Back
/ 31
Chapter 4

Part 4 ❀

RED EYES 🐺🔞 ( hyunlix ) ✅

" දේශ්..කෝ උබ උට්ටෝ.."

" දෙ_දේශී අයින් වෙන්න.."

" අහ්.. ඔයා washroom එකට යන්න.."

මොකක්ද දෙයියනේ මේ උනේ..මෙච්චර වෙලා මං බලන් හිටියෙ එයා දිහා..අයින් වෙන්න කියලා තල්ලු කරද්දි තමා මං සිහියට ආවෙ ඒ අස්සෙ නෙහස් කතා කරනවා..ඌ මූව දැක්කොත මහා විනාසයක් වෙන නිසා තමා washroom එකට යැව්වෙ..එතකොට මගෙ ඇස්..

" උට්ටෝ.."

" මේ එනවා.."

" මොන මගුලක්ද යකෝ දොරත් ලොක් කරන් කරන්නෙ.."

" කෝ මෙහෙ බලපන්..පාට වෙනස් වෙලාද.."

" අහ්..දේශ්.."

" කියපන් යකෝ ඉක්මනට.."

" ඔව්.."

නෑ ඒක වෙන්න බෑ කොහොමද එහෙම උනේ මගෙ පාලනේ නැති උනේ ඇයි..එ_ එයා දැක්කද ඒක..වෙන්න බෑ එයා ඇස් තද කරන් පියාන හිටියේ..බැරි වෙලාවත් දැක්කනම්..

" මොකද යකෝ උනේ..ඇයි උබ ඔහොම.. දාඩියත් දාලා..බය උනේ මොකටද.."

" අහ් නෑ නෑ ශේප්.."

" හා කෝ එහාට වෙයන්.."

" ඒ මොකටද.."

" මොකටද අහන්නෙ චූ දාන්න යන්න.."

" හෑ..චූ දාන්න.."

මල කෙලියයි..අරය washroom එකේ..දැන් මොකද කරන්නෙ..මූ ආවොත් ඔක්කොම ඉවරයි..

" මොකද යකෝ උබට මේ වෙලා තියෙන්නෙ.."

" නෑ නෑ..මං කලබල වෙලා ඉන්නෙ..පල්ලෙහ එකට පලයන්.."

" ඉතින් උබ සන්සුන් වෙයන් මං යන්නෙ චූ දන්න කෝ එහාට එහාට.."

" කිව්වම අහල පලයන් අරෙහෙට.."

" හ_හා ඉතින් ගොරවන්න එපා..යන්නම් යන්නම්.."

ඈයිශ්..ඌටත් සද්දෙ දාන්න උනා..විවේන් තමුසෙ නිසා තමා ඔක්කොම..මං කලබයයි..කොහොමද ඒක නැති කර ගන්නෙ..

" දේශි එයා ගියාද මං එන්නද.."

" එපා..ප්ලීස් මට ටික වෙලාවක් දෙන්න.."

එයාව washroom එකට  යැව්ව හේතුව එයාට තේරිලා වගේ ඇහුවෙ..තාම ඇස් දෙක එහෙම්මයි..මුගෙ සුවද ඒක තාම දැනෙනවා ඒ නිසා මට පාලනේ කර ගන්න බෑ..මොකද කරන්නෙ..විවේන්ගෙන් ඈත් වෙන්න ඕනි..

" විවේන්..හරි මං යනවා ඔයා එන්න.."

" හා.."

එයා එලියට එන්න කලින් මං t shirt  එකක් දාන් ජනේලෙන් එළියට  පැන්න..කාමරෙන් එලියන යන්න බෑ අනිත් උන් ඔක්කොම එහෙ මෙහෙ යනව..පැන්න ගමන් ඉක්න්මනට දුවන් ගියේ ගෙදර පිටි පස්සෙ තියන ලොකු කැලෑවට..අයියයි මායි ගොඩක් වෙලාවට මෙහෙ එනවා..මේ කැලේ මැද තියනවා ලොකු lake එකක්..

" calm down දේශ්..දැන් ඇතී එයා ලග නෑ.."

මං මටම කියා ගන්න ගමන්..ටික ටික සන්සුන් උනා..lake එකේ වතුරින් මං මගේ දිහාම බැලුවා..ඇස් කලු පාටයි..

ආයෙ කොහොමද මං.අරූ ලගට යන්නෙ..ආයෙත් මෙහෙම උනොත්..ශිට් ඒ අස්සෙ අරුන් කෝල් කරනවා..

මං දැන් මෙතෙන්ට ඇවිල්ල පැය බාගයක් විතර අරුන් දෙන්නගෙන් හෝ ගාලා කෝල්ස්..

📲 📲

" ඔව් කියවපන්."

" කොහෙද මිනිහෝ තෝ ඉන්නෙ.."

" කැලේ "

" අහ් කැලේ මොන ප#ක්ද කරන්නෙ.."

" නිකන් ආවෙ ඉන්න මං එන්නම්.."

" වරෙන් යකෝ ඉක්න්මනට..තව ටිකක් practice කරල ගෙදර යන්නත් ඕනි.."

" මේ..විවේන් ඉන්නවද.."

" අහ් නෑ ඌ ගියා.."

" ඇයි ඒ.."

" ආ... ඇයි දැන් උබට ඌ නැතුව බෑද..උගෙ අයියා කතා කරා හදිස්සියක් කියලා ගියා.."

" හදිස්සිය මොකක්ද.."

" මං කොහොමද යකෝ ඒක දන්නෙ..මොන හු#තක්ද..තෝ ඉස්සල්ල වරෙන්..මගෙ යාකා අව්ස්සන් නැතුව.."

" හ්ම්ම් හ්ම්ම්.."

එයා ගිහිල්ලා..ඇත්තටම හදිස්සියක් හින්දද ගියේ නැත්තන් ඉස්සල්ල උන දේ නිසාද..එයා මාව දැක්කවත්ද..නෑ නෑ එක කොහෙත්ම වෙන්න බෑ එයා ඇස් දෙක තද කරන් හිටියේ..

" දේශ්..කොහෙද ගියේ.."

" ඌ කැලවල් ගානෙ රිංගලා මේ රෑ.."

" හෑ.."

" නෑ නෑ..යං practice  කරන්න.."

ඇත්ත මං එද්දි විවේන් හිටියෙ නෑ..පවිත්‍රනම් ඉන්නවා..හතටත් ලගයි දැන් හැමෝටම මහන්සී..

" gays අදට ඇති ඒනම් හෙටත් එනව නේ.."

" අනේ දේශ්..අපි හෙට practice කරන් නැතුව ඉමුද මං කිව්වෙ හවස.."

" ඇයි පවිත්‍ර මොකක්ද ප්‍රශ්නේ.."

" නෑ මේ හෙට මගෙ birthday  එක..මං ඔයාල ඔක්කොමට party එකට invite කරන්න හිටියෙ.."

" අහ්..එහෙනම් හෙට ඕන් නෑ..අපි college එකේදි practice කරමූ.."

" thanks හලෝ ඔන්න ඒනම් ඔයාලා ඔක්කොමල එනව නේ..හයට විතර එන්න.. college එකේ අය විතරයි එන්නෙ.. දේශ් එනව නේ.."

" එන්නම්.."

" හරි මචං ඒනම් අපි යනවා.."

" හරි හරි පරිස්සමින්.."

" දේශ් අපි යනවා.."

" ඇයි උබල දෙන්නත් යන්නෙ ඉදල පල "

" අද බෑ බං යන්න ඕනි.."

" ඒනම් කාල පල අයිය එයි දැන්.."

" ඕන් නෑ බං යන්නම්..හෙට හම්බෙමූ.."

" යන්නම් සුදුමාත්තයෝ උම්මා.."

" ඊව්ව් නෙහස් පලකෝ.."

හ්ම්ම්..ඔක්කොම ගියා මටත් මාර මහන්සී..මං එහෙම්ම බිම දිගා උනා..

එතකොට දැන් හෙට අරූගෙ party එකට විවේනුත් එයි නේ..ඔව් ඉතින් නෑවිත් ඉදීද ලව් එක නේ..මං කොහොමද ඌට මූණ දෙන්නෙ..මූණ නෙවෙයි පුකවත් දෙන්න යන්න බයයි ආයෙ එහෙම උනොත්..නොයත් බෑ නේ පුලුවන් තරම් ඌව මගෑරලා ඉන්නව...

අනේ දෙයියනේ..මගෙ කුලුදුල් ප්‍රේමය ඇයි මෙහෙම උනේ..දැන් ඌට ලන් වෙන්නෙ කොහොමද මගෙ ඇත්ත දැන්ම එයාට කියන්නත් බෑ..

අයියට මේ ගැන කියනවද..නෑ ඕන් නෑ..එයාට කියල වැඩක් වෙන් නෑ..පරණ තැටියම play කරයි..මටමනේ බැනුම් අහන්න වෙන්නෙ..අහ් මතක් කරනකොටම ආව නේද..අයියේ මං එනෝ

මං දුවන දුවන පල්ලෙහට ආව..අනාව් මේ එන්නෙ ඉතින් චාල්ස් කුමාරයා වගෙ..ලස්සන බලපන්කො මුගේ..මං තරම් නෑ ඉතින් ඒක වෙනම කතාවක්..

" මොකද ඔහොම බලන්නෙ.."

" ලස්සන බැලුවෙ අයියෝ.."

" උබ මොකාටද එන්නෙ.."

" ඉව නේ ඔයාටත් ඉතින්.."

" බඩගිනිද..ආවද අද යාලුවෝ ටික.."

" ආව ආව..දැන් ටිකක් වෙලා ඇති ගිහින්.."

" අරුන් දෙන්නත් ගියාද.."

" හ්ම්ම්."

" පුදුමයි.."

" කන්න ගෙනාව නේ..සුවදෝ..බඩගිනිනම් තිබ්බෙ නෑ හැබැයි දැන් තියනවා.."

" හා යන්කො ඇතුලට.."

සතුටනම් ඉතින් මේක තමා..මූ කෑම ගේද්දි ගේනවා ගමකට කන්න..පව් හැබැයි..ඉස්සර ඉදන්ම මාව ආදරෙන් බලා ගන්නවා..හැම දේටම ඕනි වෙලාවක මං ලග ඉන්නව..

" wash දාල ඉමු බං කන්න කලින්.."

" අහ් ඔව් නේ..මාත් ගිහින් එන්නම් ඒනම්.."

" හා.."

කන්න කලින් පිරිසිදු වෙලා ඉන්න එපැයි නේ..මෙහෙම දාඩිය නාගෙන කනවට වඩා හොදට wash එකක් ඒම දාන් කද්දි තමා කෑම එකෙත් රස වැඩී..

මේ ඉර හද යට මේ ඇද උඩ අපී...කාමරේට එද්දි මට සීන් එක මැවිල පේනවා..පොඩි අව්ලක් උනා තමා ඒත් ඉතින්..කිව්වට විශ්වාස කරනවද ඒක මගෙ first kiss එක කියලා..හරි හරි ඉතින් වැරදීමක් තමා..ඒ උනාට..එයාගෙ lips මාර soft..තාම දැනෙනවා දැනෙනවා වගේ..

මනෝපාරක් ගහ ගෙනම wash එකක් දාන් පල්ලෙහට ආව මං..අප්පට අරූ කෑමත් ලෑස්ති කරලා..

" එනව කන්න.."

" අයියෙ මේ බඩ්ඩක් අහන්නද."

" කියපන්කො බලන්න.."

" අපිට වැඩියෙන් සුවද දැනෙන එක නවත්ත ගන්න බැයිද.."

" නිකන් ගොන් ප්‍රශ්න අහන් නැතුව ඉන්නවද.."

" නෑ ඉතින් ඇත්තටම ඒම නැද්ද.."

" තිබ්බත් මං උබට කියන් නෑ.."

" ඒ කියන්නෙ තියනවද.."

" ඔව්..සුවද බලන් නැතුව ඉදපන්..හුස්ම ගන්න එපා.."

ඔය කිව්වෙ ඉතින්..ක්‍රමයක් නෑ වගේ..දැන් එතකොට මගෙ අදරයෙන් ඈත් වෙලා ඉන්න ඕනිද..ඒක කරන්න බෑ නේ..බෑ බෑ ඒක වෙන්න දෙන්න බෑ..දෙන්න බෑ නේද..

" ඉවරද.."

" හ්ම්ම්.."

" ගිහින් නිදා ගන්න මං අස් කරන්නම්.."

" හ්ම්ම්.. ගුණ බුස.."

" good night දත් මැදල නිදා ගන්න.."

" හරි හරි.."

කෑව ගමන් දත් මදින්න පුලුවන්ද අනේ මෙයා ට පිස්සු..එතකොට කෑව ඒවගෙ රහ කටට දැනෙන් නෑ නේ..ඔන්න ඔහොම්ම නිදා ගන්නව හෙට උදේට මදිනව නේ..

⏳⏳⏳⏳⏳

" හලෝ බොසා good morningවේවා.."

"good morning "

" මොකද නිකන් දාහට අරන් සීයට දීල වගේ.."

" නිදිමතයි බං.."

" දේශ් මටත් නිදි මතයි ඕයි..පොඩි ඇලට් එකක් දාමුද.."

" දාමු දාමු.."

ඊයෙ රෑ හරියට නිදක් නැති නිසාමදෝ college එකේදි නිදි මත ආව..දනුකගේ මිහිරි වචන හමුදේ නිදා ගන්න ඕනි කම වැඩි උනා..ඌත් මේ දවස්වල ගොඩක් මහන්සි වෙන්ව..cadet , dancing  ඒ අස්සෙ exam එක..

පැය දෙකක් විතර පොඩි නින්දකින් පස්සෙ ඇහැරුනා..මේසෙට ඔලුව තියන් ඉදල බෙල්ලත් රිදෙනවා.දනුකයා තාම නිදි..නෙහස්නම් ගිලිනව මොන මොනාදෝ..ඌරු හාවෙක් මූ නම්..කොච්චර ගිල්ලත් ඇගනම් මරුවට තියනවා..ඇයි ඉතින් දවසෙන් වැඩි හරියක් මූ gym එකේ නේ..

" අහ් උබ නැගිට්ටද..කෑල්ලක් ඕනිද.."

" එපා උබ කාපන්.."

" ඕනෙ කිව්වත් දෙන් නෑ ඉතින්.."

" දනුකයා න්නැගිටපන්.."

" උගන්නව්වෙ නැද්ද බං උදේ ඉදන් තාම.."

" නෑ නේ අද උගන්නන එකක් නෑ..teachers ල ඔක්කොම meeting එක්ක.."

" ඉතින් දවසම ඕක තියෙන් නෑ නේ.."

" අනේ ඉතින් තිබ්බත් නැතත් උබල අපිට දෙකම එකයි නේ..ඔන්න ඕකව ඇහැරවපන් අනිත් උන් ගියා අපිත් යන්.."

" කොහෙද.."

" practice "

"කොල්ලො ටික වැඩේ හෙන උනන්දුවෙන් කරනව නේ.."

" හ්ම්ම්..උබෙ රෝමියෝ බැහැලම වැඩ..ඌනම් සුපිරියක් තමා.."

" හ්ම්ම්.."

" ඇයි ඇයි උබ මේ ඌ ගැන කියද්දි අව්ල් ගහන්නෙ..මං උදේත් ඕක නෝට් කරා.."

" පොඩි සීන් එකක්.."

" ඇයි අපිට කියන්න බෑ.."

" නෑ නෑ හරි අහපන්කෝ..ඊයෙ මූට washroom යන්න ඕනි කිව්ව මං ඌව එක්කන් ගියා එතකොට කකුල පැටලිලා උගෙ ඇගේ වැදුන වැදුන කිව්වට ඇගට වැටුනා මං එතකොට එයා ලගින් ආව සුවදට මාව control නැති උනා.."

ඇත්තත් නැති බොරුවත් නැති කතාවක් මං ඔන්න ඔහේ ඌට කියල දැම්ම..

" අහ් ඒක තමා ඉයේ ඒනම් එහෙම හැසිරුනේ.."

" ඈ බං දනුක නිදාන නෙවෙයිද හිටියේ.."

" නිදන් හිටියත් ඉතින් ඔය වගේ කතා මිස් කර ගන්න බෑ නේ.."

" ඒක නෙවෙයි උබ ඉතින් වෙන උන්ට ඔයිට වඩා ලන් වෙලා තියනවනේ..එතකොට උන්ගෙන් ඔහොම සුවදක් ආවෙ නැද්ද.."

" නෑ මේක වෙනස්ම එකක්..මට බයයි දැන් ඌට ලං වෙන්න.."

" ඒනම් ඉතින් සිල් බිද ගන්න වෙන්නෙ උගෙ ඇස් දෙක වහල තමා..පව් අහිංසකයා.."

" විහිලු නෙවේ බං.."

" ඉතින් මං විහිලුවක් නෙවෙයි කරේ.."

" යන් යන් ඇති දැන්.."

මං එද්දි හැමෝම practice විවේන් ගොඩක් මහන්සි වෙලා වැඩේ කරනවා..එක එක ජාති අහන්න මං ලගට ආවත් මං එයාට ගොඩක් ලන් වෙන්න් ගියෙ නෑ..අයිය කිව්ව වගේ ඒ සුවද ඉව කරන් නැතුව හිටියා.. එයාටත් මගෙ වෙනසක් තේරිලාද මංද..දෙපාරක් තුන් පාරක් මගාරිද්දි වැඩිය මට ලන් උනේ නෑ..හැබැයි හොරෙන් හොරෙන් බැලුවා..

ඔකොම කාලෙ ගෙවිල යද්දි college ඉවර වෙලා අපි අරූට gift එකක් ගන්න ආව..

" ඒ බං දේශ් මේක හොද නැද්ද.."

" පිස්සුද යකෝ ඕවා පොඩි ගෑණු ළමයිට තියෙන්නෙ.."

" ඉතින් කුක්කු බෝලෙ ආස ඇති මේවට.."

ඒ අස්සෙ නෙහස් පොඩි උන්ට සෙල්ලන් කරන්න තියන බෝනික්කෙක් අරන් දගලනවා..අනාව් එයාගෙ ඇදුම් මාරු කරන්නත් පුලුවන්..පොඩි උන්ටනම් එක එක ජාතියේ ඒව හැමතැනම..

කතරවටේම බලල බලල මං ගත්ත වොච් එකක්..නිකන් මේ 350ට තියන එකක් නෙවෙයි..12.750 යි..අරුන් දෙන්නත් මොනාද මොනාද ගත්තා.. දනුකයාටනම් gif තෝරන්න හොදට පුලුවන්..

ඒකත් එහෙම වෙද්දි මං ගෙදර ඇවිල්ල හෙමීට ලෑස්ති උනා..හයට කිට්ටුයි..මුලු අල්මාරියම පීරලා ඇදුමක් හොයා ගත්තා..මෙහෙමයි ඉතින්..අල්මාරියම පීරන්නෙ ඇදුම් නැතුව නෙවෙයි අයිය කියනවා වගේ ඇදුම් මට වැඩි වෙලා..

අරුන් දෙන්නවත් මගින් අරන් යන්න ඕනි නිසා මට අද car එකේ තමා යන්න වෙන්නෙ...

" නැගපන්.."

" ආව්ස් කොල්ලගෙ ලස්සන..කැල්ල එන නිසා නේ ඉතින්..තනිකඩ අපිට මොන කැටයම්ද.."

" ඔව් ඔව්ව් ඒක වෙන්න ඇති හුස්ම ගන්න බැරිතරන් perfume නාල ඇවිල්ල තියෙන්නෙ..

" උබට ඉතින් ඉව නේ..අපි මොනා කරන්නද ඒකට හුස්ම ගන්නෙ නැතුව ඉදපන්..

" ඉව තමා මට දැන් හෙනේ වෙලා තියෙන්නෙ.."

" හී..දනුකයා ගන්න ගෙදරටම එන්න කිව්ව..පාරට එන්න බෑලු පයින්.."

" උබ මොකේද ආවෙ.."

" ඩැඩා එක්ක.."

" හ්ම්ම් හ්ම්ම්..යමන්කෝ.."

main road එකේ ඉදන් ටිකක් ඇතුලට යන්න ඕනි දනුකයා ගන්න..ගෙදර අච්චර වාහන තියෙද්දි මූට පයින් එන්න බෑලු..බොරුව ඕකගේ මට වද දෙන්න ඔනෑවට..

" දනුකයෝ..අපි ආව වරේන්.."

" අහ්..ආවත් එක්කද..මේ පොඩ්ඩක් ඉදාන් ඈ..ඇදුම දාන් එන්නම්.."

හරි නේ..හැම සෙට් එක්කම ඉන්නව නේ ඔය වගේ ඩයල් එකක්..මූ අද හොදයි ඇදගෙන විතරයි නැත්තෙ..වෙනදටනම් අපි එද්දි තමා ඕයා ඇහැරින්නෙ..නැත්තන් කෝල් කරාම ඇහැරලා මග එන ගමන් ගානවා..

විනාඩි පහලවක් විතර අපි දෙන්න මේ car එක අස්සට වෙලා..ඇතුලට එන්න කිව්වට ගියෙ නෑ..ඇතුලට ගියොත් තවත් වෙලා යනවා..

" යමන් යමන්..පෝඩ්ඩක් ප්‍රමාද උනා සමා අවසර.."

" කොණ්ඩෙ බලපන්කො බන් උබේ කො මෙහාර වර.."

shirt  එකෙ button ටිකත් ද දා දුවගෙන ආවා..මං හිතන්නෙ අපි ආවම තමා මූ නාගෙන තියෙන්නෙ..මග දිගට ඇද ඇද ආවෙ ඒකයි..

" පාර දන්නවද මචං යන්න.."

" පවිත්‍ර  location එව්ව.."

" මට ඇත්ත කියපන් දේශානයා..උබ රෝමියෝටද ලව් කුක්කු බෝලෙටද..ඇයි යකෝ ඌ එක්ක පුදුම මුකුලුවක්නෙ දාන්නෙ..ඌට කතා කරන්නෙ හරීම සාන්ත දාන්ත විදිහට..නැද්ද දනූ.."

" සිරා ඈ මටත් ඕක නෝට් උනා..කියන්න පවිත්‍ර..හරිපවිත්‍ර..එහෙම තමා පවිත්‍ර..බ්ලා බ්ලා බ්ලා.."

" එහෙම එකක් නෑ බං ඌ අහිංසකයි..විහිලුවට ගන්න එපා ඌව..හුරතල් වෙන ඩයල් එකක් නිසා මට සැරෙන් කතා කරන්න බයයි..මොකක් හරි උනොත් අන්තිමට මගෙ ලකුණු කැපෙන්නෙ.."

" උබෙ මොන ලකුණු.."

"  ඊව්ව් මෝඩයා ඒවත් තේරෙන් නෑ මෙයැයි ඔය දොඩන්නෙ..විවේන්ගෙන් හම්බෙන ලකුණු..ඇයි උන්දැගේ..ලව් එක නේ පවිත්‍ර.."

කතාවෙන් කතාව..location එකටත් ආව..

" අහ්..දේශ් මොකද ඔය උබට අමු කැවිලද අමුවෙන් කැවිලද.."

මේක මං ලියන පලවෙනි කතාව..මීට කලින් අඩුම නිසදැසක්වත් කවියක්වත් හදල කිව්ව කෙනෙක් නෙවෙයි මං..ගොඩාක් කතා කියෙව්ව නිසා ආසාවට ලියන්න ගත්තේ..😪

මුල ටිකනම් එච්චර සෙට් නැතුව ඇතී තාම එච්චර හුරු නෑ මට..කියවන අය දිගටම කියවන්න..ඉස්සරහට කතාව වෙන පැත්තකට යනවා..ලස්සන කොටස් එන්නෙ ඉස්සරහට.. comment කරන්න වෝට් කරන්න අමතම කරන්න එපා..

Share This Chapter