Back
/ 27
Chapter 20

💙අසීමිතයි එය

සුසුම්.

[සෙනුලි pov]

හැමදේම ඉවරද? නෑනෑ..එහෙම වෙන්න පුලුවන්ද මෙච්චර ඉක්මනට! සමහරවිට මේක හැරවුම් ලක්ෂයක්ද? ඒත්,මෙහෙම.මන් දැන් ඉන්නෙ කිසිම දෙයක් හිතාගන්න බැරි තැනක.

චිරාත්......චිරාත් චිරාත් චිරාත්! මොන මගුලකට මැද්දට පැන්නද මන්ද..හ්ආ!!මන් ඌට කැමතියි!!කොහෙත්ම නෑ.ඒත්,මන් මෙතනදි මොලේ පාවිච්චි කරන්න ඕන නිසා මන් ඒ තීරණේ ගන්න හිතුවා.ඉස්කෝලෙ ඉන්න එකා දෙන්නා අතරේ දැන් අපේ සම්බන්ධෙ පැතිරිලා ඉවරයි කියලා මන් දන්නවා.ඒක වහගන්න තියන එකම තුරුම්පුව මේක නෙවේද? මන් තෝරාගත්තේ හරිම සහ ලේසිම ක්‍රමය වෙන්න ඕන. මීට වඩා දෙයක් මට කරන්න බෑ.ඒත් කොහොමහරි මන් මහීශ ගාවින් ඉන්න කරන්න පුලුවන් හැමදේම කරන්න හිතා ගත්තා.ඒත්,මට දුක මහීශා ඇයි මාව තේරුම් නොගන්නෙ කියන එක.මන් එයාට මේක කිව්වොත්,එයා අනිවා මට කෑගහනවා. ඒත්,මට මේක කරන්න වෙනවා.මොකද මන් හිතන්නෙ මේ දේ තමා කරන්න තියන හොදම දේ.

මන් bathroom එකට ගිහිල්ලා ශවර් එක ඇරලා ඇඟට වතුර වැටෙන්න දීලා ඔහේ බලන් හිටියා.මන් මෙහෙම හිටපු කෙනෙක් නෙවේ.මට මෙහෙම වැටෙන්න බෑ.මන් මේකට මොකක්ද කරන්නෙ කරන්න පුලුවන් හැම දේම කරනවා.මගේ ඇස්වලට මටත් නොදැනිම කදුලු ආවා.කදුලු!!මට පෙන්නන්ම බැරි දේ.මාව දුර්වල කරන එකම දේ කදුලු.ඒත්,මට ටිකකින් ඇස් පියන් ඉන්න අතරෙ මතකෙට ආවෙ මහීශගේ birthday එක අනිද්දා නේද කියලා.ඉබේටම මට මගේ ඇස් දෙක ලොකු වුණේ ඒක දැන්හරි මතක වුණ එක හොදයි කියලා.නැත්තන් ඒක අමතක වුණොත් ඒක මේකට බලපානවා.කොහොමත් මහීශා මට දැන් වෙනකන් එක එක තෑගි ගොඩක් දීලා තිබ්බත්,මට කිසිම දෙයක් එයාට දෙන්න බැරි වුණා.මන හොද තෑගි ටිකක් ලෑස්ති කරන්න ඕන එයාට. අනේ ඉතින්,ඉන්නකො මන් ඔයාට හොද තෑග්ගක් දෙන්නම්.හුම්!මගේ කෙල්ල!

ඇඟ හෝදගෙන මන් කන්න ගියා.පුලුවන් ඉක්මනට කාලා මන් ආයෙත් කාමරේට ආවෙ මහීශට birthday card එකක් හදන්න හිතාගෙන.මට ඉතින්,ඔය වගේ වැඩ හොදට පුලුවන්.හැබැයි මේක ටිකක් ස්පෙෂල් නිසා මන් you tube එකෙන් බලන්න තීරණය කරා. දෙන එකේ දෙන්න ඕනනේ ඉතින් ආදරේ වෑහෙන්න

මන් ඉතින් phone එකෙන් 'romantic birthday card ideas' කියලා search කරලා මගේ වැඩේ පටන් ගත්තා.

මන් දාගෙන මගේ කාර්ඩ් එක හදන අතරේ කාමරේ දොරට තට්ටු කරන සද්දෙ නිසා මන් වැඩේ නවත්තලා දොර ඇරල බැලුවෙ කවුද බලන්න.අප්පො! මේ වදේනෙ.

"ඇයි?"

"ඇයි අහන්නෙ. අරිනවා මේක මන් නිකන් ආවෙ මොනවද කරන්නෙ බලන්න"

"හ්ම්"

මන් මුකුත් නොකියා දොර ඇරලා අක්කට ඇතුලට එන්න දුන්නා.අක්කා මගේ පොත් මේසේ දිහා බලලා ලාවට හිනාවක් දාලා ඇවිත් මගේ ඇදෙන් වාඩි වුණා.

"ඇයි දැන් ආවෙ?"

"නිකන් බන්.මොනවද අර?"

"පොඩි වැඩක් කරන ගමන් හිටියෙ"

"මහීශටද?"

ඒ අහපු දෙයින්නම් මට පොඩි ලැජ්ජාවක් ආව නිසා මන් කට තද කරගෙන යන්න ගියපු හිනාව පාලනය කරන් හිමීට ඔලුව උඩ පහල කරේ කකුලෙ ඇඟිලි වලින් ටයිල් එක පහුරු ගාන ගමන්.

"අනේ මන්ද බන් තමුසෙත් කරන වැඩ.දැන් ඕක ආයේ අම්මලාට අහුවුණොත් හිතපන්කො.අම්මලා නම් කමක් නෑ ඉස්කෝලෙ මැඩම්ල දැනගත්තොත් මොනව වෙයිද බන්?"

අක්කා කියපු දේවල් වලට මගේ මූණේ තිබ්බ පොඩ් හිනාව පවා හේදිලා ගියා.මට ඉබේටම කෙල තලියක් ගිලුණත් ඒ ටිකත් උගුරෙන් පහලට ගියේ මාර ගේමක් දීලා. ඔව් මගේ උගුර කටත් වේලිලා තියෙන්නෙ මේ අවස්ථාවේ.

"ඉතින්?"

ඇස් පොඩි කරලා මන් අක්කගෙන් ඇහුවේ ඉතින් ඇත්තටම එහෙම වුණාම මොකක්ද කරන්අං තියෙන්නෙ වගේ බැල්මකින්.

"ලැජ්ජා නැද්ද බන්..හැමෝම දැනගනීනෙ උඹ කෙල්ලොන්ට කැමතියි කියලා."

"මන් කෙල්ලොන්ට කැමති නෑ.මන් කැමති මහීශට!"

"ඇයි මහීශා කෙල්ලෙක් නෙවේද? වෙන මොකෙක්හරිද? විකාර කතා කරන්න එපා බන්.ඕක නවත්තලා දානවා.දැන් ඔය ඇති පිස්සු නැටුවා.ඔව්වා කොහොමත් වැඩි කල් තියන සම්බන්ධ නෙවේ."

"ඇයි එහෙම කියන්නෙ?"

මන් මගේ ඇස්වලට උනපු කදුලු එහෙන්ම වැටෙන්න නොදී තද කරගත්තෙ මට දුර්වල වෙන්න ඕනෙ නැති නිසා.මන් ඇදන් හිටපු ගවුම මගේ අතට තද කරගත්තෙ භට ඇහෙන්නෙ නැත වෙන්න.

"ලෙස්බි හරි ගේ හරි සම්බන්ධ කවද්ද බන් සිරා වුණේ.ඔව්වා ආතල් එකට කරන දේවල් විතරයි.උඹ ඔව්වා සිරා අරන් නටන්නැතුව ඔන්න ඕක අමතක කරලා දානවා.දැන් ඕන ආතල් ටික අරගන්නැතිනෙ නේ?"

ඉතින්,අක්කට කියන්න වුණේ එච්චරයි.මගේ හැඟීම් දැන් ධෙද්දි හැමෝටම විහිලුවක් වෙලා තියෙද්දි තමන්ගෙ ගෙදර ඉන්න එකම සහෝදරීත් ඒක ඒ විදිහට දකිද්දි මට ඉවසන්න පුලුවන්ද? මන් මහීශට කරන ආදරේ කොහොමද ආතල් එකක් වෙන්නෙ.

"මොකක්ද!!! කට තිබ්බ පලියට කියවන් එන්න එපා! "

"..........."

"යනවා! මෙතනින්"

"යනවා තමා.ලගින් ආවෙ නෑ.හැබැයි..නංගි තමුසෙ මගේ කොල්ලා ගැන දන්නෙ නැත්තන් මන් මෙලහකටත් මේක අම්මගෙ කනේ තියලා හරිද?"

"අම්මට බැරිනම් ඕන එක්කනෙක්ට කියා ගන්නවා.මට මොකෝ!"

මන් අක්කව කාමරෙන් එලියට තල් උ කරලා දාලා දොර වහගත්තෙ මට ආපු තරහ දොරෙන් පිට කරන ගමන්.ගෙදර කට්ටිය මොනවා හිතුවත් මට මොකද!

මට දැන්නම් පාඩම් කරන්අං මූඩ් එකක් නෑ.මන් කෙලින්ම කාර්ඩ් එක හදලා ඉවර වෙලා නිදා ගන්න ගියේ හෙට මහීශට ඕන බඩු ටිකක් ගන්න කඩේට යන්න හිතාගෙන.මන් එකතු කරගත්ත සල්ලි වගයක් මගේ ලාච්චුවෙන් අරන් ඒක මගේ පර්ස් එකට දාගෙන නින්දට ගියේ මහීශව මතක් කරගෙන.

.

.

.

.

.

.

.

.

.

උදෙන්මන් ඉස්කෝලෙ ගාව තිබ්බ lovers එකට ගියේ මහීශට තෑග්ගක් ගන්න හිතාගෙන.හොද වෙලාවට මේක උදේම අරින්නෙ.නැත්තන් ඉතින්,එනගමන් කොහෙන් කියලා ගන්නද!

මන් කඩේට ගියපු ගමන් මට හිතාගන්න බැරි වුණා ගන්නෙ මොනවද කියලා. යකෝ මේකෙ තියන ජාති.මාර මාර ඒවනේ තියන්නෙ.අතේ තියන ගානට එපැයි බඩු ටික ගන්න.මන් ඒ අතරේ දැක්කෙ ලස්සන ටෙඩී කි ටැග් එකක්.ඒක ඇත්තටම ටිකක් ලොකු එකක්.හැබැයි ඒක මගේ හිතට අල්ලපු නිසා මන් එක ගන්න හිතා ගත්තා.මොකද ඒකෙ හරි මැද i love you කියලත් තියනවනේ.ඔන්න ඔහේ ඒක ගමු.ඒත්,තව දෙයක් මගේ හිත හොරකම් කරද්දි මන් ඒකත් මගේ අතට ගත්තා.

"ROSE"

ආදරයේ සංකේතය.ම්ම්ම්...හරිම හොදයි..මට මේ වගේ දෙයක් කරන්න මොලයක් පෑදුණාමද කොහෙද.මන් ඒ ලස්සනට ඔතල තිබ්බ පුංචි රෝස්මලයි කී ටැග් එකයි අරගෙන බෑග් එකේ අස්සටම ඔබා ගත්තා.නැත්තන් චෙක් කරනකොට බඩු බනිස්නෙ.

.

.

මන් පුලුවන් ඉක්මනට පන්තියට දුවලා ගිහින් බැලුවෙ මහීශා ඉන්නවද කියලා.ඔය ඉන්නෙ ඉතින්..උදේ පාන්දරම හිරුශිලා එක්ක මොනවාවා කියවනවද මන්දා.

"ආහ්..කට්ටිය!"

"ආහ්..මචන් gm"

"මෝනින් මෝනින්..මොකෝ වෙන්නෙ?"

මන් හිරුශිට කතා කරද්දි මන් දැක්කා මහීශා මාව ගනන් ගන්නෙ නැති විදිහට අහක බලාගෙන ඉන්නවා කියලා. මන් දන්නවා ඔයා තරහින් ඇත්තෙ ඊයෙ වුණ දෙයින්. ඒත්,මන් දන්නවා මන් ඔයාට වැරැද්දක් වෙන්න දෙන්නෑ.මන් හැමදේම බලාගන්නම්. අදනම් කොහොමහරි යාලු කරගන්නවා මන් ඉන්නකො!

"මහීශා මේ සති අන්තෙ මැච් එකකට යනවනෙ. අපි මේ ඒක ගැන කතා කරේ."

මැච්!! සිරාවටම මට ඒක අමතක වුණානෙ.මට ඒත් එන්න වෙන්නෙ නෑනෙ.

"ආහ්..සුපිරිනෙ!"

මන් මහ නෝන්ඩි හිනාවක් දීලා හිරුශිට හිනාවුණා.ඇත්තටම ඒ ගැන මන් කලින් දැනන් හිටියත් දැන්නෙ මට මතක් වුණේ.

"මේ බන්"

හිරුශි මගේ කනට රහසින් කතා කරද්දි මන් හිමීට ඒ පැත්ත හැරුණා.

"ම්ම්?"

"උඹලා රණ්ඩු වුණාද?"

".....ටිකක් විතර"

"ඒක තමා එහෙනම් අරකි බුම්මන් ඉන්නෙ.උඹට විශේෂම දේ අමතක නැතුව ඇති කියලා හිතනවා"

"මොකක්ද?"

"සිරාවට!!! උඹනම් අම්බානක අහගන්නවා ඈ...යකෝ අද මහීශගේ උ.."

"ආහ්හ්....එව්වා හරි.."

"හ්ම් හ්ම්.."

ඉතින්,එතනින් පස්සෙ මහීශයි මායි කතා කරපු නැතිම තරම්.ඒ මදිවට

අද දවසම කරේ උගන්නපු එක විතරයි.ඒත්,මන්දන්නෑ මොකක් හරි වාසනාවකට අන්තිම පීරියඩ් එක free එකක් වුණ නිසා මන් හිතා ගත්තා මේක ඒ අවස්ථාව කරගන්න.මන් හිමින් මහීශා පැත්තට හැරිලා එයා ඩෙස් එක උඩ තියන් හිටිය අත මන් අල්ලගත්තා.ඒකෙන් එයා ටිකක් ගැස්සිලා මන් දිහා බැලුවා තමයි..ඒත්,මේ අහංකාර කෙල්ල කිසිම දෙයක් නොවුණා වගේ අහක බලාගත්තනෙ!මන් හිමින් එයාගෙ පිටි අල්ල මගේ මහපටැඟිල්ලෙන් අතගාන්න ගද්දිනම් ටිකක් එයාගෙ අවධානෙ මට හම්බුනා.දැක්කනෙ මන් අත්අරින්නෑ!

"මොකද?"

යකෝ..මොකද අහන්නෙ.ඇයි මට අල්ලන්න බැරිද අහන්නත් හිතුණා.ඒත් එහෙම බෑනෙ.හී..

"මාත් එක්ක තරහද?"

"ම්ම්"

"ඒකට කමක් නෑ..මන් ඔයාට දෙයක් ගෙනාවා..මාත් එක්ක එනවද යන්න?"

මහීශා ඇහිබැමක් උස්සලා මන් දිහා බැලුව බැලිල්ලක් මගේ ඇඟම හීතල වෙලා ගියා.ඒ මදිවට කෙලත් ගිලෙනවා මේ මනුස්සයා බලන බැලිල්ලට.

"මේ..මේ..පහල..පාර්ක් එක ගාවට..යන්ද?"

"ම්ම්ම්.."

මන් මුකුත් කියන්න කලින් මහීශා නැගිටලා යන්න ගත්තා.මාත් ඉක්මනට මගේ බෑග් එකත් කරට දාගෙන මහීශා පස්සෙන් යන්න ගත්තා.මේ කෙල්ල ඇවිදිනවද දුවනවද..පුදුම හදිස්සියක්නෙ තියෙන්නෙ.පොඩ්ඩක් හිමින් යන්වකො!!

පාර්ක් එකක් කිව්වට මේකෙ ඇති පාර්ක් එකක් නෑ.ඔංචිල්ලාවක් එක්ක පොඩි තැනක් මේක.මේ තැනට වැඩිය ළමයි එන්නෙ නෑ මොකද මෙතන මාර පාලුයි.තැනට ආපු ගමන් මහීශා එතන හිටගෙන මන් දිහා බලන් හිටියෙ දැන් මොකක්ද කරන්න ඕන වගේ බැල්මකින්.මන් හිමීට කෙල ගිල ගිල මගේ බෑග් එකේ මන් ගෙනාපු card එක අරගෙන එයාට දික් කරා.

" happy birthday!"

මහීශා මගේ අතේ තියන කාර්ඩ් එක දිහා ටිකක් වෙලා බලන් ඉදලා ඒක ගත්තා.මන් දැක්කා ඒක එයා ඇරලා බලනවා.මන් ඒකෙ පුලුවන් විදිහට එයාට වචන කිහිපයක් ලියලා දැම්මා.ඒත්,මට බයක් දැනෙනවා ඒකට එයා ඇත්තටම කැමති වෙයිද කියලා.මන් මගේ අතේ ඇඟිලි එකට පටල පටල බිම බලන් හිටියෙ දැනුණ ලැජ්ජාවක් බයක් මිශ්‍ර වෙච්ච අමුතු පීඩනයකින්.

"තෑන්ක්ස්"

මහීශා තෑන්ක් කරනවත් එක්ක මන් ඔලුව උස්සලා බැලුවෙ මහීශගෙ මූණ දිහා.එයා කට කොනින් ගත්ත හිනාවක් එක්කම මගේ මූණ දිහා බලන් ඉන්නවා.මට කොහෙද නැති රස්නයක් දැනෙන්න ගන්නවනේ!!

"ඔයා..කැමතිද?"

"හ්ම්"

"ආහ්..ම්ම්..තව තියනවා..ඉන්නකො"

එහෙම කියලා මන් මගේ බෑග් එකෙන් කී ටැග් එකයි රෝස මලයි අරන් මහීශට දෙද්දි මහීශා ඒ දිහා ඇස් පොඩි කරන් බලන් හිටියා.මට ඇත්තටම ඒ වෙලාවෙ ලොකු බයක් දැනුණේ මහීශා ඒ දේවල් වලට කැමති නැතුව ඇති කියලා හිතලා.

"ම්..මන්..මේ..ආහ්.."

මන් දෙයක් කියන්න කලින්ම මහීශා මගේ අතින් ඇදලා එයාගෙ පපුවට මාව තුරුල් කරගනිද්දි ඇත්තටම මගේ ඇස් වලට කදුලු පිරුණා.එක පාරට වුණ දේ නිසා මන් ටිකක් ගැස්සුනත් ටිකකින් මන් මහීශගේ ඒ උණුසුමට තුරුල් වෙද්දි මට දැනුණා මහීශා මගේ අතේ තිබ්බ රෝස් මල හිමින් මගේ අතින් ගන්නවා.ඒත්,මට පෙනුන්නෑ එයා මොකක්ද කරන්නෙ කියලා.හැබැයි ටිකකින් මට දැණුන දේ එක්ක මට හිතා ගන්න පුලුවන් වුණා මෙයා මේ කරන දේ.මගේ බෙල්ල පිටි පස්සෙන් ලාවට වගේ මට කිතියක් දැනෙද්දි මට දැනුණේ මහීශා ඒ මල මගේ බෙල්ල දිගේ අරන් යනවා කියලා.ඒ එක්කම මට දැණුනෙ මහීශගේ තොල් මගේ බෙල්ලේ වදිනවා.මට දැණුන කිතිය නිසා මන් තොල් හපාගෙන එහෙට මෙහට ඇඹරෙන්න ගද්දි මහීශා කරේ මගේ ඉණෙන් තදට අල්ලල මාව නවත්තපු එක.ටිකකින් මහීශා මගේ කනට කොඳුරපු දේ එක්ක මගේ මුලු ඇඟම හීතල වෙද්දි මට තේරුණා මහීශා කියන්නෙ මගේ මුලු ඇඟම අඩපණ කරන්න පුලුවන් විදිහෙ මායාවක් කියලා.

"තොල් හපන්න එපා පැටියෝ..ම්ම්...ඔයාගෙ මේ වැඩ නිසා ඇත්තමයි මට මගේ සීමාව මේකයි කියන්න සිහියක් නෑ.......

ම්ම්...තැන්කියු මැණික!"

Share This Chapter