Back
/ 27
Chapter 10

💙හද ගැස්ම

සුසුම්.

කල්පනී කියපු දේවල් එක්ක මන් දවසෙම හිටියෙ ලොකු කල්පනාවක.ඒත් මහීශා කියපු විදිහටම මන් හිරුශිට මේ ගැන කිව්වත් එයා හ්ම් ඇරෙන්න වෙන මුකුත්ම කිව්වෙ නෑ.කලින් තරහින් නැගිටලා ගියා වුණත් දැන් හිරුශි ඉන්නෙ කිසි දෙයක් නොවුණ ගානට.හරිම සැහැල්ලුවෙන්.මට ඒ ගැන හිතනකොටත් අමුතුයි.ඒත් මන් ඒක මෙතනින් අමතක කරලා දාලා ආයෙ කලින් වගේම කතා කරන්න තීරණය කරා.මොකද මට කා එක්කවත් තරහ වෙලා පුරුද්දක් නෑ.

අද ඉස්කෝලෙ නිවාඩු දෙන දවස නිසා හැමෝම එකිනෙකාට සමු දීලා ගෙවල්වල යන්න ලෑස්ති වෙන ගමන් තමා හිටියෙ.දැන් පන්තියෙ ඉතුරු මායි මහීශයි විතරයි.මට ඇත්තටම මහීශව දාලා යන්න හිත දෙන්නෙ නෑ.අපි එකතු වුණු ගමන්ම මෙහෙම වෙන් වෙන්න වෙන එක දුකයි තමා ඒත් මොනවා කරන්නද.මන් මගේ බෑග් එක හද හද හොරෙන් මට ඉස්සරහ හිටන් ඉන්න මහීශා දිහා බැලුවා.මහීශත් එයාගෙ බෑග් එක හදන ගමන් හිටිය නිසා මන් එයාගෙන් ඇස් අහකට අරන් මගේ වැඩේට අවධානය දුන්නා.ඒත් එකපාරටම මහීශා මගේ වැලමිටෙන් අල්ලල ඇදලා අරන් බිත්තියට තද කරගත්ත පාර මන් ගැස්සුණා. එක පාරට වුණේ මොකක්ද කියලා හිත හිත හිටපු මන් ඇසුත් ලොකු කරලා මහීශා දිහා බැලුවා.ඒත් මහීශා නම් ඇස් බාගෙට පියාගෙන මගේ ඇස් දිහාම බලන් ඉන්නවා.ඒ බැල්මට මගේ මුලු ඇග දිගේම හිරියක් යන්න ගත්තා.මගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තෙ මහීශා මේ වෙනකොට මට ගොඩක් ලං වෙලා හිටපු නිසා.

"ඇයි..?"

මන් හිමීට මහීශාගෙන් අහද්දි එයාගෙ එක අතක් මගේ ඉණෙන් අල්ලගෙන් අනික් අතින් මගේ ටයි එක අල්ල ගත්තා.මට කෙල ගිලින්නත් අමතකයි.ඒත් මන් දිගටම මහීශා දිහා බලන් හිටියෙ මෙයා මොකක්ද කරන්න යන්නෙ කියලා හිතමින්.

මහීශා එයාගෙ යටි තොල දත් වලින් හපාගෙනම මගේ ටයි එකෙන් ඇදලා එයා ගාවට ලං කරගද්දි මන් ඒ වේගෙට ගැස්සිලා ඉස්සරහට ගිහින් නැවතුනේ මහීශාගෙ පපුවේ වැදිලා.මන් මහීශාගෙ අත් වලින් තද කරලා අල්ලගෙන එයා දිහාම බලන් හිටියෙ ඇස් පිල්ලමක්වත් නොගහ.

"හ්ම්..ම්ම්.."

මට වැඩි වෙලාවක් යන්න නොදී මහීශා මගේ කන ගාවට හුස්ම පිට කරේ මගේ ටයි එක තදින් අල්ලගෙන ඉද්දිමයි.මට අමුතු කිතියක් වගේම හිරියක් දැනෙන්න ගද්දි මන් එහෙට මෙහෙට ඇඹරෙන්න ගත්තෙ මහීශගේ උරහිස් වලින් තද කරලා අල්ලගෙන.මේ වගේ සියුම් ස්පර්ශයන් ජීවිතේ මට ලැබෙන්නෙ පලවෙනි පාර.ඒකත් මන් ගොඩක්ම සංවේදි කෙනෙක් වෙද්දි මහීශා ඉස්සරහ මට මගේ කෙඳිරිලි පාලනය කරගන්න ගොඩක් අමාරු වුණා.ඒත් අපි ඉන්න තැන ගැනත් හිතලා මන් මගේ යටි තොල තදින් හපාගෙන ඇස් තදින් පියාගෙන ඒ කෙඳිරිලි ගිල ගත්තා.

ටිකකින් මහීශා මගෙන් ඈත් වෙලා එයාගෙ අත් මගෙන් නිදහස් කරේ මන් හයියෙන් හුස්ම ගනිමින් ඉද්දි.මහීශා මන් ඉන්න විදිහ දැකලා එයාට කට කොනින් හිනාවක් ගියා.එයාටනම් ආතල් ඇති.මන් එපෑ එයා මේ කරන වැඩ දරා ගන්න.මාව අවුස්සලා මෙතන!!

මන් මහීශට ඔරවලා අහක බලා ගද්දි එයා මගේ නිකටට අත තියලා මගේ මූණ එයාගෙ පැත්තට හරව ගත්තා.

මහීශා ඔලුව උස්සලා එයාගෙ දිවෙන් එයාගෙ දත් අතුල්ලනගමන් අමුතු බැල්මක් මට දුන්නෙ මාව පොලොවේ වැලලෙන තරමටම ලැජ්ජාවට පත් කරලා.මෙයාට මේ මොනවා වෙලාද...

"යමුද...පරක්කුයි"

මෙන්න මෙයා කියන කතාව බලන්නකො.දැන් මෙච්චර වෙලා මට අතවර කරලා දැන් යමුද අහනවා.පුදුම මනුස්සයෙක් තමයි.මන් ඇසුත් හීනි කරලා එයා දිහා බැලුවා.

"හ්ම් හාකො!"

මන් තොලුත් උල් කරලා ගස්සගෙන ගිහින් මගේ බෑග් එක එල්ලගද්දි මහීශත් හිනා වෙලාම එයාගෙ බෑග් එක එල්ලගන්නවා මන් දැක්කා.මොකට හිනා වෙනවද මන්ද.ඒ කරලා මහීශා මගේ අතේ ඇගිලි එයාගෙ ඒවා එක්ක පටලවගෙන මාත් එක්කම පන්තියෙන් එළියට ගියා.ඒත් අපි ටික දුරක් යද්දි අත් දෙක වෙන් කරේ වටේ කට්ටිය හිටපු නිසා.මන් දැක්කා මහීශාගේ තාත්තා එයාව ගන්න ඇවිත් ඉන්නවා.ඒ වගේම අපේ තාත්තත් ඇවිත් හිටියා.මන් අන්තිම වතාවට එයා දිහා බලලා හිනා වෙලා ගිහින් කාර් එකට නගිද්දි එයත් එයාගෙ බයික් එකේ පිටි පස්සෙන් වාඩි වෙනවා මන් දැක්කා.දැන් අපි වෙන් වෙන්නෙ මාසෙකට.ඉතින්,ආයෙ කවදා හම්බෙයිද!ඒ එක්කම තාත්තා කාර් එක පාරට දාද්දි මන් shutter එකට ඔලුව ගහගත්තෙ හිතට දැනෙන අමුතු දුක නිසා.මට දුකයි..මට ඕන එයා ගාවින් ඉන්න...එයාගෙ සුවඳ විදගන්නයි මට හැමදාම ඕන වුණේ...ඒත් දැන් ඒක මට ගොඩ කාලෙකට මග හැරෙන්න යනවා..මට බයයි.මට එයාගෙ සුවද අමතක වෙයිද!!

.

.

.

.

.

.

.

.

.

නිවාඩු මාසෙ පටන් අරන් දැන් සතියක් විතර වෙනවා..මේ ගෙවුණ කාලෙම මන් පාඩම් වැඩ වලට අමතරව කරේම මහීශා එක්ක චැට් කරපු එක.ඉතින් දවසේ වැඩිම වෙලාවක් එයා එක්ක චැට් කරන නිසා අක්කා මගෙන් ඇහුවා කා එක්කද ඔව්වර චැට් කරන්නෙ කියලා.

"කවුරුත් නෑ.."

"කවුරුත් නැති වෙන්න බෑ..මන් දැක්කනෙ තමුසෙගෙ මනමාල හිනාව"

"අනේ මේ..."

"කෝ මෙහෙ දෙනවා බලන්න"

"අනේ එපා...මෝඩි!!"

මට අල්ලගන්න වෙලාවක් නොදීම අක්කා මගේ phone එක උදුරලා ගද්දි මගේ හදවත බයෙන් ගැහෙන්න ගත්තා.මට කරකියාගන්න දෙයක් නැති වෙද්දි මන් කරේ බිම බලාගෙන යටි තොල හපපු එක.

"මොනවා!!! මහීශා!!!!"

"........"

"තමුසෙ මෙච්චර සිරික්කිය දාන්නෙ අර මහීශා කියන කෙල්ල එක්කද?"

"හ්ම්..."

ඇත්තටම අක්කා මේ වෙනකොටත් මහීශව දන්නවා.මොකද කලින් ඉදන් මහීශා එක්ක චැට් කරපු එක එක විකාර කතා මන් අක්කත් එක්කත් කියවනවා.අක්කත් ඒ කතා වලට හිනා වෙනවා බඩත් අල්ලගෙන.එයා ඇත්තටම මහීශට අකමැත්තක් පෙන්නුවෙ නෑ.ඒත් දැන්!! මොනවා වෙයිද කියලා මටම හිතා ගන්න බෑ.

"මොනවද ඔච්චර බලමු...ඇහ්??? මේ...මේවා...."

මට හිතා ගන්න පුලුවන් අක්කා දැන් මාව පිලිකුල් කරනවා ඇති.මට හරි බයයි අක්කා මේ ගැන ගෙදර අයට කියයි කියලා.මට බෑ මහීශගෙන් වෙන් වෙන්න.මන් ඔලුව උස්සලා අක්කා දිහා බලද්දි අක්කා ඒ වෙනකොටත් ඇස් රතු කරන් මන් දිහා කන්න වගේ බලන් හිටියා.

"ආහ්...ගන්නවා"

මන් පුදුම වුණේ අක්කා මුකුත්ම නොකියා phone එක මට දික් කරපු නිසා.ඇයි එයා මට කෑ ගැහුවෙ නැත්තෙ. අම්මට කියනවා කියලා බැන්නෙ නැත්තෙ!

"......."

"මේ අහනවා...මට තමුසෙ මොනවා කරත් අදාල නෑ..හැබැයි වැඩිය නටලා ගෙදරට අහු කරගත්තම මෙතන මට කියාගෙන එන්න එපා"

"අ..ක්..කේ.."

"ඇයි මොකද?"

"මන්..මේ.."

"මන් දන්නවා...බන්..උඹ ඕන මගුලක් කර ගනින්..හැබැයි මන් ඕවට නෑ.."

"තැන්කියු"

"හ්ම්..."

අක්කගේ මේ හැසිරීම එක අතකින් මට දුන්නෙ භාර නිදහසක්.එයා ගෙදර අයට කියන එකක් නෑ කියලා විශ්වාසයි.ඒත් එයා මේකට තරහ ගත්තෙ නැති එකනම් මට ලෝක පුදුමයක්.

අක්කා කතා කරේ එච්චරයි.එයාගෙ phone එකට මූණත් ඔබන් එයා එතනින් යන්න ගියේ මාව දෙලොවක අතරමන් කරලා දාලා.මන් phone එකත් ඇදට විසි කරලා ජනේලෙන් එලිය බලාගෙනම හිටියෙ මට මේ වෙන දේවල් හිතා ගන්න බැරි නිසා.මට ඕනෙ මේ හැම දේකින්ම මිදිලා මහීශා එක්ක සතුටින් ඉන්න.ඒත් මන් දන්නවා ඒක හිතන තරම් ලේසි නෑ.මේක ඇත්ත ජීවිතේ මිසක් සුරංගනා කතාවක් නෙවේ.එන ඕනම දෙයක් දරා ගන්න වෙනවා.මට ඒකට දැන්ම ලෑස්ති වෙන්න වෙනවා.මටත් නොදැනිම මගේ ඇස් වලින් කදුලු ආවා.ඒවාගේ කම්මුල් දිගේ රූටලා පහලට නිදහසේ ගලන් ගියා.මන් අල්ලෙන් කදුලු පිහගෙන ආයෙම කාමරේ පැත්තට හැරුණා.

.

.

.

.

.

.

.

.

.

.

නිවාඩුවේ අන්තිම සති දෙක නිසා මට දැන් මහීශව දකින්නෙ නැතුව පිස්සු වගේ.මන් ඉතින් කාමරේ දොරත් වහගෙන මහීශට vidioe කෝල් එකක් ගත්තා.එයා ඒක ආන්සර් කරද්දි එයා හිටියෙ ඇදේ නිදාගෙන.එයා ඒ හිටපු විදිහට මට ඉබේටම ලැජ්ජාවකුත් ආවා.මන් ලාවට හිනාවක් දුන්නෙ ඒ ලැජ්ජාව වහ ගන්න.

"ඇයි පැටියෝ? ලැජ්ජද?"

"න්නෑ"

"කෝ ඔලුව උස්සන්නකො"

මන් හිමීට ඔලුව උස්සලා මහීශගේ ඇස් දිහා බැලුවා.මන් වේගෙන් හුස්ම ගන්න පටන් ගත්තෙ මට ඒ දැනුණ ආතතිය නිසා.

"මට ගොඩක් පාලුයි මැණික..."

"ම්ම..ටත්"

මන් දන්නෑ මන් මහීශා එක්ක කතා කරන හැම වෙලාවෙම මට කොහෙද නැති ගොතයක් එන්නෙ ඇයි කියලා.ඒකනම් හදා ගන්නම වෙනවා!

"ඔයා ලස්සනයි..."

"ම්ම් ඔයත්"

"මට...ඔයාව ඕනෙනේ "

මන් ඇස් බෝල කරලා මහීශා දිහා බැලුවෙ ඒ මොකක්ද කිව්වෙ වගේ බැල්මකින්.

"ආහ්?"

"ඔයාව..ම්ම්...."

මගේ හුස්ම ගන්න වේගෙ වැඩි වෙනවත් එක්කම මන් දැක්කා මහීශා එයාගෙ කාමරේ දොර වහනවා.ඒ වහලා එයා ආයෙම ඇදට ඇවිත් පැත්තට ඇල වෙලා මන් දිහා බලන් හිටියෙ යටි තොලත් හපා ගෙන.ඉතින් ඒ බැල්මම ඇති මගේ සීමාව පන්නන්න. මාත් වේගෙන් හුස්ම ගන්න ගමන් මගේ යටි තොල තදින් හපා ගෙනම මහීශව අවුස්සනන් හිතා ගෙන ඇස් යටින් එයා දිහා බැලුවෙ හරිම සරාගී විදිහට.ඒ මොහොතෙ මන් දැක්කා මහීශා ඇසුත් ලොකු කරන් ලොකු කෙල තලියක් ගිලිනවා.මන් ඉතින් මගේ හැකියාවන් පෙන්නන්නයි යන්නෙ.දුරින් ඉදන් තමන්ගේ partner ව අවුස්සද්දි ඒක වෙනම ආතල් එකක්!

මන් phone එක ඇදෙන් තියලා මන් ඇදන් හිටපු t shirt එක ගලවලා දාලා එතන තිබ්බ රෝස පාට ස්කිනර් එකක් ඇද ගත්තා.එහෙන්ම කොණ්ඩෙත් කඩලා පොඩ්ඩක් අවුස්සගෙන තොල් දෙක පොඩ්ඩක් කෙලවලින් නාවගෙන ආයෙම phone එකට එබුනා.මන් කට කොනේ හිනාවකුත් දාලා එක ඇහි බැමක් උස්සලා මහීශට අභියෝගාත්මක් බැල්මක් දුන්නා.

මහීශගේ පපුව වේගෙන් ඉහල පහල යන හැටි මන් දැක්කා.

"Fuck!!!  ඔයානම්..."

"ආසයිද..ම්ම්...."

"මන් බලාගන්නම්කො.....අහුවෙයිනෙ මට"

"බයේ බෑ!"

"ආහ්...ඇත්තද...ම්ම්....ඔය තොල් මන් හපනවා පැලෙන්නම"

"ඉතින් හපන්නකෝ!!"

"ම්ම්...මැණික..!"

"ම්ම්?"

"මට ඔයාව. බලන්න ඕනනේ"

"මන් දන්නවා මටත්.."

"හ්ම්...මන් ආදරෙයි.."

ආදරෙයි!!! එයා කිව්වෙ මට ආදරෙයි කියලා නේද? මන් හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට එයා ඒක මේ වගේ වෙලාවකදි කියයි කියලා.ඒත් මටත් දැන් හිත ඉල්ලන්නෙ කාවද කියලා තේරෙද්දි ආදරය තේරුම් ගන්න බැරි නෑ.මන් යටි තොල හපාගෙනම මහීශා දිහා බැලුවා.

"මාත් ආදරෙයි මහීශා!"

"හැමදාම මාත් එක්ක ඉන්න...මට ඕනෙ ඔයාව විතරයි මැණික"

"මන් දන්නවා...මන් ආදරෙයි ගොඩක්!"

Share This Chapter