Back
/ 35
Chapter 27

Fictional World

සීමාවෙන් එහා

ඊළඟ චැප්‍ටර් එකට යන්න කලින් මම හිතුවා ෆික්ෂනල් වර්ල්ඩ් එක ගැන වෙනම explanation එකක් දීලා යන්න. ඒකෙන් ඔයාලට ඉස්සරහට කතාව තේරුම් ගන්න ලේසි වෙයි වගේම කලින් ආපු ප්‍රශ්න වලට උත්තර හොයාගන්නත් ලේසි වෙයි. මේක කියවලා තේරුම් අරන් කලින් තේරුන්නැති චැප්ටර්ස් එහෙම කියවලා තේරුම් ගන්න.

අලුතෙන් කියවන කෙනෙක්නම් මම ඉල්ලනවා මුලින්ම මේක කියවන්න එපා කියලා. ස්පොයිල් වෙන්න පුලුවන්. මොකද සමහර තැන්වල උදාහරණ විදිහට මම කතාව ඇතුලෙන්ම දේවල් අරන් විස්තර කරන නිසා.

මේකෙ මේන්ලි කොටස් තුනයි.

* Start and functioning through the real world

* Fictional world

* Fictional characters

ෆික්ෂනල් වර්ල්ඩ් එක පටන් ගන්නෙ 1900 මුල් කාලෙ ඕතර්ස්ලා කීප දෙනෙක්ගෙ පරීක්ෂණේක රිසල්ට් එකක් විදිහට. ඉතින් ඒ කාලෙ ඉඳන් අද වෙනකන්ම, වෙනම ලෝකයක් විදිහට (සමාන්තර ලෝකයක් වගේ කියලා හිතන්නකො) ෆික්ෂනල් වර්ල්ඩ් එක පවතිනවා. මේක දැනට ඕතර්ස්ලා අතර විතරක් තියන රහසක්.

ෆික්ෂනල් කැරැක්ටර්ස් ක්‍රියේට් කරන එක, ලෝකෙ පවතගෙන යන එක, ඒක රියල් වර්ල්ඩ් එකෙන් හංගලා තියාගන්න එක මේ හැමදේම ඕතර්ස්ලා අතේ තියන වැඩ.

ෆික්ෂනල් වර්ල්ඩ් එක ගැන අදහසක් දෙනවනම්, ඒක අපෙ ලෝකෙ වගේම පවතින සමාන්තර ලෝකයක් කියලා හිතන්න පුලුවන්. ඒ කියන්නෙ මේ ලෝකෙ තියන රටවල්, මේ මහද්වීප, මේ තැන් ඒ විදිහටම එහෙ තියනවා. මේ ලෝකෙ වගේම ඒ ඒ රටවල මිනිස්සු එහෙත් ඉන්නවා. වෙනස මේකයි...මෙහෙ මිනිස්සු උපදිනවා වගේ එහෙ මිනිස්සු උපදින්නෙ නෑ. ඒ ලෝකෙ මිනිස්සු, එහෙමත් නැත්තම් චරිත ක්‍රියේට් කරන්නෙ ඕතර්ස්ලා.

හැම ඕතර් කෙනෙක්ටම තමන් ලියන ඕනම පොතක ඕනම කැරැක්ටර් එකකට ෆික්ෂනල් වර්ල්ඩ් එකේ ඇත්තම මනුස්සයෙක් විදිහට පණ දෙන්න බලේ තියනවා. හැබැයි නීති තුනක් යටතේ.

1. කැරැක්ටර් එක රියලිස්ටික් වෙන්න ඕන

ඒ කියන්නෙ වැම්පයර්, වෙයාවුල්ෆ් වගේ ෆැන්ටසි චරිත වලට පණ දෙන්න බෑ.

2. කැරැක්ටර්ස් ඔක්කොම 'සුදු චරිත' වෙන්න ඕන. ඒකනම් තේරෙනවනෙ? නරක චරිත වෙන්න බෑ...පණ දෙන්න පුලුවන් හොඳ චරිත වලට විතරයි.

3. කැරැක්ටර් එකට අවුරුදු 18ට වැඩි වෙන්න ඕන. ඒ කියන්නෙ වැඩිහිටියො විතරයි. ඇත්තනෙ...මේ ලෝකෙ ඉන්න ඔක්කොම නිදහස් චරිත. ඒත් අවුරුදු 18ට අඩු කෙනෙක්ට, ඒ කියන්නෙ මයිනර් කෙනෙක්ට තමන්ගෙ ජීවිතේ ගැන තනි තීරණ ගන්න අපෙ ලෝකෙවත් බලයක් නෑනෙ. ඉතින් මයිනර් කැරැක්ටර්ස් වලට පණ දෙන්නත් බෑ.

ඉතින් ඔය නීති තුන යටතේ ඕතර් කෙනෙක්ට පුලුවන් තමන් නිර්මාණය කරන චරිතෙකට ෆික්ෂනල් වර්ල්ඩ් එකේ පණ දෙනවද නැද්ද කියලා තීරණය කරන්න.

එතකොට ඒ කැරැක්ටර්ස් ඔක්කොටම ඒ ඒ චරිතෙට ගැලපෙන තැන අනුව, ඒ පෙනුමත් එක්ක පණ ලැබෙනවා. අපි ලවන්ව උදාහරණෙට ගමු (ඇත්තම නම අනුව ලෙවින් ක්‍රිස්ටෝෆ්). ලවන් කියන්නෙ එංගලන්තෙ ඉපදුණු, එහෙ ඉගෙනගත්ත ඉන්ග්ලිශ් ප්‍රොෆෙසර් කෙනෙක්. එතකොට එයාගෙ චරිතෙ මැවෙන්නෙත් එංගලන්තෙ, චරිතෙට අනුව එයා ඉපදුන පළාතෙ, ඒ ඒ පෙනුම, ගතිගුණත් එක්ක. එයා වගේම එංගලන්තෙ බේස් වෙලා මැවුණ අනිත් චරිතත් එක්ක තමා එයා ජීවත් වෙන්නෙ, ඒ කියන්නෙ අසල්වාසි නැත්තම් යාලුවො විදිහට ඉන්නෙ.

චරිතෙ 'මැවෙනවා' කියලා කියන්නෙ ඉබේ පහළ වෙනවා වගේ දෙයක් තමා. ඒත් ඒක වෙන්නෙ පිළිවෙලක් ඇතුව. එයා මැවෙන්නෙ සම්පූර්ණෙන් එයාගෙ චරිතෙට අදාළව. ලවන්නම්, එයාගෙ පොඩිකාලෙ මතක, එයාගෙ චරිතෙට අනුව එයාට තියෙන්න ඕන දැනුම, භාෂා හැකියාව මේ හැමදෙයක්ම දැනගෙන තමා එයාව මැවෙන්නෙ.

අප්පච්චි පොඩි කාලෙ ගැන අහද්දි ලවන් ඒ ගැන ලොකු මතකයක් නෑ කියන්නෙ ඒකයි. මොකද ඒක එයාව මැවෙද්දිම ඔටෝ මතක විදිහට තැන්පත් වෙලා තිබුණට එයා ඒක ඇත්තටම අත්විඳලා නෑනෙ. ඒ නිසා ඒ ගැන ලොකු මතකයක් නැතිවෙන්න පුලුවන්. එයාලට හොඳටම මතක තියෙන්නෙ ෆික්ෂනල් කැරැක්ටර් එකක් විදිහට මැවුණ මොහොතෙ ඉඳන් ඒ ලෝකෙ වෙන දේවල් විතරයි.

මේකෙ විදිහට ලවන්ට අවුරුදු 25යිනෙ. ඉතින් එයාව මැවෙද්දි මැවෙන්නෙ අවුරුදු 25ක, ප්‍රොෆෙසර් කෙනෙක්ට තියෙන්න ඕන දැනුම මේ හැමදේම පිරුණ කැරැක්ටර් එකක් විදිහට. අනිත් හැම කැරැක්ටර් එකක්මත් එහෙමයි. හැබැයි...ෆික්ෂනල් කැරැක්ටර් එකක් වයසට යන්නෙ නෑ. එයාලා මැවෙන වයස, එහෙමත් නැත්තම් එයාලගෙ පොතේ වයස මොකද්ද ඒක තමා එයාලගෙ හැමදාටම වයස.

ඉතින් එයාලට දිගටම රියල් වර්ල්ඩ් එකේ ඉන්න බැරි ලොකුම හේතුවක් තමයි ඕක. ෆික්ෂනල් කැරැක්ටර් එකකට දිගටම රියල් වර්ල්ඩ් එකේ ඉන්න බෑ තමා. ඒත් එහෙම ඉන්න විදිහක් ලවන් හොයාගත්තමයි කියමුකො...ඒ හිටියත් ලවන් වයසට යන්නෙ නෑ. අවුරුදු 25ම තමා. ඉතින් ඕක ප්‍රශ්නයක්නෙ.

අනිත් එක තමා, ෆික්ෂනල් කැරැක්ටර් එකක් එයාලගෙ ලෝකෙ තුළ අමරණීයයි. ඒ කියන්නෙ ලවන් අවුරුදු 25ක කෙනෙක් විදිහට, සිතුම්ය අවුරුදු 26ක කෙනෙක් විදිහට අමරණීයයි. ඒ කියන්නෙ සාමාන්‍ය මිනිස්සු වගේ ලෙඩ වෙන්න, අනතුරු වෙන්න පුලුවන්. ඒත් ඉමෝර්ටල්. ඒ නිසා මොන විදිහකින්වත් එයාලට අපෙ ලෝකෙ දිගටම ඉන්න බෑ...විශේෂෙන් ආදරේ කරන්න බෑ. මොකද අපි ඔක්කොම වයසට යන මෝර්ටල් චරිත. ඉතින් ලවන්ගෙයි විදුර්ගෙයි ප්‍රශ්නෙ බරපතලකම දැන් තේරෙනවනෙ? ලවන් උත්තර හොයන්න ඕන ඔය හැම ප්‍රශ්නෙකටම.

කොහොමහරි...ඔන්න ඕක තමා ෆික්ෂනල් කැරැක්ටර් එකක් මැවෙන විදිහ සහ ඒ කැරැක්ටර්ස් ගැන පොඩි එක්ස්ප්ලනේශන් එකක්. ඒ ගැන වැඩි විස්තර කියන්න කලින් මම ෆික්ෂනල් වර්ල්ඩ් ෆන්ක්ෂන් වෙන විදිහ ගැන කියන්නම්කො.

කලින් කිව්වා වගේ...ඒ ගැන හැම අයිතියක්ම තියෙන්නෙ ඕතර්ස්ලට. ඕතර්ස්ලගෙනුත් ප්‍රධානම බලේ තියෙන්නෙ ඔතෝරිටි එකට. ඔතෝරිටි එක කියන්නෙ පරණම ඕතර්ස්ලා හතර පස් දෙනෙක්ගෙන් හැදුණ කණ්ඩායමකට. ඕනම ඕර්ගනයිසේෂන් එකක ඉන්නවනෙ එහෙම ලොක්කො සෙට් එකක්, අන්න ඒ සෙට් එක කියලා හිතන්නකො.

එතකොට එයාලට අයිතිය තියනවා ෆික්ෂනල් වර්ල්ඩ් එකේ ඕනම කැරැක්ටර් එකක් ගැන ඕනම තීරණයක් ගන්න. එයාලා ටිකක් දැඩි අය. එයාලා එහෙම ඉන්නෙ ෆික්ෂනල් වර්ල්ඩ් කියන රහස ආරක්ෂා කරගන්න ඕන නිසා. එහෙම නොවුණ වෙලාවට කැරැක්ටර්ස් වලට දඬුවම් දෙන්න එයාලා දෙපාරක් හිතන්නෙ නෑ.

මෙහෙමයි...දැනට ෆික්ෂනල් වර්ල්ඩ් එක ගැන දන්නෙ ෆික්ෂනල් කැරැක්ටර්ස් ඇන්ඩ් ඕතර්ස් විතරයි. ඊට අමතරව ෆික්ෂනල් කැරැක්ටර්ස් සමීප සම්බන්ධතා ගොඩනගාගත්ත රියල් වර්ල්ඩ් එකේ කීප දෙනෙක් (මිතූ වගේ) ඒ ගැන දන්න්වා. ඒත් එහෙම දැනගන්න අයත් රීඩර්ස්ලනෙ. රීඩර්ස්ලා ගොඩක් වෙලාවට සාමකාමී, වැඩි ඕපදූප හොයන්නැති අයනෙ. ඒ නිසා කොහොමත් ෆික්ෂනල් වර්ල්ඩ් එක ගැන රහස ඔය කණ්ඩායම් වලින් පිට යන්නෙ නෑ.

ඒත් නිකමට හිතන්න...එහෙම නැති කලහකාරී, නපුරු, ඔය ඕනම ජාතියක කෙනෙක් මේ ලෝකෙ ගැන දැනගත්තොත්. ඒක ලොකු ප්‍රශ්නයක්. (ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ ඇයි කියලා ඉස්සරහට කියන්නම්.)

ඉතින් ෆික්ෂනල් කැරැක්ටර්ස් වලට එයාලගෙ ලෝකෙ කිසිම සීමාවක් නැතුව නිදහසේ ඉන්න පුලුවන් වුණාට රියල් වර්ල්ඩ් එකට එද්දි නීති ගොඩක් තියනවා. ප්‍රධානම නීතිය තමයි...මම කලින් කියලා තියනවා වගේ එයාලට රියල් වර්ල්ඩ් අයට ආදරේ කරන්න බෑ.

ඒකත් එයාලගෙ රහස ආරක්ෂා කරන්න වගේම වෙන්න පුලුවන් ගොඩක් ප්‍රශ්න නවත්තන්න ගත්ත තීරණයක්. මොනවද වෙන්න පුලුවන් ප්‍රශ්න? එකින් එක බලමු.

සාමාන්‍ය යාලුකමක් රියල් වර්ල්ඩ් එකේ කෙනෙක් එක්ක ගොඩනඟාගන්නවා වගේ නෙවෙයි. ආදරෙන් බැඳෙනවා කියන්නෙ ඊට ගොඩක් එහා ගිය බැඳීමක්නෙ. ඒත් ෆික්ෂනල් කැරැක්ටර් එකකුයි රියල් වර්ල්ඩ් කෙනෙකුයි ආදරේ කරන එක ප්‍රැක්ටිකල් නෑ. මම කලින් කියපු හේතු එක්ක ඒක තේරෙනවා ඇතිනෙ.

එකක් එයාලට රියල් වර්ල්ඩ් එකේ නවතින්න බෑ. මම කලින් චැප්ටර්ස් වල කියලා තියන විදිහට එයාලගෙ පොත තෝරගත්ත රීඩර් ඒක කියවලා ඉවර වුණ ගමන් ආයෙ යන්න ඕන. එහෙම නැතත් එයාලා අවුරුද්දක් ඇතුළත ඔටෝම ආයෙ ෆික්ෂනල් වර්ල්ඩ් එකට යනවා. ඒ නැතත් එකම වයසක ඉමෝර්ටල් කෙනෙකුට රියල් වර්ල්ඩ් කෙනෙක් එක්ක එකට ඉන්න බෑනෙ.

ඕවා තමා එහෙම දෙන්නෙක්ට එන ප්‍රධාන ප්‍රශ්න. ඉතින් ඔය ප්‍රශ්න හින්දා ෆික්ෂනල් කැරැක්ටර්ස් වලට එන මානසික බලපෑම නවත්තන්න තමයි මූලිකවම ඔය නීතිය තියෙන්නෙ. ඒ ඇරුනම ඉතින් එහෙම ආදරේ කරන දෙන්නෙක් බැරිවෙලා හරි ඒ නීති වලට පිටින් යන්න ගිහින් වෙන්න තියන කරදර නවත්තන්න.

එහෙම වෙන්න පුලුවන් කරදර වලින් එක වර්ගයක් තමයි පර්සනල් ප්‍රශ්න. සිතුම්යටයි මිතූටයි වුණේ එහෙම එකක්නෙ. ඒ කාලෙ එයාලා දැනන් හිටියෙ නෑ රියල් වර්ල්ඩ් කෙනෙක්ට ෆික්ෂනල් වර්ල්ඩ් එකේ ජීවත් වෙන්න බෑ කියලා. ඒ නිසා සිතුම්ය එයාලට තියන ලොකුම නීතිය කැඩුවා වුණත්, සිතුම්ය එක්ක ෆික්ෂනල් වර්ල්ඩ් එකේ ජීවත් වෙන්න මිතූ කැමති වුණ නිසා ඔතෝරිටි එක ඒකට ඉඩ දුන්නා.

ඔතෝරිටි එකේ ඉන්නෙත් ඕතර්ස්ලනෙ...ඕතර්ස්ලා කියන්නෙම හිත උණු වෙන මිනිස්සු. ආදරේ කරන දෙන්නෙක් වෙන් කරන්න එයාලා කැමති වුණෙත් නෑ. ඒත් සිද්ධ වුණේ කවුරුත් හිතපු නැති දෙයක්. ෆික්ෂනල් වර්ල්ඩ් එක කියන්නෙ වෙනම මවපු දෙයක්. ඒකෙ රියල් වර්ල්ඩ් එකේ පණ ගැහෙන කෙනෙක්ට ඉන්න බෑ. ඉතින් ෆික්ෂනල් වර්ල්ඩ් එකට අඩිය තියලා විනාඩියක් යන්නත් කලින් මිතූට සිද්ධ වෙනවා ජීවිතේ දාලා යන්න.

සාමාන්‍යය කෙනෙක්ට ෆික්ෂනල් වර්ල්ඩ් එකේ ජීවත් වෙන්න බෑ කියලා ඕතර්ස්ලා දැනගන්නෙත් මේ වෙලාවෙ. ඉතින් ඔය සිද්ධියට පස්සෙ එයාලට තියන එකම නීතිය තවත් දැඩි වෙනවා. ලවන් විදුර්ට ආදරේ කරන්න ගන්නෙ ඔන්න ඔහොම තත්වෙකදි.

වෙන්න පුලුවන් කරදර වලින් අනිත් එක තමයි, ෆික්ෂනල් වර්ල්ඩ් එකට ඇතිවෙන්න පුලුවන් ප්‍රශ්න. හිතන්න...කවුරුහරි ෆික්ෂනල් කැරැක්ටර් එකක් රියල් වර්ල්ඩ් කෙනෙකුට ආදරේ කරලා ඒ වෙනුවෙන් ෆයිට් කරන්න තීරණය කරොත් (ඔව් ලවන් වගේ තමා), එයා ගන්න සමහර තීරණ වලින් ෆික්ෂනල් වර්ල්ඩ් එක ගැන අනවශ්‍ය අය දැනගන්න ඉඩ තියනවා. ඒ වගේම එයාලගෙ ලෝකෙට බලපෑම් එන්න ඉඩ තියනවා.

ඒ නිසා සිතුම්යගෙ සිද්ධියෙන් පස්සෙ ඔතෝරිටි එක ඒ නීතිය සම්පූර්ණෙන් ක්‍රියාත්මක කරනවා. ඒක කඩන අයට එක එක දඬුවම් හම්බෙන්න පුලුවන්. වෙන්න පුලුවන් නරකම දේ කැරැක්ටර් එක සම්පූර්ණෙන් ෆික්ෂනල් වර්ල්ඩ් එකෙන් ඩිලීට් කරලා දාන එක, එයා ගැන කිස්ම සාක්ෂියක් ඉතුරු නොවෙන්න.

ඔතෝරිටි එකට අමතරව ඒ ඒ කැරැක්ටර්ස් වලට එයාලගෙ මාස්ටර් ඉන්නවා. මාස්ටර් කියන්නෙ එයාලගෙ රයිටර්. මාස්ටර්ටත් එයාගෙ කැරැක්ටර්ස් ගැන ඕන තීරණයක් ගන්න අයිතිය තියනවා. වෙනස තියෙන්නෙ, ඔතෝරිටි එකට පුලුවන් ඕන කැරැක්ටර් එකක් ගැන තීරණයක් ගන්න. ඒත් මාස්ටර්ට බලපෑම් කරන්න පුලුවන් තමන්ගෙ කැරැක්ටර්ස් වලට විතරයි.

ඔතෝරිටි එකට සාපේක්ෂව මාස්ටර් සැරින් අඩුයි. මොකද ඒ හැම ෆික්ෂනල් කැරැක්ටර් එකක්ම එයා මහන්සියෙන්, කැපවීමෙන්, නිදි මරාගෙන පණ දීපු චරිත. එහෙම චරිතයක් තමන් ඉස්සරහ ඉද්දි වැරැද්දක් කරත් කොහොමද දඬුවම් කරන්න හිත හදාගන්නෙ. ඒ නිසා ඕනම දේකදි ඔතෝරිටි එකට වඩා මාස්ටර්ට මූණ දෙන එක ලේසියි. කලින් චැප්‍ටර් එකේ වුණත් ලවන් එයාට කෝල් එක ආවෙ මාස්ටර්ගෙන් කිව්වම පොඩ්ඩක් හරි හිත හදාගත්තෙ ඒකයි.

කලින් චැප්‍ටර් එක ගැන කියද්දි intermediate room එක ගැන කියන්නම ඕනනෙ. මම පැහැදිලි කරපු විදිහට, තමන්ට නියමිත කාලෙ ඉවර වෙනකන් ෆික්ෂනල් කැරැක්ටර් එකකට ආයෙම එයාලගෙ ලෝකෙට යන්න බෑ. ඒ වගේම රියල් වර්ල්ඩ් කෙනෙකුට ෆික්ෂනල් වර්ල්ඩ් එකට යන්න බෑ. ඒ නිසා ඕතර්ස්ලට ඕන ඕන වෙලාවට ෆික්ෂනල් කැරැක්ටර්ස් හම්බෙන්න බෑ.

එහෙම හම්බෙන්න හදාගත්ත තැන තමයි intermediate room එක කියන්නෙ. ලෝක දෙක සම්බන්ධ කරන තැනක් වගේ කියලා හිතන්නකො, පොඩි රූම් එකක්. ඒකෙ මේ ලෝක දෙකේම ඕනම කෙනෙකුට ප්‍රශ්නයක් නැතුව ඉන්න පුලුවන්. ඒකට ෆික්ෂනල් කැරැක්ටර්ස් වලට කෝල් කරන්න බලය තියෙන්නෙ ඔතෝරිටි එකට නැත්තම් ඒ ඒ අයගෙ මාස්ටර්ට.

ලේසියෙන් ඔය intermediate room එකට කාටවත් කෝල්ස් එන්නෙ නෑ. මොකද ෆික්ෂනල් කැරැක්ටර්ස් එයාලගෙ ලෝකෙ නිදහසේ ඉද්දි ඕතර් හම්බෙන්න ඕන වෙන චාන්ස් එක අඩුයි. එයාලා රියල් වර්ල්ඩ් එද්දි වුණත් නීති මාලාවක් දීලනෙ එවන්නෙ, එහෙම හම්බවෙන්න ඕන වෙන්නෙ නෑ. ගොඩක් වෙලාවට ෆික්ෂනල් කැරැක්ටර් එකක් රියල් වර්ල්ඩ් ඉද්දි intermediate room එකට කෝල් එකක් එන්නෙ මොක්ක්හරි ප්‍රශ්නෙකදි. ලවන් ඒ ගැන දැනගත්ත ගමන්ම බය වුණේ ඒකයි.

ඉතින් ඕක තමා රියල් වර්ල්ඩ් එක හරහා ෆික්ෂනල් වර්ල්ඩ් එක ෆන්ක්ෂන් වෙන විදිහ. ඊළඟට මම කියන්නම් ෆික්ෂනල් වර්ල්ඩ් එක ගැන. ඒකෙ ඇතුලාන්තය ගැන.

මම කිව්වා වගේම ඒක භෞතිකව අපෙ ලෝකෙ වගේම තමා. අමුතු මැජික් වගේ දේවල් නෑ. ඒත් ලෝකෙ ඇතුළෙ දේවල් ඊට වඩා සෑහෙන්න වෙනස්.

පෙනුම ගත්තත් අපෙ ලෝකෙ වගේම වුණාට ඊට වඩා හරිම ඩ්‍රීමි, ඊස්තෙටික්, ග්ලිටරි, කාම් වයිබ් එකක් තියෙන්නෙ. කොහොමත් මම කිව්වනෙ මෙහෙ ඉන්නෙ සුදු චරිත විතරයි කියලා. යුද්ධ නෑ, වායු දූෂණ නෑ...ඉතින් එහෙ හරි ලස්සනයි.

මම ඉන්ස්ටර් පේජ් ටිකක් කියන්නම්. ඒවගෙ තියෙන්නෙත් අපෙ මේ ලෝකෙ කොහෙහරිම ෆොටෝස්, වීඩියෝස් තමා...ඒත් ඒ තැන්, ඒ වයිබ් එක හරි ඩ්‍රීමි. ෆික්ෂනල් වර්ල්ඩ් එකේ තියෙන්නෙත් අන්න එහෙම වයිබ් එකක්.

4seasonsvibe

stars_and_beyond_

aesthjx.zip

charmingwanders

_c.moments_

theslowtraveler

cosyacademia

kellyprincewright

ellerenard

Kyoko1903

මේ අකවුන්ට් බැලුවොත් මම මේ කියන්නෙ කොයි තරම් ලස්සන ලෝකයක් ගැනද කියලා ඔයාලට හිතාගන්න පුලුවන්.

හරි ඒ පෙනුමනෙ...ලෝකෙ ඇතුළෙ දේවල් සිද්ධ වෙන විදිහත් අපෙ ලෝකෙට වඩා සම්පූර්ණෙන් වෙනස්. ප්‍රධානම දේ තමයි, මේ ලෝකෙ තියන නරකම සිස්ටම් එක ෆික්ෂනල් වර්ල්ඩ් එකේ නෑ.

නරකම දේ කියන්නෙ මොකද්ද?? මම පෞද්ගලිකව හිතන විදිහට මේ ලෝකෙ නරකම දේ මිනිස්සු වුණ අපිව ප්‍රොගෑම් කරලා තියන විදිහ. ඔව් මම ඒ වචනෙ පාවිච්චි කරනවා. අපිව එක සිස්ටම් එකක් ෆලෝ කරන්න ප්‍රෝග්‍රෑම් කරලා තියන විදිහ.

අපි හැමෝම, එහෙම නැත්තම් ඇති හැකි හැමෝම පොඩි කාලෙ ඉඳන් ඉස්කෝලෙ යන්න ඕන,එක්සෑම් පාස් වෙන්න ඕන, කැම්පස් යන්න ඕන, එහෙම නැත්තම් ඒ ගමන්ම රස්සාවකට යන්න ඕන, හම්බ කරන්න ඕන, කසාද බැඳලා ළමයි හදන්න ඕන, ඊට පස්සෙ ඒ ළමයි ජීවත් කරවන්න ඕන. ඔය ටික කරලා ඉවර වෙද්දි ජීවිතේ හොඳ කාලෙ ඉවරයි.

කවුරුහරි ඇහුවොත් එහෙම කරන්නෙ ඇයි කියලා...මේ දේවල් කරොත් තමා කෙනෙක් "සාර්ථක" වෙන්නෙ. ඉතින් මේ සාර්ථක කියන කැටගරි එකට වැටෙන්නෙ 90%ක්ම ඔය සිස්ටම් එක ෆලෝ කරන අය විතරයි. ඒ කියන්නෙ කවදාහරි රස්සාවක් කරලා හම්බ කරලා ජීවත් වෙන්න් පුලුවන් මේ සිස්ටම් එක ෆලෝ කරපු අයට විතරයි.

එහෙන් මෙහෙන් කීප දෙනෙක් ඉන්නවා තමා සිස්ටම් එක ෆලෝ නොකර අති සාර්ථක වුණ. පොඩි කාලෙ ඉඳන් ෆුට්බෝල් වලටම විතරක් මුල්තැන දීපු රොනාල්ඩෝ සුපිරි තරුවක් වුණා තමයි, අවුරුදු 15න් බංකොලොත් කම්පනි එකක් විශ්වාස කරලා සම්බන්ධ වුණ ජන්කුක් වර්ල්ඩ් ස්ටාර් කෙනෙක් වුණා තමයි, යාලුවො එක්ක පොඩි ප්‍රොජෙක්ට් එකක් විදිහට පටන් ගත්ත යූටියුබ් අද වෙනකොට මල්ටි බිලියන් කම්පනි එකක් තමයි.

ඒත් සිස්ටම් එකෙන් එහා යන්න ට්‍රයි කරපු අති බහුතරය නැවතුනේ ඔය කැටගරි එකේ නෙවෙයි. ඔයාලා හිතන්නෙ ඉගෙනීම පැත්තක දාලා ෆුට්බෝල් ගහපු එකම කෙනා රොනාල්ඩෝ කියලද, යාලුවො එකතු වෙලා ඩිස්කස් කරලා හදපු එකම ඇප් එක යූටියුබ් කියලද? නෑ...සිය දහස් ගණන් එහෙම අය ඉන්නවා. ඒ අතරින් සාර්ථක වුණ රොනාල්ඩෝ, ජන්කුක්, යූටියුබ් වගේ දාහෙන් එකක් නම් විතරයි අපි දන්නෙ. ඔය සිස්ටම් එක ෆලෝ නොකරන අයගෙන් සාර්ථක වුණ අයට වඩා අසාර්ථක වුණ අයයි වැඩි. වෙනස කියන්නෙ අපි ඒ ගැන දන්නෙ නැති එක.

ඒත් ඇත්තම කතාව ෆුට්බෝල් වලට මුල්තැන දීපු රොනාල්ඩෝ සාර්ථක වෙද්දි ඒ පාරෙම ගිය තව අනූ නවයක් දෙනාට හරි හමන් රස්සාවක් අනාගතයක් නැතුව අතරමං වුණ එක. මේක මම හිතට එනවට කියන දෙයක් නෙවෙයි...පොඩ්ඩක් හොයලා බලන්න.

ඉතින් "සාර්ථක" වෙන්නනම්, ඒ කියන්නෙ රස්සාවක් කරලා සල්ලි හම්බ කරලා මේ ලෝකෙ දුකක් නැතුව ජීවත් වෙන්නනම් අනිවාර්යෙන් ඔය සිස්ටම් එක ෆලෝ කරන්න ඕන.

හරි, ඔය සිස්ටම් එක ෆලෝ කරලා රස්සා කරලා හම්බ කරන්නෙ ඇයි? ජීවත් වෙන්න...සල්ලි නැතුව මේ ලෝකෙ ජීවත් වෙන්න බෑනෙ. අපි හැමෝම රස්සා කරන්නෙ ජීවත් වෙන්න සල්ලි හම්බ කරන්න මිසක් ආසාවකට නෙවෙයි.

ඇත්තම කතාව...අවුරුදු 13ක් කට්ට කාලා ඉගෙනගෙන, තව අවුරුදු 4ක් 5ක් කැම්පස් ඉඳලා ඩිග්‍රි එක ගත්ත අපි අති බහුතරය හිරවෙන්නෙ 8-5 ඔෆිස් ජොබ් වලනෙ. අත්දැකීමෙන් කියන්නෙ...ඕන්නෑ. සල්ලි හම්බෙනවා තමා ඒත් සල්ලි හම්බ කරන්න මොකටද මෙහෙම නහින්නෙ කියලා හිතෙනවා.

අපි කවුරුත් 8-5 ජොබ් කරන්නෙ ආසවට නෙවෙයි...නොකර බැරි නිසා. ජොබ් එක නැත්තම් සල්ලි නැති නිසා, සල්ලි නැතූව ජීවත් වෙන්න බැරි නිසා. අවුරුදු 40, 50 පැනපු කෙනෙල්ගෙන් අහලා බලන්න ඇයි ඔයා ජොබ් එකට යන්නෙ කියලා. බහුතරේ කියයි මම ජොබ් එක කරේ නැත්තම් කවුද මගෙ දරු පවුලට කන්න දෙන්නෙ කියලා. ඔය වගේ වයසට යන්න යන්න හම්බ කරන්නෙ කාලා ඇඳලා ඉන්න වගේම පවුලක වගකීම් දරන්න විතරයි. ජීවිතේ ආපස්සට හැරිලා බලද්දි හිතේ සැනසීමක්වත් නැතුව රස්සාව කරලා ඒ හම්බ කරන සල්ලි වලින් වගකීම් ඉටු කරලා විතරයි. තමන් වෙනුවෙන් දෙයක් කරගෙන නෑ.

ඔය අපෙ ලෝකෙනෙ...ෆික්ෂනල් වර්ල්ඩ් එක? එහෙ එහෙම ප්‍රශ්න නෑ...ප්‍රශ්න නෑ කිව්වෙ එහෙ ඔය සිස්ටම් නෑ. එතකොට මිනිස්සු ඉගෙන ගන්නෙ රස්සා කරන්නෙ නැද්ද?? කොහොමත් ඉගෙන ගන්න වයසෙ පොඩි අය මෙහෙ නෑනෙ. අනිත් ප්‍රශ්නෙට උත්තරේ...රස්සා කරන්න ඕනෙ නෑ. එතකොට සල්ලි? සල්ලි ඕනෙ නෑ. සල්ලි නැතුව කන්නෙ බොන්නෙ? අන්න ඒක තමා වෙනස...ෆික්ෂනල් ලෝකෙ කන්න බොන්න, ජීවත් වෙන්න, පවතින්න සල්ලි ඕන නෑ.

ඒ කොහොමද?? ඒක තමා මේකට ෆික්ෂනල් වර්ල්ඩ් එක කියන්නෙ...ෆික්ෂනල් ලෝකෙ කිසිම දෙයක් සල්ලි දීලා කන්සියුම් කරන්න ඕන නෑ. සුපර් මාර්කට් වල බඩු තියනවා, මෝල් වල ඕන තරම් අනිත් උපකරණ තියනවා, ගස් වල ඇති තරම් ගෙඩි තියනවා. ඕවා නැතිවෙන්නෙ නෑ.

හිතන්න අපිට ජෑම් බෝතලයක් ගන්න ඕන කියලා. සුපර්මාකට් එකට ගියා, ජෑම් බෝතලයක් ගත්තා. අපෙ ලෝකෙ ජෑම් බෝතලයක් ගද්දි එතනින් එකක් අඩු වුණාට එහෙ එහෙම වෙන්නෙ නෑ. ඒක තමා ඒ ලෝකෙ මවලා තියන විදිහ. ඉතින් සල්ලි මොකටද?? එහෙම තිබ්බයි කියලා කවුරුත් තණ්හාකාරයො වගේ ජෑම් බෝතල් පෙට්ටි ගණන් ගෙදර ගිහින් තියන් ඉන්නෙත් නෑ. ඒක තමයි රියල් කැරැක්ටර්ස් වලයි ෆික්ෂනල් කැරැක්ටර්ස් වලයි වෙනස. මතකයිනෙ...එහෙ හැමෝම ඉන්නෙ හොඳ අය.

ඉතින් එතකොට එයාලා රස්සා කරන්නැද්ද?? කරනවා...අපි වගේ සල්ලි හම්බ කරන්න, වගකීම් ඉෂ්ට කරන්න රස්සාවක් කරන්න ඕන නිසා නෙවෙයි. තමන් කැමති, විනෝදාංශයක් විදිහට කරන ඕන දෙයක් තමන්ගෙ වෘත්තිය කරගෙන එහෙ කෙනෙක්ට කාලෙ ගෙවන්න පුලුවන්.

ආයෙත් අපි ලවන්ව උදාහරණෙට ගමු. පොතේ විදිහට එයා ඉන්ග්ලිශ් ලෙක්චරර් කෙනෙක්නෙ. ඉතින් එයාට පුලුවන් ඒ දේම කරන්න. ඒ කියන්නෙ යුනිවසිටි එකේ ඉන්ග්ලිශ් ලෙක්චරර් කෙනෙක් විදිහට වැඩ කරන්න. එතකොට කවුද ඉගෙනගන්න එන්නෙ? කොහොමත් ඒ සම්බන්ධව උනන්දු තරුණ ළමයි ඉන්න පුලුවන්නෙ අවුරුදු විසි ගණන් වල වගේ. එයාලා ඇවිල්ලා නියමිත කාලෙ ඇතුළත කෝස් එක කම්ප්ලීට් කරලා යනවා.

කෝස් එක කම්ප්ලීට් කරනවා කියන්නෙ අපි වගේ නිදි මරාගෙන දහදුක් විඳලා පාඩම් කරලා එක්සෑම් ලියන්න ඕනෙ නෑ. අපි එහෙම කරන්නෙ අපෙ අනාගතේ වෙනුවෙන්නෙ. මෙයාලා කෝස් එක කරන්නෙ ඒ සබ්ජෙක්ට් එක ඉගෙනගන්න තියන ආසාවට. එයාලට අද ඉන්ග්ලිශ් ඩිග්‍රි එකක් කරලා ඊට පස්සෙ ගිහින් මැත්ස් ඩිග්‍රි එකක් කරන්න පුලුවන්. කොහොමත් වයසට යන්නෙත් නෑනෙ.

ඒ වගේ තමන් කැමති ඕනම දෙයක් නිදහසේ කරන්න කාලෙ, අවස්ථාව තියනවා. දැන් ආයෙම ලවන්ට එමු. එහෙම නැත්තම් ලවන්ට පුලුවන් වෙන රස්සාවක් කරන්න. රස්සාවක් කිව්වෙ 8-5 ජොබ් නෙවේ හොඳේ..ඒවා මෙහෙ නෑ කියලා ඔයාලට තේරෙනවා ඇතිනෙ. තමන්ට කැමති හිතෙන ඕනම දෙයක්. මල් වවන්න, සින්දු කියන්න, අශ්ව රේස් යන්න ඔය ඕනම දෙයක්. ඒ වගේ හැමෝටම පුලුවන් එක්කො තමන්ගෙ ඔරිජිනල් චරිතෙ රස්සාව කරන්න, නැත්තම් වෙන රස්සාවක් කරන්න්, නැත්තම් ඔය මුකුත්ම නොකර ඉන්න. කවුරු කොහොම මොනවා කරත් ඕතර්ස්ලා ටික ඉන්නකම් මේ ලෝකෙ පවතිනවා.

ඡන්දෙ දීලා ජනාධිපතිලා පත් කරනවා වගේ දේවලුත් මෙහෙ නෑ හොඳේ...මෙහෙ එහෙම පාලකයො නෑ. හැමෝම සමානව හරි සහයෝගෙන් නිදහසේ ඉන්නෙ. ඉන්න එකම පාලකයො ඔතෝරිටි එකයි තමන්ගෙ මාස්ටරුයි විතරයි.

රියල් වර්ල්ඩ් එකට සමාන්තරව තාක්ෂණය එහෙම ෆික්ෂනල් වර්ල්ඩ් එකෙත් අලුත් වෙනවා. ෆෝන්ස්, ඉන්ටර්නෙට්, වයිෆයි, වොශින් මැෂින්, වාහන ඔය හැමදේම මෙහෙ තියනවා. ඒ ඒ අලුත් වෙන දේවලුත් එක්ක ෆික්ෂනල් කැරැක්ටර්සුත් හැඩ ගැහෙනවා.

හිතන්න 1900 අවුරුදු 22 විදිහට කැරැක්ටර් එකක් ක්‍රියේට් වෙද්දි තිබුණ තාක්ෂණයයි දැන් තාක්ෂණයයි වෙනස්නෙ. ඒත් දිගටම ෆික්ෂනල් වර්ල්ඩ් එකේ ඉද්දි එයත් ඉබේම ඒවට හුරු වෙනවා.

නිකමට හිතන්න ඔය වගේ ලෝකයක් ගැන රියල් වර්ල්ඩ් එකේ අදාල නැති අය දැනගත්තොත්...ෆික්ෂනල් වර්ල්ඩ් එක ගැන ලෝකෙන් හංගලා තියන්න ඕතර්ස්ලා උපරිම ට්‍රයි කරන්නෙ ඒකයි.

ඔය ටික තමා ෆික්ෂනල් වර්ල්ඩ් එක ගැන කියන්න තියෙන්නෙ. දැන් මම ෆික්ෂනල් කැරැක්ටර්ස් ගැන කියන්නම්. ඒ ගැනනම් ගොඩක් මම දැනට කියලනෙ තියෙන්නෙ. එයාලව හැදෙන විදිහ, වයස, පවර්ස් වගේ දේවල්. ඒ නිසා මම මේකෙදි වැඩියෙන්ම කියන්නෙ එයාලා රියල් වර්ල්ඩ් එකට යන එන එක ගැන.

මුලින්ම, ඇයි එයාලා එහෙම යන්නෙ? හිතන්නකො...කවුරුහරි කෙනෙක් එකම වයසක, අමරණීයව, රස්සාවක් කරනවා වගේ ලොකු වගකීමුත් නැතුව එකම විදිහෙ මිනිස්සු ටිකක් ආශ්‍රය කරගෙන ඉන්නකොට කාලයක් යද්දි පොඩ්ඩක් බෝරිං වෙන්න පුලුවන්නෙ. නිදහස උපරිමයි තමා...ඒත් ඔයාලා ඒ තත්ත්වෙ හිටියා කියලා හිතලා බලන්නකො.

ඉතින් ඒ ඒකාකාරීකම නැතිකරන්න් තමයි ෆික්ෂනල් කැරැක්ටර්ස් වලට රියල් වර්ල්ඩ් එකට යන්න චාන්ස් එකක් දීලා තියෙන්නෙ.

ෆික්ෂනල් කැරැක්ටර්ස් හැම එකකටම අනන්‍ය වුණ අයිඩී එකක් තියනවා. ඔය අයිඩී එකේ තමා එයාලගෙ ඩේටා ඔක්කොම ගබඩා වෙන්නෙ. එයාලා කලින් කොහෙටද ගියේ, කී පාරක් රියල් වර්ල්ඩ් එකට ගිහින් තියනවද වගේ දේවල්.

ඔය කාර්ඩ් එක තෲ කැරැක්ටර් එකකට පුලුවන් තමන් යන්නෙ කොහෙද කියලා සිලෙක්ට් කරන්න. එක නීතියක් තමයි තනියම එයාලට රියල් වර්ල්ඩ් එකට යන්න බෑ. ලවන් සිතුම්ය එක්ක ඇවිත් ඉන්නෙ ඒකයි.

යන තැන සිලෙක්ට් කරපු ගමන් එයාලට ඒ රටේ කෙනෙක්ට ඕන පෙනුම, භාෂාව, ඒ රටේ ඉද්දි දැනගෙන ඉන්න ඕන සාමාන්‍යය දේවල් ඒ රටේ පොඩි කාලෙ ඉඳන් හිටපු කෙනෙක් ගානටම ඉබේම එයාලට ලැබෙනවා. ලෙවින් ක්‍රිස්ටෝෆ් වුණ කැරැක්ටර් එක ලංකාවට එද්දි ලවන් චාතුර්ය වුණේ එහෙමයි.

රියල් වර්ල්ඩ් එකේ එයාලා සිලෙක්ට් කරගත්ත තැනට ආවට පස්සෙ එයාලට සති දෙකක කාලයක් ලැබෙනවා. ඔය කාලෙ ඇතුළත මුලින්ම ඒ කැරැක්ටර් එක ඉන්න පොත ගන්න කෙනා තමා එයාගෙ රීඩර් වෙන්නෙ. ඒ සති දෙක ඇතුළත කවුරුත් පොත ගත්තෙ නැත්තම් ඔටෝ එයාලා ආයෙම ෆික්ෂනල් වර්ල්ඩ් එකට යනවා.

ඒත් 99%ක්ම කවුරුහරි ඔය පොත ගන්නවනෙ ඉතින්. ගත්තට පස්සෙ රීඩර් පොත කියවලා ඉවර වෙනකන් එයාට රියල් වර්ල්ඩ් එකේ තමන් කැමති ජීවිතයක් ගෙවන්න පුලුවන්. රස්සාවක් කරන්න පුලුවන්. යාලුවො හදාගන්න පුලුවන්. රීඩර් පොත කියවලා ඉවර කරේ නැතත් අවුරුද්දක් ඇතුළත එයාලා ආයෙම ෆික්ෂනල් වර්ල්ඩ් එකට යනවා.

රියල් වර්ල්ඩ් එකට යන එක සම්බන්ධව තියන අනිත් නීතිය තමයි.. එයාලා තැනක් සිලෙක්ට් කරලා එතෙන්ට ගිහින් ඉඳලා ආයෙම ෆික්ෂනල් වර්ල්ඩ් ගියාට පස්සෙ එයාලට ඒ ගියපු ඒරියා එක තව අවුරුදු සීයක්ට ලොක් වෙනවා.

ඒ කියන්නෙ ලවන්ට ආයෙ අවුරුදු සීයක් යනකම් නුවර එන්න බෑ. ඔය නීතිය තියෙන්නෙ ෆික්ෂනල් කැරැක්ටර්ස් රියල් වර්ල්ඩ් එකේ අයත් එක්ක ගොඩනගාගන්න සම්බන්ධතා අඩු කරන්න. අවුරුදු සීයකින් කෙනෙක් ආයෙ රියල් වර්ල්ඩ් එකේ ඒ ඒරියා එකට ආවත් එතකොට එයා කලින් එද්දි හිටපු අය ජීවතුන් අතර නෑනෙ.

ඕක වෙන්නෙ මම අර කියපු අයිඩී එකෙන්. සාමාන්‍යයෙන් රියල් වර්ල්ඩ් එකට එන්නෙ මෙහෙමයි. තමන්ගෙ අයිඩී කාර්ඩ් එක ප්‍රෙස් කරාම ෆික්ෂනල් වර්ල්ඩ් එකෙන්ම ඩෝ එකක් ඕපන් වෙනවා (ස්පෙල් බයින්ඩර් එකේ දොර වගේ කියලා හිතන්නකො.). කැරැක්ටර් එක රියල් වර්ල්ඩ් එන්න කලින් මම අර කියපු හැකියා ටික ලැබෙනවා වගේම එයාගෙ හිස්ට්‍රි එක ස්කෑන් වෙනවා.

එතකොට එයා සිලෙක්ට් කරලා තියෙන්නෙ අවුරුදු සීයක් ඇතුළත විසිට් කරපු තැනක්නම් එයාට ඒ ඒරියා එකට ඇක්සස් ලැබෙන්නෙ නෑ. නැත්තම් කරදරයක් නැතුව ගිහින් ඉඳලා එන්න පුලුවන්. ඔය ඒරියා වෙන් වෙන්නෙ ලංකාව වගේ රටකනම් දිස්ත්‍රික් විදිහට, ඇමරිකාව වගේ ලොකු රටකනම් ස්ටේට්ස් විදිහට.

ඔයාලට මතක ඇති ලවන් විදුර්ගෙ ගෙදර ගිය වෙලාවෙ කියනවා කලින් වතාවක් නුවරඑළි ගිහින් තියනවා කියලා. ඒ කියන්නෙ ලවන්ට ආයෙ අවුරුදු සීයකට නුවරඑළි බෝඩර් එකෙන් ඇතුළට යන්න බෑ. විදුර් නුවරඑළි යන් කියද්දි ලවන් බයවෙන්නෙ ඒකයි.

එයාලා රියල් වර්ල්ඩ් ඇවිත් ඉන්නෙ කොහෙද? කොහොමද? ඉන්න තැනත් ෆික්ෂනල් තමයි. ඒ කිව්වෙ...එයාලා ඉන්නෙ ඇත්ත තැනක නෙවෙයිද? නැහැ. ෆික්ෂනල් කැරැක්ටර් එකක් රියල් වර්ල්ඩ් එද්දි අනිවාර්යෙන් ඉන්න තැන ලැබෙන්නෙ ෆික්ෂනල් වර්ල්ඩ් එකෙන්. ඒත් එයාලගෙ ආරක්ෂාවට.

රියල් වර්ල්ඩ් ඉන්න කාලෙ ඇතුළත එයාලා කරදරයක් නැතුව, බඩගින්නක් නැතුව ඉන්නවා කියලා තහවුරු වෙන්න තමයි ඉන්න තැන ෆික්ෂනල් වර්ල්ඩ් එකෙන්ම දෙන්නෙ. ෆික්ෂනල් වර්ල්ඩ් එකේ ගොඩක් ෆන්ක්ෂන් ඔය ඉන්න තැන, ලවන්ගෙනම් එයාලගෙ අපාට්මන්‍ට් එකේ තියනවා.

ඒ කිව්වෙ...ෆික්ෂනල් වර්ල්ඩ් එකේ සුපර්මාකට් වල බඩු හිඟ වෙන්නෑ වගේම මේ ගෙදර ෆ්‍රිජ් වල, කබඩ් වල කෑම නැතිවෙන්නෙ නෑ. අල්මාරි වල ඇඳුම් නැතිවෙන්නෙ නෑ. ඒවා ඔක්කොම තියනවා වගේම ඕන දෙයක්, විශේෂෙන් ඕන කෑමක් ඕන වෙලාවක ජෙනරේට් කරන්න පුලුවන් විදිහෙ මැෂින් එකක් එයාලට තියනවා.

නිකමට හිතන්න...ෆස්ට් චැප්‍ටර් එකේ ලවන් පීසා කමු කියපු ගමන් ඕඩර් කරන්නෙත් නැතුව සිතුම්ය පීසා ගෙනාවෙ කොහෙන්ද, විදුර් වොශ් දාලා එළියට එද්දි එයා ආසම කේක් පීස් එක ලවන් අරන් ආවෙ කොහොමද, විදුර් ආසම චොක්ලට් අයිස් ක්‍රීම් එක හැමදාම ලවන්ගෙ අපාට්මන්‍ට් එකේ තියෙන්නෙ කොහොමද කියලා. අන්න ඒ මැෂින් එකට පින්සිද්ධ වෙන්න තමා.

එහෙමයි කියලා එයාලා ඒක ජීවිතේ කරගෙන නෑ. අසනීප වුණ වෙලාවෙ මැෂින් එකට කියලා සුප් එකක් හදාගන්න පුලුවන්කම තියෙද්දිත් විදුර්ට සුප් එක හදන්න දීලා ලවන් බලන් හිටියෙ විදුර් වගේ ආදරෙන්,හැඟීමෙන් ඒ දේ මැෂින් එක නොකරන බව ලවන් දන්න නිසා. විදුර් එක්සෑම් ඉවර කරලා එන දවසෙ මැෂින් එකට නොකියා ලවන් තනියම විදුර් වෙනුවෙන් කෑම හැදුවෙ එයා ආදරෙන් කැපවීමෙන් කරන ඒ දේ මැෂින් එකට කරන්න බැරි බව ලවන් දන්න නිසා.

ඔන්න ඕකයි එයාලගෙ අපාට්මන්‍ට් එකේ තත්වෙ. කවදාහරි ලවනුයි සිතුම්යයි ගිය දවසක ඔය අපාට්මන්‍ට් එකත් යන්න යයි. ඊට අමතරව ඒක ෆන්ක්ෂන් කරලා තියෙන්නෙ එයාලට රියල් වර්ල්ඩ් එකෙන් මොකක්හරි ත්‍රෙට් එකක්,ඇටැක් එකක් ආවොත් කැරැක්ටර්ස් දෙකත් එක්කම ඉබේම ෆික්ෂනල් වර්ල්ඩ් එකට යන විදිහට.

එතකොට කැරැක්ටර් එකක් රියල් වර්ල්ඩ් එද්දි සල්ලි? මොකද ෆික්ෂනල් වර්ල්ඩ් එකේ සල්ලි ඕන නැති වුණාට රියල් වර්ල්ඩ් එකේ ඕනනෙ. ඒ ඔක්කොම එද්දි එයාලට ලැබෙනවා. එක විදිහක් තමා ඕතර්ස්ලගෙ ෆන්ඩ්ස්. අනිත් එක ෆික්ෂනල් කැරැක්ටර්ස් රියල් වර්ල්ඩ් ඉද්දි ජොබ් කරලා හම්බ කරපුවා.

දැන් ලවන් ඉන්ග්ලිශ් ලෙක්චරර් කෙනෙක් විදිහට හම්බ කරනවනෙ. ඒත් එයා ආයෙම යද්දි ඒ සල්ලි ඕන නෑනෙ. ඒ හම්බ කරපු සල්ලි ඔක්කොම එයාගෙ අයිඩී එකේ ඩේටා වල තැන්පත් වෙනවා. එයා ආයෙම වතාවක් රියල් වර්ල්ඩ් ආවොත් තමන්ගෙ කාඩ් එක තෲ ඒ සල්ලි පාවිච්චි කරන්න පුලුවන්. කොහොමත් එයාලට ඇතිවෙන්න ෆන්ඩ්ස් තියනවා. ෆික්ෂනල් කැරැක්ටර්ස් රියල් වර්ල්ඩ් එද්දි සල්ලි වලින් අඩුවක් නෑ. ලවනුත් සුද්දා වගේ වියදම් කරන්නෙ ඒකනෙ.

ඉතින් ඔය විදිහට ෆික්ෂනල් වර්ල්ඩ් එකේ ජීවිතෙන් ටිකකට මිදෙන්න ෆික්ෂනල් කැරැක්ටර්ස් රියල් වර්ල්ඩ් එකට එනවා යනවා. සමහරවිට ඒත් කෙනෙකුට බෝරිං වගේ දැනෙන්න පුලුවන්. අමතක කරන්න් එපා...මෙයාලා හැමදාම ඉන්නෙ එකම වයසක.

ඉතින් එහෙම වෙලාවක ගන්න තව ඔප්ශන් එකක් තියනවා. ඒ තමා deep sleep එකකට යන එක. ( සිල්වර් සන් බලලා තියනවනම් ඒකෙ හිමායන නින්ද කියලා කියන්නෙ අන්න ඒ වගේ). ෆික්ෂනල් කැරැක්ටර් එකකට පුලුවන් අවුරුදු ගාණක දිග නින්දකට ගිහින් ආයෙ අවදි වෙන්න.

ෆික්ෂනල් කැරැක්ටර්ස් ඒක රික්වෙස්ට් කරන්න ඕන. ඒක අවුරුද්දක් දෙකක්, පනහක්, සීයක් වගේ ඕනම කාලයක් වෙන්න පුලුවන්. ඉතින් ෆික්ෂනල් වර්ල්ඩ් එකෙත් කරන්න තියන හැමදේම කරලා රියල් වර්ල්ඩ් එකටත් ඇතිවෙන්න ගිහිල්ලා එපාවුන කෙනෙකුට අවුරුදු ගානක ඩීප් ස්ලීප් එකකට ගිහින් පොඩි බ්‍රේක් එකක් අරන් ආයෙ නැගිටින්න පුලුවන්. ඕන්නම් ඉතින් දිගටම ඩීප් ස්ලීප් යන්න පුලුවන්. ඒත් අච්චර නිදහසක්, මානසික සතුටක් තියන ලෝකයක් දාලා දිගටම නිදාගන්නෙ මොකටද නේද?

ඉතින් ඔය ටික තමා මට ෆික්ෂනල් වර්ල්ඩ් ගැන කියන්න ඕන වුණේ. ඔය හැමදෙයක්ම මගේ හිතේ මැවුණ ඒවා. ෆික්ෂනල් වර්ල්ඩ් එජ සදහටම පවතී කියන්න අපිට බෑ. මම කිව්වා වගේ ඒක ෆන්ක්ෂන් වෙන්නෙ රියල් වර්ල්ඩ් එකේ ඕතර්ස්ලා හරහානෙ. ඉතින් ඔය ඕතර්ස්ලා ඔක්කොම එකපාර ෆික්ෂනල් වර්ල්ඩ් එක අතෑරලා දැම්මොත්, නැත්තම් 4000 විතර කාලෙ (ඒ කිව්වෙ දැන් 2025 වගේ 4000 හොඳේ) වෙනවයි කියන ලෝක විනාශෙ වුණොත් එහෙම ෆික්ෂනල් වර්ල්ඩ් එකත් නැතිවෙලා යාවි.

එතකන්...ලස්සන මිනිස්සුත් එක්ක ඒ ලස්සන ලෝකෙ සදහටම පවතීවි.

.

.

.

මගෙ හිතේ තියන හැමදේම කියවුණා කියලා හිතනවා. අමතක වුණ දෙයක් තියනවනම් ඉස්සරහට කියන්නම් හොඳේ.

තේරෙන්නෙ එහෙම නැත්තම් අහන්න...මම දන්නවා මේකට ගොඩක්ම ඉන්නෙ සයිලන්ට් රීඩර්ස්ලා කියලා. ඒක අවුලක් නෑ 🙉 ඒත් තේරෙන්නැති තැන් තියනවනම් අහන්න හොඳේ. අහලා ප්‍රශ්න නැතුව ඊළඟ චැප්ටර්ස් වලට යන්න. මොකද මගෙ හිතේ සම්පූර්ණ කන්සෙප්ට් එක ඔලුවෙ තිබ්බට මම දන්නෑ ඒක ඔයාලගෙ ඔලුවට ගියාද කියලා. මොකද තේරෙන්නැතුව ඉස්සරහට ගියොත් ඔයාලටත් කතාව එපා වෙයි. ඉස්සරහට කතාවම බිල්ඩ් අප් වෙන්නෙ මේ කියපු කන්සෙප්ට් මත.

නොදන්න ගොඩක් දේවල් මම ඔයාලට කිව්වනෙ. දෙයක් අහන්නද...මේ කොටසෙන් පස්සෙ ඉන්ට්‍රස්ට් එක වැඩිවුණාද නැත්තන් තිබ්බ ටිකත් එපා වුණාද 🥹 අවංකව කියන්න.

Share This Chapter