Back
/ 31
Chapter 19

Part 19 ❀

RED EYES 🐺🔞 ( hyunlix ) ✅

කාලෙ ගෙවිල යනව හරි ඉක්මනින්..පැරිස් ගමන නිසා නිතරම දේශිලා ගෙදර යන්න උනා practice කරන්න..ඒ හැම සැරේම අයියලා මාව එක්කන් යන්න වගේම ගෙදර ගෙනත් දාන ආව මාව පරිස්සම් කරා ගොඩාක්..ඒත් හිතනවද දේශි මාත් එක්ක ඉස්සර වගේ ඉන්නව කියලා.. නෑ දවසට වචන දහයකට වැඩිය මාත් එක්ක කතා නෑ..මගෙ ඇස් දිහා එයා කෙලින් බැලුවෙ නැති තරම්..ඇයි ඒ මොකක්ද හේතුව..

හෙට උදේ ෆ්ලයිට් එක ඉතින් මං අද උදේම දේශිලා ගෙදර ආවෙ රදී අයියගෙ කීමට මෙහෙ ඉදන්ම යන්න..රදී අයිය මං ගැන ගොඩක් හිතනවා..මට කිසිම කරදරයක් වෙනවට එයා කැමති නෑ..ඉතින් මේ දවස් ටිකේ දේශිත් මාත් එක්ක කතා නැති නිසා මං ගොඩක්ම හිටියෙ රදී අයිය එක්කයි සුදු අයිය එක්කයි..

" යූහූ..... it's unoooooooooooo.."

" මං තමා දිනන්නෙ අයියේ.."

" හා හා බලමුකෝ.."

" ඔන්න මං ඈ.."

" pick 2 more "

" ම්ම්ම්..හ්ම්ම්ම්... pick up 4..."

" හේ හේ... pick up 8.."

" සීරියස්ලී..."

" දැක්ක නේ මං දිනන්න යන්නේ.. හී හී.."

" ඔයාට වැරදිල පොඩ්ඩෝ.."

" pick up 12.."

" ආහ්හ්හ්හ්....රදී අයියා.....ඔයා හොර කරනව නේ..අනේ....."

" හොර කරෙ නෑ බං.."

" ම්හුක්...අනේ එහෙම බෑ.."

" ගන්න ගන්න දැන්..."

" හුක්.. 1 , 2 , 3, 4, අනේ අප්පා ඔයා එක්ක බෑ..7,8.."

" දේශි අනේ මේ බලන්නකෝ..මෙයා හොර කරා..."

සෙල්ලන් කර කර ඉද්දි අපි ලගට ආවෙ දේශි පුරුද්දට එයාට කතා කරද්දි රවගෙන එයා යන්න් ගියා..

" පොඩ්ඩෝ එයාව ගනන් ගන්න එපා..හේතුවක් ඇති ඔහොම කරන්න.."

" එයාට හැම දේටම ලොකු හේතු තියනව නෙ අයියා..මට දුකයි එයා ඔහොම කරද්දි.."

" මං ඕකට කිව්ව පොඩි එකාගෙ හිත රිද්දන්න එපා කියලා.."

" ඒකට කමන් නෑ මං දන්නවා මොන හේතුවකට ඔහොම කරත් එයාගෙත් හිත රිදෙනවා.."

" ම්ම්..බඩගිනිද පොඩ්ඩෝ..කමු නේද දැන්.."

" බඩගිනි නෑ රදී අයියා..ඔයලා කන්නකෝ.."

" මං කවන්නද.."

" දේශිට.."

" කොච්චර කරත් ඉතින් එයා ගැනම තමා නේ හිතන්නේ..එයාටත් කවන්නම් ඔහොම ඉන්නකෝ මං කෑම අරන් එන්නම්.."

" දේශි..වරෙන් පල්ලෙහට..කන්නෙ නැද්ද.."

දේශිටත් කතා කරන ගමන් රදී අයිය ගියෙ අපිට කවන්න කෑම කරන් එන්න..මෙහෙ ඇවිල්ල කන්න බෑ කියන හැම වෙලාවෙම එයා මට කොහොම හරි කව්වනවා..

අයිය කෑම බෙදාන ඇවිල්ල මං ලගින් වාඩි වෙද්දි දේශිත් ඇවිල්ල මට එහා පැත්තෙන් වාඩි උනා..මූණෙ හිනා පොදක් නෑ ඔරන්මොටන් කෙනෙක් වගේ ඔරවන් ඉන්නේ..දුශ්ටයි මහා..

" කවන්නද.."

" හ්ම්ම්.."

අයිය එයාගෙන් කවන්නද අහද්දිත් හ්ම්ම් කියල නිකන් හිටියා..කටහඩ ඇහුනොත් නිකන් ඇස් වහ වදී වගේ කතා නොකර ඉන්නේ..වහ වදින්නම කටහඩනෙ ඒක..

" ආ කියපන් ඉතින්.."

" මේ දෙන්නත් එක්ක පරිස්සමින් ගිහින් එන්න හොදද ඕන්නම් සුදූලවත් එවන්නම්.."

"එයාල ඕන් නෑ.."

" ඔව් ඔබෙ පණ්ඩිතකමනේ..ආ පොඩ්ඩෝ ආ කියන්න.."

" ආ...."

කතාවෙන් කතාව අයිය අපි දෙන්නටම කෑම කවල යන්න ගියා..මට වතුර බොන්න ඕනි ඒත් නැගිටින්න ලෝබයි..දේශිගෙ සුවද මෙච්චර ලගින් දැනෙද්දි එතනින් ඈත් වෙන්න හිතෙන් නෑ..එයාගෙ අත මගෙ අතේ ගෑවෙනව ඉතින් යන්න හිතෙයිද දෙයියනේ..

" දෙ_ දේශී.."

"මෙහෙම ඉන්න දෙන්න ටිකක්.."

ඇයි මේ මූනවත් බලන් නැති මනුස්සයා මෙහෙම කරේ..ඒත් මොනාදෝ ගොඩාක් දේවල් හිතේ හිරකර ගෙන මගෙ උරහිසට බර උනේ කියන්න මට නොතේරෙනව නෙවේ..

" දේශී.."

" ම්ම්ම්.."

"  ඇයි මේ.."

" දෙ__"

" වතුර ටිකක් බොන්න.."

එච්චරයි..එයා නැගිටලා යන්න ගියා..මට ආයෙ එයාට කතා නොකර එහෙම්ම ඉන්න දෙන්න තිබ්බේ..

කාල බීල දේශි නිදා ගන්න ගියත්..මට දැන්ම නිදා ගන්න ඕනි උනේ නෑ..ඒ නිසා මං practice room එකට ඇවිත් dance  කරන්න ගත්තේ හිතේ දුක නැති කර ගන්න..හති වැටෙනටන් dance කරාමත් අමුතු සැනසීමක් දැනෙනවා..

" දේශ්...මෙහෙ එනවා.."

" කියන්න.."

" මං උබට කිව්ව පොඩ්ඩට රිද්දන්න එපා කියලා.."

" ඇයි දැන් මං මොනාද කරේ.."

" දන් නෑ ඇයි උන බබාද..ඇයි අචචර හිත රිද්දන්නෙ පොඩ්ඩ එක්ක කතා නොකර.."

practice room එකෙන් එලියට යන්න යද්දි ඇහුන අයිය්ගෙයි මල්ලිගෙයි කතාව නිසා මං නොයා මග නතර උනා..

" කව්ද ඉස්සල්ලම කිව්වෙ එයාගෙන් ඈත් වෙලා ඉන්න එයාගෙම හොදට ඒක කරන්න කියල අහ්..දැන් මොනාද ඔයාල කියන්නේ.."

" ඇයි එහෙම කිව්වෙ කියල හොදටම දන්නව නෙ නේද..ඔයාව මරන්න එන අය කවුරු උනත් එයාලා විවේන්ව අල්ල ගන්න ගොඩක් ඉඩ තියනවා..ආයෙත් එයාව කාගෙවත් ඇමක් කර ගන්න ඕන් නෑ නේ.."

" දන්නවා ඒක තමා මෙච්චර අමාරුවෙන් එයාගෙන් ඈත් වෙලා ඉන්නෙ..මගෙ පපුව පැලෙන්න වගේ ඒ කොල්ලගෙන් මෙහෙම ඈත් වෙලා ඉදලා..හැම දේම ඔයාල නිසා අයියා..ඒ පාර මොකක්ද කරන්න හදන්නේ ආයෙ මට එයාව ලන් කරල මේ ප්‍රශ්න අස්සේ..දැන් බයක් නැද්ද කරදරයක් වෙයි කියල අහ්.."

" තේරුන් ගන්නව කියන එක මේ ගමන යන්න හොදම කෙනා එයා..තවත් මේ රහස් පොඩ්ඩගෙන් හන්ගන් ඉන්න බෑ නේ..කියන දේ අහන්න දේශ්.."

" අහ් දැන් ඔයාල කියන විදිහටද ඔක්කොම මං කරන්න ඕනි..ඇයි ඒ..මේක හොදට අහ ගන්නව අයියා..තමුන්ල මං කියන දේ අහනව මිසක් මං නෙවෙයි ඔයාල කියන දේ අහන්න ඕනි..අමතක කරන්න එපා මං කව්ද කියන එක.."

" දේශ්...."

"ඇති.."

" දේශ් උබෙ හිතුවක්කාරකම නිසා විවේන්ට මොනා හරි උන දවසට මං උබව ඉතුරු කරන් නෑ.."

" ඒක මං නෙ අයියා කියන්න..ඕනි අහ්..ඔයාට මොකක්ද ඔච්චර එයා ගැන තියන අමාරුව..ඒ මගෙ කොල්ලා ඒ මං ආදරේ කරන එකා..එයාට කරදරයක් උනොත් මං තමා ඔයාලව ඉතුරු කරන් නැත්තේ..තව ටික කාලයක් ඒ කොල්ලට අපෙන් ඈත් වෙලා පාඩුවේ ඉන්න දෙන්නෙ නැතුව..මගේ වාසියට එයාව පාවිච්චි කරන්නෙ ඔයාලමයි..ඇත්ත කියන්න වෙන විදි නැතුව නෙවේ නේ..ඒ දවසේම මාත් එක්ක ඉදල දැන ගන්න ඕනි කියල එකක් නෑ.."

" දේශ් කට වහනවා.."

" ඇතී..යන්න මෙතනින්..මං මගෙ එකාට හීරීමක්වත් වෙන්න දෙන් නෑ..තමුසෙ ඒ ගැන වද වෙන්න ඕනි නෑ.."

දේශි අයියගෙ මූණටම එබිල අන්තිමට කිව්ව දේවල් නිසා අයිය මුකුත් නොකිය යන්න ගියා..

කව්ද දේශිව මරන්න එන්නේ..ඒ දවස එයා කව්ද කියන එක අමතක කරන්න එපා..මොනාද මේ දේශි ඔයා..දෙයියනේ දේශි අනේ ඒකනම් වෙන්න එපා නෑ විවේන් ඒක එහෙම නෙවෙයි..ඔයා හිතන දේ නෙවෙයි විවේන් ඒ..

" විවේන්.."

" අහ්..ම්ම්..දේශී.."

" දැන් ඇති නිදා ගන්න එන්න.."

" ම් මට නිදි මත නෑ දේශි.."

" කියන දේ අහන්න..වොශ් එකක් දාල නිදා ගන්න එන්න.."

" ඔයා ලග.."

" කැමති තැනක්.."

වොශ් එකක් දාගෙන මං ආවෙ දේශි ලගට..ඇදේ අයිනට වෙලා ඉන්නේ මට නිදා ගන්න ඉඩ තියලද..කැමති තැනක නිදා ගන්න කිව්වත් එයා හොදටම දන්නවා මං එයා ලගටම එනව කියන්න..මං කොහොමද ඉතින් ඔය උණුහුමෙන් ඈත් වෙලා ඉන්නෙ දේශි..

" දේශී..නිදිද.."

" අහ්ම්..දේශී.."

එයාට නින්ද ගිහින්ද නැත්තන් ඇගෙන් නෑ වගේ ඉන්නවද..

මං ආයෙ මුකුත් සද්ද නොකර දේශිට එහා පැත්තෙන් හාන්සි වෙලා බෙඩ් ශීට් එක පොරව ගත්තා..

අපි දෙන්නගෙ ජීවිතේ ගොඩක් වෙනස් වෙන්න යන්නෙ දේශී..අවංකකම මුලදි හිතේ ආදරයක් නැති උනත් මාත් දැන් ඔයාට නොසෑහෙන්න ආදරෙයි..ඔයාගෙ ආදරේ නැති කර ගන්න ලෝබයි..

හිතේ තියන දේ හරිනම් තීරණයක් ගන්න මට ගොඩක් අමාරු වෙයි ඒත් මට තීරණයක් ගන්නම වෙනවා..

" දේශී.."

" ම්ම්ම්ම් "

" නිදි නැද්ද.."

" ම්හුක්.."

" මට නින්ද යන් නෑ නේ.."

ඇදට ඇවිල්ල ගොඩක් වෙලා උනාට නිදිමත ටිකක්වත් තිබ්බෙ නෑ..නින්ද යන්නෙ කොහොමද දේශිගෙ ලගට වෙලා ඒත් මේ විදිහට කිසිම ස්පර්ශයක් නැතුව ඉද්දි..එයා දන්නෙ නෑ නේ එයාව බදාගෙන නිදා ගන්න පුරුදු උන මට මේ දවස් ටිකේම හරියට නින්දක් නෑ කියලා..ඉදල ඉදල බැරිම තැන ආයෙත් එයාට කතා කරද්දි දේශි උත්තර දුන්නෙ එයත් නිදි නෑ කියල කියන්න..

" දෙශී.."

" කෝ එන්න.. "

දේශි මාව එයාගෙ ඇග අස්සෙ හිර කර ගත්තා..මාත් හොදට හරිබරි ගැහිල එයාට තුරුල් උනේ ඒ උණුසුම ඒ සුවද මට ගොඩාක් මිස් උන නිසා..දේශිගෙ හුස්ම මගෙ බෙල්ලෙ වැදෙද්දි දැනෙන ඒ පොඩි කිතියට මං මාර ආසයි..

" දේශී.."

" ම්ම්ම්.."

" සැනසීමයි.."

" මටත්.."

බෙල්ලට පොඩි හාදුවක් තියල දේශිගෙ අතක් මගෙ ශර්ට් එකෙන් ඇතුලට ගියේ මට සනීපෙට ඇස් පිය වෙද්දී..

අත් දෙකෙන්ම මාව එයාගෙ පපුවට ගොඩක් තද කර ගත්තෙ කියා ගන්න නොතේරෙන හැගීම් ගොඩකින් කියන්න මට තේරුනා..

මෙච්චර වෙලා පපුවෙ එහෙට මෙහෙට ගිය අත හෙමීට නතර උනේ දේශිට නින්ද ගියා කියන්න..මගෙ ඇසුත් ඒත් එක්ක පිය උනේ සැනසීමෙන් නිදා ගන්න..

*****

😪👍

අලුත් එකක් කියවමු නේ..

Share This Chapter