Chapter 21 of 31

Part 21 ❀ ( BONUS )

RED EYES 🐺🔞 ( hyunlix ) ✅2,294 words~12 min read

පැරිස් ඇවිල්ලා මේ ගෙවිලා යන්නේ දෙවනි දවස..ඊයේ දේශී කිව්ව වගේ උදේ මීටින් එකක් තිබ්බා..ඊට පස්සෙ අපි ප්‍රැක්ටිස් කරා..ඒත් මොකක්දෝ මංද හේතුවකට දේශි අද ටිකක් කලබලෙන් ඉන්නේ..කොච්චර ඇහුවත් මුකුත් නෑ කියල ඔලුව වනන එක විතරයි කරන්නේ..සමහරවිට මං හිතන දේ වෙන්න පුලුවන්ද..

ඔය අතරෙ මට අලුත් යාලුවෝ දෙන්නෙක් හම්බුනා..මේ competition එකට රවල් ගොඩකින් කට්ටිය එනවා එක රටකින් college දෙකක්..ඉතින් අපේ අනිත් college  එකේ කට්ටිය හම්බුනේ මීටින් එකේදි එයාලා හරි හොදයි අනේ..

" විවේන්.."

" ඕ.."

" ඔයාල ප්‍රැක්ටිස් කරල ඉවරද ඒයි.."

" ඉවරයි ඊතන්..මේ යන්න ලෑස්ති අපි.."

ප්‍රැක්ටිස් ඉවර වෙලා යන්න යද්දි ආවේ මං අර කිව්ව යාලුවෝ දෙන්නා..අපි ප්‍රැක්ටිස් ඉවර කරාම තමා එයලට තියෙන්නෙ ඉතින් මායි දේශී එයාලට ඉඩ දීලා එන්න ලෑස්ති උනා..

" විවේන් මොකක් හරි අමාරුවක්ද ඔයාට.."

" අහ් නෑ මේ කොන්ද පොඩ්ඩක් මොනාද උනා.."

shiiiiiyaa..ලැජ්ජාවෙ බෑ..ඊයේ දේශිගෙ වැඩ නිසා මට උදේ නැගිට ගන්නත් අමාරු උනා දවල් වෙද්දි වැඩි අමාරුවක් නැති උනත් පොඩ්ඩක් එහෙට මෙහෙට වෙද්දි කැක්කුමයි..ඉතින් මෙයාලට ඒක තේරිලානේ..ම්හුක් මේ පනු පැටිය නිසා තමා ඔක්කොම හොරෙන් හොරෙන් හිනත් වෙනව ඒ මදිවට හරි ලොකූ හපන්කමක් කරා වගේ..

" මුකුත් ගෑවෙ නැද්ද ඒයි.."

" අහ් නෑ ඒක එච්චර අව්ලක් නෑ.."

" මේ.."

" අර මෝඩයට ඕව තේරෙන් නෑ ඒ උනාට මට තේරෙනව හොදේ.."

ඒ ශැනෝල් කනට කරල හෙමීට කියද්දි මට වලක් හාරන් වැලලෙන්න හිතුනා..

" අනේ.."

" යන්ද.."

" යන්.."

" එ_ ඒයී දේශී බිමින් තියන්න.."

යන්ද අහල මං යන් කියද්දී දේශී මාව කරට ගත්තෙ අර දෙන්නගෙ ඇස් නලලට යද්දී..උදේ ඉදන් කොහොමත් එයා මාව වඩාන තමා එහෙට මෙහෙට ගියේ..ඒත් ඉතින් අර දෙන්නත් ඉද්දි ලැජ්ජයි නේ..

" ඒ යන්නම් හලෝ බායී.."

" අහ්..බායි බායි.."

ඊතන් මට බායි කිව්වෙ ශැනෝල් කටත් වහන් හිනා වෙද්දි..

" එයාල හරි හොදයි නේ දේශී.."

" නෑ.."

" මොකක්ද අප්පා ඇයි ඔයා එයාලට අකමැතී.."

" මට ඕනි නිසා.."

මෙයාටනම් ඒ දෙන්නව අල්ලන් නෑ..ඒ උනාට මට එහෙම අව්ලක් නෑ එයාල හරි හොදයි..

ප්‍රැක්ටිස් ඉවර වෙලා අපි දෙන්නා ආවෙ අපෙ රූම් එකට..

" මොකෝ මේ මූණ එල්ලන්.."

" මුකුත් නෑ.."

" මුකුත්ම නැද්ද ඉතින්.."

" නෑ.. ගිහින් වොශ් දා ගන්න.."

" නාවන්නකො මාව.."

" හ්ම්ම් යන්.."

ආයෙන් මාව වඩා ගත්ත දේශි මාව නාවන්න එක්කන් ආවා..එයාම මගෙ ඇදුම් ඔක්කොම එයාම ගලවලා බාත් ටබ් එකට වතුර පුරවලා මව ඒකෙන් තිබ්බේ හරි පරිස්සමින්..වයසෙ වෙනසක් නෑ දෙන්නම එකම වයස ඒත් එයා මාව බබෙක් වගේ බලා ගන්නේ..වෙන අයට මුරණ්ඩු නපුරු කෙනෙක් උනත් දේශි ලග විතරක් පොඩි එකෙක් වගේ හුරතල් වෙන්න මං ගොඩක් ආසයි..කවුරු උනත් පොඩි එකෙක් වගේ හුරතල් වෙන්නෙ තමන් ආදරේ කරන කෙනා ලග විතරයි කියනව නේ..

" දේශියෝ.."

" ඇයි මැණික.."

" ඔයත් එන්නකෝ.."

" හ්ම්ම්.."

දේශිත් බාත් ටබ් එකට මගෙ පිටි පස්සෙන් ඇවිල්ල ඉද ගද්දි මං එයාගෙ පපුවට හේත්තු උනා ..

" දේශී.."

" ම්ම්ම්.."

" රෑ වෙලා එළියෙ ඇවිදින්න යන්ද.."

" අද බෑ.."

" අනේ ඇයි ඒ..."

" හෙට යන්.."

" හෙට බෑ හෙට රෑ වෙනකන්නෙ ප්‍රැක්ටිස් අපිට එතකොට වෙලාවක් නෑ.."

" ඒනම් අනිද්දා.."

" බෑ අදම ඕනී.."

" අද බෑ විවේන්.."

" ඇයි බැරි..මට බෑ මට අදම යන්න ඕනි මේ දැන්ම.."

" කියන තේ අහපන් තොට කිව්ව මං දැන් දෙතුන් පාරක්ම.."

එයා ආයෙත් මට සැර කරා..එදා වගේම..ඇයි මේ ඔයා ඉස්සර මෙහෙම නෑ දේශී..ඇයි දැන් මට සැර කරන්නේ..

මං ආපිට මුකුත් නොකියා නැගිටලා යන්න යද්දී..දේශි ආයෙත් මගෙ අතෙන් ඇදල ඉන්දවගෙන මාව තුරුල් කර ගත්තා..

" චූටි මැණික..."

" සොරී.."

හිත රිද්දලා සොරි කියන ලස්සන දැන්..

" විවේන් තරහද පන..ම්ම්ම්.."

" ම්හුක්.."

" කෝ මෙහෙ හැරෙන්න.."

මගෙ මූණ එයාගෙ පැත්තට හරවගෙන දේශි මගෙ තොල් උන චූටි කිස් එකක් තිබ්බා..

" චූටි මැණික.."

" ම්ම්ම්.."

" රාක්ශයොන්ට බයද.."

" නෑ.."

" හේතුව.."

" විශේෂ හේතුවක් නෑ ඉතින් මං බය නෑ..."

" ම්ම්ම්ම්.."

"ඇයි ඒම ඇහුවේ.."

" නිකන්..යන්න ඕනිද එලියට.."

" ඕනි නෑ දේශි.."

" බැන්න නිසා නේ ඉතින් ඒ පාර ඕනි නෑ කියන්නේ..ම්ම්ම්.."

" යන් යන්..අපි දෙන්නට තනියම ඉන්න පුලුවන් තැනකට යන්..හාද.."

" ඒයි කෝ ඉතින්..ආයෙ මූණ එල්ල ගත්තා..චූටී මැණික.."

" හා නේද.."

" හා ඉතින්.."

" ම්ම්ම්..ඉක්මනට වොශ් දාන යන්කෝ එනම්.."

ඉක්මනින් වොශ් දා ගත්ත අපි දෙන්නා ඇදේ පෙරලුනේ ෆිල්ම් එකක් බලන්න හිතාන..ඒත් ඉතින් දෙන්නටම ෆිල්ම් බලන්න හිතුන් නෑ..

" එළියට යන්ද..තාම පහ හමාරයි නේ.."

" හා යන්කො දේශී.."

" ඇදුමක් දා ගන්න.."

" ඉතින් මේක හොදයි නේ.."

" ගුටි ඕනිද.."

" ඇයි අනේ.."

" ඇග වැහෙන එකක් ඇද ගන්නවා ගිහින්..සකලබුජන් කොට කලිසන් වගේ..අර පස්සෙනුත් බාගයක් එලියේ.."

" එලියෙද..."

" ආර්හ්හ්හා.."

දේශිට පස්ස දික් කරල එලියෙද අහද්දි මේ මෝඩයා මගෙ පස්ස රත් වෙන්න පාරක් දුන්නෙ මට කෑ ගැහෙන්නම..

" ඇයි ගැහුවේ රිදුනනේ.."

" රිදෙන්න තමා ගැහුවේ.."

" අත ගාන්නකෝ.."

ආයෙත් එයාට පස්ස දික් කරද්දිනම් දැම්මෙ මහ වලත්ත හිනාව ඒ නිසාම මං ඉක්මනට එහාට උනා නැත්තන් මට හෙටත් ඇවිද ගන්න බැරි වෙනවා..

" මාව අව්ස්සලා කන්න තමා ලෑස්ති ඉතින්..ඊයේ වගේ නෙවේ දෙන්නෙ උන ගැනෙන්න.."

" පුලුවන්ද දන් නෑ එච්චර.."

" විශ්වාස නැද්ද ම්ම්.."

ඒම කියලා දේශි මාව එයා ලගට ඇදලා ගත්තේ මගෙ සූටි පස්ස මිරිකන ගමන්..

" අත ගන්න ඉතින්..වෙන ඇදුමක් දාන් එන්නම්.."

" බෑ ගන්නෙ නෑ.."

" රිදෙනවා ආව්වා.."

" කමන් නෑ මගේ නේ මට ඕන්නම් රිද්දනවා.."

" මාත් රිද්දන්නද.."

" ඒයි ඒ..විවේන් අත ගන්නවා.."

දේශිගෙ කලිසම අස්සෙන් අත දාලා මං එයාගෙ පස්ස මිරිකද්දි කෑ ගැහුවෙ නිකන් මං එයාව මෙතන දූශනේ කරන්න යනවා වගේ..බැරිකමකුත් නෑ හැබැයී..ඒකත් බෝලව අතට හොදට අහු වෙනවා..තව ටිකක් ලොකු කරල ගත්තනම් මරු..

" චූටි මැණික අත ගන්නවා.."

" ම්හුක්.."

" අහ් බෑ නේ.."

" ආව්වා.."

" අත ගන්න.."

" හරි හරි ඉතින්..හ්ම්ම්..ඔච්චර හයියෙන් මිරිකන්න ඕන් නෑ නේ රිදුනත් එක්ක..එහාට වෙන්න දැන්..ඇදුමක් දා ගෙන එන්නම්.."

මගෙ ඇදුම් ඔක්කොම කොට නිසා අන්තිමට දේශිගෙ කලිසමක් තමා මට අදින්න උනේ..ඒක ඉතින් ලොකුයි මට ඒ උනාට අදින්නම උනා..අපි පහලට එද්දි ඊතන් ශැනෝල් එක්ක ලොකු වලියක්..මුන් දෙන්න ටොම් ඇන්ඩ් ජෙරී වගේ..

" මේ මූ ගහනවා විවේන් බේර ගන්නෝ.."

ශැනෝල් ඇවිල්ලා මගෙ පිටි පස්සෙ මාවත් බදාන හැන්ගෙද්දි දේශිනම් දැම්මෙ මරාන කන්න පුලුවන් බැල්මක්..

"විවේන් එයාව එවන්න මෙහෙට.."

" මට බෑ මං එන් නෑ..තව්සෙ ගහනවා මට.."

" ගහන් නෑ බං වරෙන්කෝ.."

" බෑ කිව්ව නේ.."

" වෙන එකෙක් හිටියෙම නැද්ද මංද මාත් එක්ක මේ ගමන එවන්න මූත් එක්කම එව්වේ.."

" මොනවද කුටු කුටු ගාන්නේ.."

" මුකුත් නෑ මෙහෙ එනව ශැනෝල් මගෙන් ගුටි නොකා.."

මේ දෙන්නගෙ රණ්ඩුව අතර මං මේ වෙලාවෙ මැදි වෙලා ඉන්නේ..දේශිනම් හැබැයි මේ විකාර දිහා ගොඩාක් ඉවසීමෙන් බලාන් ඉන්නෙ කියලනම් තේරෙනව මට..තව ටිකක් වෙලා මුන් දෙන්නට මං මැදිවෙලා හිටියොත් මෙයාගෙ ඉවසීමනම් නැති වෙලා යයි..

" අහ්ම්..ශැනෝල් යන්නකො ඊතන් ලගට.."

" බෑ මේකා මට ගහනවා.."

" ගහන් නෑ හුත්ත වරෙන්කෝ.."

" බෑ.."

" අහ් බෑද..ඉදපන් ඔහොම.."

ශැනෝල්ව අල්ල ගන්න ඊතන් මගෙ ලගට එන්න හදනවත් එක්කම දේශී මාව එයා ලගට ඇදල ගත්තේ ශැනෝල් ගෙ ඇග උඩටම ඊතන් ශැනෝල් එක්කම බිම ඇදගෙන වැටෙද්දී..

" ඒයී බූදූ හරකා.."

" කව්__"

" හේ හේ ඔයාලගෙ රණ්ඩු බේර ගන්නකෝ ඒනම් අපි යන්නම් ඈ බායී.."

බිම වැටුන ශැනෝල් දේශිට බූරු හරලා කිව්වම දේශී ලෑස්ති උනේ ආපිට බනින්න උනත් මං ඉක්මනට එයාවත් එක්කන් ආවා..

" මොකද ඒ පාර.."

" උන් එක්ක ඉන්න එපා.."

" ඇයි ඒ.."

" ඔයා හිතන තරම් උන් හොද නෑ.."

" ඔයා කොහොමද කියන්නේ.."

" එහෙම හිතෙනව මට.."

" හිතෙනව විතරනෙ ඉතින්..දන්නේ නෑ නේ එයාලා ගැන හරියට..මටනම් වැරැද්දක් පේන් නෑ..එයාල හරි හොදයි..අනික ඒ දෙන්න අපිට වඩා බාලයි දේශී.."

" හ්ම්ම්.."

" දැන් කොහෙද ඉතින් අපි යන්නේ.."

" ඔයාට කොහෙටද යන්න ඕනී.."

" අයිස්ක්‍රීම් කන්න යන්ද.."

" හා.."

පාරෙ හැම තැනම එයාගෙ අතේ එල්ලිලා ඇවිදලා..ඊට පස්සෙ ආවෙ අයිස්ක්‍රීම් කන්න..

" ගන්නකෝ කැමති එකක්.."

" එකක්ද.."

" ඇයි කීයක් ඕනිද.."

" එකක්නම් මදි ඉතින්.."

" කැමති තරමක් ගන්නකෝ.."

ඕනී තරම් ගන්න කියලා එයාගෙ වොලට් එක මගෙ අතට දුන්නා..හේ හේ..ලොකු වැරැද්දක් දේශී ඔයා කරේ..

තියන ඒව දැක්කමනම් ඔක්කොම කන්නමයි හිත් ඒත් ඉතින් ඔක්කොම එකවැර කන්න බෑ නේ..ඒ නිසා එකක් අරන් මං දේශි ලගට ආවා ඒක කාලා ඉවර වෙලා අනිත් ඒව කනවා..

" රසයිද.."

" හ්ම්ම්..ඕනිද.."

" මට එපා මැණික ඔයා කන්නකෝ.."

" කනව තමා දෙන් නෑ.."

" කනව ඉතින්.."

" මේක ඉවර උනාම තව ගන්නම් ඈ.."

" හ්ම්ම්.."

කොහොම හරි අයිස්ක්‍රීම් හයක් විතර කාලා මං ආයෙ එයා එක්ක අවිදින්න ගත්තා..හිතට ආව පොඩී මෙව්ව එක්කට මං ෆෝන් එක අරන් දේශිගෙ ෆොටෝ එකක් ගැහුවා..

"දේශී.."

" ම්ම්ම්.."

" හරී.."

" ලස්සනයි.."

" මං කොහොමත් ලස්සනයි නේ.."

" හ්ම්ම්ම්..මං තරම් නෑ ඉතින්.."

" ඔව් මගෙ angel තරම් නෑ තමා.."

" යන්න අනේ..ආ ගන්නකෝ මගෙත් එකක්..මේම ඉද්දි ගන්න ඈ.."

" මගෙ එකෙන් ගන්නම්.."

මගෙ ෆොටෝ එකක් ගන්න මගෙ ෆෝන් එක දේශිට දෙන්න හැදුවත් එයා එයාගෙ එකෙන් ෆොටෝ එකක් ගැහුවා..

" කෝ.."

" හී හී.."

" ලස්සනයි.."

" ලස්සනයි තමා ඉතින් ඔයාගෙ angel.."

" විවේන්.."

" ම්ම්ම්..."

" රෑ වෙනවා.."

" ඔව් නේ..මට හද බලන්න ඕනි.."

" ඇත්තටම හදට ආසද.."

" හ්ම්ම්.."

" චූටි මැණික දන්නවද සමහර රාක්ශයන්ගේ හරිම පෙනුම පුර හද දවසට පේනවලූ.."

" ඉතින්.."

" බලන්න ඕනිද අද රාක්ශයෙක්..."

" ඔයා මොනාද දේශි කියන්න හදන්නේ.."

" එන්නකෝ.."

පැරීසිය පුරාම ඇවිදලා දේශි මාව එක්කන් ආවෙ මිනිස්සු නැති පාලු තැනකට..මේ වෙද්දී හද පායන්න ලගයි..මං දන්නවා අද පුර හද දවසක්..

" චූටි මැණික.."

දේශි මගෙ මූණ අත් දෙකෙන්ම අල්ලන් මගෙ ඇස් දිහාම බලාන කතා කරේ..

" ම්ම්ම්.."

" ඇත්ත්ටම මට ආදරෙයිද.."

" මං ආදරෙයි දේශී ඇයි මේ.."

" මාත් එක්ක හැමදාම ඉන්න පුලුවන් වෙයිද.."

" මං හැමදාම ඉන්නවා දේශි ඔයා එක්ක.."

" ඇත්තමද.."

" ඔව්ව්.."

" හ්ම්ම්ම්.."

" මෙච්චර දවස් මං හන්ගපු රහස මං ඔයාට කියන්නම්.."

" දෙශී..."

" ඔයා බය වෙයිද දන් නෑ මට..ඒත් තවත් හන්ගන් ඉන්න බෑ.."

මාත් කැමතී ඔයාගෙ ඇත්ත දැන ගන්න ඒත් බයයි..ප්‍රාර්ථනා කරන්නේ එක දෙයයි ඒ ඔයා වෙන්නනම් එපා..

මේ වෙද්දිත් පුර හද පායලා ඉවරයි..තේරෙනවා දේශිගෙ ඇගට අපහසුවක් දැනෙනවා කියලා..එයාට විතරක් නෙවෙයි..

" දේශී.."

" ඔයා ලෑස්තිද.."

මං ඔව් කියන්න ඔලුව වනනවත් එක්කම එයා ඔලුව පහත් කරා..

තප්පර කීපයක් යනකන් එයා එහෙම්මයි අත් මිටි මොලවන් බිම බලාන..ඇත්ත මට පෙන්නන්න ඔයා තාම ලෑස්ති නැද්ද දේශී..නෑ මං දන්නවා ඔයා ලෑස්තී ඒත් ඒක පිලි ගන්න මං ලෑස්ති නෑ..

ඒත් ටික්කින්..

" දෙ__ දේශී.."

දිග නියපොතු..උල් දත් එ_එයා..werewolf  කෙනෙක්..

" දේශී ඔයා.."

" බයද මට.."

" නෑ දෙයියනේ නෑ.."

" දේශී.."

" ම්ම්ම්.."

" ඔයා..."

" werewolf.."

මං දන්නවා මං හොදටම දැනන් හිටියේ ඔයාවගේම ඔයාගෙ අයියලත්..ඒත් මං නොදන්න එකම දේ..

" දේශි ඔයාගෙ ඇස්.."

එයාගෙ ඇස් තාමත් කලුපාටයි..මට දැන ගන්න ඕනි එකම දේ ඔයා හරියටම මොන වගේද කියන එක විතරයී.

ට්‍රීං..ට්‍රීං... 📲📲📲

" කව්ද දේශී.."

" අයියා.."

" ආන්ස්වර් කරන්න.."

" ඕන් නෑ..මට උගෙන් වැඩක් නෑ.."

" ඒ මොකද දේශී ඒ ඔයාගෙ අයියා.."

ට්‍රීං...ට්‍රීං...📲📲📲

" දෙ__"

" ඇයි ඔයා පුදුම වෙන් නැත්තේ..ඇයි බය වෙන් නැත්තේ.."

" මං කිව්ව නේ මං රාක්ශයන්ට බය නෑ කියලා.."

" කලින් දැනන් හිටියද.."

" නෑ.."

" ම්ම්ම්.."

" කෝ එන්න මං ලගට.."

එයා ආයේ සන්සුන් උනා..උල් දත් නැති දිග නියපොතු නැති මගෙ ලස්සන දේශි උනාම මං ඒ පපුවට හේත්තු උනා..

" ඇයි හැමදෙලේම මේක ඔයාගෙ අතේ.."

" අහ්ම්..ඒක අත්තම්මා මට දුන්නේ එයා කිව්වේ ඒක සීයගෙ කියලා..කවදාවක් ගලවන්න එපා කිව්වා.."

දේශි ඇහුවෙ මගෙ මුද්ද ගැන..මට ඔයාට ඇත්ත කියන්න බෑ දේශී සමාවෙන්න මෙච්චර ඔයාට බොරු කියනවට..

" හ්ම්ම්..චූටි මැණිකට මට කියන්න මුකුත් නැද්ද.."

" නෑ..දේශී.."

ට්‍රීං...ට්‍රීං..📲📲📲

" අයියලා කෝල් ගන්නවා දේශි ආන්ස්වර් කරන්න.."

" ඕන් නෑ.."

රදී අයියා වගේම සුදු අයියයි හර්ෂ අයියයිත් කෝල්ස් කොච්චර ගත්තත් දේශිට ඕනි උනේ නෑ එකක්වත් ආන්ස්වර් කරන්න..

" අයියලත් එහෙමද.."

" හ්ම්ම්ම්.."

" අර මෝඩ ජෝඩුව..."

" උන් නෑ..ඒත් එයාලා අපෙ pack එකේ..ඉස්සර ඉදන් එයාලා ඇත්ත දැනන් හිටියේ..ශනිල්ක පවා.."

" ශනිල්ක kanima කෙනෙක් නේ.."

" හ්ම්ම්..ඌට එහෙම උනේ මං නිසා.."

" ඒ කිව්වේ.."

" පස්සෙ කියන්නම්.."

" හ්ම්ම්..මේ.."

" ඕඕ.."

" ඔයාට super powers තියනව නේ.."

දේශිගෙ මූණ දිහා බලලා මං එහෙම කියද්දි එයා මගෙ කොණ්ඩෙ ඇවිස්සුවා..

" ඇයි අනේ..කියන්නකෝ.."

" තියනව තියනවා.."

" මොනාද.."

" වේගෙන් දුවන්න පුලුවන්..හොදට සුවද දැනෙනවා..අනික..ඔයාලට වඩා මට ගොඩක් ඇහෙනවා..ඈත් දෙයක් උනත්..තව වේදනාවල් මාරු කරන්න පුලුවන්.."

" ඒ කිව්වේ.."

" ඒ කිව්වේ..ඔයාට මොකක් හරි නිසා වේදනාවක් දැනුනොත් මට ඒක ගන්න පුලුවන්.."

" ඇත්තමදූ..."

" හ්ම්ම්..මට තුවාලයක් උනාමත් ඉක්මනින් හොද වෙනවා.."

" එතකොට ඔයාව මරන්න බෑ කාටවත්.."

" පුලුවන්.."

" කොහොමද.."

" ඇයි මාව මරන්නද.."

" නෑ මෝඩයෝ පිස්සුද.."

" පස්සෙ කියන්නම්.."

" ඒ පාර පස්සෙ ඒව ගොඩයි නේ..මේ ඒක නෙවෙයි.ඇයි අර ශනිල්ක ඔයාලා එක්ක ඉන්නේ එයා මට රිද්දුවා දේශී.."

" ඌට එහෙම උනේ මං නිසා..ඉතින් මගෙන් පලි ගන්න තමා ඔයාට ඇටෑක් කරේ..ඒත් ඔයාව හොද කරෙත් එයාම තමා.."

" ඒ කොහොමද.."

" ඒක මාත් දන්නෙ නෑ විවේන්..එයා kanima කෙනෙක් නිසා එයාව පාලනේ කරන කෙනෙක් ඉන්නවා..අපි එයාව හොයා ගෙන ශනිල්කගෙ පාලනේ මගෙ අතට ගන්න ඕනී.."

" මාර ජාති නේ තියෙන්නෙ.."

" හ්ම්ම්..දන්නවද දෙයක්.."

" මොකක්ද.."

" එන්නකෝ.."

දේශී මායී තණකොළ උඩ වාඩි වෙලා මං එයාගෙ උරහිසේ ඔලුව තියා ගත්තේ දේශිගෙ අතක් මගෙ ඉන වටේ පැටලෙද්දී..

" ඔයාව හම්බුන මුල් දවස්වල මට මේ ඔනෑවට වඩා සුවද දැනෙන එකට මං ශාප කරා.."

" එ මොකෝ.."

" තමුසෙ ලගින් එන සුවදට මාව control කර ගන්න බෑ.."

" හෑ.."

" හ්ම්ම්..ඒ තරම් අමුතු සුවදක්.."

" මතකද අපි දෙන්නගෙ ෆස්ට් කිස් එක.."

shiiiiiyaaa මේ මනුස්සයා මොනා අහනවද මංදා..ඒක කිස් එකක් නෙවෙයි නේ අනතුරක්..ම්හුක් මං දන්නවා මාව දැන් රතු වී ගෙන එන්නේ..

" ආහ්..මෙන්න එක්කෙනෙක් රතු වෙලා..ඇයි ඇයි ලැජ්ජ හිතුනද angelට ම්ම්ම්.."

" අනේ මේ ඒක අනතුරක්.."

" ඔව් ඔව් ඒ අනතුර නිසා තමා මට ජැනෙලෙන් පැනලා කැලේ රින්ගන්න උනේ.."

" එ මොකෝ.."

" ඔයාගෙ සුවද එදා තමා මට දැනුනේ.."

" ඉතින් ඔයාව control  නැති උන නිසා මාව බාත්රූම් එකට දාලා යන්න ගියා.."

" හ්ම්ම්.."

" පවිත්‍රගෙ පාටි එකට සන්ග්ලාස් දාන් ආවෙත් ඒකද.."

මං හිනා වෙ වී කියද්දී දේශි මට රැව්වා..

" ඔව් ඉතින්.."

" එතකොට අපි එකට ඉද්දිත් මගෙ ඇස් බැන්දේ ඒ නිසාද.."

" හ්ම්ම්.."

" ඒත් පස්සෙ එහෙම කරේ නෑ නේ.."

" පස්සෙ මට පුලුවන් උනා control කර ගන්න.."

" දැනුත් සුවද එනවද.."

" කෝ බලන්න.."

මගෙ බෙල්ල ලගට ලං උන දේශී ලොකූ හුස්මක් ගත්තේ බෙල්ල යට ඉදන් උඩට දිව ඇදන් යන ගමන්..

" ඒයී.."

" සුවදයී..ඔය සුවදෙ තේරුම දන්නවද.."

" නෑ නේ.."

" චූටි මැණික.."

" ම්ම්ම්.."

" කෙනෙක්ගෙ හදවතට ඇහුන්කන් දීලා මට ගෝඩාක් දේවල් කියන්න පුලුවන්.."

" හ්හා.."

ට්‍රීං...ට්‍රීං..📲📲

" ඇයි ආන්ස්වර් කරන් නැත්තේ.."

" ඕනි නෑ..යන්ද අපි.."

" ඕම ඉන්න..."

" ඇයි මැණික.."

" ඇස්.."

" බලන්න ඕනිද.."

මට බයයි ඒත් මොන වගේද කියලා මට දැන ගන්නම ඕනි දේශී..

" හ්ම්ම්..මොන පාටද..හකද නිල්ද.."

" කෝ මෙහෙ හැරෙන්න.."

මාව එයාගෙ පැත්තට හරව හත්ත දේශී මගෙ ඇස් දිහා කෙලින්ම බැලුවේ මගෙ හද ගැස්ම එන්න එන්නම වැඩි වෙද්දී..

ඒත් එක්කම එයා ඇස් පියා ගත්තා..දන්නවා ඔය ඇස් ආයෙ අරිද්දි ගොඩාක් දේවල් වෙනස් වෙයි..

ට්‍රීං...ට්‍රීං..📲📲📲

එකදිගටම අයියලගෙන් කෝල් එද්දී දේශි ඒවා ගනන් නොගෙන හෙමින් ඇස් ඇරලා මගෙ දිගා බැලුවේ..මගෙ හුස්ම මොහොතකට නතර වෙලා දේශිගෙන් ඈත් වෙද්දී..

*****

😪👍

මොනාහරි කියන්න ළමයි..

vote 👇

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!