Back
/ 31
Chapter 9

Part 9 ❀

RED EYES 🐺🔞 ( hyunlix ) ✅

" විවේන් මොකද ඔය ඕක නවත්තනවා.."

අපි එලියට එද්දි විවේන් හිටියෙ කව්දො කොල්ලෙක්ට ගහන ගමන්..මං කොච්චර නවත්තන්න කිව්වත් මේකා නෙවෙයි නැවැත්තුවේ

" දේශී අතාරිනවා..මට මූව මරන්න ඕනි..."

" පිස්සුද නවත්තනව විවේන් ඕක.."

විවේන් අර කොල්ලට බිම දාගෙන ගහන ගමන් හිටියේ මං අත් දෙක යටින් අත දාල ඇදල ගත්තට ආයෙ දගල දගල යන්නෙම අරූට ගහන්න..

" ඒයී කෝ මෙහෙ බලනවා කෝ ඉතින් ඇති දැන්...කෝ සන්සුන් වෙන්නකෝ.."

" දේශී ඌ.."

" හරි හරි ඉස්සල්ල calm down.."

විවේන්ට හොදටම මොකේට හරි තරහ ගිහින් හිටියේ..මං එයාව මගෙ පපුවට හිර කරන් සන්සුන් කරා..මට ගොඩක් නෝට් උන දෙයක් එයාට ඉක්මනට තරහ යන එක වගේම එයාට ඒක පාලනය කර ගන්න අමාරු එක..

" පවිත්‍ර මොකද මෙතන උනේ.."

" අහ් දේශ් මේ.."

" ඉක්මනට කියන්න මොකද උනේ කියලා.."

" දේශ් මේ විවේන් ඇතුලෙ ඉදන් එද්දි මෙයාගෙ ඇගේ හැප්පුනා ඒකට sorry කිව්වට මෙයා ආවෙ විවේන් එක්ක රණ්ඩුවට ඊට පස්සෙ අපිට අද දිනන්න බෑ උබල මොක්කුද ග ගා එක එක ඒව කියලා විවේන්ව තල්ලු කරා..ඊට පස්සෙ විවේන් මෙයාව තල්ලු කරන්න යද්දි මෙයා විවේන්ට ගැහුව මං කොච්චර අල්ල ගන්න හැතුවත් බැරි උනා විවේන් මෙයාට ගහන ගහන ගියා.."

පවිත්‍ර එහෙම වෙච්ච සිද්දිය විස්තර කරේ ලග ඉන්න ගුටි කාපු කොල්ලට ඇගිල්ල දික් කර කර...

" ඒයි මැණික ඔයාට අව්ලක් නෑ නේ..මූ ගැහුවද ඔයාට.."

තාමත් මගෙ පපුවෙ මූණ හන්ගන් ඉන්න විවේන්ගෙන් මං ඇහුවෙ පවිත්‍රට ඇහෙන් නැති වෙන්න කනට ලන් වෙලා..විවේන් අව්ලක් නෑ කියල ඔලුව වනනව එක්කම මං හැරුනෙ ගුටි කාපු කොල්ල දිහාට..

" උබනෙ මචං වැරැද්ද කරල තියෙන්නේ මෙයා sorry කුව්වමත් ඔයා රණ්ඩුවට ගිහින් ඉස්සල්ලම මෙයාට ගැහුවම මට අපෙ එකාට වැරැද්දක් කියන්න බෑ.."

" ඒත් මෙ_"

" මොකක්ද මෙතන වෙන්නෙ.."

අරූ මොනාද කියන්න හදනව එක්කම මෙතෙන්ට ආවෙ තව කොල්ලෙක්..

"  මූ උබෙ එකෙක්ද.."

විවේන්ව ටිකක් එහාට කරලා ආව උස හාදයාගෙන් මං ඇහුවෙ ගුටි කාපු කොල්ලව පෙන්නලා..අහපු දේට ඌ ඔව් කියන්න ඔලුව හෙල්ලුවා..

" ඇයි මෙයා ගුටි කාලා කව්ද ගැහුවෙ.."

මූත් නිකන් වලියට වගේ එන නිසා මං සිද්ද උන දේ විස්තර කරලම කිව්ව..

" අහ් අපෙ එකාගෙ නෙ වැරැද්ද හරි ඒත් උබෙ එකා මූට සෑහෙන්න ගහලා ඈ..හැබැයි කව්රුත් කාටවත් sorry  කියන්න ඕනි නෑ නේ ඒ නිසා.."

" හරි ඒම ඕනි නෑ දැන් වැඩේ ශේප් නේ.."

" ශේප් මං ශනිල්ක.."

" දේශාන්.."

❀ශනිල්ක

වැඩේ ශේප් එකේ බැලන්ස් දැන්..ඌටයි මටයි දෙන්නටම වලියක් දා ගන්න ඕනි කමක් තිබ්බෙ නෑ..

" මෙතන මුකුත් වලි දා ගන්න ඔන් නෑ නෙ මචං තව ටික වෙලාවයි නෙ තියෙන්නෙ අපි ස්ටේජ් එකේදි බලා ගමු නේ.."

" අනිවා..එහෙනම් අපි යන්නම්.."

ඇත්ත නේ..බොරුවට රණ්ඩු වෙලා අත පය කඩාගන්නවට වඩා හොදයි battle එකේදි ඇරියස් කවර් කරන එක..ඒ උස හාදයා යන්න ගියේ මගෙ පිටට තට්ටුවකුදාන්..මූ යකෝ මට තට්ටු දාන්න මට වඩා උස උනාට ඒම පුලුවන්ද..දෙන්නම්කො අද ඕකට වැඩේ මං..

" අහ් එතකොට ඔයා එන්නකො යන්න මාත් එක්ක.."

එන්න කිව්වම ඉතින් විවේන් බිම බලාන ආවෙ එයත් මෙතන වැරැද්දක් කරා කියල දන්න නිසා..මගෙ පස්සෙන්ම ආව එයාව මං බිත්තියට හේත්තු කරල මූණට එබුනා..

" දේශි..බයින්න එපා නේ.."

" බනින් නෑ අයේ ඔහොම වැඩ කරන්න එපා හරී..ඔයා ගහපු කොල්ලත් පොඩි හින්ද හොදයි..අර ආව අනිත් එකා වගේ උනානම් ඔයත් ගුටි කනව නේ නේද..මීට පස්සෙ තමුසෙට එක සීරීමක්වත් වෙන්න බෑ තේරුනාද.."

" දේශී.."

" තේරුනාද කියනවා.."

" ඔව්ව්.."

" අහ් දැන් යනව ඒනම් පරිස්සම් වෙනව ආයේ.."

බනින්න කියල එක්කන් ආවට මොකද මූණ දිහා බලාන බනින්න බෑ ඒ නිසා හොදත් නැති නරකත් නැති විදිහට සැරෙන් කියන්න ඕනි එක කියලා..එයාගෙන් ඈත් උන මං තරහ පිට කරේ ලග තිබ්බ ඩෙස් එකට ගහලා..

" තරහද මාත් එක්ක.."

එතනින් යන්න ගිය මං ආයෙ එයාගෙ ලගට ගිහින් බිත්තියට තද කරල ඒ තොල් මගෙ තොල් අතර හිර කර ගත්තෙ තරහ නෑ කියල පෙන්නන්න..

ටික වෙලාවක් එයාව kiss කරපු මං එයාගෙන් ඈත් උනේ අපිට දැන් ලෑස්ති වෙන්න වෙලාව හරි නිසා..

" යන්න ලෑස්ති වෙලා එන්න.."

" ම්ම්ම්..යන්නාම්.."

" හා.."

අපෙ සමහර උන්නම් මේ වෙද්දිත් බාගෙට ලෑස්ති වෙලා සමහරු තාම නිදි..නෑ වෙලා යන්නෙ නෑ තව ගොඩක් වෙලා තියනව අපිට හෙමීට ලෑස්ති වෙන්න පුලුවන්..battle එක රෑට තියෙන්නෙ..

කොණ්ඩෙට මොකද කරන්නේ කියල හිතල colour එක වෙනස් කරනවා කියල මං තීරණය කරා..

අර හාදයාත් colour එකක් කරන්න ඕනි කිව්වට මොනවා කර ගයිද දන් නෑ..battle එකෙන් පස්සෙ මාසයක් college එකේ නිවාඩු නිසා..ආයෙ පටන් ගන්නකන්ම කොණ්ඩෙ හදාගෙන ඉන්න පුලුවන් ඒකයි මෙයා මේ මෙච්චර ආසවෙන් නටන්නේ..

makeup room එකට එද්දි විවේනුත් හිටියෙ කොණ්ඩෙ හදන ගමන්..එයාට ඇහැකුත් ගහල එතන හිටිය අක්කි බබෙක්ට කිව්ව මගෙ කොණ්ඩෙ අදන්න ඕනි විදිහ..

⏳⏳⏳⏳⏳

අපෝ සෑහෙන වෙලාවක් ගියා මේ වැඩේටනම්..හැබැයි අක්ක බබා මට ඕනි විවිහටම වැඩේ කරා..මං හිතන්නෙ විවේන්ගෙත් දැන් ඉවර ඇති ඒ හාදයාව පෙන් නෑ මං ඉන්න තැනට..

" හරි නේද ඔයාට ඕනි විදිහටම තියනවා නේ.."

" ඔව් මරු කිව්ව විදිහටම හදලා ඈ thanks.."

" දේශියෝ මේ..ලස්සනයිද..."

ඔන්න ආව මගෙ Angel..woow මාරම ලස්සනයි මෙයා මෙහෙම..මං Angel කියන්නෙ නිකන් නෙවෙයි නේ..

" ඒයි කියන්නකෝ ඕම බලන් ඉන්නෙ ඇයී.."

" ම්හුක්..මුකුත් කියන නෑ නෙ මං යනව..කැතයි නේ මං ඉතින්.."

" ඒයි ඔහොම ඉන්නව ඉතින්.."

" ඕන් නෑ මං යනව යන්න.."

" ඒයි..ලස්සන වැඩි නිසා බලන් හිටියේ..කෝ මෙහෙ බලන්නකෝ.."

ලස්සනයි කිව්වෙ නෑ කියල තරහ වෙලා යන්න ගිය එයාව මං අතින් ඇදල ලගට  අරන් මගෙ පැත්තට හරව ගත්තා..

" Angel  එකෙන් වගේ..මගෙ චූටි මැණික ඇත්තටම ලස්සනයි ගොඩාරියක්.."

" බොරුවට නෙ දැන්.."

" බොරු නෙවෙයි මැණික ඔයා ගොඩාක් ලස්සනයි.."

" හී..දේශී ඔයත් කොණ්ඩෙ හදල නේ..ඒම ලස්සනයි අනේ..සෝයි නේ.."

" මං කොහොමත් ලස්සනයි නෙ ඉතින්.."

" අම්මේ ඉතින් ඔව් ඔව් ලස්සනයි.."

" යන් දැන් makeup එක.."

" හා යමු යමූ.."

එක දෙයක් කියල නෑ නේ ඉතින් කොණ්ඩ හදන්න ඕනී makeup කරන්න ඕනී costume ඇද ගන්න ඕනී ඒම තමා ඉතින් dancing කරන අයට..ලෑස්ති වෙන්න පැය ගානක් යනවා..

මං makeup කරන්න වාඩි වෙද්දි චූටි මැණිකත් මට එහායින් වාඩි උනා..

" අනේ දෙයියනේ..මෙයාගෙ මූණෙ හැම තැනම තිත් නේ මේව වහන්න මට වෙනම වෙලාවක් යයි..කොච්චර දේවල් කරන්න වෙයිද දන් නෑ..ලේසි වැඩක් නෙවෙයි මේක..මේ මල්ලි ඕව නැති කර ගන්න මොනා හරි ගාන්නකෝ බලන්නකො අප්ප කැත ඇනික makeup කරන්න ගියාම සෑහෙන වෙලාවක් යනව නේ කලින් makeup කරල නැද්ද..ඒ මිනිස්සු කොහොම කරාද දන් නෑ අප්පා.."

" excuse me අක්කේ "

මං අහන් හිටියෙ මේ ගෑණි කියවලා ඉවර වෙනකන්..පව් මගෙ පන්ට දුක හිතිලා ඇඩෙනවා එයාට..

පුටුවෙ ඉදන් හිටිය මං එයාගෙ ඔලුව අත ගාන ගමන් හැරුනෙ විවේන්ට එක එක ඒව කිව්ව makeup artist දිහාවට..

" අනුන්ගෙ මූණෙ තියන තිත් ගැන හොයන්න කලින් ඔයා ඔයාගෙ ඇද කුද ටික හොයා ගන්න..ඔයාට මේ කරන ඒවට සල්ලි ගෙවනව නේ නේද පිනට වැඩ කරන් නෑ නේ..ඔයාට කිසිම අයිතියක් නෑ මෙතන ඉන්න කාටවත් කිසිම දෙයක් කියන්න.. ඒනිසා ආව වැඩේ විතරක් කෙරුවොත් හොදයි..අනික ඔයාට talent එකක් තියෙන්න ඕනි makeup artist කෙනෙක් උනාම ඕනිම කෙනෙක්ට ඕනි විදිහකට makeup කරන්න..විශේෂම දේ මෙයාගෙ මූණෙ තියන තිත් ගැන ඔයා වද වෙන්න ඕනි නෑ හරී ඔයාට ඒව කැතට පෙනුනට අනිත් අයට ඒව එහෙම නෑ..මටනම් එයාට ඒව ගොඩක් ලස්සනයි..හරියට වැඩක් කර ගන්න බැරිනම් බොරුවට කට තිබ්බ පලියට කියවන් නැතුව පැත්තකට වෙලා හිටියොත් හොදයි.."

" දේශී අනේ ඇති ඔය.."

මට මේ ගෑණිට ගහන්න තරම් තරහයි..ඒත් ගෑණියෙක්ට අත උස්සන්න තරම් මං පො#නයෙක් නෙවෙයි නිසා කියන්න ඕනි ටික කියල කට වහ ගත්තෙ විවේන් ඇති කිව්ව නිසා..ඒ ගෑණිගෙනම් රෙදි left කිව්ව ඒව ඔක්කොම මං කිව්වෙ මෙතන හිටිය හැමෝටම ඇහෙන්න..ඒකිටත් මෙතන තවත් ඉන්න බැරි නිසාම අතේ තිබ්බ ඒවත් විසික් කරල තරහෙන් යන්න ගියා..

" කෝ මැණික මෙහෙ බලන්නකෝ..අඩන්න එපා මගෙ රත්තරං..ඔයා ලස්සනයි පන හැමෝටම වඩා ලස්සනයි අඩන්න එපා හරිද ම්ම්ම්..ඔයා අඩනව බලන් ඉන්න බෑ මට.."

" අක්කෙ ඔයාට පුලුවන්ද මේයාටත් makeup කරන්න..freckles වහන්න එපා ඒව එහෙම තියෙද්දිම makeup කරන්න.."

⏳⏳⏳⏳⏳

මේ වෙද්දි අපි හැමෝල ලෑස්ති වෙලා ඉවරයි..හැමෝම අද මාරම ලස්සනයි..ඔක්කොටම වඩා මගෙ චූටි මැණික..

" දේශී තව කොච්චර වෙලා තියනවද.."

" මෙයාලට පස්සෙ අපි.."

ලැස්ති උන් වෙලාවෙ ඉදන් මෙයාගෙ වැඩේ තව කොච්චර වෙලාව තියනවද කියල අහන එක..

" ඔයා බය වෙලාද.."

" නෑ අනී එම නෑ.."

" හ්ම්ම් ඒනම් කමන් නෑ "

" අඩෝ දේශ් චූ බරයි වගේ බං..අර මෙයා එක්ක රණ්ඩු උන උන් එක්ක නේ අපිට battle එක.."

" හ්ම්ම්..ඒ නිසා හොදට කරපන් ඈ.."

" ආයෙ ඉතින් දන්නවනේ අපේ වැඩ..නැද්ද දනුකයා.."

" ඔව්..උන්ට අපි එක්ක දිනන්න බෑ මං කලින් දැකල තියනව උන්ගෙ dancing skills"

" බලමුකො බලමුකෝ.."

ස්ටේජ් එකේ වම් පැත්තට වෙලා අපි බාලාන් ඉන්නෙ අපෙ chance එක එනකන්..ශනිල්කලා ඉන්නෙ දකුණු පැත්තේ..

ඔන්න ඉතින් ඒනම් අපි battle කරන්න යන්නේ..මොනා වෙයිද අපි දිනයිද..

" ඇතටම උබ පව් බං..උබ එයා ගැන තාම දන්නෙ නෑ එයා උබ හිතන විදිහෙ කෙනෙක් නෙවෙයි කියලා හොදට මතක තියා ගන්නවා..කවද හරි උබට මැරෙන්න වෙන්නෙත් එයා නිසාම තමයි.."

Share This Chapter