම් කියලා.."

" අතාරිනවා දේශී.."

" නෑ අතාරින් නෑ වරෙන් යන්න..උබෙ හිතුවක්කාරකම ඔක්කොටම වඩා.."

චටාස්...

" තමුසෙ වගේ රහස් හංගන් ඉන්න බොරු කාරයෙක් එක්ක මට ඉන්න ඕනි නෑ..තමුසෙට නෙවෙයි නෙ  ඌ රිද්දුවේ එතකොට දන්නෙ කොහොමද නේද මට කොච්චර රිදුනද කියලා අහ්..ඔක්කොම බොරු කාරයෝ.."

ඔව් මං එයාට ගැහුවා හිතේ තිබ්බ තරහට වේදනාවට මං දේශියෙ කම්මුලට ගැහුවා..එයාටත් හිතා ගන්න බැරි උනා මං ඒ කරපු දේ ගැන..මං එහෙම කරන්න හිතුවෙ නෑ දේශි ඒත්..

" ඒයි පොඩ්ඩො ඔහොම ඉන්න.."

" එයාට යන්න දෙන්න.."

රදී අයිය මට ඉන්න කියලා ආයෙ මගෙ ලගට දුවන් එන්න හැදුවත් දේශි එයාව නැවැත්තුවා..

ඔයා මට යන්න දෙනවද දේශී..හරි ඔයා එහෙමනම් මාත් එහෙමයි ආයේ මාව හොයන් එන්න එපා..

" hello පවිත්‍ර දේශාන්ලගෙ ගෙවල් ලගට එන්නවකො..ලගද ඉන්නෙ ඔයා.."

" හරි ඒනම් එන්න.."

පවිත්‍රට කෝල් එකක් අරන් මං එයාට එන්න කිව්වා..පන්ඩිත කමට ආවට ඉතින් යන්න විදිහක් තියෙන්න එපැයි..පවිත්‍ර මේ ලගම ඉන්නව කිව්ව නිසා වැඩේ ලේසි උනා..

ගේට් එකෙන් එලියට වෙලා ඉන්න මං දිහා දේශි බලන් ඉන්නව කියන්න මං හොදටම දන්නවා..මං ආපිට එයා දිහා බලන්න ලෑස්ති නෑ වගේම එයාටත් මං ලගට එන්න ඕනි කමක් නෑ..

" විවේන් නගින්න.."

විනාඩි තුනක් යන්න ඇති..දේශිලා ගේ ලගටම ආව පවිත්‍රගෙ කාර් එකට මං නැන්ගා..දේශි එයා මං ලගට එන්න අඩියක් ඉස්සරහට තියලත් ආයෙ නැවතුනා..

" මොකද විවේන් මේ.."

" ඔයාට වැඩක් නෑ නේ ගෙදර ගිහින් දානව මාව.."

" hello කිටීලා මෙයාල කාගෙද අනේ මට එකක්.."

" බෑ දෙන්නෙ නෑ ඒව මගෙ සුදු අයිය මට දුන්නේ.."

" මොන සුදු අයියද.."

" ඔයාට වැඩන් නෑ ඒවා.."

⏳⏳⏳⏳⏳

පවිත්‍ර එක්කත් එන ගමන් රණ්ඩු වෙ වී ගෙදර ආව මං කෙලින්ම දුවන් ගියෙ අත්තම්මි ලගට..ඇදේ ඉදන් පොතක් කියවන ගමන් හිටිය අත්තම්මව මං බදාගෙන අඩන්න පටන් ගත්තා..

" ඇයි විවේන් මේ..මොකද උනේ.."

" අනේ ඔක්කොම මට බොරු කරනවා අත්තම්මී එයාල මට බොරු කරනවා.."

" මොකද උනේ කියන්නකො රත්තරං ඇයි මේ අඩන්නේ.."

" දේ දේශි අත්තම්මි එයා අර kanima එක්ක හිටිය අත්තම්මී එයාල යාලුවෝ..මට රිද්දුව කෙනා එක්ක එයා හිටියා.."

" මොනාද විවේන් මේ කියන්නේ.."

" ඒක ඇත්ත අත්තම්මී..එයාට මට රිද්දුව කෙනා එක්ක ඉන්නේ.."

" විවේන් ඔයා කියන්නෙ kanima ඔයාට රිද්දිවා කියලද.."

මං අත්තම්මිට මේ ගැන කියන්න නෙවෙයි හිටියෙ ඒත් නොදැනුවත්ව මට ඒ ගැන කිය උනා..දැන් දීපන්කො උත්තර..

" හ්ම්ම්..එයා මාව අල්ලන් ගිහින් මගෙ බෙල්ලට ඇනල විස කැව්වා..මං ගොඩක් දවස් සිහිය නැතුව ඉදල අත්තම්මි දේශිලා මාව බේර ගත්තෙ කොහොමද කියන්නවත් මං දන්නෙ නෑ.."

" විවේන් කොල්ලො මේව දැන්ද ඔයා මට කියන්නෙ ඇයි මෙච්චර දවසක් මගෙන් හැන්ගුවේ..කව්ද ඒ kanima නම කියන්න මට.."

" ශනිල්ක.."

" ඒකත් එහෙමද..හරි අපි බලා ගමු..විවේන් දැන් අඩන් නැතුව ඉන්නකෝ.."

" අනේ මට දුකයි අත්තම්මා එයාල ඔක්කොම මට බොරු කරනව නේ.."

" කෝ මේ බලන්න..ශනිල්ක ඔයාට ගොඩක් රිද්දුවද.."

" හ්ම්ම්..."

" ඉතින් එයා ඔයාට රිද්දනකන් මේ මුද්ද ගැලෙව්වෙ නෑ කියලද කියන්නේ.."

" මට ඕනි නෑ මගෙ ඇත්ත කවුරුත් දැන ගන්නවට.."

" හ්ම්ම් මෙච්චර දවස් දේශිලත් එක්ක ඉදල ඔයා මොනාද හොයා ගත්තේ.."

" කලින් ටිකම තමා වෙන මුකුත් නෑ අත්තම්මි එයා මට තාම එයාගෙ ඇත්ත කිව්වෙ නෑ..එයාල මාව රවට්ටනවා.."

" ඉතින් ඔයත් එයාලව රවට්ටනවනේ..ම්ම්ම්..ඇයි ඒක බොරුවක් නෙවෙයිද එතකොට ඔයා ඇත්තටම.."

" නවත්තන්න අත්තම්මී එහෙම දෙයක් නෑ.."

ඔක්කොමල එකයි..අත්තම්මිත් එයා ගැන විතරයි හිතන්නේ..තවත් එයා ලගවත් ඉන්න හිත දුන්නෙ නැති නිසා මං මගෙ කාමරේට ආවා..

" ම්හුක් ඇයි ඔක්කොමල ඔහොම කරන්නේ..සුදු අයියේ ඔයත් බොරු කරා මට.."

" දේශි තමුන් මට බොරු කරන්නේ ආදරේ නෑ මට බොරුව කරේ මෙච්චර කල්.."

මගෙ කේන්තිය වගේම තරහ පිට කරේ hello කිටීල දෙන්න පිටින්..මං ගහල ගහලම එයාල චුරු වෙලා..

ට්‍රීං..ට්‍රීං... 📲📲

Deshi boo ❤️

ඕන් නෑ ඔයා කොච්චර දැන් කෝල්ස් ගත්තත් මං ආන්ස්වර් කරන් නෑ..

එකදිගට කෝල්ස් විස්සක් විතර..ඇයි දැන් ගන්නෙ බොරුවට මං යන්න කලින් නතර කර ගන්න තිබ්බ නේ මට බොරු කාරයෝ ඕනි නෑ..

එච්චරම මට ආදරෙයිනම් ඇයි ඔයාගෙ ඇත්ත මට කියන්න බැරි උනේ දේශී..ඇයි ඔය හන්ගන් ඉන්න රහස් මට කියන්න බැරි..

___________________________________________

" දේශ් ඕක නවත්තපන්.."

" ඇයි මං නවත්තන්නේ..මේ හු#තා නිසා තමා ඔක්කොම මූ හිටියෙ නැත්තන් විවේන් එහෙම හැසිරෙන් නෑ.."

" ශනිල්ක යන්න පල්ලෙහට.."

" ඇයි මං යන්නේ..දේශාන් තෝ තෝ හොදට මතක තියා ගනින් මං උබෙන් පලි ගන්නවා මට තොපෙ උදව් ඕනි නෑ..ශික් අපරාදේ බේර ගන්නෙ නැතුව ඒකව මට ඒ වෙලාවෙම මරල දාන්න තිබ්බේ.."

" මොකක්ද පරයො තෝ කිව්වෙ මගෙ කොල්ල මරන්න.."

" දේශ් බබා ඕක නවත්තපන්..හර්ෂ මේන්න මූට ගහපන්.."

විවේන් ගියත් හරි මට ඉවස ගන්න බැරි උනා..මේ හැම දේටම මුල උන ශනිල්කටව මට මරන්න හිතුනා..ඌට කොච්චර ගහන්න හැදුවත් අයියලා තුන් දෙනා මට ඒකය ඉඩ දුන්නෙ නෑ..

" බලපන් සුදු අයියා මගෙ මූණෙ තාමත් ඇගිලි පාර හිටල ඇති..යකෝ ඒක රිදුනෙ මූණට නෙවෙයි බං මෙන්න මෙතෙන්ට රිදුනේ..ඌ මගෙ මූණට ගැහුවට මගෙ හදවතට රිදුනේ.."

" දේශ් මේ අ_"

" මං මෙච්චර ආදරේ කරන කොල්ල මට ගැහුව අයියා..ඌ කෝල් එකක්වත් ආන්ස්වර් කරන් නෑ ඌට මාව එපා වෙලා.."

" ඇත්ත මට එයාට කලින්ම හැම දේම කියන්න තිබ්බා..එයා හිතනව ඇති එයාව විශ්වාස නැති නිසා රහස් හන්ගන් ඉන්න ඇති කියලා..ඒත් නෑ නේ ඒක ඒ නිසා නෙවේ නේ..මං එයාට හැම දේම කියන්න නේ හිටියේ..ආශ්....."

සලාං..

" නවත්තපන් දේශ් ඕක දැන්.."

" කට වහන් පලයව් ඔක්කොම මට තනියම ඉන්න දීපන්.."

" මල්ලි කියන දේ අහපන්කෝ.."

" හරි උබලට යන්න බෑ නේ මං යන්නම්.."

මට හරි වේදනයි මං මෙච්චර ආදරේ කරන කොල්ල මට එහෙම ගහල යන්න ගියාම මං කොහොමද දරා ගන්නේ..පිස්සෙක් වගේ අයියලටත් බැන බැන බඩු මුට්ටු පොලේ ගහල උන්ට යන්න කිව්වම ගියෙ නැති නිසා මං දුවන් ආවෙ කැලෑව පැත්තට මොකද මට ටිකක් තනියම ඉන්න ඕනි...

රතු උන ඇස් වලින් මං ලේක් එක ලග ඉදගෙන ඒ දිහා බලාන හිටියා..ඒත් මං ගොඩක් කලබලයි..හැම දේම මගෙ වැරැද්දෙන් උනේ කියන එක මගෙ ඔලුවෙ වැඩ කරනවා..

*****

Share This Chapter