Back
/ 31
Chapter 18

part 18 ❀

RED EYES 🐺🔞 ( hyunlix ) ✅

" ආශ්...දැන් එයා අපෙ ගෙදර  practice කරන්න ආවම මං කොහොමද දෙයියනේ කතා නොකර ඉන්නේ..ඒකත් අපි දෙන්න් විතරක් ඉද්දි.."

" ඉතින් ඇයි නොකර ඉන්නෙ කතා කරපන්.."

" තොපිට ඔක්කොම විහිලු..මට දැන් මේක ඇති වෙලා හු#ත එක එකා කියන කියන විදිහටද යකෝ මං ඉන්න ඕනි..අරෙහෙ අරුන් කිව්ව නිසා මං විවෙන්ගෙ ආරක්ශාව ගැන හිතල උගෙන් ඈත් වෙලා හිටියා..දැන් ආයෙ කියනවා ඌ එන එකලු හොද මාත් එක්ක මේ ගමන යන්න..එතකොට ඌ ආයෙ මේ ප්‍රශ්න මැද  මට ලං වෙන එක හොදයිද..අහ්..මොකක්ද මේකෙ තේරුම.."

" අඩෝ දේශ් මේ අහපන්..උබට ඔය ගමන කොහොමත් නොයා බෑ නේ අහ්..college  එකෙන් උබට මොන හේතුවටවත් පැරිස් නොයා ඉන්න දෙන්නෙ නෑ එහෙම එකේ පුර හද සෙට් වෙන දවසක ඒ වගේ වෙලාවක උබ ලග කවුරු ඉන්න එකද හොද..කොහොමත් තව වැඩි කාලයක් විවේන්ගෙන් ඇත්ත හන්ගන්න බෑ එහෙම් එකේ ඒ දවසට උබ ලග ඌ ඉන්න එක නෙවේද හොද එයාට ඇත්ත කියන්න එපැයි කොහොම හරි.."

" දනුකයා කිව්ව එක ඇත්ත දේශ්..අනිත් එක පැරිස් යනකන් practice වලට එන යන ඒව අයියලා බලා ගන්නම් කිව්ව නේ..කාටවත් පේන් නැති වෙන්න විවේන්ව පරිස්සම් කරන්නම් කිව්ව නේ.."

" මං දන් නෑ නෙහස් කොල්ලට මේ දේවල් නිසා හීරීමක් හරි වෙලා තිබ්බොත් මට මගේ උන්වත් අමතක වෙයි එච්චරයි.."

හැමෝගෙම කැමැත්ත දැන් මං ආයෙ විවේන්ට ලන් වෙන් එක..ඔව් මට ඌව ඕනේ මගෙ පන ඒ හරි අමාරුවෙන් මේ දවස් ටිකේ විවේන්ගෙන් ඈත් වෙලා හිටියේ..ඒත් අමාරුවෙන් හරි ඒක කරේ එයාව පරිස්සම් කර ගන්න ඕනි නිසා..දැන් එහෙම එකේ ආයෙත් ලන් කරගෙන විවේන්ගෙ ජීවිතේ අමාරුවේ දාන එක නෙවේද කරන්නේ..ගේ ලගටම ගිහින් එක්කන් ඇවිල්ල ගේ ලගටම ගිහින් දාලා  ඇස්වලින් හැංගුවත්  werewolf ලට ඉව නෑ කියල  හිතුවද දන් නෑ මෙයාලා..වැඩැන් නෑ කියලා එයාල කරන්නෙ එයාලට ඕනි දේ කොහොම හරි චූටි මැණික්ට කරදරයක් උන දවසට හැමදේම වෙනස් වෙයි..

" ඇති දැන් යමන් බඩගිනි.."

" උබට ඉතින් හැම වෙලේම බඩගිනි නේ.."

" සිරාවට දනුකයා අලුත් කැෆේ එකක් දාල යමන්ද.."

" ඕනි හු#තකින් ඉක්මනට කාල ගෙදර යමන්කෝ..දේශ් වරෙන්.."

කාලෙකින් ක්ලාස් ගිහින් එලියට එන ගමන් හිටියෙ අපි..හැමවෙලේම වගේ නෙහසට එන බඩගින්න නිසා ඒ පාර කොහෙදෝ තුත්තුකුඩියට යන්න ලෑස්ති ඕනි මගුලක් කියල මාත් උන්ගෙ පස්සෙන් ගියා..

අද කොහොමත් මට ගමන් බිමන් යන්න වෙන්නෙ බස් එකේ..ආශ්...කවද කෑව කටුද..බයික් එක සර්විස් දාලා කාර් එක අයිය අරන් ගිහින් ඉතින් මට බස් එකේ පිහිට තමා..

" දේශ් සිරාවට බස් එකේද යන්න වෙන්නේ.."

" හ්ම්ම්.."

" මං ගිහින් දාන්නද.."

" ඕන් නෑ උබල පලයන් මං බස් එකේ යන්නම්.."

" සිරාවටමද.."

" ඔව් ඔව් මං යනවා.."

අද උදේ ඉදන් මට මුන්ගෙ වැඩ නිසා තරහ ගිහින් ඉන්නේ..ඒ මදිවට විවේන් ආවෙත් නෑ අද ක්ලාස් කතා නොකර හිටියත් ඇස් මානෙ හරි ඉද්දි හිතට සැනසීමයි..පවිත්‍රගෙන් හරි එයා ගැන අහන්න තිබ්බ වැඩේ කියන්නෙ එයත් අද ආවෙ නෑ..

බස් එකට නැන්ගම විනාඩි දහයක දුර අපෙ ගෙවල් ලගට..එතනත් හැබැයි හෝල්ට් එකෙන් බැහැල විනාඩි පහක් විතර පයින් යන්න ඕනි..බයික් එක තිබ්බනම් ඔක්කොම දුර විනාඩි පහෙන් වගේ ඉගිලිලා යනව නෙ..

බස් එකෙන් බැස්ස මං අතුරු පාර දිගේ සෑහෙන කාලෙකින් ඇවිද ගෙන යන්නේ..වටේටම කැලෑව ඇර ගෙවල් නෑ..

ටිකක් දුර එද්දි මට දැනුනෙ අමුත්තක්..ඔව් werewolf කෙනෙක් මට ලගින්ම ඉන්නේ..

" what the f*** "

එක තැන නතර උන මං ආයෙත් අඩිය තියන්න ඉස්සරහට තියනවත් එක්කම ඒ කෙනා මගෙ ඇගට කඩන් පැන්නා..හ්හා..මෙ මෙ එයා වෙන්න ඕනි.. beta කෙල්ල..ඔව් එයා තමා..

කහපාට ඇස් වලින් මං දිහා බලන් හිටියෙ නොතේරෙන හැගීමක් හංගගෙන..

එයා මට ඇටෑක් කරනවද කියල මං හිතා ගන්න බෑ..මං එයාව එහාට තල්ලු කරන්න කරන්න ආයෙත් මගෙ ඇගට කඩන් පනිනවා..මෙච්චර ඇගේ එල්ලෙන්නෙ උබ ඒකිට ළමයෙක්වත් දුන්නද දේශී..ආශ්..මොනාද මං මේ හිතන්නෙ පිස්සුද..

මේක හරි වදයක් උනා නේ මෙච්චර ඇගේ එල්ලෙන්නේ..අල්ලලා විසික් කරා ඈතට සිහි නැති වෙන්නම..ඇයි යකෝ..සොරි නංගි මං කෙල්ලොන්ට කැමති නෑ.

ඈතට විසික් උන කෙල්ල ලගට මං ලන් උනා..oops හොද පාරක් වැදිල වගේ සිරාවටම සිහිය නෑ..මේකි මෙහෙම දාලා යන්නත් බෑ මෙච්චර දවස් හොයපු කෙනා මෙයා වෙද්දි කොහොමද දාල යන්නේ..

කරන්න දෙයක් නැතිම තැන මං කෙල්ලව උස්සන් ගෙදර ආව..බේස්මන්ට් එකට දාලා දන්වැල්වලින් බැදල දැම්මා..චූටි මැණික එහෙම දැන ගත්තොත් උබ ඉවරයි දේශාන්..ඕකිව ඔහොම දාල දැන් උඩට පලයන්..

මටම අවනත උන මම උඩට ඇවිල්ල අයියට කෝල් එකක් වත්තා..

" ගෙදර වරෙන් ඉක්මනට "

" ඇයි දේශ් මොකක්ද ප්‍රශ්නේ..විවේන්ට කරදරයක්ද ආ.."

" එයාට මුකුත් නෙවේ මටයි කරදරයක් වෙන්නෙ දැන් වරෙන්කෝ.."

" හරි හරි එන්නම්.."

කෝල් එකත් කට් කරල මං වොශ් දාන පහලට එද්දි අයිය ඇවිල්ලාත් හිටියා..වෙලාවට ඈ නැත්තන් මං ගෑණියෙක් එක්ක මක් කරන්නද..

" ඕයී ඇයි මොකක්ද උනේ දේශාන්.."

" අහ්..තෑග්ගක් තියනවා පල්ලෙහ යන්කෝ.."

" මොනාද..ඕයි කියපන්.."

" වරෙන්කො ඉතින්.."

" දේශ් බය කරන්න එපා කියපන් මොකද උනේ.."

කියනවට වඩා පෙන්නන එක හොද නිසා අයිය ප්‍රශ්න කරද්දි මුකුත් නොකිය බේස්මන්ට් එකට ආවෙ එයත් මගෙ පස්සෙන්ම එන අතරේ..

කෙල්ලට තාම සිහිය නෑ..මැරිලවත්ද..මෙච්චර වීක් විදිහට ඉදන්ද මාව මරන්නද පස්සෙන් ආවේ..මේ දේශ් මරන්න කාටවත් බෑ...මං alpha  යකෝ මං alpha..

" ස්ප්‍රායිස්..."

" හැනා..වට් දේශ් ඇයි මෙයා මෙහෙම මොකක්ද මෙතන වෙන්නෙ දේශ් කියපන්.."

" අයිය එයාව දන්නවද.."

" ඔව් "

" මේ මෙයා තමා මෙච්චර කල් මගෙ පස්සෙන් ආවේ.."

" මෙයාද ඒ beta.. fu** ...."

" මේකිව දන්නෙ කොහොමද.."

" මතක එක පාරක් මන් කිව්ව කලින් පුර හද දවසෙ දෙයක් වෙන්න ගිහින් බේරුනා කියලා..මාව බේර ගත්තෙ මෙයා..මගෙ ඇත්ත එදා හැනා දැන ගත්තත් මට එදයින් පස්සෙ හම්බුනේ නෑ.."

"ආශ්...ඒ කියන්නෙ උබෙ ඇත්ත දන්න එක්කෙනෙක් කලින් ඉදන් එලියෙ හිටිය කියන එකද..උබටත් මොලේ හොද නෑ නෙ අයියා.."

" කෑ ගහන්න එපා යකෝ ඉතින් එදා මට මීටර් උන් නෑ මෙයත් අපි වගේ කියලා..හරියට මතකත් නෑ උන දේවල්.."

" කාගෙද දන් නෑ නේ මෙයා.."

" මං කොහොමද දන්නේ.."

" සිරාවටම උබෙ ගෑණි නෙවෙයිද මේ.."

" මොලේ හොද නැද්ද දේශ්..එහෙම මුකුත් නෑ.."

"මුකුත්ම නැද්ද ඉතින්.."

" නෑ යකෝ නෑ.."

" හා හා මං යනව උබ ඕනි දෙයක් කර ගනින්.."

" ඒයී චාටර් වැඩ කරන්න එපා ඒ වරෙන් යන්න එපා..හරි නෑ නේ ගැණියෙක් එක්ක මාව තනි කරන එක..ආ.."

" අනේ මේ ඇයි උබ ඒකි අතින් බඩ වෙන්නද..උබ මහ වදයක් ඕයි.."

" උබෙ පස්සෙන් නෙ ආවෙ ඉතින්.."

" හා හා මේ පස්සෙන් ආවට මං අදුරන් නෑ උබ තමා දන්නෙ බලා ගනින්.."

" අඩෝ එපා ඕයි ඕම කරන්න.."

" අනේ වරෙන් යන්න සිහිය ආවම උඩුබුරුලයි නේ එතකොට එමු බලන්න කොහොමත් ඔය ගෑණු දන්නෙ බෙරිහන් දෙන්න විතරනේ.."

" හර්ෂලට කියමු නේ.."

" ආ ඔව් ඔව්..ඉදාන් මං ගන්නම්.."

හැනාද කව්ද මංන්ද වෘර්ක කෙල්ලව පල්ලෙහම තියල අපි දෙන්න උඩට යන ගමන් සුදු අයියට මං කෝල් එකක් ගත්තා..නෑන ගැන විස්තරේ කියන්න එපැයි ඉතින්..

" දේශ් බබා මොකෝ.."

" මේ හම්බුනා.."

" මොනාද.."

" අර වෘර්ක කෙල්ල.."

" සීරියස්ලී "

" හ්ම්ම් එනවකො පුලුවන්නම්..මේ එක නෙවේ හොදම එක.."

" මොකක්ද.."

" ඒ අපෙ අයියගෙ ගෑණි හලෝ.."

" අනේ හු#තක් කතා කරන්න එපා මල්ලි ඒ මගෙ නෙවේ උබෙ තමා උබ පස්සෙන්නෙ ආවෙ.."

" මං ගෑණුන්ට කැමති නෑ ඕයි.."

" ඉතින් මාත් නෑ.."

" මොනාද උබ කියන්නේ.."

" මුකුත් නෑ පලයක්.."

" ඕයි උබ මට ගැහුව නේ ඉදපන් තොට මම.."

" hello දේශ්.. hello අහ් හරි මාව අමතක වෙලා රණ්ඩු නේ දෙන්නත් එක්ක.."

" අනේ සුදු අයියේ මං තිබ්බ ඈ නෑන බලන්න ඉක්මනට එන්නෝ ගුඩු බායි.."

" අයියා ඔහොම හිටපන් දුවන්න එපා උබට වඩා වේගෙන දුවන්න මට පුලුවන් ඈ.."

" ලේක් එක ලගට ඉස්සල්ලම යන කෙනාගෙ තමා හැනා..අල්ලයි මගෙ නැට්ට හූ හූ.."

" මං තමා ඉස්සල්ලම යන්නේ..උබට බෑ මාත් එක්ක දුවන්න.."

හේ හේ පණ්ඩිතකමට ඉස්සර වෙලා දිව්වට මොකද ඔය දේශ් දුවන්නෙ අයිය කිව්ව දේ හරියට තේරුන් ගන්නෙ නැතුව..

___________________________________________

මට පාලුයි දේශි ඔයා නැතුව බලාපොරොත්තු නොව්න විදිහට හැම දේම ඉක්මනට වෙනවා..මට ඔයා නැති වෙයිද..

අත්තම්මිගෙ ආදරේ වෙනුවෙන් මගෙ ආදරේ නැති කර ගන්න වෙයිද මට..

" විවේන් කෝ මොන සිහියෙන්ද කොල්ලො ඉන්නේ මේ බාත්රූම් එකේ මේක දාල ඇවිල්ලා.."

" ඕක හැමදාම මං දාන් ඉන්න ඕනිද අත්තම්මි..නොකිව්වට ඕක මට ගොඩක් රිද්දනවා.."

" මං දන්නව දරුවෝ ඒත් මේ දේවල් විසද ගන්නකන් ඔයා හැන්ගිලා ඉන්න එක තමා හොදම.."

" ඔයාගෙ අම්මට තාත්තට වගේම සීයට උන දේ ඔයාටත් වෙනවට මං කැමති නෑ..මොකක්දෝ වාසනාවකට අපි දෙන්නගෙ පන රැකුනේ..හොදට මතක තියා ගන්න ආයෙ මේක ඇගිල්ලෙන් වෙන් කරනව එහෙම නෙවෙයි.."

මෙච්චර කාලයක් මාව ලෝකයගෙන් හන්ගගත්ත වගේම මට ගොඩාක් වේදනාවන් දුන්න ඒ මුදුව ආයෙත් අත්තම්මි මගෙ ඇගිල්ලක හිර කරා..

කවද වෙනකන් මෙහෙම හැන්ගිලා ඉන්නද මට ඕනි හැම දේම ඉක්මනට ඉවර කරලා සතුටින් ඉන්න..අම්මගෙ තාත්තගෙ වගේම සීයගෙ මරනෙට හේතු උන අයව මරල මේකෙන් නිදහස් වෙන්න..අත්තම්මි කියන විදිහට එයාල ජීවත් වෙලා ඉන්නකන් මට ආරක්ශාවක් නෑ..මටත් සීයට කරපු දේම කරන්න ඉඩ තියනව කියලා..

නෑ සීයට වඩා මට ලොකු බලපෑමක් එයි..මොකද මං විශේෂයි..

*****

ඔන්න අලුත් එකක්..

සිතුවම්..සිතුවමින් බැදූ ආදරය.. ❤️

සමලිංගිකත්වයට වෛර කරන චූටි හාමු මහත්තයා ලගින්ම ඉන්න කෙනෙක්ට පිරිමි ගැන හැගීම් තියනවා කියන්න දැන ගත්තම එයා මොනා කරයිද..

ඒත් චූටි හාමු මහත්තයා දන්නෙ නෑ ඒ කෙනා ඒ දැනෙන හැගීම් නිසා කොච්චර විදෙව්වද කියන එක..කවද හරි චූටි හාමුට එයාව තේරුන් ගන්න පුලුවන් වෙයිද..

Share This Chapter