Back
/ 31
Chapter 17

Part 17 ❀

RED EYES 🐺🔞 ( hyunlix ) ✅

සති දෙකක්ම ගෙවිලා ගියා..විශ්වාස කරන්න පුලුවන්ද දේශි මාත් එක්ක මේ වෙනකන් කතා කරේ නෑ කියලා..නිවාඩු ඉවර වෙලා ආයෙත් college ගියත් එයා නෙවෙයි මාත් එක්ක කතා කරේ..එයාගෙ සුවද මාව වෙලාගෙන ගියත් ඒ ඇස් මං දිහාට හැරෙන් නෑ..මං නැතුව එක විනාඩියක් ඉන්න බෑ කිව්ව එයා කොහොමද දැන් එහෙම ඉන්නේ..දේශි ඇත්තටම ඔයා මාව රැවැට්ටුවද..

" විවේන් මොනාද ඔච්චර කල්පනා කරන්නේ.."

" මුකුත් නෑ..."

" මුකුත් නැති වෙන්න බෑ නෙ ළමයෝ..ඔයා මේ දවස් ටිකේම ගොඩක් වෙනස්.."

" එහෙම මුකුත් නෑ පවිත්‍ර..දැන් ඩාන්සින් නේද තියෙන්නෙ යන්නෙ නැද්ද.."

" යන්න ඕනි හලෝ ඔයා ඕම ඉද්දි යන්න බෑ වගේ.."

" මට අව්ලක් නෑ නිදා ගන්න ඕනි ටිකක් අද මියුසික් නෑ ඒකත් හොදයි.."

" ඒනම් ඉතින් මං එනකන් නිදාන ඉන්නකෝ.."

" පවිත්‍ර මේ දේ__ ම්ම්..මුකුත් නෑ යන්න.."

" දේශාන් ගැනද අහන්න ගියේ..ම්ම්.."

" නෑ.."

" විවේන් මං මෝඩයෙක් නෙවෙයි හලෝ..ඔයාල දෙන්න ගැන මං ඉස්සර ඉදන්ම දන්නවා.."

" පවිත්‍ර ඔයා.."

" මගෙ b day එක දවසෙම තමා මං ඒක දැන ගත්තේ..දේශාන් ඔයාට කිස් එකක් දීල යනව මං දැක්කා..අනික ඔයාල ඒක මට නොකිය හිටියට දෙන්නට දෙන්න හොරෙන් බලන හැම වෙලාවෙන තේරෙනව ඒක එහෙමයි කියලා..ඇයි මගෙන් හැන්ගුවෙ කියල මං අහන් නෑ ඉතින්..මං තරහක් නෑ විවේන්.."

" පවිත්‍ර මං ඒක..අනෙ සොරී..මට ඒක ඔයාට කියන්ම බය හිතුන ඔයා මාත් එක්ක තරහ වෙයි කියලා.."

" ඇයි විවේන් මං ඔයා එක්ක තරහ වෙන්නේ..මං ඔයාට ආදරේ කරාට ඔයා මට ආදරේ කරන්නෙ ඒ විදිහට නෙවෙයි කියල මං දන්නවා..ඉතින් ඔයාට ඔයා ආදරේ කරන කෙනෙක්ගෙන්ම ආදරයක් හම්බෙද්දි ඇයි මං තරහ වෙන්නේ..මට සතුටුයි ඔයාට දේශ්ගෙන් ඒ වගේ ලොකු ආදරෙයක් හම්බෙම නිසා.."

" ඔයා හිතනවද දේශි මට ඇත්තටම ආදරෙයි කියලා.."

" ඇයි නැත්තෙ විවේන් ඒයාගෙ ඇස් වලින්ම පේනව ඒක..ඔයා දිහා බලන එක බැල්මෙන් තේරෙනව එතන තියෙන්නෙ ලොකු ආදයක් කියලා.."

" එච්චර ආදරෙයිනම් මෙච්චර දවස් මං දිහා බලන්නෙවත් නැතුව ඉන්නෙ කොහොමද.."

" හැම වෙලේම බලානද හිටියෙ එයා බලනවද නැද්ද කියලා..මෝඩයා ඔයා එයා දිහා නොබලන හැම වෙලේම එයාගෙ ඇස් ඔයා ලග..අනික ඩාන්සින් කරන්න ගියාමත් එයා ඉස්සර වගේ නෙවෙයි.. මගෙන් දෙතුන් පාරක්ම ඇහුව ඔයා ගැන "

" මොනාද ඇහුවේ අනේ කියන්නකෝ.."

" ඔයා කෝ..හොදින් ඉන්නවද වගේ ඒව තමා.."

" හ්ම්ම්ම්.."

" මං යන්නම් ඒනම් ඔයා නිදාන ඉන්නකෝ.."

" ම්ම්ම්.."

පවිත්‍ර යනවත් එක්කම මං මේසි උඩ ඔලුව තියා ගත්තා..ක්ලාස් එකේ අය එයාලගෙ සබ්ජෙක්ට් වලට ගිහින් වෙද්දි මං ක්ලාස් එකේ තනි උනා..

දේශිට මං නැතුව පාලුනම් මට එච්චර ආදරෙයිනම් ඇයි එයා මට කතා කරන්නෙ නැත්තේ..ඒකටත් මං නොදන්න හේතුවක් තියනවද..

ටික වෙලාවකින් නින්දත් නොනින්දත් අතර ඉන්න මට දැනුනේ මං ලගට කව්රු හරි එනවා..දේශි ඔව් ඒ සුවදින් කියන්න පුලුවන් ඒ දේශි කියලා..එයා මං ලග හිටගෙන මං දිහා බලන් ඉන්නේ..ඒක දැනෙනව මට..

" චූටි මැණික ටිකක් ඉවසන් ඉන්න..මං ඔයාට ගොඩක් ආදරෙයි.."

දෙයියනේ දේශි..මගෙ නලලට හෙමීට තොල් තද කරපු එයා එහෙම කියල යන්න ගියා..මං ඇස් ඇරල බලද්දි එයා හිටියෙ නෑ..ඇයි දේශි මට ඉවසන් ඉන්න කියන්නේ..මං තව කොච්චර කල් ඉවසන්නද..

" විවේන් නිදිද..ඒයි.."

" ම්ම්ම්.."

" කල්‍යාණි teacher එන්න කිව්වා එන්නකෝ.."

" අහ්හා..ඉන්නව අදින්න එපා වැටෙයි මිනිහෝ.."

" ඇයි මට එන්න කිව්වේ.."

" එනවකො පණ්ඩිත නැතුව.."

ක්ලාස් එකට ආව පවිත්‍ර කල්‍යාණි teacher එන්න කිව්ව කියලා මාව එක්ක ආවෙ ඩාන්සින් රූම් එකට..

" අහ් විවේන් එන්නකො දරුවෝ.."

" කියන්න teacher.."

දේශි එයත් ඉන්නෙ ටීචර් ලග මාත් එයා ලගින්ම ගිහින් හිට ගත්තත් එයා නෙවේ මං දිහා බැලුවේ..හ්ම්ම් හොරෙන් ඇවිල්ල කිස් කරල යන්න පුලුවන් කුටු කුටු ගාලා ලගට ආවම පොඩ්ඩම් ඔය ඇස් දෙක කරකලා බලන්න තමා බැරි..හරිම වේසයි ඈ..

" පැරිස් යන්න චාන්ස් එකක් තියනවා යනවද.."

" ටීචර් ඒක.."

" dancing competition එකක් සතියක ගමනක් ඒක.. college එකෙන් වියදන් ඔක්කොම බලා ගන්නවා ඔයාලට තියෙන්නෙ ගිහින් dance කරල එන්න විතරයි..හොදම performance එක තෝරනවා..අපේ දෙශානුත් යනවා හැමෝම කිව්ව විදිහට එයාට හරියනම partner ඔයා.."

" මං හිතල කියන්නම් ටීචර් අත්තම්මිගෙන් අහන්නත් ඕනි.."

" හරි දරුවෝ මට හෙට වෙන්න කලින් තීරණේ කියන්න හොදද.."

" හරි ටීචර් මං යන්නම් එහෙනම්.."

මෙච්චර ලගට වෙලා හිටියත් මේ මිනිහට මං දිහා බලන්නම බැරි හැටි..මූණවත් බලන් නැති එකෙක් එක්ක මං කොහොමද වෙන රටකට ගිහින් perform කරන්නේ..ඉන්න හැටි විතරක් සාකුක්කු දෙකට අත් දෙක දාන පනු පැටියා..

" විවේන්.."

" අහ් නෙහස් කියන්න.."

ඩාන්සින් රූම් එකෙන් එලියට ආව මාව මගදි නැවැත්තුවේ නෙහස්..

" උබ මේ ගමන යනවද.."

" තාම හිතුවෙ නෑ..මං කොහොමද දේශි එක්ක.."

" නෑ උබ යන්නම ඕනි..ඒ සතිය දේශ් එක්ක වෙන කෙනෙක් ඉන්නව වෙනුවට උබ ඉන්න එක තමා හොදම..දැන ගන්න ඕනි නේ අපි හන්ගන දේවල් ඒහෙනම් යන්න.."

" නෙහස් ඒත්.."

" උබ පලයන්කෝ ඕකට උබ එක්ක කතා නොකර ඉන්න බෑ..පොලවෙ පස් කෑවෙ නැති එක විතරයි ඕකා මේ දවස් ටිකේ..ඔහොම ඉන්න ලොකු හේතුවක් තියනවා..හැම ප්‍රශ්නෙකටම උබට උත්තර හම්බෙයි උබ ගියොත්.."

" ම්ම් මං යන්නම්.."

___________________________________________

" මොකද දේශ් බබා ඔය..අනේ මංද බං උබට පොඩ්ඩ නැතුව ඉන්නම බැරිද.."

" බෑ දෙයියනේ බෑ..දැන දැන අහන්න එපා.."

" දේශ්..එයාගෙම හොදට නෙ අපි ටික කාලෙකට එයාගෙන් ඈත් උනේ..දන්නව නේ මේ දවස්වල තත්වේ ඔයාව අල්ල ගන්න ගොඩක් උන් බලන් ඉන්නේ..ඉතින් එතකොට පොඩ්ඩ ඇමක් වෙන එක අහන්න දෙයක් නෙවෙයි නේ.."

" දන්නව මං ඒත් ඒ ඇස් මගෑරල ඉන්න පට්ට අමාරුයි සුදු අයියා.."

" අමාරුවෙන් උනත් කරන්න වෙනව නේ..පොඩ්ඩ ගැන අපි ඇහැගහන් ඉන්නෙ බය වෙන්න එපා..දැන් පැරිස් යන්න එයත් එනවද.."

" උත්තරයක් දුන්නෙ නෑ එයා..හිතල කියන්නම් කිව්ව..සමහරවිට අකමැති වෙයි මාත් එක්ක නෙ යන්නෙ එතකොට මං මෙහෙම කතා නොකර ඉන්න නිසා එන්නෙ නැති වෙයි.."

" ඒත් වෙන කෙනෙක් වෙනුවට එයා ආවනම් ගොඩක් හොද වෙයි දේශ් බබා මොකද ඔයාට පුර හද පායන දවසත් සෙට් වෙනවා ඒ සතියට..වෙන කෙනෙක් ඒක දැන ගන්නවට වඩා විවේන් දැන ගන්න එක හොද වෙයි.."

" හ්ම්ම්..මට එයාව ඕනි සුදු අයියා..එයා නැතුව ඉන්න බෑ.."

" ඉවසන් ඉන්නකො බබා..ප්‍රශ්න විසද ගත්තම එයාවත් අපෙ pack එකට ගමු..දැන් යන් පල්ලෙහට අර කට්ටිය බලන් නැති.."

මේ සති දෙකම මං විවේන්ගෙන් ඈත් වෙලා ඉන්න හේතුව එයාට කරදරයක් වෙයි කියන බය..අමාරුයි කරන්න..මට එයා නැතුව එය පැයක් ඉන්න බැරි තරම් මං ඒ හිතුවක්කාරයට ආදරෙයි..ඒත් එයා වෙනුවෙන් මට කරන්න බැරි දේකුත් නෑ..

කව්රු උනත් මාව ටාගට් එක කර ගත්ත අය මට තවත් ලන් වෙනවා..ඉතින් කොහොමද විවේන්ව මට ලං කරන් ඉන්නේ..ශනිල්කව control කරන කෙනා ශනිල්කට ගොඩක් වද දීලා මේ සතිය ඇතුලත තවත් තුන් දෙනෙක් මරල දාලා ඒත් පරණ සිද්දියට සම්බන්ධ අය..තවත් වෙන අය ඉතුරු නෑ අපි විතරයි ඉතුරු..

" දේශ් අර beta කෙල්ලෙක්.."

" අයිය කොහොමද දන්නේ.."

" මං දැක්කා..හැබැයි මං දැන් හිතන් නෑ එයා ඔයාට කරදරයක් කරන්න එන්නෙ කියලා.."

" එහෙනම් මොන එහෙකටද මෙච්චර මගෙ පස්සෙන් එන්නේ.."

" උබට ලව් ඇති.."

" අනේ මේ නෙහස් ගොන් ආතල දෙන් නැතුව ඉදාන්කෝ.."

කට්ටියම උන්නේ බේස්මන්ට් එකේ..මේක තමා ඉතින් අපෙ රහස් ගබඩාව..අයිය කිව්ව විදිහට ඒ කෙල්ලෙක්නම් මෙච්චර මගෙ පස්සෙන් එන්නෙ සිරාවට මට ලව් හින්දද..ආශ්....විකාර හිතන් නැතුව ඉන්නව දේශ් ඉන්න එකාවත් බලා ගන්න බැරුව ඉන්න උබට තව වෘර්ක ගෑනියෙක් තමා අඩු..

" ශනිල්ක..මොකද උබෙ තත්වෙ.."

" මගෙන් පලි ගන්නව වගේ.."

" උබට වද දෙනවද.."

" හ්ම්ම්..මං මොකක් හරි වැරැද්දක් කරා වගේ මගෙන් පලි ගන්නවා.."

එදා සිද්දියෙන් පස්සෙ මට තාම මූව පේන්න බෑ ඒත් ඉතින් කතා නොකර ඉන්නත් බෑ..මූ කියන විදිහට එදා සිද්දියෙන් පස්සෙ මූව control කරන කෙනා මූට ගොඩක් වද දීල තිබ්බා..ඒ කෙනා ගෑණු කෙනෙක් කියල දැන ගත්තට එතනින් එහාට අපි කොච්චර හෙව්වත් තාම කිසි දෙයක් හොයා ගන්න බැරි උනා..බලාන යද්දි අපිව කන්න බලාන ඉන්නෙ ගෑණු නේ..

___________________________________________

college ඉවර වෙලා ගෙදර ආව මං ආව වෙලේ ඉදන් අත්තම්මිගෙන් අහන්නෙ පැරිස් යන ගමන ගැන ලග පාත කොහේ කොහොම හිටියත් එයා කැමති නෑ මාව ඈතට යවන්න..ඒත් ඉතින් මේ චාන්ස් එක මිස් කර ගන්න බෑ..

" අත්තම්මි..මං යන්නද කියන්නකො ඉතින්.."

" මං දන් නෑ විවේන් ඔයා ඔය ගමන යන එක භයානකයි.."

" ඒත් මේක අන්තිම අවස්ථාව වෙන්න පුලුවන් අපිට හැම දේම දැන ගන්න..අනික මේක මගේ අතේ තියනකන් බය වෙන්න දෙයක් නෑ නේ.."

" හරි මේ පාර හොයා ගන්න බැරි උනොත් මං මගේ විදිහට වැඩේ කරනව සුදූ හරිද.."

" ඒ කියන්නෙ යන්න දෙනව නේ.."

" හ්ම්ම් හ්ම්ම්ම්..එතකොට ඔයා නැතුව මං සතියක් ඉන්න ඕනි නේද.."

" අප්පෝ ඉතින්..මං නැති උනාට මොකද අර නාකි මනමාලයා ඉන්නේ..සිරාවටම අත්තම්මි එයා ඔයා කව්ද කියල දැන ගත්තොත් හුස්මත් හිර වෙලා මැරෙයි.."

" විහිලු නොකර ඉන්න සුදූ.."

මට මතක ඇති කාලෙක ඉදන් අත්තම්මි පස්සෙ සීය කෙනෙක් එනවා එයා අත්තම්මිට ගොඩක් උදව් කරනවා හැම වෙලේම අත්තම්මිව බලා ගන්නවා මේ වෙනකන් එයාගෙන් අපිට කිසිම කරදරයක් වෙලා නෑ ඉතින්..සැක හිතන්න තරම අමුතු දේකුත් නෑ ඒ සීයා අත්තම්මිට ආදරෙයි වෙන්න ඇති..කොහෙද ඉතින් අපෙ අත්තම්මි ඇවිල්ල එක හිතේ මනුස්සයෙක් නේ ඒ නිසා ඒ සීයට දුක තමා..අත්තම්මි තාම ආදරෙයි එයාගෙ ස්වාමිපුරුෂයාට..

මටත් එහෙම ආදරේ කරන්න තිබ්බනම්..අනේ මගෙ දේශි මට සමා වෙන්න..ආදරේට වහල් වෙලා මෙච්චර කාලයක් හිතේ තිබ්බ දේ නැති කර ගන්න බෑ මට මං ඒ දේ කරන්නම ඕනි..මට සමාවෙන්න් දේශී...

*****

😪👍

Share This Chapter