Back
/ 3
Chapter 2

මතක....🤍

Birthday Gift ( short story 💯✅)

කොහෙද මේ ළමයාගේ වැඩේ ඉඩක් ලැබුනහම අර තැඹිලි පාට ලයිබ්‍රිය පැත්තේ වටයක් දාන එකනේ... අම්මා ඔව්වා දන්නවා...අනික ඉතින් දැන් මගේ සුදු මහත්තයා මගේ අතේනේ....

හි...හී......

අනේව් මගේ සුද්දා...

*******************************

මම කාමරේට ගිහින් මගේ ශුඩු මාත්තියට මගේ මේසේ තැනක් වෙන් කලා. දැන් ඉතින් හිතේ විතරක් හිටිය එයා දැන් හැම වෙලේම මගේ ඉස්සරහා ඉන්නවා...

හැම දාම වැඩ කරන්නත් හිතෙයි මට මේසෙට වෙලා. එයා ඉන්න නිසා මට පාළුත් නෑ, බයත් නෑ....මරු.....

මට හෙනම ත්‍රිල් අප්පා....

තියන සතුටට මම මගේම පද වැල් වලින් The Untamed එකේ Wuji කිය කිය නටන්න ගිහිල්ලා තව ඩිංගෙන් කකුල පැටලිලා හොම්බ බිම ඇනෙනවා....

වෙන් දී චෙන් තෝ චෝ චං

හුචං...

අම්මා.... ආහ්...හුත්ත...ආආආආආහ්...

ෆූ...අනූ නවයයි....දශම නමයයි නමයයි නමයයි නමයෙන් හොම්බ බිම ඇන ගන්නේ නැතුව කකුලේ සූටි ඇඟිල්ල උඩට මේස උඩ අඩමානෙට තියලා තිබුණු අර පතාංග ඔක්ස්ෆර්ඩ් ඇඩ්වාන්ස් ලර්නර්ස් ඩික්ෂනරිය පෙරල ගත්තා කියාම්කෝ....

බය වෙන්න දෙයක් නෑ, කොම්ලා දස්සයා චූටි ඇඟිල්ල විතරක් ඌවා කරගෙන ඇඟේ ඉතුරු කොටස් ඔක්කොම බේර ගන්න සමත් උනා...ඒ නිසා 1990ට කතා කරන්න එපා...මේ දරුවා තාමත් යහතින් සඳමාලි...

හැබැයි ඉතින් නැති හුජ්ජ බරකුත් ලෝඩ් වුනා මට..කටට ආපු කුණුහර්පෙත් බ්‍රේක් නැතුව එලියට දාලා තනි කකුලෙන් පැන පැන ගිහින් වටයක් කැරකිලා ඇඳට පතබෑවුනේ මේසේ උඩ ඉන්න මගේ ශුඩු මාත්තියට ෆ්ලයින් කිස් එකුත් පා කරලා යවන ගමන්...

උම්මාහ්....මගේ සූකිරි බෝලේ....

ඒ තරම් සතුටුයි මට අද මේ තෑග්ගට.... මෙච්චර කාලෙකට මට තිබ්බ හොඳම බර්ත් ඩේ සප්‍රයිස් එක....

රෑ තාත්තා ගෙදර එනකොට කේක් එකක් අරං ආවා... අම්මා රෝල්ස් හැදුවා...අපි ඉතින් රෑ කේක් කපලා කාලා රෝල්සුත් ගිලලා නිදා ගන්න ගියා...

මම ඉතින් පත කේක් කෑලි දෙකකුයි, රෝල්ස් තුනකටයි, පාන්පෙති හතරකටයි වග කිව්වා... ඕවත් වැඩද මල්ලි, ඕවත් වැඩද?

හැබැයි දැන් ඉතින් බුරියත් සුට්ටක් විතර උල් වෙලා කාපු තරමට...

කුඩේ අරගෙන

කඩේ යනකොට

කුඩේ වැටුනයි මඩේ....

ඒක ගන්නට

බිමට නැමුනම,

ඩෝං ගාගෙන

ගියයි පඩේ....

ප්..රූං...

හෙ හේ සද්දේ ඇහුනද ඒයිම්ලා....

ගනන් ගන්න එපා...ඕවා සාමාන්‍ය මනුස්ස ස්වභාවය...

ආවා මෙතන නහය අකුලගෙන මූණ පුළුටු කරගන්න...

දන්නවැයි එකක්,

සද්දෙට ඇරියොත් ගඳ නෑ.. හෙමින් ඇරියොත් ගඳයි...

ඕකට කියන්නේ fart law කියලා...මීට කලින් දැනන් හිටියද නෑනේ නෑනේ...ඒක තමයි..මේ මහාචාර්‍ය ජාන්ට ගහන්න නිව්ටන්ටත් බෑ....විසි එක්වන සියවසේ මහා සොයාගැනීම.... හොමතගයු....හරිතේ...

ඒත් ඉතින් මෙච්චර ඔප්පු කරලා තියරිය කියලා දුන්නත් මුන්ට කිසි ගානක් නැත් හැටි...හැපූ මූණුවල හැටි...

ඇයි ඔයැයිලට යම්නේ සූද පඩද? මල විකාර....

හුම්....

හූවක් තියලා ගැම්මෙන් කොල්ලනේ....

වූ...හූ.....

කැරකිලා

දෙකට නැමිලා

බඩ පුම්බලා

බුරිය හපලා...

ඕයේ....

සාරීකේ පෝල සා...

කමි නාටු කියාරේ

කමි ඌට කවා දෙල්

ටන නාන නනා නේ...

සච කරකේ කට අරහේ

හෙට මං ලිං කට පතුලේ

ඔබ නැද්ද එන්නේ දැං

මට හරි පාලුයි අයියේ...

නන නනනේ නනනේ නන නාන නනා නේ....

නන නාන නාන නා...

නන නාන නනා නේ....

මම කාපු එක බස්ස ගන්න එක එක විකාර කියව කියව නට නට ඇවිත් මගේ කාමරේ මේසේ උඩ විරාජමාන වෙලා ඉන්න මගේ ශුඩු මාත්තියගේ හැඩ බලලා ඇඳට පත බෑවුනා....

කෑවා වගේ නෙමෙයි බං දිරව ගන්න ගියාම තමයි අමාරුව දැනෙන්නෙ...

ඕකට තමයි බුදුහාමුදුරුවෝ අර භෝජනයේ මත්තඤ්ඤුතතාවද මොකක්ද, ඒ කියන්නේ ආහාරය පමණ දැන වලඳන්න කියන එකනේ...

ඒත් ඉතින් කොච්චර වත් බණ ඇහුවට මොකද හාමුදුරුවනේ කෑම දැක්කම මේ හිතට කෙලෙස් පිරෙනවනේ...

කන්නමයි හිතෙන්නේ...ඔන්න ඔහේ අදට චුට්ටක් කනවා. හැබැයි ඉස්මුරුත්තාවට එන්න කන්නේ නෑ කියලා හිතට පොරොන්දු දීලා වැඩේ පටන් ගන්නවා...

ඒත් ඉතින් පොඩ්ඩක් වැඩිපුර බඩට යනවා...පිඟානෙත් තව ඉතුරුයි. වෙන එකෙක්ට දෙන්නත් බෑ වගේ..ඔන්න ඔහේ කාලා දානවා..

කාලා මරණං...අකාලා මරණං...

අපේ අම්මා කියන්නේ නම් කාලා මැරියං කියලා... නැත්නම් අපරාදෙනේ... නිකමටවත් මැරෙන වෙලාවේ කෑම එක මතක් වෙලා ඒ ජාතියේ කෑම පෙරේතයෙක් වෙන්න වුනොත්...

හපූ.... හරිම භයානකයි...

කෑම ඇස් ඉස්සරහම තියාගෙන අනුන් කන දිහා බල බල කෙල හල හල, තමන්ට කන්න බැරි බව දැන දැනත් ඉල්ලනකොට දැනෙන්නේ මොන තරම් වේදනාවක්ද?

මට පෙරේතයෝ ගැන පව් කියලා හිතුනා....ඒ අස්සේ මගේ බඩත් රිදෙනවා. එක විදියට ඉන්නම බෑ....

මටත් හොඳ වැඩේ බඩජාරියා වගේ හෙට ඔය ටික කන්න කියලා අම්මා කියද්දී කියද්දිම අර ලොකු කේකේ කෑල්ලටත් වැඩේ දීපු එකට... අම්මා කියන දේ ඇහුවේ නැති වුනාම ඕම වෙනවා....

ඒකනේ පුතා කියන්නේ "ඉෆ් මමා සේ ඩෝන්ට්, ඩෝන්ට් ඩූ ඉට්" කියලා

ආයේ එහෙම කරන්නේ නෑ...මම මගේ හිතටම පොරොන්දු වුනා....

මම ඉතින් ඇඳේ එහේ මෙහේ පෙල්ලි පෙල්ලිම අද දවස ගැන හිතන්න පටන් ගත්තේ මගේ හිත වෙනතක යවා ගන්න ඕන නිසා....

අද හරි පුදුම දවසක්....

මට මේවා අදහා ගන්නත් බෑ..මොකද වෙනදා මගේ බර්ත් ඩේ එකකදි මට නංගිගෙනුයි මල්ලිගෙනුයි පොඩි බර්ත් ඩේ කාඩ් එකක් හම්බ වෙනවා.. අම්මා රස කෑම එකක් හදලා දෙනවා...තාත්තා හවසට කේක් එකක් ගෙනැල්ලා දෙනවා..ඔහොම තමයි ඉතින් අපේ සාමාන්‍ය උපන්දින සැමරුම. ඊට එහා මුකුත් තෑගි හුවමාරු කිරීම් අපි අතර නෑ...

වෙන ගෙවල් වල වගේ බරසාර පාටි, තට්ටු දෙක තුනේ අයිසිං කේක්, ඩීජේ, හොටෙල් පාටි, යාළුවෝ වට කරං ෆන් ගැනිලි, බීලා පිස්සු නැටිලි, මහ ලොකු වටින තෑගි මට නෑ...

හරිම සාමාන්‍ය සැමරුමක් විතරයි අපි කරන්නේ. ඒකත් සමහර වෙලාවට මට ඕන නොවුනට අර පොඩි ඩබලට කේක් කන්න දොල දුක පහල වෙනවා මගේ උපන්දිනේ ළං වෙනකොට. තාත්තත් ඉතින් කවදාවත් අපිට එහෙම අඩුවක් කරන්නේ නෑ. අම්මයි තාත්තයි දෙන්නම එයාලගේ උපරිමයෙන් අපිව සතුටු කරන්න උත්සාහ කරනවා.

ඉතින් කේක් එකක් වරදින්නේ නැති තරම්.සමහර වෙලාවට අපි ඉටිපන්දම් පත්තු කරන්නෙත් නෑ කේක් එක කපලා කනවා. මොන බොරු වැඩද අප්පා එක දවසක් වෙනුවෙන් ඒ කරන්නේ...අපේ නෑනේ ඔය බොරු මරිසි....

මම ඒවා බලාපොරොත්තු වුනෙත් නෑ කවමදාකවත්. මොකද මට තේරෙනවා උපන්දිනයක් කියන්නෙම තවත් එක දවසක් විතරයි කියලා...ඇත්තටම හිතලා බැලුවොත් අපිට උපන් දිනේකදි සතුටු වෙන්න පුලුවන්ද?

පොඩ්ඩක් හිතලා බලන්න, ඔයාගේ වයස වගේ කාලයක් පස්සට ගිහින් බලන්න, එදා මොන වගේ දවසක්ද කියලා...හරිම කලබලකාරී දවසක් නෙවෙයිද ඒක ඔයාලගේ ගෙදරට..

ඔයාගේ උපන්දිනේ දවසේ අම්මා හිටියේ හොස්පිට්ල් එකේ...නොදන්න මිනිස්සු ගොඩක් අතරේ...තනියම දරුවෙක් බිහි කරනකොට දැනෙන වේදනාව දරාගෙන එයා ඔයාව මේ ලෝකෙට ගේන්න එදා කොච්චර නම් වේදනා විඳින්න ඇත්ද? යතුරු හිලකින් අලි පැටියෙක් එලියට එනවා වගේ ඒ කුඩා සිදුරෙන් ඔයා එලියට එන්න දඟලද්දි ඔයා කොයි තරම් වේදනාවට පත් වෙන්න ඇතිද?

ඉතින් ඇත්තටම ඒක වෙලාවකට හිතනකොටත් භයානක හීනයක් වගේ කියලත් හිතෙනවා...අනිත් අතට හිතුවත් අපිට උපන්දිනේ ගැන එච්චර සතුටු වෙන්න බෑ...

මොකද උපන්දිනයක් එනවා කියන්නෙම මරණෙට තව අවුරුද්දකින් ලං වෙනවා කියන එක... ඒත් මිනිස්සුන්ට ඒක මතක නෑ...ජොලි කරනවා. ෆන් ගන්නවා...අපේ ජීවිතේ ඇත්ත ස්වරූපේ ගැන අපි කාටවත්ම කිසිම අදහසක් නෑ... පිස්සු බයිල කෙල කෙල ජීවත් වෙනවා....

මට ජීවිතේ ගැන එක අතකට කලකිරුණා එහෙම හිතනකොට නම්...

තවත් ඇඳේ එක විදියට ඉන්නත් බැරි නිසා මම මගේ නෝට් බුක් එක ගත්තේ මගේ හිතට ආපු අදහසක් අකුරු කරන්න....නෝට් බුක් එකක් කිව්වට ඒක පරණ ඩයරියක්....

එදා එහෙම ගෙවිලා ගියා... තවත් අවුරුදු පහු වුණා... බර්ත් ඩේත් බර ගානක් පහු වුණා...

මම තාම එහෙම්මමයි.... හැබැයි පොඩි වෙනසකුත් නැතුව නෙවෙයි....

"මගේ සුදූ මොනවද බරටම කල්පනා කරන්නේ....?"

"මුකුත් නෑ..."

"මුකුත් නැති වෙන්න විදියක් නෑ... මොකද්ද ඔය පොත? මම මීට කලින් දැකලා නෑ ඕක මෙහේ තියෙනවා..."

"ම්ම්ම්...පුදුම වෙන්න දෙයක් නෑ ඔයා මේක දැකලා නැති එක. මීට කලින් මම ඕක එලියට අරන් නෑ මෙහෙම"

"දැන් ඕක නිසාද මගේ සුදූ මෙච්චර බර කල්පනාවක ඉන්නේ?"

"මේක ගත්තම මාව අවුරුදු ගානක් පස්සට ඇදිලා ගියා සුදු මහත්තයා...."

මේ මොකද්ද මේ වුනේ කියලා බලනවද?

පුදුම වෙන්න එපා...ඒ මාත් එක්ක කතා කලේ මගේ සුදු මහත්තයා....

එලියේ ඔන්චිල්ලාවේ වාඩි වෙලා ලොකු මනෝ පාරක හිටපු මම මේ ලෝකෙට ආවේ එයාගේ ස්පර්ශය දැනිලා....

එයා මගේ ගාවට එනවා වත් මට දැනුනේ නෑ. මම ඒ තරමට ඉඳලා තියෙන්නේ අතීතයේ ගැලිලා....

එයා ඇවිත් බර කල්පනාවක ගිලිලා හිටපු මගේ උර වටේ අතක් යවලා මාව එයාගේ ඇඟට හේත්තු කර ගත්තේ එයත් මගේ ගාවින්ම වාඩි වෙලා....

"කෝ දෙන්න බලන්න මගේ සුදූ මෙච්චර බරටම කල්පනා කරන්න හේතු උන ඔය පොත මටත් ටිකක් බලන්න..."

"මේ...සුදු මහත්තයා..."

"සුදූ..."

"ආ...හරි හරි ඔන්න ගන්න ඉතින්. තරහා ගන්න එපා..."

"ම්ම්ම්"

මෙච්චර වෙලා මගේ සිහිය වෙනතක අරන් ගිහින් තිබුන ඒ පොත් මගේ උකුල උඩ තිබුණා. ඒක එයා ගන්න යද්දි මම පොඩ්ඩක් ඒක දෙන්න අදිමදි කරද්දි එයා හොඳ එකෙන්ම මට රැව්වා... ඊට පස්සෙ ඉතින් මම නම් නෑ ආයේ ඕවට මුකුත් කියන්නේ. ඕන එකක් කියලා මම පොත එයාගේ අතට දීලා දැම්මා...

නැතනම් ඉතින් ඕකට පුප්පයි මට නයා වගේ...හපූ මගේ යස්ස මිනිහා...

මට එයාගෙන් හංගන්න කිසි දෙයක් නෑ...ඒත් ඉතින් ඒක මෙච්චර කාලයක් තිබුණේ මා සතු පෞද්ගලික වස්තුවක් විදියට. මම ඇරෙන්න ඔය පොත පෙල්ලපු එකම කෙනා එයා වෙනවා මේ දැන් ඉඳලා. මම එයාට ඒක කියවන්න දෙන්න පැකිලුන එකම හේතුවත් එයාම තමයි.

මට ලැජ්ජයි අප්පා...ඒක මගේ පොඩි කාලේ ඩයරිය. ඩයරිය කිව්වට ඉතින් ඕකේ මම වෙන අය වගේ දවසේ විස්තර මල මගුල් නෙවෙයි ලියන්නේ. මගේ සුදු මහත්තයා ගැන මගේ හිතට ගලාගෙන එන පරම පිවිතුරු ප්‍රේම සිතවිලි වචනයට නගලා තමයි ඒකේ තියෙන්නේ...

එයා ගැන කවි, සින්දු, නිසඳැස්, පෙම් හසුන් බර ගානක් ඒකේ ලියවිලා ඇති. ඒ මදිවට ඒකේ සමහර පිටු හැඩ කලේ මගේ අතින් ඇන්ද එයාගේ අනු රූ වලින්.

ඔව් ඉතින්, මට එයාව බලන්න බැරි කාලේ මම හොරාට යුනි එකේදි එයා යාලුවෝ එක්ක එලියේ ඉන්න වෙලාවට හැමෝගෙම ඇස් වහලා එයාගේ චිත්‍ර ඇන්දා... පස්සෙ පස්සේ මගේ හිතේ ඉන්න එයාගේ රූපේ මම ගෙදර ඇවිත් ඇන්දා...ඒ විදියට තමයි මම එයාව මතක තියා ගත්තේ...ඒකයි එදා මගේ බර්ත් ඩේ එක දවසේ එයාගේ පොටෝ එකක් ලැබිලා මම එච්චරටම සතුටු උනේ...

දැන් ඉතින් එයා පොත පෙල්ලනකොට මේ හැම දේම දකිනවනේ...ඒත් ඉතින් මට තවත් මේ දේවල් එයාගෙන් හංගගෙන ඉන්නත් ඕන නෑ....

එයා පිටුවෙන් පිටුව පෙල්ලනවා...මම පොත පිලිවෙලට තියා ගත්තා...මුල් පිටු ටික වෙන් වෙලා තිබුනේ එයාගේ චිත්‍ර වලට.

එයා සමහර දවස්වලට යුනි එකේ ඩ්‍රාමාස් වලට ගිය වෙලාවල් වල කොස්ටියුම් මාරු කරලා ඉන්න වෙලාවකත් මම හොරාට එයා දිහා බලං එයාව ඇන්දා... මේ ඒක... කොන්ඩෙත් පොඩ්ඩක් ගෙඩියක් ගහලා වගේ එදා එයා හිටියේ...මාර හොට් එයා එදා....

එයා එක දිගටම ඒ එක පිටුවක් දිහා අඩුම විනාඩි තුන හතරක් වත් බලන් ඉන්න ඇති...ඒ තරමටම එයා ඒ රූප දිහා බලාගෙන ඉන්නේ හරියට නිකං මීට කලින් දැකලා නැති එකෙක් දිහා බලනවා වගේ පුදුම ආසාවකින්...

ඇයි යකෝ, දැන් විනාඩි කීයක් ගියාද, හෙමිහිට ඒ පින්තූර උඩින් ඇඟිලි අරං යන ගමන් එයා හරි පරිස්සමට පොත එහෙ මෙහෙ කර කර එක එක කෝණ වලින් ඒ චිත්‍ර දිහා බලනවා...

මට ලැජ්ජයි අප්පා...ඒ කාලේ සූකිරි වැඩනේ ඉතින් මගෙත්...මූණ නහය කට පොඩ්ඩක් විතර ඇද වෙන්න පුළුවන්, මේ දරුවා බොහොම අමාරුවෙන් ඕවා ඇඳ ගත්තේ...කොහෙද ඉතින් එකල මම මෙයාගේ රූප අඳිනකොට අර කවුද ඩාවින්චි ඉස්සරහා මොනාලිසා වාඩි වෙලා හිටියා වගේ මගේ ඉස්සරහා පුටුවකට වෙලා එකම පෝස් එකකින් මේ මිනිහා හිටියේ නෑනේ....

මට දැන් ටිකාක් විතර ඊරිසියා හිතීගෙන එන්නේ මේ චිත්‍ර ටිකක් එක්ක. දැන් විනාඩි පහළොවකට වඩා වැඩියි, මේ මිනිහා මගේ දිහා ඇහැක් ඇරලා බැලුවේ නෑ...ඒකට මොකද චිත්‍ර ටිකත් එක්ක නම් යසට හිනා වෙනවා...මට එපා මේ මිනිහා...හුම්...

"හචෑං..."

"සුදු මැණික..."

"......"

එයා මට කතා කරනවා. ඕකනේ ඉතින්...මගේ පොඩි වෙනස උනත් එයාට දැනෙනවා...මම දුකින් ඉන්නේ කියලා දැනිලා වගේ ඒ වෙලාවෙම එයා මට කතා කලා. ටෙලිපති...දැක්කනේ...

මගුල තමයි, ඒ ටෙලිපති නෙවෙයි බං, එකත් එකටම මම ඔය බනින එක දැනිලා එයාගේ වම් නහය දන්න අරන් ඒකයි. අර කලින් හචිම ගියේ ඒකට...

දැන් තේරුනාද ඔය ලමයින්ට. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. ඕන නම් ඔය ළමයිත් කාට හරි කරලා බලන්න...

***********************************

ඔන්න මම ආවා...

නිකං මොලේ අවුල් වගේද අයියෝ?

ගනන් ගන්න එපා, ඉක්මනට සමනල් ගැට ටික ලිහා ගමු...

ජාන්ගේ කවීත්වය ගැන මොකෝ හිතෙන්නේ?

අර අලුත් නියමයත් මතක තියාගෙන එන්න ඈ...ලබන පාර ටර්ම් ටෙස්ට් එකේ අනිවාර්‍ය පස්නයක් ඕකෙන්...

මේ අර චිත්‍ර ටික ගැන නම් මුකුත් හිතන්න එපා ඒයිම්ලා...පොඩ්ඩක් අවුල් තමා...මේ නොදරු පැටියනේ ඇන්දේ ඉතින්...මේකි චිත්‍ර කියන සබ්ජෙක්ට් එක ගැන දන්න මගුලක් නෑ හරිතේ...

ඔයාලට මොකත හිතෙන්නේ? අද එක අවුල්ද මන්දා...

whatever guys...අද ඉතින් අපිට special day එකක් නේ...

අපේ ආදර්ණීය කතාවේ බර්ත් ඩේ එක...මීට අවුරුදු පහකට කලින් අතීත මතක....

ඒවා හරි සුන්දරයි ආයේ ආයේ මතක් කරලා සතුටු වෙන්න...

යමුද ඒ මතක වලට ටිකක්...

ගූසුවේ ආලෝකය දරන්නා...

යුන්මෙන්ග්හි සියපත.

මතක ගොන්නක් ඉතුරු කරවපු, අපිව වෙනමම ලස්සන ලෝකෙකට එක්කගෙන ගියපු ඒ සුන්දර කතාවට අවුරුදු පහක් ගිහිල්ලත් අපි හරි ආදරෙයි...මේක ලියන මම නම් කතාව බලලා තාම අවුරුද්දක් වගේ උනත් ඒ කාලෙට සෑහෙන්න මම මේකට ගොඩක් ආදරේ කරන්න පටන් ගත්තා...

මැජික් එකක් වගේ ඒ කතාව දුකින් පිරිලා තනි වුන හිත් කීයකගේ නම් සතුට සැනසුම වෙන්න ඇතිද...කොච්චර කල් ගියත් අපේ Wangxian love එක හැමදාම අලුත් වෙනවා...

Wangxian, Yizhan forever...🤍🖤, 💚❤️

Happy fifth anniversary our loving drama The Untamed...🤍💙

ආදරෙයි හැමෝටම...❤️

ඒනම් ඕතරී ගියෝ...

ඔය ළමයි පයිස්සමින් ඉන්න ඈ...

Thanks for everyone who has read, voted and commented 🤠.

මම Ming Yue 🤍🌝

Share This Chapter